කෙ‍‍නෙක් දන්නවා කියලා කියන දේ තියෙන්නේ ඉතිමත් ස්වල්පයයි. නොදන්න දේ ඊට වඩා ගොඩක් වැඩියි.


කෙ‍‍නෙක් දන්නවා කියලා කියන දේ තියෙන්නේ ඉතිමත් ස්වල්පයයි. නොදන්න දේ ඊට වඩා ගොඩක් වැඩියි. මේ දෙකම එක් කලත් 0.00000001% ක් වත් නැතිව ඇති. අනෙක් සියළුම දේ අපි නොදන්නා බවවත් නොදන්නා කොටසයි.
—— You Don’t Know What You Don’t Know ——
තමන් මීට කලින් නොඇසූ දෙයක් ඇසුනා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නට පෙර නුවණින් විමසා බලන්න. අළුත් දෙයක් තමා හමුවට පැමිණිලා වෙන්න පුලුවන්. තම තම නැණ පමණින් තමයි දැනගන්නට වෙන්නේ.
බෘස්ලි එකතැනක කියනවා වතුර වගේ වෙන්න. හැඩයක් ගන්න යන්න එපා කියලා. වතුර බෝතලයට දැම්මම බෝතලේ වගේ. කේතලයට දැම්මම කේතලේ වගේ. කලේට දැම්මම කලේ වගේ. කිසිම තැනක අල්ලා ගැනීමක් නැහැ. එවිට යමක් තේරුම් ගන්න ලේසයි. එවිට අපි දෘෂ්ඨිගත වෙන්නේ නැහැ. හරිම නිදහස්.
‍මෙත් සිතිනි…!!