දිනකට තුන් වරක් හෝ කිහිපවරක් ඔබ ආහාර ගන්නේ ඇයි? උදැසන කිරිතේ එකක් බෙඞ් ටි එක ලෙස සැමදාම බලාපොරොත්තු වන්නේ ඇයි? දිනකට තුන් වරක් කුස ගිණි දැනෙන්නේ ඇයි? රාත‍්‍රී ආහාර ගැනීමෙන් පසු පසුදින උදැසන 8 පමණ වන තුරු පැය 12 ක් හෝ 10 ක් පමණ වේලා කුස ගිණි නො දැනෙන්නේ ඇයි? මේ ගැන ඔබ නිකමටවත් සිතුවාද? අද අපි කථා කරන්නට උත්සහ කරන්නේ අපව රෝගීන් බවට පත් කල ඒ කුසගින්න ගැනය.
මිහිපිට වෙසන කිසිදු සත්වයෙකුට නැති ආහාර පිළිවෙලක් මිනිස් සත්වයාට ඇත. ඔහුට කෑමට වේලාවක් ඇතග අවශ්‍ය තාවය මත පමණක් නොව වේලාව අනුව ආහාර ගැනීමට මිනිසා පුරුදුව සිටී. වේලාව පසු වූ විට කුස තුල මහා ආන්දෝලනයක් ඇතිවන බව පෙනී යයි. මේ අත්දැකීම නැති කිසිවෙකු මෙලොව නැතැයි සිතමි. ඇත්තටම කුසගින්න යනු කුමක්ද? අපි ආහාර පරභෝජනය කරන්නේ ඇයි? මේ ගැන අපි විමසිලිමත් වෙමු.
ආහාර අපිට අවශ්‍ය ඇයි? අපට දැනෙන ආකාරයට නම් කුස ගිනි නිවා ගැනීම සඳහාය. කුස ගින්නට හේතුව කුමක්ද? කුස ගින්න ඇතිවන්නේ කුස හිස් වූ විටද? කුස හිස් වූ විට කුසිගිනි ඇතිවෙනවා නම් රාත‍්‍රිකාලය පුරාවටම කුසගිනි තිබිය යුතුය. වෙනකක් තියා රාත‍්‍රී පැය 10 කට වඩා නිරාහාරව සිට උදේම අවදි වන කෙනෙකුට උදැසල ආහාරය ගැනීමට එතරම් රුචියක් නැති බව ඔබ දැක තිබේද? මේ හේතුන් අතර පරස්පරයක් ඇතිබව ඔබට නොවැටහේද? කෙසේ හෝ කුස හිස් වූ විට කුස ගිනි දැනෙනවා කියන නිගමණයෙන් අප ඉවත් විය යුතුයග රාත‍්‍රි 8 ට අප ගන්නා ආහාර රාත‍්‍රි 11 වන විට ආමාශයෙන් ඉවත් වී හමාරය. ඒත් ඉන්පසු කුසගිනි නොදැනේ. ඊට හේතුව වන්නේ රාත‍්‍රි කාලය තුලදී අප විසින් ආහාරයට ගත් ප්‍රෝටීනල මාංශ පේෂි ෙසෙල ලෙස සකස් කිරීමයි. මේ කාලය තුලදී ඔබ ආහාර ගත හොත් ඉන්සියුලින් ශ‍්‍රාවය වීම නිසා මාංශ පේෂි ෙසෙල නිපදවීමට බාධා පැමිණේග මේ හේතුවෙන් රාත‍්‍රි කාලය තුල අපට කුසගිනි ඇති නොවේ. මේ අනුව කුස හිස් වූ නිසා කුස ගිනි ඇති වනවා කියන නිගමනය අතහැර දැමිය යුතු වන්නේය. අනෙක් කාරණය නම් ශරිරයේ ඇති මේ පුදුම සහගත ස්වයං තීරණ ගැනීමේ හැකියාවයි. මේගැන අපි සැලකිල්ලක් දැක්විය යුතු මය.
කුස ගින්න ලෙස අපට දැනෙන්නේ අපගේ ශරීරයට අවශ්‍ය වන පෝෂණ කොටස් වල උවමනාවයි. නමුත් එය අපට කියන්නට මොළය භාවිතා කරන උපක‍්‍රමය වන්නේ කුසයේ වේදනාවක් ඇති කිරීමයි. හරියට කොපර්ල කැල්සියම්ල මැග්නීසියම්ල ඔමේගා 3, 6 වැනි පෝෂණ කොටස් වල අවශතාවය අපට දනවන්නේ තද හිසේ කැක්කුමක් ලෙසටය. මෙය දරා ගත නොහැකි වන රෝගියා වේදනා නාශක ඖෂධ භාවිතා කොට තමාගේ හිසේ කැක්කුම සුව කර ගැනීමට මහත් වෙහෙසක් දරයි. තමා භාවිතා කරන ඖෂධ වලින් තවත් අතිරේක සංකූලතාවන් වලටද මුහුන දෙන රෝගියා අවසන වේදනාව සහ තවත් රෝග ගනනාවක් සහිතව තම ජීවිතය ගෙවයිග හේතුව වන්නේ අර හිසේ කැක්කුම ඇතිවීමට හේතුව හඳුනා නොගැනීමයි. මෙම තත්වය තේරුම් නොගත් නවීන වෛද්‍ය විද්‍යාව මිග්රේන් වලට හේතුව තවමත් සොයාගෙන නොමැති බව පවසන්නේ හිරිකිතයක් නොමැතිවමය. ඔබට මෙම රෝගී තත්වය ඇත්නම් ඔබ කල යුත්තේ අප ඉහත දැක්වූ පෝෂන කොටස් නිසි අයුරින් ආහාරය සමග අපගේ ශරීරයට ලබාදීමයිග ඔබ මෙතෙක් කල් දුක් විඳි ඒ හේතුව සොයා නොගත් ඉවසිය නොහැකි වේදනාවක් සහිත රෝග ලක්ෂණ පහව යන බව ඔබටම අත්දකින්නට හැකි වේවි. ඉරුවාරදය ගැන ලියා ඇති ලිපිය කියවන්න.
කුස ගින්න යනු මේ ආකාරයේම වේදනාවකි. මොළය අපගෙන් පෝෂණය ඉල්ලා සිටීග අප සිදු කරන්නේ කුස ගින්න නැතිවන තුරු මොනවා හරි ගිල දැමීමයි. කුසට මොනවා හරි ඔබා පුරවා දැමූ පසු දැන් ඉතින් මොනවා කරන්නද? නැවත කුස හිස් වන තුරු ඒ ගින්න ඇති වීමට ඉඩක් නැත. තවත් පැය කිහිපයක් ගිය පසු ආමාශය හිස් වන අතර අදාල පෝෂණය ලබා දෙන ලෙසට නැවතත් මොළය අපට ආයාචනා කරනවා. ඒත් අපි ඒ කාරුණික ආයාචනාව ගැන කිසිදු වග විභාගයකින් තොරව තවත් මොනවාගෙන් හරි කුස පුරවා එම ආයාචනය නොසලකා හරිනවා.
දැන් අපගේ මොළයට කරන්නට දෙයක් නොමැත. සිදු කල හැකි එකම විකල්පය ලෙස අපගේ ආරක්ෂාවට ඇති පද්ධති ක‍්‍රියාත්මක කරයි. මා එක් උදාහරණයක් ඔබ වෙත ගෙන එන්නම්. අප ගේ ආහාරයේ තිබිය යුතු වන ප‍්‍රධානම පෝෂන සංඝඨකයක් ලෙස කැල්සියම් දැක්විය හැකිය. අපගේ ආහාරයේ කැල්සියම් නොමැතිනම් එය අපගේ රුධිරයේ භාෂ්මික තාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. මෙය භයානක තත්වයකිග මොළය ඉක්මනින්ම අපගේ තයිරොයිඞ් ග‍්‍රන්තියේ හතර කොනේ ඇති පැරා තයිරොයිඞ් ග‍්‍රන්තිය උත්තේජනය කරයිග රුධිරයේ භාෂ්මිකතාවය පවත්වා ගැනීම මෙම ග‍්‍රන්ථියේ වගකීමයි. රුධිරයේ ඇති ආම්ලික තාවය නිසා උත්තේජනය වන පැරා තයිරොයිඞ් ග‍්‍රන්ථි පැරත් නම් හෝමෝනයක් රුධිරයට මුදාහරී. මෙම හෝමෝනය අපගේ ශරීරයේ ඇති කැල්සියම් තැන්පත් වී ඇති තැන්වලින් කැල්සියම් දියකොට රුධිරයට එක් කරයි. මේ අනුව නැවත වරක් රුධිරයේ භාෂ්මිකතාවය පවත් වාගත හැකි වේ. නමුත් අපට මෙම ක‍්‍රියාවලිය නොදැනේ. දිගින් දිගටම කැල්සියම් ඌණ ආහාර අනුභව කිරීම නිසා මෙම හෝමෝනය වැඩි වැඩියෙන් ශ‍්‍රාවය කිරීම නිසා ග‍්‍රන්ථියද වෙහෙසට පත්වී ඉදිමෙන්නට පටන් ගනී. අක‍්‍රමවත් ලෙස කැල්සයම් රුධිරයට මුදා හරී. මෙහි භයානක කම ඇත්තේ වෙන පැත්තකය. මේවා කැල්සියම් කාබනේට් ලෙස හෝ කැල්සියම් ඔක්සලේට් ලෙස වකුගඩු වල හිරවෙන්නට පටන්ගනී. මෙම තත්වය නිසා වකුගඩුරෝග ඇතිවේ. මෙයට ප‍්‍රධානම හේතුව වූයේ කුමක්ද? අපගේ ආහාරයේ කැල්සියම් අඩු වීමයි. නමුත් වෛද්‍ය වාර්ථා වලට අනුව මෙම රෝගියාගේ රුධිරයේ කැල්සියම් වැඩිය. දැන් ඔබට ලැබෙන උපදේශය වන්නේ කැල්සියම් වැඩි ආහාර අනුභවයෙන් වැලකෙන ලෙසයි. නමුත් ඇතතටම කල යුතුවන්නේ කුමක් දැයි දැන් ඔබට වැටහී ඇති බව සිතමි.
තවත් අන්තරාවක් දැන් අත ලගටම ඇවිත් ඇත. ඒ කුමක්ද? මෙතෙක් කල් ඔබගේ රුධිරයට කැල්සියම් ලබා දෙන ලද්දේ ශරීරයේ ඇති කැල්සියම් දිය කර හැරීමෙනි. මේ තැන්පත් කල කැල්සියම් ඇත්තේ කොහේද? ඇත්තටම මෙම කැල්සියම් ඇත්තේ අස්ථි වලය. මෙසේ දිගින් දිගටම කැල්සියම් අවශෝෂනය කර ගැනීම නිසා දැන් අස්ථි දර්වල වේ. අවසානයේ ආතරයිටීස්ල ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග ගණනාවක් ඇතිවේ. හේතුව ඇත්තේ කොහේද? අපි පිලිතුරු සොයන්නේ කොහේද? මේවා ඔබගේ හදවතින්ම අසා දැන ගන්න.
ආහාර ගැන මිනිසුන් අතර ඇති තවත් එක් වැරදි ක‍්‍රමවේදයක් ගෙන හැර දැක්වීමට සිතුනේය. අප උදැසනට බොන කිරි වීදුරුව ගැන සිතන්නග ඔබට මෙම කිරිපිටි පැකට් එක විකුනන්න මෙම සමාගම් කොපමණ මුදලක් වැය කරනවාද? අවසන කැල්සියම් ලබා ගැනීම සඳහාත් ඔස්ටියෝ පොරෝසිස් සුව කර ගැනීම සඳහාත් කිරි පානය කරයි. එළදෙනගේ පැටියා කිරි බොන්නේ වසරක් පමණ වන කාලයක් පමණි. නමුත් අපි මුලූ ජීවිත කාලයම එළදෙනගේ කිරි වලින් සාදන ලදැයි කියන කිරිපිටි වලින් කැල්සියම් සොයන්නෙමු. ඇත්තටම මෙහි ඇත්තේ ප්‍රෝඩාවකිග කිරිපිටි පැකට්ටුවේ ඇති විස්තර හොඳින් කියවා බලන්න. ඔබට කිරි බොන්නට අවශයනම් සිදු කල යුතු වන්නේ දියර කිරි පානය කිරීමයි. නමුත් දැන් සිදු වන්නේ තම එළදෙනගෙන් දොවා ගත් කිරි ටික විකුණා කඩයෙන් කිරිපිටි පැකට් එකක් ගෙන දියකර පානය කිරීමයි. මදක් නැවතී සිතන්න. අපට කොහේ හෝ වැරදී ඇති බව නොපෙනේද? අපි ප‍්‍රචාරණය සහ ජනමාද්‍ය වල ගොදුරක් වී ඇති බව නොපෙනේද? මේ කඩතුරා හැර පිටත බලන්න.
අපගේ කුසයේ වේදනාවක් ඇතිකොට මොළය අපෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ පෝෂණ කොටස් තම ශරීරයට ලබා දෙන ලෙසටය. අප එය ලබා දෙන්නේ නම් මොළය ඉතා ආශාවෙන් එම අහාර පිළිගනී. මා කුඩා උදා හරණකිහිපයක් දක්වන්නම්. ඔබ රාත‍්‍රියට එළවලූ තම්බා මස් හෝ බිත්තර කිහිපයක් සමග ආහාර සකස් කලා යැයි සිතන්න. කෑම මේසය දුටු විටම හැමෝටම කටට කෙල ඉනුවද කාගන්නට බැරි බව ඔබ අත් දැක ඇති. ඊට හේතුව කුමක්ද? රතු පාට හාල් වලට වඩා වැඩියෙන් සුදුපාට හාල් කෑමට හැකි බව ඔබ දන්නවාද? කුරක්කන් තලප කුඩා ගුළියක් කන්නටත් හරිම අසීරු බව තලප කා ඇති අය දන්නවා. මේ හැම එකකින්ම පෙනෙන්නේ පෝෂණය ඇති ආහාර අපි කුස තුලට ඇතුල් කලහොත් මොළය ඉක්මනින්ම දැන් ඇති යන සංඥාව නිකුත් කරන බවයි. මැක් ඩොනල්්ඞ් වැනි ආහාර ගන්නා අයට කොපමන කෑවත් කුස ගින්නේ අවසානයක් නැත. කෙසේ වෙතත් මේ අයට වැඩිපුර කැලරි ශරිර ගත කල වරදට ස්ථූලතාවයෙන් වන්දි ගෙවීමට සිදුවේ. මන්දපෝෂණය ලිපිය කියවන්න.
කුස ගින්න හඳුනා ගන්නග ඊට නිසි පිලිතුර ලබා දෙන්න. ඔබට නිතර කුස ගිනි ඇතිවේ නම් ඔබ විශාල පෝෂණ උණතාවයකින් පෙලෙන බව සිතට ගන්න. දිය වැඩියාවද මින් එක් රෝගී තත්වයකි. ඔබ කුස ගින්න නිවා ගැනීමට පෝෂණයෙන් තොර ආහාර නැවත නැවත ශරීරයට ඇතුල් කරන්නට ගියොත් සිදුවන්නේ ඔබ තරබාරු වීම පමනි. මෙම තත්වයෙන් මිදෙන්න උත්සහ කරන්න.
ඔබ විසින් කල යුතු වන්නේ මාස තුනක කාලයක් නිසි පෝෂණය වැඩි මාත‍්‍රාවකින් අපගේ ආහාරයට එක් කිරීමයි. ඊට සුදුසුම ක‍්‍රම වේදය අපට ලැබෙන්නේ ඇමෙරිකාවේ Youngevity ආයතයෙන් නිපදවා ඇති සියයට සියයක් ස්වභාවික ශාඛ ශාර වලින් නිපදවූ පෝෂන කොටස් 90 ක් ඇතුලත් යංජැවිටි පෝෂණ පැක් එකයි. මේ ගැන විස්තර පහත දක්වා ඇත. මෙම පෝෂණ ආහාර ගැන අප දැන ගත්තේ මීට වසර 4 කට පමණ පෙර වුවත් ලංකාවට ආනයනය කිරීමට හැකියාවක් නොතිබින. නමුත් අප සිංගප්පූරුව සමග ඇති සම්බන්ධකම් නිසා මෙම ආහාර සිංගප්පූරුවට පැමිණි පසු අපටත් ඒවා ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වන තෙක් මෙම ආහාර ශ‍්‍රී ලංකාව තුල අලෙවි නොවන අතර යම් අයෙක් ඇත්නම් මෙම සමාගමේ නිශ්පාදන භාණ්ඩ ගෙන්වා බෙදා හැරීම සඳහා නියෝජිතයෙක් වශයෙන් ලියාපදිංචි විය හැකිය. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අපටද උදව් විය හැකිය. එය මහත්වූ සමාජ සත්කාරයක් වේ. මෙම ලිපිය කියවන ඔබලා ඒ ගැනද සිතා බලන්න.
ඔබ දැනට ජීවත් වන්නේ ඇමෙරිකාව, කැණඩාව, රුසියාව, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, සිංගප්පුරුව වැනි රටක නම් ඔබට මෙම ආයතනය හා කෙලින්ම සම්බන්ධ වී අදාල නිශ්පාදන ලබා ගත හැකිය. ඔබ ජීවත් වන්නේ වෙනත් රටක නම් ඉහත දැක්වූ රටක ඔබ දන්නා කෙනෙක් වේ නම් ඔහු හරහා ගෙන්වා ගත හැකිය. එසේ නොමැති නම් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීම සඳහා අපට උදව් විය හැකිය. සිංගප්පූරුවෙන් මිළට ගෙන ඕනෑම රටකට කුරියර් සේවයක් ආධාරයෙන් ලබාගත හැකිය. ඔබ වාසය කරන රටේ නීතියට අනුව රේගු බදු ගෙවා ඔබ විසින් මෙම භාණ්ඩ නිශ්කාෂණය කර ගත යුතු බව කරුණාවෙන් සලකන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
අප මෙම ආහාරය මෙම වෙබ් අඩවියේ ප‍්‍රචාරය කලේ හේතුව සොයා ගත්තානම් ඊට පිළිතුරක්ද ලබාදිය යුතු වන නිසාය. අපි මෙම අනගි නිශ්පාදන වල ඵල නෙලා ගත්තෙමු. අප ලබා ගත් ඒ අමිල ත්‍යාගය අපි දැන් ඔබ ඉදිරියේ තබා ඇත්තෙමු. පහත දැන්වීම මත ක්ලික් කර වැඩි දුර විස්තර අදාල සමාගමේ වෙබ් අඩියෙන්ම දැන ගන්න.
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.[/showhide]
Tags: Hunger and Nutrition