- කුරුළෑ
කුරුළෑ බොහෝ විට මතුවන්නේ කෙනෙකු තරුණ අවදියට පැමිණෙන විටය. පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු තරුණ වියට පත් වන විට යෞවන හෝමෝන ශ්‍රාවය වන බව අපි දනිමු. මවක් දරුවෙක් කුස තුල පිලිසිඳ ගත් කාලයේද මෙසේ හෝමෝන වල වෙනසක් සිදු වේ. මේ කාලය තුල රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යෑම සාමාන්‍යයෙන් සිදුවේ. එසේම යෞවන කාලයේද රුධිරයේ ග්ලූකෝස් මට්ටම තරමක් ඉහල යයි. මෙම තත්වය දියවැඩියා තත්වයක් නොවුනද රුධිරයේ සීනි මට්ටම වැඩි වීම නිසා අපගේ ශරීරයේ ඇති අයහපත් බැක්ටීරියා වල වර්ධනය වැඩි වීමට මෙම තත්වය බලපායි. මෙම කාලය තුල අපගේ සමේ රෝම කූප වල යම් අවහිර වීමක් ඇතිවුව හොත් සමට යටින් ඇති රෝම කූප වල තෙල් සපයන ග්‍රන්ථි වලින් නිකුත් කරන තෙල් අදාල ස්ථාන වල හිරවේ. මෙම ස්ථාන වල Staphylococcus වැනි අයහපත් බැක්ටීරියා ඉක්මනින් වර්ධනය වන්නට පටන් ගනී. දැන් මෙම ස්ථානය කුරුළෑවක් ලෙසට ආසාදනයට ලක්වේ. මේ නිසා කුරුළෑවක් ලෙස අසාදිත තෙල් සම මතුපිටට නෙරා එයි. අප බාහිරින් කෙතරම් පිරිසිදු කලත් කුරුළෑ සුව නොවන්නේ මේ නිසාවෙනි. මේ අනුව කුරුළෑ ඇතිවීමට ප්‍රධානම හේතුව සිරුරේ සීනි මට්ටම වැඩි වීම බව දත යුතුය. මෙම තත්වය මැඩ පවත් වා ගැනීමට අප කල යුතු වන්නේ අදාල කාලය තුල සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට උපාකාර කල හැකි පෝෂණ පදාර්ථ ආහාරයට එක් කර ගැනීමයි. එසේම දැනට වැඞී ඇති බැක්ටීරියා මර්ධනය කිරීමට අවශ්‍ය ස්වභාවික බැක්ටීරියා නාශක ගුණ ඇති හෙළ ඔසුවක් භාවිතා කල යුතුය. මෙම ලිපිය අවසානයේ අදාල ඔසු ගැන විග්රහ කර ඇත. . රුධිරයේ විශ එකතු වී තිබීම තවත් හේතුවකි. මේ සඳහා රුධිරයේ විෂ ඉවත් කර ගත හැකි හෙල ඔසුවක්භාවිතා කර රුධිරය සහ අන්ත්‍ර පිරිසිදු කර ගත හැකිය. මීට අමතරව අක්මාවද පිරිසිදු කර ගත යුතුය. ඒ සඳහා ක්ලෝරෙල්ලා වලින් නිපදවන සප්ලිමන්ට් භාවිතා කරයි. ඊට අමතරව තිත්ත ආහාර වර්ග භාවිතා කල හැකිය. මේ අනුව සෑම ආකාරයකින්ම ආරක්ෂණ උපක්‍රම භාවිතා කිරීම මගින් සමේ අතිවන බැක්ටීරියා වර්ධනය නවතා ලිය හැකිය. අක්මාව පිරිසිදු කරගන්නා ආකාරය අපි ඉදිරියේදී කතා කරමු. දැන් කල යුතු වන්නේ මෙම කාල වකවාණුව තුල අත්හල යුතු වන ආහාර ගැන දැනුවත් වීමයි. කාබෝහයිඞ්රේට අඩංගු ආහාර අවම කල යුතුය. පාන් පිටි වලින් සාදන ආහාර සම්පූර්ණයෙන් නවතා ලිය යුතුය. ගැඹුරු තෙලේ බදින ආහාර නොගත යුතුය. කාබන් ඩයෙක්සයිඞ් මිශ්‍ර බීම නවතාලිය යුතුය. බාබකියු වැනි අධික තාපයකට ලක්වන ආහාර අත්හල යුතුය. නයිට්රේට සහ මොනෝ සෝඩියම් ග්ලූටමේට් අඩංගු සකස් කල ආහාර නැවැත් විය යුතුය. මාගරින් අනුභවය නුසුදුසුය. බටර් අනුභව කලාට වරදක් නැත. කුරුළෑ ඇති වීමට බලපාන තවත් එක් ප්‍රධාන සාධකයකි රුධිරයේ ආම්ලික තාවය වැඩිවීම. මේ නිසා සිරුරේ භාෂ්මිකතාවය වැඩි කර ගැනීමට හැකිවන පරිදි මැග්නීසියම් සහ කැල්සියම් සහිත ආහාර දිනපතා පරිභෝජනය කල යුතුය. කොළ වර්ග දෛනිකව තම ආහාර වේලට එක් කරගන්න. නැවුම් එළ කිරි හෝ චීස් අනුභව කරන්න. මුරුංගා කකොළ වලින් කොළ කැඳ සාදා ආහාරයට ගන්න. මේ අනුව සිරුරේ භාෂ්මික තාවය පවත්වා ගත හැකිය. කුරුලෑ ආසාදන ඇති අය ප්‍රථමයෙන්ම කල යුතු දේ නම් සීනි අධික ආහාර ගැනීමෙන් වැලකීමයි. ඒ අනුව බැක්ටීරියා වර්ධනය නවතා ගත හැකිය. අනෙක් කාරණය නම් වර්ධනය වන බැක්ටීරියා මර්ධනය කරගත හැකි ලෙසට ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමයි. අනෙක් කාරනය නම් හෝමෝන සමතුලිත කරගැනීමයි. මේ සියලු කාරණා එක් සප්ලිමන්ට් එකකින් සිදුකරගත හැකිය.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana