අපි ඊයේ දිනයේ කැල්සියම් ඌණතාවය නිසා හටගන්නා රෝග කිහිපයක් ගැන කතා කලා. එයට විසදුම ලෙසට අපිට තෝරගන්නට වෙන්නේ කැල්සියම් සහිත ආහාර ගැනීම වැඩි කීරීම හෝ කැල්සියම් සප්ලිමන්ට් එකක් භාවිතා කිරීමයි. කැල්සියම් සප්ලිමන්ට් ගැන සත්ය්ය හෙලිකරන්නට මෙම ලිපිය යොදාගනිමි.
කෘතිම කැල්සියම් සප්ලිමන්ට් වල බොහෝ විට ඇත්තේ කැල්සියම් කාබනේට් වේ. මෙම කැල්සියම් කාබනේට් නිස්සාරණය කර ඇත්තේ සිප්පිකටු හෝ හුණු ගල් වැනි මාද්යයකිනි. මෙසේ නිස්සාරනය කරල ලද කැල්සියම් ස්වභාවිකව බැක්ටීරියා මගින් පලමුව පොලවේදී ජීර්ණය කල ඒවා නොවේ. මේ නිසා කැල්සියම් ගන්නවා නම් ශාඛ වලින් නිස්සාරනය කල හෝ මාළු කටු පුච්චා සාදන එකක් විය යුතුය. මාළු කටු සමාන්‍යෙයන් භාවිතා කරන්නේ හෙළ වෙදකමේ පමණි. ගම්බිත්තර කටුද මේ සදහා ගත හැකියි.
වල්නාශක වන රවුන්ඩ් අප් නිසා අපිට සිදුවී ඇති හානිය මා මින් පෙර ඔටිසම් ගැන ලියු ලිපි දෙකකින් ගෙන ආවා. මේ කියන්නට යන්නෙත් එවැනිම සන්තෑසියක් ගැනයි. ග්ලිෆොසේට් වගාබිමට යොදන්නේ වල් නාශයක් වශයෙන් වන අතර මෙම නිශ්පාදකයන්ගේ මතය වන්නේ ග්ලයිෆොසේට් මිනිස් සිරුරට හානිකර නොවන බවයි. නමුත් වල් විනාශ වන ආකාරයටම පොලොවේ සිටින බැකිටීරියා විනාශ වේ. පොලොවේ බැක්ටිරියා සිටීම අවශ්‍ය වන්නේ ඇයි.
ඔබට මතකද අපි ඉස්සර ඉගෙන ගත්තා පොලොව මතුපිට තියෙන හියුමස් ලේයර් එකක් ගැන. දැන් ඔබට හියුමස් දැකගන්නට නම් සිංරාජය වැනි වනාන්තරයකට යන්න වෙනවා. ඒකත් කොපමණ කලක් තියේද යන්න නම් සැක සහිතයි. මේ හියුමස් තට්ටුවේ සිටිනවා ගැඩවිලන්, බැක්ටිරියාවන් වගේ අය. මේ කට්ටිය කරන්නේ පොලොවේ තියෙන පස් පොහොර බවට පත් කරන්නට උපකාර කරන එක. පොලෝවේ තියෙන ඛණිජ ලවන බැක්ටිරියා මගින් ජීරණය කරනවා. මෙසේ ජීරණය කලොත් පමණයි ගස් වල මුල් වලින් ශාඛයට මේ මිනරල් වර්ග ඇදගන්නට පුලුවන් වෙන්නේ. එසේ ඇදගත්තොත් තමයි ඒවා ඵලයේ හෝ පත්‍රවල හෝ කදේ හෝ මුල්වල තැන්පත් කරන්නට හැකි වෙන්නේ. දැන් මේවා ආහාර ලෙසට ගන්නා අපිට ජීරණය වූ ඛණිජ ලවන නැත්නම් මිනරල් ලබා දෙනවා.
ඵලදාව මිනර්ල් වලින් තොර වුනාම තමයි කෘමීන් වගාවට එන්නේ. මිනරල් සහිත වගාවකට එසේ කෘමීන් ගෙන් බාධා එන්නේ නැහැ. මේ නිසා දැන් වගාවට තවත් රසායනික ගහන්නට වෙනවා. මේ අනුව කොරේ පිටට මරේ කියලා දැන් වල් නාශක වලට අමතරව කෘමි නාශකත් අපිට වද දෙන්නට පටන් ගන්නවා.
කාබනික වගාවක තවමත් මේ බැක්ටීරියාවන් විසින් කරන ජීරණ ක්‍රියාවලියත් මිනරල් අවශෝෂන ක්‍රියාවලියත් මෙසේම සිදු වෙනවා. ඒ නිසාම එම ආහාර රසයෙන් සහ ගුණයෙන් අනුුනයි.
දැන් අපි කැල්සියම් ගන්න කියලා හිතාගෙන යම් කොළ වර්ගයක් ආහාරයට ගත්තත් එය සිදුවන්නේ නැහැ. මොකද කෘමිණාෂක වල් නාශක ගහන නිසා. ඉතිං අපි එන්න එන්නම ඛණිජ ලවන ඌණතාවයට ලක් වෙනවා. අපි මින් පෙර ලිපි තුනකින් කතා කලා කැල්සියම් ඌණතාවය නිසා හටගන්නා රෝග ගැන. අපි මේ ලිපියෙන් බලාපොරෙත්තු වන්නේ තවත් එක් මිත්‍යාවකින් මිදෙන්නයි.
කැල්සියම් එක් ඛණිජ ලවනයක් පමණක් වුවත් අපගේ සිරුරට අත්‍යවශ්‍යම කණිජ ලවනයකි. ස්වභාවිකව කැල්සියම් නොලැබෙන නිසා පිටතින් කැල්සියම් ගන්නට සිදුවෙනවා. මෙහිදී කැල්සියම් පෙති අපි වෙලද සැල් වලින් මිලට ගන්නා අතර එහි අභ්‍යන්තරය ගැන දන්නේ නැහැ.
කැල්සියම් පෙති මිත්‍යාව ගැන දැනගන්නට පහත ලියා ඇති විස්තරය හොදින් කියවා තේරුම් ගන්න.
කැල්සියම් පෙති වල ඇත්තේ බොහෝ විට කැල්සියම් කාබනේට් (CaCO3) වේ. මෙහිදී අප ගන්නා පෙත්තේ බරෙන් 30% ක් කැල්සියම් වන අතර ඉතිරිය කාබන් සහ ඔක්සිජන් වේ. අපි දිනකට ශරීරයට අවශෝෂනය කල යුතු කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1000-1200 අතර වේ. දැන් මෙම කැල්සියම් යැයි අපි හිතනා පෙතිි කීයක් අපගේ ආහාර මාර්ගයට ඇතුල් කල යුතුද? කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක් ඇත්තේ මෙවැනි පෙති 8 ක් තුලය. ( එක පෙත්තක් මි ග්‍රෑම් 500 ලෙස සලකා ) කැල්සියම් දිනකට අවශ්‍ය ප්‍රමාණය ලෙස සැලකෙන්නේ මුඛයෙන් ඇතුලට ගන්නා ප්‍රමාණය නොව කුඩාන්ත්ර වලදී අවශෝෂණය කරන ප්‍රමාණයයි. දැන් අවශෝෂනය රදා පවතින හේතු කාරනා ගනනාවක් ඇත.
අපි ආහාරයට ගත් කැල්සියම් බැක්ටීරියා විසින් ජීරණය කල ඒවාද යන්න.
කුඩාන්ත්ර වල සහ අංගුලිකා වල නිරෝගී තාවය.
අපි ගන්නේ ස්වභාවික කැල්සියම්ද නැද්ද යන වග.
විටමින් ඩී, සහ සී යන දෛනිකව අපි සිරුරට ලබා දීය යුතු විටමින් වර්ග සිරුරේ ඇත්ද යන්න.
අප කන කෑම වල ෆයිටේට් ඇත්ද යන වග, ( මෙමගින් අප ගන්නා ඛණිජ ලවන අවශෝෂනය අඩු කරයි.) යන කරුණු ප්‍රධාන වේ.
සාමාන්‍යෙයන් පාන් පිටි වලින් සාදන ආහාර ගන්නා කෙනෙකුගේ කුඩාන්ත්‍රයේ අංගුලිකා ග්ලූටන් නිසා විනාශ වි ඇත. ඉතිරි වී ඇති අංගුලිකා වලින් මෙම අශෝෂන ක්‍රියාවලිය සිදුවේ. මෙම අංගුලිකා විනාශ වීම රෝගයක් සේ සැලකන අතර එය Celiac disease ලෙස හදුන්වයි. (මේ වගේ ලස්සන නම් තියෙන ලෙඩ වලට සමහර අය හරි ආසයි) මෙවැනි අයගේ කැල්සියම් පමණක් නොව සියළු පෝෂ්‍ය කොටස් අවශෝෂණය කර ගැනීමට අපහසුය. මේ නිසා අපි ගන්නා ආහාර වල ඇති පෝෂණය මළ සමග පිට වේ. මෙය දැනගැනීමට මම කුඩා ක්‍රමයක් කියන්නම්.
පිටවන මල කොමෝඩ් එකේ වතුරේ පාවිය යුතුය. ඇලෙන සුලු නොවිය යුතුය. එසේ නොව වතුරේ ගිලේ නම් ඒ කියන්නේ ආහාර නිසිලෙස අවශෝෂණය වී නැ කියන එකයි. වතුර ටික ෆ්ලෂ් කරන්න කලින් බලන්න. ඔබටම ඔබගේ කුඩාන්ත්රය ගැන තේරුම් ගන්නට පුලුවන්.
වාසනාවකට මෙම තත්වයෙන් මිදෙන්න හැකියි. නමුත් ටික කාලයක් ගත වෙනවා. ග්ලූටන් සහිත ආහාර ගැනීම නවතා ප්‍රෝටීන් අවශය ප්‍රමාණය දිනපතා ලබා දීම තුල වසර දෙකකින් පමන මෙම තත්වයෙන් 100% ක් මිදිය හැකිය. පාන්පිටි වලින් සාදන ආහාර ගැනීම නවතා දින 15 ක් සිටින්න. 16 වන දින තුන් වේලටම පාන්පිටි වලින් සැදු ආහාර ගන්න. දැන් බලන්න ඔබ කෙතරම් වේදනාවක් විදිනවාද කියලා. මේ වේදනාව එන්නේ අංගුලිකා වල විනාශ වීම සිදුවන නිසාය. මා කියනවාට පිලිගන්න එපා කරලා බලන්න.
දැන් ආපහු මාතෘකාවට යමු.
අර ගත්ත කැල්සියම් මිලි ග්‍රෑම් 1200 දැන් කෘතිම ඒවා නිසා මෙිවා අවශෝෂනය කිරීම ඉතාමත් අපහසු වේ.නමුත් අපගේ ශරීරය කෙසේ හෝ යම් ප්‍රමාණයක් ජීර්ණය කිරීමට අපගේ අන්ත්‍ර වල සිටින බැක්ටීරියාවන්ගේ සහය ලබා ගනී. ප්‍රෝ බයෝටික් කියන වචනය ඔබ අසා ඇති. මේ එවන් බැක්ටීරියාවන් වේ. නමුත් මොවන්ටත් එය සාර්ථකව 100% ක් සිදු කල නොහැකිය. කෙසේ හෝ 15% පමණ ප්‍රමාණයක් අවශෝෂණය කරගත හැකි ලෙසට පෙරලා දෙයි. දැන් ගණනය කර බලන්න. (නිරෝගී කුඩාන්ත්රයක් හිමි කෙනෙකුගේ මෙය 30% දක්වා වර්ධනය කර ගත හැකිය)
එක පෙත්තක ඇති කැල්සියම් ප්‍රමාණය = මිලි ග්‍රෑම් 150.00 ( කැල්සියම් ඇත්තේ 30% වන නිසා. ඉතිරිය කාබනේට් වේ)
එයින් අවශෝෂනය වේ යැයි ගනන් බැලූ ප්‍රතිශතය = 15%
මේ අනුව එක් පෙත්තකින් අවශෝෂනය කල හැකි ප්‍රමාණය = 150 X15 / 100 = මිලි ග්‍රෑම් 22.5
මිලිගෑම් 1200 ක් අවශෝෂනය කිරීමට අප විසින් ගත යුතු පෙති ප්‍රමාණය = 53 යි.
මේ සාමාන්‍ය කෙනෙකුගේ තත්වයයි. පාන්පිටි සහිත ආහාර කන. හිතකර බැක්ටීරියා අඩු කෙනෙකුගේ තත්වයයි මේ.
ඉතා නිරෝගී කෙනෙකුගේ මෙම තත්වය බාගයකින් පමණ අඩු වේ. ඒත් පෙති 27 ක් විතර දවසකට අවශය වෙනවා.
දැන් ඔබට වැටහෙනු ඇති අපගේ පැණයේ වටිනාකම. දැන් සිදු කල යුතු වන්නේ අදාල බාධකය ජයගන්නේ කෙසේද යන්න සොය බැලිමයි.
තම ගෙවත්තේ මුරුංගා පැලයක් වවන්න. දිනපතා මුරුංගා කොල මැල්ලුමක් කන්න. මෙය එක් ක්රමයකි.
බෙහෙත් කෘමිණාෂක නැති නිසා පෝෂනය නිසිලෙස ලැබේ.
කටු ආහාරයට ගත හැකි හාල්මැස්සන් වැනි ආහාර එක් කර ගන්න.
චීස් බටර් ආහාරයට ගන්න. මාගරින් කන්න එපා.
සප්ලිමන්ට් එකක් ගන්නවා නම් එය කැල්සියම් සිට්රේට් වැනි ශාඛ වලින් නිස්සාරණය කල කැල්සියම් වර්ගයක්ද යන්න සොයා බලන්න.
කැල්සියම් සප්නිමන්ට් එකක් නිවසේදි හදන ආකාරය.
බල මාළු කටු කිලෝ දෙක තුනක් එකතු කරගන්න. මේවා හොදින් සුදද කර වේලා ගන්න. පිරිසිදු යකඩ තහඩුවක් හෝ තාච්චියක් ගෙන මෙම කටු ටික බදින්න. සුදු යකඩ තහඩුවක් නම් තවත් හොදයි. දැන් මෙම කටු ගිණිගෙන අළු වෙන්න ඕනි. අළු ටික අරගෙන පෙනේරයකින් හලා දෙහි යුෂ සමග අනා කෝපි ඇටයක පමණ ප්‍රමාණයට ගුලි කරගන්න. බල මාළුවාගේ කටු වලින් ගත් අළු වල ඇත්තේ කැල්සියම් වේ. ස්වභාවික මාධයයකින් ගත් නිසා අවශෝෂණය පහසුය. දෙහි යුෂ අවශය විටමින් සී ලබා දේ. දැන් අවශ්‍ය විටමින් ඩීලබා ගැනීමට උදැසන අව්ව වැටෙන තැනක ටිකක් ඇවිදින්න. අපිට ස්වභාව ධර්මය උපකාර කරනවා. අර හදාගත්ත ගුලි වේලා බෝතලයක දමා දවසකට ගුලි තුනක් කෑම වේල් දෙකක් අතර ගන්න. කෑම වල ෆයිටේට් ඇත්නම් එය මෙම වේලාව අනුගමනය කිරීම මගින් එය මග හැරිය හැකිය.
යම් දෙයක් තේරුනා නම් තව කෙනෙකුට ඒ දැනුම බෙදා දෙන්න. හැකි තාක් මෙම ලිපි ෂෙයාර් කරන්න.
මෙම ඔසුව හදන හැටි අපිට කියා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසිනි. උන් වහන්සේවද අපි කෘතවේදීව මතක් කරමු.
කැල්සියම් පෙති ගැන යම් දැනුමක් ඇතිවෙන්නට ඇති. වැඩි විස්තර පහත කතා කරමු. තවත් කෙනෙක් මුලාවෙන් බේරාගන්නට ෂෙයාර් කරන්න.
සප්ලිමන්ට් ගැන වැඩිවිස්තර මාගේ පුද්ගලික ගෘප් එකේ තියෙනවා. ඔබට අවශ්‍ය ප්‍රශ්න එහිදී සාකච්ඡා කල හැකි අතර මේ ගෘප් එකේ සප්ලිමන්ට් ගැන කතා කිරීමට මා එතරම් කැමැත්තක් නැත. පහත ලින්ක් එකෙන් මාගේ පුද්ගලික ගෘප් එකට එකතු වෙන්න. TELEGRAM APP එක ඩවුන්ලෝඩ් කරගන්න.
https://t.me/nayana
මෙත් සිතිනි. !!