ඔබ කුස තුල පිළිසිඳිනට වරම් දෙනු මැනේ!


කිරි අම්මා වරු දනට වඩිනවා – අම්මා ඇයි ඒ දනට නොයන්නේ
මෙම ලිපිය ඔබ වෙත ගෙන එනේනේ දරුවන් නොලැබීමට ඇති එක් ප‍්‍රධාන හේතුවක් ගැන ඔබගේ සිත යොමු කිරීමේ පිරිසිදු චේතනාව ඇතිවය. නමුත් ඊට මුල පිරීමක් ලෙස වෙනත් මාතෘකාවක් ගැන කථා කිරීමට සිදු වී ඇත. ඒ ගැන සමාධිය බජනය කරන මෙන් ඉල්ලා සිටිමි.

හොල්මන් අවතාර වැනි අදෘෂ්‍යමාන සත්වයන් වර්තමාන සමාජයේ සිටින සමහර උදවිය පිළි නොගනී. නමුත් ඔවුන් ගේ සිතද හොල්මනක් නිසා බියවූ අවස්ථා ඕනෑ තරම් තිබිය හැකිය. එහෙත් ඔවුන් එය බාහිරට පෙන්විමට මැළිවෙයි. හෝල්මන් යනු කවරහුද? සමහරු පවසන අන්දමට මේ හෙල්ලෙන මනසද? මේ ගැන ටිකක් සිතා බලන්නට හැකිනම් ඔබට ජීවිතයේ මෙතෙක් කල් අවබෝධ නොවූ බොහෝ දේ වටහා ගන්නට හැකි වනු ඇත. නිසල මනසකින් යුතුව මෙම ලිපිය කියවා තේරුම් ගන්න. ඔබගේ ජීවිතයේ වැරදුන තැනක් නිවැරදි කරගන්නට මෙම ලිපිය අත්තිවාරම දමනු ඇත. මෙය කියවන්නට නොහැකි වන්නේ නම් ඒ ඔබගේ හෝ අදාල දරුවාගේ පව්කාර කම යැයි කිව යුතුය. යම් දවසක ඔබ අතින් සිදුවූ ඒ වරද නිවැරදි කිරීම මෙම ලිපිය අවසන් වූ වහාම අරඹන්න. තවත් ලක්ෂ ගණනක් මේ වරද කර ඇති නිසා ඔවුන්ද ගලවා ගැනීමේ අභිලාෂය ඇතිව මෙම ලිපිය ෂෙයාර් කරන්න. එය ඔබගේ මෙම අකුසලයෙන් ගැලවෙන්නට හේතු වන පළමු පියවර වනු ඇත.
කෙනෙකු හදිසි අනතුරකින් මිය ගිය හොත් ඒ මිය ගිය තැන අදාල තැනැත්තා හොල්මන් කරන බව අපි අසා ඇත්තෙමු. දැක ඇති අයද අප අතර සිටින බව නො රහසකි. නිවසක් තුල ගෙල වැලලා ගෙන මිය ගිය පසු මලූ ගෙදරම පාලූ වී යයි. මිය ගිය තැනැත්තා හොල්මන් කරන්නට පටන්ගනී. කෙනෙකු කපා කොටා මරා දැමූ තැන්වලද මෙසේම හොල්මන් අවතාර ඇති බව අපි දනිමු.
හොල්මන් යනු කවුරුන්ද? ඔවුන් යම් ස්ථානයක පමණක් හොල්මන් කරන්නේ ඇයි? ඔවුන්ට වෙනත් වාසස්ථානයක් නොමැතිද? මේ ගැන තවත් ටිකක් විපරම් කර බලමු.
හොල්මන් යනු සතර අපායටම අයිති තවත් එක් සත්ව කොටසකි. පේත වත්තුපකරණය යන ත‍්‍රිපිඨකයට අයත් ග‍්‍රන්ථය කියවා ගෙන යන විට රහත්න් වහන්සේලාට හමුවූ මෙවැනි පේ‍්‍රතයන් කොටසක් ගැන කරුණු හමුවේ. එම පේ‍්‍රතයන් විරූපී ස්වභාවයක් ගන්නා අතර කෙලෙස් සහිත මිනිසුන් බිය ගන්වන සුලූ බව කිව හැකිය. මෙම හොල්මන් මිනිසුන්ට පෙනෙන්නට ජීවත් වන්නේ යම් දෙයක් නිසාය. ඒ එවුන්ට පින් ලබා දෙන්නේ නම් එම දුගතියෙන් ඉවත්ව යා හැකි බව ජීවත් වන අයට කියා පෑමටය. නමුත් ජීවත්වන අය ඔවුන් දුටු විට තැති ගන්නා නිසා අදාල පේ‍්‍රතයාගේ අවශ්‍යතාවය ඉටු නොවේ. බිය වූ තැනැත්තා පේ‍්‍රතයාගේ උවමනාව ඉටු කිරිම පසෙක ලා තමා බිය නොවී සිටීමට අවශ්‍ය වටපිටාව සාදා ගැනීමට වෙහෙසෙයි. අදාල පේ‍්‍රතයන් හෝ භූතයන් අල්ලා සිර කිරීමටත් ආරක්ෂාවල් දමා ගැනීමටත් පටන් ගනී. පේ‍්‍රතයාගේ උවමනාව කල්ප ගනනකට කල් යයි. ඒ අදාල පේ‍්‍රතයාගේම අකුසල කර්මය පලදීමක්මය.
ඔබට යම් හොල්මනක් ඇවිත් නිතර නිතර පෙනී සිටීනම් හෝ ඔබගේ ශරීරය භාවිතා කොට වේදනාව සමණය කර ගැනීමට උත්සාහ කරයි නම් ඔබ කල යුත්තේ එම පේ‍්‍රතයාව සුගති ගාමී තත්වයකට පත් කල හැකි පුණ්‍ය කර්මයක් සිදු කොට ඒ පින් අදාල පේ‍්‍රතයා හට අනුමෝදන් වෙන ලෙස ආරාධනා කිරීමය. මේ අය බොහෝ විට ඔබගේම ඥාතීන්ය. අපගේ වෙබ් අඩවියේ ඇති අනන්ත සංසාර ගත ඥාති නිදහස් කිරීම යන ලිපිය ( http://www.destiny.lk/?p=256 ) කියවා බලා මෙම පේ‍්‍රතයන් විඳින දුකෙන් නිදහස් කිරීමට යම් වෙරක් දරන්න. එය ඔබ ඔබ සංසාරය තුලදී සිදු කරන මහඟු පින් කමක් වනු ඇත. ඔබ මෙම ක‍්‍රියාව සිදු නො කලොත් තවත් කාලාන්තරයකට මෙම පේ‍්‍රතයන් නිදහස් කිරීමක් සිදු නො වන්නට පුලූවන. බුද්ධෝත්පාද කාලයක් නිසා මෙම කාලයේ ඔවුන්ට නිදහස් වීමට පරිසරය ඇත. අබුද්ධෝත්පාද කාලයක එසේ නොවේ. මේ නිසා මේ ගැන තරමක් ගැඹුරින් සිතා බලා කටයුතු කරන්න.
ප්‍රෙතයන් ගැන කථා කල නිසා සිද්ධික් ගැන සටහන් තැබීමට සිතුවෙමි. එක් නිවසක නිතර නිතර ලෙඩ වෙන ස්ත‍්‍රියක වාසය කර ඇත. ඇය මෙම රෝග සඳහා නිතර නිතර බෙහෙත් ගත්තද කිසිදු ගුණයක් නොවීයග දිනක් මේ ගැන සොයා බැලූ එකල ගිහි පින්වතෙකුව සිටි අපගේ කල්‍යාණ මිත‍්‍ර වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ හට මෙම තැනැත්තියට වැළඳී ඇති රෝග ගැන යම් වෙනසක් දැනී ඇත. එම නිවසට ගිය ඔහු දැක ඇත්තේ අපූරු දසුනකි. ගෙදර සාලය මැද විශාල මස් කුට්ටියක් දඟලමින් සිට ඇත. මෙම මස් කුට්ටිය ප්‍රෙතයෙකු බව දැන ගැනීමට වැඩි වේලාවක් ගත වී නැත. ටික වේලාවක් දඟලමින් සිට අදාල රෝගී කාන්තාවගේ සිරුරට රිංගා ගෙන ඇත. මේ සියල්ල හොඳින් දුටු ඔහු ඊට නිසි පිලිතුරු දෙන ලදීග අදාල පේ‍්‍රතයා මෙම ස්ත‍්‍රියගේ ඇඟට රිංගා ගන්නේ පේ‍්‍රතයාගේ ශරීරයට සමක් නොමැතිවීම නිසා ඇතිවන වේදනාව සමනය කර ගැනීමටය.nපේ‍්‍රතයාද අදාල නිවසේම මින් පෙර වාසය කල රෝගියාගේම ඥාතියෙකි. පේ‍්‍රතයාගේ සමක් නොමැති වීම නිසා ඇති වන වේදනාව රෝගියාගේ ඇඟට රිංගා ගැනීම නිසා අඩු වී යන නමුත් අදාල ස්ත‍්‍රිය ලෙඩ වෙයි. ඇය වසර ගණනාවක් මෙම තත්වය නිසා දුක් වි ඇත. කට්ටඬි මහතුන් විශාල ගණනකට තමන් ඉපැයූ ධනය නිස්කාරණයේ වියදම් කිරීමට මොවුන්ට සිදුවී ඇත. මෙම තත්වය අද සමාජයේ කොතෙකුත් ඇත. මෙය හොඳින් අවබෝධ කර ගත් ගිහි කල අප ස්වාමීන් වහන්සේ අප විසින් ඉහත සඳහන් කල දානය ආර්්‍ය මහා සංඝරත්නය කෙරෙහි පූජා කොට පින් අනුමෝදන් කිරීමෙන් පසු අදාල රෝගියා සුවපත් වී ඇත.
මෙම අත්දැකීම අපගේ සමාජය තුල මහා ඉහලින් කථා කරන නවීන විද්‍යාවට හසු නොවේ. මේවා ගැන කථා කිරීමද අවිද්‍යාව ලෙස ඔවුන් ගෙන හැර පායි. විද්‍යාව යනු නිගමණය කල හැකි දෙයට යම් වටිනා කමක් එක් කර දීමේ ක‍්‍රමවේදයකි. නමුත් විද්‍යාවට හසු නොවන විශාල පරාසයක් ඇත. එය තමාම නිගමණය කල යුතුය. මෙම තත්වය දඩමීමා කරගෙන ලක්ෂ ගණන් ගසා කණ කට්ටඬි ව්‍යාපරිකයන් ගෙන්ද ප‍්‍රවේශම් විය යුතුමය. එදා කට්ටයන් සිටියේ පන්සලේ දේවාලයේ හෝ තමාගේ ගෙදරම දමා ගත් දේවාලයේය. අද දේවාලයක් තිබීමට දේව ආලය ඇති උදවිය නැත. ඇත්තේ කට්ටඬි ව්‍යාපාරිකයන්ය, ඔවුන් දේව ආලය අලෙවි කර ඇත.
අප විසින් මෙම ලිපිය ලියන්නට ප‍්‍රස්ථූතය වන්නේ අප සමාජයේ ඇති දරුවන් නැති අම්මලාට ඇති විශාලම ප‍්‍රශ්නයයි, දරුවන් නොමැති වීමට මෙම කරුණු සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔබට වැටහීමක් නැති වන්නට පුළුවන. එහෙත් වැඩියෙන්ම සම්බන්ධ වන්නේද මෙම කාරණාවන් මය.
ඔබ ගබ්සාවක් කර ඇත්නම් මෙම ලිපිය කියවා යම් කිසි පසු තැවීමක් ඇතිවීමට ඉඩ ඇත. නමුත් මෙම ලිපිය කියවීම තුලින් එදා සිදුකල වරද නිවැරදි කර ගැනිමේ යම් ක‍්‍රමවේදයක්ද දැන ගැනීමට හැකි වන අතර එදා කල කර්මයට යම් දිනක ඔබට විපාක විඳීමට සිදු වෙන බව මතක තබා ගැනීම වැදගත්ය. කෙසේ නමුත් එදා ඔබ විසින් මරා දැමූ ඒ දරුවා ගැන යම් විමසීමකට ලක් කර ඔහු හෝ ඇය අද විඳින දුක සහ ඔබ විඳීන දුකින් මුදවා ගැනීමට අපි මෙම ලිපිය ඔබවෙත ගෙන ඒම මගින් යම් වෙරක් දරන්නෙමු.
කෙනෙක් කපා කොටා මරා දැමූ තැනකින් අපි රාත‍්‍රී කාලයේ ගමන් කිරීමට අකමැතිය. ඒ අදාල පුද්ගලයා හොල්මනක් වී එතැන ඇතැයි සිතේ ඇති සැකය නිසාය. ඔබ ගබ්සාවක් කරන අවස්ථාවේදීද දොස්තර මහත්තයා සිදු කරන්නේ කුඩා දරුවා කපා කොටා මරා දැමීමය. ඔබගේ ගර්භාෂය දැන් ඔබ ගමන් කිරීමට අකමැති වූ ස්ථානය හා සමානය. ඔබට බිය ගෙන ආ ස්ථානය දැන් ඔබේ කුස තුලය. ඔබේ දරුවා දැන් හොල්මනක් වී ඇති බවට ඔබට නිකමටවත් සිතුනාද? කාලාන්තරයක් ගන්ධබ්බයෙකු හෝ තිරිසන් සතෙකු හෝ වෙනත් ආත්ම භාවයක සිට මනු ලොව උපත ලබා ගැනීමට පැමිණි මෙම නොදරුවා ඔබගේ කුස තුල ආරක්ෂිතව වැඩුනේ ඉතාමත් ආශාවෙනි. මෙලොව ඔහු ආශාකල පලමු වස්තුව ඔබේ ගර්භාෂයයි. තමන් මැරෙන මොහොතේ යම් ආශාවක් හිතේ තියාගෙන මැරෙන කෙනා තදින් අල්ලා ගත් ස්ථානයේම පේ‍්‍රතයෙකු වී ඉපදෙන බව ඔබ අසා ඇතැයි සිතමි. ඒ නිසා කෙනෙකු මැරෙන මොහොතේ පිරිත් කියන්නට පටන් ගනී. ඒ අදාල පුද්ගලයා සුගති ගාමී වීම සඳහා වනවාට වඩා ඔහු මරණයෙන් පසු නැවතත් නිවසට පැමිණීම වැලැක්වීම සඳහාය. මා දැන් කියන දේ ඔබට මේ වන විටත් වැටහී ඇතැයි සිතමි.
ඔබ ගේ වෛද්‍ය වරයා විසින් කපා කොටා මරා දැමූ දරුවාද දැන් සිටිනනේ ඔබගේ ගර්භාෂයට ආශා කරමිනි. මේ වන විට ඔහු ඔබගේ ගර්භාෂය තුලම පේ‍්‍රතයෙකු වී සිටීම ඔබට කෙසේවත් නතර කල නොහැකිය. ඒ සඳහා ඔබගෙන් අවසර ගත යුතු වන්නේ නැත. දැන් තමාගේ වාස භවනට පැමිණෙන ඕනෑම කෙනෙකු පලවා හැරීමට මොහු නොපැකිලෙයි. මේ නිසාම නැවත දරු උත්පත්තියක් ඇති වීමට ඉඩ කඩ නොසැලසේග මෙහි බැරෑරුම් කම ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි.
මෙ ගබ්සාවක් නිසා ඇති වූ පේ‍්‍රත ආත්මය මීට කල්ප ගණනකදී ඇති වූ දෙයක් වාන්නටද පුළුවන. ඔබ උපදින අවස්ථාව වන විටත් මෙවැනි අපා ගාමී සත්වයන් ඔබේ ගර්භාෂය තුල නොසිටියේ යැයි කෙසේ නම් ස්ථිරවම පවසන්නද? නමුත් ඔබගේ පළමු දරුවා ලැබුනු පසු ඒ අවදානම නැතැයි සිතිය හැකය. නමුත් දරුවන් ලැබීමට වාසනාව නැතිව දේවාලයක් දේවාලයක් ගානේ යන ඔබ මෙම අකුසලය සිදු කර ඇතිවාට සැක නැතග ඔබ මෙම ණය ගෙවා දැමිය යුතුමය. එසේ නොමැති වුවහොත් ඔබේම අතින් සිදුවූ වරදක් නිසා අදුක් විඳින ඔබ සහ දරුවා බේරා ගැනීමට නැවත කවදා ඔබට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබන තුරු සිටිය යුතුය. එහෙත් ඒ වන විට අබුද්ධෝත්පාද කාලයක් නම් ඔබට ඒ සඳහා ඇති අවකාශ නැති වී යනු ඇත. නමුත් දැන් ඔබ පින් වන්තයග ඔබට මේ අනතුරෙන් මිදිය හැකි මාර්ගයක් ඇත. ඒ සඳහා පහත ඇති ලින්ක් එක භාවිතා කොට වැඩි විස්තර දැන ගන්න. අදාල ලිපිය කියවා අවසන් වූ පසු විස්තර දැන ගැනීමට අවශ්‍යනම් එහි ඇති දුරකථන අංකයකට අමතන්න. අපි ඔබට අවශ්‍ය සිය`එැම විස්තර සපයන්නෙමු.
අනන්ත සංසාරගත දරුවන් නිදහස් කිරීම
http://www.destiny.lk/?p=256
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

Tags: Pregnancy, Abortion