ඔබ කවදා හරි ගවයෙක් මරණයෙන් නිදහස් කරලා තියෙනවාද? නමුත් මේට්ක මීට කලින් හිතලා තියෙනවාද?


(මේ කතාව මමකියන්නේ භෞතික වාදීන්ට නොවන බව කරුණාවෙන් සලකන්න.)
යම් කෙනෙක් ගවයෙක් වෙලා ඉපදෙන්නේ යම් අකුසල කර්මයක පලයක් ලෙසටයි. ඉතිං මේ සතා ජීවත්ව සිටින කාලය තුල නොවිදිනා දුක් විදලා අවසානයට මස් කඩේ කොක්කේ එල්ලනවා. මේ සතා දුක් වින්දේ ඇයි. යම් අත්බැවක කල අකුසල කර්මයක් නිසා නේද? දැන් කොක්කේ එල්ලෙන්නේ ඇයි. ඒත් අකුසල කර්මයක ප්‍රතිඵලයක් නේද? අපි ඉදිරිපත් වෙලා ඒ අසරණ සතා ඒ වගේ දුක්ඛිත තත්වයකට පත්වෙන එකෙන් බේරගන්නවා. කොපමන පිනක්ද නේද?
ඇත්ත ඒක පිනක්. නමුත් මේ පින තමන් ලග තබාගෙන ඉන්න එකයි ප්‍රශ්නය. ගවයෙක් නිදහස් කලාම කරන සිරිතක් තියෙනවා. දැන් ඒක කෙරෙන්නේ නැහැ. ඒ වගේ සතෙක් මරණයට පත් වෙනකම් බලාගෙන ඉන්න අදෘෂ්‍යමාන ඇත්බැව් තියෙනවා. අපි අර සතාව බේරගත්තා තමයි. ඒත් අර නොපෙනෙන ප්‍රේත ලෝක වල ඉන්න අය අපි එක්ක වෛර බැද ගන්නවා. උඹ ඇවිල්ලා අපේ කෑම ටික අරගෙන ගියා කියලා. දැන් ඉතිං පිනක් කරලා අර අයගේ තාඩන පීඩන වලටත් ලක් වෙන්න වෙනවා. මෙතන වරද තියෙන්නේ මේ වැඩේ බාගෙට නතර කරන එකයි. අපි ඉතිරි ටිකත් කරලා දැම්මානම් හරි.
‍මොකක්ද ඉතිරි ටික.
අපි දැන් සාංඝීක දානයක් සූදානම් කරන්න ඕනි. ඒක පන්සලට ගිහින් දෙන දානයක් වුනාට කමක් නැහැ. නමුත් කාරණාව හාමුදුරවන්ට පවසන්න ඕනි. අපි මේ අසරණ සතාව බේරගත්තා. අපි ඒකෙන් පිනක් සිදු කර ගත්තා. දැන් අපි සපිරිකර සාංඝීක දානයක් පූජා කරලා ඒපිනත් එක් කරලා. මෙ සතාව බිලි ගන්නට යම් අදෘෂ්‍යමාන ප්‍රේත කොටසක් හෝ යම් යක්ෂයෙක් හිටියා නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී මේ විදින අපා දුකෙන් මිදෙන්නටත් අවසන අමා මහ නිවන් සාක්ෂාත් කිරීමටත් හැකිවේවා කියා පින් අනුමෝදන් කරන්න. එවිට ඔබ කෙරේ ඇති වෛරය නැති වී යාවි. අටපිරිකරක් සහිතව දානය දෙන්නට පුලුවන් නම් අගෙයි.
‍මේ ක්‍රමය මම අත් හදා බලලා තියෙනවා. ඉතාමත් සාර්ථකයි.
‍මෙත් සිතිනි…!!