ඇස්දෙක පියාගෙන මම මේ කියන ටික හෙමිහිට කරන්න. ඇස් පියාගත් පසු ඔබගේ සිත මුහුණට යොමු කරන්න. බලන්න මාංශපේෂි කීයක් තද කරගෙන ඉන්නවාද කියලා. මේවා එකින් එක ඉහිල් කරන්න. ඒ මාංශ පේෂි වලට සිත යොමු කරලා සියළුම මාංශ පේෂි තවමත් තද වෙලා වගේ දැනෙනවානම් නැවත නැවත ඉහිල් කරන්න. මේ විදිහට ටික වේලාවක් සිත මෙහෙයවලා බලන්න අපි කෙතරම් අපහසුවෙන්ද ඉදලාතියෙන්නේ කියලා. ඔබට හරි සහනයක්දැනේවි. මේ විදිහට දවසකට කිහිප සැරයක් විනාඩි 10 බැගින් කරන්න. මහන්සි දැනෙන විටත් මෙසේ කරන්න. මේ සිත ඔබට මුළු සිරුර පුරාම වුවත් ගෙන යා හැකියි. නමුත් පටන් ගන්නට මුහුන හොදයි.
ඔබට කේන්ති ගිය වෙලාවටත් බලන්න කෙතරම් මාංශ පේෂි ගොඩක් තද කරගෙන ඉන්නවාද කියලා. මෙසේ පේෂි තද කරගෙන සිටින කාලය වැඩි වෙන්නවැඩි වෙන්න මුහුන අවලස්සන වෙනවා. මේ නිසා තමයි ඊර්ෂ්‍යාකාර අයගේ මුහුණ අවලස්සන වෙන්නේ. ඒ අය හැමෙ වෙලාවෙම මුහුනේ මාංශ පේශි තද කරගෙන ඉන්නේ. ඉතිං අනවශ්‍ය තැන් වල මාංශ පේෂි ඉදිමෙනවා. මේ නිසයි අවලස්සන වෙන්නේ.
කෙනෙක්ගේ සිතේ ද්වේශය, වෛරය, ඊර්ෂ්‍යාව වගේ සිතිවිලි එනකොට මුහුනේ මාංශපේෂි හැකිලෙනවා. ආදරය, දයාව, කරුණාව මෛත්‍රිය වගේ සිතිවිලි එනකොට ඒ පේෂි දිග හැරෙනවා. ලස්සනවෙන්න නම් කරන්න තියෙන්නේ මොනවාද කියලා සිතා බලන්න.
ටික කාලයක් මේ විදිහට කරලා බලන්න මුහුනේ ලස්සන හැඩයක් එන්නේ නැද්ද කියලා.
ෂෙයාර් කරලම පටන් ගන්න. තව කෙනෙක් ලස්සන වෙනවාට කැමතිනම් විතරයි.
මෙත් සිතිනි…!!