ඔබගේ දරුවාත් සබකෝලයෙන් යුතුද?


ඔබගේ දරුවාගේ මානසිකත්වය ගැන ඔබ දැනුවත්ද?

අද සමාජයේ සිටින වැඩි ප‍්‍රතිශතයක් දෙමව්පියන්ට ඇති ප‍්‍රධානම ගැටලූවකි දරුවන් තම සිතැගි පරිදි හදාගත නොහැකි වීම. දරුවන් මුරන්ඩු වන්නේ ඇයි? දුරකථන හෝ වීඩියෝ ගේම් වැනි දේවල් වලට ඇබ්බැහි වන්නේ ඇයි? සමාජයේ වැරදි යැයි සම්මත දේවලට පෙළඹෙන්නේ ඇයි? මත් ද්‍රව්‍ය වලට පෙළඹෙන්නේ ඇයි? මේ කරුණු කාරණා වලට ඔබත් සංවේදී නම් මෙම ලිපිය අවසාන වන තෙක් කියවා දැනුම ලබා ගෙන එම අවාසනාවන්ත තත්වයෙන් මිදෙන්නට අවශ්‍ය පියවර ගන්න. සමහර විට අප මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නේ ඔබ හීනෙන්වත් නොසිතූ කාරණයක් වන්නට පුලූවන. මේ නිසා තරමක් වේලාව ගෙන නිස්කලංකව මෙම ලිපිය කියවන්න.

දරුවන් කුඩා කල සිටම තමන්ට අයිති තමන්ගේම වූ මානසික පරිසරයක් සොයා ගන්නට උත්සහ කරයි. මුළින්ම දෙමව්පියන් හා එම පරිසරය සකසා ගන්නා දරුවන් පෙර පාසලට පා තැබීමත් සමග එම දෙමව්පියන් විසින් ලබා දුන් මානසික පසුබිම තමා විසින්ම ගොඩ නගා ගැනීමේ බාරධූර කර්‍යයකට අත ගසයි. තම යහලූවන් හඳුනා ගන්නා දරුවා ඔවුන් සමග එකට ජීවත් වීමටත් ඒ අතර කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාත්මක වීමටත් අවශ්‍ය මානසිකත්වය ගොඩ නගා ගනී. මේ අතර නොයෙකුත් පරිසර වල හැදී වැඩුණු නොයෙකුත් මානසිකත්ව පසුබිම් ඇති මව් පියන්ගෙන් පෝෂණයවූ දරුවන් අතර මෙම දරුවා අතරමං වේ. තමා මෙතෙක් ගත කල ජීවිතය තම යහලූවන් හා සම්බන්ධවීමේදී වෙනස් වන බව තේරුම් ගනී. මෙහිදී සමහර දරුවන් මෙම තත්වය සාර්ථකව කළමනාකරණය කර ගන්නා අතර සමහර දරුවන් මෙම සමාජය ප‍්‍රතික්ෂේප කරයි. තම යහලූවන් ගේ ගතිගුණ අනුකරණය කිරීමට සමහර දරුවන් පටන් ගනී. ඒ තමාගේ අනන්‍යතාවය ගැන තමා තුල විශ්වාසයක් ගොඩ නැගී නැති නිසාය. තවත් සමහරු සමාජය විසින් වැරදි යැයි සම්මත ජීවන රටාවකට හුරුවූ දෙමව්පියන්ගේ දරුවන් වේ. මොවුන් තරමක් දරදඩු මානසිකත්වයකින් හෙබි අය වේ. මෙවැනි අය අන් දරුවන් පෙලා දමා තම ආධිපත්‍යය ගොඩ නැගීමට පටන් ගනී. මෙය දකින සමහර දරුවන් එයද අනුකරණය කරන්නේ තමා තුල ඊට ප‍්‍රතිවිරුද්ධව ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය නොමැති නිසාවෙනි. තවත් සමහර දුරුවන් ඉගෙනීමෙහි දක්ෂකම් දක්වන අය නිසා ගුරුතුමියගේ ආදරය නොඅඩුව ලැබීම නිසා අර පරිසරයෙන් යම් යම් දේවල් උකහා ගැනීමට උත්සාහා නොකරයි. කෙසේ වෙතත් අප පෙර පාසලට යවන දරුවා මෙහිදී යම් සන්ධිස්ථානයක් පසු කරන බව තේරුම් ගත යුතු වේ. මෙම සියලූම කාරනා වලට අමතරව බොහෝ කරුණු ඉදිරිපත් කල හැකි නමුත් ලිපිය ඒ තරම් දිගු කිරීමක් අවශ්‍ය නොවන බව සිතමි. මා කියන්නට උත්සාහ කරන කාරණය දැන් ඔබට තේරෙනවා ඇතැයි සිතමි.

අපගේ දරුවා මෙම තත්වයට පත් වූ වා නම් අප ගන්නා ක‍්‍රියා මාර්ග ගැන අපි යම් විපරමක් කර බලමු. දරුවා යම් දරදඩු ස්භාවයක් පෙන්වයි නම් වේවැල ඊට පිළිතුරක් ලෙස දෙමව්පියන්ට පෙනෙනන්ට පටන් ගනී. මේ නිසාම දරුවාට මෙතෙක් උරුමව තිබූ දෙමව්පිය සෙනෙහස දැන් දැන් අඩු වෙමින් පවතින බව කුඩා මනසට වැටහෙන්නට පටන්ගනී. එය අර ඉහත කී තත්වයන් තවත් වැඩි දියුණු වීමට රුකුළක් පමණක් බව දෙමව්පියන් නොදනී. පෙර පාසලේ දරුවන් අතර සමහර දරුවන් කුසීතව මුලූ ගැන්වෙන දරුවන් සිටින බව ඔබ දැක ඇති මේ දරුවන් ගැන දෙමව්පියන් සිටින්නේ මහත් කනස්සල්ලකිනි. මෙයද තවත් එක් කථා කල යුතුම ප‍්‍රශ්නයක් ලෙස මා දකිමි. මේ සියල්ලම මානසික කාරණා බව ඔබ පිළිගෙන ඇතැයි මම අනුමාන කරමි. ඇත්තටම එය මානසික ගැටලූවක් යැයි සැලකීම සාධාරණය. එහෙත් ඇත්තටම මෙම තත්වයට වග කිව යුතු වන්නේ දෙමව්පියන් බව මා යෝජනා කලහොත් ඔබ මා සමග උරණ නොවෙනු ඇතැයි සිතමි. මව තමාගේ කුසයේ හොවාගෙන සති 40 ක් පමණ පෝෂණය කල දරුවා ඉපදුනාට පසු මාස කිහිපයක් තම සිරුරේ පෝෂණය කිරි මාර්ගයෙන් දරුවාගේ සිරුරට ලබා දේ. මේ නිසාම දරුවා ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වේ. නමුත් දරුවා කිරි බීම නැවැතවූ පසු සිදු වන්නේ කුමක්ද? දරුවා පෝෂණය අඩු වෙළඳ දැන්වීම් වල පෙන්වන නොහෙක් ආහාර වලට හුරු වේ. මේවායේ කියන තරම් පෝෂණයක් නොමැති බව නොදන්නා දෙමව්පියන් දරවා ගේ කුස මෙම ආහාර වලින් පුරවා ලයි. දරුවාගේ මානසික වර්ධනය සඳහා අවශ්‍ය වන පෝෂණ කොටස් මෙම ආහාර වල නොමැති බව බොහෝ දෙනා නොදනී. වැඩි ගනන් වල පිටිකිරි වල වුවද ඇත්තේ කෘත‍්‍රිම පෝෂණ කොටස් බව ඔවුන් නොදනී. කෘත‍්‍රීම පෝෂ්‍ය පදාර්ථ අපගේ සිරුර ස්වභාවයෙන්ම ප‍්‍රතික්ෂේප කරයි. ඒවායින් 15‍% ක පමණ ප‍්‍රමාණයක් අවසානයේ සිරුරට අවශෝෂනය වේ. ඒ ආකාරයෙන් සිදුවීමටද දරුවාගේ කුඩාන්ත‍්‍ර නිරොගී විය යුතුවේ. එසේ නොවුන හොත් එම ප‍්‍රමාණයද අවශෝෂනය කර ගැනීමට නොහැකි වේ. නමුත් වස විසෙන් තොර නිසි ආහාර වේලක් දරුවාට ලබා දීම මගින් මෙම තත්වය මනාව කළමණාකරණය කර ගත හැකිය. එහෙත් දැන් එයද ගැටලූක් වී ඇත. කඩෙන් ගන්නා හාල් වලද ඇත්තේ වස විෂ වේ. එළවලූ වලට කෘමිණාශක මිශ‍්‍ර වී ඇත. මේ නිසා අනාගත පරපුර මහත් ව්‍යසනයකට අත වනමින් සිටී. මේ නිසාම බාල පරම්පරාවේ අය විශාල මානසික සෞඛ්‍ය අව ප‍්‍රමාණය වීමක් පෙන්වයි.

මෙම තත්වය විද්‍යාත්මකව සොයා බැලීම තරමක් කාලොචිත යැයි මා සිතමි. අපගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනයක් (මේවා නියුරෝන හා සම්බන්ධව ක්‍රියාත්මක වන නිසා නියුරෝට්‍රාන්ස්මීටර්ස් ලෙස හදුන්වයි)  ඇත. මෙම හෝමෝනය නිසා අපගේ මානසික සතුට පවත්වා ගැනීමටත් ධනාත්මකව සිතීමටත් සමාජයේ බාධක අභිබවා ඉදිරියට යාමටත් අවශ්‍ය ශක්තිය ලැබේ. අපගේ ආහාර වේල තුල මෙම හෝමෝනය නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් නොමැතිනම් කුමක් සිදු විය හැකිද? මේ ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න. දරුවා අසතුටින් කාලය ගත නොකරයිද? දරුවා ඍනාත්මකව සිතීම වැලැකිවිය හැකිද? දරුවා මුලූගැන්වීම වැලැක්විය හැකිද? මෙම හෝමෝනය අඩු අය ඉතාමත් ලැජ්ජා සහගත අය වේ. එසේම සමාජයට එන්නට ප‍්‍රිය නොකරයි. අවසානයේ මෙම දරුවන් සමාජයෙන් කොන් වේ. වරද වූයේ කොතැනකදැයි දැන්වත් සිතා බැලීම සුදුසු නොවේද?

මෙම හෝමෝනය ඉකමනින් වර්ධනය කිරීමේ ක‍්‍රමෝපායන් කිහිපයක් ඇත. ඒ එක් ක‍්‍රමයක් හෝ මෙම දරුවාට යම් දවසක අත් විඳින්නට ලැබුනහොත් ඔහුට තමාගේ ජීවිත කාලය තුල අත්දකින්නට නොහැකි වූ සතුටක් අත්දකින්නට ලැබේ. එසේ සිදු වන්නේ අප පෙර කී ඩොපමින් නැමති හෝමෝනය බලහත්කාරයෙන් නිපදවීම නිසාය. අදාල පෝෂ්‍ය කොටස් අවශ්‍ය පමණට නොමැති වුවත් සිරුරේ වෙනත් කාර්‍යයන් සඳහා යොදා ගන්නා පෝෂ්‍ය කොටස් හෝ යොදාගෙන හෝ මෙම හෝමෝනය නිපදවීම සිදුවේ. මේ නිසා සිරුරේ වෙනත් කොටසක් දුර්වල වී හෝ අදාල සතුට දරුවාට ලැබේ. මෙම සතුට දනවන ක‍්‍රියාවන් වලට ඇබ්බැහි වීම් ලෙස හඳුවන් වයි. වීඩියෝ ගේම්, රූපවාහිනී වැඩසටහන්, යම් යම් පාන වර් ග වලට ඇබ්බැහි වීම්, දුම් පානය, මත් පැන් පානය, හෙරොයින් වලට ඇබ්බැහි වීම දක්වා මෙම තත්වය වර්ධනය විය හැකිය. තවත් අතකින් තම විරුද්ධ ලිංගිකයා වෙත වැඩි වශයෙන් සිත ඇදී යෑම දක්වා ද මෙම තත්වය පසු කාලීනව වර්ධනය වේ. මේ සියල්ලටම හේතුව ඩොපමින් නැමති හෝමෝනය සිරුරේ නොමැති වීමයි. ඇබ්බැහි වීම ගැන සම්පූර්ණ ලිපියක් අපගේ වෙබ් අඩවියේ ඇත. මෙම ලිපිය අවසානයේ එම ලිපියට අදාල ලින්ක් එකක් ඇති අතර ඒ මත ක්ලික් කර වැඩි විස්තර දැනගන්න.

යම් දිනක සිරුරේ ඩොපමින් සම්පූර්ණයෙන්ම නිපදවීමට නොහැකි තත්වයක් උද්ගත වේ. මෙම තත්වය නිසා අදාල පුද්ගලයා ඉතා දරුණු ලෙස රෝගී වන අතර මෙම රෝගය පාකින්සන් ලෙස හඳුන්වයි. පාකින්සන් රෝගය ගැන අප මෙහිදී වැඩි වශයෙන් කථා නොකරන අතර එය මෙම පෝෂණ ඌණතාවයේ අවසාන ඵලය ලෙස දැනගැනීම සුදුසුය.

ඔබගේ දරුවා අප ඉහත කී මොනයම් හෝ මානසික කායික තත්වයක් පෙන්වයි නම් අප කල යුතු වන්නේ මානසික වෛද්‍ය වරයෙක් හමු වීමට පෙර අදාල පෝෂණය ලබා දී දරුවාගේ සෞඛ්‍ය වර්ධණය කිරීමයි. මෙම ලිපිය ලියන මාගේ දරුවන් තුන්දෙනාම සිංගප්පූරුවේ ඉගෙන ගන්නා අතර සිංගප්පූරුවට යාමෙන් පසු ඔවුන් වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වන්නට ගත වූයේ ඉතාම සුලූ කාලයකි. මෙම තත්වයට හේතුව මා හොඳින්ම දන්නා නිසා ඇමෙරිකාවේ නිශ්පාදනයන් වන youngevity  නිශ්පාදන සහ සිංගප්පූරුවේ නිශ්පාදනය කරන Vitae Gene PPARs මාගේ දරුවන් තිදෙනාටම තරමක් දිගු කාලයක් ලබා දෙන්නට පියවර ගතිමි. ප‍්‍රතිඵලය අති විශිෂ්ඨය. දරුවන් තම අරමුණ කරා ඉතාමත් ශීඝ‍්‍රයෙන් ඇදී යන්නට විය. තිදෙනාම පාසලේ අති දක්ෂ සිසුවියන් විය. මොවුන් අතරින්ද දෙවැනි දරුවා හට පොතු කබර රෝගය වැළඳීම නිසා මෙම අතිරේක ආහාර වැඩි වශයෙන් භාවිතා කරන්නට සිදු විය. ප‍්‍රතිඵලය වූයේ කුමක්ද? වසර දෙකක් ඇතුලත පොතු කබර රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර ඇය පාසලේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස සම්මානයටද පාත‍්‍ර විය. විදෙස් රටකින් පැමිණි ශිෂ්‍යාවක් වූ ඇයට පාසලේ උප ප‍්‍රධාන ශිෂ්‍ය නායක ධූරය හිමිවිය. 

මා මෙහිදී සඳහන් කල අතිරේක ආහාර වල අපට නොලැබෙන සියලූම පෝෂ්‍ය කොටස් වලින් අනූනය. මේ හේතුව නිසා දරුවාගේ ඩොපමින් මට්ටම වර්ධනය විය. මේ නිසා ඇයගේ කාලය සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් සහ පාසලේ බාහිර ක‍්‍රියා කරකම් වෙනුවෙන් ගත කරන්නට ඇයට හැකි විය. කිසිදු අයුරකින් විඩියෝ ගේම් වැනි දේට ඉන් පසු ඇබ්බැහි නොවීය. ඇය අයි ෆෝන් වර්ගයේ දුරකථනයක් භාවිතා කලද එය අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමක් සිදු නොවීය. අනෙක් දරුවන් දෙදෙනාද මේ අයුරින්ම අධ්‍යාපන කටයුතු කරගෙන යයි. මේ නිසා මා හට මෙම දරුවන් ගැන කිසිදු සිත් තැවුලක් හෝ පසු තැවීමක් නැත. ඔවුන්ට අවශ්‍ය පෝෂණය සපයා මම පැත්තකට වී ලබා සිටින්නෙමි. ඉතිරි හරිය ඔවුන් තීරණය කරනු ඇත. මෙම අත්දැකීම ඔබගේ දරුවාටද ලබා දීමට මා කැමති නිසා මෙම ලිපිය ලියා තැබුවෙමි. වැඩි දුර විස්තර දැනගන්නට කැමති කෙනෙක් සිටීනම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.  0713503450

අපි අපගේ අනාගත පරපුර නිසි ලෙස සමාජයට හුරු කල යුතුය. ඊට අවශ්‍ය කායික පසුබිම සකස් කිරීම දෙමව්පියන් වන අපගේ වගකීමයි.

මාගේ තවත් එක් අත්දැකීමක් ඔබ හමුවේ තබා මෙම ලිපිය අවසන් කිරීමට සිතීමි. එය මාගේ අත්දැකීමකි. 2015 සිංගප්පූරුවේ පැවති අවුරුදු උත්සවයේදී මා හටද ගීතයක් ගායනා කිරීමට සිදුවිය. අදාල දිනයට පෙර දිනයේදී පෙර හුරුවක් පැවති අතර ශාලාවේ 100 ක පමණ පිරිසක් සිටියා. මා හට මේ පිරිස ඉදිරියේ ගායනා කිරීම මහත් අභියෝගයක් වූවා. සබකෝලය මාව යටපත් කොට ඇති බව මා හට සිතුනා. ඊට හේතුව ඩොපමින් නැමති හෝමෝනය නොමැති වීම බව හොඳින්ම දන්නා මා විසින් සිදු කලේ විටායිජීන් ග‍්‍රෑම් 4 ක් පසුදා උදේම පානය කිරීමයි. එදින මා ගීතය ගායනා කලේ කිසිදු මානසික බාධාවකින් තොරවය. ඇත්තටම එය සාර්ථක විය. මෙම තත්වය වැටහෙන්නට තවත් උදාහරණයක් මා කියන්නම්. සංගීත සංදර්ශණයකට සහභාගි වන ගායකයන් මත්පැන් බී වේදිකාවට නගින බව ඔබ සමහර විට අසා ඇති. තවත් සමහර අය ගංජා වැනි මත් ද්‍රව්‍ය භාවිතා කරයි. මේ සියලූම ක‍්‍රම වලින් සිදු වන්නේ ඩොපමින් වැඩි වීමයි. අප සමාජයේ මත් පැන් බී වෙරි වෙන කෙනාට ඩෝප් යැයි ආමන්ත‍්‍රනය කරන්නේ මෙම හෝමෝනයේ නම ඩොපමින් නිසාය.

අප ඉහත දැක්වූ අතිරේක ආහාර වල විස්තර පහත දක්වා ඇත. ඔබටත් මෙම අතිරේක ආහාර අවශ්‍ය නම් අපට මග පෙන්විය හැකිය. පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න. මෙම වෙබ් අඩවියේ ඇති අනෙකුත් ලිපි කියවා බලා දැනුවත් වන්න. දරුවන් නිරොගීව තබා ගන්නට අවශ්‍ය පියවර ගන්න.

මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621

email : [email protected]

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana

Home