ඔබගේත් කාටිලේජ ගෙවිලද?


ඔබ සිතන්නේ ඔබ ගේ ශරීරයේ අස්ථි එක් වන තැන තියෙන කාටිලේජ උපතින්ම ඔබ ගෙනාපු ටික කියලාද? ඒක ගෙවිලා ගියහම අළුත් කාටිලේජයක් පිටතින් බද්ධ කරන මානසිකත්වය ඔබට ආවේ කොහෙන්ද? අපගේ සිරුරේ ගෙවෙන්නේ කාටිලේජ විතරද? අනෙක් කොටස් වැය වෙන්නේ නැද්ද? අපි උපදින්නටත් පෙර සිට මැරෙන තුරාවට ක්‍රියාත්මක වන හෘදය මාංශ ගෙවෙන්නේ නැද්ද? එතකොට පෙලහළු සහ මහා ප්‍රාචීරය. මේ විදිහට ගත්තම සිරුරේ කොටස් ගෙවිලා තමයි මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ. අපි මේ ගැන ටිකක් සොයා බලමු.
අපි මවුකුසයේ සිටන විට අපේ සිරුරට අවශ්‍ය සියලුම පෝෂණය ලබා දුන්නේ මවගේ සිරුරෙන්. අම්මා තමයි අපිවෙනුවෙන් කෑවේ. අම්මා හරියට කෑවේ නැත්නම් ප්ලැස්ටා සෛල දන්නවා අවශ්‍ය පෝෂණය මවගේ සිරුරෙන් උරාගෙන පෙකෙනි වැල හරහා දරුවාට ලබා දෙන්න. ඒ කියන්නේ නිරන්තරයෙන්ම දරුවාට මව් කුස තුල සිටින විට පෝෂණය ලැබෙනවා. ගැටලුව වෙන්නේ ඉපදුනාට පස්සේ. ඒත් මව් කිරිවලින් මේ පෝෂණය නැවතත් ලබා දෙන්නට තරම් අම්මා පොහොසත්. ප්‍රශ්නය පටන් ගන්නේ මව්කිරි නතරකරපු දා පටන්. එළදෙන තම පැටියාට පොවන කිරි වලින් පෝෂණය ලබාගන්නට දරුවාට සිදු වෙනවා. මේ කියවන ඔබත් ඒ දේව සිදු කලා සහ සිදු කරනවා.
ටික කලක් යනවිට දරුවා රස සොයන්නට පටන් ගන්නවා. ගැඹුරුතෙලේ බැදපු කෑම ක්ෂණික කෑම වර්ග, ෆ්‍රයිඩ් රයිස් මැක්ඩොනල්ඩ්, කේ එෆ් සී. මේවා තමයි දැන් දරුවාගේ ආසාව. අම්මලත් ඉතිං පොඩි එකානේ කියලා මේවා දෙනවා. අනේ අර මව් කිරි ටිකේ තිබුනු පෝෂණය නැතිවෙලා කාලයක් යනවිට කිසිම පෝෂණයක් නැති කෑම පිලිවෙලකට දරුවා හැඩ ගැහෙනවා. පාසල් යන කාලය වෙන විට චූංපාං මාමා දරුවාගේ පෝෂණ ඌණතා සපුරාලන්නට පාන්දරම ගෙදරට එනවා. දැන් දරුවාගේ අනාගතය කෙසේ වෙිවිද, දරුවා පහේ ශිෂ්‍යත්වයට දක්කන්නේ හරක් දක්කනවාටත් වඩා අකාරුණික ලීලාවකින්. දරුවාට ඉගෙන ගන්නට අවශ්‍ය පෝෂණ පසුබිමක් තියෙනවා කියලා කිසිම අම්මා කෙනෙක් සිතුවාද? දැන් දරුවා ක්‍රිකට් ගහන්න දක්කනවා. මොකද සිලෝන් ටීම් එකට ගස්සන්න. වැරදියි කියනවා නෙවෙයි. මේවා කරන්න දරුවාට ශාරීරික ශක්තිය අවශ්‍ය වෙනවා. ඒක ගැනයි මම මේ කතා කරන්නේ.
පාං පෙත්ත කාලා දවස ගෙවන අය තමයි වැඩිහරියක් ඉන්නේ. ඒ මුදල් නැති කම නිසා නෙවෙයි. නොදන්නා කම නිසා. පාන් පිටි වල ඇත ග්ලූටන් බඩවැල් වල අංගුලිකා විනාශ කරන්නේ අකාරුණික ලෙසයි. මේ නිසා පෝෂණය ගන්න ටිකත් දරුවාට අවශෝෂණය කරගන්නට බැරි වෙනවා. ඉතිං දරුවා එන්න එන්නම දුර්වල වෙනවා. පෝෂණය අඩු දරුවා කිසිම බියක් නිතිව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන බව හොදින් මතක තබා ගන්න. මේ ලගදී කෑගල්ල ප්‍රෙද්ශයේ තබූ රැස්වීමකදීත් එහි සිටි පොලිස් නිලධාරී මහතාට ප්‍රසිද්ධියේ කිව්වා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් නෙවෙයි මේ දරුවන්ට කන්න දෙන්නේ නැති අම්මලා ටිකට විරුද්ධව නඩු දාන්න කියලා. ඒක කෙතරම් ප්‍රාෙයා්ගිකදැයි මම දන්නේ නැහැ. එත් ඇත්ත මේකයි.
අපේ සිරුරේ එදිනෙදා ගෙවෙන, වැයවෙන, මැරෙන සෛල තියෙනවා. සාමාන්‍යෙයන් එක් එක් සෛල වර්ගයක ජීවන කාලයක් තියෙනවා. අපගේ අස්ථි පද්ධතිය සහ සම්බන්ධක පටක වලටද මේ වගේම ජීවිත කාලයක් තියෙනවා. මේ කාලය තුල මෙම සෛල මරණයට පත්වෙලා නැවතඅළුත් සෛල නිර්මානය වෙනවා. සාමාන්‍යෙයන් කාටිලේජ සහ අස්ථි වසරකට 10% ක් පමණ මෙසේ අළුතෙන් නිර්මානයවෙනවා. මේක එක දිනකදී සිදු වෙන දෙයක් නෙවෙයි. දෛනික ක්‍රියාවලියක් . එසේ නම් මේ ගෙවෙනවා කියන්නේ මොනවාද? මරණයට පත් වන සෛල වෙනුවට අළුත් සෛල නිපදවන්නට අපගේ සිරුර අපොහොසත් කියන එක නේද? එසේ නම් අපි කරන්නට තියෙන්නේ මේ ක්‍රියාවලිය පණ ගහලා ගන්න එක නේද? නැතිව කෘතිම කාටිලේජයක් සවි කරන එකද? ඔබම ඔබගේම නුවණින් විමසා බලන්න.
කාටිලේජ නිර්මානය වෙලා තියෙන්නේ Chondrocytes කියන සෛල වලින්.මෙම සෛල නිශ්පාදය උත්තේජනය කරනවා Growth hormone නම් හෝමෝනය විසින්. මෙම හෝමෝනය නිපදවීම අවුරුදු 30 න් පසු ටිකෙන් ටික දුර්වල වෙනවා. මේ නිසාම කාටිලේජ නිශ්පාදනය ටික ටික නතර වෙනවා. මේ විදිහට තමයි කාටිලේජ ගෙවෙනවා කියන සංකල්පය ගොඩ නැගෙන්නේ. ඇත්තටම සිදුවෙලා තියෙන්නේ කුමක්ද? අක්මාවට මෙම Chondrocytes නිපදවාගන්නට බැරිවෙලා තියෙන්නේ. මේ තත්වය මග හරවා ගන්නට අපිට පරිසරය මගින් උදව් කරනවා. ඒ තමයි Growth hormone එකටම සමාන හෝමෝනයක් ශාඛ පත්‍ර වල තියෙනවා. එයට අපි Chlorella Growth Factor ( CGF ) කියලා කියනවා. CGF Growth hormone ආකාරයටම අපගේ සිරුරේ ක්‍රියාත්මක වෙලා අක්මාව උත්තේජනය කරලා Chondrocytes නිශ්පාදනයත් රුධිරයේ යම් අවස්ථාවක ග්ලූකෝස්මට්ටම අඩු වුවහොත් එය පාලනය කරගත හැකි Insulin Growth Factor ( IGF 1) නිපදවන්නට අවශ්‍ය උත්තේජනය ලබා දෙනවා. අම්මේ තාත්තේ චූං පාං මාමා ලග මේවා නැහැ. ටිකක් හිතලා බලලා වැඩ කරන්න. ඔබ ආදරය කරන දරුවාට ඔබම ආදරයෙන් වහ කවන බව ඔබ දන්නේ නැහැ.
දැන් කෙසේ හෝ මේ විදිහටයි කාටිලේජ දුර්වල වෙන්නේ. අපි කරන්න තියෙන්නේ Chlorella Growth Factor ( CGF ) වැඩි ආහාර සොයා ගන්න එකයි. මේවා කොළ වර්ග වල ඇති අතර ලොව වැඩියෙන්ම ඇත්තේ Chlorella Sorokiniana නම් ඇලිගී වර්ගයේ බව සොයා ගෙන ඇත. මෙම ඇලිගී වර්ගයේ නමින්ම එය පෙනෙනවා.
මීට අමතරව කෙනෙක් යම් ක්‍රමයක් කාටිලේජ ගෙවෙන එකට යෝජනා කරනවා නම් එය තාවකාලික විසදුමක් පමණක් බව මතක තබා ගන්න. නමුත් ඉස්සර අපේ ආච්චිලා සීයලා අවුරුදු 100 ක්විතර පයින් ගමන් කලේ මේ ආහාර රටාව නිසාබව මතක තබා ගන්න. දෛනිකව කොල වර්ගයක් අනිවාර්‍යෙයන් ගෙදර තිබිය යුතුය. එහෙත් දැන් කොළවලට වස ගහන හැටියට ඒකත් ප්‍රශ්නයක් වෙලා. ගෙදර කොළවර්ග ටිකක් වවා ගන්න එකයි කරන්න තියෙන්නේ. ටිකක් මහන්සි වෙන්න වෙයි.
ඒ වගේම අක්මාවට වද දෙන එක නවත්වන්න වෙනවා. අක්මාවට වද දෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ මම කියන්න අවශ්‍ය නැහැ. අක්මාවට තම විශ හරනය කරගන්නට අඩු ගානනෙ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය ගැඹුරු නින්දකට අප යා යුතුය. එසේ නොවුන හොත් අපි මේ කතා කල කිසිම දෙයකින් වැඩක් ගන්නට බැරි වේවි. අපි කන විශත් එක්ක මහා යුද්ධයක් අක්මාව කරන බවඅපි දන්නේ නැහැ. එසේම මත්පැන් වලින් කරන විනාශය අපිට පෙනෙන්නේ නැහැ. මේවා ගැන නැවත නැවත සිතා බලා තම දු දරුවන්ගේ අනාගතය නිරෝගි මත් කරන්නට පෙල ගැසෙන්න. ඔබට යම් කරුණක් අසන්නට ඇත්නම් වට්ස් ඇප් හේ මැසෙන්ජර් භාවිතා කලාට කමක් නැහැ.
ඉහත කරුණු වලින් යම් දැනුමක් ලැබුනා නම් තවත් කෙනෙකු දැනුවත් කරන්නට අවශ්‍ය පසුබිම සදන්න. ෂෙයාර් කරන්න.තවත් කෙනෙකුගේ දාහයක් නිවන්නට ඔබ දරන වෙහෙස ඔබගේ දාහය නිවාලන්නට හේතු වන බව සිතන්න.
වැඩි විස්තර කතා කරන්නට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෘප් එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/C5s9o2h6Ob68aaiaXWJNHZ
‍මෙත් සිතිනි…!!