ඔටෝ ඉමියුන් ඩිසීස්. (ලූපස්, රුමෙටොයිඩ් ආතරයිටිස් ආදී රෝග)


අපි මින් පෙර ඔස්ටියෝ ආතරයිටිස් ගැනකතා කලා. බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා රුමෙටොයිඩ් ආතරයිටීස් ගැන කතා කරන්න කියලා. රුමෙටොයිඩ් ආතරයිටිස් ගැනෙන්නේ ඔටෝ ඉමියුන් රෝගයක් ලෙසයි. ඒ කියන්නේ තමාගේම ප්‍රතිශක්ති කරන පද්ධතිය තමාගේම නිරෝගී සෛල විනාශ කරන රෝගයක් ලෙසයි වර්ග කරලා තියෙන්නේ.
ඇත්තටම මෙහෙම දෙයක් වෙන්නට පුලුවන්ද?
අපගේ ශරීරය තරම් සංකීර්ණ පරිඝණකයක් තවමත් විද්‍යාඥයන්ට හදන්න බැරිවෙලා තියෙනවා. ඉදිරියේදී එන්නෙත් නැහැ. අපිට වැඩක් නැති කොටසක් කියලා උණ්ඩුක පුච්ඡය ඉවත් කරන වෛද්‍ය විද්‍යාවක් නිගමනය කරනවා අපේ ශරීරයේ නිපදවනවලු අපේ නිරෝගී සෛල විනාශ කරන තවත් සෛල විශේෂයක්. ඒ නිසා මේක සුව කරන්නට නොහැකි රෝග වර්ගයක් ලෙසට ගැනෙනවා.
අපි හෝලිස්ටික් වෛද්‍ය විද්‍යාව අදහන අය විදිහට මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. අපි සැම විටම එසේ වෙනවා නම් ඊට හේතුවක් සොයනවා. අපි දන්න හේතුවට පිලියම් කල පසු මෙම රෝගීන් සුවපත් වන බවත් අපි දැක තිබෙනවා. ඕනෑම කෙනෙකුට මෙම ක්‍රමවේද අත් හදා බැලිය හැකියි. අපි බලමු මොනවාද මේ කියන හේතු කියලා.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අපේ සමහර සෛල වලට එරෙහිව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවනවා. මෙම ප්‍රතිදේහ යම් රෝගියෙකුගේ රුධිරයේ දිස් වුනෝතින් ඒ රෝගියාට මෙම ඔටෝ ඉමියුන් රෝගය වැලදී ඇති බව තීරණය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරන ස්ටෙරොයිඩ් වර්ගයේ ඔසු නියම කරනවා. රෝගියාටද යම් සහනයක් ලැබෙනවා. ඉවසගන්න බැරි වේදනාවක් තාවකාලිකව හෝ යටපත් කරීමට හැකි ඔසුවක් යනු රෝගීයාට ඉමහත් අස්වැසිල්ලකි. නමුත් රෝගියාද මේ බෙහෙත් බොන්නේ මෙමගින් මට සුව වන්නේ නැහැ කියන සිතිවිල්ලත් සමගමය. මේ නිසාම රෝගය සුව වන්නට හේතු සකස් වෙන්නේ නැහැ. ඔබට යම් පිලිතුරක් ලැබුනත් එය බාරගන්නට ඔබගේ මනස ඉඩ දෙන්නේ නැහැ.
ඔබ දැක තබෙනවාද සතෙකුගේ මළකුණක් පාර අයිනේ තියෙනවා. අපි හිතමු සතියක් විතර යනවිට මේක අයින් කරලා නැත්නම් නහය වහගෙන තමයි එතනින් යන්න වෙන්නේ. අර මළ කුණට දැන් පණුවන් ගහලා සිලි සිලි ගාල දගලනවා. තව් ටික දවසක් යන විට මස් නැහැ. හම තියෙනවා පේනෙනවා. මෙි විදිහට මාස තුනක් විතර යනවිට ඇටකටු ටික විතරක් තියෙනවා. තවත් කාලයක් යන විට මේකත් නැති වෙලා යන ක්‍රමයක් තමයි ලෝකයේ තියෙන්නේ. සොබා දහම විසින් පරිසරයේ මරුණු කොටස් ඉවත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සදහා පණුවන්, බැක්ටිරියා, වෛරස්, දිලිර වගේ එවා භාවිතා වෙනවා. දැන් මේක කොහොමද ඔටෝ ඉමියුන් තත්වයන් එක්ක ගලපන්නේ. අපගේ ශරිරයේද සෛල මරණයට පත්වෙන්නට හේතු තියෙනවා. උදාහරණ්‍යක් ලෙස බැක්ටිරියාවක් ඇගට ඇතුලු වුවහොත් ඒ බැක්ටීරියාව විනාශ කරන්නට අපගේ ශරිරයේ ප්‍රතිදේහ නිපදවනවා. ප්‍රති දේහ වලට පුලුවන් අර බැක්ටිරියාව විනාශ කරන්න. එසේම මෙවැනි බැක්ටිරියාවක් සමග විශාල සටනක් කිරීමෙන් පසු අපගේ ශරීරයේ සෛල සහ අර බැකිටිරියා සෛල මිලියන ගානක් අප ශරිරය තුල මරණයට පත්වෙලා ඉතිරි වෙනවා. මේවාද ශරීරයෙන් ඉවත් කල යුතු වෙනවා. ප්‍රතිදේහ වල කාර්‍ය භාරය අවසන් වන්නේ ඒවාද ඉවත් කල පසුවයි.
දැන් අපිට තේරෙන්න ඕනි යම් සෛලයක් අප ගේ සිරුරේ මරණයට පත් වෙනවා නම් ඒ සෛලද අර පාර අයිනේ තිබුන මළකුන සොබා දහම ඉවත් කරනවා වගේ සිරුරෙන් බැහැර කරන්නට යම් ක්‍රමවේදයක් තිබිය යුතු වෙනවා.අන්න ඒ ක්‍රමය තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලවා මේ දේ කරගනීම. ඉතිං මේ වගේ අවස්ථාවක රුධිර සාම්පලයක් චෙක් කලොත් අර කියපු ප්‍රතිදේහ වැඩියි කියලා පේනවා. ඒකට කියන්නේ Rh Factor එක වැඩියි කියලා. අපි මේ මොකක්ද කියලා දන්නෙත් නැහැ රිපෝට් එකේ තියෙනවා දැන් ඉතිං මම සදාගාලික ලෙඩෙක් කියලා සංඥාවක් මොලේට දාගෙන තැවෙනවා. මේ සංඥාවත් එක්ක කොහොමත් ලෙඩක් සුව වෙන්නේ නැහැ. ඔබ එන්න එන්නම ආගාදෙටම යනවා.
දැන් හිතලා බලන්න අර මළකුණ ඉවත් කරන්නට එන ප්‍රතිදේහ නිපදවීම තමයි ස්ටෙරොයිඩ් දීලා නවත්වන්නේ. අදාල තැන තියෙන සෛල ටිකක් අරං චෙක් කලොත් ඒවාද මැරුනු හෝ මරනයට පත්වෙමින් පවතින සෛල. මේ අනුව නිගමනයකට එනවා ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින් මේ ස්ථානයේ සෛල කාදමන ඇන්ඩිබොඩි එකක් හදලා තියෙනවා, වහාම ප්‍රතිශක්තිය දුර්වල කල යුතුයි කියලා. ඔබම කල්පනා කරලා බලන්න කෙතරම් ඥානාන්විතද කියලා එකපාරටම මේ විදිහට හිතන එක.
උදාහරණයක් ලෙස තෛරොයිඩ් ග්‍රන්ථියේ යම් ගැටලුවක් නිසා පරීක්ෂනයක් කරනවිට එක් පරීක්ෂණයක් කරනවා ප්‍රතිදේහ තියෙනවාද කියලා බලන්න. ප්‍රතිදේහ නැතිනම් ගැටලුවක් නැහැ. තිබුනොත් බෙල්ල හිල් කරලා තෛරොයිඩ් ග්‍රන්ථියෙන් කෑල්ලක් අරං බලනවා සෛල හොදින්ද කියලා. යම් හෙයකින් එම සෛල මරණයටපත්වලො හෝ මරණයට පත්වෙමින් හෝ පැවතුනහොත් ඇතිවන තත්වය ගැන දැන් ඔබ දන්නවා. අන්තිමේට වෙන්නේ තෛරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරලා දාන එකයි.
‍හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම වලට අනුව මෙම සෛල මරණයට පත්වෙන්නට හේතු කිහිපයක් තියෙනවා.

සෛල වලට නිසි පෝෂනය නොලැබීම
‍රෝගියා ගේ මානසිකත්වය.
‍‍රෝගියා ගන්නා ආහාර වල ඇති වස විස‍‍
‍රෝගියාගේ අක්මාවේ තත්වය
රුධිරයේ ආම්ලික තාවය.
වෛරස් සහ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවි ප්‍රහාර

‍මෙන්න මේ කාරණා ගැන සිතා බලා යම් වරදක් ඇත්නම් මුලින්ම එය නිවැරදි කල යුතු වෙනවා. අපි මේ කාරණා එකිනෙක ගෙන බලමු.
මෙවැනි රෝගියෙක් නිවසේ සිටනවා නම් අපි මුලින්ම පහත දැක්වෙන ආහාර රටා ගැන සිතා බැලිය යුතු වෙනවා.
මුලින්ම ආහාර වේල නිසිලෙස සකසා ගන්න. මෙවැනි රෝගියෙක් නිවසේ සිටිනවා නම් මුලින්ම කරන්න ඕනි වහ කන්න දෙන එක නවත්වන එක. සෝඩා ජාති බොන එක නවත්වන එක. කෘතිම ආහාර නව්ත්වන එක හැකි උපරිම ආකාරයට වස විස රහිත ආහාර නිවසට ගේන එක. කඩවල් වලින් කන එක නවත්වන එක. පාන් පිටි සම්පූර්ණයෙන් නවත්වන එක. පිටිකිරි බොන එක නවත්වන එක. මේවා සිදු කරන ගමන් තමයි බෙහෙතක් ගන්න යන්නඕනි. නැත්නම් කාලය සහ ධනය දෙකම අපතේ යනවා.
සෛල වර්ධණයට පහත සදහන් දේවල් දෛිකව දිය යුතු වෙනවා. අපි මේ පිටින් දෙන්නට අවශ්‍ය දේවල් වලට කියන්නේ නොවා කියලා ( NOWA)

Nutrition
Oxygen
Water
Antioxidants

මේ හතර අපිට දෛනිකව ලබා දෙන්නට හැකිනම් පලමු බාධකය අපි ජය ගත්තා වෙනවා. Nutrition ගැන කතා කරනවිට අපි කොටස් 91 ක් ගැන කතා කරනවා. මේවායින් 90 ක්ම අපට ශරීරය තුල නිපදවන්නට නොහැකි ඒවා. මෙම අනුව කොටස් 4 කින් සමන්විතයි. ඉන්ද 1/3 ක් ම ඇත්තේ මහ පොලොවෙන් ලබාගත යුතු දේවල් ඒ කියන්නේ මිනරල්වර්ග අනෙක් කොටස් නම් විටමන්, ඇමයිනෝ අම්ල සහ මේද අම්ල වේ. ඒවා පහත ආකාරායෙන් වේ.

Mineral 60
vitamins 16
Amino acid 12
fatty acids 3

සියල්ල එකතුව 91
‍මේ 91ක් අපේ ශරිරයේ යම් ප්‍රමාණයක් හෝ නිපදවන්නට හැකි වන්නේ ඔමේගා 9 පමණි. ඉතිරි 90 ම පිටතින් ලබා ගත යුතුවේ. එසේ නොමැති වුවහොත් ශරීරයේ යම් කොටසකට යම් හානියක් විය හැකිය. එය දීර්ඝ කාලීනව සිදු වීම නිසා සෛල මරණ්‍යට පත්වේ.
Oxygen නැතිව ජීව්ත් විය හැක්කේ විනාඩි කිහිපයක් පමණි. ජලය නැතිව ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණි. නමුත් Antioxidants නැතිනම් ප්‍රතිඔක්සිකාරක නැතිව ටික කලක් ජීවත් විය හැකිය. ප්‍රති ඔක්සිකාරක යම් ප්‍රමාණ්‍යක් ශරීරයේ නිපදවීම ඊට හේතුවයි. එහෙත් යම් සීමාවන් වලට යටත්වය.
කෙසේ හෝ මේ හතර ආකාරයේ ඌණතාවයන් නිසා දේහ සෛල මරණයට පත්වේ. දැන් මෙසේ මරණයට පත්වන සෛල සිරුරෙන් බැරහර කිරීමේ ක්‍රියාවලිය ඇරඹිය යුතුය. එය බාර වන්නේද ප්‍රතිශක්ති කරන පද්ධතියටම වීම නිසාම මේ පටලැවිල්ල ඇතවී ඇත. හේතුව නොදැක ඵලය පසුපස ගොස් තිරණ ගැනීමේ ප්‍රතිඵළයක් ලෙසට සුව කල නොහැකි යැයි සම්මත රෝග කොටසක් ලෙස මෙම රෝග සමාජගත වී ඇත.
දැන් බලමු රොගියාගේ මානසිකත්වය මෙයට පලපාන්නේ කෙසේද කියා.
ඔබ දන්නවද ඔය යම් කෙනෙකුට වෛර කරන විටම මුලින්ම තමන්ගේ ඇගේ ලේ රත්වෙන බව..මොකක්ද මේ කියන්නේ. ඔබ යම් කෙනෙකුට වෛර කරන සිතිවිල්ලක් ආපු විගසම අපගේ ලේ විෂ වෙනවා. මේ නිසා විෂ සහිත රුධිරය තමයි දැන් සෛල වලට අවශ්‍ය පෝෂණය ගෙනියන්නේ. හරියට විෂ රසායන ගෙනියන ලොරියක කෑම පටවගෙන යවා වගේ වැඩක්. මේක ගැලපෙන්නේ නැහැ. ඒත් එය එසේ වෙනවා අපගේ ශරිරය ඇතුලෙම. ඊර්ෂ්‍යාව, කෝ‍රාධය වෛරය වගේ ඍණාත්මක මානසිකත්වය ඇති අයගේ ඒ විෂ නිසාම සෛල වලට හානි වෙනවා. මේ නිසා ඉහත අප කතා කල ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එම ප්‍රතිඵලයම අත් වෙනවා.
‍රොගියා ගන්නා ආහාර වල වස විෂ සහ වෙනත් ඖෂද නිසා අක්මාවට හානි විය හැකියි. අක්මාවට හානි වුවහොත් අක්මාව මගින් සිදු කරන විශ හරණ ක්‍රියාවලිය සිදුකරගන්නට නොහැකි වනු ඇත. එවිට සිදු වන්නේ එම විෂ රුධිරයට එක් වීමයි. මේ නිසාද අවසානයේ දේහ සෛල මරන්‍යට පත්වේ. ඉහත ආකාරයටම අදාල ක්‍රියාවලි සිදුවේ.
ඉතාමත් වැදගත් කාරණයක් නම් රුධීරයේ නිසි භාෂ්මිකතාව පවත්වා ගැනීමයි. එය දශම දෙකකින් පහත වැටුනහොත් කෝමා තත්වයක් හෝ මරණය ඇතිවිය හැකිය. එවිට ඔටෝ ඉමියුන් තත්වයන්ට මුහුන දීමට රෝගියා ජීවත් වන්නේ නැත. නමුත් රුධීරයේ භාෂ්මික තාවය පවවත්වාගෙන යෑම ඉතාමත් වැදගත්වේ.
දැන් සියලු ඔටෝ ඉමියුන් රොගී තත්වයන්ට හේතු වන කාරණා අපි කතා කර අවසන්. ඔබට ඇත්තේ ලූපස්ද, හෂිමෝටෝ තෛරොයිඩ් ගැටලුවක්ද, දියවැඩියාව පලමු වර්ගයද, රුමෙටොයිඩ් ආතරයිටිස්ද කියා වර්ග කරන්නේ නැතුව මුලින්ම අදාල ඌණතා සම්පූර්න කරගන්න. එවිට මෙම තත්වයන් සමනයකට පත් වෙනු ඇත.
‍හෙළ වෙදකම හරහාද මෙම රොගී තත්වයන් සුව වන අතර රෝගියාගේ මානසික තත්වයන්, ආහාර රටා අනුව සුව විමේ වේගය අඩු වැඩි වේ.
‍මේ අකාරයට ඔටෝ ඉමියුන් තත්වයන් සුවපත් වන බව අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ඔබ ඒ බව පිලිගන්න හෝ නොගන්නට හැකිය. නමුත් මා ඉහත දැක්වූ කරුණු කාරණා ගැන සැලකිලිමත් වන්නේ නම් ඔබට මෙවැනි රෝගයක් හැදෙන්නේ නැතිව සිටින්නට හැකි බව පමණක් පසක් කරන්නට කැමැත්තෙමි.

ඔබට මෙම ලිපිය වැදගත් වූවානම් තවත් කෙනෙකුට දැකගන්නට හැකිවන ලෙසට ෂෙයාර් කරන්න. මා සමග පුද්ගලිකව සම්බන්ධවන්නට නම් පහත ලින්ක් එක හරහා Telegram app එක ඩවුන්ලෝඩ් කරගෙන සම්බන්ධ වන්න.
https://t.me/nayana
පහත දැක්වෙන විඩියෝද නරඹා දැනුම ලබා ගන්න.

තවත් කෙනෙකුට නිරෝගි කම දායාද කරන්න ෂෙයාර් කරන්න. එය තවත් දහස් ගණනකට සේවයක් වෙයි.
නිරෝගීව සිටින්නට කැමති නම් නිරෝ්ගි කම දන් දෙන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112603707