ආතරයිටිස්…….
මම මෙවැනි ලිපි වලින් බලාපොරොත්තු වෙන්නේ ඔබ සිටින වැරදි මතයෙන් ඔබව මුදවාලන්නයි. ඔබට එය වැටහුනානම් තව කෙනෙක් දැනුවත් කරන්න. ෂෙයාර් කර මතයක් ගොඩ නගන්නට උර දෙන්න. අද දවසේ තව කෙනෙකුට සේවයක් කලා කියා සැනසෙන්නට හැකිවේවි…….
මොකක්ද මේ ආතරයිටිස් කියන්නේ. සිංහලෙන් නම් හන්දිපත් රුදාව කියනවා. රුදාව කියන්නෙ වේදනාව කියන එකටනේ. ආතරයිටිස් කියන වචනය හැදිලා තියෙන්නේත් මේ වගේම වචන දෙකක් එකතු වෙලාම තමයි. ඒ ලතින් භාෂාවෙන්.
Arthro = Joint = සන්ධිItis = Inflammation = ප්‍රදාහය
මේ විදිහට බැලුවම සන්ධි ප්‍රදාහය කිව්වත් හරි.
බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් මේ රෝගයට කරන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා.
- Pain Killers.2. Anti-inflammatory drugs3. Surgery.
මේ ආකාරයට සුවවී යම් කලක් ගතවූවිට විට නැවත එම තත්වය උද්ගත වුව හොත් එවිට දෙන්නට ඇත්තේ තවත් ප්‍රතිකාර තුනක් ඇත. ඒවානම් - Pain Killers.5. Anti-inflammatory drugs6. Surgery.
ආ ඒවමයි නේද? කමක් නැහැ. වේදනාව අඩුවෙනවානේ.
මේ අනුව රොගියාගේ ප්‍රදාහය කළමනාකරණය කරන ක්‍රමයක් තමයි බටහිර වෛද්‍ය ක්රමයේ තියෙන්නේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගය සුව කල නොහැකි බවත් කලමණාකරනය කල හැකි බවත් පවසනවා. නමුත් හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම වලට අනුව මෙම රෝගය සුව කල හැකිය. ඒ සදහා ස්වභාවික ක්‍රමවේද ගණනාවක් ඇත.
මෙම ලිපිය ඉතාමත් ඉවසීමෙන් කියවා තම රෝගී තත්වය සුවපත් කරගන්නට පාර එලි පෙහෙලි කරගන්නා ලෙසට මම මේ කියවන ඔබගෙන් මුලින්ම ඉල්ලා සිටිමි.
ආතරයිටිස් වර්ග ගණනාවක් ඇත.ඔස්ටියෝ ආතරයිටිස්
රුමෙටොයිඩ් ආතරයිටිස්
ගවුට්
සොරයිටික් ආතරයිටිස්
ටෘමැටික් ආතරයිටිස් ආදී වශයෙනි.
නම කුමක් වුවත් අවසානයේ මේ වේදනාවට හේතුව පෝෂණ ඌණතාවයකි. අපි ඊට පිලියම් යෙදීමෙන් අදාල තත්වය පහව යයි. මෙය ජාන වල බලපෑමකින් ඇති වන එකක් ලෙසට බොහෝ දෙනෙක් තුල කුකුසක් ඇත. අපි ඒ ගැනත් ටිකක් සොයා බලමු. අපිට දත්ත ගන්නට වෙන්නේ අපිට බෙහෙත් විකුණන අයගෙන්ම වීම සරදමට කුරුණක් වගේ තමයි දැනෙන්නේ. කෙසේ වෙතත් අපිට දත්ත ගන්න වෙන්නේ ඇමෙරිකාවෙන්. මෙකද අපිට ලංකාවේ දත්ත ගන්න ක්‍රමයක් නැති නිසා.
ඇමෙරිකාවේ මේ වන විට ආතරයිටිස් රෝගීන් මිලියන 46 ක් සිටිනවා. ඔවුන් 2030 වන විට වයස 18 ට වැඩි ජනතාවගෙන් මිලියන 67 කට ආතරයිටිස් රෝගීන් බව පුරෝකතනය කර තිබෙනවා. ඒ කියන්නේ වයස 65 වන විට ඇමෙරිකාවේ මුළු ජනතාවගෙන් 65% කට ආතරයිටිස් තියෙනවා. මේක දිට්ඨදම්ම වේදනීය කර්මයක්ද මන්දා.
කොහොම වුනත් ආතරයිටිස් තත්වය එන්න එන්නම වැඩිවන බව නම් සැබෑය. එය දැන් අපිටත් එලි පිටම පෙනෙන්නට තිබේ. චාල්ස් ඩාවින් කියපු විදිහට නම් ජාන ගතව එන පරිසරයට නෙැගැලපෙන ජාන ටිකෙන් ටික අපෙන් ඉවත් වෙනවා. නමුත් දැන් වෙන්නේ අනෙක් පැත්ත. ඒ කියන්නේ මේක ජාන වලින් එන රෝගයක් නොවෙයි. නැතිනම් චාල්ස් ඩාවින් කියලා තියෙන්නේ බොරු. මේ දෙකෙන් එකක් විය යුතුයි. කුමක් හරි දැයි ඔබලාම තීරණය කරන්න.
ආතරයිටිස් තියෙන අය කියන කතාවක් තමයි මම ගොඩක් වෙලා හිටගෙන ඉන්නවා අනේ ඒ නිසා මට ආතරයිටිස්. මගේ ඇගත් බරයිනේ.. හරි වැඩේ තමයි. දැන් ඉතිං ලෝකේ ඉන්න අලින් ආතරයිටිස් රෝගී අලි වෙන්න ඕනි. වන ජීවී කට්ටියට මේකට වෙදකම් කරනවා ඇර වෙන වැඩක් නැහැ ඉතිං. මොකද අලියා අච්චර බරක් අර කකුල් හතරෙන් උස්සං ඉන්නවානේ. දැං කියයිද දන්නේ නැහැ අලියට හතරක් තියෙනවා නේ අපිට දෙකයිනේ කියලා. කමක් නැහැ ඒ අය පේන් කිලර් ටිකක් බීලා සුව වෙන්න. මේ කියන්නේ අනිත් අයට.
තවත් කට්ටියක් කියනවා මම ගොඩක් ස්පෝර්ට්ස් කලා ඒ නිසා දැන් ජොයින්ට්ස් ගෙවිලා කියලා. ඒ අයටත් මතක් කරලා දෙන්න වෙන්නේ චීටා වගේ සතෙක් ගැන තමයි. තරහා වෙන්න එපා. ඒ සතාගේ තරමටවත් මොලේ තිබුනා නම් කියලා හිතෙනවා.
මේ අය කරන්නේ මොකක්ද ලක්ෂ ගණන් වියදම් කරලා එක්කෝ ජොයින්ට් එක අළුතෙන් දාගන්න බලනවා නැත්නම් අර වෙලේ සුදාද මොකක්ද තෙල් වගයක් තියෙන්නේ ඒවා ගානවා. අපි මේ කියන්න හදන්නේ වෙනම දෙයක් ඒ නිසා ඒ මානසිකත්වයෙන් මිදිලා ඉමු.
ආතරයිටිස් කියන්නේ ප්‍රධාන වශයෙන්ම සන්ධි වල සම්බන්ධක පඨක දුර්වල වීමයි. ඒ කියන්නේ මොකක්ද? ඔව් ඔව් ඔයාගේ හිතේ තියෙන එකම තමයි. අපි බයිසිකලේට ටයර් එකක් දාගත්තම ඒක කාලයක් යනවිට ගෙවෙනවා නේ. ඉතිං අපිට මේක දැං මාරු කරන්න වෙනවා. ඉතිං අපිත් දැන් මේවා මාරු කරන්න සැත්කම් කරනවා. හරිනෙ නේද කරන වැඩේ. අනේ දෙයියනේ මේක එහෙම මාරු කරන එකක් නෙවෙයි. මේක අද ගෙවෙනවා නම් අදම අළුත් වැඩියා කරන්න ඕනි. මේවා කාලයක් ගිහින් මාරු කරන සිරිතක් නැහැ. අපේ ශරීරයේ ඉන්නවා මේවා අළුතෙන් නිපදවන කෙනෙක්. එයා සැමදාම මේ සම්බන්ධක පටක අළුතෙන් නිපදවනවා. ඉතිං ගෙවෙන ඒවා අයින් වෙනවා, අළුත් ඒවා ඇවිල්ලා තැන්පත් වෙනවා. නැතිව කාලයක් ගිහිල්ලා අළුත් එකක් දාන සිරිතක් නැහැ.
දැන් මේක අළුත් කරගන්න අපි මොනවද කරන්න ඕනි.1. අළුත් වැඩියා කරන කෙනාට අවශ්‍ය ආම්පන්න, අමුද්‍රව්‍ය සපයන්න ඕනි.2. අළුත්වැඩියා කරන කෙනාට ඒක කරන්නට වෙලාව දෙන්න ඕනි.3. අළුත් වැඩියා කරන කෙනාට හොදට ගෙවන්න ඕනි. මොකද නැත්නම් බාගෙටනෙ වැඩේ කෙරන්නේ.4. අළුත් වැඩියා කරන තැනට අවශ්‍ය පහසුකම් සකසලා දෙන්න ඕනි.5. අළුත් වැඩියා කරලා ඉවරවෙනකම් ඉවසන්න පුලුවන් වෙන්න ඕනි. නැත්නම් ඒත් බාගෙට තමයි.6. අළුත් වැඩියා කරන කෙනාට අනවශ්‍ය කරදර කරන අය ඇතුල්වීම වලක්වන්න ඕනි.
මුලින්ම අවශ්‍ය කළමණා දෙන්න ඕනි. ඒ කොහොමද? අපි අපේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් දින පතා ලබා දිය යුතුයි. මෙය රෝගී අය නිරොගී වන්නටත් නිරෝගී අය රෝගී නොවී සිටින්නටත් ඇති එකම ක්‍රමයයි.
දෙවැනුව අපේ නිශ්පාදනාගාරය කඩා බිද දමන විනාෂකාරී දේවල් සිරුරට ඇතුල් කිරීමෙන් වැලකී සිටිය යුතුය.
තුන් වැනුව. අපේ සිරුරේ ඇති මේ නිශ්පාදනාගාරයට මෙම කාර්ය්ය කරගන්නට ඉඩසැලසිය යුතුය.
ඉතිරි හරිය සිරුර බලා ගනීවි. මේ ටික කලානම් ආතරයිටිස් සුව වෙනවා. මොකද කියන්නේ කරන්න පුලුවන් වෙයිද?
මොනවද මේ සම්බන්ධක පඨක.
කාටිලේජ, ලිගමන්ටස්, ටෙන්ඩන්ස්. මේ තුන තමයි අපේ 206 ක් වන අස්ථිපංජරය එකට බැදලා තියෙන්නේ. දොරක සරනේරුවක් තෙල් ටිකක් දාන්නේ නැතිව කලක් පාවිච්චි කලාම කිරි කිරි ගානව නේද? ඉතිං අපිට මේක කලක් බලා ඉන්න බැහැ. මේවා ගෙවෙන කොට දිනපතා හදාගන්න වෙනවා. අපගේ මේ සම්බන්ධක පටක එම ස්ථාන වලම නිපදවනවා. කොන්ඩ්රෝ සයිට් කියන සෛල තමයි මේ වැඩේ කරන්නේ. නමුත් අපි මේ සෛල වලට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්න වෙනවා මේ දේවල් හදන්න. මේවා හදන්න අවශ්‍ය වෙන කලමනා තමයි Chondroitin sulfate, Glucosamine sulfate, Hyaluronic acid වගේ ඒ්වා. මේවා අපගේ සිරුරේ නිපදවිය හැකි අතර අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුය. ඒ වගේම වයසට යන්න වයසට යන්න මේවා නිපදවන්නට අපහසු වෙනවා. ඒ වාගේම කාටිලේජ වැඩියෙන් වෙහෙසෙන ක්‍රීඩාකරන අය සහ වෙහෙස මහන්සිි වී වැඩ කරන අය මෙම සම්බන්ධක පඨක නිරන්තරයෙන් අළුත්වැඩියා කරගත යුතු වෙනවා. අදාල අමුද්‍රව්‍ය වන්නේ විටමින්, මිනරල්, ඇමයිනෝ අම්ල සහ මේද අම්ලයි. මේවා වෙන වෙන් වශයෙන් ගතහොත් අනු එකක් වෙනවා. මේ ගැන මා මින් ඉහත වෙනම ලිපියක් ලියා ඇති නිසා මෙතන ඒ ගැන සටහන් කරන්නේ නැහැ. ඒ ලිපියද කියවා බලන්න. ආතරයිටීස් තත්වයකදි විශේෂයෙන්ම අපි ඉහත සදහන් කල Chondroitin sulfate, Glucosamine sulfate, Hyaluronic acid වැනි පොෂ්ය කොටස් නිසි ලෙස ලබා දෙනවා නම් අපගේ සිරුර මෙම තතවය මනාව පාලනය කරගන්නවා. දිනපතා ගෙවෙන කොටස් දිනපතා අළුතෙන් නිපදවනවා. ඉතිං එවැනි අයට සන්ධි වේදනාවන් නැහැ. අපේ ආච්චිලා සීයලා වසර 80 ට එහා කිසිදු සන්ධි වේදනාවක් නැතිව ජීවත් වූයේ මේ නිසා. එදා අපි ගත් ආහාර වල තිබුනු පෝෂ්‍ය ගුණය නිසා අපේ මුතුන් මිත්තන්ගේ ශරීරය කිසිදු කරදරයකින් තොරව තම කාර්ය්ය අළුත්වැඩියා කිරීමේ කාර්යය නිසිලෙස සිදු කලා. නමුත් අද ඇත්තේ වෙනස්ම ආහාර රටාවක් නිසා මේ තත්වය වෙනස්.
දැන් අපි බලමු ආතරයිටිස් සහ කැල්සියම් අතර ඇති සම්බන්ධතාවය කුමක්ද කියලා. අස්ථි වලට කැල්සියම් අවශ්‍ය වුනත් අස්ථි සම්බන්ධ කරන්නට කැල්සියම් අවශ්‍ය නැහැ. එසේ නම් කැල්සියම් නැතිව මේ වැඩේ කරන්න බැරිද. බැහැ. මොකද කැල්සියම් නැති වුනාම අස්ථී දුර්වල වෙනවා. එවිට අස්ථියේ පිටත ඇති ස්ථරයට සම්බන්ධවී ඇත් කාටිලේජ, ලිගමන්ට්ස්, ටෙන්ඩන්ස් වගේ පටක අස්ථිය සමග ඇති සම්බන්ධතාවය දුර්වල වෙනවා. මේ නිසා අදාල පඨක දුර්වල වෙනවා. අන්න ඒ වගේ අයට තමයි හිටගෙන ඉන්න අමාරු. බැලන්ස් කරගන්න අමාරු. මොකද දැන් මේවා එහාට මෙහාට ඇදෙනවා. අපි මින් පෙර කතා කලේ කකුලේ විළුඹේ ඇතිවෙන වේදනාව සහ සපත්තුවේ පැත්ත ගෙවෙන්නේ ඇයි කියන කතාව. ඒවා කියවලා බලන්න. අපි ඒ තැන් වල මේවා කතා කලා. ඒ ටික මෙතන කියන්න ගියොත් ලිපිය දිග වැඩි වෙනවා.
දැන් ඉතිං කැල්සියම්. විටමින් ඩී. විටමින් සී වගේ ඒවත්, ප්‍රොස්පරස් එහෙමත් යහමින් දෙන්න වෙනවා. මොකද එරියස් කවර් කරනනත් එපැයි. ඒත් කරුමේ කියන්නේ මේ අයගේ වකුගඩු වලත් ප්‍රශ්න නිසා කැල්සියම් ගන්න එපා කියලා තියෙන්නේ. වකුගඩු වල ගල් හැදෙන්නට හේතුව ගැන මම මීටපෙර ලිපියකින් කතා කලා. ඒ ලිපියත් කියවා බලන්න. වැදගත් වේවි. කොහොම හරි කැල්සියම් නම් ආහාරයට ගන්න වෙනවා. අපි කැල්සියම් පෙත්තක් හදාගන්න හැටිත් කලින් කතා කලා. ඒ ලිපි බලලා ඒවා හදාගන්න.
තවත් දේවල් දෙන්න වෙනවා. ඒ මොනවාද?අපිට හැකිනම් Fucoidan නැමති පොලිසැකරයිඩය අපගේ ශරීරයට ලබා දෙන්නට අපිට හැකි වෙනවා අපගේ සිරුරේ ඇති ස්ටෙම් සෛල සක්‍රීය කර කාටිලේජ සෛල නිපදවා ගැනීමට. මේ නිසා අපි කරන්නේ ඇල්ගී වලින් සාදන ලද සප්ලිමන්ට භාවිතා කිරීමයි. එවිට කාටිලේජ සහ අනෙකුත් සම්බන්ධක පටක නිපදවීම ආරම්භ කරනවා. ඉතිං රෝගය සුව වීම ඉක්මන් වෙනවා. මේ කතා කල සියලුම දේවල් අඩංගු ආහාර අපි සොයා ගත යුතුයි. Fucoidan නම් අත්‍යවශ්‍ය නැහැ. නමුත් රෝගයකින් පීඩා විදින කෙනෙකුට ඉක්මනින් සුව කරගැනීමට එය උපකාරීවෙනවා. එසේම chlorella growth factor කියන සංඝඨකය අපි ශාක වලින් ලබා ගත යුතු වෙනවා. දැනට රෝගය තියෙන කෙනෙකුට මේ දෙවර්ගය ලබා ගැනීමට පහසුම මගක් තමයි Vitae Gene PPARs.
අපි කන වස විෂ තමයි අනෙක් කාරණය. මේවා නිසාද කාටිලේජ සහ වෙනත් සම්බන්ධක පඨක වලට හානි වෙනවා. මේක මැඩලන්නට ඇති එකම විකල්පය අක්මාවට කියලා මේවා ඉවත් කරගන්න එකයි. දැන් අපි මේ කාර්ය්ය සාර්ථකව කරගන්නට වෙලාව දෙන්න ඕනි. ඒ නිසා අපි රාත්‍රී 10 ට කලින් නිදාගන්න ඕනි. එවිට අක්මාව අපේ වැඩේ ගානට කරලා දෙයි. මොකද අක්මාව සහ පිත්තාශය රාත්‍රී 11 සිට පාන්දර 3 වෙනකම් තමයි විශ හරණ ක්‍රියාවලිය සිදු කරන්නේ. දවල්ට කන ආහාර වල තියෙන විෂ අක්මාව මේ වෙලාවේ ඉවත් කරනවා. ඒකට සල්ෆර් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඉතිං අපි සල්ෆර් සහිත ආහාර ගත්තේ නැත්නම් ඒ වැඩේ කරගන්නත් බැහැ. මතකද අපිකතා කලා සම්බන්ධකපටක හදන්න අවශය ද්‍රව්‍ය තුනක් ඒ තුනෙන් දෙකක්ම සල්ෆේට් නේද? ඒකටත් සල්ෆර් අවශයයි. ඉතිං අපි සල්ෆර් තියෙන ආහාර කන්න ඕනි. මොනවද ඒ ආහාර. ගෝවා, නෝකෝල්, රාබු, කෝලිෆ්ලවර්, බ්රොකොලි, බිත්තර, සුදුළුෑණු මේ වගේ ඒව වල සල්ෆර් තියෙනවා. දන්නවා නේද මේවා කුණු වුනාම එන ගද. ඒ සල්ෆර් තියෙන බවට සාක්ෂියක්.
දැන් අපි කිව්වා අළුත් වැඩියා කරන කෙනාට හොදට ගෙවන්න ඕනි කියලා. අපි කොහොමද එයාට ගෙවන්නේ. මොකද සල්ලි දෙන්න කියලද? අක්මාව හරිම ආසයි තිත්ත සහිත කොළ වර්ග වලට. මේ නිසා හැකි තරම් කොළ කන්න. අපි නම් සිංගප්පූරුවේ කරන ක්‍රමයක් තියෙනවා වසරකට සැරයක් අක්මාවට නිවාඩු දීලා කරන ක්ලෙන්ස් එකක්. ඒක කලාම අක්මාව නියම විදිහට වැඩ කරනවා. මම ඒ ගැන ලිපියක් ඉක්මනටම දාන්නනම්. මෙතන ලියන්න ගියොත් දිග වැඩි වෙනවා.
අළුත් වැඩියා කරන තැනට අවශ්‍ය ආම්පන්න දෙන්න ඕනි කියලා කිව්වා. ඒකට තමයි අපි පත්තු බදින්නේ, තෙල් ගාන්නේ. තවන්නේ. මොකද අපි ඒ ක්‍රමවලින් අදාල ස්ථානයේ සම්බන්ධක පටක නැවත හදන්නට අවශ්‍ය වාතාවරනය සදා දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊට අවශ්‍ය මානසික ශක්තිය ලබා දිය යුතුයි. තමන් සසරේ යම් කර්මයක් කර ඇත්නම් එය නිවාරණය කරගන්නට කුසල කර්ම කල යුතුයි. අපි මේවා ඇති තරම් කතා කරලා තියෙනවා. ඒ ලිපි බලන්න. මෙම වෙබ් අඩවියේ මෙවැනි ලිපි 250 කට වැඩි ගණනක් තියෙනවා.
ඔබ ග්ලූකොසමින් සල්ෆේට් පිටතින් සප්ලිමන්ට් විදිහට ගන්නවා නම් ඒවා ස්වභාවිකදැයි දැනගෙන ගන්න. කෘතිම සප්ලිමන්ට් වර්ග ඔබගේ තත්වය තවත් ව්‍යාකූල කරාවි. මේවා ගැන දැනගන්නට අවශ්‍ය නම් චැට් එක භාවිතා කරන්න.
දැන් ඉතිං ටිකක් ඉවසන්න පුරුදු වෙන්න ඕනි. මොකද මේ තත්වය දවසින් දෙකින් හැදුන එකක් නෙවෙයි. වසර ගණනාවක් තුල සිදුවුනු දෙයක්. ඉතිං දවසිං දෙකෙන් මේක හරියන්නේ නැහැනේ කියලා වෙදකමට පිටුපානවා නම් ඉතිං කරුමේ තමයි කියලා හිතාගන්න වෙනවා. බටහිර වෙදකම කරන්නේ වේදනාව සමණය කරන එක. ඒ මහත්තුරු ඒක දන්නවා. ඒත් ඉල්ලුමට සැපයුම දෙනවා. ඉතිං අපේ කට්ටියත් හරි අගේට ජීවිත කාලයේම පෙති ගිලිනවා. මාස තුනක් සිංහල බෙහෙත් බොන්න කැමති නැහැ. ඒ නිසා මේ කාරණාවත් ඉතාමත් වැදගත්.
දැන්තමයි බරපතලම කතාව. අපි කන වස විස ටික ඉවත් කරගන්නට තියෙන අපේ අක්මාව දුර්වල වුනේ ඇයි. අන්න ඒ ප්‍රශ්නයට විසදුම සොයාගෙන මිස මේ වේදනාව සුව කරගන්නට නම් බැහැ. අකමැත්තෙන් වුවත් ඒ ටික කතා කල යුතුම වෙනවා.
අකක්මාවට වින කරන පලමු කාරණය තමයි වේදනා නාශක. වේදනා නාශක නිසා අක්මාව එන්න එන්නම දුර්වල වෙනවා. අපිට ඕනිම කඩේකින් මේ දේවල් ගන්න පුලුවන් නේ. ඉතිං මොන කැක්කුම ආවත් මාත්‍රාවක් දන්නෙත් නැහැ ගිළ දානවා. අපි වේදනා නාශක වලින් සිදුවන හානිය ගැන කතා කරල තියෙනවා වෙබ් සයිට් එකේ බලන්න. දැනට වේදනා නාශක නිසා අක්මාවට යම් හානියක් වෙනවා කියන එක විතරක් හැකිනම් තේරුම් ගන්න.
දෙවැන්න තමයි මත්වතුර. අක්මාව ඉතාමත් අසරණ වෙන තැනක් තමයි මේ මත් පැන් පානය කිරීම. මේ කාරණා දෙක තමයි අක්මාව අසරණ කරන ප්‍රධානම කරුණු වන්නේ.
තුන් වැනි කාරණය තමයි, අපි කන ආහාර වල ඇති ග්ලූටන් නිසා පෝෂණය අවශෝෂනය කරගන්නට බැරි වීම. අපි මොනා දුන්නත් වැඩක් නැහැනේ ග්ලූටන් නිසා අංගුලිකා විනාශ වෙලානම්. ඉතිං මුලින්ම ග්ලූටන් කන එක නතර කරලා වසර දෙකක්වත් ඉන්න වෙනවා. ආපහු යතා තත්වයට ගන්න.ග්ලූටන් තියෙන ආහාර තමයිපාන්පිටි (14% ක් ග්ලූටන් සහිතයි),රයි,බාර්ලි,ඕට්ස්.මේවා කන එක සපුරා නතර කරන්න මේ රෝගය ඇති සහ නැති අය. මේවායින්ද විශේෂයෙන්ම පාන්පිටි කියෙන්නේ ඉතිමත් දරුණු ගණයේ ආහාරයක්.
හතරවන කරුණ තමයි ගැඹුරු තෙලේ බදින ඒවා කන්න එපා. ඇයි ඒ. කොලෙස්ටරෝල් නිසාද? නැහැ. එහෙම එකක් නෙවෙයි. ආහාරයක් අංශක 100 ට එහා රත් කරලා කන එක හොද නැහැ. මේ ගැන මේ වන විට බොහෝ පරීක්ෂණ වාර්ථා එලි දක්වලා තියෙනවා. ඒත් ජනතාව දැනුවත් නැහැ. මොකද මේවා ජනතාව අතරට ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ. ආහාරයක් මෙසේ රත් වන විට ඒ ආහාර වල හැදෙනවා Acrylamide කියලා විෂ රසායනිකයක්. මේවා වැඩිපුර හැදෙන්නේ අංශක 120 ක්විතර රත් කරනවිට. මේ නිසා අපි කිරි හෝ වතුර සමග කෑමක් පිසින විට මේ තත්වය අපිට එතරම් බලපාන්නේ නැහැ. මොකද කිරි හෝ වතුර අංශක 120ට වඩා රත් කරන්න බැහැ. නමුත් ගැඹුරු තෙල් වල බදින විට ඒ තෙල් අංශක 190කට එහා රත්වෙනවා. ඉතිං ඒ රත්වීම නිසා ආහාරයට විශාල Acrylamide ප්‍රමාණයක් එක් වෙනවා. මේ Acrylamide කියන විෂ කොටස සිරුරේ පිලිකා හැදෙන්නටත් හේතු වෙනවා. හෘද රෝග හැදෙන්නට ප්‍රධානම හේතුවක් මේ ඇක්‍රිලමයිඩ් කියන්නේ. විශේෂයෙන් අක්මාවේ ක්‍රියාවලිය සිදු කරගන්නට මෙය බාධාවක් වෙනවා. එය මාතෘකාවට අදාල වන්නේ මෙම රසායනිකය අප සිරුරේ සම්බන්ධක පඨක නිශ්පාදනය දුර්වල විය හැකියි.
දැන් හිතලා බලන්න මැක්ඩොනල්ඩ්, කේ, එෆ් සී වගේ තැන් වලින් ඔබ ගැබිණි වමු වරුන්ටත් කෑම ගෙනියනවා නේද? දැන් ගැබිනි මව්වරුන්ට දොලදුකට ඉල්ලන්නෙත් මැක්ඩොනල්ඩ්. අනේ අර කිරිසප්පයා. උපදින්නෙත් ආබාධ සහිතව. කාගේ වරදද? ටිකක් නිවිහැනහිල්ලේ හිතන්න. සමහර රටවල ෆෙන්ච් ෆ්රයිස් තහනම්. අන්තර්ජාලයෙන් සොයාගන්න.
මේ වගේ අපගේ සිරුරට හානි කරන හේතු කරණා බොහොමයක් තියෙනවා. මම මූලික කරුණු ටික කියන්නම්. නැත්නම් ලිපිය බොහෝම දිග වෙනවා.
නයිට්රේට් කියලා යම් කෘතිම මස් වර්ගයක ලේබලයේ ගහලා තිබුනොත් ඒවා කන්න එපා. මොකද ඒක පිලිකා කාරකයක මුල.
කෙලින්ම ගින්දරට අල්ලලා පිසින ආහාර කන්න එපා. බාබකියු වගේ ඒවා. දැන් අහයිද දන්නේ නැහැ වැදිජනතාව මස් පුච්චලා කෑවේ කොහොමද කියලා – එකත් හොද තර්කයක්තමයි. ඒත් ඒ කට්ටිය මස් ටික කල් තබා ගත්තේ පුච්චලා මීපැණි වල දාල. එතකොට අර විෂ මැකෙනවා.
ඊලගට කාබනේටඩ් බීම බොන්න එපා. එය ආමාශයේ ආහාර ජීරණය දුර්වල කරනවා. ආම්ලික තාවයට බලපානවා. රුධිරය ආම්ලික වෙන්නට හේතු වෙනවා. ආම්ලිකතාව සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කරනවා. විෂබීජ ශක්තිමත් කරනවා. මේ නිසා මේ කාලය තුල විශේෂයෙන්ම කාබනේටඩ් බීම පානය නතර කල යුතු වෙනවා.
මේ විදිහට සිරුරට වද දෙන්නේ නැතිව අක්මාව ඇතුලු සියලු ශරීර කොටස් වල කාර්ය්ය නිසි ලෙස කරගන්නට ඉඩ හැරියහොත් ඔබට ආතරයිටිස් හැදෙන්නට හේතු නැහැ. රුමෙටොයිඩ් ආතරයිටිස් වුනත් මේ විදිහට සුව කල හැකියි. එසේ නෙැහැකි යැයි සැකයක් ඇත්නම් පුද්ගලිකව මට කතා කලත් කමක් නැහැ. මොකද මුළු ජීවිත කාලයම මේ කට්ටිය මහා වේදනාවකින් සිටින්නේ. ඒ අය වෙනුවෙන් යම් කාලයක් වැයකරන්නට හැකියි.
ආතරයිටිස් ඇති අය බොහෝ විට කැල්සියම් සප්ලිමන්ට් ග්ලූකොසමින් සල්ෆේට් සහිත සප්ලිමන්ට් ගන්නවා. අපි මේ ගැනත් ටිකක් කතා කරමු.
කෘතිම කැල්සියම් සප්ලිමන්ට් වල තියෙන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වල 70% ක් ඇත්තේ කාබනේට්. මේවා අපිට රෝගයට වැදගත් නැහැ. වැදගත් වන්නේ කැල්සියම් ටික. කැල්සියම් අපගේ සිරුරට ගන්නට පෙර බැක්ටීරියා විසින් ජීරණය කල යුතුයි. එය පසේ සිටින බැක්ටීරියාවන් සිදු කරනවා. නමුත් පසට කෘමිනාශක එක් කරලා නම් එතන බැක්ටීරියා නැහැ. ඒ කියන්නේ අපි ගන්නා ආහාර වලින් කැල්සියම් ලබා ගන්න එක පහසු නැහැ. මොකද කෘමිනාශක ගහපු නැති එලවළු කොහෙන් හොයන්නද?
දැන් අපි පොඩි ගානක් හදල බලමු.
කැල්සියම් කාබනේට් 500 mg පෙත්තක ඇති කැල්සියම් ප්‍රමාණය – 150 mg
බැක්ටීරියා විසින් ජීරණය නොකරන ලද කැල්සියම් නිසා අපේ බඩවැල් වල සිටින බැක්ටීරියාවන් විසින් ජීරණ ක්‍රියාවලියේදී ජීරණය කරන ප්‍රතිශතය – 15% = 22.5mg
දිනකට අපට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය = 1200 mg
මේ අනුව ඔබගේ දෛනික කැල්සියම් අවශ්‍යතාවය සදහා පමණක් ලබාගත යුතු වන කැල්සියම් පෙති ගණන = 1200 / 22.5 = 53
දැන් ඉතිරි හරිය ඔබගේ ණුවනින් විමසන්නට ඉඩ හරින්නම්. අවශ්‍ය නම් අපි චැට් එකෙන් ප්‍රශ්න විසදමු.
අපි සිංගප්පූරුවේ මේ සදහා දෙන සප්ලිමන්ට කිහිපක් දක්වන්නම්. මොකද හේතුව කිව්වා නම් එය සුව කරගන්නට මම මොකද කරන්නේ කියල කියන එක වැදගත් නිසා. මේ සියළු සප්ලිමන්ට් 100% ස්වභාවික ඒවා. මේ නිසා අවශෝෂනය ගැන ගැටලු ඇතිවෙන්නේ නැහැ.
මාස හතරක කාලයක් සදහා පහත දැක්වෙන සප්ලිමන්ට තමයි අපි දෙන්නේ. පලමු මාසය තුලදීම මෙම සප්ලිමන්ට් භාවිතා කරන අයට ගුණයක් ලැබෙන බව අපි දැක තිබෙනවා. මෙසේ පලමු මාසය භාවිතා කර එම විශ්වාසය පදනම් කරගෙන දෙවැනි තුන්වැනි මාස වල මෙම පෝෂණ අතිරේක භාවිතා කල හැකියි. මෙම පෝෂණ අතිරේක ලොව ඇති 5% ක්තරම් වූ ස්වභාවික පෝෂණ අතිරේක වන අතර ලොව ඇති හොදම පෝෂණ අතිරේකයි. මේ නිසාම සිරුරේ ඇති සියළු බෝ නොවන රෝග වලට ගුණ දෙනවා. - Vitae Gene PPARs2. Ultimate Glucogel3. Ultimate Selenium4. Ultimate Osteo FX5. Ultimate EFA Plus
6 Ultimate Pro Joint
පිට රටක ඉන්න කෙනෙකුට නම් මේ දේවල් ඔන්ලයින් ගන්න පුලුවන්. ලංකාවේ සිටින කෙනෙකුට මෙම සප්ලිමන්ට් ගන්නට කලින් බයෝරෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකර සිරුරේ නියම තත්වය දැනගෙන ඉන් පසුව තමන්ට අවශ්‍ය පෝෂණ අතිරේක පමණක් ඇනවුම් කිරිිමේ හැකියිවක් තිබෙනවා. මෙම පරීක්ෂණය ගැනවිස්තර පහත අංකයකින් ලබා ගන්න. මෙම පරීක්ෂාවෙන් පසුව තමන්ගේ රෝගයට හේතුව සොයාගැනීමට හැකිවන අතර ඒ අනුව නිසි ප්‍රතිකාර ලබා ගත හැකියි. මනස කය සහ කර්මය යන තුනම එක් කොට මෙම ප්‍රතිකාර ක්‍රම සකසා ඇති අතර ඔබටත් අවශ්‍ය නම් යොමු විය හැකියි.
ඉහතදැක්වූ සප්ලිමන්ට් ගැන විස්තර පහත අංකයකින් දැනගත හැකියි…ඔන්ලයින් මිලදී ගැනීමට පහත වෙබ් අඩවිය භාවිතා කල හැකියි.https://market.vitaegene.com/
වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.
තවත් කෙනෙකුට සෙතක් කරන්නට සිතුනා නම් ෂෙයාර් කරන්න. එයද ඔබ තවත් කෙනෙකුගේ වේදනාවක් දුරු කරන්නට කරන සත්කාර්යයක් නිසා ඔබගේ වේදනාව නැතිවන්නට එයද හේතු වේවි.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205 , ශ්‍රී ජිනරතන මාවත,බටකැත්තරපිලියන්දල
0713503450 / 0701902220 / 0112603721
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana