අයඩීන් ඌණතාවය නිසා ඇතිවන රෝගය තමයි ගලගණ්ඩය කියන්නේ. බෙල්ල ඉදිරිපස ඇති සමනලයෙක් හැඩය ගත් ග්‍රන්ථිය මෙම ඛණිජ ලවනට අඩු වූ විට වැඩිපුර ක්‍රියාත්මක වීම නිසා ඉදිමෙනවා. මෙය තමයි අපි ගොයිටර්. වායු ගෙඩි නැත්නම් ගොදර කියලා කියන්නේ. මෙය බැලූ බැල්මට අවලක්ෂණ තත්වයක්.
අයඩීන් ඌණතාවයක් ඇතිවන විටම අපට නියපොතු වලින් එය හදුනාගත හැකියි. ඒ අයගේ නියපොතු වල සිරස් අතට ඉරි පිහිටනවා. ඒ වගේම මේ අයගේ ශරීරය අධික සීතලක් හෝ උධික උෂ්ණයක් පවතිනවා. සමහරු ගෙදර අනෙක් අය රාත්‍රියට ෆැන් එකක් නැතුව නිදා ගන්න බැහැ කියන විට මෙයාට පෙරවගෙන නිදාගන්න වෙනවා. සමහර අයට ඒකේ අනෙක් පැත්ත. මේ වගේ රෝග ලක්ෂන වලින් අපිට තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇති ගැටලු ගැන මූලිකව දැනගත හැකියි.
අයඩීන් ලබා ගත හැකි මාර්ග තමයි මුහුදෙන් ගන්නා ඇල්ගී වර්ග ආහාරයට ගැනීම. නමුත් ලංකාවේ මෙම ආහාර භාවිතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. මේ නිසා මේස ලුණු වලින් තමයි අයඩීන් ගන්න වෙන්නේ. අයඩීන් වැඩිපුර රත් කලොත් වාශ්ප වෙලා යනවා. මේ නිසා තමයි අයඩීන් මේස ලුණු වලට එක්කරන්නට තීරණය කලේ. නමුත් දැන් දැන් කෑම වලට ලුණු දාන්නේ ලිපේ තියෙද්දිම නිසා බොහෝ පවුල් වල අයට අයඩීන් ඌණතාවය තියෙනවා. මේ නිසාම හෝමෝන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. කෘතීම තෛරොක්සින් දෛනිකව ලබා ගන්නා අය දැන් ඕනෑ තරම් ඉන්නවා. කෘතිමව තෛරොක්සින් ලබාගන්නා විට මහත් වීම තවත් එක් ගැටලුවක්.
තෛරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇති අය සහ දැනට තෛරොක්සින් පිටතින් ගන්නා අය ඔවුන්ගේ ආහාර වේලට සෙලේනියම් අනිවාර්‍යෙයන් එක් කරගත යුතු වෙනවා. පිටතින් දෙන ලිවෝතෛරොක්සින් නැමත් කෘතිම හෝමෝනයේ අඩංගුවන්නේ FT4 නැමති හෝමෝනයයි. නමුත් තෛරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නට නම් FT4 සහ FT3 යන හෝමෝන දෙකම අවශ්‍ය වෙනවා. FT4 පිටතින් ගන්නා අය සෙලේනියම් ඛණිජ ලවනයද ආහාර වලට එක්කර ගන්නවා නම් FT4 හෝමෝනය මගින්ම FT3 නිපදවා ගන්නට අපේ ශරීරයට හැකි වෙනවා.
සෙලේනියම් සහිත ආහාර තමයි කොස්, පොලොස්, රතු පාට හාල්. මේවා දෛනිකව ආහාර ව ලට එක් කරගන්න. සප්ලිමන්ට් එකක් ගන්නවා නම් එය ස්වභාවික සප්ලිමන්ට් එකක් බව තහවුරු කරගෙන ගන්න.
කෘතිම තෛරොක්සින් ගන්නා අයට හෙළ වෙදකමින් එය 100%ක් සුව කරගත හැකි බව මා අත්දැකීමෙන්ම දන්නවා. මීට වසර තුනකට කලින් මගේ බිරිද තෛරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්නට සිදුවන තත්වයට පත්වුනා. නමුත් හෙළ වෙදකමේ තියෙන විශිෂ්ඨත්වය නිසාම ඇය මාස දහයක් ඇතුලත 100% ක් සුවය ලැබුවා. මීට මාසයකට කලින් අපි තෛරොයිඩ් ප්රෝෆයිල් එකක් කරලා බැලුවා ඉතාමත් නිරෝගී තත්වයක දැන් ඇය සිටිනවා. වෛද්‍ය නිර්දේශ මත තෛරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කලා නම් අදත් ඇය කෘතිමව තෛරොක්සින් ලබාගත යුතුයි. මේ ගැන මා ඉදිරිපත් කල වීඩියෝවක් තියෙනවා පහත ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
කියවා තවත් කෙනෙකුට දැනගන්නට හැකිවන ආකාරයට ෂෙයාර් කරන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Tags: Iodine, Nails