“pH” Potential of Hydrogen ගැන දැනගමු.

“pH” Potential of Hydrogen

pH අගය ගැන අපි පොඩි කාලේ විද්‍යාවට ඉගෙන ගත්තා මතකද? ඒත් ඒවා දැන් දැන් සමාජයේ එක් පිරිසකට පමණක් සීමාවූ මාතෘකා වෙලා. සාමාන්‍ය ජනතාවගෙන් ඒවා දැන් ටික ටික ඈත් වෙනවා වගේ දැනෙන නිසයි මේ දේවල් මතක් කරන්නේ. හරියට ඕලෙවල් පාඩමක් වගේ කියලා හිතාගෙන මතකය ආවර්ජනය කරගන්න මේ ලිපිය භාවිතා කරන්න.

ලෝකයේ තියෙන ද්‍රාවන වල pH අගය 1 සිට 14 දක්වා පවතිනවා. මේ අතරින් ජලයේ pH අගය 7යි. හරි මැද අගය. 7 ට අඩු නම් අම්ල ලෙසද 7 ට වැඩිනම් භෂ්ම ලෙසද හදුන්වනවා. අපි අද කතාකරන්නට හදන්නේ pH අගය අපේ සිරුරට කෙසේ බලපායිද යන්නයි.

රුධිරයේ pH අගය සාමාන්‍යයෙන් 7.35 – 7.40 අතර වෙනවා. ඉතාම ස්ථායි pH මට්ටමක් තමයි රුධිරයේ පවතින්නේ. මෙය 7.20 දක්වා පහත වැටුනහොත් Acidosis මට්ටමක් ලෙස ගැනෙනවා. එහෙත් තවමත් මෙය භාෂ්මික තත්වයක්. මොකද pH අගය 7 ට වැඩි නිසා. යම් හෙයකින් රුධිරයේ pH අගය 7 ට ආවොත් මේ පද්ගලයාට මරණය හෝ අවම වශයෙන් කෝමා තත්වයකට පත්වෙනවා. රුධිරයේ pH අගය පවත්වා ගැනීම ඒ තරමට වැදගත්.

එක් සාධකයක් අපි ගෙන බලමු. නිසි pH අගය සහිත අවස්ථාවේදී රතු රුධිරාණු සෛල වල අභ්‍යන්තරය ධණාරෝපිත වන අතර පිටත ඍණාරෝපිත වෙනවා. මේ නිසා රතු රුධිර සෛල එකිනෙකට එක්වෙන්නේ නැහැ. වෙන වෙනම පවතිනවා. ඒ නිසා රුධිරය කැටිගැසීමක් හෝ ඝණ විමක් නැතිව ඉතාමත් කුඩා කේෂනාලිකා හරහා වුවද මෙම රතු රුධිරාණු ගමන් කරනවා. යම් හෙයකින් රුධිරයේ pH අගය පහත වැටුනහොත් රතු රුධිර සෛල වල අභ්‍යන්තරය ඍණාරෝපිත වී පිටත ධනාරෝපිත වෙනවා. මේම අවස්ථාවේදී රතු රුධිර සෛල එකිනෙක එකතු වෙලා රුධිරය ඝණ වීමක් සහ කැටි වීමක් ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවක කේෂ නාලිකා හරහා රුධිරය ගමන් කරන්නට බැරි වෙලා සිරුරේ සියුම් පඨක බිද වැටෙන්නට ගන්නවා. මේ නිසයි pH අගය අඩු වුනාම මරණ්‍ය පවා සිදු වන්නේ.

රුධිරයේ pH අගය අඩු වුනාම තමයි අපගේ ශරීරයේ පිලිකා සෛල වර්ධනය වන්නට අවශ්‍ය පාර හැදෙන්නේ. නිසි pH අගය රුධිරයේ තියෙන තාක් පිලිකා සෛල වලට වර්ධනය වන්නට නොහැකියි. මේ නිසාම අපි පිලිකා රෝගියෙකුගේ කෙළ වල pH අගය මැණ බැලුව හොත් එය ඉතාමත් පහල අගයක් ගන්නවා. මා සැම විටම කතා කරන පිලියන්දල සම්පත් වෙදමහත්තයා රෝගියෙක් පරීක්ෂා කරන විට මුලින්ම බලන දෙයක් තමයි pH අගය කොහොමද කියන එක. එතුමා රෝගියාගේ ශරීරයේ pH අඩු බව දැනුන හොත් මුලින්ම කරනනේ අපි pH එක උඩට අරං ලෙඩේට බෙහෙත් කරමු කියන එකයි. එතුමා මුලින්ම බෙහෙත් දෙන්නේ එයටයි.

සුව සෙත හෙළ ඔසු ආයතනයේ මා විසින්ම සිදු කල කුඩා පරීක්ෂණයක වීඩියෝවක් නිතර ප්‍රදර්ෂණය කරනවා. එහි ඇත්තේ කාබනේටඩ් බීම වර්ග වල ඇති ඇසිඩ් ගතිය නැති කරන්නට මොන තරම් අපහසුද කියන එකයි. එවැනි බීම වර්ග බොන ගමන් බෙහෙත් බිව්වට කිසිදු ගුණයක් ගන්නට බැහැ. හරියට හෝද හෝද මඩේ දානවා වගේ වැඩක්. මම දැකලා තියෙනවා බෙහෙත් ගන්න ඇවිල්ලත් බීම බෝතලයක් ලග තියාගෙන බොනවා. ඒ නොදැනුවත් කම නිසා වෙන්නට ඇති. අපි දැනුවත් වන්නට ඕනි ඒ නිසයි. ඔබ කොහෙන් බෙහෙත් ගත්තත් ඒ බෙහෙත පත්තියං වෙන එක අවහිර වෙන ආහාර පාන වලින් දුරස් වෙන්න ඕනි. එය ඉතාමත් වැදගත්. විශේෂයෙන් රුධිරයේ pH අගය අඩු කරන්නට සමත් බීම වර්ග සහ කෘතිම ආහාර වර්ග.

53691249_833201457034342_719105493900984320_npH අගය ගැන කතා කරනවිට ඉතාම සංවේදී තවත් පද්ධතියක් තමයි ආහාර ජීරණපද්ධතිය. පහත රෑපසටහනේ ඇති අංක හොදින් බලන්න. මුඛයේ කෙළ වල pH අගය 6.5 ක් පමණ වන අතර ආමාෂයේ pH අගය 2 – 4 වගේ වෙනවා. ඒ කියන්නේ ඉතාමත් සානිද්‍ර ආම්ලික මාද්‍යයක් කියන එකයි. ඇයි ඒ තරම් ආමිලික මාද්‍ය්‍යක් ආමාෂය තුල තියෙන්නේ. ඇයි අපි මස් කෑල්ලක් කෑවොත් ඒක දියරයක් ලෙසට පරිවර්තනය කරන්න ඕනිනේ. ඒකයි මෙතන මේ තරමටම ආම්ලික. එතකොට ආමාෂයේ බිත්ති ජීරණය වෙන්නේ නැද්ද? මොකද ඒවත් මස්සේ. නැහැ එහෙම වෙන්නේ නැහැ ඒ ආමාෂ බිත්තියේ තියෙන මියුකස් නැත්නම් ශ්ලේෂ්මල තට්ටුව නිසා. යම් පෝෂණ ඌණතාවයක් හෝ බැක්ටිරියා ප්‍රහාරයක් නිසා මෙම ශ්ලේෂ්මල තට්ටුව සිදුරු නොවන්නට කිසි ලෙසකින් මේතරම් සාන්ද්‍ර ආම්ලික පරිසරයක වුවද ආමාශය ආරක්ෂා වෙනවා. සොබා දහම හරිම පුුදුමයි නේද?

ආමාශයේ ජීරණය වෙන්නේ මස් වගේ ප්‍රෝටීන් සහිත ආහාරයි. මේදය ජිරණය වෙන්නේ නැහැ ආම්ලික මාධයයක. මේ නිසා ආමාශයෙන් පිටතට එන අර්ධ ලෙස ජීරණය වුනු ආහාර ග්‍රහනියට වැටෙනවා. ග්‍රහනියට එනවා ඉතාමත් සින්ද්‍ර pH අගයක් ඇති භෂ්මයක්. ඒ තමයි පිත. පිත ග්‍රහණියට වැටුනට පසු එහි pH අගය 8.5 ක් විතර වෙනවා. දැන් මෙතන මේදය ජිරණය කරන්නට පුලුවන්. මේදය ප්‍රෝටීන තරම් ඝණ නොවන නිසාම ඉතාමත් ඉක්මනින් දියකර කුඩාන්ත්‍රය වෙත යොමු කරන්නට පුලුවන්. රෑප සටහනේ ඇති වේලාවල්ද අධ්‍යයනය කරන්න.

දැන් මෙතනින් පහලට යන ආහාර සදහා ඇත්තේ තරමක් ආම්ලික මාධයයකි. ඒ එතනින් පහලට සිරුරට හිතකර බැක්ටීරියාවන්ටද අවශ්‍ය මාද්‍ය්‍ය සකස් වීම සදහා විය යුතුය. බඩවැල් වල සාමාන්‍යෙයන් pH අගය 7 අඩුවෙන් පවතී. මෙවැනි මාධයයක බැක්ටීරියාවන්ට ජීවත් විය හැකිය.

දැන් බලමු අපේ ශරීරයේ pH අගය නිසිලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වෙන ඛණිජලවන මොනවාද කියලා. අපි ඒවා ගැන සැලිකිලිමත් විය යුතුය. pH සමතුලිත කරගන්නට උපාරීවන මිනරල් වරග 4 කි.

  1. ‍පොටෑසියම්
  2. සෝඩියම්
  3. ක්‍‍ලෝරයිඩ්
  4. කාබන්

‍මේ මූලද්‍රව්‍ය නිසි ලසෙට අපේ සිරුරට දෛනිකව ලැබෙනවා නම් අපේ සිරුර කිසිදු ගැටලුවක් නැතිව pH අගය පවත්වාගෙන යනවා. එහෙත් එය සිදු නොවිමයි ගැටලුව.

‍මේ අතරින් වැඩිපුරම අවශය වෙන මිනරල් වර්ගය තමයි පොටෑසියම්. පොටෑසියම් තමයි ප්‍රධාන පෝෂණ සංඝටක තුන හැරුණම වැඩියෙන්ම අපගේ ශරීරයට අවශ්‍ය වන ඛණිජ ලවනය. ඒ මිලි ග්රෑම් 4500. ඉතා විශාල ප්‍රමාණයක්. කැල්සියම් අවශ්‍ය වෙන්නේ මිලග්රෑම් 1200 ක් පමණයි. ඔබගේ අවශෝෂණ ශක්තිය 100%ක් නම් ඉහත දැක්වූ ප්‍රමාණය ස්වභාවික මාධයයකින් ගත්තා නම් ඔබට නිරෝගීව ඉන්නට හැකි වෙනවා. පහත ලිස්ට් එකේ තියෙන ආහාර ගැන අවධානය යොමු කරන්න.

යම් හෙයකින් අපිට ආහාර වලින් මේ පෝෂ්‍ය කොටස් ලැබුනේ නැතත් තවත් වැඩපිලිවෙලක් තියෙනවා ශරිරය සතුව. ඒ පහත දැක්වෙන ක්‍රමවේද වලින් රුධිරයේ pH අගය පාලනය කරගන්නට ආධාර ලබා ගැනීමයි. අප ශරිරය වැඩිපුරම භාවිතා කරන්නේ මේ ක්‍රමවේදයන් වේ.

  • බයිකාබනේට්
  • හිමෝග්ලොබින්
  • ප්‍රෝටීන්
  • පොස්ෆේට්
  • ඇමේනියම්

‍මේවා භාවිතයෙන්ද රුධිරයේ pH අගය පාලනය කරගන්නට සමහර අවස්ථාවල සිදුවෙනවා. එම කාර්‍යෙය්දී අපගේ ශරිරයේ කොටස් කිහිපයක් අදාල දායකත්වය දරනවා.

මෙම ක්‍රියාවලින සදහා අපගේ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් තුනක් දායක වෙනවා. පෙනහළු, අක්මාව සහ වකුගඩු මේ ඉන්ද්‍රියයන් තුනයි. මෙයින්ද මෙම කාර්‍ය්‍ය ඉතාම සාර්ථක ලෙස සිදු කරන ඉන්ද්‍රියයක් තමයි පෙනහළු. දීර්ඝ හුස්මක් ගන්නා අවස්ථාවලදි හිමෝග්ලොබින් හරහා මෙම කාර්‍ය්‍ය සිදු කරනවා. මේ නිසා අපි දිනකට පැය බාගයක් වත් හොදට වාතාශ්‍රය තියෙන තැනකට ගිහින් දීර්ඝ හුස්ම ගැනීමක් කරනවා නම් එය තම නිරෝගී තාවයට ඉතාමත් හොදින් බලපාන බව කිව යුතුය.

දැන් තමයි අපි වැදගත්ම කොටසට පිවිසෙන්නේ. මේ කිසිවකින් සිදුකරගන්නට බැරි වුනා කියමුකෝ. එවිට තත්වය දරුණු වෙනවා. අපගේ තැන්පත් පොටෑසියම් ඇත්දැයි දැන් අපගේ ශරීරය සොයනවා. එක තැනක තියෙනවා. ඒ තමයි අපේ අස්ථි. අස්ථි වල තියෙන පොටෑසියම් ගලවා ගත්තම තවත් කලබැගෑනියක් වෙනවා. ඒ තමයි අස්ථි වල තියෙන කැලිසියම් ගැලවෙන්න ගන්නවා. අර පිටිකිරි කටිටිය කියපු ලෙඩේ මේ විදිහටයි හැදෙන්නේ. ඔස්ටියෝ පොරෝසිස්. දැන් ගැටලුව මේක විතරක් නෙවෙයි. පොටෑසියම් ගලවගන්නේ වැඩක් කරගන්නනේ. අර ඉවත් වන කැල්සියම් වලට මොකද කරන්නේ. ඒවා දැන් වකුගඩු වලට යනවා වැඩි නිසා පෙරන්නට. එතන ගල් හැදෙන්නේ ඒ නිසයි. නැවත පොටෑසියම් ගත්තා නම් මේ කතන්දරය අවසන් වෙනවා. ඒත් අපි මේකදන්නේ නැහැනේ. ගල් හැදුනට පස්සේ තමයි දන්නේ. එත් අපි ඊට දෙන ප්‍රතිකාරය අංශක 180 ක් ප්‍රතිවිරුද්ධ එකක් නිසා මේ තත්වය තවත් උග්‍ර වෙනවා. ඒ ගැන අපිමිට පෙර ලිපියක කතා කලා. කියවලා බලන්න. වකුගඩු වල ගල් ගැන ලියපු ලිපියක් ඇති.

පොටෑසියම් පමණක් නොව සියළුම පෝෂණය අවශෝෂනයේ දුර්වල තාවයක් දැන් දැන් අපි හැමෝටම තියෙනවා. ඊට හේතුව වෙලා තියෙන්නේ අපේ ආහාර වල ඇති ග්ලූටන්. මේ නිසා ග්ලූටන් රහිත ආහාර වේලකට පුරුදු වෙන්න. ග්ලූටන් වැඩිම ආහාරයතමයි සුද්දා අපට හුරු කල ආණ්ඩුවක් වුනත් පෙරලන්නට තරම් අපට බැදීමක් ඇති පාන් පිටි. මෙයින් 14% ක් ඇත්තේ ග්ලූටන්. ග්ලූටන් කියන්නෙත් ප්‍රෝටීනයක් නමුත් ඒවා ආමාෂයේ ඇති ආම්ලිකතාවයට කඩන්නට බැහැ. එහි නම වගේම ග්ලූ නැත්නම් ගම් එකක් ලෙසට මෙම ප්‍රෝටීනය ආමාශයෙන් පහලට යනවා. ග්‍රහනියේදීත් මේවාජිරණ්‍ය වෙන්නේ නැහැ. ඉතිං අන්ත්‍ර වලටද මේවා ගුලියක්වගේ යනවා. ඇලෙන සුලු ස්වභාවය නිසාම මේ ග්ලූටන් වල අංගුලිකා ඇළිලා විනාශ වෙලා යනවා. ඉතිං මේ විදිහට අංගුලිකා රහිත අන්ත්‍රයකට අපි උරුමකම් කියනවා. ලොකේ තියෙන හොදම පෝෂණය ලබාදුන්නත් අපිට අවශෝෂනය කරගන්නට වෙන්නේ අප සතුව ඇති අංගුලිකා ප්‍රමාණයට අනුව බව මතක තබා ගන්න. මේ විදිහට අපි පෝෂණයෙන් ඉතාමත් දුර්වල සත්ව කොටසක් වීමට මග පාදාගෙන තිබෙනවා.

ඊටත් අමතරව අපි කන වස විස නිසා අක්මාව වකුගඩු වගේම දුම්පානය සහ වෙනත් කාරණා නිසා පෙණහලුද දුර්වල වීම හේතුවෙන් ඉහත දැක්වූ ආකාරයේ ආරක්ෂාවක් ලබා දීමට අපගේ අක්මාව, වකුගඩු සහ පෙනහළු වලට නොහැකි වෙනවා. ඇදුම තියෙන අයටත් මේ තත්වය බලපානවා. ඔවුන්ගේ පෙනහළු මෙම තත්වය සමතයකට පත්කරන්නයි වෙර දරන්නේ. ඒත් ඉතා අපහසුයි.

මෙම තත්වය පාලනය කරගන්නට බලපාන තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි අපගේ ආහාරයේ ඇති ප්‍රෝටින් ප්‍රමාණය. මෙම තත්වය බොහෝවිට වෙජිටේරියන් අයට බලපානවා. ඔවුන් දෛනික ආහාර වේල තුල අවම වශයෙන් ග්රෑම් 50 ක්වත් ප්‍රෝටීන් ඇත්දැයි සොයා බලන්නට ඕනි. එසේ නොවුනහොත් රුධිරයේ pH මට්ටම පහල බැසිමට එයද එක් හේතුවක් වෙනවා.

මේ අනුව රුධිරයේ නිරෝගී හිමෝග්ලොබින් මට්ටමක් පවත්වාගැනීමද, දෛනික ආහාර වේල තුල නිසි ප්‍රෝටින් ප්‍රමාණ තිබීමද රුධිරයේ pH මට්ටම පවත්වාගෙන යෑමට ඉතාමත් වැදගත් වෙනවා. මේ මාතෘකාව කතා කරන විට අපි කතා කලයුතු වන වැදගත්ම මාතෘකාවක් තමයි ඇල්කලයින් වෝටර්. මිනරල් වෝටර් කියන දේවල්. මේවා වෙලද පොලට ඇවිල්ලා තියෙන්නේ මේ සදහා මාකට් එකක් ඇති නිසයි. මිනරල් වතුර වලින් යම් සහනයක් ලැබෙන්නට පුලුවන්. ඒත් අපි ලිදකින් බොන වතර වල තියෙන ඛනිජ ලවන ප්‍රමාණය ඇත්දැයි කියන්නට නම් බැහැ. මොකද මේ වතුර පවිත්‍ර කරන අකාරය ගැන අපිට අවබෝධයක් නැති නිසා. ඒවාට මොන මොන කෙමිකල් එකතු කරනවාද දන්නේ නැහැ. කෙසේ නම් මිනරල් වතුර පානය කරන එක හොදයි. ඒ ගැන තිරණය ගැනීම ඔබ සතු වගකීමක් ලෙස දකිනවා.

53278887_836080426746445_7881336563789987840_n

ලිපිය හරියට ලියවුනේ නැහැ කියලත් හිතෙනවා මොකද එකපාරක් කම්පියුටර් එක ස්ටක් වුන නිසා. ප්‍රශ්න ඇත්නම් අපි කමෙන්ට් වල කතා කරමු.

තවත් කෙනෙකුට බලාගන්නට හැකිවන සේ ෂෙයාර් කරන්න.

අවශ්‍ය අයට මාගේ පුද්ගලික ගෘප් එකට එක්වන්නට පහත ලින්ක් එක භාවිතා කරන්න.

https://t.me/nayana

මේත් සිතිනි…!!

 

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *