LDL සහ HDL කොලෙස්ටරෝල් වල වෙනස කුමක්ද?

මා දන්නා හැටියට ශිරා වල රුධිරයේ සහ ධමණි වල රුධීරයේ ඇති ප්‍රධානම වෙනස තමයි ධමණි වල ඔක්සිජන් ප්‍රවාහනය කිරීමත් ශිරාවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රවාහනයත් යන දෙක. අපි යකඩ කෑල්ලක් මිදුලට විසි කරලා දින කිහිපයකින් බැළුවෙත් පෙනෙනවා ඒක මළ මැදිලා කියලා. ඒ කියන්නේ ඔක්සිකරනය වෙලා කියන එක. නැතිනම් ඔක්ෂිජන් යකඩ සමග එක්වෙලා ෆෙරස් ඔක්සයිඩ් හදලා කියන එක. මෙම ක්‍රියාවලිය ඔක්ෂිජන් සහිත ඕනිම පරිසරයක සිදු වෙනවා. ධමණි බිත්තියේ ඇති පලමු සෛල ස්ථරය එන්ඩොතීලියමය ලෙස හදුන් වනවා. මෙම සෛල ස්ථරය සහ ඉන් ඇතුලත ඇති සෛලද සියල්ල එකිනෙක බැදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන වලිනි. ධමණියේ ඉිදිරියට ඇදෙන රුධිරයේ ඇති ඔක්ෂිජන් අණු ඉන් මිදී මෙම ධමණි බිත්තියේ ඇති සෛල අතර අන්තර් බන්ධණ බිද දමා එම ඉලෙක්ට්‍රෝන සමග එක්වි ඔක්සයිඩ සාදනවා. මේ හේතුව නිසා අදාල ස්ථානයේ සෛල බිත්තියට හානි වෙනවා. මෙම තත්වය සමනය කරන්නට තමයි අක්මාව විසින් අපි නරක කොලෙස්ටරෝල් කියන එල් ඩී එල් කියන කොලෙස්ටරෝල් නිපදවන්නේ. අදාල කොලෙස්ටරෝල් මෙම හානිය ඇතිවූ තැනට ඇවිල්ලා තැන්පත් වෙනවා. මෙම තැන්පත් වීම දිගින් දිගටම සිදු වන නිසා අදාල ස්ථානයේ ප්ලාක් එකක් නිර්මානය වෙනවා. මෙය හෘද රෝගයක් ඇතිවීමට මග පාදනවා.

මේ අනුව මෙම තත්වයට ඇත්තටම හේතුව වූයේ ධමණි බිත්තියේ ඇතුලත ඇති එන්ඩොතිලියමය ඔක්සිකරණය වීමයි. මෙම තත්වය මග හරවා ගන්නේ කෙසේද යන්න ඉතාමත් වැදගත් වේ. හේතුව ඔක්සිකරණය වීමනම් අපි සිදු කරන්නට ඕනි ඔක්සිකරණය නැවැත්විය හැකි දෙයක් රුධිරයට එක් කිරීමයි. එවැනි පෝෂණ කොටසක් අපි ගන්නා ආහාර වල ඇත. ඒය ප්‍රති ඔක්සිකාරක ලෙස හදුන්වයි. අපි මෙසේ ප්‍රති ඔක්සිකාරක දෛනිකව අපගේ ආහාරවලට එක් කරගන්නේ නම් අදාල ඔක්සිජන් මුක්ත ඛණ්ඩක වලට සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන සොරාගැනීමට අවශය නොවේ. මෙසේ ආහාර වේලට ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර එක් කර ගත්විට මෙතෙක් තිබූ අවධානම පහව යයි. මේ නිසා අක්මාව විසින් HDL කොලෙස්ටරෝල් නැතිනම් හොද කොලෙස්ටරෝල් නිපදවා රුධිර සංසරන පද්ධතියට මුදා හරී. මෙම HDL අදාල ස්ථානයට පැමිණ මින් පෙර දැමූ පැලැස්තරය ගලවා දමයි. එම LDL කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත ගෙන යයි. ඉතින් අපි කල යුතු වන්නේ LDL විනාශ කිරීම නොව HDL නිපදවීමට හැකි ප්‍රති ඔක්සිකාරක සහිත ආහා අනුභව කිරීමයි. මේ අනුව ස්ටැටින් ඩ්‍රග්ස් වලින් මිදිය හැකිය. අල්සයිමර්ස් වලින්ද මිදිය හැකිය.

එපමනක් නොව එන්ඩොතීලියම මගින් අප සිරුරේ යම් තැනක ලේ කැටියක් ඇති වුවහොත් එයට එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කල හැකි නියට්‍රික් ඔක්සයිඩ් නිපදවයි. මෙම නියට්‍රික් ඔක්සයිඩ් මගින් අදාල කාර්‍යය තත්පර තුනකට අඩු කාලයකදී සිදුකරයි. දැන් දැන් වැඩිවෙමින් පවතින හෘදරෝග සහ ස්ට්‍රෝක් වලට හේතුවද මෙමගින් පහවී යනු ඇත. නමුත් අප ගේ දෛනික ආහාර වේල නිසා අප රුධිරයට එක්වන මුක්ත ඛණ්ඩක ප්‍රමාණය දිනෙන් දින ඉහල යන නිසාත් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර පරිභෝජනය අඩු නිසාත් එන්ඩොතීලියම එන්න එන්නම විනාශ වෙමින් පවතී. ඒ නිසා අදාල ස්වභාවික ආරක්ෂාව නැතිවී ඇත. අවසානයේ බහිපාස් වලින් තමා රෝගියෙකු ලෙසට ජීවිත කාලය පුරාවටම ජීවත් වීමට සිදුවී ඇත.

ප්‍රති ඔක්සිකාරක මනින ඒකකය ඕරැක් (ORAC – Oxygen Radical Absorbance Capacity ) ලෙස හදුන්වයි. මෙම අකුරු හතර ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර විශාල ගණනක් දැනගත හැකිය. කුරුදු, මුරුංගා කොළ, කරාමු නැටි මේ අතර ඉහලින්ම සිටී. දිනකට අපගේ සිරුරට අවශ්‍ය ORAC ඒකක ගණන 20000 ක් බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය කුරුදු කුඩු තේ හැන්දක් සහ මුරුංගා කොල කුඩු තේ හන්දක් දෛනිකව ආහාරයට එක් කර ගැනීම මගින් ලබා ගත හැකිය. මේ පිලිබදව සොයා බලන්න.

මෙම අදහසට වැඩි පිරිසක් එකග නොවන බව මම දනිමි. නමුත් මේ අකාරයෙන් කොලෙස්ටරෝල් ගැන බලන කෙනෙකුට ඉතාමත් ඉක්මනින් ඉන් මිදීමට මග පෑදේ. එසේම ඔහුට බයිපාස් කිරීමක් කිසිදිනක අවශ්‍ය නොවේ. රෝග මූලය දැනගෙන ඊට පිළියම් යෙදීම හෝලිස්ටික් ක්‍රමයයි. රෝග ලක්ෂණ පාලනය කිරිම ඇලෝපැතික් ක්‍රමයයි. මෙය ඉතාමත් විස්තරාත්මකව ලිවිය යුතු වුවත් ඉතා මත් කෙටියෙන් මෙහි සටහන් කලෙමි.

මෙත් සිතිනි.!!

Close Menu