Anti-aging

51184363_813710055650149_4333574714074071040_n

මේ කාලයේ විශාල වශයෙන් කරන කතා තමයි හම රැලි වැටෙන්නේ නැතිව ඉන්නේ කහොමද? කොන්දේ අමාරුව නැතිව ඉන්නේ කොහොමද? දනිස් හන්දි වේදනා නැතිව ඉන්නේ කොහොමද? නින්දෙදි ගොරවන්නේ නැතිව ඉන්න පුලුවන්ද? වගේ කාරණා. මේ සියල්ලම බද්ධ වෙලා තියෙන්නේ අපි වයසට යාම කියන සංසිද්ධියත් එක්කයි. ඇත්තටම මෙය නතර කරන්නට හැකිද? මේ සදහා නානාප්‍රකාර ක්‍රීම් වර්ග වෙලදපොලට එන අතර එසේ පැමිණෙන්නේ ඔබ ඒ ගැන දක්වන උනන්දුව නිසයි. ඉල්ලුමට සැපයුම ලබා දෙන වෙළදපොල ආර්ථික රටාවක් තුල ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

ඉන්දියාව චීනය වගේ රටවල පෙර රජකල රජ පවුලේ අයටත් උසස් පවුල් වල අයටත් තම කය නිරෝගිව තබාගන්නට භාවිතා කල ඖෂධ වර්ග තිබේ. ඒවා මිලෙන් ඉතාමත් අධිකය. උදාහරණයක් ලෙසට චීනයේ එක පලාතක එක් කදු පන්තියක හැදෙන පණුවන් වර්ගයක් වන කෝඩිසැප් ග්රැම් එකක් රත්තරන් ග්‍රෑම් එකකට වඩා මිලෙන් වැඩිය. සමහර විට රත්තරන් වගේ හතර ගුණයක් පමණ වේ. මේවා ආහාරයට ගැනීමෙන් තමන් වයසට යෑම අඩු වන බවත්. නිරෝගිව සිටින්නට හැකි බවත් චීන ජනතාව පිලිගනී. එම පණුවන් හිම යට ගල් ගැසී හිම අඩුවී වසන්ත කාලය එන විට පොලොවෙන්මතුවී හතු මෙන් පොලාවට උඩින් පෙනෙන්නට පටන් ගනී. මෙම පණු විශේෂය අදාල ශීත කාලයේදි තම සිරුරෙන් ශ්‍රාවය කරන යම් රසායනයක් මෙසේ ඔසුවක් ලෙසට ගන්නා බවයි දැක්වෙන්නේ. මේ කාලය තුලදී මිනිසුන් එකිනෙකා මරාගෙන මේ කොඩිසැප් සොයන බවයි දැනගන්නට ඇත්තේ. කෙසේ නමුත් මේවා මිලට ගන්නට හැකිකේ පොහොසත් අයට පමණි.

ඉන්දියාවේ මීට වඩා වෙනස් ක්‍රමයක් පැවතී ඇත. එනම් “කාය කල්ප” නැමති සිරුරේ සෛල වල ඩී එන් ඒ උත්තේජනය කර නැවතත් සිරුර වසර තිහකින් පමණ ආපස්සට ගන්නා ක්‍රමයකි. මේ ක්‍රමය දැන් ඉන්දියාවේ හිමාලයේ වැනි ප්‍රදේශ වල දක්නට හැකි බව දැනගන්නට ඇත. නමේ අරුත සේම කය කල්පයක් පවත්වන යැයි සිතිය හැකිය. මේ වවසන්නේ අයු කල්පයක් යැයි මා සිතනවා.

51144467_813710062316815_6316920276982431744_n

අවුරුදු 185 ක් ආයු වැළදූ තපස් විජී නම් යෝගී වරයා ගැන ලිඛිත සටහන් ඉන්දියාවේ ඇත. එතුමා “කාය කල්ප” ක්‍රම තුනක් භාවිතා කල බවත් අදාල ක්‍රමවේදයන්ට අනුව ආහාර අනුභව කල බවත් එතුමා යෝගී ජීවිතයක් ගත කල බවත් එම පොතේ සදහන්ව ඇත. අවුරුදු 185 ක් නිරෝගීව සිට 1955 වසරේ කකුලේ ඇතිවූ විසරයක් ඉවත් කිරීමට බටහිර ශල්‍ය කර්මයකට භාජනය වී මිය ගිය බව ද මේ පොතේ සටහන් වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට යෙමුවූ පලමු අවස්ථාවේම එතුමා මරණ්‍යට පත් වීම දෛවයේ සරදමක් වැනිය. කෙසේ හෝ සොබාදහම සමග සිටිනා තාක් වයසට යෑම ප්‍රමාද වේ.

අපිට දැන් “කාය කල්ප” ක්‍රම සොයා ගත නෙැහැකි විය හැකිය. එහෙත් අපිට මේ වසර 185ක් ජීවත් වූ යෝගී තුමාගේ කතාවෙන් ඉගෙන ගන්නට යමක් ඇත. ඒ නම් මානසික දියුණුව නොමැති වීම මහලු වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන බවත්. මානසික ශක්තියෙන් මහළු විම පාලනය කල හැකි බවත්ය. ඔබ දැන් වයසයි කියා සිතනා තාක් ඔබ මහළු බවට පත්වන්නේය. ඔබගේ සිත තවමත් තරුණ අවධියේ නම් ඔබගේ වයස පිටතට පෙනෙන්නේ වත් නැත. නමුත් ඔබ ඒ පෙනීම අඩු කරගන්නට භාවිතා කරන මේක්අප් එකම ඔබට නැවත පාරා වලල්ලක් වී ඇවිත් බව ඔබ දන්නේ නැත. ඔබ මුහුනට පවුඩර් ටිකක් උලන වෙලාවෙත් ඔබ කල්පනා කරන්නේ මම දැන් කැතයි. මමදැන් අවලස්සනයි, ඉස්සර තරම් මං දිහා කට්ටිය බලන්නේ නැහැ. මම අරයා වගේ නැහැ වගේ ඍණාත්මක සිතිවිලිය. මේ නිසා ඔබ පිටතින් යම් කෙනෙකු රැවටුවත් ඇතුලතින් ඔබ මහලු වීම ශීඝ්‍ර කරගෙන ඇත. ඔබ ස්වභාවික ලස්සන පවත්වාගන්නට පිරිසිදුව සිටීම පමණක් සිදු කරන්නේ නම් ඔබ ලස්සනයි යන ධනාත්මක සිතිවිල්ල ඔබගේ සෛල වල වර්ණදේහ වල ඇති ටෙලමියර්ස් යන කොටස ගෙවීම පමා කරන්නට පවා විශාල බලයකින් යුක්තය. ඔබගේ ක්ෂණික මානසිකත්වය මේ සියල්ලටම හේතු වී ඇති බව වැටහේවායි පතමි. ඔබ ඍනාත්මකව සිතනා තාක් ඔබගේ නියම ලස්සන මතුපිටට නොඑන බව දැනගන්න.

වර්ණදේහ යුගල් 23 ක් බැගින් අපගේ ට්‍රිලියන 60 – 100 ක්පමණ වන සියලුම මිනිස් සෛල වල ඇත. මෙම සෛල වලින් මිලියන 300 ක් සෑම විනාඩියකම මරණයට පත්වේ. මෙසේ මරණයට පත්වී නැවත අලුතෙන් හැදෙන සෛල වල මේ වර්ණ දේහ වල කෙලවර ඇති ටෙලමියර් නැමති කොටස මුලින් තිබූ සෛල වල ටෙලමියර් එකට වඩා දිගින් අඩුවීම සිදුවේ. මේ අනුව දැනට මානවයා සතු මෙම ටෙලමියර් සම්පූර්ණයෙන් ගෙවා දමන්නට වසර 120 ක් ගත වේ. ටෙලමියර් ගෙවී අවසන් වූ පසු අදාල සෛල වලට නැවත නව සෛලයක් නිර්මාණය කරන්නට නොහැකිය. මේ නිසා සිරුරේ කොටස් එන්න එන්නම දුර්වල වේ. කෙසේ වෙතත් මෙම ක්‍රයාවලිය සම්පූර්ණ වීමට වසර 120 ක් ගතවේ.

අපගේ මානසිකත්වය මෙම ක්‍රියාවලිය වේගවත් කරයි. ඔබ දැන් මම වයසයි කියලා සිතනා විට මෙම කොටස් ඉකිමණින් ක්ෂයවන්නට පටන් ගනී. රජයේ රැකියා කරන අය විශ්‍රාම ගිය පසු ඉතාමත් ඉක්මනින් වයසට යනවා සමහර විට ඔබ දැක ඇති. ඒ දීර්ඝ කාලයක් තම යහලුවන් සමග සතුටින් සිටි අය එක වරම නිවසට වී තමන් දැන් වයසට ගිහින් යැයි සිතන්නට පටන් ගන්නා නිසාය. ජපානය, සිංගප්පූරුව වගේ රටවල වැඩකරන අයට වැඩි කාලයක් සේවයේ සිටින්නට සලස්වා ඇත. එසේම මෙම රටවල අපේක්ෂිත ආයු කාලයද ඉතාමත් වැඩිය. ඔවුන් වයසට ය න ශීඝ්‍රතාවයද ඉතාමත් අඩුය. මේවා ගැන ඔබම සොයා බලන්න. මම කරුණු කහිපයක් ඔබගේ මනසට දානවා පමණයි.

මානසිකව වයසට නොයෑම, නිවැරදි ආහාර රටාව, අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම, තම ලේ අපිරිසිදු වන ඊර්ෂ්‍යාව, වෛරය, ක්රෝධය වැනි මානසික විෂ මනසින් ඉවත් කරගැනීම. ව්‍යායාම, භාවනාව වැනි කරුණු මත ඔබට ඔබගේ ලස්සන සහ වයස වර්ධනය කරගත හැකිය. නමුත් මා මේ කියන දේ පිලිගන්නට ඔබගේ යටි හිත සූදානම් නැත. ඒ ඔබ හෙටත් මේක්අප් කලයුතු නිසාය.

‍මේ වන විට විද්‍යාඥයින් වර්ණදේහ වල ටෙලමියර්ස් ගෙවීයාමේ වේගය අඩු කරනා ආකාරය ගැන පරීක්ෂණ පවත්වමින් සිටින අතර පහත දැක්වනෙ වීඩියෝව ඊට කදිම නිදසුනකි.

‍හෙළ වෙදකම තුලද මෙවැනි සැගවුනු ඔසු ඕනෑ තරම් ඇත. එහෙත් උගත් යැයි කියා ගන්නා කොටසක් හෙළ වෙදකම පාගාගෙන සිටින නිසාම මේවා උඩට ගන්නට නොහැකි වී ඇත. එක කොටසක් ලංකාවේ පාරම්පරික දේශිය වට්ටෝරු විදේශ වලට විකුණා මුදල් උපයන අතර තවත් කොටසක් දේශීය පාරම්පරික ඥාණයට මතුවන්නට ඉඩ නොදී ඒවාට අවලාද නගා පාගා දමයි. ඒ ගැන උඩසිටින දේවියන්ට කියනවා හැර වෙන කියන්නටද කෙනෙක් නැත. නමුත් කර්මය ඔවුනට යන තැන නියම කරනු ඇත. මොවුන් තම අවසාන කාලය ගෙවන්නේ බෙහෙත් සොයාගන්නටවත් බැරි රෝගයකට ගොදුරු වීමෙන් බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

වරක් දෙවරක් නොව කිහිප වරක් කියවා තේරුම් ගන්නට හැකි වේවායි පතමි.

පහත ලින්ක් එක මගින් මාගේ පුද්ගලික ගෘප් එක හා එක්වී ඔබගේ ගැටලු වලට පිලිතුරු ලබා ගන්න. Telegram app එක නැතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.

තවත් කෙනෙක් ලස්සනට ඉන්නවාට කැමති නම්ෂෙයාර් කරන්න.

https://t.me/nayana

‍මෙත්සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *