ස්ට්‍රෙස් ගැන ලිපියටම තවත් ඌණ පූර්ණයක් ලෙසට මේ ලිපියද ලියන්නට සිතුනා.

හෝලිස්ට්ක් වෛද්‍ය ක්‍රමයට අනුව රෝගයක් සුව කරන්නට යන වෛද්‍ය වරයා රෝගියාව ආකාර තුනකින් හදුනා ගන්නවා. ඒ මානසික තත්වය, කායික තත්වය සහ කර්මය යන තුන. බට හිර වෛද්‍ය විද්‍යාව කර්මය ගැන කොහොමත් වද වෙන්නේ නැහැ. ඉතිරි දෙක වෛද්‍ය වරුන් කණ්ඩායම් දෙකකට බාරදී තිබෙනවා. මානසික සහ කායික වශයෙන්. නමුත් හෙළ වෙදකම, ආයුර්වේදය, හෝමියෝපති, චීන පාරම්පරික වෛද්‍ය ක්‍රමය, චින කටු චිකිත්සාව වැනි හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම කයට වඩා ප්‍රමුකත්වයක් දෙන්නේ මනසට සහ කර්මයටයි. මේ දෙක සමබර කරගැනීම මගින් රෝගියාගේ කායික තත්වය යහපත් අතට පත් කරගන්නට ඉතා පහසු බව මේ වෛද්‍ය ක්‍රම හොදින්ම දන්නා නිසාය.

නමුත් දැන් දැන් මේ වෛද්‍ය ක්‍රම වලටත් බටහිර ආභාශය නිසාද කොහෙද මානසිකපසුබිම සහ කර්මය ගැන කතා කරන්නේ ඉතාමත් අල්ප වශයෙනි. මුදලට යටවුනු සමාජයක තවත් එක් ව්‍යාපාරයක් පමණක් වූ වෙදකම දැන් දැන් ආධ්‍යාත්මික ශක්තිය අතින් ඉතාමත් දුර්වල තත්වයකට පත්ව තිබේ. ආයුර්වේද වෛද්‍ය වරුන්ට දැන් stethoscope එක නැතිව රෝගියෙක්ව පරීක්ෂා කරන්නට නොහැකිවී ඇත්තේ මේ නිසාය. එදා නාඩි බලා සියළුම රෝග නිර්ණය කරන්නට ගමේ වෙදමහතාට හැකිවූයේ ඔවුන් තුල තිබුනු ආධ්‍යාත්මික ශක්තිය නිසාය. ඒත් අද එහෙම නැහැ. මේ නිසා හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමත් දැන් දැන් ඇලෝපැතික් වන්නට පටන් ගෙන ඇත. මාගේ මාතෘකාව මෙය නොවන නිසා මම ඒ පැත්තට හැරෙන්නම්.

මා හට ඇති හොදම උදාහරණය තමයි පිළියන්දල සම්පත් වෙදමහතා. එතුමා වෙදකම් කරන පිලිවෙලක් තියෙනවා. සෑම දවසකම වෙදකම පටන් ගන්න කලින් පැයක පමණ බුද්ධ පූජාවක් පවත් වනවා. මේ නිසා පැමිණෙන රෝගින් තම කර්මය යම් තාක් දුරට යටපත් කරගෙන මානසිකව යම් තාක් සන්සුන්ව තමයි තම වෙදකම කරගන්නට යොමු වන්නේ. එපමණක් නොව සෑම මසකම පලමු සෙනසුරාදා සියළුම රෝගීන්ට සහභාගී වීම සදහා ආශිර්වාද පූජාවක් පවත්වනවා. එය බුද්ධ පූජාවක්. මෙය පවත්වන්නේ පඨිභාන පූජාවක් ලෙසයි. මෙම පූජාව පැය හයක් හතක් පමණ කාලයක් එකදිගට පවත් වන අතර මෙමගින් රෝගියාගේ සිතට දැනෙන සහනය සහ ශක්තියද ඔහුගේ කර්ම ගෙවාදැමීමට ඇතිවන කුසල ශක්තියද අතිමහත්. මේ අනුව කායික රෝගයට පමණක් පිළියන්දල සුවසෙත හෙළ ඔසු ආයතනයේ බෙහෙත් දෙන්නේ නැහැ.

අපි දැක තිබෙනවා පලමු දින වල රෝගීන්ගේ ඕරා එක නෙවෙයි ටික දවසක් බෙහෙත් ගත්තට පසු තිබෙන්නේ. ඕරා එක මගින් නිරූපනය වන්නේ කෙනෙකුගේ සිතේ ඇති ශක්තියයි. ඒක එක් වර්ණ වලින් එක් එක් මානසික තත්වයන් නිරෑපනය වෙනවා. ඒ ගැන අපි වෙනම මාතෘකාවකින් කතා කරමු. කෙසේ වෙතත් මේ ඕරා එක වෙනස් වන්නේ කෙසේද? කායික රෝගය පමණක් වෙනස් කරන්නට බෙහෙත් දුන්නා නම් මේ ඕරා වෙනස කරන්නට සම්පත් මහතාට නොහැකිය. ඒ එම ස්ථානයේ ඇති මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි.

ආධ්‍යාත්මික ශකිතිය කෙසේ කායිකව බලපායිද යනු දැන් සලකා බලමු. රෝගියා තම රෝගය නිසා මහා මානසික ආතතියකින් පෙලෙනවා. මේ මානසික ආතතිය තියෙනා තුරු මා පලමු ලිපියේ සදහන් කල කෝටිසෝල් හෝමෝනය සිරුරේ එකතු වෙනවා. මේ කෝටිසෝල් මෙම රෝගියාගේ පහ දැක්වෙන ශාරීරික ක්‍රියාවලීන් නවත්වා දමනවා.

අක්මාව ග්ලයිකෝජන් ලෙස තැන්පත් කර ඇති ග්ලූකෝස් නැවත රුධිරයට මුදා හරිනවා. මේ නිසා රුධීර ගත ග්ලූකෝස් මට්ටම වැඩිවෙනවා.

  1. සිරුරේ තැන්පත්ව ඇති මේදය ක්ෂ්‍ය වෙන්නට පටන් ගන්නවා.
  2. ඇමයිනෝ අම්ල අවශෝෂනය නවත්වනවා.
  3. පෝෂණය අවශෝෂනය සීමා කරනවා.
  4. ස්ටෙම් සෛල නිපදවීම නවතනවා.
  5. සෙරොටොන්න් සහ ඩොපමින් යන හෝමෝන නිපදවීම නවතනවා.
  6. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා.
  7. මතක ශක්තිය අඩු කරනවා.
  8. වේදනාවට ඇති සංවේදීතාවය අඩු කරනවා.
  9. රුධිර පීඩණය වැඩි කරනවා.
  10. සිරුරේ මුක්ථ කණ්ඩක වැඩිවීම නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහල යනවා. ( මේ කාරණාව වෙනම කතා කල යුතුයි)

දැන් බලන්න මේ සියළු කාරණා වලට හේතුව වූයේ කොටිසෝල් නම් හෝමෝනය සිරුරේ එකතු වීමයි. එසේ සිදුවන්නට හේතුව කුමක්ද? ඔබ ඔබගේ රෝගය ගැන මහා ආතතියකින් සිටීමයි. තම දූදරුවන්, ගේ දොර , මිලමුදල් ගැන සිතමින් කාලය ගත කිරීමයි. අවසානයේ මේ නිසාම ඔබට මේ විශාල රෝග ගණනාවක් දරාගන්නට සිදුවෙනවා. අවසානයේ සිහියෙන් මිය යන්නට වත් වාසනාව නැතිව ඩිප්‍රෙෂන් තත්වයකින් තමයි කාලය ගත කරන්නට වෙන්නේ. ඒ සෙරොටොනින් නැමති හෝමෝනයත් නැති නිසා.

අපි කරන්නට තියෙන්නේ කුමක්ද? මුලින්ම තම රෝගයට ඇති බිය තුරන් කරගත යුතුය. තම රෝගය අනිවාර්‍යෙයන් සුව වන බවට තරයේ විශ්වාස කල යුතුය. එය සුව කරන්නට නොහැකි රෝගයක් යැයි යම් කෙනෙක් කියනවා නම් ඒ කෙනා ගෙන් බෙහෙත් අරං කිසිදු සෙතක් නොවන බව දැන ගත යුතුය. ධනාතමකව සිතන්නට පුරුදු විය යුතුය. තමන්ට හැකි ආකාරකින් මෛත්‍රී භාවනවා වැනි භාවනාවක් වඩන්නට පුුහුනු විය යුතුය. විශේෂයෙන්ම තමන්ගේ ගුණ වගාකරගත යුතුය. අපි අදත් කතා කරන්නේ බුදුන් වහන්සේගේ ගුණයි. ජේසු තුමාගේ ගුණයි. නභිතුමාගේ ගුණයි. මේ ගුණ පසුපස තමයි මේ තරම් පිරිසක් ඒකරාශී වෙලා තියෙන්නේ. අපි බුදුන් වදිනවා කියලා කරන්නේ බුදුගුණ සිහිකිරීමයි. ඒ වගේ තමන්ගේද ගුණය හදාගන්න. එවිට කෝටිසෝල් මට්ටම වැඩිවන්නට ඇති හේතු අඩු වෙනවා.

ඊලග කාරණාව තමන්ට ආතතිය ඇතිවන පරිසරයෙන් ඇත්වන එක. රූපවාහිණීයේ කතා ටික තමයි රෝගියෙකුගේ ආතතිය වැඩිම කරවන තැන. ඒ කතාව ඉදිරියට යන්නේ නරඹන්නාගේ ආතතියට පින්සිද්ධ වෙන්නයි. මේ නිසා නිශ්පාදකයා හැකිතරම් ආතතියක් මේ රූප පෙට්ටිය හරහා සාලය මැදට මුදා හරිනවා. අනේ අපිත් හරිම ආශාවෙන් මේ ටික වැලදගෙන අපේම කෙනෙකුට සිදුවූ අසාධානරයක් ලෙස සලකා ඒ ආතතියද සිතේ දරාගෙන නින්දට යනවා. පසුදා වැඩට යන්නේද ඒ ආතතිය එක්කමයි. ඉතිං රාජකාරිය හරියට කර ගන්නත් බැහැ. මොකක්දෝ බරක් යටි හිතේ තියෙනවා. ඒත් මොකක්ද කියලා හිතා ගන්න බැහැ. පැත්තකට ගිහින් ටිකක් හොදින් තම සිත පිටුපසට මෙහෙයවා බන්න, මතකයට එයි ඊයේ රෑ අර කතාවේ අරයට සිදුවුනු අසාධානරය තමයි මේ මාගේ සිතේ තියෙන්නේ කියලා. එහෙම හිතලා ඒ ආතතිය ඉවත් කරගන්න. මේ විදිහටත් අපිට ආතතියෙන් මිදෙන්නට හැකියි. ඒ සදහා හිප්නො කෙයාර් ක්‍රමද තියෙනවා.

ගුණ ධර්ම ගැන කතා කල නිසා පොඩි උදාහරණයක් කියන්නම්. මේ දේ මෙතන කිව්වා කියලා මෙයට සම්බන්ධ කෙනා මා සමග උරණ වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඔහුටත් මෙය එම වරද නිවැරදි කරගෙන තම රෝගය සුව කරගන්නට හේතුවක් වන නිසයි මෙසේ පවසන්නේ. මම එක පිරිමි ලමයෙක් සම්පත් මහත්තයාට යොමු කලා යම් රෝගී තත්වයක් හේතුවෙන්. ඒ දවස්වල මම හිටියේ ලංකාවේ නෙවෙයි. එයාටත් යම් මානසික ආතතියක් තිබුනා මේ රොගී තත්වය නිසාම. ඒත් මුදල් නැති බව පැවසූ නිසා මම මුදල්ද මාගේ සහෝදරයෙකු මාර්ගයෙන් ලැබෙන්නට සැලැස්වුවා. මේ නිසා පලමු දිනයේ බෙහෙත්ටික ඔහු ගත්තා. සති තුනකට පසු ඔහු ආපසු බෙහෙත් ගන්නට ආවා. ඒ පාර ඔහු සතුව මුදල් තිබුනා. නමුත් එදින අර මම කියපු සහෝදරයා සමග කතා කලේවත් නැහැ. මමත් එදා එතන සිටියත් මා සමගවත් කතා කලේ නැහැ. මේ බව මට මගේ සහෝදරයා පැවසුවා. මම කිව්වා කමක් නැහැ එයාට යම් සුවයක් ඇතිනේ, ඒකනේ දෙවැනි වතාවටත් ආවේ. අපි අපේ යුතුකම කලා එපමණයි කියලා. මේ විදිහට තුන්වෙනි වතාවෙත් බෙහෙත ගන්නට ආවා.එදා මාව දැකල මංගාවට ඇවිල්ලා වැදලා ක්ව්වා මම තමයි අර මහත්තයාට කතාකලේ කියලා. ඉතිං මමත් ආශිර්වාද කරලා බෙහෙත් බීලා සනීප වෙන්න කියලා කිව්වා.

ටික දවසකින් මම දැක්කා වීඩියෝවක ඔහු තමන්ගේ රෝගය සුවපත් වූ බවත් එතනට ආවේ ෆේස් බුක් දැන්විමක් දුටු නිසා බවත් වශයෙන් විශාල කතාවක් කරනවා. ඒ කතාව නිසා මට සතුටක් ඇතිවුනා. දැන් මේ දරුවට සනීපයිනේ කියලා. ඒ කිසිම තැනක ඔහුට මුලින් උපකාර කල කිසිම කෙනෙක් ගැන හෝ මෙතනට එන්නට උපකාර කල කෙනෙක් ගැන සදහනක් තිබුනේ නැහැ. එසේ සදහන් කිරීමෙන් මා කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනත් එතන යම් කෙනෙකුගේ ගුණ මැකුවා නේද කියලා මට හිතුනා. යම් කෙනෙකුගේ ගුණ මැකීම තමන්ගේ ගුණ යටපත් වන්නට හේතු වෙනවා. මේ නිසා තම රෝගය ගුණ වන්නට එය බාධකයක් වෙනවා. එය ඔහුට කෙසේ බලපායිද කියලත් මගේ හිතට පොඩි සැකයක් මතුවුනා.

දැන් ටික දවසකට කලින් මට කතා කරල කිව්වා මට ආපහු අර අසනීපේ තියෙනවා කියලා. මම කිව්වා සෙනසුරාදා ආශිර්වාද පූජාවට යන්න. තමන්ගේ ගුණය හදාගන්න කියලා. ඒත් මං කියපු දේ තේරුනාද දන්නේ නැහැ. මම මේ ටික මේ විදිහට කිව්වේ තමන්ගේ ගුණය නැති කරගන්න එපා කිසිම හේතුවක් නිසා. එය ඔබගේ යටි සිත දන්නවා. ඔබ කලේ ගුණමකු වැඩක් කියලා. මේ නිසා කොටිසෝල් වගේ අපිට රෝගයක් සුව වන්නට බාධා පමුණුවන හෝමේන ක්‍රියත්මක වෙනවා. ‍මේ ගැන ගැඹුරින් සිතා බලන්න. කිසි කෙනෙක් මේ කතාව පුද්ගලිකව ගන්න එපා. ඔබට යම් කෙනෙක් වතුර උගුරක් දුන්නත් ඒක අමතක කරන්න එපා. ඒක ඒ වතුර උගුර දුන්න කෙනාගේ ගුණයක්. මට තැඹිලි දුන්නේ නැහැනේ කියලා වතුර දීපු එකේ ගුණය මකන්න එපා. ඒක ගුණ මකු කමක්.

ඔබේ නිවසේත් යම් රෝගියෙක් සිටිනවා නම් මුලින්ම සිදු කල යුත්තේ ඔහුගේ මානසික ආතතිය නැති කරන්නට අවශය මග පාදා දෙන එකයි. මම දැක තියෙනවා බොහෝ විට රෝගියා සමග රණ්ඩු සරුවල් කරන අය. තමන්ගේ ආතතියත් අවසානයේ අර අසරණ රෝගියා හරහා තමයි පිට කරන්නේ. ඩිප්‍රෙෂන් තත්වය නිසා බෙහෙත් බෙන එකත් මේ කෙනා ප්‍රතික්ෂේප කරන්නට හැකියි. අපි කල යුත්තේ රෝගියාව සතුටින් තබන එකයි. පිට රටවල නම් රෝගියෙක් බලන්නට යන කෙනෙක් මල් තමයි අරං යන්නේ. ඒ අර රෝගියාට යම් සතුටක් දනවන්න. කවදාවත් රෝගියෙක් බලන්න දුක්මුසු මුහුනින් යන්නඑපා. ආ ඊයෙට වඩා අද හොදයිනේ කියන මානසිකත්වය රෝගියාට ලබා දෙන්න. එය සත්‍යයක්ම වේවි. ඔබගේ මානසික ශක්තියත් රෝගියාට සම්ප්‍රේශනය කරන්න. සමහර අය ඉන්නවා හොද වැඩේ තොට මේහේම වුනේ මට මෙහෙම කරපු නිසා තමයි කියලා හිතාගෙන තමයි ලෙඩාව බලන්න යන්නේ. මතක තබා ගන්න කර්මයක් ගෙවන කෙනෙකුගෙන් පලිගන්න යන්න එපා. ඒක තමන්ට විශාල අකුසල කර්මයක් වෙලා නැවත පැමිණේවි.

ඉහත කතා කල කාරණා 11 පසුව වෙනම ලිපියකින් ගෙන එන්නම්.

ඔබට යමක් දැනුනානම් පමණක් ෂෙයාර් කරන්න.

සතුටින් ඉන්න…

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

If you agree to these terms, please click here.