සමහර අයට කෙට්ටු වෙන්නත් සමහර අයට මහත් වෙන්නත් උවමනාව තියෙනවා. කෙට්ටු අය මහත් වෙන්නට විටමින් මිනරල් වර්ග සොය සොයා බොනවා. මේක හරියට දැනගත යුතු කාරණාවක්.

සමහර අයට කෙට්ටු වෙන්නත් සමහර අයට මහත් වෙන්නත් උවමනාව තියෙනවා. කෙට්ටු අය මහත් වෙන්නට විටමින් මිනරල් වර්ග සොය සොයා බොනවා. මේක හරියට දැනගත යුතු කාරණාවක්. ස්ථූල තාවය ගැන අපි මීට පෙර කතා කරලා තියෙනවා. ඒ නිසා කෙට්ටු වෙන්නේ ඇයි කියන එක ගැන කතා කරමු.

‍බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා විටමින් අඩුවීම නිසා තමයි කෙට්ටු වෙන්නේ කියලා. විටමින් වර්ග 16 ක් අපිට දෛනිකව ශරීරයට ඇතුලත් කල යුතු වෙනවා. ඒත් ඒ මහත් වෙන්න නෙවෙයි. අපගේ දෛනික කාර්‍ය්‍යන් සිදුකරගන්නට සෛල වලට අවශ්‍ය පරිවෘතීය ක්‍රියා සිදු කරගන්නටයි. මුලින්ම ඒ මිත්‍යා විශ්වාසය ඉවත් කරගන්න.

අපි ගන්නා ආහාර වලින් තමයි අපේ සිරුර දෛනිකව අවශ්‍ය ශක්තිය නිපදවන්නේ. වාහනයක් ඉදිරියට යන්න නම් ඉන්ධන අවශ්‍ය වෙනවා. මේ වගේ අපේ සිරුරටත් ඉන්ධන අවශ්‍ය වෙනවා. මේ ඉන්ධන ලබා ගන්නේ අපි ගන්නා ආහාාර වලින්. වාහනයකට ඇත්තේ එක එන්ජිමකි. වාහනය විශාල වෙන්න විශාල වෙන්න එන්ජින් ගානත් වැඩි වෙන්න පුලුවන්. ඒ එන්ජිම ඇතුලේ කරන්නේ ඉන්ධන දහනය කරලා ශක්තිය නිපදවන එක. අපේ සිරුරේ ඇති එන්ජිම මොකක්ද? අපේ සිරුරේ ඇති ඕනෑම ජීවි සෛලයක් ඇතුලත එන්ජිමක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා. මේ එන්ජිම ඇතුලේ තමයි ග්ලූකෝස් දහනය කරන්නේ. එසේ දහනය කරලා ශක්තිය නිපදවලා තම සෛලයට අවශ්‍ය ශක්තිය තමයි නිපදවන්නේ. මේ එන්ජිමට අපි මයිටොකොන්ඩ්‍රියා mitochondria කියලා කියනවා. මේ mitochondria තුලත් DNA තියෙනවා සෛලයේ න්‍යෂ්ඨියේ වගේම.න්‍යෂ්ඨියෙන් පිටත DNA පිහිටන්නේ මේවා තුලයි. මෙම DNA වල අපගේ ශරීරයට ඇතිවූ ලෙඩරෝග සහ වෙනත් පරපෝෂිත ප්‍රහාර ගැන මතක සටහනක් තියෙනවා. අපි බයෝ රෙසොනන්ස් ටෙස්ට් එකක් කරන විට මේ mitochondria වල තත්වයත් චෙක් කරලා බලනවා මෙනවාද අතීතයේ තිබිලා තියෙන රෝග ගියලා. ඒක හරි වැදගත් දැනට තියෙන රෝගයක් සදහා අවශ්‍ය තීරණයක් ගන්න.

‍කෙසේහෝ මෙම එන්ජිම ග්ලූකෝස් තහණය කරලා නිපදවන ශක්තිය මනින්නේ කැලරි වලින්. අපි ගන්නා ආහාර වල ඇති පෝෂ්‍ය කොටස් ග්ලූකෝස් වලට, මේද අම්ල වලට, ඇමයිනෝ අම්ල වලට පෙරලනවා අපගේ ආහාර ජීරණපද්ධතිය තුලදී. මෙහිදී ග්ලූකෝස් මාංශ පේෂී සෛල, අක්මා සෛල සහ රතු රුධිර සෛල වල තැන්පත් කරනවා අවශ්‍ය වෙලාවට ගන්න. මේ සෛල වල ඇති mitochondria අවශ්‍ය වේලාවට ශක්තිය නිපදවන්නට මෙම ග්ලූකෝස් භාවිතා කරනවා. අපි හිතමු අපි දුවනවා කියලා. මේ දුවන වෙලාවට මාංශපේශී වැඩි පුර ක්‍රියා කරනවා. එවිට මාංශ පේශි වල ඇති ග්ලූකෝස් ඉක්මනට දහනය වෙනවා. ඉතිං රුධිරයේ ඇති ග්පූකෝස් නැවත නැවත සෛල ඇතුලට යොමු කරනවා. මේ නිසා තමයි ව්‍යායාම කලාම රුධිරගත ග්ලූකෝස් මට්ටම බහින්නේ. දිය වැඩියාව තියෙන කෙනෙකුට ව්‍යායාම කරන්න කියන්නේ ඒකයි.

‍කෙසේ හෝ අපි ගන්නා ආහාර වල ඇති ග්ලූකෝස් මේ විදිහට දහනය වෙනවා. ඉතිං අපි දිනපතා මෙම දහනය වන ප්‍රමාණය නැවත සිරුරට ලබා දිය යුතු වෙනවා. අපි හිතමු අපි දහනය වන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගත්තා කියලා. එවිට අදාල පෝෂ්‍ය කොටස් අපගේ සිරුරේ තැන්පත් වෙනවා. ඇමයිනෝ අම්ල මාංශ පේශි සෛල වලත්, මේද අම්ල සමට යටින් ඇති මේද සෛල වලත්, ග්ලූකෝස් මාංශපේශි, අක්මා සහ රතු රුධිර සෛල වල ග්ලයිකෝජන් ලෙසත් තැන්පත් වෙනවා. අපි වැඩිපුර ග්ලූකෝස් ප්‍රමාණයක් ශරීරගත කර තිබුනොත් කුමක් සිදුවන්නේද? ඒවා රුධිරයේ තබාගන්නට බැහැ. රුධිරයේ තිබිය හැකි ප්‍රමාණක් තියෙන නිසා. ඒවා මේදය ලෙසට පරිවර්ථනය වෙනවා. එසේ පරිවර්ථනය වී මේද සෛල වල තැන්පත් වෙනවා. යම් ලෙසකින් ග්ලූකෝස් මදි වුනොත් අදාල මේදය නැවතත් ග්ලූකෝස් බවට පත් කරන්නට හැකියාව අපගේ සිරුර සතු වෙනවා. යම් දවසක මේදයද අවසන් වන්නේ නම් මාංශපේශි වල ඇති ප්‍රෝටින හෝ මෙලෙස ශක්ති ජනනය සදහා භාවිතා කිරීමට සිරුර පසුබට වෙන්නේ නැහැ. මෙලෙස යමෙක් කෙට්ටු වන්නට පාර හැදෙනවා.

දැන් අපි දැනගත යුතු වන්නේ ග්ලූකෝස් අඩු වන්නට හේතු මොනවාද? වැඩිය ආහාර ගන්නට නොහැකි ඇයි, ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය නිසිලෙස වෙනවාද? වගේ කරුණුයි.

මුලින්ම අපි සොයා බලමු අපි දවසකට ගත යුතු ආහාර ප්‍රමාණය කොපමණද කියලා. මෙය දැනගත හැකි වන්නේ අපි දිනකට දහනය කරන කැලරි ගණන සොයා බැලීමෙනුයි.

අපි දවසකට Kcal කිලෝ.කැලරි 2000 න් විතර දහනය කරනවා. මෙය ටිකක් එහා මෙහා වෙනවා වයස, ස්ත්‍රී පුරුෂ, සෞඛ්‍ය තත්වය වගේ කාරණා මත. අපි ගන්නා ආහාර දහනය කර නිපදවිය හැකි කැලරි ගණනත් දැනගැනීම වැදගත් වෙනවා.

  • කාබෝ හයිඩ්රේට් ග්‍රෑම් එකක කිලෝ කැලරි 4ක ශක්තියක් අඩංගු වෙනවා.
  • ප්‍රෝටීන් ග්‍රෑම් එකක කිලෝ කැලරි 4 ක ශක්තියක් අඩංගු වෙනවා.
  • ඇල්කොහොල් ග්‍රෑම් එකක කිලෝ කැලරි 7 ක ශක්තියක් අඩංගු වෙනවා.
  • මේදය ග්‍රෑම් එකක කිලෝ කැලරි 9 ක ශක්තියක් අඩංගු වෙනවා.

‍මේ අනුව කිලෝ කැලරි 2000 ක් නිපදවන්නට අපි කෙතරම් ප්‍රමාණයක් දෛනිකව ආහාර ගත යුතුද කියලා අපිට ගණනය කරන්නට හැකියි. ඔබ ගන්නා ආහාර වල ඇති පොෂ්‍ය කොටස් ගැන සිතා බලා ගණනය කරන්න. ඔබ යම් හෙයකින් වැය වන ශක්තියට වඩා අඩුවෙන් නම් ආහා ගන්නේ හෝ අවශෝෂනය වන්නේ, එවිට ඔබගේ සිරුරේ තැන්පත් මේදය ග්ලූකෝස් වලට පෙරලන්නට සිදු වෙනවා. මේ නිසා කෙට්ටු වෙනවා.

ඔබ තිරිගු පිටි ආහාරයට ගන්නා කෙනෙක් නම් තිරිගු පිටි වල 14% ප්‍රමාණයක් ග්ලූටන් අඩංගු බව දැනගත යුතුයි. ග්ලූටන් යනු ප්‍රෝටීන්යක් වන අතර මෙම ප්රෝටීනය ආමාශයේදී ඇමයිනෝ අම්ල ලෙසට කඩන්නට බැහැ. මේ නිසා ජීරණය නොවු ප්‍රෝටිනයක් ලෙසට කුඩාන්ත්‍ර වලට යොමු වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ග්ලූටන් කියන්නේ ඇලෙන සුළු ද්‍රව්‍යයක්. මෙම ග්ලූටන් නිසා තමයි පාන්පිටි වලින් පාප්ප හදන්න පුලුවන්. ඇදනෙ සුළු පරාටා වගේ ආහාාර හදන්න පුලුවන්. කුරක් කන් පිටි වලින් පරාටා හදන්න බැහැනේ. ඒ එම ආහාර වල ග්ලූටන් නැති නිසා. මෙම ඇලෙන සුළු ග්ලූටන් අපගේ කුඩාන්ත්‍රයේ තියෙන අංගුලිකා විනාශ කරනවා. මෙසේ කාලයක් තිස්සේ විනාශ වීම නිසා අප ගන්නා ආහාර අවශෝෂණය කරගන්නට නොහැකි වෙනවා. මේ හේතුව නිසා සිරුරේ දැනට තියෙන සංචිත භාවිතා කරන්නට වෙනවා. මෙසේ දිගින් දිගටම මෙම සංචිත වැය වීම නිසා කෙට්ටු වෙනවා. මා දකින ප්‍රධානම හේතුව මෙයයි. මේ නිසා කෙනෙක් කෙට්ටු නම් මුලින්ම පාන්පිටි වලින් 100% ක් දුරස් විය යුතුයි.

‍මෙම තත්වය රෝගයක් ලෙසට විග්‍රහ කලත් එය ග්ලූටන් නිසා ඇතිවූ තත්වයක්. එයට සේලියැක් ඩිසීස් කියලා කියනවා. මෙම රෝගය තියෙන අයට ග්ලූටන් සහිත ආහාර ගන්න හොද නැහැ කියලා තමයි කියන්නේ. ඇත්තම කතාව නම් සේලියැක් ඩිසීස් හැදෙන්නේ ග්ලූටන් නිසා. කාගේ හෝ වුවමනාවකට මෙහ කනපිට හරවලා තියෙනවා. තමන් උපන් පොලොවේ පැල නොවන දෙයක් කන්න එපා කියලා බුදුන් වහන්සේද දේශනා කරලා තියෙනවා. තිරිගු කියන්නේ ඒ වගේ දෙයක්.

ඊලග කාරණ්‍ය තමයි සිරුර අභ්‍යන්තරයේ ඇති පරිවෘතිය ක්‍රියා සිදු කරගන්නට අවශ්‍ය පෝෂ්‍ය කොටස් නොමැති වීම. අර විටමින් කතාව එන්නේ මෙතනය. නමුත් විටමින් පමණක් නොව පහත සදහන් සියළු කොටස් අපි දෛනිකව ආහාර සමග ලබාගත යුතු වෙනවා.

  • ඛණිජ ලවන වර්ග 60(Minerals)
  • විටමින් වර්ග 16(Vitamins)
  • ඇමයිනෝ අම්ල වර්ග 12(Amino acids)
  • මේද අම්ල වර්ග 3‍(Fatty acids – Omega 3,6,9)

‍මෙම කොටස් ඔබගේ ආහාර වේල තුල ඇත්නම් කිසිම රෝගයක් ඇතිවන්නට හේතුවක් නැහැ. ඒත් එසේ සිදු වන්නේ නැහැ. මේ නිසා අපි සියලු දෙනා රෝගී වෙනවා. ඒ සැම වෙලාවකම යම් පෝෂ්‍ය කොටසක් ඌණ වෙනවා. උදාහරණයක් ලෙසට ක්රෝමියම්, වැනේඩියම් , සෝඩියම්, සින්ක් කියන මිනරල් වර්ග වල ඌණතාවයක් ඇති වුවහොත් ඔබට දෙවැනි වර්ගයේ දියවැඩියාව හැදෙනවා. මේ ගැන අපි මින් පෙර කතා කරලා තියෙනවා.

තවත් එක් කාරණයක් තමයි ඔබගේ ආමාශයේ නිසි ආම්ලික තාවයක් නැති වීමත් පිත නිසි ලෙස නිශ්පාදනය නොවීමත්. එන්සයිම නිශ්පාදනය නිසි ලෙස නොවීමත් කියන කාරණා. මේවාටත් මූලි්ක හේතුව වන්නේ මම ඉහත සදහන් කල පෝෂ්‍ය කොටස් 91 අඩු වීමයි. උදාහරණයක් ලෙසට ආමාශයේ ආම්ලික තාවය අඩු නම් ප්‍රෝටීන් ජීරණය කරන්නට බැහැ. මේ නිසා එවැනි අය මොනතරම් ප්‍රෝටින් ආහාරයට ගත්තත් සිරුරට ශක්තියක් ඇති වෙන්නේ නැහැ. මාංශපේෂි දුර්වල වෙනවා. අනෙක් කාරණය ග්‍රහණියේ සහ කුඩාන්ත්‍ර වල භාෂ්මික තාවය නැති වීම. එම භාෂ්මිකතාවය රදා පවතින්නේ අක්මාවේ නිපදවන පිත අනුවයි. දවසකට පිත ලීටර් 1 හමාරක් විතර නිපදවන්නට ඕනි. එසේ නොවුනහොත් අන්ත්‍රවල සහ ග්‍රහණියේ භාෂ්විකතාවය පවත්වාගන්නට බැරි වෙනවා. එසේ වුව හොත් මේදය ජීරණ්‍ය කරන්නට බැහැ. මෙවැනි අයට තමයි තෙල් සහිත ආහාරයක් ගත්තම බඩ බුරුල් වෙලා යන්නේ. තෙල් ගියකුත් එක්ක. මෙවැනි අයට මේදය ජීරණය කරන්නටත් බැහැ. කෙසේ හෝ මේ විදිහට අපි සිරුරට ගන්න ආහාර වලින් අවශෝෂණය අඩු වෙලා අවසානයේ කෙට්ටු වෙනවා.

මීට අමතරව යම් යම් රෝගී තත්ව නිසාද කෙට්ටු වෙනවා. විශේෂයෙන් තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන සංකූලතාවයන් නිසා කෙට්ටු වීම සිදු වෙනවා. එම තත්වයන් ගැන වෙනම සාකච්ඡි කරමු.

මා මෙහි දැක්වූයේ සාරාංශයක්. වැඩි විස්තර පහත කමෙන්ට් වලින් කතා කරමු. තවත් කෙනෙකුට සෙතක් වන්නට ෂෙයාර් කරන්න.

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

If you agree to these terms, please click here.