එක මහත්මයෙක් අහලා තිබුනා අපේ සිරුරේ කොපමණ කෝටිසෝල් තිබිය යුතුද කියලා.

හරිම අහිංසක ප්‍රශ්නයක්. අපිව මේ විදිහට හිතන්න ට්‍රේන් කරලා තියෙන්නේ. ඔයාට කොලෙස්ටරෝල් තියෙන්න පුලුවන් මෙපමණයි. සීනි මෙපමණයි. ලුණු මෙපමණයි. වතුර මෙපමණයි. බලාගෙන ගියහම වරදකුත් නැහැ එහෙම හිතන එකේ. මොකද විද්‍යාව විසින් තහවුරු කරලා තියෙනවානේ. මේ ප්‍රශ්නය අහලා තිබුනේ ස්ට්‍රෙස් සම්බන්දව ලියපු ලිපියේ යටින්. ඒ ලිපියේ මම කියලා තිබුනා කොට්සෝල් වැඩිවුනාම සිදුවන දේවල් කිහිපයක්. ඒ අතර තියෙනවා

  • රුධිරයේ ග්ලූකෝස් වැඩිවීම,
  • රුධීර පීඩණය වැඩිවිම
  • ‍පෝෂන අවශෝෂනය අවම වීම වගේ කාරණා රාශියක්.

අපි දැන් රුධිරගත ග්ලූකෝස් බලන්නේ නිවසේමයි. 100 පැනලනම් ඉදල හමාරයි. ඇයි දැන් ඉතිං මෙට්ෆෝමින් තමයි කියලා හිතට දාගන්නවා. ටික වේලාවක් ගිහින් බලනකොට 120 යි ඇයි දැන් අර ස්ට්‍රෙස් එකට කෝටිසෝල් වැඩිවෙනවා. ඉතිං අක්මාව මගින් ග්ලූකෝස් මුදා හරිනවා. දැන් තවත් බය වෙනවා. මේක ඉවර වෙන්නේ නැහැ. මම දන්න කෙනෙක් ඉන්නවා මේ ගෘප්එකෙත් ඉන්න කෙනෙක්.

කෙනත් කිරිවන්දෙනිය කියලා මහත්තයෙක්. එයා හරි අපූරු ක්‍රමයක් භාවිතා කරනවා රුධිරයේ සීනි අඩු කරගන්න. එයා කරන්නේ දවස් තුනක් හරි පහක් හරි එයා එක්ක ඇවිල්ලා ඉන්න කියනවා අර ලෙඩාට. ඉතිං මේ දවස් ටිකේ වෙන වැඩ මොනාවත් බැහැ. දවල්ට වත්තේ බෙහෙත් කඩන්න යනවා, බැංකුවටත් යනවා මේ විදිහට කිලෝමීටර් පහක් විතර ඇවිදලා කොහොම හරි මුලින්ම තිබුනු සිනි මට්ටම ටික ටික අඩුවෙනවා කියලා දැන් පේනවා. මේ බෙහේත් බීලා නෙවෙයි. මේ දවස් ටිකේ මෙට්ෆෝමින් ගන්නෙත් නැහැ. හැබැයි සිනි මට්ටම හොදයි.

‍මොකක්ද මේ වෙන්නේ. එතුමා කරන දේ අපිට කරගන්න පුලුවන්. අපි විහින් තමයි මේ රුධිර පීඩණය , ග්ලූකෝස් වගේ ඒවා වැඩිකරගෙන ඉන්නේ. ටිකක් හිතන්න. අපි මේ උගුලකට අහුවෙලා ඉන්නේ. කෙනෙක් තමන්ගේ බෙහෙත් විකුණන්න ඔයාගේ රුධිර පීඩණය තියෙන්න ඕනි මෙපමණයි කියලා ඉලක්කමක් දීලා ඒක දැක්කම අපිට කොහොමත් රුදීර පීඩණය වැඩිවෙනවා. ග්ලූකෝස් වැඩිවෙනවා. වෙන විදිහ මම දැන් කිව්වානේ. මම කියන මේ කරුණු විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. ඒත් ඒවා ජනතාවට දැනගන්නට විදිහක් නැහැ. මේවා පාසැල් සිලබස් එකේ නැහැ. වෛද්‍ය විද්‍යාලයට යන ඉතා කුඩා පිරිසකට මේ දැනුම ටිකක් විතර ලබා දෙනවා. වැඩියෙන් ලැබෙන්නේ බෙහෙත් ගැන දැනුම.

අපි මේ ඉලක්කම් වලට එහා ගිය ජාතියක්. ඒක තමයි එදා අපේ වෙදමහත්තයා නාඩි බලලා කිව්වේ ප්‍රෙෂර් එක ටිකක් වැඩියි. කොලේස්ටරෝල් ටිකක් වැඩියි, සීනි ටිකක් වැඩියි කියලා. බයවෙන්න එපා ඕකට කරන්න තියෙන්නේ මේන්න මේ කොළ වලින් මැල්ලුමක් හදලා දවස් කිපයක් කාපං කියලා විතරයි වෙද මහත්තයා කිව්වේ. ඒක නිසා රෝගියා කවදාවත් ආතතියකට ලක්වුනේ නැහැ. නමුත් දැන් දියවැඩියාවෙන් බේරෙන්න කියලා බිත්තියේ අලවලා තියෙන පෝස්ටර් ටික බලලානේ දොස්තරමහත්තයා ගාවට ලෙඩා යන්නේ. අර කකුලේ තියෙන තුවාල දැකලා ඇස් අන්ද වෙනවා දැකලා තමයි කාමරයට යන්නේ. ඉතිං ආතතිය තවත් වැඩිවෙනවා. තමන්ගේ සිත ශක්තිමත් කරගන්න. තමන් නිරෝගි යැයි සැමවිටම සිතන්න. සතුටින් සිටින්නට උත්සහ කරන්න. තම දරුවන් සමග සෙල්ලම් කරන්න. විනෝද චාරිකා වල යන්න. පන්සලට යන්න, භාවනාවක් කරන්න. තම ආගම සිහිකරන්න. මේ සියල්ලම ඔසු. මෙම ක්‍රියාවන් නිසා ඔබගේ සිරුරේ කෝටිසෝල් වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන ඩොපමින්, සෙරොටොනින් වැනි නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් නිපදවනවා.

කෝටිසෝල් කියන්නේ අනවශ්‍ය හෝමෝනයක් නෙවෙයි. ඒවගේම ඇඩ්රිනලින් කියන්නේ අනවශ්‍ය හෝමෝනයක් නෙවෙයි. ඩොපමින් සෙරොනොනින් වැනි හෝමෝන අවම වීම නිසා ස්ට්‍රෙස් හෝමෝන සිරුරේ වැඩිවෙන්නේ. එහෙනම් අපි කරන්න තියෙන්නේ සෙරොටොනින් ඩොපමින් වැනි නියුරෝට්‍රාන්ස් මිටර්ස් නිපදවීම වැඩිවන ක්‍රමවේදයකට තල්ලු විමයි. අපි කල යුතු වන්නේ සතුටින් සිටින්නට හැකි පරිසරයක් මුලින්ම සාදාගැනීමයි. දෙවැනුව ඔබට හොද නින්දක් අවශ්‍ය්‍යි. අනෙක් ප්‍රධානම කාරණය තමයි මෙම නියුරෝට්‍රාන්ස්මීටර් නිපදවීමට අවශ්‍ය පෝෂණය අපි දෛනිකව ලබාදීම. ගමේ ගෙඩේ තියෙන අල බතල කොස් පොලොස් වල මේ යහ ගුණ තියෙනවා. ඒක තියෙන්නේ පිට රටින් එන එළදෙනක දැකලවත්නැති කිරිපිටි වල නෙවෙයි. ඔබට රෝගයක් ඇත්නම් ඔබට යා හැකි පිටිසර පලාතකට ගිහින් ටික කාලයක් ඒ පලාතේ කෑම බීම කාලා ඒ ගැමි සුවද විදලා ජීවත් වෙලා එන්න. මාස තුනක් ඇතුලත ඔබ සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක්වෙයි. දුරකතන, අන්තර්ජාල මේ සියල්ල අමතක කර ඒ සුන්දරත්වය විදින්න. අපිට තවමත් එය කල හැකියි.

‍කොටිසොල් ප්‍රමාණය අපිට පාලනය කරන්නට නොහැකිය. එය සිරුර විසින්ම පාලනය කරනවා. අර වගේ මානසිකත්වයක් එන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ඉලක්කම් නිසයි. ඒවා වැරදියි කියනවා නෙවෙයි. ඒවා ට වඩා තම ආත්මශක්තය වැදගත් කියලයි මම කියන්නේ.

සිතන්නටයි…

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

If you agree to these terms, please click here.