ඉස්සර ගස් ගල් වල දුවපු අපිට දැන් රෙද්දක් සෝදගන්නවත් අමාරුයි වේදනාව දරාගන්න බැහැ කියලා කමේන්ට් එකක් දාලා තිබුනා. මේ එයට මා දීපු පිලිතුර. සමහර විට ඔබටත් ප්‍රයෝජනවත් වෙයි.

පෝෂණය නැතිවීම නිසා පඨක අළු‍‍තෙන් නිපදවන්නට බැරි වෙනවා. මේ නිසා මේ පඨක වලට දරාගන්න බැරි බරක් පැටවෙන විට එය අපිට දනවන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි වේදනාව. ඒ වේදනා නැති වුනොත් අපි මේ පඨක ඉරී විනාශ වුවත් ඒ වැඩේ කරගෙන යනවා. එය සිරුරට හානිදායක නිසා තමයි වේදනාවක් ඇවිල්ලා මේ කරන වැඩෙි නතර කරන්නනේ. නවීන විද්‍යාෙව් මහා හාස්කමක් ලෙස සැලකෙන බටහිර වෛද්‍ය විද්‍යාව මේකට අපූරු විකල්පයක් යෝජනා කර එය වෙළදපොලට ගෙන එනවා. ඒ තමයි ඔබට ඇත්තේ වේදනාවක් මේ වේදනාව ඔබට දැනෙන්නේ නැත්නම් වැඩේ හරි කියලා. ඉතිං වේදනා නාශක වලට අපි හුරු වෙනවා. අනේ ඒ දොස්තර මහත්තයාට විතරයි මාව හොද කරන්න පුලුවන් වුනේ කියලා අපිත් පින් දෙනවා. ඒත් යම් දවසක මේ වේදනාව පඨක වැඩ කරන්නේ නැති් තැනට ගේනවා. එවිට ඒකට නම් කරන්න දෙයක් නැහැ වයසට යනකොට ඔහොම තමයි කියලා මේ උදවිය ෂේප් වෙනවා.

ඇත්තටම මේ වේදනාව ආශිර්වාදයක් කරගන්න. වේදනාවක් දැනෙන මුල් වතාවෙම කොහෙන්ද මේක එන්නේ කියලා සොයලා බලන්න. අදාල පඨකයට පෝෂණය හරියට ලබා දෙන්නට ඔබට නොහැකි වෙලයි තියෙන්නේ. එය නිසි ලෙස සිදු කර ගන්නට වෙහෙසෙන්න. වේදනාව නැති කර ගන්න නෙවෙයි අවශ්‍ය, වේදනාවට හේතුව නැති කරගන්නයි. මේ විදිහට හිතන තාක් ඔබට මේ වලෙන් ගොඩ එන්නට බැහැ.

අවසානයේ කෘතිම සන්ධියක් වෙනුවෙන් ලක්ෂගානක් වැය කරලා වසර තුනකට පමණ පසු එයත් හරිගියේ නැහැ කියලා පසු තැවෙන්න තමයි වෙන්නේ.

බයෝ රෙසොනන්ස් වැනි තාක්ෂනයකින් පුලුවන් කිනම් පෝෂන කොටසක් අඩුවෙලා මේ වේදනාව එනවාද කියලා සොයා ගන්න. එසේ සිදුකර අදාල පෝෂණය ලබාදුන්නම වේදනාව ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අදාල පටකය නැවත යතා තත්වයට පත්වෙනවා. ඒක එකදවසින් වෙන්නේ නැහැ. ඒත් ඉතිං මිනිස්සු කැමති ක්ෂණික සහනයටනේ මොනවා කරන්නද? ඉල්ලුමට සැයපුම ලබා දීම තමයි වෙළදපල ප්‍රතිපත්තිය. ඉතිං අපිට වේදනා නාශක බුලත් විට කඩෙන් වුනත් ගන්න පුලුවන් වෙලා තියෙනවා. නමුත් ඔබගේ වේදනාවට හේතුව කොපර් අඩු වීම කියලා සොයා ගත්තොත් එය ලබා දෙන්නට නම් වෛද්‍ය අනුමැතිය අවශ්‍ය වෙනවා.

සිතන්න.

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

If you agree to these terms, please click here.