ඊයේ සවස මට කෙනෙක් ඒවලා තිබුනා පෝස්ට් ඒකක ලින්ක් ඒකක්. ඒකේ තිබුනේ මාස හයක් පමණ කාලයක් තිබුණු රොගයක් සුව වීමක් ගැන විස්තර.

ඊයේ සවස මට කෙනෙක් ඒවලා තිබුනා පෝස්ට් ඒකක ලින්ක් ඒකක්. ඒකේ තිබුනේ මාස හයක් පමණ කාලයක් තිබුණු රොගයක් සුව වීමක් ගැන විස්තර. ඇත්තටම මේ පෝස්ටුව දාල තිබුනේ චතූ කියලා දියණියක්. ඇය කාලයක් තිස්සේ දුක් විදිමින් සිටි රෝගයක් සුව වීම නිසා ඒ් රෝගය සුව කරගන්නට කල කැප කිරීමත් ඇයගේ නොපසුබට උත්සාහයත් ඒ් ලිපියේ හොදින් පවසා තිබුනා. මේ සියල්ලටම වඩා ඇය සතුවූ ගුණවත බව මා ඒ් ලිපිය තුලින් දුටුවා. මම හැමදාම කියනවා වාගේ ඔබට රොගයක් වැලදී තියෙනවා නම් එයට ප්‍රතිකර්මය මනස, කර්මය, සහ කය යන තුනම ඒකට ගෙන ප්‍රතිකාර සිදුකරන හෝලිස්ට්ක් වෛද්‍ය ක්‍රමයක් තුලින් සොයා යන්න. යම් වෛද්‍ය වරයෙක් මේ තුන ඒකසේ ගෙන වෙදකම් කරන්නේ නැතිනම් ඔබට ලැබෙන්නේ සුවය නොව බිල් පමණි. ඒත් අවාසනාවකට අපේ රෝගීන් යන්නේ කය පමණක් සුවපත් කරන්නට සූදානමින් සිටින වෛද්‍ය වරුන් වෙත වීම ගැන කණගාටු වෙමි.

මේ ලිපියේ තිබුනේ සම්පත් මහත්තයාගෙන් බෙහෙත් ගෙන සුව වූ රෝගයක් ගැනයි. මම ඊයේ හවස මේ දියණිය ගැන සම්පත් මහත්තයාගෙන් අහලා බැලුවා ඇයට තිබුණ රෝගය කුමක්ද කියා. ඒතුමා මට කිව්වේ දැන් ඒ්වා වැඩක් නැහැ, දැන් ඒයාට හොදයිනේ කියලා විතරයි. මම ඇහුවා ඇයි ඒයාව බයෝරෙසොනන්ස් පරීක්ෂනයක් වෙත යොමු නොකලේ කියලා. ඒවිට ඒතුමා කිව්වේ මම ඒ් පරීක්ෂණයට යොමු කරන්නේ තමන්ට යම් දරුණු රෝගයක් ඇතැයි කියා සිතා ගෙන සිතෙන් වද වෙන අයව විතරයි. මට දැනෙනවා නම් ඒහෙම රෝිගයක් නෙවෙයි මේ තියෙන්නේ වෙනත් රෝගී තත්වයක් කියලා ඒ් රෝගියාගේ සිත හදන්නයි නවීන තාක්ෂණයක් යොදා ගන්නේ. ඒ්ත් යම් කෙනෙක් දන්නේ නැතිව දරුණු රෝගයක් ශරීර ගතව තිබියදී එය නෙැදැන සිටිනවා නම්, සහ මට යම් දරුණු රෝගයක් ඇති බව වැටහෙනවා නම් මම රෝගියාව නිකම් බිය කරන්නට අවශ්‍ය නැහැනේ. ඒ්කෙන් වෙන්නේ රෝගය සුව කරන්නට නෙැහැකි වීම හෝ සුව කරන්නට යන කාලය වැඩි වීම පමණයි. ඒ් වගේ අයට මම කොහොමත් ස්කෑන් වලට යොමු කරන්නේ නැහැ කියලා ඒතුමා මට කිව්වා. මටත් ඒ් වෙලාවේ තමයි වැඩේ බරපතල කම තේරුනේ. ඉතින් ඒ් දියනියත් එහෙම කෙනෙක් තමයි කියලා කිව්වා. දැන් නම් ඉතිං චෙක් කරලා බැලුවත් කමක් නැහැ මොකද දැන් ඒයා සනීප වෙලානේ ඉන්නේ කියලා කිව්වා.

මම මෙතන සම්පත් මහත්තයා ගැන දැනවීමක් පලකරන්න හදනවා නෙවෙයි. ඒතුමාට දැන්වීම් අවශ්‍ය නෑ. දැනටත් ඒන පිරිසට බෙහෙත් දෙන්නේ බොහොම අමාරුවෙන්. විශේෂයෙන් බෙහෙත් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්නට තියෙන අපහසුව. අනෙක් කාරණය කාලය. මේ කරුණු කාරනා නිසා සීමා සහිත පිරිසකට විතරයි බෙහෙත් දෙන්නට හැක්කේ.

නමුත් පිලියන්දල සුවසෙත හෙළඔසු ආයතනය පවත්වාගෙන යන ආකාරය ඉතාමත් වැදගත් එය අන් අයටත් දැනගන්නට සැලැස්වීම මාගේ යුතුකමක් යැයි සිතපු නිසයි මේ සටහන යොදන්නේ.

මෙතනට එන කෙනෙකුට සාමාන්‍යයෙන් පැය තුන හතරක් තමන්ගේ වාරය පැමිණෙන තුරු ඉන්න වෙනවා. මේ කාලය තුල තමන්ට තවත් රෝගියෙකුට උපස්ථාන කරන්නට බෙහෙත් පිරිසිදු කරන්නට අවස්ථාව සලසා තියෙනවා. තමන් වාගේම තවත් කෙනෙකුගේ යම් දාහයක් නිවන්නට තමන්ගේ කාලය ධනය ශ්‍රමය යොදවන විට ඒම කුසල ශක්තිය නිසා තමාගේ දාහය නිවෙන්නට හේතු සකස් වෙනවා. මේ නිසා ඒවැනි අයට තම රෝගය ඉක්මණින් සුව වන්නට හේතු ඇතිවෙනවා. ඒතනට ඒන පිළිකා රෝගීන් වැනි අයට අංකයක් නොමැතිව බෙහෙත් ලබාදෙන පිලිවෙලක් තියෙනවා. ඒ් වගේම ස්වාමීන් වහන්සේලාට අංක නොමැතිව මූලිකත්වය ලබා දීලා බෙහෙත් ලබා දෙන පිලිවෙලක් තියෙනවා. බෙහෙත් ගන්න ඉන්න අනෙක් අයට සිතන්නට පුලුවන් මා බෙහෙත් ගන්නට තිබුනු කාලයයි මේ සංඝයා වහන්සේටත් ඒසේම පිළිකාවකින් පෙලෙන කෙනෙකුටත් යොදා ගන්නේ. මමත් මේ කැපකිරීම කල නිසා යම් පිණක් මේ වෙලාවේ සිදුකර ගත්තා කියලා ඒ් පිණ අනුමෝදන් වෙන්න. එය තම රෝගය සුව කරගන්නට හේතුවක් වෙනවා සිකුරුයි.

එසේම සෑම ඉරු දිනකම සායනය පටන් ගන්නට කලින් සිදුකරන බුද්ධ පූජාවට සහභාගි වීමට රෝගීන්ට හැකිවීම තවත් ඒක් භාග්‍යයකි. එසේම සෑම මසකම පලමු ශනි දින උදෑසන සිට පැවැත්වෙන පඨිභාණ පූජාවට සහභාගි වීමට සියළුම රෝගීන්ට අවස්ථාව උදාවෙනවා. ඒය මෙතනට ඒන රෝගීන්ට ඇති තවත් එක් වාසනාවකි. මේ අවස්ථාවට සහභාගි වෙලා තම කර්ම දුරුකරගන්නට මාර්ගය සකස් කරගන්නට රෝගීන්ට හැකිවී ඇත.

මේ අනුව සම්පත් මහත්තයා බෙහෙත් දෙන්නට කලින්ම රොගීන්ගේ මානසිකත්වයත් කර්මයත් යන දෙකට අවශ්‍ය ප්‍රතිකර්මය ගැන වඩාත් සැලකිලිමත් වේ. මේ නිසා මෙතනට යන අය වැඩි පිරිසක් නිරොගී සුව අත්විදී. බෙහෙත් වලින් සිදුකරන්නට ඇතිතේ ඉතාමත් කුඩා වැඩ කොටසකි. ඒ් බෙහෙත් මාස කිහිපයක් භාවිතා කිරීම මගින් කායික නිරෝගී තාවය නම් ඇතිවන බව මා අත්දැකීමෙන්ම දනිමි.

මා සම්පත් මහත්තයා ගාව වැඩකරන කෙනෙක් වත් ඒම ආයතනයට සම්බන්ධ කෙනෙක් වත් නොවේ. මගේ බිරිද ඉතාමත් දරුණු රෝගී තත්වයකින් බේරා ගත්තේ සම්පත් මහත්තයායි. ඒ උපකාරයට කළගුණ සැලකීමක් ලෙසටත් ඒතනට ඒන රෝගීන් ගැන ඇති අනුකම්පාව නිසාත් මට හැකි සෑම වෙලාවකම ඒතනට ගොස් බයෝරෙසොනන්ස් පරීක්ෂනය නොමිලේ කර දෙමි. ඒ් සදහා අජන්ත මහතාගෙන් සහ රොෂාන් මහතාගෙන් ලැබෙන සහය මම ඉතාමත් අගේ කොට සලකමි. එසේම අපගේ ගුනවත් කම හුරු කරගන්නට සුවසෙත හෙළ ඔසු ආයතනය තෝ තැන්නකි. සම්පත් මහත්තයා සමග ගතකරන පැය දෙකතුන තුල ලැබෙන අවවාද අනුශාසනා, ධර්ම කරුණු, සහ විද්‍යාත්මක කරුණු අපිට අවිද්‍යාවෙන් ගොඩ වන්නට මග සලසා දෙයි. මේ නිසා සම්පත් මහත්තයා යනු මට කල්‍යාණ මිත්‍රයෙකි.

ලබන මස පලමු සෙනසුරාදා සුවසෙත හෙළඔසු ආයතනයේ මාසික පඨිභාණ බුද්ධ පූජාව සම්පත් මහත්තයා විසින් සිදු කරනු ලබනවා. ඔබත් සහභාගි වෙන්න. තම රෝගයට ඇති කර්ම දෝෂ නිවාරණය කරගන්නට වෙර දරන්න.

මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

If you agree to these terms, please click here.