බයෝ රෙසොනන්ස් තාක්ෂණය ගැන කෙටි හැඳින්වීමක්.

බයෝ රෙසොනන්ස් තාක්ෂණය ගැන කෙටි හැඳින්වීමක්.

මෙම තාක්ෂණය මීට වසර 20 කට පමණ පෙර රුසියානු විද්‍යඥයන් විසින් ඔවුන්ගේ ගගණ ගාමීන්ගේ  සෞඛ්‍ය තත්වය දැන ගැනීම සඳහා යොදාගෙන ඇත. ඔවුන්ගේ සිරුරේ ඇතිවන වෙනස්කම් දිනපතා බලා ගැනීම සඳහා මෙම යන්ත්‍රය මහත් පිටුවහලක් වී ඇත. යම් කෙනෙකුගේ සිරුරේ ඕනෑම කොටසක ඇතිවන වෙනස් වීමක් ඉතාමත් ඉක්මනින් මෙම තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

මෙම තාක්ෂණය සඳහා කිසිදු ශබ්ධ තරංගයක් හෝ, කිරණ විශේෂයක් හෝ, ශරීරයට අහිතකර කිසිදු ක්‍රමවේදයක් භාවිතා නොකරයි. මෙම තාක්ෂණයේදී මෙම විද්‍යාඥයන් විසින් භාවිතා කර ඇත්තේ අප සිරුරේ එක් එක් සෛල වල ඇති කම්පණ සංඛ්‍යාතයයි.  අප සිරුරේ ඇති සෛල නීරෝගී අවස්ථාවේදී  ඇතිවන කම්පණ සංඛ්‍යාතය මෙම විද්‍යාඥයින් ගණන් බලා ඇති අතර යම් රෝගී තත්වයක් හෝ වෙනත් පාරිසරික හො මානසික හේතුවක් නිසා මෙම සංඛ්‍යාතය වෙනස් වේනම් එය ගණනය කිරීම සඳහා මෘදුකාංගයක් මොවුන් නිපදවා ඇත. මෙම මෘදුකාංගය මගින් අදාල දත්ත විශ්ලේෂණය කර අදාල පුද්ගලයාගේ සෛල වල ඇති යම් රෝගී තත්වයක් ඇත්නම් එය ගෙන හැර දක්වයි.  කම්පන සංඛ්‍යාත හරහා මෙම සියළු ගණනයන් සිදු කරන හෙයින් කිසිදු හානියක් සිරුරට ඇති නොවේ.

මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ අපි යම් රෝගයකට  යම් ප්‍රතිකාරයක් කරනවා නම් කිසිදු අනුමාන කිරීමකින් තොරව අදාල රෝගය හදුනාගෙන නියම ප්‍රතිකාරය සිදු කිරීමට හැකියාව තිබීමයි.  අප මෙම ස්ථෘනයේදී සිදු කරන්නේ එය නොව සම්පත් වෙදමහතා විසින් රෝග නිර්ණය කිරීමෙන් පසු එම තත්වය ඔබට මෙම පරීක්ෂණය ආධාරයෙන් නැවත පෙන්වා ඔබගේ සිතේ යම් කුකුසක් ඇත්නම් එය දුරු කරගැනීමට  යම් උපකාරයක් කිරීමයි.  මේ හරහා ඔබගේ විශ්වාසය ගොඩ නැගෙන අතර එය ඔබගේ රෝගය සුව කර ගැනීමට රුකුලක් වේ.

මෙම පරීක්ෂණය සඳහා ඔබව යොමු කර ඇත්නම් පහත දැක්වෙන ක්‍රියා පිලිවෙත්  අනුගමනය කරන්න,

ඔබ දැනට පැළඳ ඇති ඔරලෝසු සහ වෙනත් ආබරණ ඇත්නම් ගලවා පැමිණෙන්න,
දුරකතන තමන් සතුව ඇත්නම් ඉවත් කරන්න.
පරීක්ෂණය කරන අවස්ථාවේදී  කකුල් සහ අත් එකමත එක නොසිටින සේ තබා ගන්න.
ඔබ මීට පෙර යම් ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම් එය පරීක්ෂණය කරන කෙනාට පවසන්න.
සිිරුරේ යම් කොටසක් ඉවත් කර ඇත්නම් හෝ බාහිර කෙනෙකුගෙන් ලබාගත් අවයවයක් හෝ කොටසක් බද්ධ කොට ඇත්නම් හෝ යම් යන්ත්‍රයක් හෝ යකඩ කොටසක් ඇත්නම් ඒ බවද පවසන්න.

Close Menu