හෙළ ‍‍වෙදකම නවීකරණය විය යුතුද නැතිද යන කරුණු පාදක කරගෙන මේ ගෘප් එකේ එක් සංවාදයක් ගොඩ නැගෙමින් පවතින වෙලාවේ මම මේ කාරණය කියන්නේ.

අපිට දැන් ඇති රාජකාරි එක්ක කසාය තම්බන එක ඉතාම අපහසු කාර්‍යයක් වී තියෙනවා. එසේම බෙහෙත් කඩ වලින් ගන්න වට්ටෝරු දුන්නම දෙන බෙහෙත් වැරදි බව මට වෙදමහත්වරුම කියලා තියෙනවා. ඒවාට දැන් ප්‍රමිති නැහැ. මේ සියලු දේ සලකලා බලලා තමයි වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ බෙහෙත් දේශනා කරන විට ඒවා පහසුවෙන් භාවිතා කර හැකි වන ලෙසට ගුණාත්මක බව රැකගෙන නිපදවන ලෙසට අපිට කියා දුන්නේ.

මේ සියළු අවවාද අනුසාසනා 100% ක් පිලිපදින කෙනෙක් තමයි සම්පත් මහත්තයා. රෝගීන්ගේ රෝග මූල සොයාගත් පසු දෙන බෙහෙත් තමන්ගේ අධීක්ෂනය යටතේම තම ගුරුස්වාමීන් වහන්සේ පැවසූලෙසටම ඒ වතාවත් කරමින් බෙහෙත් සාදන අපූරුව අපි දැක තියෙනවා. රෝගීන් වෙනුවෙන් කොපමණ කැප කිරිමක් කරනවා ද කියලා දැකගන්න සතියේ දවසක බෙහෙත් හදන තැනට යන්න ඕනි. අපිට බෙහෙත් දීලා එතුමා ලෙඩ වෙයිද කියලා දැන් බය හිතිලා තියෙන්නේ. ඒ තරම් මහන්සි වෙනවා. මේ කිසිම මහන්සියක් නැහැ වටිටෝරුව ලියලා දුන්නා නම්. ඒත් ලාබය පිනිස බෙහෙත් විකුණන කෙනෙක් වැරදි බෙහෙතක් දුන්නොත් බලාපොරොත්තු වෙන ගුණය ගන්නට බැරි නිසා තමයි සියළුම මෙහෙත් වර්ග සතියේ දින 6ක් තිස්සේ හදන්නේ. සියළුම බෙහෙත් වර්ග නිසි අධීක්ෂනයකින් පසු තමයි බෙහෙත් හදන්න ගන්නේ. ඒවා කඩන්නටද ඒ ආයතනයේම පිරිස ලංකාව පුරා යනවා. සමහර බෙහෙත් හිදින්න ගෑස් පාවිච්චි කරන්න එපා කියලා හාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ වගේම සමහර බෙහෙත් වර්ග රවුම්බෝතල් වල දාන්න එපා කියලා තියනවා. සමහර බෙහෙත් වර්ග සදහා පිහියක් භාවිතා නොකල යුතුයි. ඒ සදහා කිතුල් පිත්තකින් සාදාගත් පිහියක් භාවිතා කරනවා. සමහර තෙල් හිදින විට සම්පත් මහත්තයා දින තුන නිදිවරලා තියෙනවා. මේ කැප කිරීම කරන්නේ රෝගියාට මේ ටික කරගන්නට බැරි නිසයි.

‍පෙති හදන එක ඊලග කාර්‍යය. සමහර පෙති හයි වෙන්නේ නැහැ. ඒවා ඇලවිය හැකි ස්වභාවික දේවල් එක් කල හැකි නමුත් එසේ නොකරන ලෙසට උපදෙස් දීලා තියෙන්නේ. ඒ වගේ ඒවා කුඩු විදිහටම පානයකරන්න කියනවා. මොකද ඒ දාන ගම් වගේ එකේ ඇති රසායනික නිසා බෙහෙතේ සංයුතිය වෙනස් වේය යන සැකය නිසා. ඒතරම් බෙහෙත් ගැන සැලකිල්ලෙන් තමයි එතන බෙහෙත්හදන්නේ.

මට මෙහිදී කියන්න අවශ්‍ය වුනේ අද දිනට ගැලපෙන ලෙසට ගුණ නොමරා බෙහෙත් නිපදවිය හැකිනම් එය ගැලපෙන බවයි. පැරණි ක්‍රමය කියා මැටි මුට්ට්යක කසාය තම්බන්න දර ලිපක් සොයා ගන්නවත් දැන් බැහැ. තඹ මුට්ටි ගැන කවර කතාද. ඒත් ඒ බෙහෙත් හදන තැන් වල අදාල ලෝහ මුට්ට් භාවිතා කරනවා. කෙසේ හෝ රෝගියා සුවපත් වීමයි සිදුවිය යුතතේ.

සුවසෙත හෙළ ඔසු ආයතනයෙන් බෙහෙත් ගන්න කෙනෙකුට අරිෂ්ඨ වර්ග 2ක්ද, පෙතිවර්ග අඩුම වශයෙන් 6-7 ක් පමණද? චූර්ණ, කල්ක, තෙල් වර්ගද ලැබෙනවා. මෙ සියල්ල එතනම හදන ඒවා.. පිටතින් ගන්නකිසිම දෙයක් නැහැ. යම් කිසි අත්බෙහෙතක් විතරක් සමහර විට ගන්න කියනවා.

උදාහරණයක් විදිහට තෛරොයිඩ් ග්‍රන්ථියේ විශ එක් වී ඇති අයට ගුරුගල් වලින් හදන බෙහෙතක් කියා දෙනවා. ගුරුගල් දර පෝරණුවක පැය 12ක් විතර බේක් කරලා ටින් එකක දාල තියා ගන්න ඕනි. උදේම මේ ගල් කැල්ලක් අරගෙන දෙහි ඇඹු්ලෙන් උරචචි කරලා බෙල්ලේ ගාලා පැය 5ක් ඉන්න ඕනි. ඒවගේ සති තුනක් විතර කරන්න ඕනි. මේ විදිහට කලාම අර තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇති විෂ බහිනවා. මේ වගේ දෙයක් තමයි තමන්ට කරගන්නට තියෙන්නේ. අනිත් සියලුම බෙහෙත් සදා දෙනවා. තමන්ට තියෙන්නේ වෙලාවට බොන්න විතරයි.

‍මෙත්සිතිනි…!!

Close Menu