හෙළ ‍‍වෙදකමට පිලිකා සුව කල හැකිද කියලා මහා බරපතල සාකච්ඡාවක් යනවා. මම එතන කියන්නට අපහසු ඒත් රෝගීන් දැනගත යුතු කරුණක් කියන්න හිතුනා.

45508317_759452671075888_7433772388539432960_n

දවසක් එක සිර ගෙදරක මනුස්සයෙකුට මරණ දඩුවම දෙන්නට නියම වෙලා තිබුනා. මේ දඩුවම දෙන්නට තිබුනේ වතුර වීදුරුවකට සයනයිට් එක්කරලා බොන්නට දීමෙන්. මේ බව දැනගත් එක් මහාචාර්‍ය වරයෙන් මෙතනට ගිහින් අදාල වස පෙවීමේ කාර්‍ය්‍ය තමන්ට දෙන ලෙසට ඉල්ලා සිටියා. මේ අනුව මේ මහාචාර්‍ය තුමාට මේ දේ කරන්නට ලැබිලා තියෙනවා. මේ මහාචාර්‍ය තුමා මේ සිරකරුවා ගාවට ගිහින් තමන් තව ටිකකින් සයනයිඩ් යන වස පානය කරන්නයි යන්නේ. ඒවා ශරීර ගත වුනාම වෙන්නේ මේකයි කියලා විස්තර කරලා වස ගැන හොද දැනුමක් අර සිරකරුවට කියලා දුන්නා. අන්තිමට මේ සිරකරුවා මරන වෙලාව ලංවුනා. අර මහාචාර්‍ය වරයා මේ සිරකරුවා ලගට ගිහින් නැවතත් අර කතාවම කියලා දැන් මම ඔබට මේ දෙන සයනයිඩ් මිශ්‍ර වස පානය කරන්න වෙනවා. ඊට පසු ඔබ මැරෙනවා කියා මේ වස වීදුරුව පානය කරන්නට දුන්නා. අර සිරකරුත් මරණයට පත්වුනා.

අර මහාචාර්‍ය වරයා මේ සිරකරුවාට දීලා තියෙනනේ වස වීදුරුවක් නෙවෙයි. වතුර වීදුරුවක්. අර සිරකරු මැරුනේ වස බීලා නොවෙයි. වස කියලා හිතාගෙන වතුර බීලා. සිදුවුනේ මොකක්ද? මෙයින් අපිට සිතාගත හැක්කේ කුමක්ද? අවිශ්වාසයෙන් වතුර එකක් වත් බොන්න එපා කියන එක නේද?

ඔබට යම් කිසි වෙදමහතෙක් අවිශ්වාස නම් දෙපැත්තේ් කකුල් තියාගෙන බෙහෙත් බොන්න එපා. අපරාදේ තවත් ලෙඩෙකුට සෙතක් කරගන්න තියෙන වෙලාව. ඔබ යනනේ බටහිර වෛද්‍ය වරයෙක් ලගටද නැත්නම් හෙළ වෙදමහතෙක් ලගටද, නැතිනම් ආයුර්වේද වෙදමහතෙක් ලගටද කියන එක වැඩක් නැහැ. ඔබගේ සිත විශ්වාස කරන කෙනාව තෝරගන්න. තවත් කෙනෙක් බලෙන් පොරෙන් ඇදගෙන ගියාට ඔබටසුව වෙන්නේ නැහැ. ඔබ සමහර විටතවත් පවු පුරවාගෙන ආපසු ගෙදර එන්නට හැකියි. රෝගය තවත් උත්සන්න වනවා විනා සුව වීමක් නම්නොවේවි.
හැකි තරම් ගුණවත් වෙන්න. ඔබ ගුණවත් වන තරමටම ඔබට ගුණ වේවි. ඔබ ගුණ මකු වන තරමටම ඔබ ගේ රෝගය උත්සන්න වේවි. එය ධර්මතාවකි. තමන් ගේ සිතම ප්‍රධාන වේ. අන්කිසිවක් ප්‍රධාන නොවේ.

මනෝපුබ්බංගමා ධම්මා කියන ගාතාවෙනුත් මෙය පැහැදිලි වෙනවා.

ඔබ සිදු කර ඇති අකුසල කර්මය ඉතා ප්‍රබල නම් ඔබගේ රෝගය සුව කර ගත හැකි ප්‍රතිකාරය දන්නා කෙනා නිවසේ සිටියත් ඔබට ඒ කර්මය පල දෙනවා විනා බෙහෙත ලැබෙන්නේ නැත. නමුත් මේ කර්මය දැක දැනගෙන කෙනෙක් යම් ප්‍රතිකර්මයක් අර කර්මය වෙනුවෙන් සිදු කරයි නම් ඔහු ජය ගනු ඇත. අපි මේවා ගැන ඇති තරම් කතා කර ඇති නිසා නවතින්නම්.

සිතන්නටයි මේ ටික කිව්වේ. අමනාප වෙන්න එපා.

‍මෙත් සිතිනි…!!

Close Menu