සිංහල වෙදකම FB ගෘප් එක හරහා අද උදෑසන සිදුකල චන්ද විමසීම මගින් වැඩිම මනාප ලැබිලා තියෙන්නේ පහත දැක්වෙන අදහස් වලටයි.

1. කොලෙස්ටරෝල් යනු අපගේ නිරෝගීතාවයට අත්‍යවශ්‍ය සාධකයකි. ( 83)

2. LDL නරක කොලෙස්ටරෝල් වන අතර HDL හොද කොලෙස්ටරෝල් වේ.(72)

‍කොලෙස්ටරෝල් යනු අපට අත්‍යවශ්‍ය සාධකයක් සේ පිලිගැනීමම ඉමහත් සතුටට කරුණකි. කොලෙස්ටරෝල් විනාශ කරන්නට අධික ලෙස ස්ටැටින් ඩ්‍රග්ස් ගන්නා අවධියක කොලෙස්ටරෝල් විනාශ කිරීම නිසා තමන්ට අයහපතක් වන බව දැනගැනීමට මෙම මානසිකත්වය තිබීම වැදගත් වේ. නමුත් ස්ටැටිංස් වලින් තොර විකල්පයක් නැති වීම නිසා අපි අසරණ වී සිටිමු. එහෙත් දැන් අපිට එසේ අසරණ වන්නට අවශ්‍ය නැත. ඕල්ටර්නේටිව් මෙඩිසින් කියා අහක දමා තිබූ වෛද්‍ය ක්‍රම දැන් ටිකෙන් ටික හිස ඔසවා ඇත. කොලෙස්ටරෝල් ගැන හෝලිස්ටික් ආකාරයට සිතන්නට හුරුවෙමු. අපි මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

‍දෙවැනි කාරණය නම් අපිව වසර සියයක පමණ කාලයක් නොමග යවා ඇති බොරුවකි. එයද අපි තේරුම් ගත යුතුය. එය තේරුම් ගැනීමට නම් අපෙන් මෙතුවක් සගවා තිබූ සත්‍යය මුලින්ම දැනගත යුතුය. මින් පෙරද මේ ගැන කතා කර ඇති නමුත් නැවතත් ඒ ගැන කතා කිරීම සුදුසු යැයි සිතුනේ තවමත් මේ බොරුවෙන් වැසී සිටින විශාල පිරිසක් සිටින නිසාය.

අපි රුධිරයේ කොලෙස්ටරෝල් පරීක්ෂා කර බලන්නට යොදාගන්නේ සමට ආසන්නයෙන් ගමන් කරන ශිරාවක් තුලින් ගමන් කරන රුධිරයයි. කිසි දිනක ධමණියකින් ඒ වෙනුවෙන් රුධිරය ගන්නේ නැත. එසේ ගන්නා රුධිරයේ HDL / LDL / VLDL වැනි කොලෙස්ටරෝල් වර්ග ඇති බව අපිට වාර්ථාවක් මගින් ලබාදෙයි. HDL අවශ්‍ය ප්‍රමාණයට ඇත්නම් සිතට සහනයක් වන අතර LDL / VLDL හෝ Triglycerides වැඩි බව දුටු වහාම සිතට එන බිය ගැන මම කිව යුතු නැත. දැන් ඔබට ජීවිතාන්තය දක්වා ස්ටැටිංස් වර්ගයේ බෙහෙත් බොන්නට වන සදා රෝගියෙක් බවට දොස්තර මහතා ලේබල් එකක් ගසා පිට කරනු ලබයි. ඔබත් කලකිරුණු මානසිකත්වයක් සහිතව ඒ බස පිලිගනිමින් පිටතට පියමන් කරයි. මගේ දරුවන්ට තවම ඒ තරම් වයසක් නැහැ. මගේ දෙමව්පියන්ට මේ වගේ ලෙඩ තිබුනෙත් නැහැ. මොන කරුමයක් පල දෙන්න එනවාද දන්නේ නැහැ කියා දැන් තමන්ටම කියා ගන්නා මානසිකත්වයක් මේ වන විටත් ගොඩ නැගී අවසන්ය. එහෙත් කරන්නට දෙයක් නැත. අපිත් කවදා හරි මැරෙන්න එපැයි කියලා හිත හදාගන්නටද සිදුවේ.

එහෙත් මෙහි ඇත්ත කතාව මීට බොහෝ දුරට වෙනස්ය. උගත් මහත්වරුන් මා සමග උරණ වෙන්නට එපා. ඔබතුමන්ලාට මේ කාතා කරන දේවල් ඔප්පුකර පෙන්වා ඇති පත පොත මේ ලිපිය අවසානයේ පල කරන්නම්. මා සරලව ලියන්නේ අහින්සක පාඨකයන් වෙනුවෙනි. ඔවුන් කොලෙස්ටරෝල් නිසා මරබියෙන් ජීවත් වන ඒ කාලකන්නි මානසිකත්වයෙන් මුදවා ගැනීමේ චේතනාව සහිතවය.

53194188_833852563635898_7297798121994584064_n

ශිරාවකින් ලබා ගන්නා ලේ වලින් රුධිරයේ කොලෙස්ටරෝල් වල ප්‍රමාණයන් කියන්නට හැකිය කියන කාරණාව තුලම අපිට තේරුම් ගත හැක්කේ ශිරාවලත් කොලෙස්ටරෝල් ඇති බවය. එහෙත් ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත්වී හෘද රෝග හටගත් රෝගීන් ගැන අපි අසා නැත. කිරීටක ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වී හෘදරෝග හටගත් අය නම් අන්න්තව අපි දැක ඇත. එසේ නම් කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ධමීනි වල පමණක් බව අපි වටහා ගත යුතුය.

තවත් කාරණයක්. ධමණි වලද නැම්මක් ඇති තැනක තමයි මේ කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ. ධමණියක් කෙලින් ගමන් කරන තැනක කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. එය ජීවිත තර්ජනයක් ඇති නොකරයි. එයටද යම් හේතුවක් ඇත. එය අපි ඉදිරියේදී කතා කරමු.

අපි මුලින්ම ධමණියක ගලා යන රුධිරය සහ ශිරාවක ගලා යන රුධිරය අතර ඇති වෙනස බලමු. ධමනියක ගලා යන්නේ පිරිසිදු රුධිරය වන අතර එම රුධීරය ඔක්ෂිජන් බහුලය. ශිරාවේ මීට වෙනස්ය. සෛල වලින් බැහැර කරන අපද්‍රවශ සහ කාබන් ඩයොක්සයිඩ් තමයි මේ රුධිරයේ ගෙනියන්නේ. අපි යකඩ කෑල්ලක් වාතයට නිරාවරණය වන සේ තැබුවහොත් එම යකඩ කැබැල්ල මළ බැදෙන බව අපි දන්නා සත්‍යයකි. එසේ මළ බැදෙන්නට හේතුව කුමක්ද? ඒ වාතයේ ඇති ඔක්ෂිජන් සමග එක්වී යකඩ කැබැල්ලේ පිටත කොටස ඔක්සිකරණය වන නිසාය. ඔක්ෂිජන් යකඩ කැබැල්ලේ ඇති ඉලෙක්ට්‍රෝන රැගෙන ඔක්සයිඩ සෑදීම මළ බැඳීමක් ලෙස හදුන්වයි. ඔක්ෂිජන් ඇති ඕනෑම පරිසරයක මේ තත්වය උද්ගත විය හැකිය. දැන් අපේ ධමණි ගැන සිතා බලන්න. ධමණියේ යන රුධිරය ඔක්ෂිජන් වලින් පොහොසත්ය. මෙම රුධිරයේ දියවී ඇති ඔක්ෂිජන් යම් ලෙසකට ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ නම් ඔක්සිකරණය වන්නටකිසිදු චකිතයක් නොදක්වයි. මෙසේ ඉලෙක්ටෝන සොයා යන ඔක්ෂිජන් අණු රුධිර නාල වල නැම්මේ ඇති බිත්තියේ ඇති සෛල අතර අන්තර් සම්බන්ධක වල ඇති ඉලෙක්ටේ‍රා්න තමන් වෙතට ඇද ගැනීම නිසා අදාල ස්ථානය ඔක්සිකරණයට ලක්වේ. ඒ කියන්නේ ධමණි බිත්තියේ රුධිරය ගමන් කරන පැත්තේ බත්තියේ දැන් යම් මළ බැදීමක් ඇතිවෙලා කියලා කියන්න පුලුවන්. මේ මළ බැඳීම නිසා ධමණි බිත්තියේ එන්ඩෝ තීලියම් සෛල හානි වීමට පටන් ගන්නවා. මේනිසා අභ්‍යන්තර රුධිර ගලනයක් වන්නට හේතු සාධක සැකසෙනවා. මේ නිසාම අපගේ මොළයෙන් ලබා දෙන අංඥාවකට අනුව අක්මාව ක්‍රියාත්මක වෙනවා. එසේ ක්‍රියාත්මක වී LDL නම්නි හැදින්වෙන කොපුවක කොලෙස්ටරෝල් තැන්පත් කර අර ඔක්සිකරණය වූ තැනට යවනවා. අදාල තැනට යන LDL එන්ඩොතීලියම් සෛල ස්ථරයට යටින් ප්ලාස්ටරයක් සේ තැන්පත් වෙනවා.

‍මෙය අපගේ ජීවිතය බේරාගන්නට අප සිරුර විසින් යොදන තාවකාලික පිලියමක්. එහෙත් මෙම ක්‍රියාව දිගින් දිගටම වීම නිසා නැවත නැවතත් LDL නිපදවන්නට වෙනවා. යම් දවසක අදාල ස්ථානයේ රුධිර කැටියක් හටගෙන මරණය පවා අත්වීමට මෙම ප්ලාස්ටරය හේතු වෙනවා. මෙම සංසිද්ධිය ශිරා වල වෙන්නේ නැහැ. ඊට හේතුව ශිරා වල රුධිරයේ ගමන් කරන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය වැඩි රුධිරය වීම නිසයි. එවැනි මාද්‍යයක ඔක්සිකරණ ක්‍රියාවලියක් සිදු වන්නේ නැහැ.

‍මෙම ස්වභාවික ක්‍රියාන්විතය ආපසු හරවන්නටද ක්‍රමයක් තිබිය යුතුය. සිදුවන්නේ ඔක්සිකරණය නම් අපි ඊට ප්‍රති විරුද්ධ දෙයක් ලබා දිය යුතුය. අප කල යුතු වන්නේ ප්‍රති ඔක්සිකාරක ලබා දීමයි. ප්‍රති ඔක්සිකාරක වල කර්තව්‍ය්‍ය කුමක්ද? ඔක්ෂිජන් නිසා ඔක්සිකරනය වන්නේ ඔක්ෂිජන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ උවමනාවකින් පෙලෙන නිසයා. ප්‍රති ඔක්සිකාරක වලින් කරන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රධානය කිරීමයි. එසේනම් සොබාදහම අපිට ප්‍රශ්නයට පිලිතුර ලබා දී අවසන්ය. නමුත් අපි ඒ ගැන සැලකිලිමත්ද කියන එකයි ප්‍රශ්නය.

ප්‍රති ඔක්සිකාරක මණින ඒකකයක් ඇත. ඒ ORAC ( Oxygen Radical Absorbance Capacity ) වේ. අපගේ ශරීරයේ ඇතිවන මෙවැනි ඔක්සිකරණයන් නවතාලන්නට දිනකට ORAC ඒකක 20000 ක් සහිත ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව ලබා ගත යුතුය. යම් කෙනෙකුගේ කොලෙස්ටරෝල් වැඩි වීමක් ඇත්නම් මෙම අගය දෙගුන තෙගුණ කල යුතුය. ඒ අනුව දිගින් දිගටම ඔක්සිකරණය වීම නවතී. මේ නිසා අනතුර පහව ගිය බව දැනගන්නා අපගේ මොළය නැවතත් පෙර සේම සංඥාවක් අක්මාව වෙත ලබා දෙයි. දැන් අනතුර අවසන් කරුණා කරලා අර තැන්පත් කල ඒවා ආපහු ගන්න කියලා තමයි සංඥාව ලැබෙන්නේ. අක්මාවද ඉක්මනින්ම අර කලින් තැන්පත් කල කොලෙස්ටරෝල් නැවතත් අක්මාව වෙතට ගෙන එන්නට අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සකස් කරයි. එම කොලෙස්ටරෝල් රැගෙන එන්නට HDL නම් කොපුවක් අදාල ස්ථානය වෙත රුධිරයේ පාකර හරී. HDL ද අර ප්ලාස්ටරය ඇති තැනට ගොස් එහි ඇති කොලෙස්ටරෝල් කොපුව තුලට පුරවාගෙන නැවතත් අක්මාව වෙත ගෙන ගොස් මුදා හරී. මේ ලෙසට වැඩි වැඩියෙන් HDL නිපදවා අදාල ස්ථානය යතා තත්වයට පත් කරන්නට අවශ්‍ය පියවර අක්මාව විසින් ගනු ලබයි. මේ අනුව අපි කතා කරන හෘදයාබාදයක් ඇතිවීමට හේතු වන කොලෙස්ටරෝල් ගැටලුව විසදා ගනී.

දැන් මෙතනදී හොද හෝ නරක කියා කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබුනාද? මේ දෙදෙනාම සිදු කලේ අපේ ජීවිතය බේරාගන්නට අවශ්‍ය කර්තව්‍ය්‍යන් නොවේද? වරද අපි ගන්නා ආහාර වල ප්‍රතිඔක්සිකාරක නැති වීම නොවේද? අපි මේ වරද නිවැරදි කරන්නට භාවිතා කල උපක්‍රමයක කුමක්ද? ප්‍රතිඔක්සිකාරක ගන්නවා වෙනුවට අක්මාව නිපද වන කොලෙස්ටරෝල් විනාශ කරන්නට ස්ටැටිං ඩ්‍රග්ස් ගන්න එක නොවේද? ටිකක් හිතල බලන්න. අපි මොන තරම් අඥාන මිනිසුන්ද කියලා. ස්වභාවිකව අදාල අනතුර පහකරගන්නට අවශ්‍ය පහසුකම් සොබාදහම ලබා දීලා තිබියදී. අපි අපේ ජීවිතය අනතුරක දාගත්තා නොවේද?

ප්‍රතිඔක්සිකාරක වැඩිම එකේ සිට අඩුම එක දක්වා ආහාර ලැයිස්තුගත කලහොත් ඔබ පුදුම වේවි ලංකාවේ තියෙන කුළුබඩු තමයි එහි මුලින්ම තියෙන්නේ. සුද්දා අපේ රට ආක්‍රමණය කරන්නට පුධානම හේතුවක් තමයි මේ කුළුබඩු. ඒත් අපි දැන් සුදට කන්නට හුරු වෙලා. ගැස්ට්‍රයිටිස් කියලා තවත් බොරුවක් දාගෙන. ලුනු කන්නෙත් නැහැ ප්‍රෙෂර් කියලා. පහත තියෙන වගුව බලන්න. කරාඹු නැටි තමයි උඩින්ම තියෙන්නේ. ග්‍රැම් 100 ක ORAC ඒකක 340,000 ක් තියෙනවා. කුරුදු වල ORAC ඒකක 280000 ක් තියෙනවා. කුරුදු ග්රෑම් 5 ක් දවසකට ආහාරයට ගන්නට හැකිනම් ORAC ඒකක 14000 ක් එතනම අප ශරිරයට එක් කරලා හමාරයි. මේ වගේම එකක් තමයි මුරුංගා කොළ. වේලපු මුරුංගා කොළ කුඩු ග්රෑම් 100 ක ORAC ඒකක 147000 ක් තියෙනවා. ඉතිං මෙයින් ග්රෑම් 10 ක් දවසකට කන්නට පුලුවන් නම් ORAC ඒකක 14700 ක් ලැබිලා හමාරයි. දවසකට අවශ්‍ය වන්නේ ORAC ඒකක 20000 යි. වැඩි වුනා කියලා ප්‍රශ්නයක් නැහැ. වැඩි වන තරමට අපගේ සිරුරේ ඇතිවන දාහන නැති වෙනවා. ඔබගේ සිරුරට දරාගන්නට බැරි ප්‍රමාණයක් නම් ඔබගේ සිරුර ඊට ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් බඩ බුරුල් කර යෑම වගේ ඒවා. ඒත් ප්‍රති ඔක්සිකාරක නිසා නොව අදාල ආහාරයේ ඇතිවෙනත් කොටස් නිසා.

දැන් ලෝකයේ තාක්ෂණය දියුණු නිසාම පුතිඔක්සිකාරක ගුණය ඉතාමත් අධික අයණිකෘත ජලය නිපදවා තියෙනවා. විශේෂයෙන් ජපානයේ නිශ්පාදිත පානීය ජලය අයනීකරණය කරන යන්ත්‍රයක 11.5 pH වතුර වීදුරුවක ORAC ඒකක ගණන අප ආහාර වලින් ලබා ගන්නට නම් බ්‍රොෙකොලි කිලො 5 ක් ආහාරයට ගත යුතු වෙනවා. එහි ORAC ඒකක ගණන 75000 ක් පමණ වෙනවා. මේ නිසාම මෙම වතුර පානය කරන අයට ඉතාමත් ඉක්මනින් කොලෙස්ටරෝල් ගැටලුවෙන් මිදෙන්නට පුලුවන්. එපමණක් නොව වකුගඩු සහ අක්මාවේ රෝග වලින්ද ඉතාමත් ඉක්මනින් මිදෙන්නට හැකි වෙනවා. මේ ගැන වෙනම ලිපියක් මම ඉදිරියේදී ගෙන එන්නම්.

දැන් ඔබට කොලෙස්ටරෝල් වලින් මිදෙන්න ඉතාමත් අනගි ආහාරයක් නිවසේදී සාදාගත හැකියි. අපි කරන්නේ කුරුදු පොතු කුඩු ග්රෑම් 100 ක් සහ වේලපු මුරුංගා කොල කුඩු ග්රෑම් 200 ක් ගෙන මීපැණි වල කලවම් කර දිනකට තේහැදි තුනක් ආහාරයට ගැනීමයි. මේ ප්‍රමාණය තුල සාමාන්‍යෙයන් ORAC ඒකක 40000 ක් පමණ තියෙනවා. එය කොලෙස්ටරෝල් වලින් මිදෙන්නට ප්‍රමාණවත් වෙනවා. මේවා ආහාර නිසා කාගෙන්වත් තහනමක් නැහැනේ. කරලා බලන්න. තමන්ට ප්‍රතිඵල තියෙනවා නම් තව කෙනෙකුට කියලා දෙන්න. මේ විදිහට මුළු රටටම යහපතක් කරන්නට හැකි වේවි.

දැන් කතා කල යුතු වන්නේ කොලෙස්ටරෝල් විනාශ කරන්නට බෙහෙත් ගන්නා විට සිදුවන සංතෑසිය ගැනයි. මේ ටික නම් කිව යුතුමය. සමහර වෛද්‍ය වරුන් කොලෙස්ටරෝල් එයි කියන සැකය නිසාද මෙවැනි ස්ටැටිංස් වර්ගයේ බටහිර ඔසු නියම කරනවා. එය කෙතරම් උචිතද යන්න දෙවරක් නොව දහස් වරක් සිතා බලන්න. පින් අයිති වෙයි.

  • අපේ මොලයේ ඝන කොටසින් 75% පමණ නිර්මානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි.
  • අපගේ ලිංගික හෝමෝන නිපදවන්නට කොලෙස්ටරෝල් අවශ්‍ය වේ.
  • අපගේ දේහ සෛල වල සෛල පටලය නිරිමානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි.
  • ස්නායු වල පිටත කවරය නිර්මානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි.
  • ස්ට්‍රෙස් හෝමෝන නිපදවන්නේ කොලෙස්ටරොල් වලිනි.
  • අප ඉහත දැක්වූ ආකාරයේ අනතුරක් අපගේ ධමණි වලට හෝ අක්මාවට සිදුවන විට එය වලක්වන්නේ කොලෙස්ටරෝල් වලිනි.
  • ( අක්මාවට වන හානිය වැඩි වන විට වැඩිපුර මේදය තැන්පත්වී ෆෑටිලිවර් යන තත්වය හටගනී. ඒ ගැන පසුව කතා කරන්නම්. )

52598626_833850473636107_161973464524128256_n

දැන් මේ සියළුම කොලෙස්ටරෝල් වලට විරුද්ධව තමයි අපි ස්ටැටිං ඩ්‍රග්ස් ගන්නේ. අපේ බලාපොරොත්තුව වන්නේ ධමණි තුල ඇති කොලෙස්ටරෝල් විනාශ කිරීම වුවත් ඒවා පමණක් විනාශ කල හැකි බෙහෙතක් මේ වන තෙක් නිපදවා ඇත. දීර්ඝ කාලීනව ස්ටැටිං ඩ්‍රග්ස් ගන්නා අයට සැදෙන ප්‍රධානම අතුරු ආබාදයක් තමයි අල්සයිමර්ස් කියන්නේ. අල්සයිමර් තත්වය සහිත මොළයක හරස් කඩක් පහත දක්වා ඇත. ඉතිරිය මා කිව යුතු නොවේ. ඔබට තේරුම් ගත හැකිය. මේ ලෙසටම මෙම බෙහෙත් දීර්ඝ කාලිනව ගන්නා අයට ලිංගික හෝමෝන නිපදවා ගන්නට බැරිය. ඒ ගැනත් ඔබට අත්දැකීම් ඇති. මේවා භාවිතා කරන අය තම හදවතට තට්ටු කරලා බලන්න. ස්නායු වලට වන හානිය ඊලග අතුර ආබාධයයි. ස්නායු වල පිටත කවරයට හානි වීම නිසා ස්නායු පිටතට නිරාවරනයවේ. මේ නිසා මුලු සිරුරටම වේදනා ගෙන දේ. මෙම වේදනාව නිසා මෙම රෝගීන් ඉකිමනින් කිපෙන සුලු වේ. සුලු දේටත් කෝපාවිෂ්ඨ වේ. මා මේ කියන දේවල් සත්‍ය ද කියා ඔබ ඔබගෙන්ම අසා දැනගන්න. මේ බෙහෙත් ලබා දෙන නෝනා මහත්වරුනම් මේ දේවල් පිලිගන්න එකක් නැහැ. මේ ලිපිය අවසානයේ ඇති පොත ඊට ශක්ෂි දරාවි. නොමිළයේ බාගත කර හැකි නිසා සියලු දෙනාම බාගත කරගෙන කියවන්න. මේවා මම හිතලා කියන දේවල් නොවේ.

52956349_833850353636119_5519464950285729792_n

 

ඇයි මේ ගංගාවක පින්තූරයක් දාල තියෙන්නේ කියලා හිතන්න පුලුවන්. මේ පින්තූරයේ තියෙන්නේ ගගක් මුහුදට වැටන්නට කලින් නිර්මානය වන ස්වරූපයක්. ගග නැමි නැමී පහලට ගමන් කරනවා. මේ ගලා යන ජලධාරාවට හසුවන වැලි ගගේ නැම්මක් ඇති තැනකදී ගොඩට ගහනවා. බලන්න නැම්මේ ඇතුල් පැත්තේ තමයි වැලි තැන්පත් වෙලා බීච් එකක් හැදිලා තියෙන්නේ. අපේ කිරිටක ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නෙත් මේ විදහටමයි. නැම්මක ඇතුල් පැත්තේ. අනෙක් තැන්වල තිබුනත් එතරම් ඝනව පිහිටන්නේ නැහැ. ගංගාවේ ගලා යන වැලි වගේ තමයි රුධිර ධාරාවේ ඉදිරියට යන ෆ්‍රී රැඩිකල්. නැතිනම් ඉලෙක්ට්‍රෝන පිපාසාවෙන් පෙලෙන ඔක්ෂිජන් රැඩිකල්. මේවා තමයි ධමණි වල ඉදිරියට යන රුධිරය මගින් පැත්තකට තල්ලු කරලා දාන්නේ. එතැන බිත්තියේ ඇති ඉලෙක්ටේ‍රා්න තමයි අර ඔක්ෂිජන් රැඩිකල් සොරා ගන්නේ. ඒ නිසා එතනට තමයි කොලෙස්ටරෝල් අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ යමක් වැටහුනා කියලා.

 

 

53071361_833850670302754_6527406281878142

 

තව ග්‍රාෆ් එකක් දාලා තියෙනවා නේද? මොකක්ද ඒ. 1980 වර්ෂයේ තමයි මේදය සහිත ආහාර ගන්නට එපා හෘද රෝග ඇතිවෙනවා කියලා ලොව පුරා ප්‍රචාරය කරන්නේ. එසේ සිදු කරන වසරේ සිටම පටන් ගන්නවා ස්ටැටින් ඩ්‍රග්ස් ලොව පුරා බෙදා හරින්න. එතන තියෙන රතුපාට කඩ ඉර තමයි මෙතනින් වඩාත්ම වැදගත් එක. මේදය නතරකර ස්ටැටින් ඖෂධ ගන්නා කාලය තුල අල්සයිමර්ස් රෝගය හිසඔසවා ඇති අයුරුයි මේ රූපසටහනෙන් දැක්වෙන්නේ. ඔබට යම් හෝඩුවාවක් මේ රූපසටහන ගෙන ඒවි යැයි සිතුන නිසා තමයි එය පල කලේ.

අල්සයිමර් තත්වය හේතුවෙන් විශාදය, මානසික ආතතිය වැනි තත්වයන්ද ඇතිවිය හැකිය. දැන් දැන් වයසට යන්න යන්න වැඩිහිටියන්ට විශාදය තත්වය ඇතිවන බව හොදින් පෙනේ. මොවුන් මෙම තත්වයට පත්වන්නට පෙර ලබාගත් ඖෂධ ගැන සලකා බැලුවහොත් බොහෝ දේවල් තේරුම් ගන්නට හැකි වේවි.

දෙතුන් වතාවක් කියවලා බලලා ෂෙයාර් කරන්න. තවත් ලක්ෂ ගානක් ඉන්නවා මේගැන දැනුවත් කමක් නැතිව. ඔවුන්ව ගොඩගන්නට ඔබට හැකි වේවි.

මා සමග පුද්ගලිකව සම්බන්ධ වන්නට අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා telegram app එක ඩවුන් ලෝඩ් කරගෙන සම්බන්ධ වන්න. මෙහි කතා කරන්නට අපහසු කරුණු අපිට එහිදී කතා කරන්නට හැකියි.

https://t.me/nayana

වැඩිදුර විස්තර දැනගන්නට මේ පොත බාගත කරගන්න

https://www.smashwords.com/books/view/486704

හෘද රෝග ගැනද සමග තවත් කොටසක් ගෙන එන්නම්.

‍මෙත් සිතිනි…!!

 

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *