ලිංගික උත්තේජන බෙහෙත් පාවිච්චි කර ලිංගිකව එක්විමෙන් ලැබෙන දරුවන්ට බලපෑමක් ඇතිවෙනවද? එයට මා දුන් පිලිතුර.

ටිකක් අමුතු තාලේ ප්‍රශ්නයක් අහලා තිබුනා. ඒකට දීල තිබුනු පිලිතුරු වෙන වෙන පැතිවලටත් ගමන් කර තිබුණ නමුත් ඇත්තටම මෙහි සාමාජීය ගැටලුවක් ඇතිබව මට පෙණුන නිසා කෙටි පිලිතුරක් දුන්නා. අනිත් අයටත් වැදගත්වෙයි කියලා සිතුන නිසා මෙහි පලකලා.

පැණය වුනේ.
දැන ගැනීම සදහා,

ලිංගික උත්තේජන බෙහෙත් පාවිච්චි කර ලිංගිකව එක්විමෙන් ලැබෙන දරුවන්ට බලපෑමක් ඇතිවෙනවද? කියන එකයි. ඔබගේ සිතට එකවරම එන්නේ මොනවගේ අදහසක්ද? ටිකක් ජුගුප්සා ජනක එකක් නේද? ඒත් ටික වේලාවක් ගැඹුරෙන් කල්පනා කරලා බලන්න. ඇත්තටම මේවගේ ප්‍රශ්න ගෙවල් වල ඇති නේද? අපි ටිකක් මේ ගැන කතා කරමු.
‍මේ මාදුන් පිලිතුරයි.

ප්‍රශ්නය හදුනගෙන හේතුවට පිලියම් යෙදුවා නම් මේ ගැටලුව එන්නේ නැහැ. ප්‍රශ්නය තමයි ලිංගය ප්‍රාණවත් නොවීම.  ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.

1. ධමණි වල රුධිරය ඉදිරිට ඒම පමා වීම.

‍හේතු. ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත්ව තිබීම, කැල්සියම් මැග්නීසියම් ඌණතාවය. කොපර් ඌණතාවය.

2. ලිංගික උත්තේජනය නැතිවීම.

හේතු. හෝමෝන නිපදවීම දුර්වල වීම. කෝටිසෝල් ඇඩ්රිනලින් වැනි හෝමෝන නිපදවීම දුර්වල වීම. සින්ක් ඌණතාවය, කොලෙස්ටරෝල් සදහා ගන්න ස්ටැටින් ඩ්‍රග්ස් හේතුවෙන් ලිංගික හෝමෝන නිපදවීම දුර්වල වීම.

ඩොපමීන් සහ ‍‍සෙරොටොනින් නිපදවීම දුර්වල වීම. මෙම හෝමෝන සහ නියුරෝට්‍රාන්ස්මීටර්ස් නිපදවන්නට අවශ්‍ය පෝෂනය ලබා දිය යුතුය. එවිට මෙම තත්වයන් මග හැරී යයි.

3. රුධිර කොටරාභ වලට රුධිරය ගමන් කර පසු ආපසු ඒම වැලැක්වීමට ඇති කපාට නිසිලෙස ක්‍රියාත්මක නොවීම.
හේතු. කැල්සියම් ඌණතාවය, කොපර් ඌණතාවය.

දීර්ඝ කාලීනව වයග්‍රා වැනි වේසෝඩයලේටර්ස් භාවිතාව නිසා කපාට නිසි ලෙස වසා තබන්නට නොහැකි විය හැකිය.

‍මේ බාධක ජගයත්තා නම් ඔබට සිරුරට අහිතකර වස විස ශරීරගත කරගන්නට වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නය අහලා තියෙන්නේ එවැනි එක්වීමකදී ලැබෙන දරුවන් හට කුමක් වන්නේද කියන එකයි.

‍මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද දැන් සමාජයේ සිටින අයගෙන් 90%ක් දරුවන් ලබන්නේ අහම්බෙන් මිස දැනගෙන නෙවෙයි. ඉස්සර කසාද බැදලා පලමු මාසය දෙක ඇතුලත අනිවාර්‍යෙයන් පිලිසිදගැනීමක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි මුලින්ම ගෙයක් දොරක් හදා ගමු. වාහනයක් ගමු මගුලට ගත්ත ණය බේරමු වාගේ ප්‍රශ්න ඉදිරියේ දරුවන් හදන එක පස්සට පස්සට දානවා. මේ නිසා කාලයක් යනවිට දරුවන් හදන්නට බැරි වෙනවා. ඊට පස්සේ තව ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා. අධික අපේක්ෂාවන් නිසා මානසික ආතතිය වැඩි වෙනවා. විශාදය පවා ඇතිවෙනවා. ඉතිං ලිංගික හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අවස්ථාව වෙන විට දරුවෙක් හදන්නට මව සහ පියාගේ ශුක්රාණු සහ ඩිම්බ නිසි පෝෂණයකින් යුක්ත වෙන්නේ නැහැ. අනෙක් කාරණය කන බොන වස විස. මේ සියල්ල නිසා අපි දැන් ජාන වලින්ද පිරිහිලා ඉන්නේ. මොකද හෝමෝන ගහපු මස්, ජාන විකෘති කල එළවලු පලතුරු වගේ දේවල් නිසා.

නමුත් හොදින් බලන්න. කසාද බැදලා ඉක්මනින් ලමයෙක් දෙන්නෙක් හදන පවුල් වල ලමයි හොදින් ඉගෙන ගන්නවා. සමාජයේ යම් යම් වගකීම් දරනවා. මම කියන දේ ඔබට සොයා බැලිය හැකියි. තරුණ වයසේ වෙනත් වගකීම් ගොඩක් දාගෙන මානසික ආතතිය හදාගෙන වයග්‍රාවල පිහිට පතලා හදන දරුවන්ට බලපෑම ඇතිවන්නේ වයග්‍රා නිසා නොව ඔබට වයග්‍රා භාවිතා කරන්නට හේතු වුනු කරුණු නිසා… වයග්‍රා කියන්නේ හොද දෙයක් නෙවෙයි. එය ඉහත පිලිතුර බැලුවා නම් තේරෙන්න ඕනි. ඒක අමු වහක්. ඒත් මේ ගැටලුවට මා දකින පිලිතුරයි මා පැවසුවේ.

ටිකක් ගැටලු සහගතයි තමයි නමුත් හිතලා බලන්න. අඩුගානේ තරුණ අයටවත් මේක තේරුනොත් ලොකු දෙයක්.

‍මෙත් සිතිනි…!!

 

Close Menu