මෛත‍්‍රී භාවනාව වඩමු!

පහත දක්වා ඇති උපදෙස් හොඳින් කියවා බලා ප‍්‍රථමයෙන් සන්සුන් සිත් ඇතිව මෛත‍්‍රී භාවනාව ශ‍්‍රවණය කරන්න. ඉන්පසු තමන් සතු ජංගම දුරකථනයට හෝ වෙනත් ශ‍්‍රව්‍ය උපකරණයකට අදාල භාවනා පටය බාගත කරගන්න.

මිනිසුන් වශයෙන් ඉපදුනු අපට දශ පුණ්‍යක‍්‍රියා සිදු කිරීමට මහා වාසනාවක් උදා වී ඇත.

  1. දානය.
  2. ශීලය.
  3. භාවනාව.
  4. අපචායනය. ( හෙවත් ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම )
  5. වෙය්‍යාවච්චය. ( හෙවත් තෙරුවනට, දෙමාපියන්ට, මහල්ලන්ට, රෝගීන්ට ආදී අන්‍ය සුදුස්සන්ට වතාවත් කිරීම හා පන්සල්, පොදු ස්ථාන, මහාමාර්ග ආදිය පවිත‍්‍ර කිරීම හා සුදුසු කළ ප‍්‍රතිසංස්කරණය )
  6. පත්ති දානය. ( හෙවත් තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම )
  7. පත්තානුමෝදනාව. ( අනුන් අනුමෝදන් කරවන, දෙන පින සතුටින් පිළිගැනීම )
  8. ධම්ම සවනය.
  9. ධම්ම දේශනාව.
  10. දිට්ඨිජ්ජු කම්මය. ( හෙවත් පින් පව් ඇත, කර්මයේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත යනුවෙන් ලෞකික සම්‍යක් දෘෂ්ටිය ඇතිකර ගැනීම නොහොත් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම ) යන මේවා බුදු දහමේ සඳහන් දස කුසලයෝය.

මේ කරුණු දහය පින් අත්වෙන පිලිවෙල ට අනුව පෙල ගැස්වුව හොත් මුලින්ම තබන්නට වන්නේ කෙනෙකුට තම ජීවිතයේ දී කල හැකි උපරිම පින ලෙස බුදුන් වහන්සේ විසින් වදාල භාවනා කියන පුණ්‍ය ක‍්‍රියාවයි. මෙහිදී භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කර ඇත්තේ මෛත‍්‍රී භාවනාව වේ. අන් භාවනාවන් ඇත්තේ දහම දුටු කෙනෙකුට තම මාර්ගය දියුණු කර ගැනීම පිනිස ය. නමුත් ආර්ය අනාර්ය සියලූ‍ම ‍දෙව් මිනිසුන්ට මෙම මෛත‍්‍රී භාවනාව වඩා මහා පුණ්‍ය සම්භාරයක් අත් කරගත හැකිය.

බුද්ධ දේශනාවට අනුව මලක් ඉඹින කාලයක් කෙනෙක් මෛත‍්‍රී භාවනාව වඩයිනම් එහි පිණ මහාත්ඵල මහානිසංස වේ. භාවනාව වැඞීමට අපගේ සිත යම් තරමකට හීලෑ කරගත යුතුය. ඒ සඳහාද කාර්්‍ය බහුල ඔබ හට, අප විසින් සරල ක‍්‍රම වේදයක් මෙම භාවනාව තුල අන්තර්ගත කොට ඇත. දින කිහිපයක් මෙසේ පුහුණු කල පසු තමාගේ සිත යම් තාක් දුරට එක් තැන් කරගැනීමේ කුසලතාවයක් ඇති වනු ඇත.

මුලින්ම අප විසින් ඔබ අතට පත් කරන මෙම භාවනාව සති දෙකක් පමණ වඩන්න. ඉන් පසු භාවනාවේ මූලික කොටස අඩු කොට ඉදිරියේදී අප විසින් ඔබට ලබාදෙන සුදුසු කාල පරාසයක භාවනා පටයක් බාගත කර ගත හැක. තමාට විවේකය ඇති අයුරින් මෙම භාවනාව වඩන්න. තමාට මෙන්ම තම පවුලේ අයටද, තමා අවට සිටින සියළු දෙනාටද සියළු ලෝක සත්වයන්ටද මෙම භාවනාව මගින් වන සෙත අනත්තය අප‍්‍රමාණය.

ප‍්‍රථමයෙන් තමන්ට පහසු ඉරියව්ව කින් වාඩි වී බුදුන් වැඳ අවසන් විමෙන් පසුව හෝ වෙනත් පහසු වේලාවක් යොදා ගෙන මෙම භාවනාව වැඩිය හැකිය. තමන් විසින් භාවනා කිරීම සඳහා ‍වැයකරන කාලය කලින් ‍තීරණය කර ඊට සරිලන කාල පරාසයක ඇති භාවනා වාර ගනනක් ඇති භාවනා කොටස තමන්ගේ ජංගම දුරකතනයට හෝ වෙනත් ශ‍්‍රව්‍ය උපකරණයකට පහත ඇති ලින්ක් එක මාර්ගයෙන් බාගත හැකිය. නො එසේනම් අන්තර් ජාලය තුල සිටම ශ‍්‍රවනය කරන අතරතුර භාවනාව වැඩිය හැකිය.

භාවනාව වඩා අවසන් වී අප විසින් සිදු කරන ලද මහා පුණ්‍ය කර්මයෙන් අප ලද පින සියලූ‍ දෙවි දේවතාවන් ටත් අපගේ සංසාර ගත ඥාති වර්ගයා ටත් අනුමෝදන් කල යුතු අතර එයද මෙම භාවනාව අවසානයට අන්තර්ගත කොට ඇත. පුණ්‍යානුමෝදනාව අවසන් වන තුරුම භාවනාව වඩන්න.

meditation3

මෙත් සිතිනි. !!

Close Menu