බඩ වේලීමට ප්‍රධානම හේතුවක්.

50521811_810276279326860_7298591926440165376_nඅපේ සිරුරේ ඇති මාංශ පේෂි සංකෝචනය වන්නට කැල්සියම් අවශ්‍ය වෙනවා. යම් කෙනෙකුගේ කැල්සියම් උෟණතාවයක් ඇත්නම් පේෂි සංකෝචනය කල නොහැකි වෙනවා. එ ලෙසටම සංකෝචනය වූ පේෂි ආපහු දිගහරින්නට මැග්නීසියම් අවශ්‍ය වෙනවා. මෙම මැග්නිසියම් යම් කෙනෙකුගේ ඌණතාවයක් ඇත්නම් හැකුළුනපේෂිය දිග හැරගන්නට බැහැ. මේසේ කෙණ්ඩා ප්‍රෙද්ශයේ පේෂි හැකුලුනාම දිගහැරගන්නට බැරිවෙන එක බොහෝ දෙනෙකුට තියෙනවා. අපි කෙණ්ඩා පෙරලෙනවා කියලා කියන්නේ. ඒ අය විශාල මැග්නිසියම් ඌණතාවයකින් පෙලෙනවා.

අ‍‍පේ ආහාර ජීරන පද්ධතිය පටන් ගන්න තැන සිට අවසන් වන තුරුම ආහාර ජීරණය කරමින් අවශෝෂනය කරමින් යන ගමන යන්නේ ආහාර ජීරණ පද්ධතිය හැකිලෙමින් දිගහැරෙමින්ය. මෙම ක්‍රමයට ක්‍රමාංකුංචනය කියා කියනවා. මෙසේ සිදු කරීමට කැල්සියම් සහ මැගිනීසියම් අවශ්‍ය වෙනවා.

මහාන්ත්‍රෙය්දී අපේ ජීරණය නොවූ සහ අවශෝෂණය නොවූ ආහාර වල අවශේෂ කොටස් වල ඇති ජලය නැවත සිරුරට උරාගැනීමේ ක්‍රියාවලියක් තියෙනයවා. මේ නිසා යම් කෙනෙකුගේ සිරුරේ කැල්සියම් අඩුනම් මහාන්ත්‍රය මිරිකා සංකෝචනය කොට මෙම අවශේෂ කොටස් ඉක්මනින් තල්ලු කර හරින්නට බැරි වෙනවා. මේ නිසා වැඩි වේලාවක් මහාන්ත්‍රය තුල මෙම අවශේෂ කොටස් පවතිනවා. ඉතිං වැඩි ජලය ප්‍රමාණයක් අවශෝෂනය කරගන්නවා. මේ නිසා අසූචි අතර මග වියලී තද වෙනවා. මෙය ඉවසා ගන්නටත් අපහසු වේදනාවක්. අනෙක්කාරණය මෙම අසූචි ඉක්මනින් සිරුරෙන් බැහැර කලේ නැතිනම් මහබඩවැල හරහා නැවතත් සිරුරෙන් බැහැර කරන්නට යන විශ ඇතුලු විය හැකිය. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

දැන් ඔබට තේරෙනවා ඇති කරන්නට තියෙන දේ. අපි කරන්නට තියෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් නිසි ලෙස සිරුරට ලබා දිමයි. එසේම පලතුරු සහ එලවලු වැඩියෙන් ආහාරයට ගැනීමයි. ඒ අනුව මෙම තත්වයෙන් ගෙඩ එන්නට හැකිය.

‍මෙම තත්වය ගැන ඔබට යම් පැණයක් පුද්ගලිකව ඉගෙන ගන්නට අවැසි නම්හෝ අන් අයත්සමග සාමූහිකව දැනුම බෙදාගන්නට කැමතිනම් පහත ලින්ක් එක භාවිතා කර මාගේ TELEGRAM ග්රූප් එක හා සම්බන්ධ වෙන්න. මෙම ඇප් එක මුලින්ම ඔබගේ දුරකතනයට බාගත කරගන්න.. මා හා සම්බන්ධ විමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Close Menu
×
×

Cart

Cart