බඩ පුරවා දැමීම, බඩ කොරවීම සහ මුඛ දුර්ගන්ධය ගැන ඇසූ පැණයකට මා දුන් පිලිතුරක්.

බඩ පුරවා දැමීම, බඩ කොරවීම සහ මුඛ දුර්ගන්ධය ගැන ඇසූ පැණයකට මා දුන් පිලිතුරු මෙසේ සටහන් කරමි.

අපි මීට ඉහත ලිපියකින් කතා කලා ආමාශයේ ආම්ලික තාවය ගැන. දැන් අපිට කතා කරන්නට ඇත්තේ ආහාර ජීරණ පද්ධතියේ ඊලග කොටස ගැනයි. ඒ කියන්නේ ග්‍රහණිය සහ අන්ත්‍ර ගැනයි.

ආමාශයේ ඇති අති සාන්ද්‍ර ආම්ලික තාවය මස් කෑල්ලක් වුවද පැය එකහමාරක් වගේ කාලයක් ඇතුලත දියරයක් බවට පත්වෙන තෙක් ජීරණය කරන බව අපි කතා කලා මතකද? දැන් ආමාශය තුලදී ප්‍රෝටීන ජීර්ණය කර අවසන්. මේදය, අම්ල වල දියවන්නේ නෑ. ඉතින් ඒකට අවශ්‍ය භාෂ්මික පරිසරයක් අවශ්‍ය වෙනවා. ප්‍රෝටීන ජීරණය වූ පසු දැන් ආහාරයට ගත් මේදද සමග අ ආමාශයෙන් පහල ඇති ගළියක් වැනි යූ හැඩයේ තැනකට එනවා. මෙතනට එක පාරටම අාමාශයේ ඇති ද්‍රාවනය එන්නේ නෑ. එක වරකට කුඩා ප්‍රමාණයයි එන්නේ. මේ සමගම ග්‍රහණියට පිත ගලා එනවා. පිතේ සාමාණ්‍ය පී එච් අගය 9 ක් විතර වෙනවා. මේ ලෙසට පහලට ගලාගෙන ඒන මේදය මේද අම්ල ලෙසට කඩා වෙන් කිරීම දැන් ආරම්භ වෙනවා. මේ වන විට කුඩාන්ත්‍රයට ගලා ඒන ආහාර වල පී ඒච් අගය 8 කට වඩා වැඩි අගයක් ගන්නා නිසා මෙය භාෂ්මික මාද්‍යයක් ලෙසට පත් වී තිබෙනවා.

අඹ ගෙඩියක් ඉදිලා කුණු වෙලා යනවිට පණුවෝ ගහනවා නේද? ඒ් ගෙඩිය කුණු වෙන්නේ සහ බැක්ටීරියා ආසාදනයට ලක්වෙන්නේ ඒහි පී ඒච් අගය පහල ගිය විටයි. නැතිනම් ආම්ලික වූ විටයි. මට මෙහිදී කියන්නට වුවමනා වන්නේ ආම්ලික මාද්‍යයකදී බැක්ටීරියා වලට සහ පණුවන්ට හොදින් වර්ධනය විය හැකි බවය.

ඒසේම අපි පිවිත්‍ර කාරක ලෙසට භාවිතා කරන්නේ භාශ්මික දාවන බව ඔබ දන්නවා ඇති. සමන්, ෂැම්පු වර්ග, බ්ලීච්, ඩිටර්ජන්ට්, වැන් දෑ උදාහරණ ලෙසට ගත හැකිය. මේවා ඇති තැනක පණුවන්ට සහ බැක්ටීරියාවන්ට ජීවත් විය නොහැකිය. දැං මම මේ මොකාටද ඒන්නේ කියලා සමහර විට ඔබට දැනෙනවා ඇති.

පිත්තාශයෙන් පිටවන පිත නිසා ආම්ලික මාධ්‍යයක් භාෂ්මික වූවානම්. යම් කෙනෙකුගේ පිත නිපදවීම දුර්වල නම් කුමක් විය හැකිද? අන්ත්‍ර වල පී ඒච් අගය 7 ට අඩු වුවහොත් කුමක් වේද? ආම්ලික පරිසරයක ඇතිවන බැක්ටීරියාවන් වර්ධනය වන්නට පටන් ගනී. ශරීරයට හිතකර බැක්ටීරියාවන් විනාශ වී යයි. පණුවන් ගහණය වැඩිවී පෝෂණ්‍ය උරාබොන්නට පටන් ගනී. දැන් බඩවැල සත්තු වත්තක් වේගනයි ඒන්නේ. මොවුන් දැන් ආශ්වාස ප්‍රාස්වාස කරනවා. ජලය උරාගන්නවා. පෝෂණ්‍ය උරා ගන්නවා, මේ සියල්ල අපි ගන්නා ආහා වලින් තමයි ලබා ගන්නේ. දැන් මේක පිළිලයක් ලෙසට වැඩෙනවා. මොවුන්ගේ ශ්වසනය නිසා ඇතිවන වාතය නිසා බඩවැල් පිම්බෙන්නට පටන් ගැනීම තමයි බඩ පුරවා දැමීමට ඒක් ප්‍රධානම සාධකයක් වන්නේ. ඔබලා පැවසූ කරුණු ප්‍රතික්ෂේප කරනවා නොවේයි. මම විශේෂයෙන් මේ කරුණ ගෙනහැර දැක්වෙූයේ මෙම කරුණ නිසා විශාල පිරිසක් අපහසු තාවයට පත් වී සිටින නිසාය.

දැන් අපි දැනගත යුතු වන්නේ අන්ත්‍ර වල පී එච් අගය වැඩියෙන් පවත් වාගන්නේ කෙසේද යන්නයි. අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ භාශ්මික තාවය පවත් වාගෙන යන්නේ පිත මගිනි. පිත යම් හෙයකින් දුර්වල වුනොත් භාශ්මික තාවය පවත්වා ගෙන යා නොහැකි වෙනවා. ඉතින් අර පෙර කී අයහපත් බැක්ටීරියාවන්ට ජීවත් වන්නට පරිසරය සකස් වෙනවා. භාෂ්මික තාවය නැති නිසා මේදය ජීර්ණය කරන්නට නොහැකි වෙනවා. සමහර අයට තෙල් වර්ග කෑවහම බඩ බුරුලට යන්නටද මෙය හේතුවක් වෙනවා.

මෙම පිත නිශ්පාදනය කරන්නේ අපගේ අක්මාවයි. පිත ලීටර් එකහමාරක් පමණ ප්‍රමාණයක් දෛනිකව අපගේ අක්මාව විසින් නිපදවා ආහාර ජීර්ණ පද්ධතියට මුදා හරී. මෙම පිත පහලොස් වතාවක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන බව විද්‍යාඥයින් පවසයි. අක්මාව පිත නිපදවනවා නම් පිත්තාශය ඇත්තේ කුමකටද? පිත්තාශය යනු පිත ගබඩා කර තබන මල්ලක් වැනි කුඩා අවයවයකි. අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කල හැකි වන ලෙසට මෙම පිත ගබඩා කර ඇත. පිතේ ඇති ජලය ඉවත් කොට උකු තරලයක්ලෙසට මෙම පිත ගබඩා කර ඇත. ඒ තරමටම මේ පිත අපගේ සිරුරට අවශ්‍ය නිසාය.
පිත නිශ්පාදනය කරන්නට මැග්නීසියම් නැමති ඛණිජ ලවනය අවශ්‍යයවේ. මැග්නීසියම් වැඩිපුරම ඇත්තේ කොළ වර්ග වලයි. විශේෂයෙන් තිත්ත රස කොළ වර්ග වල මැග්නීසියම් බහුලය. කිරිඅගුණ, එරමුදු දළු, මතකද මේවා අපේ අම්මලා පොඩි කාලේ අපිට දුන්නා පණු අමාරුවට කියලා. ඇත්තටම මෙයින් සිදු වන්නේ මැග්නීසියම් ඌණතාවයට පිලියම් යෙදීමයි. ඉතින් අපගේ සිරුර අවශ්‍ය පී එච් අගය බඩවැල් වලට ලබා දුන්නහම පණුවන්ට ඉන්න බෑ. අයහපත් බැක්ටීරියාවන්ට ඉන්නට බෑ. මේ නිසා පණු අමාරුව බඩේ අමාරුව හොදවෙනවා. වට්ටක්කා ඇට වලත් මැග්නීසියම් බහුලව තියෙනවා.

මෙම තත්වය දැනගන්නට තවත් එක් ක්‍රමයක් කියන්නම්. අපගේ මාංශ පේෂි සංකෝචනය කරන්නට කැල්සියම් අවශ්‍ය වේ. නැවත දිග හරින්නට මැග්නීසියම් අවශ්‍ය වේ. යම් කෙනෙකුගේ හැකිළුණු මාංශ පේශියක් දිගහැරගන්නට බැරිනම් ඒ කියන්නේ මැග්නීසියම් ඌණතාවයකින් අදාල පුද්ගලයා පෙලෙන බවයි. බඩේ ඇත්තේ පණුවන් ගේ සහ බැක්ටීරියාවන්ගේ ප්‍රශ්නයක් නම් එම රෝගියාට මෙවැනි ප්‍රශ්නද ඇතිවේ. මෙවැනි තත්වයන් මොනවාද? කෙණ්ඩා පෙරලීම, බඩ කොරවීම, මේ අතරින් ප්‍රධාන වේ.

මේ කෙනාගේ සිරුරේ මැග්නීසියම් වලට අමතරව කැල්සියම්ද අඩු නම් දැන් කපාට වසා සිටීමටත් අපහසුය. ඇයි කපාට වසා ගෙන සිටීමට මාංශ පේෂි සංකෝචනය කරගෙනම ඉන්න එපැයි. එය සිදු කරගන්නට නොහැකි වුනෝතින් මොනවා වෙයිද? බඩවැල් දෙපැත්තේ කපාට දෙකක් ඇත. එකක් ගුදමාර්ගයේද අනික ග්‍රහණිය පටන් ගන්නා තැන ආමාශයේ පහල කොටසේද ඇත. මේ කපාට දෙක වරින් වර විවර වීම කැල්සියම් ඌණතාවය නිසා ඇති විය හැකිය. දැන් මේ බැක්ටීරියාවන් සහ පණුවන් ගෙන් ගහන බඩවැල් වල ඇති වාතය කෙතරම් දුර්ගනධයක් ඇතිදැයි ඔබම සිතා බලන්න. මෙම වාතය උඩින් හෝ පහලින් පිට කල යුතුය. කැල්සියම් අඩු කම නිසා මෙම කපාට විටින විට විවර වී දුර්ගන්ධයක් පිටවේ. මෙම තත්වය අද සමාජයේ විශාල පිරිසකට ඇතත් පිළිතුර ඇත්තේ කොළ වර්ග පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමේ බව නොදන්නා නිසා මවුත් වොශ් හෝ වෙනත් බාහිර ක්‍රම වලට යොමු වෙයි. කල යුත්තේ කුමක් දැයි දැන් ඔබට වැටහෙනු ඇත.

මෙවැනි තත්වයක් ඇති අයෙක් මෙහි ප්‍රසිද්ධියේ කතා කරන්නට නොහැකිනම් මා සමග පුද්ගලිකව කතා කරන්න. මට හැකි අයුරින් ඔබට පිලිතුරු දෙන්නම්.

මෙත් සිතිනි. !!

Close Menu