පෝෂණය ගැන කතා නොකර වෙදකම ගැන කතා කල හැකිද?

ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. පලමු වැන්න ඇලෝපැතික් ක්‍රමය. ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමයට අනුව කරන්නේ රෝග කළමණාකරනය කරන එකයි. හරියට මිග්රේන් ඇති කෙනෙක්ට වේදනා නාශකයක් ලබා දෙනවා වගේ. රෝගියා බලාපොරොත්තු වන්නේත් එයයි. ඉතිං මේ ක්‍රමය පසුගිය වසර 100 ක පමණ කාලය තුල මුළු ලෝකයම ආක්‍රමණ්‍ය කලා. මේ වන විට වෛද්‍ය ක්ෂේත්‍රෙය් 90% ක් විතර භාවිතා කරන්නේ මේ ක්‍රමයයි. ඒක අපි කැමති වුවත් අකමැති වුවත් පිලිගත යුතු සත්‍යයි.

වෙනකක් තියා ලෝකයේ කිසිම රක්ෂණ සමාගමක් ඇලෝපැතික් ක්‍රමයට පිටින් බෙහෙත් ගන්නා කෙනෙකුට සෞඛ්‍ය රක්ෂණයක් දෙන්නේ නැහැ. මෙම තත්වය ඒ තරමට ඔඩු දුවලා තියෙන්නේ.

දෙවැනි ක්‍රමය තමයි හෝලිස්ටික් කියන ක්‍රමය. මෙම ක්‍රමය ඇත්තේ කය මනස ආධ්‍යාත්මික කය කියන තතුනම එක සේ ගෙන රෝග නිවාරනය කරන ක්‍රමවේදයක්. මෙම ක්‍රමයට තමයි ලොව අන් සියලු වෛද්‍ය ක්‍රම තියෙන්නේ. හෙළ වෙදකම හෝ වේවා. ආයුර්වේදය හෝ වේවා. හෝමියෝ පති වෙදකම හෝ වේවා. චීන පාරම්පරික වෙදකම හෝ වේවා ඇකියුපංචර් වැනි ක්‍රම හෝ වේවා මේ සියල්ලම හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයට අයිතියි. මේ අතර නේචරෝපැති ක්‍රියලා ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය මගින් කරන්නේ පෝෂණය යොදාගෙන රෝග සුව කිරීම. ඒ ක්‍රමයට අනුව යම් රෝගයක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ පෝෂණ ඌණතාවය නිසා ශරීරයේ පඨක දුර්වල වීමයි. මේ නිසා අදාල පෝෂණ කොටස් ලබා දීම මගින් රෝගියාට තම රොගී තත්වය සුව කරගැනීමට අවකාශ සැලසේ. මොකද අපගේ සිරුර සැම විටම පෝෂණය අපේක්ෂා කරන නිසා.

මෙම වෛද්‍ය ක්‍රමයට අනුව දිය වැඩියාව ඇතිවීමට හේතුව ක්රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, සින්ක් වැනි මිනරල් වර්ග අඩු වීමයි. මේවා විද්‍යාත්මකව තහවුරු කර තිබීමත් ඉතාමත් වැදගත්. එසේම ගැස්ට්‍රයිටීස් වලට, හෘද රෝග වලට, මිග්‍රේන් වලට, සහ සියළුම රෝග වලට මෙම ක්‍රමයෙන් ප්‍රතිකාර තිබෙනවා.

මාමේ ගෘප් එකට ආදා පටන් මේ වන තෙක් උත්සහ දැරුවේ මම ඉහත කී කය මනස සහ කර්මය ගැන පාාඨකයාට යමක් බෙදා දීමටයි. එය ආදරයෙන් වැලදගත් විශාල පිරිසක් සිටින බව කාටත් පෙනෙන සත්‍යයකි. මා හෙළ වෙදකම විකෘති කරනා බවක් පවසා පිරිසක් මා හට අවලාද නගන්නට පටන්ගෙන තිබෙනවා. ඔබලා මා සමග එකග නැතිනම් මාගේ ලිපි රිපෝට් කරන්න. එවිට තවත් ඇඩ්මින්ලා ඉන්නවා ගෘප් එකේ ඒ ගැන යම් තීරණයක් ගනීවි.

අපි මේ තරම් අජගාදයකට ලක්වෙලා තියෙන්නේ මේ දැනුම නැති වීම නිසා බව මා හොදින්ම දනිමි. එය ඇති කෙනා කිසිදින බටහිර වෛද්‍ය විද්‍යාව දෙසට හැරෙන්නේ නැත. ශ්‍රීලංකාව තුල ඇති අතිවිශිෂ්ඨ පාරම්පරික ඥානය වෙත ඔවුන් නිරායාසයෙන් ගමන් කරයි. මා මෙමගින් සිදු කරන්නට බලා පොරෙතුතු වන්නේද එයයි.

මා මෙම ගෘප් එක තුල පෝෂණය, පාරම්පරික බෙහෙත්, බටහිර බෙහෙත් වල ඇති අතුරු ආබාද, ඒ වෙනුවට ගත හැකි විකල්ප, කර්මය, ජ්‍යෝතිෂය, ගැන කතා කලෙමි. මිට අමතරව මාගේ වෘතියට කෙලින්ම සම්බන්ධ වන බයෝරෙසොනන්ස් තාක්ෂණය සහ පෝෂණ අතිරේක ගැන කතා කලෙමි. මේවා අපි කැමති වුවත් අකමැති වුවත් දැන් රටම වසා පැතිර ඇත. සප්ලිමන්ට් එකක ගුණෘත්මක භාවය දැනගන්නේ කෙසේද යන්න ගැන මා තොරතුරු ගෙන එමින් සිටිමි. උදා හරණයක් ලෙස කැල්සියම් ගැන මා තැබූ සටහන බලන්න. මේ සියල්ල මගින් මා උත්සහ කර ඇත්තේ ඔබව දැනුවත් කිරීම පමණි. මා සැම විටම පෝෂණ ඌණතා වලට ගත යතු ආහාාර ගැන ඔබව දැනුවත් කරන බව ලිපි සම්පූර්ණයෙන් කියවන පාටකයන් දනී. එහෙත් මුල ටික විතරක් කියවලා අවලාද නගන පිරිස එය දන්නේ නැත.

එපමණක් නොව වාද වලට එන්නට වෙරදරන පිරිසක්ද ඇත. කිසිදු තර්කානුකූල පසුබිමක් නැතිව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පෙරදැරිව වාද කරන්නට එන අය සමග පැටලෙන්නට මට වෙලාවක් නැත. මා විශාල කාලයක් මේ වෙනුවෙන් යොදවන්නේ මේ වගේ අය සමග තර්ක කරන්නට නොව කෙනෙකුට යමක් කියා දීමටය. එය වැදගැම්මක් නැති වෑයමක් ලෙස කෙනෙකුට පෙනේ නම් පද්ගලිකව මාව බිලෝක් කරන්න. එවිට මාගේ පෝස්ට් ඔබට පෙනෙන්නේ නැහැ.

මේ තරම් දේවල් පල කරන්න එපා. අනික සතියකට එකක් විතරක් දාන්න මේවා මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා මට පුද්ගලිකව කියපු අය ඉන්නවා. ඒ අය මට මෙසේ පැවසුවේ මා හට හැති ලෙංගතු කම නිසා බව මම දන්නවා. එහෙත් කාලය කෙටි බව මා දන්නා නිසා හැකි ඉක්මනින් මා හට සිදු කල හැකි මෙහෙය ඉටු කලෙමි.

මුදල් ගැන කතා කරනවා නම් මා මීට වසර 5 කට පමණ පෙර වෙබ් අඩවියක් පටන් ගත්තා ජ්‍යෝතිෂය ගැන කතා කරන්නට. මම ඒ වෙබ් අඩවියේ පලවූ දැන්වීම් වලින් විතරක් මාසයකට රුපියල් ලක්සයකට වැඩි මුදලක් හම්බකරා. ඒත් මගේ අවශ්‍ය තාවය වී තිබුනේ අනෙකක්. ඒ ජ්‍යෝතිෂයේ නාමයෙන් අසරණ මිනිසුන් හින්දු ආගම දෙසට අදින එක නවත්වන්න. මම ඒ දේ කලා මාගේ ශක්ති ප්‍රමාණයෙන්. මා කියා දුන්නා තමාගේ හදහන බලාගන්න හැටි. කර්ම වලින් ගැලවෙන හැටි. පුජාවක් නිවැරදිව තබන හැටි. නමුත් දැන් ඒ වෙබ් සයිට් එක මා මුදල් ගෙවා පවත්වාගෙන ගියාට කිසිදු අලුත් ලිපියක් පලකරන්නේ නැහැ.. මොකද මමකියන්නට ඇති දේ කියලා ඉවරයි. මේ ප්‍රයත්නයත් එසේමයි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මා ගේ සහෘද ඇඩ්මින් වරුන් මා හට මෙය නවත් වන ලෙසට යම් දිනයක පවසන තෙක් මා මෙම කර්තව්‍යය සුවහසක් ජනතාව උදෙසා සිදු කරන බවයි. එතෙක් මා මෙහි තබන සටහන් වෙනත් වෙබ් අඩවියක ආරක්ෂිතව තබන බව මම මතක් කරමි. ඒ කවදා හෝ මේ දැනුම සිංහලෙන් කියවන ජනතාවට වැදගත් වේ යැයි සිතන නිසාය.

මෙත් සිතිනි…!!

Close Menu