ගැඹුරු තෙලේ බදින ආහාර අනුභවය සුදුසු නැත්තේ ඇයි?

ගැඹුරු තෙලේ බදින ආහාර අනුභවය සුදුසු නැත්තේ ඇයි දැයි අසන ලද පැනයට මා විසින් සැපයු පිළිතුර මෙසේ විය.

ඕනිම කෑමක් ගැඹුරු තෙලේ බදිනවා නම් එය අංශක 200 කට වඩා රත් වෙනවා. අප කන ආහාර සියල්ලකම පාහේ තිබෙන රසායනික සංයෝගයක් තමයි Acrylamide කියන්නනේ. ඇක්රිලමයිඩ් උෂ්ණත්වය වැඩි මාද්‍යයකදී බිදී යනවා. ඉන්පසු අපගේ සිරුරට ඉතාමත් අහිතකර මුක්ත ඛණ්ඩක ( Free Radicle ) නිර්මානය කරනවා. මෙම මුක්ත ඛන්ඩක නිශ්ක්‍රීය කිරීමට අවශ්‍ය ප්‍රති ඔක්සිකාරක අපි ආහාරයට එක් කර නොගත හොත් අපගේ සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපන වෙනවා. සාමාන්‍යෙයන් ජලය අංශක 100 ක උෂ්ණත්වයේදී වාෂ්ප වන නිසා ඉන් එහාට රත් විමක් නෑ. අංශක 100 දී ඇතිවන Acrylamide ප්‍රමාණය වගේ අට ගුණයක් වැඩියි තෙල් රත් වන විට ඇතිවන තාපයේදී හටගන්නා Acrylamide ප්‍රමාණය. මෙය කැන්සර් එකක් පවා හදන්නට තරම් ප්‍රභල මුක්ත ඛණ්ඩක ප්‍රවාහයක්. යම් කිසි කෙනෙක් තෙල් නැවතනැවත පාවිච්චි කරනවිට මෙම තත්වය තවත් බරපතල වෙනවා. මොකද දැන් තෙල්ද ඔක්සිකරණය වී ඇති නිසා.

පෙර කල ගත් ආහාර තෙලේ බැදලා ගත් නිසා තෙල් වල ඇති ප්‍රශ්නයක් නෑ කියලා කියා කමෙන්ට් එකක් තිබුනා. අද සහ පෙර කල ඇති වෙනස දැන ගැනීම මීට පිලිතුර සපයයි. එදා තෙල් වලට පාවිච්චි කලේ පොල් තෙල්. මෙම තෙල් කවදාවත් දෙවතාවක් පාවිච්චි කලේ නෑ. කන ඇක්රිලමයිඩ ප්‍රමාණය නිශ්ක්‍රීය කරන්නට තරම් අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් එදා අපේ මුතුන්මිත්තන්ගේ ආහාර වල තිබුනා. මේ ආහාර සොයා බලා අන් අයටත් කියා දීම වැදගත්. ගෙදර මිරිස් ගල කියන්නේ ප්‍රති ඔක්සිකාරක ආකරයකි. මෙය එදා අපිට අවශ්‍ය සියලු ම ප්‍රති ඔක්සිකාරක සැපයුවා. නමුත් දැන් තුනපහ කුඩු තේහැන්දකට සීමා වී ඇත. එදා මිරිස් ගුලීය අද නැත. බැදුම් පමණක් ඇත. හොද යටපත් වී නොහොද මතු වී ඇත.

ගුඹුරු තෙල් පමණක් නොවේ. බාබකියු මීට වඩා ඇක්රිලමයිඩ ප්‍රමාණයක් නිකුත් කරන ආහාරයක්ය. එදා වැදි ජනතාව එතරම් Acrylamide ප්‍රමාණයක් සමග තරග කිරීමට කෙතරම් ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණයක් ආහාරයට ගන්නට ඇත්ද? විශේෂයෙන්ම මී පැණි යනු ප්‍රභල ප්‍රති ඔක්සි කාරකයකි. මේ නිසයි මීපැණි වල බහාළුෑ කිසි දෙයක් නරක් නොවන්නේ. ඒ කියන්නේ ඔක්සිකරනය වෙන්නට නොහැකියි කියන එක. මේ විදිහට මේ ගැන සිතා බලන්න. පිලිතුර ලැබෙයි.

කෙසෙල් කොලේ ඔතන කෑම නරක් නොවෙන්නෙත් කෙසෙල් කොලේ ඇති ප්‍රති ඔක්සිකාරක ගුනය නිසයි. පොලිතින් එකක ඔතන ලද ආහාර ඉක්මනින් නරක් වෙනවා. මෙයත් ඔබගේ දැනුමට එක් කරගන්න.

මෙත් සිතිනි. !!

Close Menu