කොලෙස්ටරෝල් මිත්‍යාව

කොලෙස්ටරෝල් ගැන මීට පෙර මා විසින් තැබූ සටහනක් ගැන තරමක් ගැඹුරු විග්‍රහයක් කලා නම් හොඳයි කියලා හිතුනා. මුලින්ම මම අදාල ලිපිය නැවත පල කරන්නම්. මේ ලිපියේ ඇති ගැටළු එකිනෙක අසන්න. අපි එකතුවෙලා විස්තරාත්මකව විසඳ ගනිමු. මෙම පැනයට මා දුන් පිලිතුරු එකින් එක මේ පෝස්ට් එකේ පල කරනවා. කෑලි කෑලි අමුනලා නිසා ගලාගෙන යන එකක් නැහැ. ඒත් කොහොම හරි කියවලා තේරුම් ගන්න. හෘදරෝග නැතිව ජීවත් විය හැකියි.

LDL සහ HDL කොලෙස්ටරෝල් වල වෙනස කුමක්ද?

අපි කොලෙස්ටරෝල් චෙක් කරන්න රුධිරය ගන්නේ ශිරාවකින් බව ඔබ දන්නවා නේද? ඒත් කවදාවත් ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත් වූ බවක් ඔබ අසා තියෙනවාද? ධමණි වල පමණක් කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ ඇයි.

මා දන්නා හැටියට ශිරා වල රුධිරයේ සහ ධමණි වල රුධීරයේ ඇති ප්‍රධානම වෙනස තමයි ධමණි වල ඔක්සිජන් ප්‍රවාහනය කිරීමත් ශිරාවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රවාහනයත් යන දෙක. අපි යකඩ කෑල්ලක් මිදුලට විසි කරලා දින කිහිපයකින් බැළුවෙත් පෙනෙනවා ඒක මළ මැදිලා කියලා. ඒ කියන්නේ ඔක්සිකරනය වෙලා කියන එක. නැතිනම් ඔක්ෂිජන් යකඩ සමග එක්වෙලා ෆෙරස් ඔක්සයිඩ් හදලා කියන එක. මෙම ක්‍රියාවලිය ඔක්ෂිජන් සහිත ඕනිම පරිසරයක සිදු වෙනවා. ධමණි බිත්තියේ ඇති පලමු සෛල ස්ථරය එන්ඩොතීලියමය ලෙස හදුන් වනවා. මෙම සෛල ස්ථරය සහ ඉන් ඇතුලත ඇති සෛලද සියල්ල එකිනෙක බැදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන වලිනි. ධමණියේ ඉිදිරියට ඇදෙන රුධිරයේ ඇති ඔක්ෂිජන් අණු ඉන් මිදී මෙම ධමණි බිත්තියේ ඇති සෛල අතර අන්තර් බන්ධණ බිද දමා එම ඉලෙක්ට්‍රෝන සමග එක්වි ඔක්සයිඩ සාදනවා. මේ හේතුව නිසා අදාල ස්ථානයේ සෛල බිත්තියට හානි වෙනවා. මෙම තත්වය සමනය කරන්නට තමයි අක්මාව විසින් අපි නරක කොලෙස්ටරෝල් කියන එල් ඩී එල් කියන කොලෙස්ටරෝල් නිපදවන්නේ. අදාල කොලෙස්ටරෝල් මෙම හානිය ඇතිවූ තැනට ඇවිල්ලා තැන්පත් වෙනවා. මෙම තැන්පත් වීම දිගින් දිගටම සිදු වන නිසා අදාල ස්ථානයේ ප්ලාක් එකක් නිර්මානය වෙනවා. මෙය හෘද රෝගයක් ඇතිවීමට මග පාදනවා.
මේ අනුව මෙම තත්වයට ඇත්තටම හේතුව වූයේ ධමණි බිත්තියේ ඇතුලත ඇති එන්ඩොතිලියමය ඔක්සිකරණය වීමයි. මෙම තත්වය මග හරවා ගන්නේ කෙසේද යන්න ඉතාමත් වැදගත් වේ. හේතුව ඔක්සිකරණය වීමනම් අපි සිදු කරන්නට ඕනි ඔක්සිකරණය නැවැත්විය හැකි දෙයක් රුධිරයට එක් කිරීමයි. එවැනි පෝෂණ කොටසක් අපි ගන්නා ආහාර වල ඇත. ඒය ප්‍රති ඔක්සිකාරක ලෙස හදුන්වයි. අපි මෙසේ ප්‍රති ඔක්සිකාරක දෛනිකව අපගේ ආහාරවලට එක් කරගන්නේ නම් අදාල ඔක්සිජන් මුක්ත ඛණ්ඩක වලට සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන සොරාගැනීමට අවශය නොවේ. මෙසේ ආහාර වේලට ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර එක් කර ගත්විට මෙතෙක් තිබූ අවධානම පහව යයි. මේ නිසා අක්මාව විසින් HDL කොලෙස්ටරෝල් නැතිනම් හොද කොලෙස්ටරෝල් නිපදවා රුධිර සංසරන පද්ධතියට මුදා හරී. මෙම HDL අදාල ස්ථානයට පැමිණ මින් පෙර දැමූ පැලැස්තරය ගලවා දමයි. එම LDL කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත ගෙන යයි. ඉතින් අපි කල යුතු වන්නේ LDL විනාශ කිරීම නොව HDL නිපදවීමට හැකි ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර අනුභව කිරීමයි. මේ අනුව ස්ටැටින් ඩ්‍රග්ස් වලින් මිදිය හැකිය. අල්සයිමර්ස් වලින්ද මිදිය හැකිය.

එපමනක් නොව එන්ඩොතීලියම මගින් අප සිරුරේ යම් තැනක ලේ කැටියක් ඇති වුවහොත් එයට එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කල හැකි නියට්‍රික් ඔක්සයිඩ් නිපදවයි. මෙම නියට්‍රික් ඔක්සයිඩ් මගින් අදාල කාර්‍යය තත්පර තුනකට අඩු කාලයකදී සිදුකරයි. දැන් දැන් වැඩිවෙමින් පවතින හෘදරෝග සහ ස්ට්‍රෝක් වලට හේතුවද මෙමගින් පහවී යනු ඇත. නමුත් අප ගේ දෛනික ආහාර වේල නිසා අප රුධිරයට එක්වන මුක්ත ඛණ්ඩක ප්‍රමාණය දිනෙන් දින ඉහල යන නිසාත් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර පරිභෝජනය අඩු නිසාත් එන්ඩොතීලියම එන්න එන්නම විනාශ වෙමින් පවතී. ඒ නිසා අදාල ස්වභාවික ආරක්ෂාව නැතිවී ඇත. අවසානයේ බහිපාස් වලින් තමා රෝගියෙකු ලෙසට ජීවිත කාලය පුරාවටම ජීවත් වීමට සිදුවී ඇත.

ප්‍රති ඔක්සිකාරක මනින ඒකකය ඕරැක් (ORAC – Oxygen Radical Absorbance Capacity ) ලෙස හදුන්වයි. මෙම අකුරු හතර ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර විශාල ගණනක් දැනගත හැකිය. කුරුදු, මුරුංගා කොළ, කරාමු නැටි මේ අතර ඉහලින්ම සිටී. දිනකට අපගේ සිරුරට අවශ්‍ය ORAC ඒකක ගණන 20000 ක් බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය කුරුදු කුඩු තේ හැන්දක් සහ මුරුංගා කොල කුඩු තේ හන්දක් දෛනිකව ආහාරයට එක් කර ගැනීම මගින් ලබා ගත හැකිය. මේ පිලිබදව සොයා බලන්න.

මෙම අදහසට වැඩි පිරිසක් එකග නොවන බව මම දනිමි. නමුත් මේ අකාරයෙන් කොලෙස්ටරෝල් ගැන බලන කෙනෙකුට ඉතාමත් ඉක්මනින් ඉන් මිදීමට මග පෑදේ. එසේම ඔහුට බයිපාස් කිරීමක් කිසිදිනක අවශ්‍ය නොවේ. රෝග මූලය දැනගෙන ඊට පිළියම් යෙදීම හෝලිස්ටික් ක්‍රමයයි. රෝග ලක්ෂණ පාලනය කිරිම ඇලෝපැතික් ක්‍රමයයි. මෙය ඉතාමත් විස්තරාත්මකව ලිවිය යුතු වුවත් ඉතා මත් කෙටියෙන් මෙහි සටහන් කලෙමි.

මේ සදහා මා දුන් පිලිතුරු,

මේ ගගක් මුහුදු වැටෙන්නට ලංවෙන අවස්ථාවේදී ඇතිවන රටාවයි. ගගේ ඉවුරේ වැලි තැන්පත් වෙලා තියෙන විදිහ පේනවද? නැම්මේ ඇතුල් පැත්තේ තමයි වැලි තැන්පත් වෙලා තියෙන්නේ. ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නෙත් මේ විදිහටමයි.

ඟගක් පහලට ගලන විට එහි ඇති වැලි ගොඩ ගහන ආකාරයයි මේ තියෙන්නේ. ඟගක වැලි ගොඩගහන්නේ ඇතුල් නැම්ම පැත්තේ. අපේ ධමණි වලත් මේ විදිහටමයි කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ. මේ දෙක අතරේ ඇති සම්බන්ධය කුමක්ද? ඟගේ ගහගෙන යන වැලි වගේ තමයි ධමණි වල ඉදිරියට යන මුක්ත ඛණ්ඩක. ( free radical ) ඒවා රුධිර ගමණට බාදාවක් නිසා ධමණිය නැම්මක් ඇති තැනකදී ඇතුල් බිත්තිය පැත්තට තල්ලු කර හරිනවා. මේ නිසා මෙම ස්ථාන වල මුක්ත ඛණ්ඩක ගහනයවැඩියි. හරියට ඟගේ වැලි වගේමයි. ඉතින් මේ මුකත ඛණ්ඩක කියන්නේ මොනවද කියලා දැන් දැනගත යුතුයි නේද?
මේ පින්තුරය මැද ඉන්නේ මුක්ත ඛන්ඩකයක්. එයා සැම විටම බලනවා කොහෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්න. මොකද එයා ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙලෙන නිසා. දැන් ඉතින් අර ධමනි නැම්මේ ඇති බිත්තියට ගිහින් හේත්තු වෙන මේ මුක්ත ඛණ්ඩක කන්නේ අර ධමණි බිත්තියේ සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන ගලවාගන්නා එකයි. එහෙම ගලවා ගත්තාට පසු මුක්ත ඛණ්ඩකය නිදහස් වෙලා යනවා. දැන් එයාගෙන් කාටවත්බාදාවක් නැහැ. ඒත් දැන් අර ධමනි බිත්තියට එන්නඑන්න තවත් මුක්ත ඛණ්ඩක ප්‍රහාර දියත් වෙනවා. ඉතින් මේ ස්ථානයේ දැන් අස්තායී වෙනවා. බිත්තිය සිදුරු වෙන තරමට දැන් හානි විය හැකි නිසා මේක මොළය හදුනා ගන්නවා. දැන් මේකට ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසට තමයි අක්මාව LDL/VLDL කියන ලිපෝ ප්‍රෝටීන නිපදවන්නේ. මේවා ඇවිල්ලා අර මුක්ත ඛන්ඩක ප්‍රහාර වලට භාජනය වුනු තැන් වලට ප්ලාස්ටර් එකක් වගේ එලන්න පටන් ගන්නවා. ඒක කරන්නේ අර තුවාල වුනු ධමණි බිත්තියට ඇතුලෙන්. පලමු සෛල ස්ථරයට යටින් තමයි මේ LDL/VLDL තැන්පත් කරන්නේ. මේ නිසා දැන් ධමණිය තුවාල වෙන එක නවතිනවා. ඒත් එන්න එන්නම මුක්ත ඛණ්ඩක ප්‍රහාර දියත් වෙනවා. මේ නිසා තවතවත් LDL/VLDL නිපදවන්නට වෙනවා. මේ ලෙසට වැඩි වැඩියෙන් කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ප්ලාක් එකක් හටගන්නවා.මේ ප්ලාක් එක තමයි අපිට ප්‍රශනයක් වෙන්නේ.

මේ තත්වය අපිට ලේ සාම්පලයක් පරීක්ෂාකරලා දැනගත හැකියි. ඉතින් කොලෙස්ටරෝල් වැඩියි කියලා දැනගත්තහම දොස්තර මහත්තයා අපිට දෙනවා කොලෙස්ටරෝල් විනාශ කල හැකි ස්ටැටින් වර්ගයේ ඖෂධයක්. ඉතින් අපිත් මුලු ජීවිත කාලයටම මේවා බොන්නවෙනවා කියලා හිතාගෙන දැන් පටන් ගන්නවා. මේ තත්වය සුව කරන්නට බැරි බව බටහිර වෛද්‍ය විද්‍යාව පිලිගන්නා අතර එය කළමණාකරනය කිරීම සදහා මෙම ඖෂධ භාවිතා කරනවා.

මේ ක්‍රමය ඇලෝ පැතක් ක්‍රමයයි. අපේ හෙළ වෙදකම හරි ආයුර්වේදය හරි අයත් වන හෝලිස්ටික් වෙදකම මීට වඩා වෙනස්. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමවලදී බලන්නේ මේ තත්වය ඇතිවීමට හේතුව කුමක්ද කියලයි. අපි දැන හේතුව කතා කලා. දැන් කල යුතු වන්නේ හේතුව ඉවත් කිරීමයි. හේතුව තමයි මුක්ත ඛණ්ඩක. එ් කියන්නේ ඉලෙක්ට්‍රෝන හොරු. අපි දැන්මෙයාලව අල්ල ගන්නවාද නැතිනම් හොරා සොයන දේ දීලා එයාව පිටත් කරනවාද? පුදුමය කියන්නේ ස්වභාව ධර්මය විසින් එයාලට අවශ්‍ය දේවල් ගහ කොලේ තැන්පත් කරලා තියෙනවා.අපිට තියෙන්නෙ ඒවා ආහාර ලෙස ගන්න විතරයි. එවිට ඒ මුක්ථ ඛණ්ඩක අවශ්‍යතාවය සපුරාගෙන පිටවී යනවා. අපූරුයි නේද සොබා දහම.

මෙම ආහාර කරන්නේ ඉලෙක්ට්‍රෝන දන් දීමයි. අපි මෙම ආහාර වලට කියනවා ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර කියලා. ප්‍රති ඔක්සිකාරක කියන්නේ ඔක්සිකරනය නවත් වන කියන එකනේ. අර මුක්ත ඛණ්ඩක නිසා සිදු වුනේ ඔක්සිකරනය වීමනේ. ඉතින් හරි. දැන් කරන්නට තියෙන්නේ ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර සොයාගන්න එකයි. මේ පෝස්ට් එකේ තියෙනවා ORAC value කියලා එකක් දකින්න ඇති. මෙයින් තමයි අපි ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය මණින්නේ. දිනකට මේවාගේ ඒකක 20000 ක් විතර අපිට අවශ්‍ය වෙනවා . අපි සාමාන්‍ය ආහාර කිහිපයක මෙම අගය ගැන සොයා බලමු.

බලන්න මේ වගුව දිහා. ලංකාවේ තියෙන ආහාර ටිකක් තමයි මුලින්ම තියෙන්නේ. පහත තියෙන්නේ ග්‍රෑම් 100 ක තියෙන ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය.

කරාඹු නැටි 320000
වියලි කුරුදු 280000
වියලි මුරුංගා කොළ කුඩු 157000
කොකෝවා පවුඩර් 85000

ග්‍රීන් ටී එකක 3000
බ්ලැක් ටි එකක 2700
කිඩ්නි බීන් කප් එකක 17500

මේ කිහිපයක් කිව්වේ. ඉතිං බලන්නකෝ 20000 ක් කියන්නේ මොකක්ද කියලා. මේ 20000 අපිට දෛනිකව ආහාර සමග ලබා ගත හැකිනම් කොලෙස්ටරෝල් බයිපාස් මේ කිසි දෙයක් අවශ්‍යවෙන්නේ නැහැ. තේ හැදි කියද දවසකට අවශ්‍ය වෙන්නේ කියලා සොයලා බලන්න. සතියට දවස් දෙකක් කිඩ්නි බීන් ( මෑ ඇට ) කෝප්පයක් කන්න. මුරුංගා කොල සම්බෝල හදලා කන්න. මේවා කුඩු ඇරගෙන මිපැනි දාලා කන්න. ග්‍රීන් ටී දෙකක් තුනක් බොන්න. බලන්න කොලෙස්ටරෝල් වලට මොකද වෙන්නේ කියලා.

දැන් අපි බලමු තවත් එක් ස්වභාවක ප්‍රති ඔක්සිකාරකයක් ගැන. ඒ තමයි ග්ලූටතයොන්. ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිපදවන හෝමොනයක්. ඒක තමයි අපේ ශරිරයේ ඇති ස්වභාවික ප්‍රති ඔක්සිකාරකය ලෙස වැඩ කරන්නේ. මේ හෝමෝනයට පුලුවන් අපේ දේහ සෛල ඇතුලත ඇති මුක්ථ ඛණ්ඩක වලට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න. ඒක හරිම වැදගත්. අපගේ දේහ සෛල වල ශ්වසන ක්‍රියාවලියේදී මුක්ත ඛණ්ඩක නිදහස් කරනවා. මතකද ඉස්සර තිබුනා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා බෙහෙතක් තුවාල වලට දාන. මේක දැම්මහම හරිම වේදනාවයි නේද. දැකලා තියෙනවාද පෙන දාලා එහෙම එනවා. මෙන්න මේ පෙරොක් සයිඩ් හැදෙනවා අපේ දේහ සෛල වල ස්වභාවිකව. මෙම පෙරොක්සයිඩ් හි විශයි. මේක ස්වභාවිකව හටගන්නා මුක්ත ඛණ්ඩක විශේෂයක්. ඉතින් දැන් මේ කට්ටියට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ලබාදෙන්න වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ලබා දිය හැක්කේ ග්ලූටතයොන් නැමති හෝමෝනයටයි. අපගේ දේහ සෛලයකට මෙවැනි මුක්ත ඛණ්ඩක ප්‍රහාර 10000 ක පමණ දවසකට ඇතිවෙනවා. ඉතින් මේක වලක්වගන්නේ ග්ලූටතයොන් තමයි. ග්ලූතෙයොන් කරන්නෙ තමා සතු ඉලෙක්ට්‍රෝන අර මුක්ත ඛණ්ඩක වෙත ප්‍රධානය කිරීමයි. මේ ලෙස අපගේ සෛල නිරන්තරයෙන් මේ හොමෝනය මගින් ආරක්ෂා කරනවා. හරි අපූරුයි නේද?
මුක්ත ඛණ්ඩක වලට තමාගේ ලග තියෙන ඉලෙක්ට්‍රෝන දීල අවසන් වුනාම මොකද වෙන්නේ. දැන් ඉතින් මෙම හෝමෝනය නිශ්ක්‍රීය වෙනවා. ඒත් අපි එක් ඛණිජ ලවනයක් ආහාර වලට එක් කලාම මෙම නිශ්ක්‍රීය හෝමෝනය නැවත පනගහලා එනවා. ආපහු වැඩ පටන් ගන්නවා. මොකක්ද මේ ඛණිජ ලවනය. ඒ තමයි සෙලේනියම්. සෙලේනියම් තියෙන ආහාර අපි නිරන්තරයෙන් ගන්න ඕනි. එවිට අපි සෛල වල ආරක්ෂාව නිරන්තරයෙන් සපයනවා වෙනවා.

ග්ලූටතයොන් නිපදවන්නටනම් අපි නිරන්තරයෙන් ගත යුතු පෝෂණ කොටස් කිහිපයක් තියෙනවා. අපි ඒ ගැනත් බලමු.

Selenium
Vitamin B 6
Vitamin B 12
Folic Acid
N-Acytel-Cysteine
Alpha Lipoic Acid

දැකලා පුරුදු පෝෂ්‍ය කොටස් ටිකක් කියලා හිතේනනේ නැද්ද? බබාලා හම්බවෙන්න ඉන්නඅයට මේවා ගන්න කියනවා නේද? ඒ මේ හෝමෝනය නැති වුනොත් සෛල වලට හානි වෙන නිසා. සෛල අභ්‍යන්තරයේ ඇති ඩී එන් ඒ වලට පවා මේ හේතුවෙන් හානි වෙන්නට හැකියි. පිලිකාව කියන රෝගයේ මූලය මෙසේ පටන් ගන්නවා අපි ඒ ගැන වෙනවම කතා කරමු.

තවම පිලිතුරු අවසන් නැහැ.

Close Menu