කේන්ති යනනේ ඇයි කියන

කේන්ති යනනේ ඇයි කියන පැණයට මා විසින් දුන් පිලිතුර නැවත මෙසේ පල කරමි.

ඔබගේ කකුල ගලක හැප්පුනොත් ඇතිවන වේදනාවත් එක්ක එක පාරටම කේන්තියක් එනවා නේද? සමහරුන්ට මේක කෙනෙක්ව මරන්න තරම් ප්‍රබල කේන්තියක් වන්නට පුළුවන්. හිසේ කැක්කුමක් ඇතිවුනහම ඔබට කේන්ති යන බව දැනිලා නැද්ද? අර ඇඩ් එකකුත් තියෙන්නේ පස්සෙ අනේ කියලා පෙත්තක් දෙන්නේ වේදනවා අඩු වෙන්න. ඒ කියන්නේ වේදනාව තමයි කේන්තියට මුල් වෙන්නේ. ඔබ නොදන්නවා වුනාට මෙම තත්වයට අභ්‍යන්තර වේදනාවක් බලපානවා. ඒක සමහර විට රොගියාවත් දන්නේ නෑ. මම දැක තිබෙනවා නිසි පෝෂණය ලබා දීමත් සමග මෙම කේන්ති ගැනීම නවතිනවා. මේක එක හේතුවක්.

අපගේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන බිදී යාම් නැවත සකස් කරන්නට අවශ්‍ය පසුබිම අපි ලබා දෙන්නේ නැතිනම් වේදනාව නවත්වන්න බෑ. මේ කේන්ති යන කෙනා මේකෙන් තෘප්තියක් ලබනවා කියලා හිතන්න එපා. ඔහු මෙයින් විදවනවා. ඒත් කරන්නට දෙයක් නෑ. ඔහු අසරනයි. කරන්නට තියෙන්නේ අපගේ සිරුරට අවශ්‍ය නිසි පෝෂණය ලබා දීම සහ ශරීරයට අහිතකර ආහාර ලබා දීමෙන් වැලකී සිටීමයි.මාස 3 ක් ඇතුලත මේකට ඉතාමත් සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇත.

දෙවැනි හේතුව ඔහු යම් ආහාරයකට ඇලර්ජි වීමයි. මෙය සමහර විට බාහිරට නොපෙනුනාට අභ්‍යන්තර වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන්. මෙය ඔහුගේ ශාන්තිය නැති වීමට හේතු වෙනවා. ශාන්ති කියන එකට තමයි කේන්ති කියලා කියන්නේ. කේන්තිය යනවා කියන එක ද්වේශයක් එනවා කියන එකයි. ශාන්තිය කියන්න් පාරමිතාවක්. ඒක ටික ටික පුරුදු කරන්න ඕනි. මුලින්ම ශරීරයේ අවශ්‍ය තාවයන් සපුරාලන්න.

මානසික සියළු හේතු කයට සම්බන්ධයි.කායික සියළු රෝග පෝෂණයට සම්බන්ධයි. මේ නිසා මුලින්ම සිහියට ගන්න කායික වේදනාව නැති කරන්නට අවශ්‍ය පෝෂණයලබා ගන්න. දෛනිකව ලබා දිය යුතු වන පෝෂණ කොටස් 91 ඇත. මෙම 91 සමහර ඒවා ඉතාමත් අංශුමාත්‍ර පෝෂණ කොටස්. නමුත් මේව අපගේ සිරුරට නිපදවන්නට බෑ. ඉතින් පිටතින් ලබා දෙන්නට වෙනවා.

බුදුන් වහන්සේ කෙනෙකුව බඩගින්නේ තබා බන කියන්න එපා කිව්වා.මොකද මේ ගින්න අර කෙනාගේ ශාන්තිය නැති කරනවා. ඉතින් බන ඇහෙන්නේ නෑ. 

මේ ආකාරයේ පෝෂණ වැඩසටහනක් තුලින් පහත දැක්වෙන ප්‍රතිඵල ලැබෙනවා.

ඇලර්ජි තත්වයන් ඇත්නම් ඉන් මිදිමට හැකි වෙනවා.

යම් ඇබ්බැහි වීමක් ඇත්නම් එය ටිකෙන් ටික අඩු වෙනවා. ( මෙය මතට, මෙන්ම කාන්තාවන් කෙරෙහි සිත අනවශ්‍ය ලෙස යොමු වීම දක්වා ඇති ඇබ්බැහි වීම් වලට බලපානවා. ඇබ්බැහි විමට යම් ප්‍රතිරෝධයක් එන විටද කේන්ති යනවා.)

ශරීරයේ බිදි ගිය පටක ඉක්මනින් යතා තත්වයට පත්වන්නට හේතු වෙනවා,

වේදනාව ඇතිවෙන්න තවත් එක් ප්‍රධාන කාරණයක් බලපානවා. ඒ තමයි කොලෙසටරෝල් සදහා බොන ස්ටැටින් ඩ්‍රග්ස්. මේ බෙහෙත් නිසා ශරීරයේ ඇති කොලෙස්ටරෝල් විනාශ වෙනවා. අපගේ මොළයේ ඝණ කොටසේ 75% ක් කොලෙස්ටරෝල් වලින් සැදී ඇත්තේ. ඉතින් මේවා දුර්වල වීම නිසා අල්සයිමර්ස් කියන රෝගී තත්වය ඇතිවෙනවා. එවිටත් කේන්ති යනවා. ධාරණ ශක්තියද හීන වෙනවා,

එසේම අපගේ ශරීරය පුරා ඇති ස්නායු වල පිටත කවරය සෑදී ඇතතේ කොලෙස්ටරෝල් වලින්. මේවා විනාශ වීම නිසා ස්නායු පිටතට නිරාවරණය වෙනවා. මේනිසා ශරීරය පුරාවේදනාවල් හටගන්නවා මේ වේදනාවන් නිසා කේන්ති යනවා.

මුලින්ම පහත ඇති ආහාර වලින් අත්මිදෙන්න

  • තිරිගු පිටි වලින් සදන ආහාර ( ගලූටන් නිසා )
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර ( ඇක්රිලමයිඩ් නිවදවන නිසා ) තෙල් නැවත නැවත භාවිතා කිරිම මෙම තත්වය ඉතාමත් නරක අතට යොමු කෙරේ.
  • කාබනේටඩ් බීම වර්ග පානය
  • බාබකිවු වැනි කෙලින්ම ග්න්දරට වදින මස් වර්ග.
  • නයිට්රේට් අඩංගු ආහර / කෘත්‍රිම මස් වර්ග සොසේජස් වැනි MSG ( අජිනොමොටෝ) අඩංගු ආහාර
  • අධික සීනි භාවිතය.

ඔබ මේ ක්‍රම දෙක අත්හදා බලන්න කේන්ති යාම කෙතරම් දුරට අඩු වෙනවාද කියලා. කේන්ති යන අය කේන්ති එන වෙලාවට තම දෙනෙක් පියාගෙන සිත යොමු කරලා බලන්න තම ශරීරයේ කිනම් ප්‍රෙද්ශයකින් මේ කේන්තියට අදාල වේදනාව හටගන්නවාද කියලා. මෙම තත්වය දියුණු කලහොත් ඔබගේ වේදනාව නිවනට හේතුවක් කර ගන්නට වේදනානු පස්සනාව වඩනනටත් හැකිවෙයි. ඒක ටිකක් දිග කතාවක් නිසා මම මෙහි ඵල කරන්නේ නෑ. අවශ්‍ය නම් වෙනමම මාතෘකාවක් ඔස්සේ කතා කරමු. ( භාවනාව සහ රෝග වලින් මිදිම ගැන )

මෙත් සිතිනි. !!

Close Menu