උදේට බිම අඩිය ගසා ඇවිදින්නට බැරි ඇයි.

51868841_818647598489728_611995125572173824_nසමහර අයට ටික දුරක් ඇවිද යන විටත් උදෑසන අවදිවී බිමට අඩිය තබා ඇවිදින විටත් මහත් වේදනාවක් හටගන්නවා. මේකට හේතුව ගැන කතා කරන්නට හිතුනා.

Heel spur / Haglund’s syndrome

අපි මින් පෙර කතා කල වකුගඩු වල ගල් සැදීමේ ක්‍රයාවලිය මෙම තත්වයට කෙලින්ම සම්බන්ධයි. ඒ ලිපිය කියවා බලා මෙම සංවාදය සමග එක් වන්නේ නම් මැනවි.

  • අපගේ සිරුරේ අස්ථි එකට එක සම්බන්ධ වෙන ක්‍රම තුනක් ඇත
  • කාටිලේජ් – අස්ති දෙකක් අතර මෘදු කොට්ටයක් සේ අස්ථි එකෙනෙක ගැටීම නවතා ලයි.
  • ටෙන්ඩන්ස් – අස්ථි සහ පේශි එකිනෙක සම්බන්ධ කරයි.
  • ලිගමන්ට්ස්, – අස්ථි අස්ථි එකට සම්බන්ධ කරයි.

මෙම පඨක තුනම නිපදවන්නට කොලැජන් අවශ්‍ය වෙන්. කෙැලැජන් යනු ප්‍රෝටීනයකි. ප්‍රෝටීන ජීරණය වන්නේ ආමාශයේය. ආමාශයේ ප්‍රෝටීන් ජීරණයක කරන්නට අවශ්‍ය ආම්ලික තාවය නැතිනම් අපි ආහාරයට ගන්නා ප්‍රෝටීන ජීරණය නොවී අන්ත්‍ර හරහා අවශෝෂනය කරගන්නට නොහැකිව සිරුරෙන් බැහැර කරයි. මේ නිසා ආමාශයේ ප්‍රෝටීන ජීරණය කරන්නට හැකි වන ආකාරයේ ආම්ලික තාවයක් රදවා ගත යුුතුය.

නමුත් අපි ආහාර ගත් වහාම ගැස්ට්‍රයිටීස් වලට බොන බෙහෙත් ගැන සිතා බලන්න. ඒවායින් කරන්නේ ආමාෂයේ ආම්ලිකතාවය අඩු කිරීමයි. ගැස්ට්‍රයිටීස් රෝගයට ගන්නා බෙහෙත් නිසා මුල්න්ම ප්‍රෝටීන ජීරණය අඩු වන බව දැනගැනීම සුදුසුය. ඒ ගැන මා ගැස්ට්‍රයිටීස් ගැන ලියූ ලිපියක විස්තරාත්මකව කතා කර ඇත. එයද කියවා බලන්න.

තවත් එක් ප්‍රශ්ණයක් නම් ආමාශයේ ජීරණය කල ආහාර කුඩාන්ත්‍රෙය් අංගුලිකා මගින් අවශෝෂනය නොකිරීමයි. එයට හේතුවත් අපගේ අයහපත් ආහාර රටාවමයි. ග්ලූටන් යනුද ප්‍රෝටීනයකි. නමුත් මෙම ප්‍රෝටීනය ආමාශයේදී බිදිය නොහැකිය. ඒ ආමාශයේ ආම්ලිකතාවයට එය සිදු කල නොහැකි නිසාය. මේ නිසාම ජීරණය නොවු ප්‍රෝටීනයක් ආමාශයෙන් පහලට ගමන් කරයි. එය නොවෙයි ගැටලුව. ග්ලූටන් සතු ඇලෙන සුලු ස්වභාවයයි. අපිට හාල් පිටි වලින් පරාටා හදන්න හෝ පාප්ප හදන්න බැරි බව ඔබ දන්නවා නේද? පාප්ප කියන ඇලෙන සුලු ගතිය ඇති වන්නේත් පරාටා වල ඇති ඇදෙන සුලු ගතිය ඇතිවන්නේත්. පාන් වල ඇති පිපෙන ගතිය ඇතිවන්නේත් මේ ග්ලූටන් නිසාය. ග්ලූටන් වැඩිම ආහාරය තිරිගු පිටිය. නැත්නම් පාන් පිටිවේ. පාන් පිටි වලින් 14% ක් පමණ ග්ලූටන් වේ.

අපි දරුවන්ට චුයිංගම් කන්න එපා කියන්නේ ඒ චුයිංගම් එකේ තියෙන ගැලෙනසුලු ගතිය නිසා ඒවා බඩවැල් වල ඇලෙයි කියන බයටය. එහෙත් අපි දිනකට කන පාංපිටි ප්‍රමාණයෙන් 14% මේ තත්වයේ ඒවා බව දන්නවා නම් අපි කවුරුත් පාන් කන්නේ නැත.

දැන් ප්‍රශ්නය ඇයි අවශෝෂනය අඩු වන්නේ කියන එකයි. අපේ ආහාර ජීරණ පද්ධතියේ ජීරණය වන කොටස් අවශෝෂනය වන්නේ කුඩාන්ත්‍රෙය් ඇති අංගුලිකා වලිනි. ඒවා පියවි ඇසට නොපෙනන තරමට කුඩාය. අන්වීක්ෂයකින් බැලිය යුතුය. මෙම අංගුලිකා මෙම ඇලෙන සුලු ග්ලූටන් අවශෝෂනය කරන්නට යෑම නිසා කැඩී යයි. මේ නිසාම අපගේ කුඩාන්ත්‍රය සතු ංගුලිකා ප්‍රමාණය එන්න එන්න අඩු වේ. මේ නිසා ජීරණය වූ ප්‍රෝටීන් පමනක් නොව සියළුම පෝෂ්‍ය කොටස් අවශෝෂණය අවම වේ. මේ නිසා එකි නොකී සියලුම රෝග ඇතිවීමට පාර සකස් වේ. ඇමෙරිකාවෙන් ආධාර ලෙසට පාන් පිටි එවන්නේ ඇයිදැයි දැන් ඔබට සිතාගත හැකි යැයි සිතමි. මේ ගැනද මා මින් පෙර ලිපියක් ලියා ඇත. එයද කියවන්න.

‍මේ අනුව අපගේ සිරුරේ සම්බන්ධක පඨක නිපදවන්නට අවශ්‍ය කොලැජන් සිරුරේ අවම වීම නිසා මාතෘකාවට අදාල වන වේදනාවට හේතුවක් සකස් වේ. මෙය කකුලට පමණක් නොව සියලුම සන්ධි වලට බලපානු ඇත.

අපගේ සිරුරේ ග්ලූකොස් පාලනය කරන ක්‍රියාවලියක් තියෙනවා සේම රුධිරයේ කැල්සියම් ප්‍රමාණය පාලනය කරන්නටද යම් ක්‍රියාවලියක් තියෙනවා. එය සිදු කරන්නේ අපගේ තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇතුල් පැත්තේ හතර කොලේ තියෙන පැරාතෛරොයිඩ් කියන ග්‍රන්ථියෙන්. යම් විදිහටක රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩු වුවහොත් මෙම ග්‍රන්ථි මගින් පැරත් කියන හෝමෝනය නිකුත් කරයි. මෙම හෝමෝනයේ වගකීම වන්නේ රුධීරයේ කැල්සියම් මට්ටම පාලනය කිරීමයි. මෙම කැල්සියම් මට්ටම පාලනය කරන්නට අවශ්‍ය කැල්සියම් ලබාගන්නට මෙම හෝමෝනය අස්ථි කරා ලංවේ. අවසානයේ අස්ථි වලින් තමයි රුධිරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගන්නේ. මෙය දිගින් දිිගට සිදුවීම නිසා පැරා තෛරොයිඩ් ග්‍රන්ථිය විඩාවට පත්වි ඇති ආකාරය අපි බයෝ රෙසොනන්ස් පරීක්ෂණ වලින් දැක ඇත. මේ අයගේ රුධීරයේ නිතරම පැරත් හෝමෝනය දක්නට ලැබේ. ඉතිං මේ නිසාම ඔවුන්ගේ අස්ථි එන්න එන්නම දුර්වල වේ. අවසානයේ ඔස්ටියෝ පොරෝසසිස් තත්වයක් ඇතිවේ.

අපි මීට පෙර තවත් ලිපියකදිද කතා කලා රුධිරයේ කැල්සියම් අඩු වීම නිසා අස්ථි වලින් කැල්සියම් ගැලවී යන්නට පටන් ගන්නා බව. මේ නිසා අස්ථි ටිකටික දුර්වල වේ. අස්ථි සෛල වලටත් වෙන සෛල සේම ජීවයක් තිබේ. ඒවාද මරණයට පත්වේ. ඉන්පසු නව සෛල නිපදවේ. මේ කාර්‍ය්‍ය අස්ථිවලටත් පොදුය. නමුත් අපි අස්ථි සෛල කියන්නේ සදාකාලික සෛල විශේෂයක් ලෙසට වරදවා වටහාගෙන ඇත ඔබගේ පියා, මව ඉස්සර උස සහ දැන් උස ගැන සලකා බලන්න. දැන් ටිකක් කොට වෙලා කියලා හිතිලා නැද්ද? මේ සිදුවන ක්‍රියාවලිය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔවුන්ගේ කැල්සියම් පරිබෝජනය අඩු වීම නිසා මෙම් තත්වය උදාවේ. මෙහි කමෙන්ට් එකක්ලෙසට ඇති ඒ ලිපියද කියවා මේ ගැන දැනගන්න.

දැන් අපිට ඇත්තේ කකුලේ වේදනාව ඇති වන ආකාරය දැනගන්නයි. අපගේ අස්ථියක් තවත් අස්ථීයකට ඇදලා බැදතබන සම්බන්ධඛ පඨකයක් තියෙනවා ලිගමන්ට්ස් කියලා. මෙම පඨක විලින් අස්ථීය නිතරම ඇදමින් තමයි ඉන්නේ. අපි අර ලිපියේ දක්වා ඇති ආකාරයට පැරත් හෝමෝනය මගින් අස්ථී වල කැල්සියම් ගැලවීමට පටන් ගෙන ඇත්නම් අස්ථී වල පිටත ඝණ කවරය දුර්වල වෙනවා. අපගේ ශරීරයේ ඇති අස්ථි ලැබ් එකේ තියෙන ඇටසැක්ල්ලේ අස්ථී වගේ නෙවෙයි ඒවා සජීවී සෛල වලින් සමන්විතයි. මේ නිසා නිතරම ලිගමන්ට්ස් වලින් අදින තැන පැරත් හෝමෝනය නිසා දුර්වල වී ඇත්නම් එතනින් එලියට අස්ථිය ඇදී එන්නට පටන් ගන්නවා. මෙසේ ඉදිරියට ආ අස්ථීය මත තව තවත් කැල්සියම් තැන්පත් වීම නිසා නෙරීමක් බවට පත්වේ. එය පාදයේ පමණක් නොව සිරුරේ ඕනෑම තැනක සිදුවිය හැකිය. අපි මෙහිදී කතා කලේ පාදයේ ඇතිවන තත්වයයි.

මෙැවැනි නෙරීමක් විළුඹ ඇටයේ යටි පැත්තේ ඇතිවුවහොත් ඒ මත සිරුරේ බර වැටෙන නිසා තමය් විශාල වේදනාවක් හටගන්නේ. අපි දැන් මේකට අවශ්‍ය විසදුම කෙරේ යොමුවෙමු.

අපි කැල්සියම් අවශ්‍ය ප්‍රමාණ්‍යට සිරුරට ලබා දෙන්නේ නම් පැරත් හෝමනෙය නිකුත්කිරීම පැරා තෛරොයිඩ් ග්‍රන්ථිය මගින් නවතා ලයි. ඒ නිසා අස්ථි වලින් කැල්සියම් ගැලවීමේ ක්‍රියාවලියද නවතී. මේ අනුව අස්ථි ශක්තිමත් වීම නැවත ඇරඹේ. ඔස්ටියෝ පොරෝසිස් තතවය පහව යයි. මේ නිසාම අස්ථිවල ඇති අනවශ්‍ය නෙරා ඒම් නැවත සාමාන්‍ය ආකාරයට සකස් වේ. අපේ සිරුරේ යම් වේදනාවක් එනවා නම් ඒ වේදනාවෙන් යම් අඩුවක් තමයි දනවන්නේ. ඒ වේදනාවට අවනත නොවි වේදනාව නැත්කරගන්නට යන නිසා තමයි අවසානයේ සුව නොවන ලෙඩ රාශියක් ඇති වන්නේ. මෙයද ඒ වගේම තත්වයකි. කකුලේ වේදනාව ඔබගේ කැල්සියම් ඌණතාවය කියාපායි. නමුත් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මෙය ඔපරේෂණ කල යුතු වන අතර කැල්සියම් ආහාරයෙන් ඉවත් කල යුතුය. දියුණු යැයි සම්මත බටහිර වෛද්‍ය විද්‍යාවට මෙය නොපෙනෙන්නේ ඇයි දැයි ඔබව සිතා බලන්න.

දැන් අපි දන්නවා පැරත් කියන හෝමෝනය අපගේ පැරා තෛරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන්නේ රුධිරයේ කැල්සියම් මට්ටම අඩු වීම නිසා බව. (වකුගඩු වල ගල් ඇත්වීම ගැන ලියූ ලිපියද කියවන්න) ඉතිං අපි මුලින්ම කල යුතු වන්නේ සිරුරේ කැල්සියම් ප්‍රමාණය ස්ථායි කල හැකි ආහාර ගැනීමයි. කැල්සියම්, මැග්නිස්යම් බහුල ආහර ගැනීම සහ කොල වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම මෙයට කදිම විසදුමකි. මේ ක්‍රමයෙන් ඔබගේ වේදනාව සමනයකට පත් කරගත හැකිය. එසේම මෙවැනි ආහාර දිනපතා ගැනීම ඉදිරියේදි නැවතත් මෙවැනි ආසාදන ඇතිවීම වලක්වා ගැනීමට හේතු වනු ඇත. එසේම වසරකට වරක්වත් අක්මාව විෂ හරනය කිරීමේ වැඩ පිලිවෙලක් තිබිය යුතුය. එය සිදු කරන ක්‍රමය ද මා මීට පෙර ලිපියකින් ගෙන ආවා. එය කියවා බලන්න.

සිංගප්පූරුව වැනි රටවල අය මේ වෙනුවෙන් සප්ලිමන්ට් තමයි ගන්නේ. එම සප්ලිමන්ට් වල සන්නාම මා ඉදිරිපත් කරන්නේ නැත්තේ සමහර පාඨකයන් ගේ ඇති කුහක කම එලි දැක්වීමට මාගේ ලිපිය තෝතැන්නක් කිරීමට අවශ්‍ය නැති නිසා වේ්. ඒ ගැන කමා කරන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මාගේ පුද්ගලික ගෘප් එකට එක් වීමට කැමති නම් පහත ලින්ක් එක භාවිතාකර ටෙලිග්‍රෑම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහිදි අපි මේවා ගැන විවෘත්තව කතා කරමු.

තවත් කෙනෙකුට සෙතක් කරන්නට සිතක් ඇත්නනම් ෂෙයාර් කරන්න. එය ඔබගේ යම් රෝගී තත්වයක් ඇත්නම් එයද දුරු වීමට හේතු වේවි.

https://t.me/nayana

මෙත් සිතිනි…!!

Leave a Reply

Close Menu
×
×

Cart

Cart