උත්පල වන්නා තෙරණියගේ කතාව අහලා තියෙනවාද?

(වෙනත් ගෘප් එකකට ලියපු ලිපියක්. මෙතන ඉන්න අයත් ලස්සනට ඉන්න ආස ඇතිනේ.)

උත්පලවන්නා තෙරණිය එක් ආත්මයක ඉතාමත් දුප්පත් පවුලක ඉපදිලා තියෙනවා. ඒත් එයාට තිබිලා තියෙන ලොකුම ආශාව තමයි සිටු දියණියන් අදින සලුවක් අදින්න. මේක තමන්ගේ එකම බලාපොරොත්තුව කරගත්ත මේ දියනිය කරල තියෙන්නේ ගෙදර දොර වැඩකරන්න තැනක් සොහාගෙන යන එක. එක සිටු ගෙදරකට ගිය මේ දියණියට ඒ ගෙදර ස්වාමිදුව කියලා තියෙනවා මම උඔට මේ වගේ සළුවක් දෙන්නම් ( මම හිතන්නේ සාරියක් වගේ එකක් වෙන්න ඇති ) හැබැයි උඔ මට අවුරුදු 7 ක් බැලමෙහෙවර කරන්න ඕනි කියලා. අනේ මේ දියණිය කැමති වෙලා. පවු නේද? කොහොම හරි ඉතිං තමන්ගේ ඉලක්කයට යන්න වෙන ක්‍රමයකුත් නැති එකේ එහෙම හරි කරන්න හිතාගන්න ඇති.

‍මේ විදිහට දින, සති, මාස, අවුරදු ගෙවෙන්න පටන් ගත්තා. ටික ටික තමන්ගේ ඉලක්කයට ලංවෙන බව දැනෙනකොට මෙයාට දැන් ඉස්පාසුවක් නැහැ. කොහොම හරි අන්තිම දිනයටත් ආවා. අර සිටු දේවිය ආවා. මෙන්න උඔට මම පොරෙන්දු වුන සළුව කියලා ලස්සන වටිනා සළුවක් දුන්නලු. මේක දැක්කම මේ දියණියට මුළු ලෝකෙම ලැබුනා වගේ. එයා වසර හතක් බැල මෙහෙවර කරලා ගත්ත එකනේ.

දැන් මෙයා වැඩ ටික ඉවර කරලා නාගෙන මේක අදින්න ඕනි කියලා හිතාගෙන දොලක් තියෙන තැනකට ගියා නාන්න. අර සලුව පැත්තකින් තියලා නාන්න පටන්ගත්තා. නාලා ඉවර වෙලා වට පිට බලනකොට පසේ බුදුන් වහන්සේ නමක් වඩිනවා දැක්කා දර වලින් සිවුරක් හදාගෙන ඒක ඇදගෙන. ගෞතම බුදුන්ගේ කාලයෙත් දාරුචීරිය කියලා චරිතයක් අපිට හමුවෙනවා. දාරු කිව්වේ දර. චීරිය කිව්වේ සිව්ර දරාගෙන ඉන්න නිසා. මේ පසේ බුදුන් වහන්සේත් එහෙමයි. අනේ අර අවුරුදු හතක් බැලමෙහෙවර කරලා ගත්ත සලුව මට වඩා මේ උත්තමයට තමයි හොද කියලා මහා පුණ්‍යවන්ත සිතක් පහල වුනාලු. පුදුමයි නේද? අපිටනම් හිතෙයිද? අක්කගේ ගවුම නංගි ඇන්දොත් ඉදලා ඉවරයි. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ තුන් දෙනෙක්. අම්මො….

‍කොහොම හරි මේ දියණිය මේ සලුව අර පසේ බුදුන් වහන්සේට පූජා කරලා තියෙනවා. අර සලුව ඇන්දටවඩා දහස් වාරයකින් තම සිත පිනාගිය මේ දියණිය ඉන් පසු උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා රෑප ස්වභාවයෙන් අග තැන්පත් වුනා කියලා ධර්මයේ සදහන් වෙනවා.

ඉතිං අපි ලස්සනට ඉන්නනම් ඉස්සෙල්ලාම කරන්න ඕනි මෙන්න මේ ගුණය අපිට ලංකර ගන්න එකයි. එතකොට සමේ රෝග හට ගන්නේ නැහැ. බුදුන් වහන්සේගේ සමට කියන්නේ සුකුමචවි කියලා. ඒ කියන්නේ හරිම සුමටයි. දුවිලි වත් වහන්නේ නැතිලු. ඒ තරමට උන් වහන්සේ ඇදුම් දන් දීලා තියෙනවා සංසාරය පුරාවටම.

ධර්මයේ සදහන් වෙනවා !! වත්ත දෝ හෝති වණ්න දෝ !! කියලා. ඒ කියන්නේ වස්ත්‍ර දීලා තියෙන කෙනාට වර්ණය ලැබෙනවා කියන එකයි. මේ සියල්ලෙන්ම අපි තේරුම් ගන්න ඕනි වස්ත්‍ර දන් දීල නැත්නම් අපිට වර්ණය ලැබෙන්නේ නැහැ කියලා. අපි කරන්නේ මොකක්ද බ්ලීච් කරන එක. ඒවාට වෛද්‍ය අනුමැතිය පවා ලැබෙනවා. නමුත් අපි කරන්න තියෙන්නේ මොකක්ද? මුලින්ම තමන්ගේ කර්මය සකස් කරගන්න ඕනි.

ඔබට මේ ගැන යම් දෙයක් වැටහුනානම් අදම අටපිරිකරක් මම මේ වෙනුවෙන් පූජා කරනාව කියලා හිතාගෙන කීයක් හරි වෙන් කරන්න. දින පතා කීයක් හරි වෙන්කරන්න. දවසක සිවුර හොදටම ඉරුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවෙයි. උන් වහන්සේට මේ අටපිරිකර පූජා කරන්න. අට පිරිකර එකට ගන්න එපා. වෙන වෙනම එක එක එකතු කරන්න. එතකොට අපි දෙන සිවුර අඩුගානේ අපි දකිනවා. ඒකත් තම සිත පැහැදෙන්න හේතුවක් වෙයි. කොපමණ කල් ගියත් කමක් නැහැ. අර ස්වාමීන් වහන්සේව ගෙදරට වඩම්මලා දාන වේලක් එහෙමදීලා තමන්ගේ සිතේ තියෙන දේ කියලා හෝ නොකියා මේ සත්ක්‍රියාව කාරන්න. තමන් සිතින් අධිෂ්ඨාන කරන්න මා සසරේ සිදු කර ඇති මෙවැනි වස්ත්‍ර දාන වල කුසල කර්ම සියල්ල ඇදී ඇවිත් මාගේ සම සුවපත් වේවා කියලා.

ඔබගේ සම පැහැපත් වන බව ඔබට දැනේවි.

තව කෙනෙක් ලස්සනට ඉන්නවාට කැමති නම් ෂෙයාර් කරන්න. ……. ඒ පිනත් ඔබට……

‍මෙත් සිතිනි…!!

Close Menu