උණ්ඩුක පුච්ඡය සහ මහ බඩවැල තුල ඇති බැක්ටීරියා ගහණය. – 02 කොටස

අපි පලමු කොටසෙන් කතා කලේ උණ්ඩුක පුච්ඡයේ ඇති වැදගත් කමයි. අපි දැන් කතා කරන්නට බලා පොරොත්තු වෙන්නේ අපගේ ශරීරයේ ආහාරජිරණ මාර්ගයේ ඇති බැක්ටීරියා ගැනයි.

බැක්ටීරියා අවශ්‍ය වෙන්නේ ඇයි. අපිට යෝගටි නිශ්පාදකයන් තමයි ප්‍රෝබයෝටික් කියන වචනය පුරුදු කලේ. ඇන්ටි බයෝටික් නම් අපිට හොදට හුරුයි. මොනාද මේ ප්‍රෝ බයෝටික් කියන්නේ. ඇත්තටම මේ බැක්ටිරියා විශේෂයක්. මෙම බැක්ටීරියාවන් අපගේ ආහාර ජීරණය සදහා අත්‍යවශ්‍ය වෙනවා. ආමාශයේ ඇති ආම්ලිකතාවය සාමාන්‍යෙයන් ආහාර ගත් විට pH 1.5 – 2 වගේ අගයක් ගන්නවා. ඒ ප්‍රෝටීන සහ කාබෝ හයිඩ්රේට ජීරණය සදහාය. අදාල එන්සයිම සමග එක්වී ආහාර බිද හෙලීම සිදු කරයි. මෙම ආහාර ග්‍රහණියට යන විට අදාල ආම්ලකතාවය pH8.5 දක්වා වැඩි කරන්නේ පිත මගිනි. වැඩි pH අගයක් තුල මේදය ජීරණ ක්‍රියාව සිදු කල පසු බඩ වැල් වලදි නැවතත් pH 4-7 දක්වා අගයකට අඩු වේ. එසේ නම් ආහාර වැඩි කාලයක් පවතින්නේ ආම්ලික මාද්‍ය්‍යකය. මෙම මාද්‍ය්‍ය තුල බැක්ටිරියා වලට ජීවත් විය හැකිය. නමුත් එන්සයිම මල ක්‍රියාකාරීත්වය නිසා කුඩා බඩවැල් තුල බැක්ටිරියාවන්ට තමන්ට රිසි සේ වැඩ කරන්නට නොහැකිය. එහෙත් මහා බඩවැල තුල එවැනි එන්සයිම හෝ භාෂ්මික ද්‍රාවන නොමැත. මේ නිසාම බැක්ටිරියා තම ස්වභාවික ජීරණ ක්‍රියාවලීන් එහිදී සිදු කරයි. මහා බඩවැල තුල වැඩි කාලයක් ආහාර රැදෙන නිසාත් බැක්ටිරියාවන්ට හිතැති පරිසරයක් ඇති නිසාත් බැක්ටිරියා තම ජීරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගෙන යයි.

‍මෙහිදී අපි යහපත් සහ අහයපත් බැක්ටීරියා කියා බැක්ටිරියා වර්ග දෙකකට වෙන් කරන්නෙමු. අයහපත් බැක්ටිරියාවන් සිදු කරන්නේ ආහාර නරක් කිරිම වැනි සිරුරට අහිතකර ක්‍රියාවන්ය. යහපත් බැක්ටිරියාවන් අපගේ ආහාර ජීරණ ප්ද්ධතියට සිදු කරගත නොැහැකි මහා කාර්‍යභාරයක් ඉටුකර දෙයි. එනම් සෙලියුලොස් වැනි මිනිස් ආහාර ජීරණපද්ධතියේදී ජීරණය කරන්නට නොහැකි ශාක කොටස් ජීරණය කරන්නට උදව් කිරිමයි. මෙයට වඩා වැඩි දෙයක් මෙම බැක්ටිරියාවන් විසින් සිදු කරයි. එය මේ කාලයේ හැටියට ඉතාමත් අවශ්‍ය වේ. අපි ඒ ගැන ටිකක් කතා කරමු.

මීට වසර 30 කට පෙර අපට නොතිබුණු ප්‍රශ්න දැන් දැන් බොහෝ සෙයින් පෙනෙන්නට ඇත. ඒ වගේම මිට වසර තිහකට පෙර නොතිබුණු ඔටිසම් වැනි තත්වයන් එන්න එන්න වර්ධණය වෙමින් පවති. 2025 දි ඇමෙරිකාවේ උපදින දරුවන්ගෙන් 50% ක් ඔටිසම් දරුවන් බව මේ වන විටත් ඔවුන් දන්නා සත්‍යයකි. අපේ රටවල මෙම තත්වය ගණන් බලා නැත. ඔටිසම් තරම් දරුණු නැති වුවත් අද වන විට මොන්ටිසෝරි යන දරුවන්ගේ ක්‍රියාකලාපය ගැන ඔබගේ නුවණ මෙහෙයවා සිතා බලන්න. යමක් වැටහේවි. දරුවන් තමන් කැමති දේ ලබා ගන්නට දෙමව්පියන්ට තලන තත්වයට දැන් පත්වී ඇත. අපි මව්පියන්ට බැණ බැණ ඉදලා වැඩක්ද නැත. මේකට හේතුව ලෝකය වසා පැතුරුණු මාෆියාවක් බව මේ කිසිවෙකු දන්නේ නැත.

රවුන්ඩ් අප් නැත්නම් ග්ලයිෆොසේට් තමයි මේ සියල්ලටම මුල. වගාවේ වල් විනාශ කරන්නට ඉසින වල් නාශක රසායනිකය ග්ලයිෆොසේට් වේ. මෙමගින් වල් ගස් මැරෙන නිසා ගොවියාට ඉමහත් අස්වැසිල්ලක් සේ එය පෙනෙන්නට විය. නමුත් මේ Glyphosate නිසා වල් පමණක් නොව පසේ සිටින බැක්ටිරියාවන් සහ ගැඩවිළුන්ද විනාශ වූයේ ස්වභාවික ගොවිතැනට තිත තබමිනි. පසේ තිබුණු හියුමස් තට්ටුව දැන් නැත. මේ නිසාම ස්වභාවික පොහොරද දැන් නැත. ඒ නිසා එයද පිට රට වලින් ගෙන එන්නට සිදුවී ඇත. මෙතුවක් කල් නොමිලේ ලැබුනු පොහොර දැන් පිටරටින් ගෙන එන්නට වී ඇත. ඒ වෙනුවෙන් අපි බොන තේඑකට දාන සීනිි හැන්දටද බදු ගෙවන්නට වි ඇත. අපි නොදැනුවත්වම වහ කන්නට අපි මුදල් ගෙවයි. කරන්නට දෙයක් නොමැත. පාලකයන් විසින් මිනිසුන්ගේ සිරුරට වස විස ඇතුල් කරන්නේ හරිම අකාරුණික ලෙසටයි.

සිද්ධිය වූ ආකාරය දැනගැනීම බොහෝ වටී. වල් නාශක නිසා පසේ සිටින බැක්ටිරියා විනාශ වූ බව අතිශයොක්තියක් නොවන බව ඔබට වැටහෙනවා ඇති. මෙම බැක්ටීරියා විසින් පසේ ඇති මිනරල් වර්ග මුලින්ම ජීරණය කලහොත් තමයි ගසේ මුල් වලින් ඒවා අවශෝෂනය කරගන්නට හැකි වන්නේ. එසේ අවශෝෂණය කල හොත් පමණයි එම මිනරල් ශාඛයේ පත්‍ර, ගෙඩි, මුල් කද වැනි තැන්වල තැන්පත් කරන්නට හැකි වන්නේ. එම මිනරල් වර්ග නිසි ලෙස ලැබුනොත් විතරයි අදාල පලතුරු,එළවලු රස වෙන්නේ. එසේ නොවන තැන පිටතින් රස කාරක එකතු කර තමයි ආහාරයට ගන්නට වෙන්නේ. මට මතකයි ඉස්සර අපි නෝකොල් වගේ ඒවා වගා බිමේදීම ගලවගෙන සෝදන්නේ වත් නැතිව කනවා. ඒවාට වස විස ගහලා තිබුනේ නැහැ. ඒ නිසා අපේ වැඩිහිටියෝ ඒවා කන්නට එපා කිව්වෙත් නැහැ. දැන් ඒවා ඒ විදිහට කෑවොත් මරණයට පත්වන්නට සිදු වන බව ඔවුන් දන්නා නිසා එහෙම ආහාර රටාවක් දැන් නැත.

මිනරල් වලින් තොර ඵලදාවට තමයි කෘමීන් එන්නේ. මේ නිසාම වගාවට අලුත් උවදුරක් ලෙසට කෘමීන් බෝවීම සිදුවිය. එයටද විසදුම වූයේ තවත් වස විශ එක් කොට උන් මරා දැමීමයි. එළවලු සහ වි වගා වල කෘමීන් පාලනය කරන්නට ඉසින කෘමි නාශක නිසා සිදුවන ප්‍රාන ඝාතය තරම් මුහුදේ සිටින මාළු මැරෙන්නේ නැතිව ඇති. මේ මාතෘකාවට එය අදාල නැතත් එයත් මතක් කලේ මේ ව්‍යසනයේ පමණ කියා පෑමටය. දැන් මේ වස විස දෙවර්ගයම නිසා පොලොවේ සිටින බැක්ටිරියා විනාශ වෙයි. කබලෙන් ලිපට වැටුනු අපි කෘතීම පොහොර වර්ග වෙත නිරායාසයෙන් යොමු වන්නට විය. රුපියල් 350 ට පොහොර දෙනවා නම් බලයට එන්නටද හැකි බව දැන් ඔබට පෙනෙනවා ඇති. ප්‍රශ්නය ඇත්තේ කොතැනද? පිලිතුරු සොයන්නේ කොතැනද? මේ සියල්ල තුල අපි අසරණ වී ඇත්තෙමු. අපිට පාසල් වලින් ඉපිල් ඉපිල් පැල ලබා දුන්නා මතකද? ඒවා වගා කරන්නට අධ්‍යාපන දෙපර්තමෙන්තුවෙන් ඒ කාලේ යම් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කලා. ඇකේෂියා පැල ලබා දුන්නා මතකද? අද වන විට මීමැස්සන් වදවී ඇත්තේ මේ ඇකේෂියා නිසා බව ඔබ දන්නවාද? අපේ ගෙල සිරකරගන්නට ඔවුන් මිට වසර 30 කට පමණ පෙර තොණ්ඩුව අප අතටම ලබා දී ඇත. බලයට එන දේශපාලනඥයන්ට මොනවා හරි ලැබෙනවා ඇති නමුත් අපි සියලු දෙනා මේ ක්‍රියාකලාප තුල අසරණ වී සිටින්නෙමු. මාතෘකාවට අදාල නැතත් ඔබගේ දෙනෙත් විවර කරන්නටයි මේ ටික පැවසුවේ.

53691249_833201457034342_719105493900984320_nඅපට කැල්සියම් අවශ්‍ය නම් හුණු ගලක් කුඩු කර කෑවාට ඒවා ලබාගත නොහැකිය. කෘතිම කැල්සියම් සප්ලිමන්ට් ගැන මා ලියු ලිපියේ මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් කර ඇත. එය කියවා බලන්න. නමුත් මෙම කැල්සියම් යම් තරමකට ජීරණය කරන්නට හැකියාවක් මහබඩවැලේ සිටින බැක්ටිරියාවන්ට තිබේ. එය ඉතාමත් වැදගත්ය. සමහර අය කොපර් ලැබෙයි කියන අපේක්ෂාවෙන් තඹ කෝප්පයක වතුර දමා පානය කරන්නට පුරුදු වී ඇත. එය 100% ක් සත්‍ය නොවුනත් කොපර් යම් තරමක් වතුරට එක් වන්නට හැකි අතර මහාන්ත්‍රය තුලදී මෙම බැක්ටිරියාවන්ට මෙම අත්‍යවශ්‍ය මිනරල් වර්ග බිද හෙලන්නට හැකිය. එසේම මහාන්ත්‍රයට මෙම මිනරල් වර්ග අවශෝෂනය කර ගැනීමේ හැකියාවක්ද ඇත. නමුත් අපි ගන්නා ආහාර වල ඇති ග්ලයිෆොසේට් නිසා මෙම බැක්ටීරියාවන්ද විනාශ වීමේ තර්ජනයකට අපි මුහුන දී ඇත. අද වන විට වම්වරුන්ගේ කිිරි වලද මෙම ග්ලිෆොසේට් අඩංගු වන බව සොයා ගෙන ඇත. ඔටිසම් දරුවන් බිහිවීමට හේතුව මෙයයි. අපිට කල හැකි වන්නේ මෙවැනි කාබනික නොවන ආහාර වලින් ඉවත් වී හැකිතාක් කාබණික ආහාර වලට හුරුවීම පමණි. විශේෂයෙන් ගර්භණී වම් වරුන් මේ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුය.

අප සතු මේ ස්වභාවික ආරක්ෂාවද මේ නිසා අප විනාශ කරගෙන ඇත. දැන් අපිට ප්‍රෝබයෝටික් ලෙසට මෙම බැක්ටිරියාවන් පිටතින් ගැනීමට සිදු වී ඇත. එය දැන් විශාල ව්‍යාපාරයක් වන අතර ඒ අතර වංචණි ව්‍යාපාරිකයන් විසින් විසින් විශාල මුදල් ඉපයිමක් මේ හරහා සිදු කරගෙන යයි. මී කිරි, යෝගට්, වැනි ස්වභාවික ආහාර වල මෙම ප්‍රෝ බයොටික් ඇත. ඒවාද සෙම වැඩිවෙනවා යැයි කියා කෑමට ප්‍රතික්ෂේප කරන අය ඕනෑ තරම් ඇත. තම නිවසේ ස්වභාවිකව යෝගට් නිපදවා ගත හැකිය. ඒවාට යොමු වන්න. මේ අනුව ප්‍රෝ බයෝටික් නම් හිතකර බැක්ටිරියාවන් ගහනය වැඩි කරගන්න. එය ඔබගේ බඩවැල්වල නිරෝගී තාවය පමණක් නොව මුලු සිරුරේම නිරෝගී තාව පවත්වා ගැනීමට උපකාරී වේවි.

‍මේ ගැන අන් අයවත් දැනුවත් කරන්න මේ ලිපිය ෂෙයාර් කරන්න. එය මාගේ වෑයමට ඔබ කරන උපහාරයක් සේ සලකමි. මා හා පද්ගලිකව සම්බන්ධ වීමට පහත ලින්ක් එක මගින් telegram app එක ඩවුන් ලෝඩ් කරගන්න.

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

Close Menu