උණ්ඩුක පුච්ඡය අපිට අවශ්‍ය නැද්ද?

ණ්ඩුක පුච්ඡය කියන්නේ අපිට අවශ්‍ය අවයවයක් නොවේ. එය අත්‍යවශ්‍ය අවයවයකි. අපි කොම්පියුරයක් වගේ එකක් ගලවලා අමාරුවෙන් හයිකරගත්තම අන්තිමට ඇණ ටිකක් ඉතිරි වෙනවා නේද? අපි හිතනවා ඒවා වැඩක් නෑ කියලා. අන් ඒ වගේ තමයි සමහර වෛද්‍ය වරුන්ට උණ්ඩුක පුච්චය. ඒක වැඩක් නෑ. දැන් ක්ෂය වෙලා යන එකක් කියලා අතහැරලා දානවා. මේක තවම මටහිර වෛද්‍ය විද්‍යාවට අහුවෙලා නැති නිසා අනවශ්‍යයි කියනවා. හැබැයි යම් දිනයක නෑ ඒකත් අවශ්‍යයි කියලා කියයි. දැන් බිත්තර කන්න පුළුවන්. පොල්තෙල් හොදයි කියනවා වගේ.

උණ්ඩුක පුච්ඡය හරියට සෙන්සර් එකක් වගේ. කුඩා බඩවැලෙන් පහලට එන ද්‍රාවනයේ යම් විශක් තිබුණොත් මෙම සෙන්සර් එකට ඒක දැනෙනවා. මේ නිසා මහ බඩවැලට මෙම අපද්‍රව්‍යය ඉක්මණින් ඉවත් කරන ලෙසට දැනුම් දෙනවා. ඔබටද දැනිලා ඇති සමහර වෙලාවට මහා බඩේ අමාරුවක් සමග මළ පහ වෙනවා. අවසානයේ වේදනාවද අවසානයි. එසේ වන්නේ මහ බඩවැල ඉතාමත් ඉක්මණින් තම ක්‍රියාවලිය සිදු කරන නිසා.යම් කෙනෙකුගේ උණ්ඩුක පුච්ඡය අරන් දැම්මටපසු මෙම සෙන්සර් එක නෑ. දැන් යම් විශක් අැත්නම් ඒවා මහබඩවැලෙන් නැවතත් සිරිරට උරාගන්නට බලනවා. මේ නිසා මහ බඩවැලේ නානාවිධ රොගාබාධ හටගන්නවා. එය කැන්සර් එකක් දක්වා විය හැකියි. නිතර බඩේ අමාරු හටගන්නවා.

මම මේ කිව්වේ ප්‍රධානම කාරණයක් මීට අමතරව ප්‍රතිශක්තිකරණයටද මෙය උපකාරී වෙනවා.

දැන් මේක ඉවත් කරන්න හේතුව බලමු. උණ්ඩුක පුච්ඡය දැන් ගල් වලින් පිරිලා . මේ නිසා මේක ඉවත් කරන්නට අවශ්‍යයි. මේක තමයි අවසාන තීරණය. කුමක් කරන්නද අවනත වෙනවා හැරෙන්න. නේද?
අපි පෝඩි කාලේ බඩ විරේක කරනවා මතකද?, දැන් ඒක තහනම්. විරේකය කියන එක අපිට තහනම් කරලා හැබැයි දොස්තර මහත්තුරු නම් පංච කර්ම කරගන්නට යනවා මම දැකලා තියෙනවා. මේකට හේතුව මොකක්ද? විරේකය කියන එක අත්‍යවශ්‍ය කාර්‍යයක්. බඩ විරේක කරන විට උණ්ඩුක පුච්ඡයේ යම් ගලක් ඇත්නම් එයද මිරිකලා අරන් දැමීමේ ක්‍රමයක් අපගේ සිිරුර සතු වෙනවා. ඒක දන්නේ නැති අසරණයන් කාගේ හරි කීමකට රැවටෙනවා. පවු අහින්සකයන්.

ඉදලා හිටලා බඩ විරේකයක් කරගන්න. ගල් හිර වෙන්නේ නෑ. ඒවා ඉවත් වෙනවා. මේක බයෝරෙසොනන්ස් තාක්ෂණයෙන් හොදට බලා ගන්න පුළුවන්. මම මේක දැකලා තියෙනවා. බඩ විරේක කරන්නට කලින් උණ්ඩුක පුච්ඡයේ ගල් තියෙනවා කියලා පෙන්වනවා. විරේක කරලා දිනකට පමණ පසු බලපුවහම ගල් නෑ.

පිත්තාශයේ ගල් වලටත් මෙසේමයි. නමුත් එය සිදු කරන්නට කලින් පිත්තාශයේ ඇති ගල්වල ප්‍රමාණය දැනගත යුතුයි. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂනයක් කලාම ඇති. ඉන්පසු ස්වභාවික ක්‍රමයකින් අක්මාව ක්ලෙන්ස් කරන්න විතරයි තියෙන්නේ. ඒකට ඉතාම සරළ බෙහෙතක් තියෙනවා. මේ බෙහෙත මගින් පිත්තාශය මිරිකා ගල් ටික එලියට දානවා. මම ඒක මෙහි දාන්නේ නෑ. මොකද යම් කෙනෙකුගේ පිත්තාශයේ ඇති ගල් වල සයිස් එක ලොකුනම් ඒවා එලියට එනව විට පිත්ත නාලයේ හිරවිය හැකි නිසා. (යම් කෙනෙකුට දැනගන්නට අවශ්‍ය නම් ඉන්බොක්ස් කරන්න.)

කෙසේ වෙතත් උණ්ඩුක පුච්ඡය කියන්නේ අත්‍යවශ්‍ය කොටසක්. මෙය ඉවත් කරගන්නට වෙර දරන්නේ නැතිව මෙය නිරෝගීව තබා ගන්න. වසරකට වරක්වත් විරේකයක් කරන්න.

මෙත් සිතිනි.

Close Menu