ඉණා, වශී, විණ බන්ධණ

මෙම ලිපියද භෞතික වාදීන් උදෙසා නොවන බව මුලින්ම මතක් කරන්නට කැමතියි.

මේක අපි හැමෝම දන්න,ඒත් වැඩිය කතා කරන්නට අකමැ.ති, භෞතික වාදීන්ගේ ප්‍රහාරයට ලක්වෙන ප්‍රශ්නයක්. ඒත් මේ ගැටළුව නිසා ලක්ෂ ගාණක් දුක් පීඩා විඳිනවා.  සෝවාන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ටත් බන්ධනයක් කලා බුදුන් වහන්සේගේ ජීවමානව වැඩසිටි කාලයේ.  ඒ ිකියන්නේ කෙනෙක් නිවන් ශාක්ෂාත් කරන තුරුම මෙම බන්ධනය කියන එක වලංගුයි.
බන්ධනය කියන වචනය ඇතුලෙම යමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? යමක් බැඳලා කියලා තේරුමක් එනවා නේද? සොයා ගත යුත්තේ මොකක්ද? කවුද? කෙසේද? බැන්දේ? කෙසේද මෙයින් නිදහස් වෙන්නේ, නිදහස් නොවුනොත් මොකද වෙන්නේ කියන එකයි. අපි මේ ගැන යම්දැනුමක් ලබා ගන්නට බලමු.

ඔබ දැකලා ඇති සමහර මන්ත්‍ර ගුරුකම් කරන අය භූතයන් වගේ අමණුෂ්‍යයන්ව නූල්වලිනම් බඳිනවා, බෝතල් වල දාලා ගංගාවල මුහුදේ වගේ ගිහින් දානවා. මේ අනුව පෙනී යන්නේ යන්ත්‍ර මන්ත්‍ර වලට හැකියාවක් තියෙනවා මෙවැනි අමණුශ්‍ය කොටස් බැඳලා දාන්න හෝ එම අමණුෂ්‍යයන් යම් තැනකට කොටු කරලා තබන්න. ඉතින් මේ විදිහට යම් අමණුෂ්‍යයෙක් අපගේ සිරුරේ යම් තැනකට තියලා බැඳලා කොටු  කලහොත් කුමක් වෙයිද?
ශබ්ධ විද්‍යානූකූලව මන්ත්‍ර හසුරුවන්නට හැකි ගුරුකම් ලෙස හඳුන්වන මේ අසික්ශිත  වැඩේ කරන අය සිදු කරන්නේ සංසාරය පුරාවටම පල දෙන මහා පාපකර්මයකි. අපි බල්ලෙක් ගහක බැඳලා හැදුවත් ගෙවල් අයිතිකාරයන්ට බණිනවා. බලු අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන පවා තියෙනවා. නමුත් මේ දුක් විඳින අමණුෂ්‍යයන් වෙනුවෙන් කිසිවෙකු නැත්තේ ඒ ගැන දන්නා කියනඅය නැති නිසාවෙනි. දන්නා අය කරන්නේ අර අමණුෂ්‍යයන්ගෙන් මුදල් හම්බ කිරීමයි. අපි මේ ක්‍රමවේදය ගැන ටිකක් දැනගෙන සිටීම වටිනවා.

කබරයා කියන්නේ ඕනෑම කුණු ශරීරයක් කන්නට කැමති සතෙක්. මෙවැනි කුණු කන සතුන්ගේ තෙල් මෙම ගුරුකම් කරන අය භාවිතා කරනවා මේ වැඩේට. මොකද දැන් මේ බන්දන්න හදන කට්ටියත් මේ කුණුවලට හරි කැමතියි. ඉතින් ඉතාමත් සතුටින් එතනට එනවා. මේකට සමහරු තවත් පුද්ගලයෙකුගේ කොණ්ඩය, නිය වැනි ඉවත ලන දේවල්ද එක් කරනවා. මොකද එතකොට අර සම්බන්ධකම් ඇති කෙනාවත් මේකට ඈඳගන්න ලේසියි. ඒ වගේම  ඒවටත් මේ අමණුෂ්‍ය කොටස් කැමතියි. මේවා භාවිතා කරන්නේ හරියට මාළු අල්ලන්න ගහන ඇම වගේ. අවසානයේ අර අමණුෂ්‍යයා කාලාන්තරයක් තවත් කෙනෙකුගේ ශරීරයට බැඳලා තබනවා. දැන් ඉතින් අර ඉන්න තැන ඉඳලා තමයි අර අමණුෂ්‍යයා තමාගේ ආහාර ගැනීම කල යුතු වන්නේ. තමන් ලගට එන දෙයක් විතරයි කන්නට හැකි.
අර කියපු තෙල් වර්ගය් හෝ කොණ්ඩය නිය වැනි ඉවත ලන දෙයකින් හදන යම් කල්කයක් වැනි දෙයකින් හෝ ඉස්සෙල්ලාම මන්ත්‍ර ආදිය භාවිතා කොට කෙනෙකුට ආහාර සමග දෙනවා. එසේ නැතිව කරන දේවලුත් තියනවා පැන්ණුම් වගේ ඒවා. අපි මෙහිදී කතා කරන්නේ කන්නට දෙන ඒවා ගැනයි. මෙසේ කෑමට මිශ්‍රකර දෙන යම් විෂක් අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ යම් කොටසක ගිහින් ඇලවෙනවා. මෙසේ ඇලවුනු පසු මේතැනට යම් අමණුෂ්‍යයෙක් බැඳීම තමයි අර මන්ත්‍ර කියන මන්ස්සයා මීලගට කරනනේ. ඉතින් ඉතාමත් ආශාවෙන් අර අමණුෂ්‍යයන් ගිහින් මේ තැන්වල රස බලන්නට යනවා. ඇමට අහුවුනු මාළුවා වාගේ තමයි දැන්. ගැලවිල්ලක් නැහැ. නමුත් මාළුවා ඇමට අහුවුනත් වතුරේ ඉන්නවා නම් මාරෙන්නේ නැහැ. වේදනාව විතරයි. අන්න ඒ වගේ තමයි මේ අමණුෂ්‍යයන් දැන්.  බඩගින්න වැඩි නිසා දැන් මෙතන තියෙන දෙයක් විතරයි කන්නට හැකි. ඉතින් මෙතන තියෙන දේවල්ම ආහාර කරගෙන මේ අය ජීවත් වෙනවා.
අපේ කකුලේ කටුවක් ඇණුනොතින් ඒ කටුව ඉවත් කරන්නට අර කටුව වටේට සෙම බැ‍ෙඳනවා. ඒ වගේම මේ බන්ධනයට ලක්වූ තැනත් සෙම බැ‍ෙඳන්නට පටන් ගන්නවා.මොකද අර ආගන්තුක කොටස ඉවත් කරන්නට. ඒත් එය ලේසි කටයුත්තක් නොවේ. මේ නිසා ආදාල ස්ථානයේ එන්න එන්නම සෙමතැන්පත් වෙනවා. ඒකත් අර අමණුෂ්‍යයාට හරි පහසුවක් මොකද දැන් තව දෙයක් ආහාර ලෙස ලැබෙනවා. ඒ සෙමටික. ඉතින් මේක වසර ගණනාවක් මෙසේ තිබෙනවා.

දැන් අපි බලමු බන්ධනය කරන්නට යොදාගන්නා අමණුෂයයා කවුද කියලා. බන්ධනයට යොදාගත හැකි වන්නේ බන්ධනයට ලක්වන තමාගේම ඥාතියෙක් පමණයි. අප සමග අමනාපව සිටින සංසාරයේ යම් ඥාතියෙක් සොයා ගැනීම තමයි මේ ගුරුකම් කරන පුද්ගලයා මුලින්ම සිදු කරන්නේ. මේකට නොයෙක් ක්‍රමවේදයන් භාවිතා කරනවා. කෙනෙකුගේ උපන් වෙලාව දැනගත්තාම මෙයාලට පුලුවන් කෙනෙක් සොයා ගන්න.  ඉස්සෙල්ලාම කරන්නේ මෙම අමණුෂ්‍යයාට අවශ්‍ය විදිහේ ඇමක් හදාගන්න එක. ඒක කොහොම හරි තමන් විණ කරන්නට සිතාගෙන සිටින ක්‍රමයට හදා ගන්නවා.  මේක කොහොම හරි මාර්ගයකින් දැන් ආහාර සමග එක් කරන එකයි දැන් කරන්නේ. මේක අර අමණුෂ්‍යයාට දැන් කැප කරලා තියෙන නිසා අර ආහාරත් සමග නිකන්ම මෙයා ශරිර ගත වෙනවා. ගිහින් යම් තැනක ඇලෙනවා. ඉතින් අර අමණුෂ්‍යයත් දැන් රස කර කර කනවා. මේ වෙලාවේ අර විණකරන කෙනා කරන්නේ මේ තැනට තියලා මේ අමණුෂ්‍යයාව බඳින එකයි. ඉතින් දැන් මේ අමණුෂ්‍යයාට ගැලවීමක් නැහැ. ඒ මදිවට දැන් ඉන්නේ තමන්ගේ හතුරෙකුගේ ශරීරය ඇතුලේ. මෙකත් පලිගන්නට හොඳ වෙලාවක් කියලා දැන් මේ අමණුෂ්‍යයාට හිතෙනවා ඇති.

මම මීට පෙර කිව්වා වගේ අපගේ ශරීරය දැන් මේක ඉවත් කරන්නට වෙරදරනවා. මේ බන්ධනය ඇති තැනට දැන් සෙම එකතු වෙනවා. මොකද මේක ඉවත් කරන්නට. ඒත් එතන සිටින ප්‍රේතයා කරන්නේ ඒ සෙම ටිකත් ආහාරට අරගෙන තවත් කරදර කරන එකයි. ඉතින් මෙක් දිගින් දිගට යනවිට පිලිකාවක් සේ  වැඩෙන්නට පටන් ගන්නවා. අවසාන වන්නේ මහා ඛේදවාචකයකින්.

වැදගත් වන්නේ මේවායින් ගැලවෙන්නේ කෙසේද කියල සොයා බලන එකයි.  අපි කෑමක් කන විට දෙයක් බොන විට ඒවා ආහාරයට ගන්නට කලින් බුදුගුණ නව වතාවක් කියලා ආහාර ගත්තා නම් අර අමණුෂ්‍යයන්ට ආහාරයට එක් වන්නට බැහැ. ඒ එක්කම යම් කොටසක් ඉවත් කරලා සිටියානම් අර ඉවත් කල කොටස කාල උන් සැනසෙනවා. නමුත් බුදුගුණ නිසා ශරීර ගත වෙන්නට බැහැ. එහෙත් මේ ක්‍රමයෙන්ද බේරා ගත නොහැකි බන්ධන තියෙනවා. ඒවාට වෙනමමක්‍රම අනුගමණය කල යුතුයි.

අපි බලමු කෙසේ හෝ දැන් මේ බන්දනය කරලා තියෙන්නේ කියලා. දැන් කරන්නට තියෙන්නේ මේකෙන් නිදහස් වෙන එකනේ නේද? ඒක හරි වැදගත්. අපි මුලින්ම දැනගන්න ඕනි අපි සමග මේ අමණුෂ්‍යයා ඇයි තරහා වෙලා තියෙන්නේ කියලා. අපි අතින් අතීත අත් බැවක යම් අසාධාරණයක් වූ නිසාම තමයි අපි සමග මෙයා තරහා වෙලා තියෙන්නේ. එයාට වූ අසාධාරණය සඳහා වන්දි ගෙවනකම්. ඉතින් අපි මෙයාලට වන්දි ගෙවන්නේ කෙසේද? මේකට නියම ක්‍රමයක් මම ගෙන එන්නම්. කරන්නට ඇත්තේ දොලොස් පිරිකර සහිත දානයයක් බුදුපසේබුදු මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්‍යමහා සංඝරත්නය සිහිකරලා සාංඝික දානයක් දෙන එක.නමුත් මේ පින් දෙන ක්‍රමය ඉතා වැදගත්. මම දන්නවා සමහර භික්ෂූන් වහන්සේලා මෙම ඥාතීන්ට පින් දීම නිසිලෙස සිදු කරන්නේ නැහැ. මේක කිව්වා කියලා මෙම ලිපිය කියවන භික්ෂූන් වහන්සේලා මා සමග අමනාප වෙන එකක් නැහැ කියා මම හිතනවා. මෙම දානය දෙන පිලිවෙල මම ඉතාමත් ඉක්මනින් ගෙන එන්නම්. ඒ දානය දෙන්නට අධිෂ්ඨාන කරගෙන ගෙදර කැටයක් පටන් ගන්න. මේකැටය පුරවන්නේ ඒ තමා අතින් අවැඩක් අසාධාරණයක් වූ පිරිසට වන්දිගෙවීමක් වශයෙන් මේ දානය දීලා පින් අනුමෝදන් කරන්නටයි.ඒ නිසා මේකැටයේ ශතයක් වත් වෙන දේකට කැප නැහැ.

දැන් කවදා හරි මේ දානය දුන්නා කියමුකෝ. ඊට පස්සේ ලයවිරේකයක් කරන්නට දන්න වෙදමහතෙක් හමුවෙලා මේ ගැන කියලා විරේකයක් කරගන්න. බන්ධනය බිඳගන්න හැකි වේවි.

මම මේලිපිය ලිව්වේ ඉතාමත් හදිසියෙන් නිසා යම් යම් අඩුපාඩු ඇති. මම ඉදිරි දින කිහිපය තුලදී මේක නැවත සංස්කරණය කර ඔඉට ලැබෙන්නටසලස්වන්නම්.

මෙත් සිතිනි

 

Close Menu