ඇසට ව්‍යායාම මගින් පෙනීම. 03

50667348_810266409327847_2985869321537847296_nඅපි මින් පෙර ලිපියෙන් දැනගත්තා ඇසේ තිරස් අතට පිහිටා ඇති පේෂි වලට ශක්තියක් ගෙන එන්නට ව්‍යායාම කරන ආකාරය. අද අපි ඇසට සම්බන්ධ ඉතාමත් වැදගත් පේෂි දෙකක් වන OBLIQUE muscles දෙක ශක්තිමත් කරගන්නා ආකාරය බලමු.

‍මෙම පේෂි දෙක පිහිටා තිබෙන්නේ අක්ෂි ගෝලයේ ඉහලින් සහ පහලින් ඇස වටේට යන පටියක් ආකාරයෙන්. මෙම පේෂි දෙක සංකෝචනය වීම මගින් අක්ෂිගෝලයේ ගොලාකාර හැඩය වෙනස් වි දිග හැඩයක් ගන්නා බව වෛද්‍ය බේට්ස් පෙන්වා දුන්නා. ඒ අනුව අපේ ඇස කැමරාවක ලෙන්ස් එක වගේ නාභිය නිසි තැනට ගන්නට හැකිවන සේ හැඩය වෙනස් කරගන්නා බව සොයාගත්තා. මෙය හරියට බැලුමකට වතුට පුරවා මැදට පටියක් තබා ටික ටික තද කලාම එහි හැඩය වෙනස් වනවා වගේ කියා සිතාගන්නට පුලුවන්. මේ ක්‍රියාවලිය සදහා යොදා ගැනෙන OBLIQUE muscles දෙක ශක්තිමත් නැත්නම් අපිට යම් වස්තුවක රූපය ඇසේ නාභිගත කරගන්නට බැරි වෙනවා. ඒ නිසා එය නිවැරදි කරගන්නටයි ඇස්කන්නාඩි භාවිතා කරනනේ. ඇස් කන්ණාඩි නිරන්තරයෙන් භාවිතා කරන විට මෙම පේෂි දෙක භාවිතාවීම නවතින අතර මින් පෙර ලිපියේ කියුු ලෙසටම මාංශපේෂි වලට සපයන රුධිරය අඩුවේ. දෙවැනි ලිපිය කියවා තේරුම් ගන්න.

‍මේ වෙිදිහට දුර්වල වන පේෂිය අක්ෂි ගෝලය සංකෝචනය විම සිදු කරන්නට අවශ්‍ය ශක්තිය නැති වී යයි. මෙම තත්වය සුව අතට හරවා ගැනීමට මෙමපේශි වලට අවශ්‍ය ව්‍යායාම ලබා දිය යුතු වන අතර අදාල දුර්වල තාවයන් මගහරවා ගැනීමට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුය.

අපි මෙම පේෂි ශක්තිමත් කරගන්නට හැකි ව්‍යයාම කිහිපයක් ගැන සලකා බලමු.

මුලින්ම තම දැස් වසාගෙන හොද ගැඹුරු හුස්මක් ගෙන ඉන් තුනෙන් එකක කාලයක් තුල ආශ්වාස කල වාතය පිටතට හරින්න. මේ විදිහට විනාඩි දෙකක් පමණ කරන්න. දැන් දැස් විවර කර පොතක් අතට ගෙන පිටුවක් පෙරලා මේසයක් මත තබා පහත අයුරින් පොතේ එක් එක් කොටස් වලට ඇස යොමන්න.

  1. මුළු පිටු දෙකේම ඇති අකුරු එක ට ගන්න. තත්පර 20ක් පමණ සිටින්න.
  2. එක පිටුවකට ඇස යොමු කරන්න. තත්පර 20ක් පමණ සිටින්න.
  3. එම පිටුවේම එක ඡේදයක් දෙස ඇස යොමු කරන්න. තත්පර 20ක් පමණ සිටින්න.
  4. එම ඡේදයේ එක පේලියක් වෙත ඇස යොමු කරන්න. තත්පර 20ක් පමණ සිටින්න.
  5. එම පේලියේ එක වචනයක් වෙත ඇස යොමු කරන්න.. තත්පර 20ක් පමණ සිටින්න.
  6. එම වචනයේ එක අකුරක් වෙත ඇස යෙමු කරන්න. . තත්පර 20ක් පමණ සිටින්න.

දැන් මේ දෙයම ආපසු පිටුපසට කරන්න.

  1.  අවසානයට ඇස් යොමු කල අකුර දෙස. තත්පර 20ක් පමණ බලා සිටින්න.
  2. එමඅකුර සහිත වචනය දෙස තත්පර 20ක් පමණ බලා සිටින්න.

‍මේ අකාරයට අවසානයට පොතේ පිටු දෙක දෙස නැවත . තත්පර 20ක් පමණ සිටින්න. ‍මේ වන විට ඔබගේ ඇස් වලට යම් වේදනාවක්ද දැනෙන්නට හැකියි. මෙසේ අවසන් කල පසු තත්පර 20 ක්පමණ වේගයෙන් ඇස්පිල්ලම් ගසන්න. දැන් ටිකක් විවේක ගන්න. විනාඩි කිහිපයකින් නැවත වරක් මෙසේ කරන්න. උදේට විනාඩි 10 කුත් හවසට විනාඩි 10 කුත් මෙම ව්‍යායාමයකරන්න.

මේ විදිහට දින කිහිපයක් කර දෙවැනි ව්‍යයාමය කරන්න.

තමන්ගේ අතක මැද රේඛා දෙකක් කැපෙන තැනක් පෑනකින් ලකුණු කරන්න. දැන් අත නාසයේගැවෙන මට්ටමට එම අතගෙනැවිත් අත ටික ටික ඇස්දෙකෙන් ඈත් කරන්න. තම සම්පූර්ණ අත දිගහරින්නට තත්පර 8ක් පමණ ගත කරන්න. දැන් දුරට ගිය අතේ අර සලකුණ දෙස තත්පර 20ක් විතර බලා සිටින්න. දැන් නැවතත් එම අත නාසයේ ගැවෙන ම්ට්ටමට ගෙන එන්න. ඊටද තත්පර 8ක පමණ කාලයක්ගත කරන්න. මේ විදිහට විනාඩි 5ක් පමණ සිදු කර තත්පර 20ක් පමණ වේගයෙන් ඇසිපිය හෙලන්න. දැන් තමාගේ අත් දෙකෙන් ඇස් දෙක වසාගෙන සිටින්න. තමන්ගේ අත්ලේ මැද ඇස් කුහරයට සම්බන්ධ වන ලෙසට ඇස් වසා සිටින්න.

‍මේ ක්‍රියාවන්ට රේඛි සාස්ත්‍රයේ ඇති විශ්ව ශක්තිය යොදාගැනීමට හැකිනම් මෙම ව්‍යයාම වල අති විශාල ප්‍රගතියක් දැකිය හැකියි. ඒත් එම ක්‍රමවේදයන් මේවැනි මාධ්‍යයකින් කියා දෙන්නට නොහැකි විම ගැන මා කණගාටු වෙනවා. එහෙත් යම් ආකාරයකින් යම් ප්‍රමාණයකට හෝ විඩියෝවක් මගින් හෝ ගෙන එන්නට මම වෙර දරනවා.

දැන් අපි ලග පෙනීම සදහායි මේ ව්‍යයාමය කලේ. දැන් බලමු දුර පෙනීමට මේ ව්‍යයාමය කරන්නේ කෙසේද කියලා.

මුලින්ම ටිකක් ඈත පේන තැනකට යන්න. පෙර සේම දිග හුස්මක් ගෙන එම කාලයෙන් තුනෙන් එකක කාලයකදී එම හුස්ම හෙලන්න. මේ විදිහට තමන්ගේ අත් දෙකේ අත්ල අහසට විහිදුවමින් හොදින් හුස්ම ගන්න. විනාඩි පහක් පමණ මෙසේ සිදු කර ඔබගේ අත් දෙක රත් වන තුරු හොදින් පිරිමදින්න. ටික වේලාවක් සිදු කරනවිට ඔබට දැනේවි අත්දෙකේ යම් කාන්දම් ගතියක් ඇති බව. එසේ නොතේරේ නම් නැවතත් අත් දෙක පිරිමදින්න. ටි වේලාවකින් පසු අත් හෙමින් දෙපැත්තට කර බලන්න අර කාන්දම් ගතිය දැනෙනවාද කියලා. එසේ දැනෙනවා නම් දැන් අත්දෙකේ අත්ල මැද තමන්ගේ ඇස් මත පිහිටන සේ ඇස් වසා ගන්න. මෙසේ ඇස් වලට ඔබට විශ්ව ශක්තිය ලබාදිය හැකියි. ඔබ එම ශක්තිය විශ්වාස නොකරනවා නම් එම කොටස අත්හැර ඉතිරි කොටස් සිදු කරන්න.

දැන් මේ විදිහට විනාඩි තුනක් පමණ සිට හොදින් ඇස්පිය හෙලන්න. තත්පර 20 ක් පමණ වේගයෙන් ඇහිපිල්ලම් ගහන්න.

දැන් ඈත තියෙන විශාල ප්‍රදේශයකට දෙනෙත් යොමු කර තත්පර 20 ක් පමණ සිටින්න. එම කොටටස්ම ඊට වඩා භාගයක පමණ කොටසකට දැන් ඇස් යොමු කර පෙර සේම තත්පර 20 ක් සිටින්න. දැන් මේ විදිහට භාගයක් අඩු කර නැවතත් තමන් බලන ප්‍රෙද්ශය කුඩා කරන්න. අවසානයේ තමන් බලමින් සිටි අෑත පේනන ගසක් හෝ ගෙයක් හො තමන්කැමති තැනක ඉතාමත් කුඩා ප්‍රෙද්ශයකට ඇස යොමා සිටින්න. මෙයද තත්පර 20 ක් පමණ සිදුකර පෙර පරිදිම ආපසු ටික ටි තමන් නෙත් යොමන ප්‍රෙද්ශය වැඩි කරමින් තමන් පටන් ගත්ත ප්‍රදේශය පෙනෙන තෙක් තම දෙනෙත් යොමා සිටින්න. සෑම වාරයකම තත්පර 20ක් පමණ එක තැනක ඇස තබා ගන්න.

‍මේ විදිහට දවසකට වරක් විනාඩි 10ක් පමණ සිදු කරන්න.

පලමු ව්‍යායාමය හවසටද දෙවැනි ව්‍යයාමය දවල්ටද අත යොදාගෙන කරන ව්‍යයාමය තමන්ට කැමති ඉඩලද වෙලාවකද දිනපතා කරන්න. මේ විදිහට දවසකට විනාඩි 25 ක් පමණ සිදු කිරීම මගින් ඇසේ මාංශපේෂි වලට ව්‍යයාම ලබාදි අදාල පේශිවලට ලැබෙන රුධිරය වැඩිකල හැකිවේ. ඒ අනුව අදාල පේෂි නැවතත් වැඩ කරන්නට පටන් ගන්නා නිසා කන්නාඩියේ අවශ්‍යතාවය ටික ටික අඩුවේ. බොහෝ විට තමන් දැනට දාන කන්නාඩියට වඩා පවර් එක අඩු එකක් ගන්නට සිදුවේවි. එය ඇසේ වර්ධනයේ ප්‍රතිපලයකි. මේ ලෙසට ටික කාලයක් යන විට කන්නාඩි භාවිතය නතර කරන්නට හැකිවේවි.

‍දෙවැනි ලිපියේ ඇති ව්‍යයාම මුල් දින කිහිපය සිදු කර මෙම ව්‍යායාමද සිදු කරනන. දින කිිහපයකට පසු මේ ව්‍යයාම සියල්ල එක විට ඇස් වලට ලබා දෙන්න. ටික දිනක් යන තුරු ඇස් වල වේදනාවක්ඇතිවිය හැකිය. එසේ වන්නේ මාංශපේෂි නැවත වැඩ කරන නිසාවෙනි. එයට බිය විය යුතු නැත. ඇස් දෙක සිසිල් වන්නට අයිස් වතුරේ පෙගවු පුලුන්, පිපිඥ්ඤා පෙති වගේ දෙයක් භාවිතා කර සිසිල්කලාට කම් නැත. ටික දිනකින් මාංශ පේෂි ශක්තිමත් වූ පසු මෙම වේදනාව නැතිවී යනු ඇත.

50816702_810266389327849_6148335242882056192_n

පෝෂණය ඇසට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ඊලගට කතා කරමු.

ඔබට යම් පැණයක් පුද්ගලිකව ඉගෙන ගන්නට අවැසි නම්හෝ අන් අයත්සමග සාමූහිකව දැනුම බෙදාගන්නට කැමතිනම් පහත ලින්ක් එක භාවිතා කර මාගේ TELEGRAM ග්රූප් එක හා සම්බන්ධ වෙන්න. මෙම ඇප් එක මුලින්ම ඔබගේ දුරකතනයට බාගත කරගන්න.. මා හා සම්බන්ධ විමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

Close Menu