ඇසට ව්‍යායාම මගින් පෙනීම. 02

මිනිස් ඇසේ ප්‍රධානම කොටස වන අක්ෂි ගෝලයට සම්බන්ධ පේෂි 6ක් ඇත. ඉන් හතරක් ඇසේ හතර පැත්තේ තිරස් අතට සම්බන්ධ වී ඇති අතර එයට ඇස පස්සට අදින්නට හැකිය. එම පේෂි වල එක් එක් පේෂිය වැඩියෙන් සංකෝචනය වීම මගින් අදාල පේෂියේ පැත්තට ඇස හැරවේ. මෙය ඇස් දෙකේම එකවර සිදුවන අතර එය මොළයේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන්ම පාලනය කරයි. මේ නිසා එක් එක් පේෂිය ක්‍රමාණුකූලව සංකෝතනය කිරීමත් විරුද්ධ පැත්තේ පේෂිය ඉහිල් කිරීමත් මගින් ඇස වටේටම කරකැවිය හැකිය. නමුත් ඉතිරි පේෂි දෙක ඇත්තේ කුමකටද? ඇස කරකවන්නට නම් මුලින් කී තිරස් අතට ඇති පේෂි හතර පමණක් තිබීම සෑහේ. නමුත් මේ සිරස් අතට ඇති පේෂිය මගින් කුමණ කර්තව්‍ය්‍යක් කරයිද?

බැළුමකට වතුර පුරවා අතේ තබා ගෙන මැදින් පටියකින් වෙලා ටිකක් තද කලොත් කුමක් වේවිද? බැලුමේ ෂේප් එක වෙනස් වෙනවා නේද? ෆුට් බෝලයක් සේ තිබුන බැලුම දැන් රගර් පන්දුවක් වගේ වෙනවා නේද? ඇසට එවැනි යාන්ත්‍රනයක් කුමටද? ඇසේ තිබිය යුත්තේ ගෝලාකාර හැඩයක් නම් මෙවැනි පේෂි දෙකක් අක්ෂිගෝලය වටා පිහිටියේ ඇයි. මා පසුගිය ලිපියෙන් ගෙන ආ අදාල වෛද්‍ය වරයා වන වෛද්‍ය බේට්ස්ගේ මතය වුයේ අපේ ඇසේ නාභිය මත වැටෙන ප්‍රතිබිම්භය එතන හරියට නාභිගත නොවන්නේ නම් අක්ෂි ගෝලයට පිටින් සිරස්ව පිහිටන පේෂි දෙක සංකෝචනය වී හෝ ඉහිල් වී කැමරාවක ලෙන්ස් එක සේ අදාල ප්‍රතිබිම්බය නාභිගත කරගන්නා බවය. නමුත් යම් හේතුවක් නිසා මේ දේ කරගන්නට නොහැකි වීම පෙනීම දුර්වල වීමට ප්‍රධානම හේතුව වේ. එසේ දුර්වල නොවුනා නම් කැමරාවක ලෙන්ස් එක ඉස්සරහට පස්සට කර ෆෝකස් කරගන්නවා වගේ ඇස මත පතිත වන රූපයේ ප්‍රතිබිම්බයද නිසි තැනට පතිත කරගන්නට ඇසේ පේෂි ඉහිල්වී සංකෝචනය වි මග පාදා දෙයි.

මේ පේෂි දුර්වල වීම නිසා ඇසේ නාභිගත කරගැනීම අපහසු වන නිසා අදාල පේෂි එලෙසම තිබියදී දැනට නාභිගත කල යුතු ස්ථානයට ආලෝක කදම්බය නාභිගත කරන්නට හැකි වන ලෙස පිටතින් කාචයක් සවිකර ඇලෝකය ඇසට වැටෙන්නට සැලැසිවීම කණ්නාඩි පැලදීමේ ක්‍රමයයි. එයින්ද ඇස් පෙනිම ලැබෙන බව අපි අත්දැකීමෙන් දනිමු. නමුත් කාලයක් යන විට කණ්නාඩියේ පවර් එක වැඩි කල යුතු බවත් ඔබ දන්නා කාරණයකි. එයට හේතුව කුම්ක්ද? අදාල පේෂි ක්‍රියාකාරි නොවන නිසා පේෂි වලට රුධිරය සැපයීම නවතී. යම් කෙනෙකුට අංශ භාගය සැදුනු පසු එක පැත්තක් පන නැති වෙනවා ඔබ දැක ඇති. මේ පැත්ත කාලයක් යන විට කෙට්ටු වෙන්නට හේතුව ඔබ දන්නවාද? එම පැත්තෙන් වැඩ ගන්නේ නැති නිසා මොලය එම පැත්තට රුධිරය සැයයුම අඩු කිරීම නිසා පෝෂණය නැතිවීම ඊට හේතුවයි. දැන් ඇසටද මේ මුලධර්මයම යොදා බලන්න. ඔබ හිතන්නේ ඇසට පෝෂනය ලැබීම නවතින එකක් නැහැ කියලාද? තම ණුවනින්ම විමසා බලා තීරණය කරන්න. ඔබට හිතෙනවා නම් නැහැ එහෙම වෙන්න බැහැ කියලා ඔබ සිටින මතයේ සිටින්නට කිසිම බාදාවක් නැත. මා සිදුකරන්නේ ඔබට සිතන්නට යමක් ඉතිරි කිරීම පමණි.

දිය වැඩියාව තියෙන කෙනෙකුට ව්‍යායාම කරන්නට කියන්නේ ඇයි. දියවැඩියාව දෙවන වර්ගය ඇති අයගේ ලේ වල ග්ලූකෝස් තිබුනත්, ඉන්සියුලින් තිබුනත් සෛල වලට ග්ලූකෝස් ඇතුලත් කරගැනීම සිදු නොවේ. නමුත් ව්‍යයාම කිරීම මගින් සෛල ඇතුලත ඇති ග්ලූකෝස් දහනය කරන නිසා අදාල අඩුපාඩුව සපුරාලන්නට රුධිරයේ ඇති ගලූකෝස් සෛල ඇතුලට ගමන් කරයි. මේ විදිහට රිුධිරයේ ඇති යම් ග්ලූකෝස් ප්‍රමාණයක් සෛල ඇතුලට ගමන් කරයි. දැන් රුධිරයේ ග්ලූකෝස් අඩුවි යම් සහනයක් රෝගියාට ගෙන දේ. නමුත් එය තාවකාලික බව කිව යුතුය. මා හාට මෙහිදි කියන්නට වුවමනා වුයේ ඇසේ මාංශ පේෂි ක්‍රියාත්මක නොවේනම් දිය වැඩියාව ඇති කෙනෙකුට ඇසේ රුධිර නාල වල ඇති ග්ලූකෝස් අඩු කරගන්නට නොහැකි වෙයි. මේ නිසාම දියවැඩියාව ඇති කෙනෙකුට ඇස් පෙනිම දුර්වල වීම සිදුවේ. මේ නිසා ඉන් මිදීමටද මෙම ව්‍යයාම කිරීම උචිතය.

ඇසේ රුධිර නාල දුර්වල වීම සහ මෙම පේෂි ක්‍රියාත්මක වන්නේ නැතැයි කියන සංඥාව මොලයට සැපයීම නිසා ඇසට සපයන රුධීරය එන්න එන්නම අඩුවේ. මේනිසා ඇස පෝෂණය කිරීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ඇසට සැපයීමද අඩුවේ. මේ අනුව අක්ෂි රෝග ගණනාවක් හටගනී..ඇසේ සුද සිට ග්ලූකෝමා දක්වා රෝග මේ හේතුවෙන් හටගනී.

ව්‍යායාම කරන ආකාරය.

පහත පින්තූරයේ ඇති ආකාරයට ඇසට වයායාම ලබා දෙන්න. දිනකට දෙවතාවක්වත් එක වරකට විනාඩි 10 බැගින් මෙම ව්‍යායාම කරන්න. පලමු දින කිහිපය ඇසේ වේදනාවක් දැනේවි. කාලෙකට පස්සේ පිට්ටනියට ගොස් සෙල්ලම් කලාම එන වේදනාව දන්නා අයට මේ වෙදනාව සුබාදායක බව කිව යුතුය. දින කිහිපයක් සෙල්ලම් කරන විට ඒ වේදනාව පහව යව බව ඔබ දන්නවා ඇති.

හැකි සෑම විටම කන්ණාඩි භාවිතයෙන් වැලකී ස්වභාවිකව පරිසරය සමග ගණුදෙනු කරන්න.

‍මෙම ක්‍රියාවලියට රේඛි සාස්ත්‍රයට අනුව තමන්ටම සිදු කරගත හැකි හිලිං ක්‍රමයක් ඇති අතර ඒ ක්‍රමයද සමග මෙම ව්‍යායාම සිදු කිරීම තුලින් ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ලබා ගත හැකි වුවත් ඒවා මෙවැනි මාද්‍යයක පල කරන්නට නොහැකි වීම ගැන කණගාටු වෙමි. ඉදිරියේදී මෙම ක්‍රමවේදයන් පුද්ගලිකව විඩියෝ මගින් පෙනවීමට කටයුතු කරන්නම්. රේඛී වැනි විශයක් මෙවැනි මාද්‍යයකින් ඉගැන්වීම සුදුසු නොවීම ගැන මාගේ කණගාටුව ප්‍රකාෂ කරමි.

ව්‍යයාම කරන අතර තුර අපි සිදුකරන්නට අවශ්‍ය ඉතාමත් වැදගත් කාරණය නම් ඇසට ලබාදිය යුතු වන පෝෂණය නොඅඩුව ලබා දීමයි. මේගැන අපි ඊලග ලිපියෙන් දැනුවත් වෙමු. පහත රූපයේ හැටියට දැනට ව්‍යායාම කරන්න.

පහත පින්තුරයේ සිටින්නේ මෙම ක්‍රමවේදය ලොවට ඉදිරිපත් කල වෛද්‍ය විලියම් බේට්ස්ය.

පුද්ගිලිකව ප්‍රශ්න අහනවා නම් මේ ගෘප් එකට සම්බන්ධ වෙන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පහත දැක්වෙන ලින්ක් එක භාවිතා කරන්න

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *