ආතරයිටිස් (සන්ධි ප්‍රදාහය)

ආතරයිටිස් (සන්ධි ප්‍රදාහය)

ආතරයිටිස්…….

මම මෙවැනි ලිපි වලින් බලාපොරොත්තු වෙන්නේ ඔබ සිටින වැරදි මතයෙන් ඔබව මුදවාලන්නයි. ඔබට එය වැටහුනානම් තව කෙනෙක් දැනුවත් කරන්න. ෂෙයාර් කර මතයක් ගොඩ නගන්නට උර දෙන්න. අද දවසේ තව කෙනෙකුට සේවයක් කලා කියා සැනසෙන්නට හැකිවේවි…….

මොකක්ද මේ ආතරයිටිස් කියන්නේ. සිංහලෙන් නම් හන්දිපත් රුදාව කියනවා. රුදාව කියන්නෙ වේදනාව කියන එකටනේ. ආතරයිටිස් කියන වචනය හැදිලා තියෙන්නේත් මේ වගේම වචන දෙකක් එකතු වෙලාම තමයි. ඒ ලතින් භාෂාවෙන්.

Arthro = Joint = සන්ධි
Itis = Inflammation = ප්‍රදාහය

මේ විදිහට බැලුවම සන්ධි ප්‍රදාහය කිව්වත් හරි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් මේ රෝගයට කරන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා.

1. Pain Killers.
2. Anti-inflammatory drugs
3. Surgery.

යම් කලක් යන විට නැවත තත්වය උද්ගත වුව හොත් එවිට දෙන්නට ඇත්තේ තවත් ප්‍රතිකාර තුනකි.

4. Pain Killers.
5. Anti-inflammatory drugs
6. Surgery.

ආ ඒකමයි නේද? කමක් නැහැ. වේදනාව අඩුවෙනවානේ.

මේ අනුව රොගියාගේ ප්‍රදාහය කළමනාකරණය කරන ක්‍රමයක් තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගය සුව කල නොහැකි බවත් කලමණාකරනය කල හැකි බවත් පවසනවා. නමුත් හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම වලට අනුව මෙම රෝගය සුව කල හැකිය. ඒ සදහා ස්වභාවික ක්‍රමවේද ගණනාවක් ඇත.

මෙම ලිපිය ඉතාමත් ඉවසීමෙන් කියවා තම රෝගී තත්වය සුවපත් කරගන්නට පාර එලි පෙහෙලි කරගන්නා ලෙසට මම මේ කියවන ඔබගෙන් මුලින්ම ඉල්ලා සිටිමි.

අාතරයිටිස් වර්ග ගණනාවක් ඇත.
ඔස්ටියෝ ආතරයිටිස්
රුමෙටොයිඩ් ආතරයිටිස්
ටෘමැටික් ආතරයිටිස් ආදී වශයෙනි.

මේ කුමක් වුවත් අවසානයේ මේ වේදනාවට හේතුව පෝෂණ ඌණතාවයකි. අපි ඊට පිලියම් යෙදීමෙන් අදාල තත්වය පහව යයි. මෙය ජාන වල බලපෑමකින් ඇති වන එකක් ලෙසට බොහෝ දෙනෙක් තුල කුකුසක් ඇත. අපි ඒ ගැනත් ටිකක් සොයා බලමු. අපිට දත්ත ගන්නට වෙන්නේ අපිට බෙහෙත් විකුණන අයගෙන්ම වීම සරදමට කුරුණක් වගේ තමයි දැනෙන්නේ. කෙසේ වෙතත් අපිට දත්ත ගන්න වෙන්නේ ඇමෙරිකාවෙන්. මෙකද අපිට ලංකාවේ දත්ත ගන්න ක්‍රමයක් නැති නිසා.

ඇමෙරිකාවේ මේ වන විට ආතරයිටිස් රෝගීන් මිලියන 46 ක් සිටිනවා. ඔවුන් 2030 වන විට වයස 18 ට වැඩි ජනතාවගෙන් මිලියන 67 කට ආතරයිටිස් රෝගීන් බව පුරෝකතනය කර තිබෙනවා. ඒ කියන්නේ වයස 65 වන විට ඇමෙරිකාවේ මුළු ජනතාවගෙන් 65% කට ආතරයිටිස් තියෙනවා. මේක දිට්ඨදම්ම වේදනීය කර්මයක්ද මන්දා.

කොහොම වුනත් ආතරයිටිස් තත්වය එන්න එන්නම වැඩිවන බව නම් සැබෑය. එය දැන් අපිටත් එලි පිටම පෙනෙන්නට තිබේ. චාල්ස් ඩාවින් කියපු විදිහට නම් ජාන ගතව එන පරිසරයට නෙැගැලපෙන ජාන ටිකෙන් ටික අපෙන් ඉවත් වෙනවා. නමුත් දැන් වෙන්නේ අනෙක් පැත්ත. ඒ කියන්නේ මේක ජාන වලින් එන රෝගයක් නොවෙයි. නැතිනම් චාල්ස් ඩාවින් කියලා තියෙන්නේ බොරු. මේ දෙකෙන් එකක් විය යුතුයි. කුමක් හරි දැයි ඔබලාම තීරණය කරන්න.

ආතරයිටිස් තියෙන අය කියන කතාවක් තමයි මම ගොඩක් වෙලා හිටගෙන ඉන්නවා අනේ ඒ නිසා මට ආතරයිටිස්. මගේ ඇගත් බරයිනේ.. හරි වැඩේ තමයි. දැන් ඉතිං ලෝකේ ඉන්න අලින් ආතරයිටිස් රෝගී අලි වෙන්න ඕනි. වන ජීවී කට්ටියට මේකට වෙදකම් කරනවා ඇර වෙන වැඩක් නැහැ ඉතිං. මොකද අලියා අච්චර බරක් අර කකුල් හතරෙන් උස්සං ඉන්නවානේ. දැං කියයිද දන්නේ නැහැ අලියට හතරක් තියෙනවා නේ අපිට දෙකයිනේ කියලා. කමක් නැහැ ඒ අය පේන් කිලර් ටිකක් බීලා සුව වෙන්න. මේ කියන්නේ අනිත් අයට.

තවත් කට්ටියක් කියනවා මම ගොඩක් ස්පෝර්ට්ස් කලා ඒ නිසා දැන් ජොයින්ට්ස් ගෙවිලා කියලා. ඒ අයටත් මතක් කරලා දෙන්න වෙන්නේ චීටා වගේ සතෙක් ගැනතමයි. තරහා වෙන්න එපා. ඒ සතාගේ තරමටවත් මොලේ තිබුනා නම් කියලා හිතෙනවා.
‍මේ අය කරන්නේ මොකක්ද ලක්ෂ ගණන් වියදම් කරලා එක්කෝ ජොයින්ට් එක අළුතෙන් දාගන්න බලනවා නැත්නම් අර වෙලේ සුදාද මොකක්ද තෙල් වගයක් තියෙන්නේ ඒවා ගානවා. අපි මේ කියන්න හදන්නේ වෙනම දෙයක් ඒ නිසා ඒ මානසිකත්වයෙන් මිදිලා ඉමු.

ආතරයිටිස් කියන්නේ ප්‍රධාන වශයෙන්ම සන්ධි වල සම්බන්ධක පඨක ගෙවී යාමයි. ඒ කියන්නේ මොකක්ද? ඔව් ඔව් ඔයාගේ හිතේ තියෙන එකම තමයි. අපි බයිසිකලේට ටයර් එකක් දාගත්තම ඒක කාලයක් යනවිට ගෙවෙනවා නේ. ඉතිං අපිට මේක දැං මාරු කරන්න වෙනවා. ඉතිං අපිත් දැන් මේවා මාරු කරන්න සැත්කම් කරනවා. හරිනෙ නේද කරන වැඩේ. අනේ දෙයියනේ මේක එහෙම මාරු කරන එකක් නෙවෙයි. මේක අද ගෙවෙනවා නම් අදම අළුත් වැඩියා කරන්න ඕනි. මේවා කාලයක් ගිහින් මාරු කරන සිරිතක් නැහැ. අපේ ශරීරයේ ඉන්නවා මේවා අළුතෙන් නිපදවන කෙනෙක්. එයා සැමදාම මේ සම්බන්ධක පටක අළුතෙන් නිපදවනවා. ඉතිං ගෙවෙන ඒවා අයින් වෙනවා, අළුත් ඒවා ඇවිල්ලා තැන්පත් වෙනවා. නැතිව කාලයක් ගිහිල්ලා අළුත් එකක් දාන සිරිතක් නැහැ.

දැන් මේක අළුත් කරගන්න අපි මොනවද කරන්න ඕනි.
1. අළත් වැඩියා කරන කෙනාට අවශ්‍ය ආම්පන්න, අමුද්‍රව්‍ය සපයන්න ඕනි.
2. අළුත්වැඩියා කරන කෙනාට ඒක කරන්නට වෙලාව දෙන්න ඕනි.
3. අළුත් වැඩියා කරන කෙනාට හොදට ගෙවන්න ඕනි. මොකද නැත්නම් බාගෙටනෙ වැඩේ කෙරන්නේ.
4. අළුත් වැඩියා කරන තැනට අවශ්‍ය පහසුකම් සකසලා දෙන්න ඕනි.
5. අළුත් වැඩියා කරලා ඉවරවෙනකම් ඉවසන්න පුලුවන් වෙන්න ඕනි. නැත්නම් ඒත් බාගෙට තමයි.
6. අළුත් වැඩියා කරන කෙනාට අනවශ්‍ය කරදර කරන අය ඇතුල්වීම වලක්වන්න ඕනි.

මුලින්ම අවශ්‍ය කළමණා දෙන්න ඕනි. ඒ කොහොමද? අපි අපේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් දින පතා ලබා දිය යුතුයි. මෙය රෝගී අය නිරොගී වන්නටත් නිරෝගී අය රෝගී නොවී සිටින්නටත් ඇති එකම ක්‍රමයයි.

දෙවැනුව අපේ නිශ්පාදනාගාරය කඩා බිද දමන විනාෂකාරී දේවල් සිරුරට ඇතුල් කිරීමෙන් වැලකී සිටිය යුතුය.

තුන් වැනුව. අපේ සිරුරේ ඇති මේ නිශ්පාදනාගාරයට මෙම කාර්‍ය්‍ය කරගන්නට ඉඩසැලසිය යුතුය.

ඉතිරි හරිය සිරුර බලා ගනීවි. මේ ටික කලානම් ආතරයිටිස් සුව වෙනවා. මොකද කියන්නේ කරන්න පුලුවන් වෙයිද?

මොනවද මේ සම්බන්ධක පඨක.

කාටිලේජ, ලිගමන්ටස්, ටෙන්ඩන්ස්. මේ තුන තමයි අපේ 206 ක් වන අස්ථිපංජරය එකට බැදලා තියෙන්නේ. දොරක සරනේරුවක් තෙල් ටිකක් දාන්නේ නැතිව කලක් පාවිච්චි කලාම කිර කිර ගානව නේද? ඉතිං අපිට මේක කලක් බලා ඉන්න බැහැ. මේවා ගෙවෙන කොට දිනපතා හදාගන්න වෙනවා. අපගේ මේ සම්බන්ධක පටක නිපදවන කර්මාන්ත ශාලාව තමයි අක්මාව. අක්මාවට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්න වෙනවා මේ දේවල් හදන්න. මේවා හදන්න අවශ්‍ය වෙන කලමනා තමයි Chondroitin sulfate, Glucosamine sulfate, Hyaluronic acid මේවා අපගේ අක්මාවේ නිපදවිය හැකි අතර අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුය. ඒවා නම් විටමින්, මිනරල්, ඇමයිනෝ අම්ල සහ මේද අම්ලයි. මේවා වෙන වෙන් වශයෙන් ගතහොත් අනු එකක් වේ. මේ ගැන මා මින් ඉහත වෙනම ලිපියක් ලියා ඇති නිසා මෙතන ඒ ගැන සටහන් නොකරමි. ඒ ලිපියද කියවා බලන්න. අපි ඒ පෝෂ්‍ය කොටස් නිසි ලෙස ලබා දෙනවා නම් අපගේ අක්මාව මෙම තතවය මනාව පාලනය කාරගනී. දිනපතා ගෙවෙන කොටස් දිනපතා අළුතෙන් නිපදවයි. ඉතිං එවැනි අයට සන්ධි වේදනාවන් නැත. අපේ ආච්චිලා සීයලා වසර 80 ට එහා කිසිදු සන්ධි වේදනාවක් නැතිව ජීවත් වූයේ මේ නිසාය. එදා අපි ගත් ආහාර වල තිබුනු පෝෂ්‍ය ගුණය නිසා අපේ අක්මාව කිසිදු කරදරයකින් තොරව තම කාර්‍ය්‍ය කරන ලදී.

දැන් අපි බලමු ආතරයිටිස් සහ කැල්සියම් අතර ඇති සම්බන්ධතාවය කුමක්ද කියලා. අස්ථි වලට කැල්සියම් අවශ්‍ය වුනත් අස්ථි සම්බන්ධ කරන්නට කැල්සියම් අවශ්‍ය නැත. එසේ නම් කැල්සියම් නැතිව මේ වැඩේ කරන්න බැරිද. බැහැ. මොකද කැල්සියම් නැති වුනාම අස්ථී දුර්වල වෙනවා. එවිට අස්ථියේ පිටත ඇති ස්ථරයට සම්බන්ධවී ඇත් කාටිලේජ, ලිගමන්ට්ස්, ටෙන්ඩන්ස් වගේ පටක අස්ථිය සමග ඇති සම්බන්ධතාවය දුර්වල වෙනවා. මේ නිසා අදාල පඨක දුර්වල වෙනවා. අන් ඒ වගේ අයට තමයි හිටගෙන ඉන්න අමාරු. බැලන්ස් කරගන්න අමාරු. මොකද දැන් මේවා එහාට මෙහාට ඇදෙනවා. අපි අර පෙර කතා කලේ කකුලේ විළුඹේ ඇතිවෙන වේදනාව සහ සෙරෙප්පුවේ පැත්ත ගෙවෙන කතාව. ඒවා කියවලා බලන්න. අපි ඒ තැන් වල මේවා කතා කලා. ඒ ටික මෙතන කියන්න ගියෙත් දිග වැඩි වෙනවා.

දැන් ඉතිං කැල්සියම්. විටමින් ඩී. විටමින් සී වගේ ඒවත් යහමින් දෙන්න වෙනවා. මොකද එරියස් කවර් කරනනත් එපැයි. ඒත් කරුමේ කියන්නේ මේ අයගේ වකුගඩු වලත් ප්‍රශ්න නිසා කැල්සියම් ගන්න එපා කියලා තියෙන්නේ. ඒ ගැන අපි ලගදීම කතා කරන්න හිතාගෙන ඉන්නවා. කොහොම හරි කැල්සියම් නම් ආහාරයට ගන්න වෙනවා. අපි කැල්සියම් පෙත්තක් හදාගන්න හැටිත් කලින් කතා කලා. ඒ ලිපි බලලා ඒවා හදාගන්න.

තවත් දේවල් දෙන්න වෙනවා. ඒ මොනවාද?
අපිට හැකිනම් Fucoidan නැමති පොලිසැකරයිඩය අපගේ ශරීරයට ලබා දෙන්නට අපිට හැකි වෙනවා අපගේ සිරුරේ ඇති ස්ටෙම් සෛල සක්‍රීය කර කාටිලේජ සෛල නිපදවා ගැනීමට. මේ නිසා අපි කරන්නේ ඇල්ගී වලින් සාදන ලද සප්ලිමන්ට භාවිතා කිරීමයි. එවිට කාටිාලේජ සහ අනෙකුත් සම්බන්ධක පටක නිපදවීම ආරම්භ කරනවා. ඉතිං රෝගය සුව වීම ඉක්මන් වෙනවා. මේ කතා කල සියලුම දේවල් අඩංගු ආහාර අපි සොයා ගත යුතුයි. Fucoidan නම් අත්‍යවශ්‍ය නැහැ. නමුත් රෝගයකින් පීඩා විදින කෙනෙකුට ඉක්මනින් සුව කරගැනීමට එය උපකාරීවෙනවා. එසේම chlorella growth factor කියන සංඝඨකය අපි ශාක වලින් ලබා ගත යුතු වෙනවා. දැනට රෝගය තියෙන කෙනෙකුට මේ දෙවර්ගය ලබා ගැනීමට පහසුම මගක් තමයි Vitae Gene PPARs.

දැන් අපි මේ කාර්‍ය්‍ය කරන කෙනාට ඒක කරන්නට වෙලාව දෙන්න ඕනි. ඒ නිසා අපි රාත්‍රී 10 ට කලින් නිදාගන්න ඕනි. එවිට අක්මාව අපේ වැඩේ ගානට කරලා දෙයි. මොකද අක්මාව රාත්‍රී 11 සිට පාන්දර 2 වෙනකම් තමයි විශ හරණ ක්‍රියාවලිය සිදු කරන්නේ. දවල්ට කන ආහාර වල තියෙන විෂ අක්මාව මේ වෙලාවේ ඉවත් කරනවා. ඒකට සල්ෆර් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඉතිං අපි සල්ෆර් සහිත ආහාර ගත්තේ නැත්නම් ඒ වැඩේ කරගන්නත් බැහැ. මතකද අපිකතා කලා සම්බන්ධකපටක හදන්න අවශය ද්‍රව්‍ය තුනක් ඒ තුනෙන් දෙකක්ම සල්ෆේට් නේද? ඒකටත් සල්ෆර් අවශයයි. ඉතිං අපි සල්ෆර් තියෙන ආහාර කන්න ඕනි. මොනවද ඒ ආහාර. ගෝවා, නෝකෝල්, රාබු, කෝලිෆ්ලවර්, බ්‍රොකොලි මේ වගේ ඒව වල සල්ෆර් තියෙනවා. දන්නවා නේද මේවා කුණු වුනාම එන ගද. ඒ සල්ෆර් තියෙන බවට සාක්ෂියක්.

දැන් අපි කිව්වා අළුත් වැඩියා කරන කෙනාට හොදට ගෙවන්න ඕනි කියලා. අපි කොහොමද එයාට ගෙවන්නේ. මොකද සල්ලි දෙන්න කියලද? අක්මාව හරිම ආසයි තිත්ත සහිත කොළ වර්ග වලට. මේ නිසා හැකි තරම් කොළ කන්න. අපි නම් සිංගප්පූරුවේ කරන ක්‍රමයක් තියෙනවා වසරකට සැරයක් අක්මාවට නිවාඩු දීලා කරන ක්ලෙන්ස් එකක්. ඒක කලාම අක්මාව නියම විදිහට වැඩ කරනවා. මම ඒක ඉක්මනටම දාන්නනම්. මෙතන ලියන්න ගියොත් දිග වැඩි වෙනවා.

අළුත් වැඩියා කරන තැනට අවශ්‍ය ආම්පන්න දෙන්න ඕනි කියලා කිව්වා. ඒකට තමයි අපි පත්තු බදින්නේ, තෙල් ගාන්නේ. තවන්නේ. මොකද අපි ඒ ක්‍රමවලින් අදාල ස්ථානයේ සම්බන්ධක පටක නැවත හදන්නට අවශ්‍ය වාතාවරනය සදා දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊට අවශ්‍ය මානසික ශක්තිය ලබා දිය යුතුයි. තමන් සසරේ යම් කර්මයක් කර ඇත්නම් එය නිවාරණය කරගන්නට කුසල කර්ම කල යුතුයි. අපි මේවා ඇති තරම් කතා කරලා තියෙනවා. ඒ ලිපි බලන්න.

දැන් ඉතිං ටිකක් ඉවසන්න පුරුදු වෙන්න ඕනි. මොකද මේ තත්වය දවසින් දෙකින් හැදුන එකක් නෙවෙයි. වසර ගණනාවක් තුල සිදුවුනු දෙයක්. ඉතිං දවසිං දෙකෙන් මේක හරියන්නේ නැහැනේ කියලා වෙදකමට පිටුපානවා නම් ඉතිං කරුමේ තමයි කියලා හිතාගන්න වෙනවා. බටහිර වෙදකම කරන්නේ වේදනාව සමණය කරන එක. ඒ මහත්තුරු ඒක දන්නවා. ඒත් ඉල්ලුමට සැපයුම දෙනවා. ඉතිං අපේ කට්ටියත් හරි අගේට ජීවිත කාලයේම පෙත් ගිලිනවා. මාස තුනක් සිංහල බෙහෙත් බොන්න කැමති නැහැ. ඒ නිසා මේ කාරණාවත් ඉතාමත් වැදගත්.

දැන්තමයි බරපතලම කතාව. අපේ අක්මාව දුර්වල වුනේ ඇයි. අන්න ඒ ප්‍රශ්නයට විසදුම සොයාගෙන මිස මේ වේදනාව සුව කරගන්නට නම් බැහැ. අකමැත්තෙන් වුවත් ඒ ටික කතා කල යුතුම වෙනවා.

අකක්මාවට වින කරන පලමු කාරණය තමයි වේදනා නාශක. වේදනා නාශක නිසා අක්මාව එන්න එන්නම දුර්වල වෙනවා. අපිට ඕනිම කඩේකින් මේ දේවල් ගන්න පුලුවන් නේ. ඉතිං මොන කැක්කුම ආවත් මාත්‍රාවක් දන්නෙත් නැහැ ගිළ දානවා. අපි ඉදිරියේදී වේදනා නාශක වලින් සිදුවන හානිය ගැන කතා කරමු. දැනට එයින් යම් හානියක් වෙනවා කියන එක විතරක් හැකිනම් තේරුම් ගන්න.

දෙවැන්න තමයි මත්වතුර. අක්මාව ඉතාමත් අසරණ වෙන තැනක් තමයි මේ මත් පැන් පානය කිරීම. එයා සියළු වැඩ නතර කරලා මේ පහරලා යන ටික සුද්ධ කරන්න ඕනි. ඉතිං කොහෙද සම්බන්ධක පටක හදන්න වෙලාවක්. එය ඉතාමත් භයානක තත්වයක්.

තුන් වැනි කාරණය තමයි, අපි කන ආහාර වල ඇති ග්ලූටන් නිසා පෝෂණය අවශෝෂනය කරගන්නට බැරි වීම. අපි මොනා දුන්නත් වැඩක් නැහැනේ ග්ලූටන් නිසා අංගුලිකා විනාශ වෙලානම්. ඉතිං මුලින්ම ග්ලූටන් කන එක නතර කරලා වසර දෙකක්වත් ඉන්න වෙනවා. ආපහු යතා තත්වයට ගන්න.
ග්ලූටන් තියෙන ආහාර තමයි
පාන්පිටි (14% ක් ග්ලූටන් සහිතයි),
රයි,
බාර්ලි,
ඕට්ස්.
මේවා කන එක සපුරා නතර කරන්න මේ රෝගය ඇති සහ නැති අය. මේවායින්ද විශේෂයෙන්ම පාන්පිටි කියෙන්නේ ඉතිමත් දරුණු ගණයේ ආහාරයක්.

හතරවන කරුණ තමයි ගැඹුරු තෙලේ බදින ඒවා කන්න එපා. ඇයි ඒ. කොලෙස්ටරෝල් නිසාද? නැහැ. එහෙම එකක් නෙවෙයි. ආහාරයක් අංශක 100 ට එහා රත් කරලා කන එක හොද නැහැ. මේ ගැන මේ වන විට බොහෝ පරීක්ෂණ වාර්ථා එලි දක්වලා තියෙනවා. ඒත් ජනතාව දැනුත් නැහැ. මොකද මේවා ජනතාව අතරට ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ. ආහාරයක් මෙසේ රත් වන විට ඒ ආහාර වල හැදෙනවා Acrylamide කියලා විෂ රසායනිකයක්. මේවා හැදෙන්නේ අංශක 120 ක්විතර රත් කරනවිට. මේ නිසා අපි කිරි හෝ වතුර සමග කෑමක් පිසින විට මේ තත්වය බලපාන්නේ නැහැ. මොකද කිරි හෝ වතුර අංශක 120ට වඩා රත් කරන්න බැහැ. නමුත් ගැඹුරු තෙල් වල බදින විට ඒ තෙල් අංශක 300කට එහා රත්වෙනවා. ඉතිං ඒ රත්වීම නිසා ආහාරයට විශාල Acrylamide ප්‍රමාණයක් එක් වෙනවා. මේ Acrylamide කියන විෂ කොටස සිරුරේ පිලිකා හැදෙන්නටත් හේතු වෙනවා. විශේෂයෙන් අක්මාවේ ක්‍රියාවලිය සිදු කරගන්නට මෙය බාධාවක් වෙනවා.

දැන් හිතලා බලන්න මැක්ඩොනල්ඩ්, කේ, එෆ් සී වගේ තැන් වලින් ඔබ ගැබිණි වමු වරුන්ටත් කෑම ගෙනියනවා නේද? දැන් ගැබිනි මව්වරුන්ට දොලදුකට ඉල්ලන්නෙත් මැක්ඩොනල්ඩ්. අනේ අර කිරිසප්පයා. උපදින්නෙත් ආබාධ සහිතව. කාගේ වරදද? ටිකක් නිවිහැනහිල්ලේ හිතන්න. සමහර රටවල ෆෙන්ච් ෆ්‍රයිස් තහනම්. අන්තර්ජාලයෙන් සොයාගන්න.

මේ වගේ අපගේ සිරුරට හානි කරන හේතු කරණා බොහොමයක් තියෙනවා. මම මූලික කරුණු ටික කියන්නම්. නැත්නම් මේක බොහෝම දිග වෙනවා.

නයිට්රේට් සදහන් කියලා යම් කෘතිම මස් වර්ගයක ලේබලයේ ගහලා තිබුනොත් ඒවා කන්න එපා. මොකද ඒක පිලිකා කාරකයක මුල.

කෙලින්ම ගින්දරට අල්ලලා පිසින ආහාර කන්න එපා. බාබකියු වගේ ඒවා. දැන් අහයිද දන්නේ නැහැ වැදිජනතාව මස් පුච්චලා කෑවේ කොහොමද කියලා – එකත් හොද තර්කයක්තමයි. ඒත් ඒ කට්ටිය මස් ටික කල් තබා ගත්තේ පුච්චලා මීපැණි වල දාල. එතකොට අර විෂ මැකෙනවා.

ඊලගට කාබනේටඩ් බීම බොන්න එපා. එය ආමාශයේ ආහාර ජීරණය දුර්වල කරනවා.

මේ විදිහට අක්මාවට වද දෙන්නේ නැතිව අක්මාවේ කාර්‍ය්‍ය නිසි ලෙස කරගන්නට ඉඩ හැරියහොත් ඔබට ආතරයිටිස් හැදෙන්නට හේතු නැහැ. රුමෙටොයිඩ් ආතරයිටිස් වුනත් මේ විදිහට සුව කල හැකියි. එසේ නෙැහැකි යැයි සැකයක් ඇත්නම් පුද්ගලිකව මට කතා කලත් කමක් නැහැ. මොකද මුළු ජීවිත කාලයම මේ කට්ටිය මහා වේදනාවකින් සිටින්නේ. ඒ අය වෙනුවෙන් යම් කාලයක් වැයකරන්නට හැකියි.

අපි සිංගප්පූරුවේ මේ සදහා දෙන සප්ලිමන්ට කිහිපක් දක්වන්නම්. මොකද හේතුව කිව්වා නම් එය සුව කරගන්නට මම මොකද කරන්නේ කියල කියන එක වැදගත් නිසා.

මාස හතරක කාලයක් සදහා පහත දැක්වෙන සප්ලිමන්ට තමයි අපි දෙන්නේ.

1. Vitae Gene PPARs
2. Ultimate Glucogel
3. Ultimate Selenium
4. Ultimate Osteo FX
5. Ultimate EFA Plus

පිට රටක ඉන්න කෙනෙකුට නම් මේ දේවල් ඔන්ලයින් ගන්න පුලුවන්. නමුත් ලංකාවේ ඉන්න අයට මා ඉහත දක්වා ඇති ආහාර ක්‍රම අනුගමනය කිරීමෙන් සහ සිංහල වෙදකම ආධාරයෙන් රෝගය සුව කරගැනීමේ වාසනාව ඇත. ඒ වාසනාවට පිටුපාන්නේ නැතිව අදම ඔබ හෙළ වෙදකම වෙත යොමු වන්න. දරුණු ගණයේ වේදනා සහිත කෙනෙක් නම් පිලියන්දල සම්පත් මහත්තයා මුන ගැහෙන්නට වෙලාවක් වෙන්කර ගන්න. ඉතාමත් ඉක්මනින් සහනයක් ලැබෙනවා නියතයි. |

ඉහතදැක්වූ සප්ලිමන්ට් ගැන විස්තර පහත අංකයකින් දැනගත හැකියි…

වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.

තවත් කෙනෙකුට සෙතක් කරන්නට සිතුනා නම් ෂෙයාර් කරන්න. එයද ඔබ තවත් කෙනෙකුගේ වේදනාවක් දුරු කරන්නට කරන සත්කාර්‍යයක් නිසා ඔබගේ වේදනාව නැතිවන්නට එයද හේතු වේවි.

071 5560055 / 0777316629

මෙත් සිතිනි.

Close Menu