අපලට මැණික් පැලදීම ගැන අසා තිබු පැණයකට මා විසින් ලබා දුන් පිලිතුරකි.

මැණික් පැළදීම ගැන අපේ ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් මා දැනගත් දේ අනුව මා දැනට දන්නා දේ මෙහි පැහැදිලි කරන්නම්. මෙය සමහර විට වැරදි වෙනනට පුළුවන්. දන්නා කෙනෙක් නිවැරදි කරනවා නම් එය මාගේ බුද්ධි මට්ටමෙන් එය විග්‍රහ කොට නිවැරදි කරගැනීමට හැකිය.

අග්ගඥ්ඥ සූත්‍රයට අනුව මුලින්ම ආබස්සර බ්‍රහ්මයන් ලෙස සිටි සත්වයා මිදුනු කිරි වගේ දුටු නිසා පොලොවට බැස ඇත. මෙතෙක් ප්‍රීතිය ආහාරයක් කරගෙන සිටි මේ සත්වයන් පලමු වරට භූමිපටක ආහාරයට ගෙන ඇති අතර ඝණ ආහාරයක් කල්පයකට පසුව ගැනීම නිසා තම සිරුර පෙර පරිදි සැහැල්ලු බවින් තොර වී ඝණ ස්වරූපයක් ගෙන ඇත. මේ සූත්‍රය හැකිනම් කියවා තේරුම් ගන්න. හරි වටිනවා. මේ විදිහට මිනිසුන් පහල වූ බවත් අනෙක් සතුන් අදාල සංකාර වලට අනුව පහල වූ බවත් කියවෙනවා. කාලයක් යනකොට එකිනෙකාගේ සිරුර ගැහැණු පිරිමි ලෙස පෙනෙන්නට ගත් බවත් පසු කාලෙක ලිංගික චර්යාවන් හටගත් බවත් තවත් කල් යන විට වගා කිරීමට පටන් ගත් බවත් සොරුන් ඇතිවූ හැටිත් රජුන් ඇතිවූ සැටිත් මේ සූත්‍රෙය් කියවෙනවා.

කෙසේ හෝ එදා ආබස්සර බඹ ලොවින් ආ බ්‍රහ්මයන් ටිකේන ටික පිරිහෙන්නට පටන් ගත්තා. පිරිහෙනවා කිව්වේ තමා ලග ඇති ගුණ දුරස් වෙනවා කියන එකයි. දුරස් වෙනවා කියන්නේ දුරට අස් වෙනවා කියන එක. මේ ගුණ පොලොවේ එක් එක් විදිහට තැන්පත් වුනා. සමහර ගුණ ශාඛ වල පංචාංගයේ එක් එක් කොටස් වල තැන්පත් වුනා. සමහර වටිනා කියන ගුණ තැන්පත් වුණේ වටිනා පාශාන විදිහට. මේවා කල් යන්නට කල් යන්නට තවතවත් වටිනා මට්ටමට පත් වුනා. මොකද මිනිසා එන්න එන්නම පිරිහෙන නිසා. මැණික් කියන්නේ මේ වගේ මිනිසාගේ චිත්ත සංතානයෙන් දුරට අස්වූ ගුණ සමුදාය එක් වූ පාශාණයක්.ඒ පාශාණය නැවත අපගේ සිරුරට ලං කර ගැනීමෙන් එදා අපෙන් දුරස් වූ ගුණ නැවත අප අතරට එන බවට ඍෂි වරුන් දැනගත්තා. මේ නිසා තමයි එදා සිට මැණික් ගල් පලදින එක පටන් ගත්තේ. තමාගෙන් දුරස් වූ ගුණයට අදාල මැණික පැලදුවහම අදාල ගුණය තමා තුල පිහිටන්නට එය හේතු වෙනවා. මේවගේ, යමෙක් දන් දෙන්නට කැමති නෑ කියන්නකො. එයාට මේ මැණික පලදින විට දන් දෙන්නට සිත පහල වෙනවා. ඉතින් මේ තාක් තමා තුල තිබූ දුර්ගුණයක් තමාගෙන් දුරස් වෙනවා. ටිකෙන් ටික මේ ගුණය පූර්ණය වෙනකොට තමා විසින් පෙර සසරේ කල පුණ්‍ය කර්ම විපාකයක් ලෙස ඇදිලා එන්නට මෙම මානසික තත්වය හේතු වෙනවා. මේ විදිහට තමයි මැණික් කියන එක අපිට වාසනාව ගේන්නේ.

කෙනෙක් මැණික් පැලද ගත්තාට තමාගේ මානසික පසුබිම නැවැරදි වීමට එය හේතුවක් නොවේ නම් අදාල කර්තව්‍යය සිදු වන්නේ නෑ.ඉතින් මැණිකටවත් ශාස්ත්‍රයටවත් බැනලා වැඩක් නෑ. වරද තමා තුලමයි. මෙය නිවැරදි කරගන්නට තව තවත් උත්සහ කල යතුයි.

එක් එක් මැණික් වර්ගය කෙසේ තම මනසට බලපායිද යන්න අපි වෙනමම කතා කරමු. මෙම සාස්ත්‍රය දන්නා අය කියා දුන්නා නම් මේ සමාජ ජාලයේ සිටින බෙහො පිරිසකට සෙතක් සැලසේවි කියා මා සිතනවා.

ලග්නයේ හැටියට තමාගේ මැණික් ගල සොයා ගැනීම නිවැරදි ක්‍රමයයි. ලග්නය පස්වැන්න සහ නම වැන්න අධිපති නියෝජනය කරන මැණික් ගලයි පැළදිය යුත්තේ. මොකද අපි පෙර පින් ඇදලා ගන්නයි මේක කරන්නේ. ඉතින් මේ කොටු වලින් නියෝජනය කරන්නේ මේ අදාල කොටසයි.

ඒ අතර සතුරු මිතුරු ග්‍රහයන් සිටිනවා. සමහරු මේ සියළු දෙනාම එකට එක් කිරීමට උත්සහ කරනවා. නවග්‍රහයන් ටම මැණික් පලදින අය ඔබ දැක ඇති. නවරත්න කියලා කියන්නේ. ඉතින් මේක හරියට සතුරන් මිතුරන් එක කාමරයක ඉන්නවා වගේ වැඩක්. සතුරන් තමයි බොහෝ විට ජය ගන්නේ. මිතුරන් ඉන්නේ මා ඉහත කී 1,5,9 කියන කොටු වල. අනිත් ඒවායේද සිටිය හැකිය.නමුත් මේ තුන විශේෂයි. ජ්‍යෝතිෂය දන්නා අය පහදයි කියලා මා සිතනවා.

මෙත් සිතිනි. !!

Close Menu