අක්මා විෂ හරණය ( Liver Detoxification )

 

 

අපි කන ආහාර වල ඇති වස විෂ ගැන මා වෙනමම කරුණු ගෙන හැර දක්වන්නට අවශ්‍ය නැතැයි සිතනවා. මෙන්න මේ විෂ තමයි අපි හරණය කරන්නට යන්නේ. බොහෝ දෙනෙක් ඉතාමත් කැමති ඒත් භයානක එකක් තමයි මේ මාතෘකාව.

අපි පසුගිය සති දෙක තුන ඇතුලත මේ කතාවට සම්බන්ධ ලිපි කිහිපයක්ම ගෙන ආවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒවා කියවලා තිබුනා. අපි දිනපතා කන වස විස ප්‍රමාණය ගැන අපි කවුරුවත් දන්නේ නැහැ. ජපානයේ කල පරීක්ෂනයකින් හෙලිවෙලා තිබුනා එක් පුද්ගලයෙක් තම ජීවිත කාලය තුල පරිභෝජනය කරන එළවලු සහ පලතුරු වල ඇති කෘමිනාශක සහ අනෙකුත් කෘෂිරසායන වල බර කිලෝ තුනක් විතර වන බව. සිතා ගත හැකිද මේ ප්‍රමාණය විෂ සිරුරෙන් ඉවත් කරන්නට මොනතරම් අපහසුද කියලා.

අක්මාව තමයි අපේ ශරීරයේ ඇති විෂ හරණය කරන ඉන්ද්‍රයයන් වලින් පලමු තැන ගන්නේ. ඊට අමතරව මහා බඩවැල සහ වකුගඩු ප්‍රධාන වෙනවා. ස්වේද ග්‍රන්ථි සහ පෙනහලුද මෙම කාර්‍ය්‍ය යම්තාක් දුරට සිදු කරනවා. අප මෙහිදි කතා කරන්නේ අක්මාව ගැනයි. අක්මාව ගැන කතා කරන්නට කලින් විෂ ගැන යම් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා.

අප අක්මාව වෙත යොමු කරන විශ මොනවාද?

  1. එලවලු සහ පලතුරු කල්තබා ගන්නට ගහන වස
  2. කෘමිනාශක‍‍
  3. වල් නාෂක
  4. වේදනා නාශක
  5. කෘතීම ඖෂධ
  6. කෘතීම රස කාරක
  7. කෘතී්ම වර්ණ කාරක
  8. කෘතීම පිපුම් කාරක
  9. කෘතීම කල්තබාගැනීමේ රසායනික
  10. කෘතිම පොහොර.
  11. ක්ලෝරීන් සහිත ජලය
  12. ඇල්කොහොල්
  13.  බැර ලෝහ
  14. නයිට්රේට් වර්ග
  15. ඔක්සිකරණය වූ තෙල්

 

 

56301750_851674318520389_3389029565081845760_n

මෙහි ඇති ඒවාට අමතරව තවත් වස විස නැතුවා නොවේ. දින පතා මේ වස විස අක්මාව හරහා ගමන් කරන අතර අක්මාව මෙම සියලු හානිකර රසායනික තමා ලග තබාගෙන පිරිසිදු අත්‍යවශ්‍ය කොටස් පමණක් රුධිරයට මුදා හරිනවා. හරියට අපේ අම්මලා වගේ නේද? අපේ වැරදි ඔක්කොම හංගගෙන ලෝකයට හොද පුතා කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් මේ හැංගිල්ල කරන්න පුලුවන් ටික කාලයයි. ඒකයි ප්‍රශ්නය. අක්මාව මෙම විෂ කොටස් තමන්ලග තබාගෙන රාත්‍රී අප නින්දට යනතෙක් බලාගෙන ඉන්නවා මේ ටික ඉවත් කරගන්න. අනේ අපි මොනතරම් අකාරුණිකද කියනවා නම් අම්මාට කන්නට තියෙන බත් දංකුඩය විතරක් ඉතිරි බත් මුට්ටියත් පොලවේ ගහන බේබදු දරුවෙක් වගේ රෑට හිරි නින්දක් දෙන්නේ නැහැ ශරීරයට. අක්මාවට තම විෂ හරණය කරන්න පුලුවන් වෙලාවක් තියෙනවා. අපිට වැසිකිලියට යන්න පුලුවන් වෙලාවක් තියෙනවා වගේ තමයි. එයාටත් පුරුදු වෙච්ච වෙලාවක් තියෙනවා. ඒ තමයි රාත්‍රී 11 ත් පාන්දර 2 ක් අතර කාලය. එයා අපි අවදි වෙලා ඉන්නවා නම් ඒක කරන්නේ නැහැ. තමන් ලගම ඒ විෂ ටික තියාගෙන ඉන්නවා, ඔන්න ඔහේ හෙටම සුද්ද කරනවා කියලා හිතාගෙන. අනේ හෙටත් මේ කතාවමයි. දිර්ඝ කාලයක් මෙසේ විෂ හංගගෙන ඉන්න ගිහින් අන්තිමට අසනීප වන අපේ අම්මා වගේම අක්මාවත් අසනීප වෙනවා. අක්මාව අසනීප වුනා කියන්නේ ගෙදර අම්මා අසනීප වුනා හා සමානයි. ඒක හැමෝටම දැනෙනවා. ගෙදර අයට එදාට තමයි අම්මා කල මෙහෙය තේරෙන්නේ. දැන් ඉතිං ගෙදර දරුවන් හරිම කීකරුයි. අම්මා ගැන සොයා බලනවා, කෑවද කියලා බලනවා. බෙහෙත් පොවනවා. හරි වැඩ. අක්මාව අසනීප වුන අපිත් එහෙමමයි. කලින් නිදාගන්නවා. හොද ආහාර මොනවාද කියලා සොයා බලනවා. මේ දෙකම එක වගේ. මේ කතාව කිව්වේ අක්මාව නිරෝගීව තබා ගන්නට නම් රාත්‍රී 10 ටවත් නිදාගන්න ඕනි කියන එක කියන්නයි. එසේ නොවන්නේ නම් අක්මාව යම් දවසක ඔබව නිදි කරවාවි. එදාට ප්‍රමාද වැඩි වෙන්නත් පුලුවන්.

අප ඉහත කතා කල වස විස වල එක් සමාන කමක් තියෙනවා. ඒ තමයි මේ වස විෂ දියවන්නේ මේදයේ. මේ නිසා අපි කන වස විෂ අපේ ශරීරයේ මේද සහිත තැන් වල තැන්පත් වෙනවා. අපේ කාන්තාවන් විශේෂයෙන්ම කැමත්තක් දක්වන කාරණයක් තමයි මේදය දහනය කරන එක. සතියකින් ඇග අඩු කරගන්න අහන අය මේ ගෘප් එකේ මම ඕනි තරම් දැකලා තියෙනවා. ඒවාට පිලිතුරු දෙන අයත් ඉන්නවා. ඒවා දැක්කම සමහර විට දුකත් හිතෙනවා. ඒත් මම ඒවාට පිලිතුරු දෙන්න යන්නේ නැහැ. මොකද කෙටියෙන් කිව්වට තේරෙන්නේ නැහැ. කොම්පැනි විශාල මුදලක් වැය කරලා දැන්විම් දාලා මිනිසුන්ගේ මොළය කාලනේ තියෙන්නේ. ඉතිං අපි මේ වගේ කමෙන්ට් එකකින් කිව්වට පලක් නැහැ. ඒ නිසයි මෙසේ ලිපියකින් ඒ කතාව කියන්නේ. අවශ්‍ය අයට ෂෙයාර් කරලා දැනුවත් කරන්න. එය ජීවිතයක් බේරා ගන්නට දෙන අත්වැලක් වේවි.

‍මේදයේ දියවුනු වස විෂ දැන් කාලයක් තිස්සේ තැන්පත් වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ මේ මේදය යම් ආකාරයකට දියකරන්නට හදනවා. එසේ කල හැකි ක්‍රමත් තියෙනවා නැතුවා නොවේ. දැන් සිදු වන්නේ කාලයක් තිස්සේ තැන්පත් වෙලා තිබුනු වස විෂ එකපාරම අක්මාව වෙතට ගලා එනවා. වසර ගානක් තුල සිදු කල යුතු වන විෂ හරණක් දැන් අක්මාවට දිනක් දෙකක් තුල කරන්නට වෙලා. සිදුවන විපර්යාසය මම හිතන්නේ මම කිව යුතු නැහැ. ඔබට මේ ලිපිය කියවන්නට හැකියාව ඇතිනිසා ඔබටම එය සිතා ගත හැකියි. මේ ලෙසට ඔබ ඉතා දරුණු ලෙසට අක්මාවට හානි කරගන්නවා ඉක්මණින් කෙට්ටු වෙන්න ගොස්.

සමහර අය දින ගාණක් නිරාහාරව සිටිනවා කෙට්ටු වෙන්න. ජලය පමණයි පානය කරන්නේ. ඔබට යම් ආධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා නම් එය කල හැකියි. මා එය බැහැර කරන්නේ නැහැ. නමුත් ඔබ සාමාන්‍ය කෙනෙක් නම් එය ඉතාමත් දරුණු කේදවාචකයක මුල වන්නට පුලුවන්. මේ දවස් වල අපගේ ශරිරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට මේදය දිය කර හරිනවා. දැන් අප ඉහත කි ආකාරයටම අර මේදයේ මෙතෙක් දියවී තිබු වස විෂ අක්මාව වෙත මුදා හරිනවා. ඉතිං අර කලින් විදිහටම අපිට ගෙවන්නට සිදු වෙනවා.

අපි දැන් බලමු වස විෂ නිසා අක්මාව දුර්වල වුනාම මොකද වෙන්නේ කියලා. අක්මාවේ සෛල විනාශ වෙන්න ගන්නවා. ඒ සෛල විනාශය වලක්වන්නට මේදය පැමිණෙනවා. මෙසේ දිගින් දිගටම සිදුවන විනාශය නිසා අක්මාවේ මේදය එන්න එන්නම තැන්පත් වෙනවා. මෙය ස්ටේජ් 1.2.3.4 කියලා අංකනය කලාට සිදු වන්නේ එකම දේ. අවසානයේ අක්මාව තමන්ගේ රාජකාරිය කරගන්නට බැරි තත්වයකට පත්වෙනවා. එවිට සිරෝසිස් ඇවිල්ලා තියෙන්නේ කරන්නට දෙයක් නැහැ කියලා කියනවා. වෙච්චි දෙයක්.

අක්මාවේ ක්‍රියාවලින් 500 කට අධික ප්‍රමාණයක් සිදු කරන බව දැනට සොයාගෙන තියෙනවා. නමුත් එහි සිදු කරන ක්‍රියාවන් ලක්ෂයකට වැඩි බවයි අපගේ ගුරුහාමුදරුවන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. අපි ඒ ගැන කතා නොකර ඉදිරියට යමු. එක්කෙනෙක් හරි ලිපිය කියවන එක නැවැත්තුවෙත් අපරාදෙනේ. ජීවිතයක්නේ නේද?

 

55912472_851674341853720_7754268285595549696_n

දැන් මේ ක්‍රයාවලි සියල්ලක්ම අඩපන වෙනවා. මෙහි එක මූලික ක්‍රියාවක් තමයි පිත නිපදවීම. පිත දවසකට ලීටර් එකහමාරක් පමණ නිපදවන බවයි කියන්නේ. එම පිතද නැවත නැවත පිරිසිදු කර දින දහයක් පමණ පාවිච්චි කරනවාලු. ඇත්ත වෙන්න ඇති නේද? කොහොම හරි එහෙමයි කියන්නේ. දැන් මේ පිතෙන් තම කාර්‍ය්‍ය අවසන් වූ පසු පිතේ ඇති ජලය ඉවත් කර ඉතා උකු තරලයක් ලෙසට පිත්තාෂයේ තැන්පත් කරනවා ඒ අවශ්‍ය වූ විටක ගන්න. මෙකද අපේ ශරිරය දන්නවා අපි කන ආහාර වල පිත හදන්නට අවශ්‍ය පෝෂණය අපි නිරන්තරයෙන් ගන්නේ නැති බව. ඉතිං බැක්අප් එකක් අවශ්‍ය නිසා වෙන්න ඇති පිත්තාශය කියලා එකක් තියෙන්නේ.

දැන් අපි කතා කරන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. අපි පිත නිපදවන්නට අවශ්‍ය පෝෂ්‍ය කොටස් අපේ ආහාර වේලේ දීර්ඝ කාලයක් ඌණව පැවතුනහොත් ඒ පිත තව තවත් ඝණ වෙනවා. ඒවා තමයි පිත්තාෂයේ ගල් කියලා කියන්නේ. මෙම ගල් වල සයිස් එකද එන්න එන්න ලොකු වෙනවා. මෙම තත්වය අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කලාම දැනගන්නට පුලුවන්. බටහිර වෛද්‍ය විද්‍යාව මගින් කරන්නේ මෙම තත්වය දුටු වහාම අර බැක්අප් එක ඉවත් කරලා දාන්නට තීරණය කරන එකයි. ඉතිං මොනවා කරන්නද වෙන කරන්නට දෙයක් නැහැ කියනවානේ. ගල් කියන්නේ ගල්. ඉතං මේවා තියාගෙන ඉදලා මැරෙන්නේ නැතුව ඕක අයින් කරලා දාන එක තමයි කරන්න තියෙන්නේ. ඇත්තට මරණයට වඩා මේක නැතුව හරි ඉන්න එකනේ වටින්නේ. බැලූ බැල්මට වරදකුත් නැහැ වගේ.

ඒ බටහිර වෙදකම මේ දෙස බලන විදිහ. අපි ඒගැන ඒ විදිහට බලන්නේ නැහැ. අපිට මේ ගැන වෙනම කියවීමක් තියෙනවා. එය මීට වඩා සරල සහ සාර්ථක ක්‍රමයක්. හෝලිස්ට්ක් වෛද්‍ය ක්‍රමය මේ ගැන බලන ආකාරය අපි ඉදිරියේදී කතා කරමු.

පිත්තාෂයේ ගල් තියෙන එකේ ඇති භයානක කම කුමක්ද? ඔබ පහත ඇති පින්තූර වල දකින්නට ඇති අක්මාවට යටින් ඇති පිත්තාෂයෙන් එලියට එන පිත්ත නාලය ග්‍රහණිය දක්වා එනවා. මේ නාලය හරහා තමයි යම් ගලක් ඇත්නම් එලියට එන්න ඕනි. හරියට වකුගඩුවෙන් එලියට එන මුත්‍රනාල වගේම තමයි. වකුගඩුවෙත් ගල් තියෙනකම් අපිට වේදනාවක් නැහැ නමුත් ගල් මුත්‍රනාලය දෙසට ගමන් කර යම් තැනක හිර වුනොත් තමයි බිත්ති දිගේ බඩ ගාන්න තරම් වේදනාවක් එන්නේ. මටත් එහෙම වෙලා තියෙනවා ඒකයි දන්නේ. දැන් හිතලා බලන්න අර පිත්ත නාලයේ විශ්කම්භයට වඩා වැඩි විෂ්කම්භයක් ඇති ගලක් පහලට ආවොත් මොකද වෙන්නේ කියලා. අර පිත්ත නාලය පුපුරන්න පුලුවන්. එය හොද තත්වයක් නෙවෙයි. කෙනෙක් මරණයට පත්වෙන්නටත් හැකියි. මේ නිසා තමයි වෛද්‍ය වරුන් පිත්තාෂය කපා ඉවත් කරන්නට උපදෙස් දෙන්නේ. වරදකුත් නැහැ නේද බලාගෙන ගියහම.

දැන් අපි බලමු අපි දන්න කියන ක්‍රමයකට අක්මාව විෂ හරණය කලොත් මොකද වෙන්නේ කියලා. අක්මාව විෂ හරණය කරන්නට පටන් ගත් වහාම අක්මාව සිදු කරන්නේ අක්මාවේ පිත නිපදවීම වැඩි කර පිත්තාෂයේ ඇති පිත එලියට දැමීමට සැලැස්වීමයි. දැන් සිදුවන්නේ කුමක්ද? අක්මාවේ ඇති ගල්ද සමග පිත එලියට එන්නට හදනවා. ගල් තිබ්බේ නැත්නම් හොදයි.ගල් තියෙනවා නම් මොකද වෙන්නේ. තියෙන ගල් පිත්ත නාලයෙන් පහසුවෙන් එලියට එන ප්‍රමාණයේ ඒවා නම් ඒත් ගැටලුවක් නැහැ. හිතමු කරුමෙට එක ගලක් ලොකු එකක් තිබුනා කියලා. දැන් මොකද වෙන්නේ. ඒ ටික මම උඩ චේදයේ කිව්වා. එය අමතක නම් ආපහු බලන්න. කවදාවත් මේක අමතක කරන්න එපා. අක්මාවේ විශ රහණය කරන්න යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. එය හරියටම දැනගෙන සිදු කල යුතු ප්‍රතිකාරයක්.

දැන් බලමු කෙසේද පිත්තාෂයේ ඇති ගල් දිය කරන්නේ කියලා. දියමන්තියක් කපන්නට හැක්කේ දියමන්තියකින්මයි කියලා දන්නවා නේද? මේ ගල්ද එසේමයි. මේ ගල් නිර්මාණය වූයේ දුර්වල පිත නිසයි. දැන් මේ පිත් ගල් ක්ෂය කරන්නට හැකි වන්නේ නිරෝගී පිත නිපදවීමෙන් පමණයි.. මේ නිසා අක්මාවේ පිත නිරෝගීව නිපදවිය හැකි ආහාර ගත යුතුයි. එවැනි ආහාර කිහිපයක්

  1. ඇල්ගී වර්ග
  2. බිට් රූට්
  3. බෙල් පෙපර්
  4. ගෝවා, බ්‍රොකලි. කේල්.
  5. බීට් කොළ සහ තද කොළ පාට කොළ වර්ග
  6. තක්කාලි
  7. කිරි
  8. සාඩින් මත්සයින්
  9. බෝංචි
  10. ඇට වර්ග
  11. පරිප්පු
  12. ටොෆු

 

56363598_851674375187050_3972020295467794432_n

‍මෙම ආහාර මාස තුනක පමණ කාලයක් දිගටම ගැනීම මගින් පිත යතා තත්වයට පත් කරගන්නට හැකි වෙනවා. මේ නිසා අර තිබුන ගල් දියවන්නට පටන් ගන්නවා. නැවත වාරයක් අල්ට්‍රා් සවුන්ට් ස්කෑන් එකක් කරලා බලාගන්නට පුලුවන් දැන් තත්වය.

අපි නම් මේ සදහා මෙවැනි අයව බයෝ රෙසොනන්ස් පරීක්ෂණයකට යොමු කරලා පිත්තාෂයේ ගල් ඇති බව මුලින්ම සෙයා ගන්නවා. Ultra Sound scan එකක් කලත් කමක් නැහැ. ඉන් පසු කරන්නේ මාසයක සප්ලිමන්ට් කෝස් එකක් දීලා නැවතත් පරීක්ෂා කර බැලීමයි. එවිට අපි දකිනවා අර පෙර තිබුනු ගල් දැන් නැති බව හෝ තිබූ ගල් ප්‍රමාණයෙන් කුඩා වී ඇති බව. ඒ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. මේ සදහා අපි භාවිතා කරන්නේ පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ගයි.

Vitae Gene PPARs
Osteo FX
Beyond Tangy Tangerine
Super Green.

visit  vitaegene.com

‍මෙම සත්කාරයෙන් පසු අපිට සිදු කරන්නට වැඩ කොටසක් තියෙනවා ඇත්තටම එයයි ලිවර් ක්ලෙන්ස් එක. නැත්නම් අක්මාවේ විෂ හරණය. යම් කෙනෙක් මේ කියන ප්‍රතිකාරය කරනවා නම් තමන්ගේ පිත්තාෂයේ ගල් නැති බව මුලින්ම දැනගත යුතුයි. එසේ නොවුන හොත් ඇතිවන තත්වය මා මුලින්ම පැවසුවේ ඒ නිසයි.

‍මේ සදහා අපි භාවිතා කරන්නේ බීට් රූට් ජූස්. මුලින්ම බීට් ගෙඩියක් අරං සද්ද කර කැබලි කර ගන්න. දැන් බ්ලෙන්ඩරයකට දමා ජූස් ටික සාදාගන්න. වතුර දාන්නේ නැහැ. මෙයින් අවුන්ස එකක් ( මේස හැදි දෙකක්) ගෙන ඊට ඉගුරු ජූස් බින්දු කිහිපයක් සහ ලුණු ස්වල්පයක් එක් කරගන්න. දැන් මෙය සාදාගත් විගස පානය කරන්න. ෆ්‍රිජ් එකේ දාල තියාගෙන බොන්නේ නැහැ. රාත්‍රී නින්දට යන විටයි මෙය කරන්නේ. රෑ 9 ට වත් නිදා ගන්න බලන්න. දැන් මේ විදිහට සතියක් කරනවා. දෙවැනි සතියේ මේක දෙගුණයක් කරනවා. තුන් වන සතියේ තුන් ගුණයක් කරනවා. සම්පූර්ණ කාලය දින 21 යි. මේ දින 21 ඇතුලත ඔබගේ අක්මාව බොහෝම හොද තත්වයකට පත් වෙනවා.

‍මේ කාලය තුල ඔබගේ ආහාර වෙල තුල පහත පින්තූරයේ ඇති සියලු පෝෂ්‍ය කොටස් තිබියයුතුයි. නැත්නම් සිදු වන්නේ අක්මාව විෂ හරණය කරන්නට අවශ්‍ය පෝෂයන නැත් වීමයි. එසේ වුවහොත් අපේ ප්‍රයත්නය සාර්ථක වෙන්නේ නැහැ. මේ කඩුල්ල පනින එක තමයි ඇති අමාරුම කටයුත්ත වන්නේ. මොකද එම පෝෂ්‍ය කොටස් සහිත ආහර සොයාගන්නට ඇති අපහසු තාවය නිසයි. ගොවියා පසට කෘමිනාෂක සහ වල් නාශක යොදා ඇති නිසා පසේ සිටින බැක්ටිිරියා විනාශ වෙලා හමාරයි. ඒ බැක්ටීරියා සිටියානම් පසේ ඇති මිනරල් වර්ග ජීරණය කර අපි කන එලවලු වලට උරාගත හැකි මට්ටමට පත් කරනවා. මේ බැක්ටීරියාවන් නැතිවීම නිසා දැන් අපිට කන්නට වෙලා තියෙන්නේ, මිනරල් වර්ග නැති එලවලුයි. පලතුරුයි. ඒ නිසයි ඒවා රස නැත්තේ. කාබනික එලවලු වල රස වැඩි ඒ නිසයි. මෙම තත්වය ඔබට ජය ගත හැකිනම් මේ බීට් ජූස් ප්‍රතිකාරයෙන් අක්මාව විෂ හරණය කරගත හැකියි.

ඔබ මේ ලිපිය මගින් යම් දැනුමක් ලබා ගත්තා නම් ෂෙයාර කරලා තව කෙනෙකුට සෙතක් සලසන්න. මා සමග පුද්ගලිකව කතා කරන්නට telegram app එක ඩවුන්ලෝඩ් කරගෙන පහත ලින්ක් එක මගින් මාගේ පුද්ගලික ගෘප් එකට එක්වන්න. එහි ඔබට අවශ්‍ය ඕනෑම ගැටලුවක් කතා කල හැකිය.

සමහර විට මා මෙම ගෘප් එකේ ලියන අවසන් ලිපිය වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා https://nittaa.com වෙබ් අඩවියට එක් වන්න. පහත FB Page එකට ලයික් එකක් දාලා එක්වන්න.

https://www.facebook.com/nittaalk/

https://t.me/nayana

‍මෙත් සිතිනි..!!

නයන තේනුවර.
+6583956095

Close Menu