🌿 Spirit

Holistic Medicine හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය.
හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය (Holistic Medicine) – සම්පූර්ණ සෞඛ්‍යයට ස්වභාවික ප්‍රවේශයක් ## හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය යනු කුමක්ද? **හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය** යනු ශරීරය, මනස සහ ආධ්‍යාත්මය එකම පද්ධතියක් ලෙස සලකා සෞඛ්‍යය පවත්වාගෙන යාමට උත්සාහ කරන ස්වභාවික සුව කිරීමේ ක්‍රමයකි. මෙම ප්‍රවේශය රෝග ලක්ෂණ පමණක් නොව, රෝගයට හේතු වන මූලික සාධක සොයා එය සකස් කිරීම මත පදනම් වේ. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් ආධ්‍යාත්මයගැන සලකා බැලිය යුතුය. මෙහිදී විශේෂම කාරණය වන්නේ බුදුන් වහන්සේ දේශනා කල රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භීක්ෂ බිය යන තුන් බිය. තුන් බිය දුරු කරන්නට උන්වහන්සේ යොදාගත්තේ මනස ධර්මාණුකූල තලයකට ගෙන ඒමයි. අප මෙම වෙබ් අඩවිය තුල ඒ ධර්ම ඖෂධය ගැනද සාකච්ඡා කරන්නෙමු. ## හෝලිස්ටික් ප්‍රතිකාර මගින් සලකා බලන ප්‍රධාන කරුණු * ජීවන රටාව (Lifestyle) * ආහාර හා පෝෂණය (Nutrition) * මානසික ආතතිය (Stress Management) * පාරිසරික සාධක (Environmental Factors) * ශරීර ශක්ති සමතුලිතතාවය (Energy Balance) ## හෝලිස්ටික් වෛද්‍යයේ ප්‍රතිලාභ ✔ ශරීරයේ ස්වභාවික සුව වීමේ හැකියාව වැඩි කිරීම ✔ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම ✔ ආතතිය සහ මානසික පීඩනය අඩු කිරීම ✔ දිගුකාලීන සෞඛ්‍යය සහ සමානුලිතතාවය පවත්වා ගැනීම ## භාවිතා වන හෝලිස්ටික් ක්‍රම * ස්වභාවික ආහාර උපදේශන * ඖෂධීය පැළෑටි සහ ස්වභාවික සප්ලිමන්ට් * ධ්‍යානය සහ මනෝසෞඛ්‍ය ක්‍රම * ශරීර ශක්ති විශ්ලේෂණ (උදා: Bioresonance Technology) * Detox හා ජීවන රටා සංශෝධන ## හෝලිස්ටික් සෞඛ්‍යය වැදගත් වන්නේ ඇයි? වර්තමාන වේගවත් ජීවන රටාව, අසමතුලිත ආහාර, සහ මානසික ආතතිය නිසා බොහෝ දෙනා දිගුකාලීන රෝගවලට ගොදුරු වෙති. **හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය** මඟින් සම්පූර්ණ ශරීර-මනස සම්බන්ධතාවය සකස් කර සෞඛ්‍යය දිගුකාලීනව පවත්වා ගැනීමට උපකාරී වේ. ---
2/28/2026
දොලොස් පිරිකර සහිත සාංඝීක දානය ගැන ලියූ පිලිතුරු ලිපියකි
දොලොස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නය සිහි කරලා පූජංකිරීම පිලිඹද ලියපු ලිපිය බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරං තියෙන බව පෙනෙනවා. මට ඉන්බොක්ස් ආපු ප්‍රශ්න නිසයි මෙසේපවසන්නේ. මම ඒවාට දෙන්නට හැකි පිලිතුරු කිහිපයක් මෙසේ දෙන්නම්. මම ඒ ලිපිය ලියනවිට කිව්වා අපි මේ දානය දෙන්නේ අපේම ඥාති වර්ගයා යම් දුගතියක ඉපිද සිටීනම් ඉන් නිදහස් වන්නටයි කියලා. මම මේ වගේ කතාවකින් මේකාරනාව ටිකක් සරල කරලා දෙන්නම්. මේ මහා භද්‍රකල්පය පටන් ගන්න කාලේ ප්‍රේත කියලා කොටසක් ඉදලා නැහැ. ඒ කාලයේ මෙලොව පහලවූ කකුසද බුදුන් වහන්සේට මහා දානයක් දෙන්නට ඒ කල ඒ ප්‍රෙද්ශයේ රජ කල රජතුමා සූදානම් කලා. වෙනදාටත් වඩා රසවත්ව කෑම සූදානම් කරලා තියෙනවා දුටු ඇමතියන් බැලුවා මෙච්චර රසවත් කෑම මොකටද බුදුහාමුදුරුවන්ට. අපි මේවා කමු කියලා. මෙහෙම හිතලා ඒ ඇමතියෝ ටික ඒ දානය කාලතියෙනවා. ( අදත් ඇමතිලා මේ වගේ හිතනවාද දන්නේ නහැ) කොහොම හරි ඒ අය මේ අකුසල කර්මය එදා කරගත්තා. පස්සේ මේ කට්ටිය මැරිලා ගිහින් ප්‍රේතයන් වෙලා ඉපදුනා. ඒ දුක විද දරාගන්න බැරුව අඩාගෙන කකුසද බුදුන් වහනසේ ලගට ඇවිල්ලා අනේ අපි නොදැනුවත්වයි මේ දේ කලේ . අපිට සමාව දෙන්න කියලා ඉල්ලා සිටියාලු. බුදුන් වහන්සේ කිව්වාලු දැන් ජීවත්ව ඉන්න ඔබේ කිසිම ඥාතියෙක් තමන් වහන්සේට දානයක් දීලා ඒ පින් අනුමෝදන් කල හැකි මට්ටමේ නැහැ. තවත් බොහෝ කල් ගෙවිලා ගිය කල මේ ලෝකයේ පහල වෙනවා කෝණාගමන කියලා බුදුන් වහන්නෙමක්, අන්න ඒ බුදුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මේ කාරණාව කියන්න. ඔබලාට යම් සහනයක් ලැබෙයි. කියලා. අනේ අර ප්‍රේතයෝ රැල ආපහු අඩාගෙන යන්න ගියාලු. කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේට වැටුනාම මොනරම් දුක් වෙනවාද? දැන් මේ කතා කරන්නේ බුද්ධාන්තරයක් ගැන. හිතාගන්නට හැකියි නේද? කරන්න දෙයක් නැහැ. කරපු කර්ම ඊට වඩා දරුණුයි. දැන් කාලාන්තරයක් ගෙවිලා ගිය තැන කෝණාගමන කියලා බුදුන් වහන්සේ නමක් පහල වුනා. මේ ප්‍රේතයන්ට හරිම සතුටුයි. දැන් බුදුපියානන් වහන්සේ ලගට ගිහින් මේ කතාව සැල කර සිටියා. අපි දන්නේ නැතිවයි මේ වරද කලේ දැන් අපි බුද්ධාන්තරයක් මේ දුක විදිනවා අපිට මෙතනින් ගලවෙන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා මේ ප්‍රේත රැල දැන් කියා සිටිනවා. බුදුන් වහන්සේ පෙර සේම ලෝකය දෙස බලා කියනවා මේ බුද්ධ සාසනය තුල ඔබගේ කිසිම ඥාතියෙක් බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව දානයක් දීලා පින් දීලා ඔබලාව නිදහස් කරන්නට ඉපදෙන්නේ හෝ ඉපදිලා නැහැ. නමුත් තවත් බුද්ධාන්තරයක් ගිය තැන මේ ලෝකයේ පහල වෙනවා කාශ්‍යප කියලා බුදුන් වහන්සේ නමක්. උන් වහන්සේට මේ කාරණාව සැල කරන්න. ඔබලාට යම් දෙයක් කරගන්නට හැකි වේවි. කියලා උන් වහන්සේද පෙර සේම දේශනා කලා. අනේ අර ප්‍රේතර රැල ආපහු අඩාගෙන යන්න ගියා. තවත් බුද්ධාන්තරයක් ගිය තැන කාශ්‍යප කියලා බුදුන් වහනසේ කෙනෙක් පහල වුනා උන් වහන්සේ ලගට ගියත් ලැබුනේ පෙර ලැබුනු පිලිතුරමයි. ඉතිං මෙනවා කරන්නද? ඊලගට පහල වෙන ගෞතම කියලා බුදුන් වහන්සේ ගේ කාලයේ ඒරට රජ කරනවා බිම්බිසාර කියලා රජකෙනෙක් අන්න ඒ රජ තුමා උඹලාගේ ඥාතියෙක්, ඒ නිසා ඒ කාලය ආවම ඒ රජතුමාට පෙනී සිට මේ කාරණාව සැල කරන්න.ඔහු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව සිටින කෙනෙක් ඔහු බුදුන් වහන්සේට දානය පූජා කරලා ඒ පින් ඔබලාාට අනුමෝදන් කලාම ඔබලාට මේ දුකෙන් නිදහස් වෙන්නට හැකියි, කියලා කාශ්‍යප බුද්න වහන්සේ දේශනා කරලා තියෙනවා. එවෙලේ අඩාගෙන ගියත් අර ප්‍රේතයන් ගේ හිතේ යම් සතුටක් තියෙන්නට ඇති. මොකද හරියටම කිව්වානේ සිද්ධිය ගැන. කොහොම හරි ගෞතම බුදුන්ගේ කාලයේ මේ කියන සිද්ධිය සිදුවෙලා මේ ප්රේතයන් නිදහස් වෙලා තියනවා කියලා ධර්මයේ සදහන් වෙනවා. දැන් අපි දැනගන්න ඕනි මේ කතාවට අනුව කෙනෙක් ප්‍රේත ලෝකයක ඉපිද සිටියානම් ඔවුන්ව බේරගන්න වෙන්නේ ඥාතියෙකුටම පමණ්‍යි. අනෙක් කාරණ්‍ය බුද්දෝත්පාද කාලයක් වෙන්න ඕනි. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුන් වහන්සේගේ ගුණ කය මවලා උන් වහන්සේට දානය පූජා කල හැකි බවත්. ඒ දානය දීමෙන් ලැබෙන පින තම ඥාති වර්ගයා ට අනුමෝදන් කල හැකි බවත්. නමුත් මේ වාසනාව ඇත්තේ මේ බුද්ධ කල්පය නිමා වන තුරු පමණයි. ඉන්ද දැන් බාගයක් ගෙවී අවසන්. තවත් ඇත්තේ වසර 2400 ක් වගේ කාලයක් පමණයි. මේ කාරණාව අපිට මේතරම් කාලයකට ඇහුනේත් නැහැ. ඒ වගේම ඉදිරියේදීත් මේ දානය සහ ඥාතීන් නිදහස් කිරීම යන කාරණා වැලලී යාවි. ඉතිං අපිට ලැබිලා තියෙන්නේ කෙතරම් අනගි අවස්ථාවක්ද? අපි මේ වෙලාවවේ මේ දානය පූජා කරලා මේ අසරණ ඥාතීන් නිදහස් නොකර මැරිලා ගියොත් මොනතරම් අපරාදයක්ද? ඒ ඔබේ මව වෙන්න පුලුවන්, ඔබේ පියා වෙන්න පුලුවන්, ඔබේ දරුවා වෙන්න පුලුවන්, ඔබේ ස්වාමියා වෙන්න පුලුවන්, ඔබේ බිරිද වෙන්න පුලුවන්, ඉතිං ඇයි මේ දුකේ මේ අයව තියලා මෙලාව හැර යන්නේ. ඔබට අද ඒ අනගි අවස්ථාව හිමිවෙලා තියෙන බව ඔබ නොදන්න නිසා නොවේද? මේ කාරණාවේදී මේවාට අකුල් හෙලන අකෘතඥ මිනිසුන්ට මේ වගේ අත් බැවක් ලැබුනහොත් විදින්නට වෙන විපාක ගැන නම් හිතාගන්නටවත් බැරි වේවි. එක් කෙනෙක් හරි මේ කාරණාව අහලා මෙැවැනි දානයක් දීලා මේ අසරන සත්වයන් විදින දුකෙන් නිදහස් කරන්නට සිතට ගන්න. ඒක ඔබ කරන පුදුම පින් කමක් වේවි. මේ පින් කම කරපු අය මේ බව දන්නවා. තමන්ගේ සුඛ විහරණය බලාපොරෙත්තුවෙන් තමයි දැන් වැඩි දෙනෙක් දාන නේනේ. කඨින කරන්නේ, මේ දානය එහෙඑම දෙන්න එපා. මේ අසරණ සත්වයන් විදින දුකෙන් නිදහස් කරන්නටමයි මෙසේ සිදු කරන්නේ කියන චේතනාවෙන්ම කරන්න. තවත් කාරණාවක් තමයි. ප්‍රේත ගොටුව කියන එක. හෝ ප්‍රේත තටුව කියන එක. අනේ මේ අපේම ඥාතින්. ඒ අයට හැකිනම් ගෙදර කෑමමේසයක් හදලා කන්න දෙන්නයි වටින්නේ. ඒත් තරලා තියෙන අකුසල කර්ම වල ඇති දැඩි බව නිසා ඒකැම වේල කන්නවත් පිරිසිදු තැනකට යන්න බැහැ. ඒ නිසා තමයි අගුවක්, වැසිකිලි වලක් වැනි තැනක් තොරගන්නේ. එතනට කිසිම පැකිලීමක් නැතිව ඒ අය එනවා. අපි මේ දෙන්නේ කැප බෝජනයක්. ඇයි මේකට කැප බෝජනය කියන්නේ. අපි විසිකරන දෙයක් විතරයි ඒ අයට කන්න පුලුවන්. ඒ වගේමයි කෙනෙක් කැප කලාම. කැප කල දෙයක් අපි නැවත පරිබෝජනය කරනනේ නැහැ. මේ ගැන සාමාණ්‍යෙන් භෞද්ධයන් දන්නවා. ඒ මානසිකත්වයෙන් මේ දානය දෙන්න. තවත් කාරණ්‍යක් තමයි මේ එන ප්‍රේතයන් නැවත යන එකක් නැහැ කියන එක. මේ ප්‍රේතයන් මරෙන මොහොතේ යම් තැනක් අල්ලගෙනයි මැරෙන්නේ. එතන තමයි එයාගේ ස්ථිර පදිංචිය. සමහර විට කකුසියක්. දොර මුල්ලක්, කුණු ගොඩක් වගේ තැනක් වෙන්න පුලුවන්. ඉතිං කවුරු හරි කෑමක් දුන්නා කියලා එතන පදිංචි වෙන සිරිතක් නැහැ. ආපහු යනවා. අපි එසේ ආපහු යන්න කලින්තමයි අර දානය දෙන පන්සලට එන්න කියලා ආරාධනා කරන්නේ පිං ගන්න. මේ නිසා ඒ බිය තුරන් කරගන්න. යම් විදිහයකට ඒ පින් ගන්නට බැරි වුනා නම් ආපහු ආපු තැනටම යන එකයි සිරිත. තවත් ගැටලුවක් තමයි කැටයක් නැතිව මේක එකපාර කරන්න බැරිද කියන එක. ඒකේ ගැටලුවක් නම් නැහැ. ඒත් මේකත් ටිකක් හිතලා බලන්න. ඔබ දන්නවාද මේ සමාජයේ සිටින කී දෙනෙක් ස්වාමීන් වහන්සේලාට බණිනවාද කියලා. ඉස්සරත් එහෙමයි. එවැනි කෙනෙක් මෙවැනි අත් බැවක ඉපිද සිටීනම් එයා කවදාවත් කැමති වෙයිද සාංඝීක දානයකින් දෙන පිං අරගන්න. නමුත් ඔබ කාලයක් මේ දේ කරගෙන යනවා කැටයත් එක්ක. මේනිසා අර ප්‍රේතයාට අපි යම් කාලයක් දෙනවා සිත වෙනස් කරගන්න. කල්ප ගනන් ඉන්න මේ ප්‍රේතයන්ට වසරක් දෙකක් කියන්නේ මහා කාලයක් නෙවෙයි. ඒ නිසයි මම කියන්නේ කැටයක් පටන් ගන්න කියලා. මේ වගේ ප්‍රශ්න විශාල ගණනක් අසා තියෙනවා. ඉදිරියේදී ඒවත් කියන්නම්. නැත්නම් ලිපිය දිග වෙනවා. සෙයාර් කරලා තවත් කෙනෙකුට මේ උපකාරය කරන්න. මේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන් මේ බුද්ධෝත්පාද කාලය තුල. අදාල ලිපිය පහත දැක්වවේ. දොලෙස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතානන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරමු. මෙත් සිතිනි…!!
2/28/2026
දේව සංකල්පය ගැන යමක්
දෙවියන් ගැන යම් සංවාදයක් පසුගිය දින දෙක තුල ඇති වූවා. මමද ඊට පොඩි සහයෝගයක් දුන්නා. අන්තිමට පෝස්ට් එක දාන එකත් නැවතුනා. ඒ නිසා මට හිතුනා මේ දේව සංකල්පය ගැන පොඩ් කරුණු ටිකක් ගොණු කරන්න. දේව කියන්නේ සංකාරයක්. ඒ කියන්නේ අපි වැඩිය යුතු දෙයක්. අපි තිරිසං සංකාර වඩනවා ඉතිං ගිහින් තිරිසං ලොකයේ ඉපදෙනවා. ඒ වගේමයි මේකත් අපි දේව සංකාර වඩනවා ඉතිං අපි දිව්‍ය ලෝක වල ගිහින් ඉපදෙනවා. මොනවද මේ දේව කියන්නේ. ඒක ගතියක්. මෙයා නම් දේව ගති තියෙන කෙනෙක් කියලා සමහරුන්ට කියන්නේ. අන්න ඒ ගතිය තමයි දේව ගතිය. යමෙක් දේව කියන ගතිය වඩන්නට ගත්තොත් ඒක තවත් ඒ වගේම දේව ගතිය වඩපු කෙනෙකුට ආකර්ෂනය වෙනවා. මේක ගති ආකර්ෂනය. ඉතිං අපි හිතමු තමන් දුක් මහන්සිවෙලා උපයා සපයා ගත්ත දෙයින් තවත් අසරණ කෙනෙකුට යමක් දෙන්නට හිතක් පහල වුනා කියලා. මේක දේව සිතක්. ඉතිං මේ සිතත් එක්ක අර ඒ වගේම ගතියක් නිසා දේව කියන අත්බැවක ඉපිද සිටින දෙවියන්ට මේ ගතිය පෙනෙනවා. ඉතිං මේ කෙනාත් එක්ක මේ දෙවිවරු හැකි සෑම වෙලාවකම සිටිනවා. මොකද එයා කරන්නෙත් දෙවියන් මේ ලෝකෙදී කරපු දේවල්මනේ. අපි කැමති දේකට තවත් කෙනෙක් කැමතිනම් ඒ කෙනා ගැන අපේ හිත තුල පොඩි ලෙංගතු කමක් ඇතිවෙන්නේ, අන්න ඒවගේ. මේ තමයි දෙවින්ගේ රැකවරණය. දෙවියන්ට කරන්නට බැරි ඒත් කරන්නට කැමති දෙයක් ඔබ කරනවා. ඉතිං ඔබට කරන්නට බැරි ඒත් දෙවියන්ට කල හැකි දෙයක් ඔබට කරලා දෙනවා. මම හිතන්නේ තේරුනා. නමුත් අද කරන්නේ මොකක්ද? කරන්න තියෙන අධම වැඩ සියල්ලම කරලා දෙවියන්ට ගිහින් කන්නලව් කරනවා. කපුමහත්තයාට කීයක් හරි මිටමොලවලා. කපුවා අපිට වඩා අසරණයි. එයාට මොකක්හරි වුනාම කියන්න කෙනෙක්වත් නැහැ. මේ නිසා තමන්ගේ සිල්වත් බව හදාගෙන දේව ගති වඩන කෙනාට නම් දේවි පිහිට ලැබෙනවා මයි. ඒ දෙවියන් හින්දුද භෞද්ධද කියලා වෙනසක් නැහැ. අනික දෙවියන්ට ඕනි තැනකට වඩින්න පුලුවන්, ඒ තැනැත්තා ගේ හද දේව ආලයෙන් පිරිලා නම්. මෙන්න මේ දේව ආලය තමයි පසු කාලෙක දේවාලය වෙලා තියෙන්නේ. එහෙනම් දෙවියන් වැඩ ඉන්නට ඕනි තැන තමයි තමන්ගේ හදවත. එහෙනම් තමන් දේව ගති වඩලා තමන් දේව ආකර්ෂනය සහිත කෙනෙක් වෙන්නට හැකි වැඩපිලිවෙලක් පටන් ගන්න මුලින්ම. අනික් කාරණය මේ බාර ගැටගහන එක. ඔබට මතකද ඔබ බාර කීයක් විතර ගැටගහලා තියෙනවාද කියලා. මතක නැහැ නේද? ඉතිං ඒ බාර වලින් ඇති වැඩේ මොකක්ද? ඔබ වංචාවක් නේ කරලා තියෙන්නේ. ඒකට මම නම් කියන්නේ තමන් දොලොස් පිරිකර සහිත සාංඝීක දානයක් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සිහිකරලා මහා සංඝරත්නය උදෙසා ඉදිරියේදී දානයක් දෙන බවත්. එම දානය දීලා මාගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලා ඇතුලු සියලුම දේවි දේවතාවුන් වහන්සේලාටත් තමන් ගේ සංසාර ගත ඥාති වර්ගයාත් යම් දුගතියක සිටීනම් එම දුගතියෙන් මුදවාලීමට තමන් පින් පමුණුවන බවත් සිතා ගෙන කැටයක් පටන් ගන්න. මේ කැටය දින පතා කීයක් හරි දාල ටික ටික පුරවන්න. දෙවියන් මේ තමන් කරන සත්කාර්‍යයට අත හිත දේවි. මොකද ඔබේ ගතිය සහ දෙවියන්ගේ ගතිය සම වීම නිසා ගති ආකර්ෂණයක් ඇතිවීම නිසා. ඔබත් මෙසේ කරලා බලන්න. බාර ගැට ගහනවාට වඩා මොනතරම් යහපත්ද? ලැබෙන සහනය කෙතරම්ද කියලා. ඉන් පසු තමන්ට හැකි දවසක අර දානය දීලා පින් පමුණුවලා තමන්ට මේ තාක් සිදු කර දුන් දේවල් වලට කෘතගුණ සැලකීමක් ලෙසට පලතුරු වට්ටියක් ගෙනගොස් තමන්ගේ සිතේ සිටින දෙවි කෙනෙකුට පූජා කරන්න. මට තවත් දේවල් ලබා දෙන්න කියන චේතනාවෙන් නෙවෙයි. දැනටමත් ඔබට ලැබිලා තියෙන දේවල් ගැන සිතා බලන්න. ඔබ කීපාරක් හදිස් අනතුරු වලින් බේරුනාද කියලා සිතා බලන්න. ඔබට පාඩුවෙන්න ගිය විට කීපාරක් ඔබ ඉන් බේරුනාද කියලා සිතා බලන්න. මේ විදිහට ධනාත්මකව සිතන්නට පුරුදු වෙන්න. ඔබ මේ පලතුරු වට්ටයත් සමග යම් මුදලක් පූජා කරනවා නම්, ඒ සල්ලි අසරණ මනුස්සයෙකුට දෙන්න. ඒ පිනත් අර දෙවියන්ට අනුමෝදන් කරන්න. අපි සාමාන්‍යෙයන් කතරගම යනවා නම් මුලින්ම කිරිවෙහෙරට යනවා නේද? මම කිරිවෙහෙරට විතරක් ගිහින් ආපු වාර ගණන විසි පාරකට වැඩි ඇති. ඇයි මම කිරිවෙහෙරේ ඉදලම දෙවියන්ට පින් දීලා ආවේ. ආපහු අර පෝලිමේ ගිහින් පින් දෙන්න හෝ පලතුරු දෙන්න හෝ කපුවාට කියලා යාතිකා කරගන්න දෙයක් නැහැ. අපේ සිත දේවාලයයි. තමන් තවත් කෙනෙකුට අවැඩක් අසාධාරනයක් වන දෙයක් කරන්නේ නැහැ කියන දැඩි අධීෂ්ඨානයේ සිටින්න. දෙවියන් ඔබ ලගට වඩිනවා. ඔබ දෙවියන් ලගට යන්නට අවශ්‍ය නැහැ. ඔබගේ සිතත් දේවාලයක් කරගන්නට සිතුනා නම් ෂෙයා කරලා තවත් කෙනෙකුට මග සලසා දෙන්න. මෙත් සිතිනි..!!
2/28/2026
නිවන් අරමුණු කර පහන් පූජා කරන ආකාරය
පහන් පූජාව දැන් අලෝක පූජාවක් විදිහටයි සිදු කරන්නේ. එය ප්‍රඥාලෝකය මතුකර ගැනීම පිනිසද භාවිතා කරනවා. කෙසේ වෙතත් ප්‍රඥාව මතු කරගන්නට නම් පහණ තුලින් අනිච්ඡ දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂනය දැකිය යුතුයි. එසේ නැතිව පහල වෙන ප්‍රඥාවක් බුදු දහමේ නැහැ. මේ නිසා අපි ඒ ගැන ටිකක් තේරුම් ගන්නට බලමු. ටිකක් ගැඹුරු මාතෘකාවක් මා හට තේරෙන විදිහට කියාදෙන්නට දරන උත්සාහයක් නිසා වැරදි අඩුපාඩු ඇත්නම් කමෙන්ට්ස් වලදී නිවැරදි කරන්න. මේ විශ්වයේ තියෙන සියළුම අංශු ප්‍රකම්පණය වන බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අද ඒ බව නවීන විද්‍යාවද පිලිගන්නවා. කොටින්ම කියතොත් ආලෝකය පවා කම්පණ සංඛ්‍යාතයක් සහිත බව දැන් අපි දන්නවා. මේ කම්පණ ගැන විද්‍යාව දන්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි. දැනට විද්‍යාවට හසුවන ඉතාම ක්ෂුද අංශුවට වඩා ඉතාමත් කුඩා අංශුවක් ගැන බුදු දහමේ සදහන් වෙනවා. ඒ තමයි ශුද්ධාෂඨකය. මේ ශුද්ධාෂඨකය කියන අංශුවක් සෑම චිත්තක්ෂන 17 ක් තුලදීම ඇතිවී. පවතින කාලය තුල වෙනස්වී නැතිවී යනවා. නැවතත් ඒ ශුද්ධාෂඨකය එතනම එකක් හෝ ඊට වැඩි ගණනක් ලෙසට මතුවී එනවා. මෙන්න මේ ඇතිවීීම, පැවතීම නැතිවීම යක කාරණය අපිට හිතාගන්නට වත් බැරි කාලයක් තුලදී සිදු වෙනවා. නමුත් එතනම නැවතත් උපදින නිසා අපිට මේ වෙනසවත් නැතිවීමවත් හදුනා ගන්න බැහැ. මේ නිසා අපි යමක් පවතිනවා කියා සිතාගෙන සිටිනවා. අපි දන්නා කුඩාම අංශුව වන පරමාණුව සැදී ඇත්තේ මෙවැනි ශුද්ධාෂඨක ලක්ෂගාණක් එකතු වෙලා. ඉතිං පරමාණුවත් මෙසේම ඇතිවෙලා පැවතිලා, පවතින කාලය තුල වෙනස් වෙලා නැතිවෙලා යනවා. ඊලග චිත්තක්ෂණය තුලදී නැවතත් ඒ පරමාණුවම නිර්මාණය වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය භ්‍රමණය වෙවී දීර්ඝ කාලයක් තුල සිදුවෙනවා. මේ අනුව අපගේ ශරීරයේ සෛලද, අප වටපිටාවෙ ඇති සියළු පණ ඇති පණ නැති දෑද ඇති වෙවී නැති වෙවී නැවතත් ඇති වෙවී පවතිනවා. නමුත් අතරක් දකින්නට නොහාකි නිසා සත්වයෙක් පුද්ගලයෙක් හෝ යමක් ඇතැයි අපිට සිතෙනවා. සාමාණ්‍ය මසැසට එය එසේ වුනාට වරදක් නැහැ. නමුත් ප්‍රඥාවට නම් මෙම යාන්ත්‍රනය ඒ විදිහටම දැකගත යුතුයි. එවිටයි ඔබ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මය දුටු කෙනෙක් වෙන්නේ. පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස. එසේනම් මේ දේ නොදකින කෙනාට ධර්මයෙන් පලයක් ගන්නට බැහැ. ටිකක් සිතාගන්නට අපහසු වුවත් නැවත නැවත කියවලා බලන්න. තේරෙයි. දැන් මේ ඇතිවන නැතිවන ස්වභාවය අපේ ශරීරයේද පවතිනවා. කුඩාම කොටසේ ක්‍රියාකාරීත්වය එසේ නම්, අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේද එවැනි ශුද්ධාෂඨක වලින් නම්. අපගේ සිරුරද ඇති වෙවී නැතිවෙවී පවතින බව වැටහෙනවාද? අපි එසේ සිතන එකේ ඇති වරදක් ඔබ දකිනවාද? එසේනම් අපගේ සිරුරද ඇතිවෙන නැතිවන දෙයක් බවට සැක හැර සිතා ගත හැකිද? චිත්තක්ෂණයක් කියන්නේ අපිට හිතාගන්නට බැරි තරම් කුඩා කාලයක්. අපි චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටියේ තත්පරයකට රාමු 25 ක් විතර යනවා. ඉස්සරනම් 15 ක් විතර තමයි මම දන්න හැටියට. ඒ 15 එකපිට එක දුවන නිසා අපිට මේක පින්තූර ගොඩක එකතුවක් ලෙසට දකින්ට බැහැ. ඒක ස්වභාවික සජීවී රෑප මාලාවක් ලෙසට පේනවා. නමුත් මේක අහුවෙන එක තැනක් තියෙනවා. ඒ තමයි චිත්‍රපටියේ වාහනයක් ධාවනය වන තැනක් පෙන්වුව හොත් ඒ වාහනයේ රෝදය සමහර වෙලාවට අනෙක් පැත්තට කැරකෙනවා පේන වෙලාව. සමහර වෙලාවට අපිට පේනවා රෝදය අනේක් පැත්තට කැරකෙන බව. මේක සිදුවන හේතුව දැනගන්න. එවිට අපිට චිත්‍රපටිය වුවත් ප්‍රඥාව අවධිකරගන්නට යොදාගන්නට හැකියි. ඇයි එහෙම පේන්නේ. රෝදයේ එක් දාරයක් එක තැනක සිට නැවතත් ඒතැනටම එන්නට තත්පරයෙන් 1/10 ක් ගියා කියා සිතමු. මේ අනුව අර රෑප රාමු 15 තුල මේ රෝදය කැරකිලා ඇති බව දැක්වෙන්නේ එක රාමුවක 1/10 ක දුරක් ලෙසයි. අපේ ඇසේ රෑප හදුනා ගැනීමේ වේගයත් තත්පරයකට 15ක් විතර වෙනවා. ඉතිං අපිට අර රවුමක් ගියා කියලා හිතාගන්නවාට වඩා ලෙසියි ප්‍රතිවිරුද්ධව කැරකුනා කියලා හිතාගන්න එක. මේ නිසා අපි කිසිම මහන්සියක් නැතිව රෝදය අනෙක් පැත්තට කැරකෙනවා කියලා හිතා ගන්නවා. නිලා කූරක් අරං කරකවන කොටද මේ වගේ තමයි. රවුමක් පේනවා. ඒත් එතන රවුමක් නැහැනේ. අපේ සිරුරත් එහෙමයි. ඉතාමත් වේගයෙන් ඇතිවෙනවා නැතිවෙනවා ඉතාමත් සුළු චිත්තක්ෂන ගණනක් පවතිනවා. ඒ කාලය තුල වයසට යනවා. ඉන්පසු මරණයට පත්වෙනවා. නමුත් විඥ්ඥානය මගින් නැවතත් ඒ නැතිවූ රෑපය පවත්වන්නට ශක්තිය ලබාදෙන නිසා එකක් හෝ ඊට වැඩි ගණනක් ලෙසට නැවත උත්පාද වෙනවා. යම් දවසක මේ විඤ්ඥානයට මේ කාර්‍ය්‍ය කරගන්නට නොහැකි වුනොත් එදාට මේ සිරුර මලකදක් ලෙසට ඇද වැටෙනවා. අපි නිරන්තරයෙන් මරණය හා සම්බන්ධ වූ අය. අපිට නොපෙනෙන නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන සිටිනවා. ඒ ඉන්නේ රෑප පවත්වන්නට හැකි වේදනා, සංඥා, සංකාර ඵස්ස මණසිකාර කියන නාමය නිසා කියලා කිසිකනෙක් සිතන්නේ නැහැ. මම කියලා කෙනෙක් ගැන සිතමන් සිටිනවා. (මෙම පාලි වචන අවශ්‍ය නම් පසුව කතා කරමු.) පහනත් එහෙමයි. තිරය තෙල් වලින් පෙගෙනවා. තෙල් බින්දුවක් තිරය උඩට එනවා. තෙල් බ්න්දුව ගිණි බින්දුවකින් වට ගර ගන්නවා. තේල් ටික පිච්චිලා යනවා ගින්දර ඇතිවෙලා නැතිවෙලා ඉවරයි. දැන් ආපහු තෙල් බන්දුවක් උඩට එනවා පෙර සේම ගිනි බින්දුව ඇති වෙලා නැති වෙලා යනවා. අපි පහන් දැල්ල දැකලා සතුටු වෙනවා. සුලගක් ඇවිල්ලා නිවෙයි කියලා කම්පා පෙනවා. සුලං නො වැදෙන සේ තබා ගන්නට වෙර දරනවා. තිරය තෙල් වල ගිලිලා පහන නිවෙයි කියලා කම්පා වෙනවා. තිරය පහලට යන එක නවත් වන්නට කාසියක් වත් දමනවා. තිරය ඉවරවෙලා නිවිලා යයි කියලා කම්පා වෙනවා අළුත් තිරයක් සොයලා දානවා. තෙල් ඉවරවෙලා නිවිලා යයි කියලා කම්පා පෙනවා අනේ තෙල් වලින් පහන පුරවනවා. මේ පහන කී පාරක් දැන් නිවි නිවි පත්තු වෙන්න ඇත්ද, අපි මේ සත්‍ය දකින්නේ නැතිව පහන පත්තුවෙලා තියෙන්නට අවශය දේවල් කරනවා. ඒත් පහන නිවි නිවි පත්තු වෙනවා. අපි පත්තු වෙලා තියෙන පහනක් දැකලා සතුටු වෙනවා. එය බුදුන්ට පූජා කරලා ආලොකය අයැදිනවා. අපි අපේ ජීවිතයටත් මේ ටිකම නේද කරන්නේ. මරණයෙන් බේරෙන්න මොනතරම් දේවල් කරනවාද නේද? ආයෂ අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා, කර්මය අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා, ආයුෂයි කර්මයයි දෙකම අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා. ආයුෂ සහ කර්මය දෙකම තිබියදී සුලගක් ඇවිත් පහණ නිවීගියා සේ මැරෙයි කියලා බයෙන් ඉන්නවා. තෙල් සහ තිරය ආයුෂ සහ කර්මය ලෙසට සිතා ගන්න. අපි නිරන්තරයෙන් ඉපදි ඉපදී මැරි මැරී සිටින බව දන්නවා නම් අපි ජීව්ත්වන්නට දරණ වෑයම තුල යම් කෙනෙකුට අවැඩ අසාධාරන කම් කරයිද? වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා කරයිද, මගේ මගේ කියා ගොඩ ගසයිද? අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්නට යත්න දරයිද? නැහැ නේද? ඔබ යම් ආකාරයකින් ඒ දහම් දුටු බව ඔබගේ පැවැත්මට ප්‍රශ්නයක්ද? නැහැ. සත්‍යය දකිනවා කියන්නේ මේ දේවල් ඇති සැටියෙන් දැකීමයි. මේ සිද්ධි දාමය කිසිම විටක අපිට කැමති සේ නැති බව පමණක් දැනගත්තා නම් ඒ ඇති. මේ සියල්ල අපේ කැමැත්තේන් තොරවයි සිදුවෙන්නේ. පහනත් එසේමයි.අපේ කැමැත්තෙන් තොරවමයි පවතින්නේ. දොලොස් මහේ පහනට වුවත් තේල්දානකම් තමයි පත්තුවෙන්න පුලුවන්. ඒත් අපේ කැමැත්ත නම් සදාකල් පත්තු වෙලා තියෙන්නයි. පහනේ නිවී යාම සිදුවන්නේ යම් සේද, අපිද යම් දවසක මරණයට මුහුණ දෙන්නේය. ඒත් මෙහි අවසානයක් නැත. නැවතත් තැනක පහණක් පත්තු කරන්නට අවශය තෙල් සහ වැටි අපසතුව ඇත. ඒ තෙල් සහ වැටි අවසන් වන තුරු නිවන්ක් නැත. සෑම අත් බැවකම අන් අයට එලිය දෙන්නට පමණක් අපිට සිදුවේ. අපගේ ජීවිතය එලිය කරගන්නට නම් මේ චිත්තක්ෂන ගණණක් තුල මැරි මැරී උපදින අනිච්ඡ වූ ස්වරෑපය තේරුම් ගත යුතු වන්නේ ය. මේ අණුව ඔබගේ මේ තාක් තිබු ඝණ අදුර දුරුවී යන්නට පාර සැදෙන්නේ ය. දැන් ඔබට ඝණසාරප්ප දිත්තේන ගාථාව කියා කියා ඝණ අදුර දුරුකර ගත හැකිය. මේ දේවල් අප දැනගත්තේ වහරක අභයරතනාලංකාර හිමියන් අපිට දේශනා කල නිසයි. මා දිවිහිමියෙන් උන්වහන්සේ අපිට කියා දුන් දහම රැකගන්නට වෙර දරමි. ෂෙයාර් කලා නම් තවත් කෙනෙකුට දැනගන්නට සැලැස්විය හැකිය. මෙත් සිතිනි…!!
2/28/2026
මේ ගැනත් සිතන්න.
ඔබ යම් ප්‍රතිකාරයක් සඳහා යම් වෛද්‍ය වරයෙක් වෙත යොමුවෙනවා නම් අදාල වෛද්‍ය වරයා හෝ අදාල ප්‍රතිකාරය කෙරෙහි ඇති විශ්වාසය තම රෝගය සුව වීමට බලපානු ඇත. මේ නිසා ඔබ යම් වෛද්‍ය වරයෙක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් වෙත යොමුවෙනවා නම් හොඳින් සොයා බලා තමන්ට විශ්වාසවන්තව තම රෝගය සුව කරගන්නට යම් ප්‍රතිකාරයක් ලැබේය යන විශ්වාසය මත පිහිටා අදාල ප්‍රතිකාරය වෙත යොමු වෙන්න. එසේ නොවුනහොත් සිදු වන්නේ ඔබට අතීතයේ ඇති අත්දැකීීීම් නිසා හෝ වෙනත් අය කියන දේවල් නිසා තම සිතද දෙගිඩියාවකට පත්වීමයි. එසේ වීමෙන් සිදුවන්නේ ලෝකයේ තියෙන හොඳම බෙහෙත ලැබුනත් එයින් තමන්ගේ රෝගය සුව නොවීමයි. ඔබගේ රෝගයක් සුව වීමට බලපාන කාරණා 3ක් ඇත. මනස කර්මය කය මේ තුනෙන් එකක් හෝ ආපස්සට අදිනවා නම් ඔබට රෝගයක් සුව වන්නට ඇති පාරවල් වැසේ. මේ නිසා මනස ධනාත්මකව තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. කර්මය සකස් කරගැනීමට ඔබ නිරතුරුව වෙහෙසිය යුතුය. ඒ සඳහා ඔබගේ ගුණවත් කම ඉතාමත් වැදගත් වේ. මේ නිසා. අන් අයගේ දොස් දකින්නේ නැතිව ගුණයම දකින්නට පුරුදු වෙන්න. ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්නට හැකි වේවි. මෙත් සිතිනි…!!
2/28/2026
බෝධිපූජාවක් නිවැරදිව තබන ආකාරය.
1. සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ ද පනං – ඒතං බුද්ධාන සාසනං (—- 9 වරක්) 2. සබ්බීතියෝ විවජ්ජන්තූ – සබ්බ රෝග විනස්සන්තූ මාතේ භවත් වන්තරායෝ – සුඛී දීඝායුකෝ භව (—- 9 වරක්) 3. යං කිංචි චිත්තං ඉධවා හුරංවා – සග්ගේසුවායං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන – ඉධම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ථි හොතු. (—- 9 වරක්) 4. යං දුන් නිම්ත්තං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – බුද්ධානු භාවේන විනාසමෙන්තූ යං දුන් නිම්ත්ුතං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – ධම්මානු භාවේන විනාසමෙන්තූ යං දුන් නිම්ත්තං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – සංඝානු භාවේන විනාසමෙන්තූ ( 9 වරක්) 5. අලංකතෝ චේපි සමං චරෙයිය - සන්තෝ දන්තෝ නියතෝ බ‍්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං - සෝ බ‍්‍රාහ්මණෝ සෝ සමණස්ස භික්ඛූ 6 බුද්ධානු භාවේන – සබ්බ රෝග විනස්සතූ සබ්බ භය විනස්සතූ – සබ්බ වින විනස්සතූ සබ්බන්තරාය විනස්සතූ – වින බන්ධන විනස්සතූ බුද්ධානු භාවේන – සොත්ථි මේ හෝතු සබ්බදා බුද්ධානු භාවේන – සොත්ථි තේ හෝතු සබ්බදා ( ඉහත 5,6 ගාථා දෙක 108 වරක් සජ්ජායනා කරන්න. අලංකතෝ ගාථාව අවසන් වූ පසු බුද්ධ රතනානු භාවේන ගාථාව සජ්ජායනා කරන්න. මේ ආකාරයට 108 වාරයක් විය යුතුය * 7. සබ්බේ බුද්ධා බලප්පත්තා – පච්චේ කානංච යං බලං අරහංතානං ච තේජේන – රක්ඛං බන්දාමි සබ්බසෝ ( 9 වරක්) 8. යං දුන් නිම්තතං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – බුද්ධානු භාවේන විනාසමෙන්තූ යං දුන් නිම්ත්ුතං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – ධම්මානු භාවේන විනාසමෙන්තූ යං දුන් නිම්ත්තං අවමංගලංච – යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – සංඝානු භාවේන විනාසමෙන්තූ ( 9 වරක්) 9. අභිවාදන සීලිස්ස – නිච්චංවද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඞ්ඩන්තී – ආයු වණ්ණෝ සුඛං බලං ( 9 වරක්) (දෙවියන්ට සහ ඥාතීන්ට පින් දෙන්න - ඥාතීන්ට පින්දෙන්න) අතීත සංසාරයේ සිට මාගෙන් අවැඩ අසාධාරණයට ලක්වූ ගන්ධබ්බ ලෝකයේ සිට හෙණ හුරු කරමින් කාලය ගත කරන සියළු දෙනාට ඒ විදින දුකෙන් නිදහස් වීමට පින් දෙන්න. සෙත් කවිය අතුල තුන් ලෝ අමිත ගුණ තෙද – අමත වරදම් දෙසූ දම් රජු විපුල මෙත් කරුණා දයාවෙන් – දෙසූ සදහම් ඔසුව සෙත් සැදු රතන සුතුරින් නැගුන ගුණයෙන් – විසාලා මහ නුවර සැනසූ සත්ත බලයෙන් මගේ ගහ දොස – නැසේවා ගුණ බෙලෙන් සම්බුදු ( 7 වරක්) සියළු සත්වයෝ නිදුක් වෙත්වා - නිරෝගී වෙත්වා - සුවපත් වෙත්වා - දුකින් මිදෙත්වා.
3/7/2026

හෘද රෝග සහ වකුගඩු ආශ්‍රිත රෝග නිට්ටාවට සුව කර ගන්න
. මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ අප කල්‍යාණ මිත‍්‍ර වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි ප‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු. අද දින අප විසින් ගෙන එන්නේ ඉතාමත් වැදගත් ඖෂධ දෙකකි. දෙකක් එකම ලිපියකින් ගෙන එන්නට තීරණය කලේ පලමු බෙහෙත ක්‍්‍රියාත්මක වීම නිසා ශරීරයෙන් ඉවත් වන අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය මාර්ගය සලසා දීමටයි. මෙම අපද්‍රව්‍ය බැහැර විය යුතුව ඇත්තේ මුත‍්‍ර මාර්ගය හරහාය. මෙසේ බැහැර වන්නට පැමිණෙන කැල්සියම් කාබන් වැනි අපද්‍රව්‍ය වකුගඩු තුල එක්රැස් විය හැකි නිසා දෙවැනුව අප විසින් ලබාදෙන බෙහෙතද භාවිතා කල යුතුය. එමගින් වකුගඩු හොඳින් පිරිසිදු වේ. මුලින්ම ඔබ වෙත ගෙන එන්නේ අද අප රටේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම මිනිස් ජීවිතටයට තර්ජනයක්ව පවතින සිරුරට අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කර හෘදය වස්තුවෙන් පොම්ප කරන රුධරය කිසිදු අවහිරයකින් තොරව ශරීරයේ අවයව කරා ඇදී යෑමට සැලැස්වීමට අවශ්‍ය ඉපැරණි හෙල ඔසුවකි. මෙ මගින් රුධිර නාල වල බැඳී ඇති අනවශ්‍ය මේදය ඉවත් කර රුධිර නාල තුල රුධිරයට රිසිසේ ගලා යෑමට ඉඩ සලසා දෙනු ඇත. එමගින් ඔබගේ ජිවිතයට මෙතෙක් තිබූ තර්ජනය ඉවත් වී යනු ඇත. අවශ්‍ය ඖෂධ වර්ග. • පේර කොළ කිලෝ 1 යි. ( මෙහිදී සොයා ගත යුත්තේ ලංකාවේ වැවෙන පේරයි. ඇඹුල් පේර නැමති කුඩා පේර හෝ දෙමුහුන් පේර වලද පිටරවටලින් ගෙනැවිත් ජාන තාක්ෂණයෙන් වෙනස් කරන ලද පේරද නොගත යුතුයි. ) • නා කොළ කිලෝ 1 යි. • හීන් උඳුපියලිය කිලෝ 1 යි. • වේලපු බෙහෙත් නෙල්ලි ග‍්‍රෑම් 400 යි. ( දුම් ගසා වේලන ලද නෙල්ලි නම් හොඳින් සෝදා ගන්න. ) සාදන ආකාරය. වතුර බෝතල් දෙකක් මැටි මුට්ට්යකට දමා ලිපේ තබා තම්බා ගන්න. වතුර ප‍්‍රමාණය බෝතල් 1 1/2 ක් පමණ වන විට නෙල්ලි තැම්බූ වතුර ටික පෙරා ගන්න. මුට්ට්යේ අති නෙල්ලි ටික මුට්ටියේම තිබෙන්නට හරින්න. දැන් කොළ වර්ග තුන හොඳින් කපා ඉවත් කරගත් නෙල්ලි තැම්බූ වතුර මිශ‍්‍ර කරමින් වංගෙඩියක දමා කොටන්න. ( මේ සඳහා බ්ලෙන්ඩරයක් පාවිච්චි කලාට වරදක් නැත ) හොඳින් කොටා අවසන් වූ පසු පෙරණයක් ආධාරයෙන් ඉස්ම ටික පෙරා ගෙන ඉතිරිවන රොඕඩද හොඳින් මිරිකා ඉස්ම නැති බව හැඟේනම් ඉවත් කරන්න. දැන් මුට්ටියේ ඇති නෙල්ලි ගෙඩි ටික ඉවතට ගෙන ඇට ඇත්නම් ඉවත් කරන්න. දැන් නෙල්ලි ටිකද ඉහත සාදාගත් මිශ‍්‍රණය සමග හොඳින් අඹරා ගන්න. දැන් මෙම මිශ‍්‍රණයෙන් කුඩා කුඩා ප‍්‍රාමාණ අතට ගෙන කෝපි ගෙඩියක පමණ ප‍්‍රමාණය වන ලෙසට ගුලි කරගන්න. දැන් මෙම ගුලි ටේ‍්‍ර එකක් මත අසුරා හොඳින් අව්ව වැටෙන තැනක තබා සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි වේලා ගන්න. හොඳින් වේළුන පසු බෝතලයක දමා තබා ගත හැකිය. කිසිවිටකත් අධික උෂ්ණත්වයක් යටතේ වේලා නොගත යුතුය. එසේ කලහොත් මෙහි ඖෂධ ගුණය නැසී යා හැකිය. අවන් එකක් භාවිතා කරන්නේ නම් අංශක 60 දක්වා පමණක් උෂ්ණත්වය සකසන්න. පාවිච්චි කරන අකාරය. ගුලි එක බැගින් දවසට තුන් වරක් කෑමට පෙර හෝ පසු තමන්ට පහසු ආකාරයකට ගත හැකිය. මෙසේ මාස තුනක් පමණ පාවිච්චි කරන විට හදවතේ කපාට වල සහ නහර වල බැඳී ඇති කොලෙස්ටරෝල් ගැලවී ඉවත් වෙනවා. ඉන්පසු මෙම නාල යතා තත්වයට පත් වෙනවා. මෙම ක්‍්‍රියාවලිය නිසා මෙතෙක් කල් නහර වල බැඳී තිබූ කාබන් සහ කැල්සියම් අඩංගු අපද්‍රව්‍යද මේ බෙහෙත හේතුවෙන් ඉවත් වෙනවා. දැන් මේ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්නට අවශ්‍ය වෙනවා. මෙම අපදන්‍්‍ය වලින වැඩි කොටසක් මුත‍්‍ර මාර්ගය හරහා ඉවත් කරනවා. මේ නිසා වකුගඩු වලට වැඩ වැඩි වෙනවා. එසේම ඝණ අපද්‍රව්‍යද බැහැර වීමට වකුගඩු වලට පැමිණෙන නිසා අපි වකුගඩු වල ක්‍්‍රියාකාරීත්වය වැඩි කිරීමටද අවශ්‍ය ඖෂධ ලබා දිය යුතුයි. අප පහතින් දක්වන්නේ එම ඖෂධ වට්ටෝරුවයි. අවශ්‍ය ඖෂධග • කරඹ කොළ හෝ ජැම්සන් කොළ කිලෝ 1 යි. • අක්කපාන කොළ කිලෝ 1 යි. • වේලපු බෙහෙත් නෙල්ලි හෝ කොත්තමල්ලි ග‍්‍රෑම් 400 යි. ( දුම් ගසා වේලන ලද නෙල්ලි නම් හොඳින් සෝදා ගන්න ) මේ දෙවර්ගයෙන් එකක් පමණක් ගන්න. • සාදා ගන්නා ආකාරය. ඉහත බෙහෙත සාදාගත් ආකාරයටම නෙල්ලි හෝ කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් ගෙන එකහමාරක් වන තෙක් උතුරවා ගන්න. දැන් පෙර සේම කොල වර්ග දෙක ගෙන කොටා ගන්න. දැන් ඉහත බෙහෙත සාදාගත් ආකාරයටම කොළ වර්ග කොටා ඉස්ම ගෙන නෙල්ලි හෝ කොත්තමල්ලිද අඹරා එම මිශ‍්‍රණයට එකතු කොට කෝපි ගෙඩි ප‍්‍රමාණයේ ගුලි සාදා ගන්න. ගුලි සෑදීමට අපහසු නම් අව්වේ දමා වේලාගෙන අවශ්‍ය පදමට පැමිණි පසු ගුලි කර ගත හැකියග ඉන්පසු ගුලි පෙර සේම අව්වේ දමා වේලා ගන්න. අංශක 60ක උෂ්ණත්වයේ වේලාගැනීමද කල හැකිය. මේ සඳහා විදුලි උදුනක් භාවිතා කරන්නේ නම් අංශක 60 ට වඩා වැඩි නොකිරීමට වග බලා ගන්න. මෙම ගුලි ජල වාෂ්ප නොයන සේ භාජනයකට දමා වසා තබන්න. පාවිච්චි කරන ආකාරය. ඉහත සඳහන් ගුලි වැඩිපුර පාවිච්චි කරන්නේ නෑ. හෘදය වස්තුව පිරිසිදු කිරීම සඳහා ගන්නා ගුලි පාවිච්චි කර සතියකින් පමණ පසු මෙම දෙවැනුව සාදාගත් මුත‍්‍ර මාර්ගය පිරිසිදු කිරීම සඳහා වන ගුලි භාවිතා කරන්න පුළුවන්. දවසකට 1 ගුලියක් බොන්න. මෙමගින් වකුගඩු වල ඇති ඝණ අපද්‍රව්‍ය දියකර හරිනවා. මෙම ප‍්‍රතිකර්මය සතියක් පමණ සිදු කර නතර කරන්න. ඉන් පසු තමාගේ බෙඬ් කොර ගතියක් ඒ දැයි සැලකිලිමත් විය යුතුය. ඉන් කියවෙන්නේ තවත් අපද්‍රව්‍ය වකුගඩු වල ඇති බවයි. එසේ වුවහොත් එම කොරගතිය නැති වන තෙක් මෙම දෙවනුවට සාදාගත් ගුළි පාවිච්චි කරන්න. මුලින් සඳහන් කල ගුලි අදාල කාලය සම්පූර්ණ වන තෙක්ම ගන්න. එය නවත්වන්න එපාග එම බෙහෙත නිසා ඉවත්වන අප ද්‍රව්‍ය පිටකිරීමට මුත‍්‍ර මාර්ගය යොදා ගන්නා නිසය. මෙසේ බෙඬ් කොර ගතිය ඇති වෙන්නෙ මෙම ප‍්‍රතිකාර දෙක එකවර සිදු කරන්නේ මෙම රෝගය නිට්ටාවට සුව කිරීමටයි. පළමුව දැක්වූ ඖෂධය ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. දෙවනුව සඳහන් කල බෙහෙත පමණක් අවශ්‍ය වුවහොත් පමණක් ගත යුතුය. දින තුනක් පමණ භාවිතා කිරීම සියළු දෙනාටම ගුණයි. ඉඳහිට හෝ මෙසේ මුත‍්‍රා මාර්ගය පිරිසිදු කරගැනීම සුදුසුය. ඔබට මෙම ඖෂධ සාදාගැනීමට අපහසුනම් හෝ වෙනත් රටක වෙසෙන්නේ නම් මේ සඳහා විකල්පයක් ලෙස Chlorella Sorokiniana Algae භාවිතා කල හැකිය. එහි ඉහත සඳහන් කල බෙහෙත් දෙකෙහිම ගුණ අඩංගුව අත. මේ ආකාරයට ඔබගේ හදවත් රෝග සහ වකුගඩු රෝග සුව කර ගත හැකිය. නමුත් ඔබ යම් අකුසල කර්ම යක් නිසා මෙම රෝගී තත්වයට පත් වී ඇත්නම් එම අකුසලය ඔබ වෙත ගෙන එන තමාගේම අතින් ඉහත ආත්ම භාවයකදී යම් අවැඩක් අසාධාරණයක් සිදුවීම නිසා අද දුගති ගාමීව සිටින තමාගේම ඥාතියෙකු තමා ලඟම සිටින නිසා ඔවුන් මෙම රෝගය සුව වීමට ඉඩ නොදෙයි.ඒ නිසා ඔබගේ රෝගය සුව නොවේ. එවන් අවස්ථාවකදී ප‍්‍රථමයෙන්ම තමාගේ ඥාතිවර්ගයාව දැනට ඉන්නා දුගතියෙන් ඉවත් කල හැකි වන සේ දානමය පින් කමක් සිදුකොට පින් අනුමෝදන් කල යුතුය. එවිට ඔවුන් ඔබගෙන් ඉවත්වන නිසා මෙම ප‍්‍රතිකර්මය නිසියාකාරව සිදුකරගත හැකිය. තම සංසාරගත ඥාතීන් නිදහස් කරගැනීමේ ක්‍්‍රියාවලිය පහත ඇති ලින්ක් එක මාර්ගයෙන් දැනගත හැකිය. තවත් විස්තර අවශ්‍යනම් වෙබ් අඩවියේ ඇති අංකයකින් අප හා එක්වන්න.
3/5/2026

ඔබ කුස තුල පිළිසිඳිනට වරම් දෙනු මැනේ! abortion
කිරි අම්මා වරු දනට වඩිනවා – අම්මා ඇයි ඒ දනට නොයන්නේ මෙම ලිපිය ඔබ වෙත ගෙන එනේනේ දරුවන් නොලැබීමට ඇති එක් ප‍්‍රධාන හේතුවක් ගැන ඔබගේ සිත යොමු කිරීමේ පිරිසිදු චේතනාව ඇතිවය. නමුත් ඊට මුල පිරීමක් ලෙස වෙනත් මාතෘකාවක් ගැන කථා කිරීමට සිදු වී ඇත. ඒ ගැන සමාධිය බජනය කරන මෙන් ඉල්ලා සිටිමි. හොල්මන් අවතාර වැනි අදෘෂ්‍යමාන සත්වයන් වර්තමාන සමාජයේ සිටින සමහර උදවිය පිළි නොගනී. නමුත් ඔවුන් ගේ සිතද හොල්මනක් නිසා බියවූ අවස්ථා ඕනෑ තරම් තිබිය හැකිය. එහෙත් ඔවුන් එය බාහිරට පෙන්විමට මැළිවෙයි. හෝල්මන් යනු කවරහුද? සමහරු පවසන අන්දමට මේ හෙල්ලෙන මනසද? මේ ගැන ටිකක් සිතා බලන්නට හැකිනම් ඔබට ජීවිතයේ මෙතෙක් කල් අවබෝධ නොවූ බොහෝ දේ වටහා ගන්නට හැකි වනු ඇත. නිසල මනසකින් යුතුව මෙම ලිපිය කියවා තේරුම් ගන්න. ඔබගේ ජීවිතයේ වැරදුන තැනක් නිවැරදි කරගන්නට මෙම ලිපිය අත්තිවාරම දමනු ඇත. මෙය කියවන්නට නොහැකි වන්නේ නම් ඒ ඔබගේ හෝ අදාල දරුවාගේ පව්කාර කම යැයි කිව යුතුය. යම් දවසක ඔබ අතින් සිදුවූ ඒ වරද නිවැරදි කිරීම මෙම ලිපිය අවසන් වූ වහාම අරඹන්න. තවත් ලක්ෂ ගණනක් මේ වරද කර ඇති නිසා ඔවුන්ද ගලවා ගැනීමේ අභිලාෂය ඇතිව මෙම ලිපිය ෂෙයාර් කරන්න. එය ඔබගේ මෙම අකුසලයෙන් ගැලවෙන්නට හේතු වන පළමු පියවර වනු ඇත. කෙනෙකු හදිසි අනතුරකින් මිය ගිය හොත් ඒ මිය ගිය තැන අදාල තැනැත්තා හොල්මන් කරන බව අපි අසා ඇත්තෙමු. දැක ඇති අයද අප අතර සිටින බව නො රහසකි. නිවසක් තුල ගෙල වැලලා ගෙන මිය ගිය පසු මලූ ගෙදරම පාලූ වී යයි. මිය ගිය තැනැත්තා හොල්මන් කරන්නට පටන්ගනී. කෙනෙකු කපා කොටා මරා දැමූ තැන්වලද මෙසේම හොල්මන් අවතාර ඇති බව අපි දනිමු. හොල්මන් යනු කවුරුන්ද? ඔවුන් යම් ස්ථානයක පමණක් හොල්මන් කරන්නේ ඇයි? ඔවුන්ට වෙනත් වාසස්ථානයක් නොමැතිද? මේ ගැන තවත් ටිකක් විපරම් කර බලමු. හොල්මන් යනු සතර අපායටම අයිති තවත් එක් සත්ව කොටසකි. පේත වත්තුපකරණය යන ත‍්‍රිපිඨකයට අයත් ග‍්‍රන්ථය කියවා ගෙන යන විට රහත්න් වහන්සේලාට හමුවූ මෙවැනි පේ‍්‍රතයන් කොටසක් ගැන කරුණු හමුවේ. එම පේ‍්‍රතයන් විරූපී ස්වභාවයක් ගන්නා අතර කෙලෙස් සහිත මිනිසුන් බිය ගන්වන සුලූ බව කිව හැකිය. මෙම හොල්මන් මිනිසුන්ට පෙනෙන්නට ජීවත් වන්නේ යම් දෙයක් නිසාය. ඒ එවුන්ට පින් ලබා දෙන්නේ නම් එම දුගතියෙන් ඉවත්ව යා හැකි බව ජීවත් වන අයට කියා පෑමටය. නමුත් ජීවත්වන අය ඔවුන් දුටු විට තැති ගන්නා නිසා අදාල පේ‍්‍රතයාගේ අවශ්‍යතාවය ඉටු නොවේ. බිය වූ තැනැත්තා පේ‍්‍රතයාගේ උවමනාව ඉටු කිරිම පසෙක ලා තමා බිය නොවී සිටීමට අවශ්‍ය වටපිටාව සාදා ගැනීමට වෙහෙසෙයි. අදාල පේ‍්‍රතයන් හෝ භූතයන් අල්ලා සිර කිරීමටත් ආරක්ෂාවල් දමා ගැනීමටත් පටන් ගනී. පේ‍්‍රතයාගේ උවමනාව කල්ප ගනනකට කල් යයි. ඒ අදාල පේ‍්‍රතයාගේම අකුසල කර්මය පලදීමක්මය. ඔබට යම් හොල්මනක් ඇවිත් නිතර නිතර පෙනී සිටීනම් හෝ ඔබගේ ශරීරය භාවිතා කොට වේදනාව සමණය කර ගැනීමට උත්සාහ කරයි නම් ඔබ කල යුත්තේ එම පේ‍්‍රතයාව සුගති ගාමී තත්වයකට පත් කල හැකි පුණ්‍ය කර්මයක් සිදු කොට ඒ පින් අදාල පේ‍්‍රතයා හට අනුමෝදන් වෙන ලෙස ආරාධනා කිරීමය. මේ අය බොහෝ විට ඔබගේම ඥාතීන්ය. අපගේ වෙබ් අඩවියේ ඇති අනන්ත සංසාර ගත ඥාති නිදහස් කිරීම යන ලිපිය ( http://www.destiny.lk/?p=256 ) කියවා බලා මෙම පේ‍්‍රතයන් විඳින දුකෙන් නිදහස් කිරීමට යම් වෙරක් දරන්න. එය ඔබ ඔබ සංසාරය තුලදී සිදු කරන මහඟු පින් කමක් වනු ඇත. ඔබ මෙම ක‍්‍රියාව සිදු නො කලොත් තවත් කාලාන්තරයකට මෙම පේ‍්‍රතයන් නිදහස් කිරීමක් සිදු නො වන්නට පුලූවන. බුද්ධෝත්පාද කාලයක් නිසා මෙම කාලයේ ඔවුන්ට නිදහස් වීමට පරිසරය ඇත. අබුද්ධෝත්පාද කාලයක එසේ නොවේ. මේ නිසා මේ ගැන තරමක් ගැඹුරින් සිතා බලා කටයුතු කරන්න. ප්‍රෙතයන් ගැන කථා කල නිසා සිද්ධික් ගැන සටහන් තැබීමට සිතුවෙමි. එක් නිවසක නිතර නිතර ලෙඩ වෙන ස්ත‍්‍රියක වාසය කර ඇත. ඇය මෙම රෝග සඳහා නිතර නිතර බෙහෙත් ගත්තද කිසිදු ගුණයක් නොවීයග දිනක් මේ ගැන සොයා බැලූ එකල ගිහි පින්වතෙකුව සිටි අපගේ කල්‍යාණ මිත‍්‍ර වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ හට මෙම තැනැත්තියට වැළඳී ඇති රෝග ගැන යම් වෙනසක් දැනී ඇත. එම නිවසට ගිය ඔහු දැක ඇත්තේ අපූරු දසුනකි. ගෙදර සාලය මැද විශාල මස් කුට්ටියක් දඟලමින් සිට ඇත. මෙම මස් කුට්ටිය ප්‍රෙතයෙකු බව දැන ගැනීමට වැඩි වේලාවක් ගත වී නැත. ටික වේලාවක් දඟලමින් සිට අදාල රෝගී කාන්තාවගේ සිරුරට රිංගා ගෙන ඇත. මේ සියල්ල හොඳින් දුටු ඔහු ඊට නිසි පිලිතුරු දෙන ලදීග අදාල පේ‍්‍රතයා මෙම ස්ත‍්‍රියගේ ඇඟට රිංගා ගන්නේ පේ‍්‍රතයාගේ ශරීරයට සමක් නොමැතිවීම නිසා ඇතිවන වේදනාව සමනය කර ගැනීමටය.nපේ‍්‍රතයාද අදාල නිවසේම මින් පෙර වාසය කල රෝගියාගේම ඥාතියෙකි. පේ‍්‍රතයාගේ සමක් නොමැති වීම නිසා ඇති වන වේදනාව රෝගියාගේ ඇඟට රිංගා ගැනීම නිසා අඩු වී යන නමුත් අදාල ස්ත‍්‍රිය ලෙඩ වෙයි. ඇය වසර ගණනාවක් මෙම තත්වය නිසා දුක් වි ඇත. කට්ටඬි මහතුන් විශාල ගණනකට තමන් ඉපැයූ ධනය නිස්කාරණයේ වියදම් කිරීමට මොවුන්ට සිදුවී ඇත. මෙම තත්වය අද සමාජයේ කොතෙකුත් ඇත. මෙය හොඳින් අවබෝධ කර ගත් ගිහි කල අප ස්වාමීන් වහන්සේ අප විසින් ඉහත සඳහන් කල දානය ආර්්‍ය මහා සංඝරත්නය කෙරෙහි පූජා කොට පින් අනුමෝදන් කිරීමෙන් පසු අදාල රෝගියා සුවපත් වී ඇත. මෙම අත්දැකීම අපගේ සමාජය තුල මහා ඉහලින් කථා කරන නවීන විද්‍යාවට හසු නොවේ. මේවා ගැන කථා කිරීමද අවිද්‍යාව ලෙස ඔවුන් ගෙන හැර පායි. විද්‍යාව යනු නිගමණය කල හැකි දෙයට යම් වටිනා කමක් එක් කර දීමේ ක‍්‍රමවේදයකි. නමුත් විද්‍යාවට හසු නොවන විශාල පරාසයක් ඇත. එය තමාම නිගමණය කල යුතුය. මෙම තත්වය දඩමීමා කරගෙන ලක්ෂ ගණන් ගසා කණ කට්ටඬි ව්‍යාපරිකයන් ගෙන්ද ප‍්‍රවේශම් විය යුතුමය. එදා කට්ටයන් සිටියේ පන්සලේ දේවාලයේ හෝ තමාගේ ගෙදරම දමා ගත් දේවාලයේය. අද දේවාලයක් තිබීමට දේව ආලය ඇති උදවිය නැත. ඇත්තේ කට්ටඬි ව්‍යාපාරිකයන්ය, ඔවුන් දේව ආලය අලෙවි කර ඇත. අප විසින් මෙම ලිපිය ලියන්නට ප‍්‍රස්ථූතය වන්නේ අප සමාජයේ ඇති දරුවන් නැති අම්මලාට ඇති විශාලම ප‍්‍රශ්නයයි, දරුවන් නොමැති වීමට මෙම කරුණු සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔබට වැටහීමක් නැති වන්නට පුළුවන. එහෙත් වැඩියෙන්ම සම්බන්ධ වන්නේද මෙම කාරණාවන් මය. ඔබ ගබ්සාවක් කර ඇත්නම් මෙම ලිපිය කියවා යම් කිසි පසු තැවීමක් ඇතිවීමට ඉඩ ඇත. නමුත් මෙම ලිපිය කියවීම තුලින් එදා සිදුකල වරද නිවැරදි කර ගැනිමේ යම් ක‍්‍රමවේදයක්ද දැන ගැනීමට හැකි වන අතර එදා කල කර්මයට යම් දිනක ඔබට විපාක විඳීමට සිදු වෙන බව මතක තබා ගැනීම වැදගත්ය. කෙසේ නමුත් එදා ඔබ විසින් මරා දැමූ ඒ දරුවා ගැන යම් විමසීමකට ලක් කර ඔහු හෝ ඇය අද විඳින දුක සහ ඔබ විඳීන දුකින් මුදවා ගැනීමට අපි මෙම ලිපිය ඔබවෙත ගෙන ඒම මගින් යම් වෙරක් දරන්නෙමු. කෙනෙක් කපා කොටා මරා දැමූ තැනකින් අපි රාත‍්‍රී කාලයේ ගමන් කිරීමට අකමැතිය. ඒ අදාල පුද්ගලයා හොල්මනක් වී එතැන ඇතැයි සිතේ ඇති සැකය නිසාය. ඔබ ගබ්සාවක් කරන අවස්ථාවේදීද දොස්තර මහත්තයා සිදු කරන්නේ කුඩා දරුවා කපා කොටා මරා දැමීමය. ඔබගේ ගර්භාෂය දැන් ඔබ ගමන් කිරීමට අකමැති වූ ස්ථානය හා සමානය. ඔබට බිය ගෙන ආ ස්ථානය දැන් ඔබේ කුස තුලය. ඔබේ දරුවා දැන් හොල්මනක් වී ඇති බවට ඔබට නිකමටවත් සිතුනාද? කාලාන්තරයක් ගන්ධබ්බයෙකු හෝ තිරිසන් සතෙකු හෝ වෙනත් ආත්ම භාවයක සිට මනු ලොව උපත ලබා ගැනීමට පැමිණි මෙම නොදරුවා ඔබගේ කුස තුල ආරක්ෂිතව වැඩුනේ ඉතාමත් ආශාවෙනි. මෙලොව ඔහු ආශාකල පලමු වස්තුව ඔබේ ගර්භාෂයයි. තමන් මැරෙන මොහොතේ යම් ආශාවක් හිතේ තියාගෙන මැරෙන කෙනා තදින් අල්ලා ගත් ස්ථානයේම පේ‍්‍රතයෙකු වී ඉපදෙන බව ඔබ අසා ඇතැයි සිතමි. ඒ නිසා කෙනෙකු මැරෙන මොහොතේ පිරිත් කියන්නට පටන් ගනී. ඒ අදාල පුද්ගලයා සුගති ගාමී වීම සඳහා වනවාට වඩා ඔහු මරණයෙන් පසු නැවතත් නිවසට පැමිණීම වැලැක්වීම සඳහාය. මා දැන් කියන දේ ඔබට මේ වන විටත් වැටහී ඇතැයි සිතමි. ඔබ ගේ වෛද්‍ය වරයා විසින් කපා කොටා මරා දැමූ දරුවාද දැන් සිටිනනේ ඔබගේ ගර්භාෂයට ආශා කරමිනි. මේ වන විට ඔහු ඔබගේ ගර්භාෂය තුලම පේ‍්‍රතයෙකු වී සිටීම ඔබට කෙසේවත් නතර කල නොහැකිය. ඒ සඳහා ඔබගෙන් අවසර ගත යුතු වන්නේ නැත. දැන් තමාගේ වාස භවනට පැමිණෙන ඕනෑම කෙනෙකු පලවා හැරීමට මොහු නොපැකිලෙයි. මේ නිසාම නැවත දරු උත්පත්තියක් ඇති වීමට ඉඩ කඩ නොසැලසේග මෙහි බැරෑරුම් කම ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි. මෙ ගබ්සාවක් නිසා ඇති වූ පේ‍්‍රත ආත්මය මීට කල්ප ගණනකදී ඇති වූ දෙයක් වාන්නටද පුළුවන. ඔබ උපදින අවස්ථාව වන විටත් මෙවැනි අපා ගාමී සත්වයන් ඔබේ ගර්භාෂය තුල නොසිටියේ යැයි කෙසේ නම් ස්ථිරවම පවසන්නද? නමුත් ඔබගේ පළමු දරුවා ලැබුනු පසු ඒ අවදානම නැතැයි සිතිය හැකය. නමුත් දරුවන් ලැබීමට වාසනාව නැතිව දේවාලයක් දේවාලයක් ගානේ යන ඔබ මෙම අකුසලය සිදු කර ඇතිවාට සැක නැතග ඔබ මෙම ණය ගෙවා දැමිය යුතුමය. එසේ නොමැති වුවහොත් ඔබේම අතින් සිදුවූ වරදක් නිසා අදුක් විඳින ඔබ සහ දරුවා බේරා ගැනීමට නැවත කවදා ඔබට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබන තුරු සිටිය යුතුය. එහෙත් ඒ වන විට අබුද්ධෝත්පාද කාලයක් නම් ඔබට ඒ සඳහා ඇති අවකාශ නැති වී යනු ඇත. නමුත් දැන් ඔබ පින් වන්තයග ඔබට මේ අනතුරෙන් මිදිය හැකි මාර්ගයක් ඇත. ඒ සඳහා පහත ඇති ලින්ක් එක භාවිතා කොට වැඩි විස්තර දැන ගන්න. අදාල ලිපිය කියවා අවසන් වූ පසු විස්තර දැන ගැනීමට අවශ්‍යනම් එහි ඇති දුරකථන අංකයකට අමතන්න. අපි ඔබට අවශ්‍ය සිය`එැම විස්තර සපයන්නෙමු.
2/28/2026
ගුරු ග්‍රහයා
පොඩි ජ්‍යෝතිෂ කරුණක් කියන්න හිතුනා. ගුරු ග්‍රහයා තමයි සාමාන්‍යෙයන් ග්‍රහයන්ගෙන් සුබම ග්‍රහයා ලෙස ගන්නේ. ඇතතටම මේ ග්‍රහයා කියන්නේ කවුද? ග්‍රහයා කියන්නේ ඔබ පසුගිය අත් බැව් වලදී ග්‍රහණය කරගත් දේයි. ඔබ ගුරු භක්තිය ඇතිව දිවි ගෙවු අයෙක් නම් ඔබගේ ගුරු කියන ග්‍රහයා කේන්දර සටහනේ සුබ තැනක පිහිටනවා. එහෙම නැති අයගෙ අසුබ තැනක පිහිටනවා. ගුරු ගෙන් දඩුවම් ලබන්නට වෙන කට්ටියකුත් ඉන්නවා. තමා ගුණවත් කෙනෙක් නම් තමාට රෝග හැදේන්නේ කර්ම ගත ඒවා සමග එන රෝග පමනයි. මේ නිසා ගුරු ගෞරවය ගැන ඔබගේ සිත මොහොතක් යොමු කරන්නට මේ වෙලාව ගත කරන්න. අපි බුලත් හුරුල්ලක් අරං මේ ගුරු දේවතාවන් නමදිමු. අපිට දැනටමත් අපේ ගුරුවරු අමතක වෙලාද කියලා බලමු. මම පටන් ගන්නම්. ඔබලාටත් ඇති ඔබලා අද ඉන්න තැනට එන්නට මුල පාදලා දීපු ගුරු මව් පියවරුන්. අපි ඒ අයගේ නම මෙහි සටහන් කරමු. කමෙන්ට් එකක් විදිහට සටහනක් දාන්න. මේ ගෘප් එකට අදාල නැති වෙන්නට පුලුවන්. ඒත් අඩුම ගානේ ඒ දේවතාවන් ගැන අපේ මතකයේ වත් තියෙන එක අපි මුළ අමතක නොකලා යැයි අඩු ගානේ හිත හදා ගන්නටවත් හේතුවක් වෙයි. අපි ඉදිරියේදී ලොකු දෙයක් කරන්නට බලාපොරොත්තුවෙන් අද මේ සුලු මතක් කිරීම කරමු. මට ඉගැන්වූ සියළු ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා. ඒ අතර මා ඉතාමත් තදින් ආදරය කල ගුරු මෑණි වරුන් පියවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. මම ඒ අයගේ නම් ටික ලියන්නම්. කුමානායක් සර්, ගුරුගේ මිස්, රම්‍යානි මිස්, තේජා මිස්, නදීශා මිස්, කරලයින් මිස්, වේලාරත්න සර්, සිරිපාල සර්, චූලසිංහ සර්, ගුරු මෑණී වරුනි පියවරුණි ඔබලාට බොහොම පින් අපිව යහමගට ගන්නට කල කැපවීමට.එය සිදුකලේ මුදලට නොවන බව අපි ඉදුරාම දනිමු. ඒත් අපි ඔබලා වෙනුවෙන් මොනවද කලේ……. අපි කෙතරම් ආර්ත්මාර්තකාමීද? අපි ඔබලා ගැන මීට වඩා සොයා බල්නට තිබුනා. තවමත් අපි ප්‍රමාද නැහැ. මෙත් සිතිනි…!!
2/28/2026
ඔබ කවදා හරි ගවයෙක් මරණයෙන් නිදහස් කරලා තියෙනවාද?
(මේ කතාව මමකියන්නේ භෞතික වාදීන්ට නොවන බව කරුණාවෙන් සලකන්න.) යම් කෙනෙක් ගවයෙක් වෙලා ඉපදෙන්නේ යම් අකුසල කර්මයක පලයක් ලෙසටයි. ඉතිං මේ සතා ජීවත්ව සිටින කාලය තුල නොවිදිනා දුක් විදලා අවසානයට මස් කඩේ කොක්කේ එල්ලනවා. මේ සතා දුක් වින්දේ ඇයි. යම් අත්බැවක කල අකුසල කර්මයක් නිසා නේද? දැන් කොක්කේ එල්ලෙන්නේ ඇයි. ඒත් අකුසල කර්මයක ප්‍රතිඵලයක් නේද? අපි ඉදිරිපත් වෙලා ඒ අසරණ සතා ඒ වගේ දුක්ඛිත තත්වයකට පත්වෙන එකෙන් බේරගන්නවා. කොපමන පිනක්ද නේද? ඇත්ත ඒක පිනක්. නමුත් මේ පින තමන් ලග තබාගෙන ඉන්න එකයි ප්‍රශ්නය. ගවයෙක් නිදහස් කලාම කරන සිරිතක් තියෙනවා. දැන් ඒක කෙරෙන්නේ නැහැ. ඒ වගේ සතෙක් මරණයට පත් වෙනකම් බලාගෙන ඉන්න අදෘෂ්‍යමාන ඇත්බැව් තියෙනවා. අපි අර සතාව බේරගත්තා තමයි. ඒත් අර නොපෙනෙන ප්‍රේත ලෝක වල ඉන්න අය අපි එක්ක වෛර බැද ගන්නවා. උඹ ඇවිල්ලා අපේ කෑම ටික අරගෙන ගියා කියලා. දැන් ඉතිං පිනක් කරලා අර අයගේ තාඩන පීඩන වලටත් ලක් වෙන්න වෙනවා. මෙතන වරද තියෙන්නේ මේ වැඩේ බාගෙට නතර කරන එකයි. අපි ඉතිරි ටිකත් කරලා දැම්මානම් හරි. මොකක්ද ඉතිරි ටික. අපි දැන් සාංඝීක දානයක් සූදානම් කරන්න ඕනි. ඒක පන්සලට ගිහින් දෙන දානයක් වුනාට කමක් නැහැ. නමුත් කාරණාව හාමුදුරවන්ට පවසන්න ඕනි. අපි මේ අසරණ සතාව බේරගත්තා. අපි ඒකෙන් පිනක් සිදු කර ගත්තා. දැන් අපි සපිරිකර සාංඝීක දානයක් පූජා කරලා ඒපිනත් එක් කරලා. මෙ සතාව බිලි ගන්නට යම් අදෘෂ්‍යමාන ප්‍රේත කොටසක් හෝ යම් යක්ෂයෙක් හිටියා නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී මේ විදින අපා දුකෙන් මිදෙන්නටත් අවසන අමා මහ නිවන් සාක්ෂාත් කිරීමටත් හැකිවේවා කියා පින් අනුමෝදන් කරන්න. එවිට ඔබ කෙරේ ඇති වෛරය නැති වී යාවි. අටපිරිකරක් සහිතව දානය දෙන්නට පුලුවන් නම් අගෙයි. මේ ක්‍රමය මම අත් හදා බලලා තියෙනවා. ඉතාමත් සාර්ථකයි. මෙත් සිතිනි…!!
2/28/2026
උත්පල වන්නා තෙරණියගේ කතාව
උත්පලවන්නා තෙරණිය එක් ආත්මයක ඉතාමත් දුප්පත් පවුලක ඉපදිලා තියෙනවා. ඒත් එයාට තිබිලා තියෙන ලොකුම ආශාව තමයි සිටු දියණියන් අදින සලුවක් අදින්න. මේක තමන්ගේ එකම බලාපොරොත්තුව කරගත්ත මේ දියනිය කරල තියෙන්නේ ගෙදර දොර වැඩකරන්න තැනක් සොහාගෙන යන එක. එක සිටු ගෙදරකට ගිය මේ දියණියට ඒ ගෙදර ස්වාමිදුව කියලා තියෙනවා මම උඔට මේ වගේ සළුවක් දෙන්නම් ( මම හිතන්නේ සාරියක් වගේ එකක් වෙන්න ඇති ) හැබැයි උඔ මට අවුරුදු 7 ක් බැලමෙහෙවර කරන්න ඕනි කියලා. අනේ මේ දියණිය කැමති වෙලා. පවු නේද? කොහොම හරි ඉතිං තමන්ගේ ඉලක්කයට යන්න වෙන ක්‍රමයකුත් නැති එකේ එහෙම හරි කරන්න හිතාගන්න ඇති. මේ විදිහට දින, සති, මාස, අවුරදු ගෙවෙන්න පටන් ගත්තා. ටික ටික තමන්ගේ ඉලක්කයට ලංවෙන බව දැනෙනකොට මෙයාට දැන් ඉස්පාසුවක් නැහැ. කොහොම හරි අන්තිම දිනයටත් ආවා. අර සිටු දේවිය ආවා. මෙන්න උඔට මම පොරෙන්දු වුන සළුව කියලා ලස්සන වටිනා සළුවක් දුන්නලු. මේක දැක්කම මේ දියණියට මුළු ලෝකෙම ලැබුනා වගේ. එයා වසර හතක් බැල මෙහෙවර කරලා ගත්ත එකනේ. දැන් මෙයා වැඩ ටික ඉවර කරලා නාගෙන මේක අදින්න ඕනි කියලා හිතාගෙන දොලක් තියෙන තැනකට ගියා නාන්න. අර සලුව පැත්තකින් තියලා නාන්න පටන්ගත්තා. නාලා ඉවර වෙලා වට පිට බලනකොට පසේ බුදුන් වහන්සේ නමක් වඩිනවා දැක්කා දර වලින් සිවුරක් හදාගෙන ඒක ඇදගෙන. ගෞතම බුදුන්ගේ කාලයෙත් දාරුචීරිය කියලා චරිතයක් අපිට හමුවෙනවා. දාරු කිව්වේ දර. චීරිය කිව්වේ සිව්ර දරාගෙන ඉන්න නිසා. මේ පසේ බුදුන් වහන්සේත් එහෙමයි. අනේ අර අවුරුදු හතක් බැලමෙහෙවර කරලා ගත්ත සලුව මට වඩා මේ උත්තමයට තමයි හොද කියලා මහා පුණ්‍යවන්ත සිතක් පහල වුනාලු. පුදුමයි නේද? අපිටනම් හිතෙයිද? අක්කගේ ගවුම නංගි ඇන්දොත් ඉදලා ඉවරයි. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ තුන් දෙනෙක්. අම්මො…. කොහොම හරි මේ දියණිය මේ සලුව අර පසේ බුදුන් වහන්සේට පූජා කරලා තියෙනවා. අර සලුව ඇන්දටවඩා දහස් වාරයකින් තම සිත පිනාගිය මේ දියණිය ඉන් පසු උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා රෑප ස්වභාවයෙන් අග තැන්පත් වුනා කියලා ධර්මයේ සදහන් වෙනවා. ඉතිං අපි ලස්සනට ඉන්නනම් ඉස්සෙල්ලාම කරන්න ඕනි මෙන්න මේ ගුණය අපිට ලංකර ගන්න එකයි. එතකොට සමේ රෝග හට ගන්නේ නැහැ. බුදුන් වහන්සේගේ සමට කියන්නේ සුකුමචවි කියලා. ඒ කියන්නේ හරිම සුමටයි. දුවිලි වත් වහන්නේ නැතිලු. ඒ තරමට උන් වහන්සේ ඇදුම් දන් දීලා තියෙනවා සංසාරය පුරාවටම. ධර්මයේ සදහන් වෙනවා !! වත්ත දෝ හෝති වණ්න දෝ !! කියලා. ඒ කියන්නේ වස්ත්‍ර දීලා තියෙන කෙනාට වර්ණය ලැබෙනවා කියන එකයි. මේ සියල්ලෙන්ම අපි තේරුම් ගන්න ඕනි වස්ත්‍ර දන් දීල නැත්නම් අපිට වර්ණය ලැබෙන්නේ නැහැ කියලා. අපි කරන්නේ මොකක්ද බ්ලීච් කරන එක. ඒවාට වෛද්‍ය අනුමැතිය පවා ලැබෙනවා. නමුත් අපි කරන්න තියෙන්නේ මොකක්ද? මුලින්ම තමන්ගේ කර්මය සකස් කරගන්න ඕනි. ඔබට මේ ගැන යම් දෙයක් වැටහුනානම් අදම අටපිරිකරක් මම මේ වෙනුවෙන් පූජා කරනාව කියලා හිතාගෙන කීයක් හරි වෙන් කරන්න. දින පතා කීයක් හරි වෙන්කරන්න. දවසක සිවුර හොදටම ඉරුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවෙයි. උන් වහන්සේට මේ අටපිරිකර පූජා කරන්න. අට පිරිකර එකට ගන්න එපා. වෙන වෙනම එක එක එකතු කරන්න. එතකොට අපි දෙන සිවුර අඩුගානේ අපි දකිනවා. ඒකත් තම සිත පැහැදෙන්න හේතුවක් වෙයි. කොපමණ කල් ගියත් කමක් නැහැ. අර ස්වාමීන් වහන්සේව ගෙදරට වඩම්මලා දාන වේලක් එහෙමදීලා තමන්ගේ සිතේ තියෙන දේ කියලා හෝ නොකියා මේ සත්ක්‍රියාව කාරන්න. තමන් සිතින් අධිෂ්ඨාන කරන්න මා සසරේ සිදු කර ඇති මෙවැනි වස්ත්‍ර දාන වල කුසල කර්ම සියල්ල ඇදී ඇවිත් මාගේ සම සුවපත් වේවා කියලා. ඔබගේ සම පැහැපත් වන බව ඔබට දැනේවි. තව කෙනෙක් ලස්සනට ඉන්නවාට කැමති නම් ෂෙයාර් කරන්න. ……. ඒ පිනත් ඔබට…… මෙත් සිතිනි…!!
2/28/2026
ආනන්තර්‍ය පාප කර්ම
මව මැරීම පියා මැරීම රහතන් වහන්සේලා මැරීම බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම සංඝ බේධය මේවා තමයි ආන්තර්‍ය පාප කර්ම කියන්නේ. අපි මෙතනින් සංඝ බේධය ටිකක් ඉවත් කරමු. මොකද ඒක පුද්ගලික නොවන නිසා. අනෙක් හතරම පුද්ගලිකයි. අපි දන්නවා බුද්ධ දේශනාවට අනුව දෙමව්පියන් ගාව මහාබ්‍රහ්මයා සතු සතර බ්‍රශ්ම විහරණ තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා මේවා තමයි සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා කියන්නේ මිතුරු කම, දෙමව්පියන් තම දරුවන් සමග මිතුරුයි. ඒ නිසා ඒ බ්‍රහ්ම විහරණ්‍ය දෙමව්පියන් ලග තියෙනවා. කරුණා කියන්නේ දරුවන් ලෞකිකවත් ලෝකෝත්තරවත් දියුණු වෙනවා දකින්නට තියෙන කැමැත්ත. ඒ වෙනුවෙන් දක්වන අනුග්‍රහය. මුදිතා කියන්නේ මැදහත් බව. අපේ අම්මලා තාත්තලා දරුවන්ට මධ්‍යස්ථයි. එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් පොඩියි කියලා නැහැ. සැමට එක හැන්දෙන් තමයි බෙදන්නේ. දැන් දැන් මේ බව ටිකක් වෙනස් බව පෙනෙන්නේ නූතන ආර්ථිකයත් පවුලට රිංගලා නිසා. උපෙක්ඛා කියන්නේ දරුවෙක් හදන්න උපරිම උත්සාහ දරලා ඒත් සමහර අය හදාගන්න බැරි වෙනවා. ඒ අය කිසිම වෛරයකින් තොරව ඉවත් කරන්නට තියෙන හැකියාව තමයි මේ උපේක්ෂාව කියන්නේ. එක දරුවෙක් හොදයි කියලා ඇලෙන්නවත් තවත් දරුවෙක් නරකයි කියලා ගැටෙන්නටවත් යනනේ නැහැ. මෙන්න මේ කරුණු හතර තියෙන නිසා දෙමව්පියන් තුල සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියලා කියනවා. රහතන් වහන්සේ තුල මේ බ්‍රහ්ම විහරණ උපරිමයට තියෙනවා. බුදුන් වහන්සේ තුල මෙම බ්‍රහ්ම විහරණ අනන්තයි. සීමාවක් පැණවිය නොහැකියි. උපමාවක් කිව නොහැකියි. උනිවහන්සේ තුල ඇත්තේ කරුණාව නොව මහා කරුණාවයි. දැන් බලන්න මේ පව් කම් හතර කලාම මොකද වෙන්නේ කියලා. තමන්ව මරණ මොහොතේ තමන් හදපු දරුවා හරියට හදාගන්නට බැරි වුනා කියලා තමන් ගැන කලකිරීමක් එනවා මිස දරුවාට වෛර කරන්නට දෙමව්පියන් ගේ සිත දෙන්නේ නැහැ. ඒ අර සතර බ්‍රහ්ම විහරණ නිසා. රහත්න් වහන්සේ කෙලෙසුන් ගෙන් දුරුවූ උත්තමයෙක් නිසා කෙසේවත් වෛරයක් ඇතිවෙන්නේ නැහැ. තතාගතයන් වහන්සේ ගේ මෛත්‍රියට සීමාවක් නැහැ. මේ නිසා මේ පව් කරන කෙනා ප්‍රතිරෝදයක් නැති තැනකට ශක්තියක් යොමු කරනවා. හරියට වාතයවත් නැති, ගුරුත්වයවත් නැති තැනකට වේගයෙන් ගලක් විසි කලා වගේ. එය පාවෙලා යනවා අවසානයක් දකින්නට අමාරුයි. අනෙක් සෑම පාපකර්මයකටම ප්‍රතිරෝදයක් අනෙක් පැත්තෙන් එනවා. මේ නිසා ඒ අවස්ථාවේ මේ කර්මය යම් කොටසක් කරන කෙනා සමග විදින කෙනාද බෙදා ගන්නවා. ආනන්තර්‍ය පාප කර්මය තමන්ම ගෙවන්න ඕනි. එහි කෙලවරක් දකින්නත් අමාරුයි. ඒතරම් දීරඝ කාලයක් ගෙවන්න වෙනවා. මට මේ කාරණාව කියන්නට හිතුනේ මේ ටික කියන්නට නෙවෙයි. අපිට වෛර කරන කෙනෙකුට අපිත් වෛර කරන එක නේද අපි කරන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා බුදුන් වහනසේ දේශනා කලේ මේක නේද? දෙන්නා දෙපැත්තට ඇද ඇද සංසාරය පුරාවට යන එක නේද කරන්නට තියෙන්නේ. කෙනෙක් තමන්ට වෛර කරනවා නම් ඒ කෙනා දිහා අර සතර බ්‍රහ්ම විහරන තියෙන අම්මා දරුවෙකු දිහා බලන විදිහට බලන්න පුරුදු වෙන්න. කොහේවත් යන පවකට කර ගහන්න එපා. එයා නෙලා ගත් දේවල් එයාටම කන්න කියන්න. තමන්ගේ ඔඩොක්කුවට දාගන්න එපා. ඒවා විසයි. මොකද විස සහිත මනසකින් යුතුව කඩා ගත් ඵල. තවත් එකක් මතක තබා ගන්න. ඔබ යම් කෙනෙකුට වෛර කරයි ද එසේම ඔබගේ ප්‍රතිවාදියා ඊට එරෙහිව වෛර නොකරයිද ඒ නෝංජල් කම නොව ඔහුගේ පාරමී ශක්තියයි. එය සුළු කොට තකන්න එපා. එවැනි අය සමග වෛර කරන්නට යෑමෙන් ඔබට ගෙවන්නට වෙන දුක් කන්ද ගැන ඉහත දැක්වූ ආනන්තර්‍ය පාප කර්ම ගැන සිතීමෙන් මවාගන්න. එය සුළු පටු නැහැ. වදින්න වද්නින ගහන එකා මෝඩයා කියලා කතාවක් තියෙනවානේද? එහි ඇති ඇතුලාන්තය මේ කතාව තුල තියෙනවා. සිහියෙන් යුතුව තම සිත මෙහෙයවන්න. ෂෙයා කලා නම් මේ පණිවිඩය තවත් දහස් ගානකට දැනගන්නට ලැබෙයි. මෙත් සිතිනි…!! ඉක්මනට කේන්ති යන්නේ ඇයි කියලා මේ පෝස්ට් එකට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබුනා. ඒක හැමෝටම පොදු ගැටලුවක් නිසා එයට දුන්පිලිතුරත් මෙතනම සටහන් කරනවා. පාරක වාහන වැඩිවෙනකොට එක්කෝ පාර පලල් කරන්න වෙනවා. නැත්නම් එන වාහන අඩු කරන්න වෙනවා. දැන් ඔබට වී ඇත්තේ පටු පාරක වාහන ගොඩක් එකට රොක් වෙලා වගේ වැඩක්. ඔබට කේන්ති යන්නේ ඒ එන ධාරාවන් පාලනය කරගන්න බැරි නිසයි. දෙන්නෙක් කතා කර කර ඉන්න විට පැත්තකින් ලොකු සද්දයක් එනවා නම් කේන්ති යනවා නේද? අපි හිතමු වාහනයක් හෝන් ගහනවා කියලා. ලොකු කේන්තියක් එනවා. ඇයි අර කතාවට දැන් බාදාවක්නේ. එසේ වෙන්නේ ඇයි. දැන් ඔබගේ මනස කියන පාර පටුයි සිතිවිලි කියන වාහන වැඩියි. ටික වේලාවක් ඔබගේ සිහිය ඒ හෝන් එක දෙසට යොමු කරගෙන ඉන්නකො. අර කේන්තිය පහව යනවා. මේ විදිහට සිහිය හුරු කරන්න. එවිට කල් යන විට සිහිට දියුණු වෙනවා. එවිට පාර පලල් කලා වගේ තමයි. වාහන ගොඩකට යන්න පුලුවන්.
2/28/2026
විවාහයකදී හඳහන් බලන්නම ඕනිද
විවාහයකදී හඳහන් බලන්නම ඕනිද කියලා එක් සාමාජිකයෙක් පැනයක් ඉදිරිපත් කරලා තිබුනා. මාද එයට කෙටි පිලිතුරක් දුන්නා. තවත් අයෙක් ඒ පිලිතුර පෝස්ට් එකක ලෙස පලකලානම් හෙඳයි කියා මට මැසේජ් කලා. ඉතිං ඒ පිලිතුර මම මෙසේ පලකරන්නම්. ඔබට සැප හෝ දුක ලැබෙන්නේ පෙර සසරේ සිදුකල පින් සහ පවු නිසා. මෙය ඔබ පිලිගන්නවා නම් පමණක් ඉතිරි ටික කියෙව්වාට කමක් නැහැ. ඔබ අනුන්ගේ පවුල් කඩාබිද දමා අනුන්ට අවැඩ අසාධාරනය කල කෙනෙක් නම් මේ භවයේදී බොහෝ විට ඒ කර්මය ඔබවෙත ඇදී ආහැකියි. ඒ කර්ම ගණනය කරන ක්‍රමයක් තමයි එදා ඍෂි වරුන් විසින් සිදු කලේ. නමුත් මේ තුල නිවනක් සොයනවා නම් එය මිත්‍යාවක්. මෙම සාස්ත්‍රය නිවනට අදාලම නැහැ. ඒ ලෞකික සාස්ත්‍රයක් පමණයි. අද නවීන විද්‍යාෙවන් වැඩ ගන්නවා වාගේ මේවාගෙන්ද වැඩ ගන්න අය ඉන්නවා. එය තමන්ගේ දැනුමට අනුව හරි හෝ වැරදියි කියලා කියනවා. ඒකේ ඇති වරදක්ද නැහැ. නානත්ත කායා නානත්ත සංඥා. වැදගත් වන්නේ යම් ක්‍රමයකින් ඔබට හැකි වෙනවා නම් තමන් විසින් ඉහත අත් බැවක සිදුකල අකුසල කර්මයක හෝඩුවාවක් දැනගන්න අන්න ඒකයි. මා දකින අන්දමට හදහන මගින් ඒ හෝඩුවාව දැනගන්නට හැකියි. ඒත් බලන කෙනා බොරුකාරයෙක් නම් ඒක සිදු වෙන්නේ නැහැ. අඩු ගානේ අෂ්ඨවර්ගයවත් ගණනය කර පෙර කල පින් පවු ගැන සොයා බලන්නට හැකි අයෙක් තෝරාගත යුතුයි. දැන් අපි හිතමු ඔබගේ 7 වැන්නේ අශුභ ග්‍රහයෙක් සිටියා. අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි වැටුනා කියලා. ඒ කියන්නේ ඔබ පසුගිය අත් බැව් වලදී අන්යන්ගේ පවුල් වල ආරවුල් ඇතිකරන්නට හේතු වී ඇති බවයි. දැන් ඔබ වැපුරූ දෙෑ නෙලාගන්නට කාලය එනවා. තමන් කල දස අකුසලය ගෙවා දමන්නට සිදුවන කාලයට කියනවා දස ආව නැතිනම් දසාව කියලා. ඉතිං අර ග්‍රහයන්ගේ බල වැඩිි වන කාල වලදී ඒ අකුසල කර්ම ගෙවන්නට වෙනවා. මෙහිම එක් ප්‍රතිඵලයක් ලෙස තමන්ට නොගැලපෙන බිරිදක් හෝ සැමියෙක් ලැබෙනවා. මේක තමයි ගැලපීම. ඉතිං මේ වගේ හදහන් දෙකක් ලැබුනම ගැලපෙනවා. ඉතිං බැන්දට පස්සේ දෙන්නම ඒ වගේ අකුසල කර්ම කල අය නිසා ගෙවන්නට පටන් ගන්නවා. හිතේ සතුට නැති වෙලා යනවා. හදහන බැලුවත් නොබැලුවත් ලැබෙන්නේ අදාල කර්මයට අනුවයි. දැන් වැදගත් වන්නේ මෙවැනි අකුසල කර්මයක් ගෙවන්නට තමන්ට සිදු වෙනවා කියා දැනගත්තා නම් ඉන් මිදෙන්නේ කෙසේද කියා සොයා බැලීමයි. සිදු කල යුතු වන්නේ තමන් අතින් එදා සංසාරයේ වැරදි සිදු වූ අයට වන්දි ගෙවා නිදහස් කිරීමයි. ඒ ගැන මා මෙම ගෘප් එකේ ලිපි කිහිපයක් පල කලා. දොලොස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිහිකරලා දෙන්නේ කොහොමද කියලා. ඒ අනුව ක්‍රියා කරන්න. එදා ඔබ විසින් හුරු කල ඒ පවුල් ආරවුල් ඇතිකිරීමේ ගතිය බොහෝ විට මේ අත්බැවටත් ඇවිල්ලා ඇති. ඒවා සිහියෙන් දැකලා නැති කරගන්න. යම් වැරදි අදහසක් එනවිටම එය වැරදි බව වටහාගෙන ඉන් ඉවත් වන්න. තවත් අයගේ පවුල් වල ආරවුල් ඇත්නම් ඒවා නිරාකරණය කරගන්නට උපකාර කරන්න. මේ ලෙසට සිදු කිරීමෙන් ඔබ විසින් සිදුකල අකුසල කර්මයන් කුසල කර්ම මගින් වසා දැමිය හැකි වෙනවා. එවිට පෙර කල පින් මතු වෙනවා. ඒ පින් වලට ගැලපෙන පින්වන්තයෙක් හෝ පින් වතියක් ඔබට මුණ ගැහෙනවා. ඒ කෙනා හදහනේ නැහැ. යමක් තේරෙන්නට ඇතැයි සිතනවා. මෙත් සිතිනි…!! ←
2/28/2026
ලෙඩරෝග හැදෙන්නට ප්‍රේත දෝෂ බලපානවාද
ලෙඩරෝග හැදෙන්නට ප්‍රේත දෝෂ බලපානවාද කියලා පැණයක් අසා තිබුනා. එයට මා දුන් පිලිතුර මෙහි අන් අයටත් දැකගන්නට හැකිවන සේ පල කරමි. සමහර පිලිතුරු දැක්කම ඒ අය ගැන දුකත් හිතෙනවා. අපි දන්න දේවල් තියෙනවා. නොදන්න දේවල් තියෙනවා. මේ දෙකටම අමතරව නොදන්නේ මොනවාදැයි නොදන්න දේවල් තියෙනවා. අපි සතුව ඇති ඉතාම කුඩා දැනුමක් උපයෝගී කරගෙන සියල්ල දන්නවා වාගේ පිලිතුරු දෙන්නට යන එකෙන් බොහෝ දෙනෙකුට අවැඩ අසාධාරණය සිදු විය හැකියි. අද මේ දේ සමස්ථ මිනිස් සමාජයටම සිදු වෙලා හමාරයි. ප්‍රේතයන් කියලා කොටසක් ඉන්නවාද කියලා මුලින්ම දැනගත යුතුයි. එසේ ඉන්නා බවවත් පිලිගන්නේ නැති කෙනෙක් කෙසේ මේවා තේරුම් ගන්නද? ඒ අයට මේවා පහදා දීමට යෑම කාලය කාදැමීමක් පමණි. නමුත් මේ ගැටලුව ඇසූ කෙනාට යම් පිලිතුරක් දෙන්නම්. සමහර විට ඔබට ඇති යම් ගැටලුවක් නිසා මේ පැනය අසන්නට ඇතැයි සිතනවා. ඒ අයට මට හැකි පිලිතුරක් දෙන්නට මෙම කෙටි කාලය මිඩංගු කරන්නම්. ප්‍රේතයන් වෙලා උපදන්නේ මැරෙන මොහොතේ යම් ආශාවකින් යම් දෙයක් අල්ලාගෙන මැරෙන අයයි. පිරිමියෙන් වැඩියෙන්ම ආශා කරන්නේ කුමකටද? ස්ත්‍ර්යක් වැඩියෙන්ම ආශා කරන්නේ කුමකටද? මේ ගැටලුවට පුදුන් වහන්සේ පිලිතුර වෙලා තියෙන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් වැඩියෙන්ම ආශා කරන බවයි. ඉතිං මෙතුවක් කල් තමාගේ සිතේ තිබුනු ඒ රෑපයට ඇති දැඩි බැදීමත් එක්ක යම් කෙනෙක් මරණයට පත් වුනහොත් ඒ රුපයට ආශා සහිත ප්‍රේතයෙක් වෙලා උපදනින් පුලුවන්. ඒ ප්‍රේතයා කෙස් ගහක ඇසට නොහෙනෙන ලෙසට සැගවී සිටිය හැකි ප්‍රේතයෙක් හෝ ශරීරයේ තමන් වැඩියෙන්ම ආශා කල කොටසක රුධිරයට හෝ මාංෂ පේෂියක රස විදිමන් සිටින ප්‍රේතයෙක් ලෙස හෝ ඉපදීමට ඉඩඇත. එසේ වන්නේ අපිද යම් ණයක් ගෙවන්නට ඇති නිසාය. තමන්ගේඥාති වර්ගයා මේ විදින දුකෙන් නිදහස් කරන වැඩපිලිවෙලක් අපි කිහිප විටක්ම මේ ගෘප් එකේ කතා කලා. ඒ ලිපි කියවලා බලන්න. එවිට මේ ගැටලුවෙන් නිදහස් වන්නට හැකි වේවි. ඔබ මේ දන්නේ මේ භවය ගැන පමණි. නමුත් ඔබගේ පියයුරු වලට ආශාවෙන් මිය ගිය කෙනෙක් ඔබ උපදින උපදින භවයක් භවයක් පාසා ඔබගේම පියයුරු වල මාංශ වල රස බලන්නට එන්නට හැකි බව ඔබ සමහර විට සිතන්නේ වත් නැතිව ඇති. එවැනි අයට සැදෙන පිලිකා වලට පියයුරු පිලිකා කියලා කියනවා. සුව කරන්නට නොහැක්කේද අදාල ප්‍රේතයන් එහි සිටන නිසාය. අපි කල යුත්තේ අදාල ප්‍රේත අත් බැවේ සිටින කෙනාට එම තැන්න් මිදී පින් ගෙන යම් උසස් අත් බැවක උපදින්නට හැකි වන සේ පින් අනුමෝදන් කිරීමයි. පහත ලිපියේ ඇත්තේ එවැනි පින් කමකි. ඒ පුණ්‍යානු මෝදනාව නිසා අපි මේ කතා කරන ප්‍රේතයන්ටද එම අත් බැව් වලින් නිදහස් වන්නට හැකි වේවි. ඔබ මේවා පිලි නොගන්නේ නම් මේ ගැන වද වෙන්න එපා. තමන් යන ගමන යන්න. මම මේ ටික කිව්වේ මෙමගින් යම් සෙතක් ශන්තියක් උදාකර ගත් පිරිස් මේ සමාජයේ සිටින නිසාය. තමන්ගේ ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන පිලිපෙලකුයි මේ ලිපියේ කියලා තියෙන්නේ. එහිද වැරදි දකින්නේ නම් මා හට කල හැක්කක් නොමැත. ඔබම තීරණ්‍ය කරන්න. ඔබද යම් දවසක දුකට පත් වුන විට සමහර විට මේකට හේතුව මෙය දොයි සැක සිතේවි. එදාට මෙම ලිපිය කියවලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. වෙනස ඔබටම දැක ගත හැකි වේවි. මෙත් සිතිනි…!!
2/28/2026
බුදු සරණ ගැන
අද බුදු සරණ ගැන කතා කරපු නිසා මේ ටිකත් කිව්වා නම් හොදයි කියලා හිතුනා. අපිටවැරදුනේ කුඩාකාලෙදිමයි. බුද්ධං සරණං ඝච්ඡාමි කියන ගාථා පාඨය අපිට සිංහලෙන් කියලා දුනේනේ බුදු සරණ වේවා කිලා. ඇයි මම බුදුන් සරණ යමි කියලා කිව්වේ නැත්තේ. මේවා ගැඹුරින් කල්පනා කල යුතු වුවත් නොදැක්කා වගේ ඉන්න එක තමයි කරන්නට වෙලා තියෙන්නේ. අප භාග්‍යවතුන් වහන්සේ අසරණ සරණ වන සේක. අසරණයා යනු කවුරුන්ද? උන් වහන්සේ අසරණ සරණ වූයේ කෙසේද? උන් වහන්සේ අසරණයින්ට පිහිට වූ අවස්ථා කීයක් ඔබ බුද්ධ චරිතය තුල දැක තිබේද? ඔබ දකින අසරණකම බුදුන් දුටු අසරණ කමමද? මේ ගැන ටිකක් අපේ නුවණ මෙහෙයවා බලමු. සරණා ගමණං සම්පුණ්නං ….. ආමභන්තේ.. මේ පද පේලිය ඇහිලා ඇති නේද? සරණාගමණය සම්පූර්ණයි කියලා තමයි කියන්නේ. එතකොට බුදුන් දහම් සගුන් සරණ ගිය සිව්වනක් පිරිසෙන් එක් අයෙකුට නැත්නම් ආර්‍යයන් වහන්සේ නමකට පමණයි මේ පදයට එහෙමයි භාග්‍යවතුන් වහන්ස කියලා කියන්න පුලුවන්. අනෙක් අයට කියන්න බැහැ. තිසරණ සරන යන ආකාරය දන්නේ නැතුව අපි අද පිලිසරණ කියන වචනයට සරණ කියන වචනය ඈදගෙන තමයි ඉන්නේ. ඉතිං දෙවියන්ගේ පිහිට පතනවා වාගේම බුදුන්ගෙන්ද දැන් සරණ පතන්න පටන් අරං. ඒක දැන් ආපහු හරවන්නට වත් බැරි තරම් මුල් බැහැල තියෙන්නේ. සරණ කියන්නේ තමන් යන ගමනක් මිස තමන්ට ලැබෙන දෙයක් නොවන බව දැන ගත යුතුය. ඇත්තටම සියළුම සත්වයන් අසරණය. ඔවුන් නිරන්තරයෙන්ම සතර අපායේ වැටීමේ මහා අවදානමක සිටී. මීට වඩා අසරණ කමක් තිබේද? බුදුන් වහන්සේ සරණ වූයේ මෙම අසරණ කමට මිස අන් ලෞකික අසරණ කමකට වන්නට නොහැකි ය. අපි බුදුන් දැක නිවන් දකින්න යැයි කියමනක් අසා ඇත්තෙමු. ඇත්තට ම බුදුන් දකින්නේ නැති ව නිවන් දැකිය නොහැකිද? බුදුන් ගෙන් තොර නිවනක් පැවතිය නොහැකිය. අප ගෞතම බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් පරිදි නිවන් දැකිය හැකි බුදු මාර්ග තුනකි. අපි මේවාට තුන්තරා බෝධිය යැයි කියමු. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ (පසේබුදු), අරහන්ත බුද්ධ (මහ රහත් ) යන තුනයි. මේ තුන් බෝධිය ම බුදුන් ලෙස උන්වහන්සේ හඳුන්වා දුන් සේක. මේ තුනෙන් එකක් දැක නිවන් දැකිය යුතු ය. බුදුන් දැක නිවන් දැකීම යනු මෙම තුන්තරා බෝධියෙන් එකක් දැක නිවන් දැකීම යි. එය තමන් ප‍්‍රාර්ථනා කරන බෝධියට අනුව වෙයි. අප භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් හට සරණ වූයේ මේ තුන්තරා බෝධියට ල`ගා වන මාර්ගය කියා දීමෙනි. නැතහොත් බුදුන් දකින අයුරු පහදා දීමෙනි. කෙනෙකු විශාල ප‍්‍රපාතයකට ඇද වැටෙන විට අපට කුමක් කළ හැකිද? කළ හැක්කේ එල්ලෙන්නට වැලක් දෙනඑක නොවේද? අප දකින සරණද එයමය. බුදුන් වහන්සේ විසින් අපට දේශනා කලේ වැටෙන විට අල්ලා ගැනීමට දුන් වැලක් වැනි සරණක් නොව නොවැටී සිටීමට ආධාර වන දහමකි. ඒ දහම දුටු තැනැත්තා බුදුන් සරණ ගිය අයෙකි. නැති නම් තුන්තරා බෝධියෙන් එකක් සරණ ගිය අයෙකි. බුදු සරණ ලද කෙනා නැවත සතර අපායේ වැටීමට හේතු නැත. ඒ පංච ඕරම්භාගීය සංයෝජනවලින් පළමු තුනම ප‍්‍රහානය කල නිසාවෙනි. එසේ නම් බුදුසරණයි යන වචනය අපි දෙවිපිහිටයි කියන වචනයට වඩා එහා ගිය අරුතක් ඇති ව පාවිච්චි කළ යුතුබව වටහා ගත යුතු ය. දෙවියන් ගෙන් පිහිට ද බුදුන් ගෙන් සරණ ද අප බලාපොරොත්තු වන්නේ මේ නිසා ය. බුදු සරණ ඇති කෙනාට දෙවි පිහිට අනිවාර්ය වේ. බුදුසරණ නැති කෙනාට නම් දෙවියන්ගේ ම පිහිට යි කියා කීවාට කම් නැත මක් නිසා ද යත් ඔහු නිරන්තරයෙන් විශාල අවදානමක් ඉදිරිපිට සිටින නිසා ය. මේ සතර අපාගත වීමේ අවදානමෙන් ඔබව මුදවා ගන්නට සමත් කිසි ම දෙවි කෙනෙකු මේ වන තෙක් පහල වී නොමැති බව ද කිව යුතු ය. ඔබ සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදාවේවා. පෝෂණ වේදී… ~ ආචාර්‍ය නයන තේනුවර. ~
2/28/2026
මල් පූජා කරමුද?
බුදු පියාණන් වහන්සේට මල් පූජා නොකරපු බෞද්ධයෙක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ. එහෙත් කීදෙනෙක් නම් මල් පූජාවේ හරය දන්නවා දැයි මම නොදනිමි. මට හිතුනා ඒ ගැන යමක් ලියන්න. මලක් නෙලා ගෙන හෝ විකුණන තැනකින් අරගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් තමයි මල් වලට පැන් ඉහලා බුදුන් වහන්සේ පාමුල තියලා ගාතා කියලා වැදලා පූජා කරන්නේ. සමහරු මල් වල නැට්ට කඩලා පූජා කරනවා සමහරු මල් නැට්ට එක්ක පූජා කරනවා. සමහරු කියනවා එහෙම හොද නැහැ කියලා.( හැබැයි නැට්ට තියෙන මල නැට්ට නැති මලට වඩා වැඩි කාලයක් පරවෙන්නේ නැතිව තියෙනවා. ඒ අනුව සිතා නැට්ට ගැනතීරණයක් ගන්න.) සමහරු මලක් බිමට වැටුනොත් ඒක පූජා් කරන්න හොදනැහැ කියනවා. සමහරු මල් පූජාව කියන්නේ මිත්‍යාවක් කියනවා සමහරු මල් කඩන එක පවක් කියනවා මේ වගේ කතා ගොඩයි. මල් පූජාව ආරම්භ වෙන්නේ එක් සිටු ගෙදරක සේවිකාවක් බුදුන් වහන්සේ මග වඩිනවා දැක පූජා කරන්නට යමක් නැති නිසා වැටකොළු මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා විමාණ වත්තුප්පකරණයේ කතාවක් තියෙන නිසා. අපේ උදවියත් මලක් කඩලා හෝ මිලට අරං පූජා කරලා බලා පොරොත්තු වෙන්නේ ඒවගේ දිව්‍ය ලෝකයේ යන්න. ඒත් වැඩේ ලේසි නැහැ. මල් පූජා කරන ගාතාවේ තියෙනවා ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් අපි ඒ ගැනවත් තේරුම් ගත්තා නම් මල් පූජාවෙන් අපිට යමක් ලැබෙනවා. ඒත් දැන් මල් පූජා කරන්නේ කිනම් සිතක් පෙරදැරි කරගෙන දැයි සිතන්නට අමාරුයි. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හොතු මොක්ඛං පුප්පං මිලායාති යථා ඉදං මේ කායො තථායාති විනාසභාවං නොයෙකුත් ආකාරයේ මේ මල් බුදුන්ට පුදමි.මේ පිනෙන් මට නිවන් සැප ලැබේවා! මේ මල් මිලාන වෙන්නේ යම් සේද එසේම මාගේ ශරීරයද මරණයට පත් වන්නේය. මේ විදිහට මල් පූජා කරන්නේ කීයෙන් කී දෙනාද? මල් ටික ලස්සනට තියෙන කම් හොදයි. එහෙම නැති වුනොත් කල කිරෙනවා. මල් ගෙනාව කෙනත් බැණුම් අහනවා. ඇයි පරවුණු මල්නිසා. මම මේ කියන්න හදන්නේ නම් දිව්‍ය ලෝකෙ යන ගමනක් ගැන නෙවෙයි. නිවන් මග පූර්ණය කරගන්නට මල් පූජාවෙන් යමක් එක් කරගන්නට හැකි ක්‍රමවේදයක්. මල් පූජාව ශීලයද, හදුන්කූරු පූජාව සමාධියද, පහන් පූජාව ප්‍රඥාවද පිලිබුඹු කරයි. අපි මුලින්ම මල් පූජාව හේවත් ශීලය ගැන කතා කරමු. පසුව ඉතිරි දෙක ගැනද ලියන්නම්. දැන් අපි මල් පූජා කරමු. මල් පූජාව භාවනාවක් සේ වඩන්න. ඒ සදහා මේ කරුණු සිතට ගන්න. මගේ අතේ තියෙන මේ මල හරිම ලස්සනයි, සුවදවත්, කාගෙත් සිත් ගන්නවා. මම මේ මල බුදුන් වහන්සේට පූජා කරන්නයි යන්නේ. ඊට කලින් මම මේ මල ගැන සත්‍යය අවබෝධ කරගන්න ඕනි. මල මේ තරම් ලස්සන වුනේ ඇයි. මේ තරම් සුවදවත් වුනේ ඇයි. දවල්ට පිපෙන මල් වලට වඩා රෑට පිපෙන මල් සුවදයි. මේ ලස්සන සහ සුවද දෙකේම අරමුණ සමනල්ලුන් , බඹරුන්, මීමැස්සන් තමන් ලගට ගෙන්ව ගන්න එකනේද? ඒ සමනල්ලුන්, බඹරුන්, මීමැස්සන් ඇවිල්ලා පැණි උරා බොනවා හරීම ආශාවෙන්. ඒ අතර එයාල මෙ මලේ පරාගණයට උපකාර කරනවා. මල් පැණි බිව්වට ප්‍රතිඋපකාර කරනවා වගේ. දැන් මල පරවෙලා යනවා.මල තමන්ට අවශ්‍ය කාර්‍යය කරගෙන ඉවරයි. දැන් බඹරු එන්නෙත් නැහැ. සමනල්ලු එන්නෙත් නැහැ, මීමැස්සන් එන්නෙත් නැහැ. සුවද ඇත්තේත් නැහැ. පැණි ඇත්තෙත් නැහැ. ඒ සියල්ල නැතිවෙලා ටික ටික මල පරවෙලා යනවා. පෙති ටික වැටිලා යනවා. ටික දවසක් යනකොට මල් පෙති වලට යටින් පොඩි ගෙඩියක් ඇවිත්. අනේ මේ මල කරලා තියෙන්නේ මොනතරම් රගපෑමක්ද? තමන්ගේ වැඩේ කරගන්නකම් තමයි මේ ලස්සන, පාට, පැණි, සුවද සියල්ලම තියාගෙන ඉදලා තියෙන්නේ. දැන් ඉතින් තමන්ගේ වැඩේ කරගත්තා ඒ දේවල් අමතක කරලා දැම්මා. මල කියන්නේ බලාගෙන ගියහම ආර්ත්මාර්තකාමී මවා පෑමක් කියලත් හිතෙනවා. බලාගෙන ගියහම මමත් ඒ වගේ නේද? මමත් ලස්සනට ඇදලා, සුවද ගල්වලා, හැඩ වැඩ වෙලා තවත් කෙනෙක් ගේ සිතේ යම් රාගයක් ඇවිස්සෙන විදිහට නේද වැඩ කරන්නේ. මමත් යම් දවසක මගේ අවශ්‍යතා ඉටුවුනාට පසු මේ සියල්ල අමතක කරලා මගේ දරුවන් ගැන සිතන්නට කල් ගත කරයි නේද? එදාට මේ මගේ ඇදුම් මේ මැළවුනු පෙති වගේ තියෙයි නේද? මගේ ජීවිතය පුරාවටම මේ මායාව කරගෙන අවා. දැන් මල නුඹ නිසා මට යමක් වැටහුනා. අද නුඹ මල් ගහෙන් කඩලා මගේ අත උඩ ඉන්න නිසා නැවතත් නුඹට ඒ මායාව සිදුකරලා තවත් ගෙඩි හදන්නට බැහැ. දැන් නුඹ නිදහස්. මමත් මාගේ ඒ කෙලෙස් සහිත මායා සහගත සිත කඩලා ඉවත ලනවා. මටත් දැන් ඒ සත්‍ය්‍ය තේරෙනවා. මම දකින නිවන මේ මල තුලින් මම අද දැක්කා. මේ මල මම බුදුන් පාමුල තබා මාගේ කෙලෙස් සහිත සිතද මේ මල් ආසනය මතම තබා යන්නට වෙරදරමි. සාදු සාදු සාදු… ඔබට යමක් ලැබුනා නම් තවත් කෙනෙකුට දායාද කරලා ඒ පින ඒ අයටත් කරගන්න සලස්වන්න. පෝෂණ වේදී… ~ නයන තේනුවර. ~
2/28/2026
කෙනෙකුට සෝවාන් වෙන්න නම් තවත් සෝවාන් හෝ ඊට වැඩි ඵලයක පිහිටි ආර්‍යයන් වහන්සේ කෙනෙකුගෙන්ම ධර්මය අසා දැන ගත යුතුද
මගේ පොඩි දුව ගෙදර ඇවිත් අහනවා කෙනෙකුට සෝවාන් වෙන්න නම් තවත් සෝවාන් හෝ ඊට වැඩි ඵලයක පිහිටි ආර්‍යයන් වහන්සේ කෙනෙකුගෙන්ම ධර්මය අසා දැන ගන්න ඕනි කියලා තාත්තා කියන්නේ ඇයි. අද මම ඒක අපේ ටීචර්ට කිව්වම එහෙම ඕනි නැහැ කියලා කිව්වා. මොකක්ද ඇත්ත? ටිකක් බැරෑරුම් ගැටලුවක් වුනත් ඒ අවස්ථාවේම එය පැහැදිලි කල යුතුයි. මොකද එය සසරටම බලපාන නිසා. මම එහිදී ඇයට පැහැදිලි කල අයුරු මෙසේ පහදන්නම්. බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා මේ සාසනය වසර පන්දාහක් කල් පවතිනවා කියලා. ඒ කියන්නේ ධර්මය පවතින්නේ වසර පන්දාහයි කියන එකද? ත්‍රිපිටකය වසර පන්දාහකට පසු නැති වෙනවා කියන එකද? දැන් තියෙන තාක්ෂණික ක්‍රමවේද වලින් ත්‍රිපිඨකය ආරක්ෂා කරගත හැකි වන්නේ වසර පන්දාහක් පමණක් කියන එකද? නැත්නම් වසර පන්දාහකට පසු ලෝකය විනාශ වෙනවා කියන එකද? මේ සියල්ලටම පිලිතුරු ධර්මය තුලම තියෙනවා. එදා තතාගතයන් වහන්සේ මෙලොව පහල වෙන්න කලින්ම බුදුවෙනවා කියන වචනය මිනිස්සු දැනගෙන හිටියා. බුදුන් වහන්සේ නමක් පහල වෙන්න ලංවෙනකොට බුද්ධ කෝලහලය කියලා එකක් හටගන්නවා කියලා දහමේ තියෙනවා. ඒ බුදුකෙනෙක් පහල වෙනකාලය ලගයි කියලා සමාජය තුල කතා බහක් පැතිර යනවා. එහෙනම් බුද්ධ කියන වචනය ගැන යම් දැනීමක් ඒ අය තුල තිබිලා තියෙනවා. ඒ වගේම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පවා ඒ කාලයේ මිනිස්සු දැනගෙන ඉදලා තියෙනවා. නමුත් සිදු වෙලා තියෙන්නේ වැරදි මත වාද මගින් නියම දහම වැලලි යෑමයි. එසේ ධර්මය වසා අධර්මය පැතිරීම නිසා දහම වැසී යන එකයි දහම අතුරු දන් වෙනවා කියලා කියන්නේ. වැරදි දහමකින් කිසි විටකත් මාර්ගයට පැමිණෙන්නට හෝ ඵලයකට එන්නට බැහැ. මොකද දහම අවබෝධ කරගන්නට බැරි නිසා. තතාගතයන් වහන්සේ ගේ සූත්‍ර අවසානයේ බොහෝ තැන්වල තියෙනවා හරිම අගෙයි භාග්‍යවතුන් වහන්ස, හරියට වහලා තියෙන දෙයක් ඇරලා පෙන්වුවා වාගෙයි කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒ දහම වහලා තිබුනු බව අර ශ්‍රාවකයාට තේරුනා කියන එක නේද? වහලා තිබුනු බව තේරුනා කියන තැනම අපිට තේරුම් ගන්නට හැකියි වැහුනේ මොනවාගෙන්ද කියලා ඒ ශ්‍රාවකයා තේරුම් ගත්තා කියන එක. ඒ වැහිලා තිබුන දේ තුල තමයි මිත්‍යා දෘෂ්ඨිය තියෙන්නේ. ඉතිං ඒ වැහිලා තියෙන දේ ඉවත් කලාම ඉවත් වන්නේ මිත්‍යා දෘෂ්ඨියයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන කෙනා සම්මා දිට්ඨියට පත් වෙනවා මිස වෙන තැනකට යන්නට හේතු නැහැ. සක්කාය දිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ඨිය කියන්නේ එකක් ලෙසයි මම දකින්නේ. මොකද සක්කාය දිට්ඨියෙන් මිදෙන මොහොතේ සම්මා දිට්ඨියටයි පැමිනෙන්නේ. සෝතා පන්න කියන්නේ සම්මා දිට්ඨියට පැමිණීමයි. දැන් මේ දේ අවබෝධ කරගන්න නම් යම් කෙනෙක් ගෙන් අහගන්න වෙනවා. ඒ දහම දෙසන කෙනා ඉන්නේ මිත්‍යාදෘෂ්ඨියේ නම් කෙසේ අසා දැනගන්නද? ඔබට යම් කෙනෙකුගෙන් රුපියල් සියයක් ඉල්ලගන්න සිදු වෙලා තියෙනවා නම් ඔබ රුපියල් සියයක් තියෙන සහ එය දෙන්නට කැමති කෙනෙක් සොයාගන්න ඕනි. නැතිනම් ඔබ එය උපයා ගන්න ඕනි. චතුරාර්‍ය සත්‍ය්‍යත් එහෙමයි. මේ අනුවයි බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියක් ඇතිවන්නේ. අදත් වෙලා තියෙන්නේ මේ දේමයි. තමන්ගේ මතය පොත් වල ලියනවා. ඉන් පසු ඒ පොත් පාඩම් කරලා මමත් දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා හිතාගන්නවා. සුනීත සෝපාක අවුරුදු හතේදී මාර්ග ඵල ලබා ගත්තේ මොනවා පාඩම් කරලාද? පෙර කල පින් ඇති නිසා කියලා ඔබට කියන්නට පුලුවන්. පෙර කල පින් තිබූ පමණින්ම ඒ අයට මාර්ග ඵලයටකට එන්නට බැහැ කියන එක ධර්මයේම තියෙනවා. එයා මේ අත් බැව තුල ධර්මය අසා සෝවාන් මාර්ගයට පැමිණිය යුතුමයි. මාර්ගයට පිලිපන් කෙනා සෝවාන් ඵලයට පත්නොවී මැරෙන්නේ නැති බව බුදුන් වහන්සේ සහතිකයක් දී තිබෙනවා. එය මහත් වූ අස් වැසිල්ලක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම, භාග්‍යවතුන් වහන්ස, මේ සාසනයෙන් සියයට පනහක්ම රදාපවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත නේද කියලා. භාගවතුන් වහන්සේ මෙසේ පවසනවා. හා හා ආනන්ද, එසේ පවසන්න එපා. මේ සාසනය සියයට සියයක්ම රදා පවතින්නේ කල්‍යාන මිත්‍රයා මතයි අපට සිදුවී ඇත්තේ කල්‍යාන මිත්‍රයා යනු කවුරුන්ද යන්න සොයා ගන්නට බැරි වීමයි. කල්‍යාන මිත්‍රයා යනු ඔබට චතුරාර්‍ය සත්‍ය්‍ය දේශනා කරන තැනැත්තා යැයි මා පැවසුවහොත් ඔබ පිලිගනීවි කියා මා සිතනවා. චතුරාර්‍ය සත්‍ය්‍ය දේශනා කරන්නට අදාල කෙනා එය අවබෝධ කරගෙන සිටිය යුතුය කියා මා පැවසුවහොත් සමහර විට ඔබ පිලිගන්න එකක් නැහැ. මොකද අපිට අපේ ස්වාමින් වහන්සේලා විසින්ම ඔලුවට දාන තියෙන මිත්‍යාවක් තමයි මේ කාලේ මාර්ග ඵල ලබන්නට බැහැ කියන එක. නමුත් කිරිබත් ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේගේ බන වල මම දැක්කා නැහැ සෝවාන් විය හැකියි. කියා තිබෙනවා. එය මා හට මහත් වු රුකුලක් වුනා ධර්මය සොයන්නට. ඉන් පසු ධර්මය වසා තිබෙන ආකාරයත් එය විවෘත්ක කල හැකි ආකාරයත් අප හට පෙන්වා දුන්නේ බොහෝ දේනෙක් ධර්මය විකෘත්ති කරනවා යැයි අවලාද නගන වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගෙනි. ඒ උත්තමයා ඉදිරියේ සිට බණ අසන්නට මා පින් කර තිබුනා. මෙ ලිපියද මින් ඉදිරියට කියවන්නේ කියවන ඔබලාගෙන් සියයට පහක පමණ කුඩා පිරිසක් බව මා දන්නවා. එහෙත් මුළ මතක තබා ගැනීම ධර්මයේම ගුණයක් නිසා මා ඒ ගුණයට ගරුකර මේ මතක් කිරීම සිදු කරනවා. සැරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ මේ සාසනයේ සිටි මහා ප්‍රාඥයා. එදා තතාගතයන් වහන්සේගෙන් පිරිනිවන් පෑම සදහා අවසර ගෙන පිටත්ව යන අවස්ථාවේ පාර ලගටම සැරියුත් තෙරුන් සමග භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ නොපෙනී යන තෙක්ම බලා ඉදලා තියෙනවා. පසුම මහා වෘක්ෂයක් කඩා වැටුනා වාගේ කියලා දේශනා කරලා තියෙනවා. තතාගතයන් වහන්සේ සමග ඒ තරමටම උන් වහන්සේ සමිපයි. එහෙත් ඔබ දන්නවාද සැරියුත් තෙරුන් සෑම දාම උදෑසන අවදිවී සිදු කරන පිලිවෙතක් තිබුනු බව. ඒ තමයි අස්සජී මහ තෙරුන් සිටින දිශාව බලා ඒ දිශාවට වන්දනා කිරීම. තමන්ට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පහදා දුන් ඒ කල්‍යාන මිත්‍රයා අස්සජී තෙරුන් බව උන් වහන්සේ දන්නා නිසා. එසේ නැත්නම් උදෑසනම භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවටනේ වදින්න තිබුනේ. නමුත් කල්‍යාන මිත්‍රයා නොසිටින්න උන්වහන්සේට ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙනවා. ණුවනින් විමසා බලන්න. වැටහේවි. මෙතඋපන්දා සිට කරපු නැත වරක් වැන්දොත් කැළණියේ කියලා වැකියක් මම හිතන්නේ හැමෝම අහලා ඇති. කැළණි විහාරයේ තිබෙන්නේ මැණික් පුටුවක් බව අපි හැමෝම දන්නා කාරණයක්. නමුත් දලාදා මාලිගාවේ සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්ඵර්ෂ වූ ශ්රී ධන්තධාතුන් වහන්සේ වැඩ සිටිනවා. එසේ නම් උපන්දා සිට කරපු පවු දුරු වන්නට ඕනි දලදා වහන්සේට වැදීමෙන් මිස කැළණි විහාරය වැදීමෙන් නොවන බව යම් ණුවනක් ඇති කෙනෙකුට තේරෙන්න ඕනි. මෙතන කැළණියේ කිව්වේ කළ්‍යාන මිත්‍රයාටයි. කළ්‍යාඹ මිත්‍රයාට වන්දනා කරන්නේ ඒ කල්ප ගණනක් අවබෝධකරගන්නට බලාගෙන සිටි ධර්මය කල්‍යාණ මිත්‍රයා දේශනා කිරීම නිසයි. උපන්දා සිට කරපු පවු නැත කියලා කියන්නේ මේ සංසාරයේ උපන්දා සිටම සිදු කල පවු නිම කරන්නට දැන් පාර විවෘත්ත කර ඇති නිසයි. ඉතිං ඒ වෙලාවේ ඕනිම කෙනෙක් ඒ ධර්මය දේශනා කල කෙනාට වන්දනා කරනවා. අන්න ඒ අසිරිමත් අවස්තාව තමයි මෙසේ උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කිව්වේ. කැළණියේ කියන්නේ කළ්‍යාණයේ කියන වචනයයි. තවත් පොඩි කරුණක් කියන්නම්. අපි බුදුන් වැද ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේබාලසමාගමූ සථං සමාගමූ හෝතූ යාව නිබ්බාන පත්තියා… මේ මොකක්ද කියන්නේ. මේ සිදුකල පුණයාණුභාවයෙන් මා හට බාලයන් ඇසුරෙන් මිදෙන්නට ලැබේවා. සත්පුරුෂ්‍යන් ඇසුරම ලැබේවා නිවන් සම්පත්තිය පිනිසම හේතු වෙන. මේ ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ කළ්‍යාණ මිත්‍රයා තමන්ට මුන ගැසේවා කියන එකයි. නිවන් දකින්නට නම් කළණ මිතුරෙක් සිටිය යුතුමයි. පෝෂණ වේදී… ~ තේනුවර. ~ මෙත් සිතිනි.
2/28/2026
ආදණීය අම්මේ. ඔබ ඇත්තටතම ඔබගේ කුසයේ සිටින දරුවාට ආදරෙයිද?
ඔබ ගැබිණියක් බව දැනගත් දා සිටම ඔබ ඔබගේ සියළු සිතුම් පැතුම් සහ ආශාවන් දරුවා වෙනුවෙන් කැප කල යුතුය. එය එසේ නොවේ යැයි සිතනවා නම් ඔබ දරුවාට කරන්නේ මහා අසාධාරණයකි. මා එසේ පවසන්නේ ඇයි දැයි සමහර විට ඔබට වැටහෙනවා ඇති. ඔබගේ දරුවා ඔටිසම් තත්වයේ දරුවෙක් වනවාට ඔබ කිසිසේත්ම අකමැති බව මා දන්නවා. එසේ නම් ඊට පාදක වන කරුණු කාරණා ඔබ දැනගෙන සිටිය යුතු වෙනවා. ඔටිසම් වලට ප්‍රධානම හේතුව ලෙසට මේ වන විට සැලකෙන්නේ ග්ලයිෆෝස්ට් සහිත ආහාර අනුභවයයි. මේ ගැන මා ලිපි කිහිපයක් ලියා තියෙනවා. ඒවා කියවා බලන්න. ග්ලයිෆොසේට් යනු වල් නාශකයකි. නිශ්පාදන සමාගම පවසන පරිදි මෙම වල් නාශකය නිසා කිසිදු විටක මිනිස් දේහයට හානියක් නොවේ. නමුත් මෙම වල් නාශකය නිසා බැක්ටීරියාවන් විනාශ වන බව අපි දනිමු. මෙම වල්නාශකය අපි ආහාර සමග අපගේ සිරුරට ගතහොත් අපගේ අන්ත්‍ර වල සිටින සිරුරට හිතකර බැක්ටීරියා වර්ගද විනාශයට පත්වේ. දැන් සිදු වන්නේ අපගේ ශරීරයට විටමින් වර්ග නිපදවන බැක්ටිරියාවන්ද මේ අයුරින් මරණයට පත්වීමයි. ඉතිං ඔබ ගැබිණි මවක් නම් සිදුවන්නේ ඔබගේ කුසයේසිටින දරුවාට නිසි පෝෂණයක් ලබා දීමට නොහැකි වීමයි. මේ අනුව දරුවාගේ මොළයේද නිසි වර්ධනයක් සිදු නොවන්නට ගල්යිෆෙසේට් හේතු වෙනවා. ග්ලයිෆොසේට් වැඩිපුර භාවිතා කරන ආහාර වලින් හැකිතාක් වලකින්නට හැකිනම් එයයි ඔබ කල යුතු වන්නේ. මා දන්නා ආකාරයට මඤ්ඤොක්කා ගලවන්නට පෙරද පස බුරුල් වන්නට මෙම වල් නාශකය ඉසිනවා. එසේම වී වගාවේදීද භාවිතා කරනවා. ඔබට කල හැක්කේ ඔබගේ ගැබිණි කාලය තුල හැකිතාක් පෝෂණය සිපිරි ආහාර වේලක් ලබා ගැනීමයි. කෑම අරුචිය තිබුනත් කෙසේ හෝ දරුවා වෙනුවෙන් මෙම කැප කිරීම කල යුතුමය. නැතිනම් ඔබට අනාගතයේදී එයට වන්දි ගෙවන්නට සිදුවනු ඇත. විශේෂයෙන් පොලොස්, කොස් , මුරුංගා කොළ, වැනි ආහාර තම වේලට එක් කරගන්න. හැකිතාක් දුරට ගමේ ගොඩේ ආහාර එක් කරගන්නට බලන්න. ඇපල් දොඩම් වෙනුවට ගමේ පලතුරු ආහාරයට ගන්න. කෘතිම ආහාර වලින් වැලකෙන්න. සැම විටම පැරණි හෙළ සහල් ආහාරයට ගන්න. පාන් පිටි සහිත ආහාර වලින් වැලකෙන්න. කළු තල යනු පෝෂණයෙන් අනූන ආහාරයක්. දවසකට තේහැන්දක් දෙකක් ආහායටගන්න. බතල ටිකක් පෝත්ත සමග ආහායට ගත හැකිනම් හොදයි. කුරක්කන්, මෙනේරි වැනි ධාන්‍ය වර්ග ආහාරයට එක්කරගන්න. මස් මාංශ ආහාරයට ගන්නවා නම් ඒ ගැනද හොදින් සොයා බලා ආහාරයට ගන්න. වැව් මාළු කල් තබා ගැනීමක් සිදුි නොකරන නිසා එය මෙම අනතරු වලින් අඩු විය හැකිය. එහෙත් වගාවන් ඇති පලාත්වල එයද අපට කිව නොහැකිය. හැකි නම් ගෙදර පෝච්චියක හෝ පුලුවන් විදිහට එලවලු ටිකක් වවා ගන්න. නිවිතිි වැලක්. මුරුංගා ගහක් අනිවාර්‍යයෙන් ගෙදරක වාවා ගන්න. මේ සියලු කැපකිරීම් තම දරුවා වෙනුවෙන් කරන ආයෝජනයක් බව දැනගන්න. ඒ වගේම තවත් කාරණයක් තමයි ඔබ දත් මදින ටූත් පේස්ට් එක. එය ඔබගේ සහ ඔබගේ දරුවාගේ චින්තන ශක්තිය මොට කරන්නට සමත් බව ඔබ දන්නවාද? ඔබ දත් මදින්නට භාවිතා කරන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් නම් මා මෙහිදී පැවසූ අනතුරට ඔබ හසුවී ඇත. අපගේ මොළයේ මධ්‍ය ප්‍රදේශයේ තියෙනවා පයනියල් ග්‍රන්ථිය කියලා කේතු ආකාර පයින් ගෙඩියක් වැනි ග්‍රන්ථියක්. මෙම ග්‍රන්ථියට අපි තෙවැනි ඇස කියලත් කියනවා. සාස්තෘන් වහන්සේලාගේ හිස මත මෙම කේතු ආකාර ග්‍රන්ථිය පෙන්වීමට පැරණි නිර්මාණ කරුවන් තම නිර්මාණ ශක්තිය යොදාගෙන ඇත. බුදුන් වහන්සේ ගේ හිස මතද මෙවැනි කේතු ආකාරයක් දැක්වෙනවා ඔබ දැක ඇති. ඒ උන්වහන්සේගේ තෙවැනි ඇස ගැන පැරණි කලා කරුවන් දුටු ආකාරයයි. ෆ්ලෝරයිඩ් සහිත වතුර බීම හෝ දන්තාලේප භාවිතා කිරීම මගින්සිදුවන්නේ මෙම ග්‍රන්ථිය වැසී යාමයි. එවිට සිදුවන්නේ ඔබගේ චින්තන ශක්තිය දුර්වල වීමයි. මෙම ෆ්ලෝරයිඩ් ඔබගේ දරුවාගේ පයනියල් ග්‍රන්ථියටද යම් බලපෑමක් ඇතිකල හැකිය. දැන් දැන් ඇසෙන සින්දු වලින් මේ ගැන මනාව අවබෝධ කරගත හැකියි. 70 දශකයේ ගීත සමග සසදන විට මෙම ගීත වල තත්වය ඉතාමත් දුර්වල බව අපිට හොදින්ම තේරුම් ගත හැකිය. හේතුව ඇත්තේ ෆ්ලෝරයිඩ් වල බව අපට සැක සංකා රහිතව සිතාගත හැකිය. ගැබිණි මවක් ලෙස මෙම කාරණා දෙක ගැන ඔබ සැලකිලි මත් වෙනවානම් ඔබට ණුවනැති දරුවෙක් අනාගතයේදී දැක ගත හැකිවේවි. මීට අමතරව ඔබ බෞද්ධ කාන්තාවක් නම් ආගමානුකූලව තම දරුවාගේ නුවණ වඩවා ගන්නේ කෙසේදැයි තවත් ලිපියකින් ගෙන එන්නම්. මෙත් සිතිනි. පෝෂණ වේදී නයන තේනුවර.
2/28/2026
මව් පදවිය බලාපොරොත්තු වන අම්මලාට.
විවාහ වන අයගෙන් 10% ක පමණ විශාල ප්‍රතිශතයක් දැන් දැන් දරුපල නොමැතිවීම නිසා සන්තාපයට පත්වී සිටී. මේ සදහා ඔවුන් විවිධාකාර ක්‍රම ඔස්සේ දුවෙකු ගේ සුරතල් බලන්නට උත්සුක වෙමින් සිටි. විද්‍යාවට අනුව ඇති විසදුම නම් එවැනි අයට නළ දරුවෙකුගේ සුරතල් බලන්නට සැලැස්විමයි. නමුත් එය සිංගප්පූරුව ඇමෙරිකාව වගේ රටක ඉතාමත් වියදම් අධික ක්‍රමවේදයකි. දරු පිලිසිඳ ගැනීම හරි ගියා හෝ නොගියා ඩොලර් 15000 ක පමණ වියදමක් දරන්නට ඔවුන්ට සිදුවේ. මෙම ක්‍රමය සාරථක වීමේ ප්‍රතිශත පහත අයුරින් වේ. යස අවුරුදු 35 ක මවකට 41% – 43% වයස අවුරුදු 37 ක මවකට 33% – 36% වයස අවුරුදු 40 ක මවකට 23% – 27% වයස අවුරුදු 40 ට වැඩි මවකට 13% – 18% මේ අනුව වයස වැඩි වන්නට වැඩි වන්නට මේ ක්‍රමය මගින් දරුවන් පිලිසඳ ගැනීම බොහෝම අපහසු බව පෙනී යයි. මෙහි ඇති තවත් එක් අවදානමක් නම් උපදින දරුවා යම් කිසි උපත් දෝෂයක් සහිතව උපදීද යන්නයි. වයසට යන්නට වයසට යන්නට මේ දුරුවන් කිනම් රෝග වලට ලක්වේදැයි දැනගැනීමට තවමත් මෙම විද්‍යාව අලුත් වැඩිය. තවත් ටික කාලයක් ඒ වෙනුවෙන් ඉවසා සිටිය යුතුව ඇත. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය පිලිබඳ විශ්වාස කරන අප මෙම තත්වය දකින්නේ වෙනත් කෝණයකිනි. දරුවෙකු පිලිසිඳ ගැනීමට කය සේම මනස සහ ආධ්‍යාත්මික කය යන දෙකොටසද ඉතාමත් නිරෝගී තත්වයකින් පසුවිය යුතුය. මෙම තත්වය නිසි අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් මෙමලිපිය මගින් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි. මුලින්ම දරු උපතකට ඔබගේ මනස නිරෝගී විය යුතුය. අප සාමාන්‍යෙයන් විශාල මුදලක් ණය වෙලා වෙඩින් එකක් අරගෙන ඒ මුදල් ගෙවා දමා ගොයක් දොරක් හදා නිමකොට වාහනයක් එහෙම අරගෙන තමයි දරුවෙක් හදන්නට තිරණය කරන්නේ. ඒ තාක් ඔබ දරුවන් එපා කියන මානසිකත්වයේ තමයි ඉන්නේ. මේ නිසාම ඔබට දරුවන් පිළිසිඳ ගැනීමට අවශ්‍ය මානසිකත්වය නැතිවී යයි. එය ඔබ කරන පලමු වරදයි. දෙවැනි වරද ඔබ කර ඇත්තේ මේ අත්බවයේදී නොවේ. එය ඔබගේ කර්ම හා බැඳුණු සංකීර්ණ ගැටලුවකි. ඒ ගැන මා ලියූ ලිපි ගණනාවක් ඇත. ඉන් එකක් මේ ලිපිය සමග පහතින් පල කරන්නම්. එම ලිපියද කියවා ඔබට ඔබගේ ආධ්‍යාත්මික කය සකස් කරගත හැකිය. දැන් ඔබ මනසින් සහ ආධ්‍යාත්මිකව දරුවෙකු පිලිසිඳ ගන්නට අවශ්‍ය පසුබිම සකස් කර අවසන්ය. පහත දැක්වෙන ලිපි දෙක කියවා බලන්න. ටිකක් වෙලා ගියත් එය සමහර විට ඔබට සත්‍ය පසක් කරගන්නට හේතුවක් වෙයි. ගබ්සාවක් නිසා මියගිය පුතුගේ කථාව ගබ්සාවක් නිසා ජීවිත අහිමි වූ අනන්ත සංසාර ගත දරුවන් සහ ඥාතීන් නිදහස් කිරීම. දැන් ඇත්තේ දරුවා පිලිසිඳ ගන්නට අවශ්‍ය කායික පසුබිම සාදා ගැනීමයි. එය තරමක සංකීර්ණ තත්වයකි. එයට හේතුව වන්නේ මවගේ සහ පියාගේ ඩිම්බ, ශුක්‍රාණු සේම ඝර්භාෂයේ තත්වයද මවගේ ශාරීරික යෝග්‍යතාවයද මීට බලපාන නිසාය. මා සිංගප්පූරුවේ සහ ලංකාවේ බයෝරෙසොනන්ස් පරීක්ෂණ ආධාරයෙන් මෙවැනි අය පරීක්ෂා කර බලා ඇති අතර එවැනි අයගේ මම දුටු ප්‍රධාන ගැටලු කිහිපයක් පහතින් දක්වන්නම්. ඩිම්බ නිසි ලෙස වර්ධනය නොවීම. ඩිම්භ කෝෂ තුල බැක්ටීරියා වර්ධනය වී සිටිම. පැලෝපීය නාලය තුල බැක්ටීරියා හෝ වෛරස් වර්ධණය වි සිටීම පිටියුටරිය සහ හයිපෝ තැලමස නිසි ලෙස ක්‍රියාත්මක නොවීම තෛරොයිඩ් ග්‍රන්ථීයේ ගැටලු තිබීම. හෝමෝන අසමතුලිත තා. රුධිරයේ ඇති දුර්වල තා. අග්න්‍යාෂය දුර්වලතා. පියාගේ අපි බෝහෝ විට දකින්නේ ශ්‍රක්‍රානු වල හිස කොටස දුර්වල වීම. හෝමෝන දුර්වලතා පිටියුටරිය සහ හයිපෝ තැලමස දුර්වල වීම. කොලෙස්ටරෝල් ගැටලු. ලිංගික බෙලහින තාවය. මේ සියලු දුර්වලතා වලට හේතුව ශරීරයට මේවා නිසිලෙසට සකස් කරගන්නට අවශ්‍ය පෝෂණය නොලැබීමයි. ලැබෙන පෝෂණයද අධික ආතතිය නිසා නිරපරාදේ දහනය වි යන බව බොහෝ විට ඔබලා දන්නේ නැහැ. මේ වෙනුවෙන් අප ආයතනය නොමිලේ උපදේශණ සේවාවක් ආරම්භ කලත් ඊට සහභාගි වූයේ 100 ක පමන පිරිසකි. සමහර විට නොමිලේ දෙන දෙය කිසිම අගයක් නැතිවීම ඊට හේතු වෙන්නට ඇති. මෙහිදී ඔබගේ මානසික සහ ආද්‍යාත්මික තතිවය නිරෝගි කරගන්නට අවශ්‍ය උපදෙස් මූලිකව ලබා දෙනු ලබන අතර ඔබට අවශ්‍ය නම් ඔබගේ පෝෂන මට්ටම් ගැන සහ ඉහත දැක්වූ කායික මට්ටම් ගැන බහෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් මැණ බලා දැනගත හැකිය. ඊට යම් අයකිරීමක් සිදු කරන අතර දිනකට කිහිප දෙනෙක් පමණක් මේ සදහා යොමු කල හැකි බැවින් කලින් වේලාවක් වෙන් කරගත යුතුය. ඉදිරියේදී පිටරට වල සිටින අයටද අපගේ සේවාවන් ලබා දිමට අපි මේ වන විට පියවර ගෙන ඇති අතර ලගදිම ඒ ගැන අපි ඔබව දැනුවත් කරන්නෙමු. මා ලියූ ලිපි… මා විසින් ලියන ලද වෙනත් ලිපි කියවන්න Nittaa.com වෙබ් අඩවියට පිවිසෙන්න. එහි ඇති සෙවුමේ ඔබට දැනගන්නට අවශ්‍ය මාතෘකාව ටයිප් කර ලිපි කියවා අන් අයටත් දැනගන්නට සලස්වන්න. ඔබ සොයන යම් මාතෘකාවකට පිලිතුරු අදාල වෙබ් අඩවියේ නැතිනම් මා හා ඍජුව සම්බන්ධ වීමට මැසෙන්ජර් හෝ වට්ස් ඇප් භාවිතා කල හැකිය. පොදුවේ යම් පැණයක් අසන්නට අවශ්‍ය නම් මාගේ ටෙලිග්රෑම් ගෘප් එකට එක්වන්න. එහි අපි පොදු ගැටලු සාකච්ඡා කරන්නෙමු. ෂෙයාර් කර තවත් කෙනෙකුට මාගේ සේවය ලබා ගන්නට අවකාශ සලසා දෙන්න.. එය තමන් තවත් කෙනෙකුට නිරෝගීව සිටින්නට කරන උපකාරයක් නිසා තමන්ද නිරෝගීව සිටින්නට එය හේතුවක් වේවි.
2/28/2026
සෙනසූරු 7 ඉන්න අය ගැන අහල තිබුනු පැනයකට මා දුන් පිලිතුර.
සෙන සුරු කියන්‍නේ ඔබ අප පෙර සසරේ හෙන හුරු කරපු ගතිය මිසක් අහසේ සිටින ග්‍රහයෙක් නෙවෙයි. ඒක ගණන් හදලා බලලා සිදුකල හැකි ක්‍රමයක් තමයි මේ ඍෂි වරුන් විසින් සොයාගෙන ඉදිරිපත් කලේ. දැන් අය හිතාගෙන ඉන්නේ මේ අහසේ සිටින ග්‍රහයන්ගෙන් එන බලපෑමක් කියලා. ඒක අමූලික බොරුවක්. තමන් සසරේ යම් හෙන හුරු කරන ගතියක් පුහුණු කලා නම් ඒක නැවත මනුස්ස බවයක් ලැබෙනවිට අදාල හෙන හුරු කරපු ආකාරය දැක්වෙන රාශියේ සිද්වෙනවා. මේ අසන ප්‍රශ්නයට අනුව තමන්ගේ කාලත්‍රයා ගැන සදහන් වන 7 වැන්න ගැනයි අහන්නේ. මේ වගේ හදහනක් ඇති කෙනෙක් දැනගන්න ඕනි තමන් අතින් පෙර සසරේ තම භාර්‍යාවට හෝ ස්වාමි පුරුෂයාට අවැඩ අසාධාරන සිදු වී ඇති බව. ඉතිං මේ අත්බැවේදී ඒ ගතියට ආකර්ෂනය ඇති කෙනෙක් හා සම්බන්ධ වෙන්න සිදුවෙනවා. ඉතිං මේ නිසා මේ වගේ දෙදෙනෙක් කසාද බැන්දම දෙන්නම අර පෙර කල හෙන හුරු කිරීමට වන්දි ගෙවන්නට වෙනවා. යම් කෙනෙක් මෙම ගැටලුව මේ ආකාරයට දකිනවා නම් කරන්නට තියෙන්නේ තමන් අතින් සිදුවූ වැරදි වලට වන්දිගෙවිය හැකි කුසල කර්මයක් කර අදාල හෙන හුරු කිරීමට ලක්වූ තම ස්වාමියා හෝ භාර්‍යාව දැන් යම් දුගතියක උපත ලබා සිටීනම් ඉන් මුදවාලීම පිනිස පුණ්‍යානුමෝදනා කිරීමයි. එසේ කර තම ඥාතිවර්ගයා නිදහස් කිරීමෙන් මෙම හදහන අහෝසි කල හැකිය. මේ ගැන මා මීට පෙර ලිපි මගින් කියා ඇත. හදහන ගැන මෙසේ සිතන්න. එවිට එය දෘෂ්ඨිගත වෙන්නේ නැහැ. නැතිව රටේ ඉන්න සියළුම හදහන් බලන අය ගාවට ගිනත් තමන්ට නිසි පිලිතුර ලැබෙන එකක් නැහැ. ග්‍රහයන් ආදාරයෙන් හදහන හදනේ කොහොමද කියලා අහල තිබුනා මම පවසන දේ ඇත්තනම්. මේ ඊට දුන් පිලිතුර. මේ කාරනා ටිකක් වවාදෙට තුඩු දෙන නිසා මෙතන මම කතා කරන්න කැමති නැහැ. නමුත් මම දින කිහිපයකට කලින් ලිපියක කිව්වා මේ විශ්වයම නිර්මානය වෙලා තියෙනනේ සියලු සත්වයන්ගේ ච්ත්තජ රෑප වලින් කියලා. ඒ අනුව ඔබ ඹය කියන ග්‍රහ තාරකා නිර්මානය කරන්න ඔබත් දායක වී තිබෙනවා. ඒ දායකත්වය සපයන්නේ ඔබ වඩන සංකාරවලට අනුවයි.. ඒ සංකාර හෙන හුරු කරන ඒවා නම් මේ සෙනසුරු කියන ග්‍රහයා නිර්‍රමානයේදී ඔබත් දායක වී තබෙනවා. න්වන් දකින තුරු අපි සියලු දෙනාම සහභාගි වෙනවා. ඒ එක් එක් අය ගේ හෙන හුරු කරන ගතිය අඩු වැඩි හොඳ නරක කියන තත්වයන් මත එක් එක් භාවයන් ග්‍රහනය කරගන්නවා. ඒ අනුව අදාල ප්‍රතිපල භුක්ති විඳින්න වෙනවා. ඒත් ඒ ආ පලය නිරැද්ධ කරගන්න විදිහ ඉගෙන ගන්න එකයි වැදගත්. මෙත් සිතිනි…!!
2/28/2026