💪 Body
# මිනිස් ශරීරය පිළිබඳව
## හැඳින්වීම මිනිස් ශරීරය යනු ලෝකයේ තිබෙන අතිශය සංකීර්ණ හා විශ්මිත ජීව විද්‍යාත්මක යන්ත්‍රයකි. එය සෛල (Cells) බිලියන ගණනකින් සෑදෙමින්, ඒවා එකට එකතුවී පටක (Tissues), අවයව (Organs) සහ පද්ධති (Systems) ගොඩනඟයි. මෙම සියලු කොටස් සමාන්විතව ක්‍රියා කිරීමෙන් අපට ජීවිතය පවත්වාගෙන යාමට හැකි වේ. --- ## මිනිස් ශරීරයේ සෛල ගණන අලුත්ම විද්‍යාත්මක ඇස්තමේන්තු අනුව, සාමාන්‍ය වැඩිහිටි මිනිස් ශරීරයක **සෛල ට්‍රිලියන 37 ට ආසන්න (≈ 37 trillion)** ප්‍රමාණයක් ඇත. * රතු රුධිර සෛල – වැඩිම ප්‍රමාණයක් * මාංශ පේශි සෛල * ස්නායු සෛල * චර්ම සෛල සෛලය යනු ජීවීන්ගේ මූලික ඒකකයයි. --- ## සෛලයක ඇති Organelles (සෛල අංග) මිනිස් සෛලයක සාමාන්‍යයෙන් ප්‍රධාන organelles 10–15 අතර ප්‍රමාණයක් හඳුනාගත හැක. ඒවා අතර: 1. න්‍යෂ්ටිය (Nucleus) 2. මයිටොකොන්ඩ්‍රියා (Mitochondria) 3. රයිබෝසෝම (Ribosomes) 4. එන්ඩොප්ලාස්මික ජාලය (Endoplasmic Reticulum – Rough & Smooth) 5. ගොල්ජි උපකරණය (Golgi Apparatus) 6. ලයිසෝසෝම (Lysosomes) 7. සයිටොප්ලාස්ම (Cytoplasm) 8. සෛල පටලය (Cell Membrane) 9. සයිටෝස්කෙලටන් (Cytoskeleton) මයිටොකොන්ඩ්‍රියා සෛලයේ “ශක්තිගාරය” ලෙස හැඳින්වේ, එය ATP ශක්තිය නිපදවයි. --- ## මිනිස් ශරීරයේ පද්ධති (Body Systems) මිනිස් ශරීරයේ ප්‍රධාන පද්ධති 11 ක් ඇත: ### 1. ස්නායු පද්ධතිය (Nervous System) මොළය, නාඩී, ස්නායු ඇතුළත් වේ. ශරීරයේ සියලු ක්‍රියා පාලනය කරයි. ### 2. රුධිර සංසරණ පද්ධතිය (Circulatory System) හෘදය හා රුධිර නාල මඟින් ඔක්සිජන් සහ පෝෂක බෙදාහරියි. ### 3. ශ්වසන පද්ධතිය (Respiratory System) ආසන සහ නිසසන ක්‍රියාවන් පාලනය කරයි. ### 4. ජීර්ණ පද්ධතිය (Digestive System) ආහාර ජීර්ණය කර පෝෂක ද්‍රව්‍ය ලබා දෙයි. ### 5. මාංශ පේශි පද්ධතිය (Muscular System) ශරීර චලනය සඳහා. ### 6. අස්ථි පද්ධතිය. (Skeletal System) ශරීරයට ආකාරය හා ආරක්ෂාව සපයයි. ### 7. ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune System) රෝගකාරකයන්ට එරෙහිව ආරක්ෂාව සපයයි. ### 8. මුත්‍රා පද්ධතිය (Urinary System) අපද්‍රව්‍ය ඉවත් කරයි. ### 9. හෝමෝන පද්ධතිය (Endocrine System) හෝමෝන නිපදවයි. ### 10. ප්‍රජනන පද්ධතිය (Reproductive System) පරම්පරාව පවත්වාගෙන යයි. ### 11. වසා පද්ධතිය (Lymphatic System) ශරීර දියර සම්බන්ධව සහ ප්‍රතිශක්තියට සම්බන්ධ වේ. --- ## අපට රෝග ඇති වන්නේ කෙසේද? රෝග ඇතිවීමට හේතු කිහිපයක් ඇත: ### 1. ක්ෂුද්‍ර ජීවීන් බැක්ටීරියා, වෛරස්, දිලීර, පරපෝෂිත ජීවීන් ශරීරයට ඇතුළු වීම. ### 2. ජානමය හේතු DNA වෙනස්වීම් (Mutations). ### 3. ජීවන රටාව අසමබර ආහාර, ව්‍යායාම නොකිරීම, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය. ### 4. පරිසර හේතු දුෂිත වාතය, රසායනික ද්‍රව්‍ය. ### 5. ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතා Autoimmune රෝග. --- ## සෞඛ්‍ය සුරැකීමට කළ යුතු දේ * සමබර ආහාරය * නිතර ව්‍යායාම * ප්‍රමාණවත් නින්ද * මානසික සන්සුන්භාවය * පිරිසිදුකම පවත්වා ගැනීම --- ## නිගමනය මිනිස් ශරීරය සෛල බිලියන 37කට ආසන්න ප්‍රමාණයකින් සහ පද්ධති 11කින් සමන්විත අතිශය සංකීර්ණ ජීව පද්ධතියකි. සෛල අංග සහ පද්ධති සමුහිකව නිවැරදිව ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්වය පවත්වාගැනේ. ජීවන රටාව, පරිසරය සහ ජානමය හේතු රෝග ඇතිවීමට බලපායි. එබැවින්, ශරීරය පිළිබඳ දැනුම ලබාගෙන සෞඛ්‍ය සුරැකීම අප සැමගේ වගකීමකි.
3/1/2026

Hair & Nail Bio-Resonance (DNA) Analysis
A Holistic Wellness Approach Inspired by Quantum Concepts Hair and Nail Bio-Resonance (DNA) Analysis is a non-invasive complementary wellness assessment designed to explore the body’s energetic and biological patterns. This approach combines principles from bio-resonance technology with biological sample analysis to provide insights into overall well-being. In some theoretical discussions, the concept is loosely inspired by ideas from quantum physics — particularly the phenomenon that **Albert Einstein** famously referred to as “spooky action at a distance.” While this connection is often presented metaphorically, it reflects the broader holistic view that the human body functions as an interconnected energetic system. --- ## What Is Hair & Nail Bio-Resonance Analysis? Hair and nails are biological tissues formed through the body’s metabolic processes. Because they develop over time, they may reflect longer-term physiological patterns rather than momentary fluctuations. These tissues may provide information related to: * Nutritional status * Mineral and trace element balance * Exposure to environmental toxins * Metabolic activity * Stress patterns * Long-term biological trends According to bio-resonance theory, every cell and molecule emits subtle electromagnetic frequencies. When imbalance occurs, these frequencies may shift. By analyzing hair and nail samples, practitioners attempt to evaluate these energetic signatures and identify potential areas of imbalance. --- ## Why Hair and Nails? Hair and nail samples are commonly used in complementary analysis because: * Collection is painless and non-invasive * Samples are stable and easy to transport * No blood draw is required * They may reflect long-term metabolic activity Unlike conventional blood tests, which reflect the body’s condition at a specific moment, hair and nails are believed to represent a broader time span of biological information. --- ## The Procedure 1. A small sample of hair and/or nail is collected. 2. The sample is submitted to a specialized bio-resonance laboratory. 3. Digital frequency analysis is performed. 4. Results are compared with reference databases. 5. A detailed wellness report is generated. 6. A practitioner reviews the findings and provides personalized recommendations. The process is safe, simple, and suitable for all age groups. --- ## What Does the Analysis Evaluate? Depending on the system used, reports may include insights into: * Mineral and trace element levels * Heavy metal exposure * Vitamin imbalances * Metabolic tendencies * Stress indicators * Immune system patterns * Organ energy balance (based on bio-resonance principles) Some advanced systems use digital frequency comparison technology to detect deviations from normative energetic patterns. --- ## The Quantum Connection: “Spooky Action at a Distance” Albert Einstein used the phrase “spooky action at a distance” to describe the puzzling phenomenon of **quantum entanglement**, where two particles appear to remain correlated even when separated by vast distances. Modern physics has confirmed quantum entanglement at the subatomic level under highly controlled laboratory conditions. However, it is important to clarify: * Quantum entanglement has been demonstrated only at the particle level. * There is currently no widely accepted scientific evidence that DNA samples remain quantum-entangled with the living human body in a clinically measurable way. * The connection between bio-resonance testing and quantum entanglement remains theoretical and philosophical rather than established biomedical science. In holistic discussions, the concept of quantum interconnectedness is often used metaphorically to illustrate the idea that biological systems function as unified, interrelated networks rather than isolated parts. --- ## A Balanced Scientific Perspective Hair & Nail Bio-Resonance (DNA) Analysis is considered a **complementary wellness assessment**, not a substitute for conventional medical diagnosis or treatment. Responsible practice requires: * Distinguishing between quantum inspiration and proven medical science * Avoiding unsupported scientific claims * Encouraging clients to consult qualified healthcare professionals for medical concerns When used ethically and transparently, bio-resonance analysis may serve as a supportive tool within a broader holistic wellness strategy. --- ## Benefits of Hair & Nail Bio-Resonance Testing * Non-invasive and painless * No radiation exposure * Safe for adults and children * Provides a holistic overview * Supports personalized wellness planning It may assist in guiding: * Nutritional planning * Detoxification strategies * Lifestyle modifications * Stress management programs * Preventive wellness approaches --- ## A Holistic View of Health Health is more than the absence of disease — it is a dynamic balance between body, mind, and environment. Hair & Nail Bio-Resonance (DNA) Analysis aims to explore this balance by examining both biological materials and energetic patterns. While quantum concepts such as Einstein’s “spooky action” inspire discussions about interconnectedness, ongoing scientific research is necessary to establish direct physical mechanisms. When integrated responsibly alongside conventional medicine, this approach may contribute to a personalized and preventive path toward well-being. Click on the below link and fill the form and post your hair and nail samples to the address below. https://preview--seth-copy-4b529ba6.base44.app/Articles?patient_form=1 Dr. Nayana Thenuwara, No. 1A/F2/U6, Canterbury Garden Apartments, Nayagoda Road, Gonapola. Sri Lanka. 10420 TEL : +94 701902220 ---
3/3/2026

බයෝ රෙසොනන්ස් තාක්ෂණය Bio-Resonance Technology
මොකක්ද මේ බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ මොකක්ද මේ බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේබොහෝ දෙනෙකුට මෙය ප්‍රෙහේලිකාවක්. මෙම තාක්ෂණය රුසියානු විද්‍යාඥයින් විසින් මිට වසර 25 කට පමණ පෙර ලෝකයට හදුන්වා දුන්නා. මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ මිනිස් සිරුරේ ඇති ශක්තිය මැණ බැලීමයි. රුසියානුවන් ඔවුන්ගේ ගගණ ගාමීන්ගේ සෞඛ්‍ය තත්වය මැණ බැලීමට මෙම තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා. මීට වසර 5කට පමණ පෙර ජර්මනිය, එංගලන්තය, සිංගප්පූරුව වැනි රටවල මෙම තාක්ෂණය ප්‍රචලිත වූවා. මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ අපගේ ශරීරයේ එක් එක් සෛල වල ඇති ශක්තිය මැණ බැලීම මගින් එම ස්ථාන වල ශක්තිය අඩු හෝ වැඩි වීමට හේතුව සොයා ගැනීමයි. මේ නිසා යමෙක් රෝගී වන අවස්ථාවක අදාල රෝගියාගේ සිරුරේ සෛල වල ශක්තිය මැණ බැලීම තුලින් අදාල රෝගය වැළදීමට හේතුව සොයාගන්නට හැකි වෙනවා.... රෝගයක් ඇතිවීමට හේතුව රෝගයක් ඇතිවීමට හේතුව සොයාගන්නට හැකිනම් එය කෙතරම් වාසියක්ද? හේතුව නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ වන බව අපි කවුරුත් දන්නා කාරණාවක්. පෙර සිටි ඍෂි වරුන් අපගේ සිරුරේ ඇති ශක්තිය මැණ බලන ක්‍රම තිබුනා. ඉන් එකක් තමයි නාඩි බලා රෝග මූලය සොයා ගන්නා ක්‍රමය. ආයුර්වේදයට අනුව රෝගියාගේ නාඩි පරීක්ෂා කර රෝගියා වාතය කුපුණු කෙනෙක්ද? පිත කුපුණු කෙනෙක්ද? සෙම කිපුණු කෙනෙක්ද යන වග සොයා ගනනවා. ඉන් පසු රෝගියාගේ ප්‍රකෘතියට අනුව වා, පිත්, සෙම් සමණය කරන එකයි ව්‍යෛ වරයා සිදු කරන්නේ. වා, පිත්, සෙම් සමණය කරනවිට රෝගය සුව වෙනවා. මේ අනුව ආයුර්වේදයට අනුව සියළුම රෝග මෙසේ සුව කල හැකියි. හෙළ වෙදකම හෙළ වෙදකම ප්‍රගුණ කරන දේශීය වෛද්‍ය වරු නාඩි බලා සිරුරේ ඇති කොටස් වල තත්වය සහ ක්‍රියාකාරීත්වය විග්රහ කරනවා. ඔවුන් රෝගියාගේ කය තුල ඇති සියළු ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන ආකාරයට සිත යොමා රෝග මූලය සොයාගන්නවා. මෙසේ රෝග මූලය දැනගැනීමෙන් පසු රෝගය සුවකරන්නට අවශ්‍ය ඔසු නියම කරනවා. කෙසේ හෝ මේ ආකාරයෙන් රෝග මූලය සොයාගන්නට මෙම වෛද්‍ය වරුන් දක්ෂයි. පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය පාරම්පරික චීන වෛද්‍ය වරුන් නාඩි අල්ලා බලා සිරුරේ ඇති චී යනුවෙන් හදුන්වන ශක්ති ධාරාවක ඇතිවන වෙනස් කම් හදුනාගන්නවා. මේ ආකාරයෙන් රෝගයට හේතුව හදුනාගන්නවා. දැන් රෝග මූලය නසන්නට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. කෙසේ හෝ මේ තුන් ආකාරයෙන්ම සිදු කලේ සිරුරේ ඇතිවන වෙනස් කමක් දැනගැනීමයි. ප්‍රකෘති තත්වයට වෙනස් වන යම් වෙනසක් සිරුර තුල ඇත්නම් මේ තත්වය සමනය කිරීමෙන් රෝග සුව කිරීමට මෙම වෛද්‍ය ක්‍රම වලට හැකියාව ලැබෙනවා. සිරුරින් විහිදෙන බයෝ ෆෝටෝන රුසියානු විද්‍යාඥයින් සොයා ගන්නවා මිනිස් සිරුරේ ඇති සියළුම කොටස් වලින් යම් ආලෝකයක් විහිදෙන බව. මෙම ආලෝකයට බයෝ ෆෝටොන කියා කියනවා. මෙම ෆෝටෝන අපගේ සිරුරෙන් පමණක් නොව මුළු විශ්වයේ ඇති සියළුම අංශු වලින් විහිදෙනවා. මේ ෆෝටෝන වල යම් නිශ්චිත සංඛ්‍යාතයකට අනුව කම්පණය වෙනවා. මෙම කම්පනයේ සංඛ්‍යාතය එක් එක් අංශුවට වෙනස් අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස කැලිසියම් පරමාණුවෙන් නිකුත් වන ෆෝටෝනයේ සංඛ්‍යාතය යකඩ පරමාණුවෙන් නිකුත් වෙන සංඛ්‍යාතයට වඩා වෙනස්. මේ අනුව මෙම තාක්ෂණයට හැකි වෙනවා ඉතා නිවැරදි දත්ත ලබා දෙන්න. මේ අනුව මෙම විද්‍යාඥයින් විසින් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසට අපගේ සිරුරට සම්බන්ධ සියළුම සෛල වලින් නිකුත් වන මෙම ෆෝටෝන වල සංඛ්‍යාතය මැණ බැලීම මගින් මේ එක් එක් සෛල වලින් නිකුත් වන ෆෝටෝන වල සංඛ්‍යාතය වෙනස් බව හදුනා ගන්නවා. එක් සෛලවර්ගයකින් නිකුත් වන ෆෝටෝන වල ඇත්තේ එක හා සමාන කම්පන සංඛ්‍යාතයක්. එසේම එක් වෛසයකයට, බැක්ටීරියාවකට, දිලිරයකට, ඇත්තේද ඊට ආවේනික කම්පන සංඛ්‍යාතයකින් සමන්විත ෆෝටෝන. මේ අනුව අප සිරුරේ ඇති සියළුම සෛල සහ අපගේ සිරුරට බලපාන සියළුම ජිවී අජීවී කොටස් වලින් නිකුත් වන ෆෝටෝන වල කම්පන සංඛ්‍යාත මැණ බලා අවසානයට එම දත්තයන් පරිඝණක ගත කොට රෝගියෙකුගේ සිරුර තුල මෙම පරපෝෂිතයන් ඇත්දැයි දැනගැනීමට පවා මෙම තාක්ෂණය උපයෝගී වෙනවා. එසේම යම් සෛලයක ඩී එන් ඒ වෙනස් වීමක් සිදුවේ නම් එයද කල්තියා දැනගැනීමට මෙම තාක්ෂණයට හැකියාව තිබෙනවා. මේ නිසාම රෝගයක් කල්තියා දැනගෙන සුවපත් කරගන්නට හැකිවෙනවා. මිනිසා රෝගී වන්නට හේතු යමෙක් රෝගී වන්නට හේතු වන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. ප්‍රතිශක්තිය දුර්වල වීම, හෝමෝන අසමතුලිත තාවය, පෝෂණ ඌණතාවය, අවශෝෂණය අවම වීම, ජීරණ දුර්වලතා, අන්ත්‍රවල සිටින බැක්ටීරියාවන්ගේ ඇතිවන විෂමතා, වසවිස ශරීරගත වීම, පරිවෘතීය ක්‍රියා දුර්වල වීම, එන්සයිම නිශ්පාදනය දුර්වල වීම. නියුරෝ ට්‍රාන්ස් මීටර් වල දුර්වලතා, පරපෝෂිත ආක්‍රමණ, මානසික ආතතිය ඇතුළු වෙනත් මානසික ගැටළු වැනි හේතු තමයි රෝග මූලය ලෙසට බොහෝ විට හමුවන්නේ. බයෝ රෙසොනන්ස් තාක්ෂණයට හැකියි මේ ඕනෑම දුර්වලතාවයක් පැයක් වැනි කාලයක් ඇතුලත සොයා ගන්නට. මෙසේ රෝග මූලය සොයාගත් පසු ඊට අවශ්‍ය ප්‍රතිකාරයක් නියම කලහැකියි. ඒ වාගේම සමහර අවට ප්‍රේත දෝෂ, අණවින බන්ධණ වැනි අදෘෂ්‍යමාන බලවේග නිසාද රෝගී වෙනවා. මෙම තත්වයන් පවා යම්තාක් දුරකට මෙම තාක්ෂණය ඔස්සේ දැකගත හැකියි. මෙවැනි බලපෑම් ඇති අයගේ චක්රා වල ශක්ති නිරීක්ෂණය මගින් සහ ඕරා එක පරීක්ෂා කිරීම මගින් හැකිවෙනවා යම් තරමකට හෝ රෝග මූලයට මේ අදෘෂ්‍යමාන හේතු බලපානවාද කියා දැනගන්නට. මේ අකාරයට කය මනස සහ කර්මය යන තුන් ආකාරයෙන්ම රෝග මූලය සොයාගත හැකි ක්‍රමයක් තමයි බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ. මෙසේ රෝග මූලය සොයාගත් පසු අපට හැකියි අප දන්නා ඕනෑම වෛද්‍ය ක්‍රමයකින් රෝගයට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරගන්නට. කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා රෝග මූලය සොයාගත හැකියි. මෙම පරීක්ෂණය සිදු කරන්නට සහ රෝගය ගැන පැහැදිලි කරන්නට පැය 1 හමාරක පමණ කාලයක් ගත වෙනවා. මෙම කාලය තුල රෝගියාගේ මානසිකත්වයද ධනාත්මක කිරිමට අප උත්සාහ දරනවා. මේ නිසාම රෝගියා අප ආයතනයෙන් පිටව යන්නේ පැමිණියාට වඩා ධනාත්මක මනසකින් යුක්තවයි. මාසිකත්වය ධණාත්මක වීම නිසාම රෝගියා සුව වන්නට ඇති සම්භාවිතාව විශාල ලෙසට වැඩි වෙනවා. එසේම අවශ්‍ය නම් අප විසින් රෝගියාගේ කේන්ද්‍ර සටහනද පරීක්ෂා කිරීමටද පියවර ගන්නවා. ඒ අනුව යම් කර්මයක් ඵල දීමට ඇත්නම් ඒවාටද ප්‍රතිකර්ම කියා දෙන්නට අප වෙර දරනවා. ආහාර රටාව සහ ජීවන රටාව රෝග සුව වන්නට බලපානවා. මෙම තාක්ෂණය සදහා යොදාගන්නේ අපගේ සිරුරෙන් නිකුත් කරන ෆෝටේන වල කම්පන සංඛ්‍යාතය බව මා මුලින්ම පැවසුවා. යමෙකුගේ සිරුරෙන් නිකතුවන ෆෝටෝන වල කම්පන සංඛ්‍යාතය අප ඉහත දැක්වූ හේතුන් නිසා වෙනස් වෙනවා. යමෙකුගේ සිරුරෙන් නිකුත් වෙන ෆෝටොන් වල දුර්වල කම්පන සංඛ්‍යාතයක් පෙන්නුම් කරනවා නම් ඊට හේතුව කුමක්ද යන්නත් අපට පරිඝණකය විසින් දන්වා සිටිනවා. එසේම අපට හැකියි මෙම තාක්ෂණය හරහාම සමහර සංඛ්‍යාතයන් නිවැරදි කරන්නට. එහෙත් මේ පුද්ගලයාගේ මේ වන විට ඇති පෝෂණ මට්ටම සහ මානසික මට්ටම ඊට බලපානවා. ඉතිං අපි මුලින්ම මේ මට්ටම් ප්‍රසස්ථ මට්ටමකට ගත යුතු වෙනවා. මේ නිසාම අපි රෝගියාට ආහාර රටාවක් සහ අත්හල යුතුවන ආහාර ගැන මෙම පරීක්ෂනය අවසානයේ කියා දෙනවා. මේ නිසාම රෝගියාට තවත් නිරෝගී වීමට හේතුවක්ඇති වෙනවා. බයෝ රෙසොනන්ස් තාක්ෂණය භාවිතා වන අන්දම දැන් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද මේ කම්පන සංඛ්‍යාත ලබාගන්නේ කියලා. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම අනුගමණය කරන වෛද්‍ය වරුන්ද සිදු කරන්නේ නාඩි ඔස්සේ අපගේ සිරුරේ ඇති කම්පන සංඛ්‍යාත වලට මනස යොමු කිරීමයි. මනස දියුණු කල වෛද්‍ය වරයෙකුට හැකියි මේ සංඛ්‍යාතය නිවැරදිව තේරුම් ගෙන නිසි ප්‍රතිකාරය සිදු කරන්නට. බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් සිදු කරන්නේද මේ වාගේම කාර්යයක්. මේ සදහා බයෝ ඉන්ඩිකේටර්ස් දෙකක් භාවිතා වෙනවා. එකක් හෙඩ් සෙට් එකක්. අනෙක් අතට දෙන රොඩ් එකක්. මේ දෙකෙන් තමයි අපගේ සිරුරෙන් නිකුත් වන බයෝ ෆෝටොන වල කම්පන සංඛ්‍යාතය මැනගන්නේ. රෝගියාගේ සිරුරෙන් නිකුත්වන සංඛ්‍යාතය නිරෝගී කෙනෙකුගේ තිබිය යුතු වන සංඛ්‍යාතය හා සන්සන්ධනය කරීමෙන් තමයි අදාල රෝගී තත්වය ගැන දැනගන්නේ. මෙම තාක්ෂණය මගින් යමේකුගේ මේ තාක් සොයාගැනීමට නොහැකිව ඇති රෝගී තත්වයට හේතුව සොයාගත හැකියි. සමහර අය තම රෝගය කුමක්ද යන්න නොදැන වසර 10, 15 බෙහෙත් ගන්නවා. නමුත් මේ ආකාරයට රෝගයට හේතුව සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාරය සිදු කිරීම මගින් අපට හැකියි සාර්ථකව රෝගී තත්වය සුවකරගන්නට. එසේම මෙම පරීක්ෂණය මගින් සිරුරට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. අවුරුදු 1 ක් වයසැති කුඩා දරුවෙකුට වුවද මෙම තාක්ෂණය උපයෝගී කරගෙන රෝග මූලය සොයාගත හැකි වෙනවා. එසේම නිරෝගී අයෙකුට වුවත් තම සිරුරේ කිනම් රෝගී තත්ව වැඩි දියුණු වෙනවාද යන්න කල් තියා දැන ගන්නටත් මෙම ක්‍රමය උපකාරී වෙනවා. ඔබටත් හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකරගන්නට ඔබටත් හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකරගන්නටඔබත් කැමතිනම් බයෝ රෙසොනන්ස් තාක්ෂණය ඔස්සෙ පරීක්ෂාවකට යොමුවී තම රෝගී තත්වය ගැන සොයාගන්නට පහත ඇති පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න. අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න. වැඩි දුර විස්තර අවශ්‍ය නම් මෙම අංකයකින් අමතා දැනගත හැකියි
2/26/2026

කොලෙස්ටරෝල් මිත්‍යාව Cholesterol Myth
කොලෙස්ටරෝල් ගැන මීට පෙර මා විසින් තැබූ සටහනක් ගැන තරමක් ගැඹුරු විග්‍රහයක් කලා නම් හොඳයි කියලා හිතුනා. මුලින්ම මම අදාල ලිපිය නැවත පල කරන්නම්. මේ ලිපියේ ඇති ගැටළු එකිනෙක අසන්න. අපි එකතුවෙලා විස්තරාත්මකව විසා ගනිමු. මෙම පැනයට මා දුන් පිලිතුරු එකින් එක මේ පෝස්ට් එකේ පල කරනවා. කෑලි කෑලි අමුනලා නිසා ගලාගෙන යන එකක් නැහැ. ඒත් කොහොම හරි කියවලා තේරුම් ගන්න. හෘදරෝග නැතිව ජීවත් විය හැකියි. LDL සහ HDL කොලෙස්ටරෝල් වල වෙනස කුමක්ද? අපි කොලෙස්ටරෝල් චෙක් කරන්න රුධිරය ගන්නේ ශිරාවකින් බව ඔබ දන්නවා නේද? ඒත් කවදාවත් ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත් වූ බවක් ඔබ අසා තියෙනවාද? ධමණි වල පමණක් කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ ඇයි. මා දන්නා හැටියට ශිරා වල රුධිරයේ සහ ධමණි වල රුධීරයේ ඇති ප්‍රධානම වෙනස තමයි ධමණි වල ඔක්සිජන් ප්‍රවාහනය කිරීමත් ශිරාවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රවාහනයත් යන දෙක. අපි යකඩ කෑල්ලක් මිදුලට විසි කරලා දින කිහිපයකින් බැළුවෙත් පෙනෙනවා ඒක මළ මැදිලා කියලා. ඒ කියන්නේ ඔක්සිකරනය වෙලා කියන එක. නැතිනම් ඔක්ෂිජන් යකඩ සමග එක්වෙලා ෆෙරස් ඔක්සයිඩ් හදලා කියන එක. මෙම ක්‍රියාවලිය ඔක්ෂිජන් සහිත ඕනිම පරිසරයක සිදු වෙනවා. ධමණි බිත්තියේ ඇති පලමු සෛල ස්ථරය එන්ඩොතීලියමය ලෙස හදුන් වනවා. මෙම සෛල ස්ථරය සහ ඉන් ඇතුලත ඇති සෛලද සියල්ල එකිනෙක බැදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන වලිනි. ධමණියේ ඉිදිරියට ඇදෙන රුධිරයේ ඇති ඔක්ෂිජන් අණු ඉන් මිදී මෙම ධමණි බිත්තියේ ඇති සෛල අතර අන්තර් බන්ධණ බිද දමා එම ඉලෙක්ට්‍රෝන සමග එක්වි ඔක්සයිඩ සාදනවා. මේ හේතුව නිසා අදාල ස්ථානයේ සෛල බිත්තියට හානි වෙනවා. මෙම තත්වය සමනය කරන්නට තමයි අක්මාව විසින් අපි නරක කොලෙස්ටරෝල් කියන එල් ඩී එල් කියන කොලෙස්ටරෝල් නිපදවන්නේ. අදාල කොලෙස්ටරෝල් මෙම හානිය ඇතිවූ තැනට ඇවිල්ලා තැන්පත් වෙනවා. මෙම තැන්පත් වීම දිගින් දිගටම සිදු වන නිසා අදාල ස්ථානයේ ප්ලාක් එකක් නිර්මානය වෙනවා. මෙය හෘද රෝගයක් ඇතිවීමට මග පාදනවා.මේ අනුව මෙම තත්වයට ඇත්තටම හේතුව වූයේ ධමණි බිත්තියේ ඇතුලත ඇති එන්ඩොතිලියමය ඔක්සිකරණය වීමයි. මෙම තත්වය මග හරවා ගන්නේ කෙසේද යන්න ඉතාමත් වැදගත් වේ. හේතුව ඔක්සිකරණය වීමනම් අපි සිදු කරන්නට ඕනි ඔක්සිකරණය නැවැත්විය හැකි දෙයක් රුධිරයට එක් කිරීමයි. එවැනි පෝෂණ කොටසක් අපි ගන්නා ආහාර වල ඇත. ඒය ප්‍රති ඔක්සිකාරක ලෙස හදුන්වයි. අපි මෙසේ ප්‍රති ඔක්සිකාරක දෛනිකව අපගේ ආහාරවලට එක් කරගන්නේ නම් අදාල ඔක්සිජන් මුක්ත ඛණ්ඩක වලට සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන සොරාගැනීමට අවශය නොවේ. මෙසේ ආහාර වේලට ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර එක් කර ගත්විට මෙතෙක් තිබූ අවධානම පහව යයි. මේ නිසා අක්මාව විසින් HDL කොලෙස්ටරෝල් නැතිනම් හොද කොලෙස්ටරෝල් නිපදවා රුධිර සංසරන පද්ධතියට මුදා හරී. මෙම HDL අදාල ස්ථානයට පැමිණ මින් පෙර දැමූ පැලැස්තරය ගලවා දමයි. එම LDL කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත ගෙන යයි. ඉතින් අපි කල යුතු වන්නේ LDL විනාශ කිරීම නොව HDL නිපදවීමට හැකි ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර අනුභව කිරීමයි. මේ අනුව ස්ටැටින් ඩ්‍රග්ස් වලින් මිදිය හැකිය. අල්සයිමර්ස් වලින්ද මිදිය හැකිය. එපමනක් නොව එන්ඩොතීලියම මගින් අප සිරුරේ යම් තැනක ලේ කැටියක් ඇති වුවහොත් එයට එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කල හැකි නියට්‍රික් ඔක්සයිඩ් නිපදවයි. මෙම නියට්‍රික් ඔක්සයිඩ් මගින් අදාල කාර්යය තත්පර තුනකට අඩු කාලයකදී සිදුකරයි. දැන් දැන් වැඩිවෙමින් පවතින හෘදරෝග සහ ස්ට්‍රෝක් වලට හේතුවද මෙමගින් පහවී යනු ඇත. නමුත් අප ගේ දෛනික ආහාර වේල නිසා අප රුධිරයට එක්වන මුක්ත ඛණ්ඩක ප්‍රමාණය දිනෙන් දින ඉහල යන නිසාත් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර පරිභෝජනය අඩු නිසාත් එන්ඩොතීලියම එන්න එන්නම විනාශ වෙමින් පවතී. ඒ නිසා අදාල ස්වභාවික ආරක්ෂාව නැතිවී ඇත. අවසානයේ බහිපාස් වලින් තමා රෝගියෙකු ලෙසට ජීවිත කාලය පුරාවටම ජීවත් වීමට සිදුවී ඇත. ප්‍රති ඔක්සිකාරක මනින ඒකකය ඕරැක් (ORAC – Oxygen Radical Absorbance Capacity ) ලෙස හදුන්වයි. මෙම අකුරු හතර ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර විශාල ගණනක් දැනගත හැකිය. කුරුදු, මුරුංගා කොළ, කරාමු නැටි මේ අතර ඉහලින්ම සිටී. දිනකට අපගේ සිරුරට අවශ්‍ය ORAC ඒකක ගණන 20000 ක් බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය කුරුදු කුඩු තේ හැන්දක් සහ මුරුංගා කොල කුඩු තේ හන්දක් දෛනිකව ආහාරයට එක් කර ගැනීම මගින් ලබා ගත හැකිය. මේ පිලිබදව සොයා බලන්න. මෙම අදහසට වැඩි පිරිසක් එකග නොවන බව මම දනිමි. නමුත් මේ අකාරයෙන් කොලෙස්ටරෝල් ගැන බලන කෙනෙකුට ඉතාමත් ඉක්මනින් ඉන් මිදීමට මග පෑදේ. එසේම ඔහුට බයිපාස් කිරීමක් කිසිදිනක අවශ්‍ය නොවේ. රෝග මූලය දැනගෙන ඊට පිළියම් යෙදීම හෝලිස්ටික් ක්‍රමයයි. රෝග ලක්ෂණ පාලනය කිරිම ඇලෝපැතික් ක්‍රමයයි. මෙය ඉතාමත් විස්තරාත්මකව ලිවිය යුතු වුවත් ඉතා මත් කෙටියෙන් මෙහි සටහන් කලෙමි. මේ සදහා මා දුන් පිලිතුරු, මේ ගගක් මුහුදු වැටෙන්නට ලංවෙන අවස්ථාවේදී ඇතිවන රටාවයි. ගගේ ඉවුරේ වැලි තැන්පත් වෙලා තියෙන විදිහ පේනවද? නැම්මේ ඇතුල් පැත්තේ තමයි වැලි තැන්පත් වෙලා තියෙන්නේ. ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නෙත් මේ විදිහටමයි. ඟගක් පහලට ගලන විට එහි ඇති වැලි ගොඩ ගහන ආකාරයයි මේ තියෙන්නේ. ඟගක වැලි ගොඩගහන්නේ ඇතුල් නැම්ම පැත්තේ. අපේ ධමණි වලත් මේ විදිහටමයි කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ. මේ දෙක අතරේ ඇති සම්බන්ධය කුමක්ද? ඟගේ ගහගෙන යන වැලි වගේ තමයි ධමණි වල ඉදිරියට යන මුක්ත ඛණ්ඩක. ( free radical ) ඒවා රුධිර ගමණට බාදාවක් නිසා ධමණිය නැම්මක් ඇති තැනකදී ඇතුල් බිත්තිය පැත්තට තල්ලු කර හරිනවා. මේ නිසා මෙම ස්ථාන වල මුක්ත ඛණ්ඩක ගහනයවැඩියි. හරියට ඟගේ වැලි වගේමයි. ඉතින් මේ මුකත ඛණ්ඩක කියන්නේ මොනවද කියලා දැන් දැනගත යුතුයි නේද?මේ පින්තුරය මැද ඉන්නේ මුක්ත ඛන්ඩකයක්. එයා සැම විටම බලනවා කොහෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්න. මොකද එයා ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙලෙන නිසා. දැන් ඉතින් අර ධමනි නැම්මේ ඇති බිත්තියට ගිහින් හේත්තු වෙන මේ මුක්ත ඛණ්ඩක කන්නේ අර ධමණි බිත්තියේ සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන ගලවාගන්නා එකයි. එහෙම ගලවා ගත්තාට පසු මුක්ත ඛණ්ඩකය නිදහස් වෙලා යනවා. දැන් එයාගෙන් කාටවත්බාදාවක් නැහැ. ඒත් දැන් අර ධමනි බිත්තියට එන්නඑන්න තවත් මුක්ත ඛණ්ඩක ප්‍රහාර දියත් වෙනවා. ඉතින් මේ ස්ථානයේ දැන් අස්තායී වෙනවා. බිත්තිය සිදුරු වෙන තරමට දැන් හානි විය හැකි නිසා මේක මොළය හදුනා ගන්නවා. දැන් මේකට ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසට තමයි අක්මාව LDL/VLDL කියන ලිපෝ ප්‍රෝටීන නිපදවන්නේ. මේවා ඇවිල්ලා අර මුක්ත ඛන්ඩක ප්‍රහාර වලට භාජනය වුනු තැන් වලට ප්ලාස්ටර් එකක් වගේ එලන්න පටන් ගන්නවා. ඒක කරන්නේ අර තුවාල වුනු ධමණි බිත්තියට ඇතුලෙන්. පලමු සෛල ස්ථරයට යටින් තමයි මේ LDL/VLDL තැන්පත් කරන්නේ. මේ නිසා දැන් ධමණිය තුවාල වෙන එක නවතිනවා. ඒත් එන්න එන්නම මුක්ත ඛණ්ඩක ප්‍රහාර දියත් වෙනවා. මේ නිසා තවතවත් LDL/VLDL නිපදවන්නට වෙනවා. මේ ලෙසට වැඩි වැඩියෙන් කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ප්ලාක් එකක් හටගන්නවා.මේ ප්ලාක් එක තමයි අපිට ප්‍රශනයක් වෙන්නේ. මේ තත්වය අපිට ලේ සාම්පලයක් පරීක්ෂාකරලා දැනගත හැකියි. ඉතින් කොලෙස්ටරෝල් වැඩියි කියලා දැනගත්තහම දොස්තර මහත්තයා අපිට දෙනවා කොලෙස්ටරෝල් විනාශ කල හැකි ස්ටැටින් වර්ගයේ ඖෂධයක්. ඉතින් අපිත් මුලු ජීවිත කාලයටම මේවා බොන්නවෙනවා කියලා හිතාගෙන දැන් පටන් ගන්නවා. මේ තත්වය සුව කරන්නට බැරි බව බටහිර වෛද්‍ය විද්‍යාව පිලිගන්නා අතර එය කළමණාකරනය කිරීම සදහා මෙම ඖෂධ භාවිතා කරනවා. මේ ක්‍රමය ඇලෝ පැතක් ක්‍රමයයි. අපේ හෙළ වෙදකම හරි ආයුර්වේදය හරි අයත් වන හෝලිස්ටික් වෙදකම මීට වඩා වෙනස්. හෝලිස්ටික් වෛද්‍ය ක්රමවලදී බලන්නේ මේ තත්වය ඇතිවීමට හේතුව කුමක්ද කියලයි. අපි දැන හේතුව කතා කලා. දැන් කල යුතු වන්නේ හේතුව ඉවත් කිරීමයි. හේතුව තමයි මුක්ත ඛණ්ඩක. එ් කියන්නේ ඉලෙක්ට්‍රෝන හොරු. අපි දැන්මෙයාලව අල්ල ගන්නවාද නැතිනම් හොරා සොයන දේ දීලා එයාව පිටත් කරනවාද? පුදුමය කියන්නේ ස්වභාව ධර්මය විසින් එයාලට අවශ්‍ය දේවල් ගහ කොලේ තැන්පත් කරලා තියෙනවා.අපිට තියෙන්නෙ ඒවා ආහාර ලෙස ගන්න විතරයි. එවිට ඒ මුක්ථ ඛණ්ඩක අවශ්‍යතාවය සපුරාගෙන පිටවී යනවා. අපූරුයි නේද සොබා දහම. මෙම ආහාර කරන්නේ ඉලෙක්ට්‍රෝන දන් දීමයි. අපි මෙම ආහාර වලට කියනවා ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර කියලා. ප්‍රති ඔක්සිකාරක කියන්නේ ඔක්සිකරනය නවත් වන කියන එකනේ. අර මුක්ත ඛණ්ඩක නිසා සිදු වුනේ ඔක්සිකරනය වීමනේ. ඉතින් හරි. දැන් කරන්නට තියෙන්නේ ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර සොයාගන්න එකයි. මේ පෝස්ට් එකේ තියෙනවා ORAC value කියලා එකක් දකින්න ඇති. මෙයින් තමයි අපි ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය මණින්නේ. දිනකට මේවාගේ ඒකක 20000 ක් විතර අපිට අවශ්‍ය වෙනවා . අපි සාමාන්‍ය ආහාර කිහිපයක මෙම අගය ගැන සොයා බලමු. බලන්න මේ වගුව දිහා. ලංකාවේ තියෙන ආහාර ටිකක් තමයි මුලින්ම තියෙන්නේ. පහත තියෙන්නේ ග්‍රෑම් 100 ක තියෙන ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය. කරාඹු නැටි 320000වියලි කුරුදු 280000වියලි මුරුංගා කොළ කුඩු 157000කොකෝවා පවුඩර් 85000 ග්‍රීන් ටී එකක 3000බ්ලැක් ටි එකක 2700කිඩ්නි බීන් කප් එකක 17500 මේ කිහිපයක් කිව්වේ. ඉතිං බලන්නකෝ 20000 ක් කියන්නේ මොකක්ද කියලා. මේ 20000 අපිට දෛනිකව ආහාර සමග ලබා ගත හැකිනම් කොලෙස්ටරෝල් බයිපාස් මේ කිසි දෙයක් අවශ්‍යවෙන්නේ නැහැ. තේ හැදි කියද දවසකට අවශ්‍ය වෙන්නේ කියලා සොයලා බලන්න. සතියට දවස් දෙකක් කිඩ්නි බීන් ( මෑ ඇට ) කෝප්පයක් කන්න. මුරුංගා කොල සම්බෝල හදලා කන්න. මේවා කුඩු ඇරගෙන මිපැනි දාලා කන්න. ග්‍රීන් ටී දෙකක් තුනක් බොන්න. බලන්න කොලෙස්ටරෝල් වලට මොකද වෙන්නේ කියලා. දැන් අපි බලමු තවත් එක් ස්වභාවක ප්‍රති ඔක්සිකාරකයක් ගැන. ඒ තමයි ග්ලූටතයොන්. ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිපදවන හෝමොනයක්. ඒක තමයි අපේ ශරිරයේ ඇති ස්වභාවික ප්‍රති ඔක්සිකාරකය ලෙස වැඩ කරන්නේ. මේ හෝමෝනයට පුලුවන් අපේ දේහ සෛල ඇතුලත ඇති මුක්ථ ඛණ්ඩක වලට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න. ඒක හරිම වැදගත්. අපගේ දේහ සෛල වල ශ්වසන ක්‍රියාවලියේදී මුක්ත ඛණ්ඩක නිදහස් කරනවා. මතකද ඉස්සර තිබුනා හයිඩ්රජන් පෙරොක්සයිඩ් කියලා බෙහෙතක් තුවාල වලට දාන. මේක දැම්මහම හරිම වේදනාවයි නේද. දැකලා තියෙනවාද පෙන දාලා එහෙම එනවා. මෙන්න මේ පෙරොක් සයිඩ් හැදෙනවා අපේ දේහ සෛල වල ස්වභාවිකව. මෙම පෙරොක්සයිඩ් හි විශයි. මේක ස්වභාවිකව හටගන්නා මුක්ත ඛණ්ඩක විශේෂයක්. ඉතින් දැන් මේ කට්ටියට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ලබාදෙන්න වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ලබා දිය හැක්කේ ග්ලූටතයොන් නැමති හෝමෝනයටයි. අපගේ දේහ සෛලයකට මෙවැනි මුක්ත ඛණ්ඩක ප්‍රහාර 10000 ක පමණ දවසකට ඇතිවෙනවා. ඉතින් මේක වලක්වගන්නේ ග්ලූටතයොන් තමයි. ග්ලූතෙයොන් කරන්නෙ තමා සතු ඉලෙක්ට්‍රෝන අර මුක්ත ඛණ්ඩක වෙත ප්‍රධානය කිරීමයි. මේ ලෙස අපගේ සෛල නිරන්තරයෙන් මේ හොමෝනය මගින් ආරක්ෂා කරනවා. හරි අපූරුයි නේද?මුක්ත ඛණ්ඩක වලට තමාගේ ලග තියෙන ඉලෙක්ට්‍රෝන දීල අවසන් වුනාම මොකද වෙන්නේ. දැන් ඉතින් මෙම හෝමෝනය නිශ්ක්‍රීය වෙනවා. ඒත් අපි එක් ඛණිජ ලවනයක් ආහාර වලට එක් කලාම මෙම නිශ්ක්‍රීය හෝමෝනය නැවත පනගහලා එනවා. ආපහු වැඩ පටන් ගන්නවා. මොකක්ද මේ ඛණිජ ලවනය. ඒ තමයි සෙලේනියම්. සෙලේනියම් තියෙන ආහාර අපි නිරන්තරයෙන් ගන්න ඕනි. එවිට අපි සෛල වල ආරක්ෂාව නිරන්තරයෙන් සපයනවා වෙනවා. ග්ලූටතයොන් නිපදවන්නටනම් අපි නිරන්තරයෙන් ගත යුතු පෝෂණ කොටස් කිහිපයක් තියෙනවා. අපි ඒ ගැනත් බලමු. Selenium Vitamin B 6 Vitamin B 12 Folic Acid N-Acytel-Cysteine Alpha Lipoic Acid දැකලා පුරුදු පෝෂ්‍ය කොටස් ටිකක් කියලා හිතේනනේ නැද්ද? බබාලා හම්බවෙන්න ඉන්නඅයට මේවා ගන්න කියනවා නේද? ඒ මේ හෝමෝනය නැති වුනොත් සෛල වලට හානි වෙන නිසා. සෛල අභ්‍යන්තරයේ ඇති ඩී එන් ඒ වලට පවා මේ හේතුවෙන් හානි වෙන්නට හැකියි. පිලිකාව කියන රෝගයේ මූලය මෙසේ පටන් ගන්නවා අපි ඒ ගැන වෙනවම කතා කරමු. වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450 මෙත් සිතිනි. පෝෂණ වේදී.නයන තේනුවර.
2/28/2026

කොලෙස්ටරෝල් වලින් මිදෙන්න දිනපතා මසාලා ටී එකක් හදාගෙන බොමු. Cholesterol
මින් පෙර ලියූ කොලෙස්ටරෝල් ලිපිය කියවා ඇත්නම් මෙම ලිපිය තේරුම් ගැනීමට පහසුයි. ඔබ තවමත් ඒ ලිපිය කියවා නැතිනම් පහත ලින්ක් එකෙන් එම ලිපිය කියවන්න. කොලෙස්ටරෝල් වලට ඇති බිය දුරුවී යාවි. https://nittaa.com/archives/14866 මසාලා තේ කියන්නේ ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය කිරි තේ එකක්. අවශ්‍ය නම් කිරි නැතිව බොන්නත් හැකියි. මෙහිදී මෙම තේ එක වැදගත් වෙන්නේ එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසයි. අපගේ අක්මාව LDL කොලෙස්ටරෝල් නිපදවන්නේ අපගේ ධමණි වල ඇතුල් බිත්තියේ යම් ඔක්සිකරණයක් සිදු වීම නිසාය. මෙම ඔක්සිකරණය සිදු කරන්නේ අපගේ ධමණි තුල ඇති මුක්ථ ඛන්ඩක නැතිනම් ඉලෙක්ට්‍රෝන ඌණතාවයකින් පෙලෙන ඔක්ෂිජන් ධන අයන විසින් වේ. මේවා මුක්ථ ඛණ්ඩක ලෙස හදුන්වයි Free radical. මෙම Free radical නිෂ්ක්‍රීය කලේ නැතිනම් ඔවුන් ධමණි බිත්තියේ ඇති ඉලෙක්ට්‍රෝන ගලවා තමාගේ ඌණතාවය සපුරා ගන්නා නිසා මේවා අපට ඉතාමත් අහිතකරය. අපි යම් හෙයකින් මෙම Free radical නිශ්ක්‍රීය කලේ නැතිනම් ධමණි බිත්ති ඇතුලත සෛල අතර ඇති අන්තර් බන්ධන ගලවා එහි ඇති ඉලෙක්ට්‍රෝන ගලවාගෙන මෙම Free radical ස්ථායි වේ. මෙම හේතුව නිසා තමයි අදාල ස්ථානය තුලින් රුධිරය ගමන් කරන එක නවත් වන්නට LDL කොලෙස්ටරෝල් පැමිණෙන්නේ. මෙම ක්‍රියාව දිගින් දිගටම සිදු වීම නිසා රුධිරයේ LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම වැඩිවේ. අපේ රිපෝට් එකේ මෙම දත්තයන් දුටුවිට අපි කල යුතු වන්නේ කොලෙස්ටරෝල් විනාශ කිරීම නොව ඊට හේතු වූ Free radical ඉවත් කිරීමයි. Free radical නිසා ඔක්සිකරනය සිදුවේ. ඉතිං අපි කල යුතු වන්නේ ප්‍රති ඔක්සිකාරක අපගේ ශරීරයට දිනපතා ලබා දීමයි. දිනකට අප ශරිරයේ ඇතිවන මුක්ත ඛන්ඩක Free radical ප්‍රහාර වලට මුහුන දීම සදහා ප්‍රතිඔක්සිකාරක ඒකක ORAC points 20000 ක් අපි ආහාර සමග ගත යුතු වෙනවා. එසේ නොගත හොත් සිදු වන්නේ අදාල ප්‍රමාණයට LDL කොලෙස්ටරෝල් අක්මාව විසින් නිපදවීමයි. මේවා තමයි ධමිණිවල ඇතුලත බිත්තියේ තැන්පත් වෙන්නේ. ඉස්සර නම් කුස්සියේ අපේ ආච්චිලා ග්‍රෑම් 200 ක විතර ලොකු තුනපහ ගුලියක් අඹරනවා. ඒකේ මම හිතන්නේ ORAC points 150,000 විතර තියෙන්න ඇති. දැන් එහෙම නැහැනේ. ඉතිං අපිට තේ එකට මේ තුනපහ වර්ග කිහිපයක් එක් කරලා බොන්න පුලුවන්. ඒක හරිම රසයි. මේ තේ එකේ ඇති ප්‍රතිඔක්සිකාරක ප්‍රමණයත් අපි ගනන් හදලා බලමු. අපිට මේ එක ටී එකකින් පුලුවන් ORAC points 10000 ක විතර ප්‍රති ඔක්සිකාරක ප්‍රමානයක් ලබා ගන්න. ORAC points කියන්නේ Oxygen Radical Absorbance Capacity කියන එක. ඒ කියන්නේ අපගේ ශරීරයේ හටගන්නා මුක්ත ඛණ්ඩක Oxygen Radical නිශ්ක්‍රීය කරන්නට හැකි අණු විශේෂයක්.මේ ගැන මම මීට පෙර කොලෙස්ටරෝල් ගැන කතාකරන විට සාකච්චා කලා. ඉතිං අපිට මේ වාගේ තේ එකක් හදාගෙන කොලෙස්ටරෝල් වලින් මිදෙන විදිහක් කතා කරන්නයි බැලුවේ. මම එහෙනම් මේකේ පොඩි විද්‍යාත්මක විශ්ලේෂනයක් කරන්නම්. මුලින්ම අපි දෙදෙනෙකුට ඇතිවෙන්න අවශ්‍ය කලමනා බලමු. ඊට ඉදිරියෙන් මම අදාල ද්‍රව්‍යෙය් ORAC points ගණන සටහන් කරන්නම්. කුරුදු කුඩු තේ හැන්දයි. 5g – ORAC points 6571.25 කරාඹු නැටි. 2g – ORAC points 2902.75 ගම්මිරිස් 4g – ORAC points 1362 අමු ඉගුරු 10g – ORAC points 1485 මිංචි කොල 5g – ORAC points 698.75 කරදමුංගු 2g – ORAC points 200 පිරිසිදු තේකොල තේ හැදි දෙකයි. ORAC points 5400 එකතුව ORAC points 18619.75 ඒ කියන්නේ මෙම තේ එක මගින් සාමාන්‍යෙයන් එක් අයෙකුට දිනකට ORAC points 10000 ක් විතර ලබා ගන්න පුලුවන්. නිරෝගී කෙනෙකුට දෛනිකව අවශ්‍ය වන ORAC points ගණන 20000 යි. කොලෙස්ටරෝල් දැනටමත් ඇති අයට මේක දෙගුණයක් වත් විය යුතුයි. අපි දැන් බලමු මේක හදන විදිහ. මුලින්ම සියළුම කලමනා වංගෙඩියක දාලා කොටා ගන්න. දැන් සාස්පානක් ලිපේ තබා ඊට වතුර කෝප්ප 1ක් එක් කරන්න. අර කොටාගත් ද්‍රව්‍යද වතුරට එක් කරන්න. හොදින් රත්වෙන්න හරින්න.වතුර නටන විට තේකොල තේ හැදි දෙක එක් කරන්න. දැන් තව හොදින් රත් වෙන්නට හරින්න. දැන් මේකට එළ කිරි කෝප්ප දෙකක් එක් කරන්න. හැදි ගාමින් රත් කර හොදින් උතුරන තුරු රත් කර බාගන්න. දැන් පෙරාගෙන අවශ්‍ය නම් දුඹුරු සීනි දමා පානය කරන්න. මේ ප්‍රමානය දෙදෙනෙකුට සෑහේ. තම තමන්ගේ අවශ්‍ය රසයට අනුව වට්ටෝරුව වෙනස් කරගන්න. මේ ආකාරයටම ගෙදර බත් එකත් හදන්න. බත් එක ලිපේ තියන්න කලින් මේ කලමනා ඒකට එක් කරන්න. කුරුදු කුඩු තේ හැදි 1යි, මුරුංගා කොල කුඩු තේ හැදි 2 යි . කොත්තමල්ලි කුඩු තේ හදි 1යි. එළගිතෙල් මේස හැස්දක්. කරපිංචා රම්පේ. දැන් මේවා සමගම බතලිපේ තබන්න. බලන්න මුලු ගේම සුවදයි බත ඉදෙනකොට. කහ පොඩ්ඩක්ද දැම්මට කමක් නැහැ. හරිම රහයි. කරලා බලන්න. මේ කොහොම හරි අපි කරන්නේ ප්රතිඔක්සිකාාරක ගුණය වැඩි කරගන්න එකයි. මාසයක් විතර මේ තේ එක බීලා කොලෙස්ටරෝල් චෙක් කරලා බලන්න.
2/28/2026

ෆැටි ලිවර් සුව කල හැකිය Fatty Liver
ෆැටි ලිවර් යනු සුව කල නොහැකි රෝගයක් ලෙසට බටහිර වෛද්‍ය ක්රමයේ දැක්වේ. නමුත් ෆැටි ලිවර් වලට හේතුව දන්නේ නම් සුවය ඉතා පහසුය. මෙයට ප්‍රධානම හේතු කිහිපයක් ඇත. වස විස ආහාරයට ගැනීමවේදනා නාශක භාවිතයරාත්රී නින්ද අඩු වීමමද්යසාර භාවිතයමෙම හේතු වලින් මිදෙන්නට හැකිනනම් ෆැටි ලිවර් වලට ඔබව යටකල නොහැකිය. නමුත් දැන් ඔබ මෙම තත්වයෙන් පසු වෙනවා නම් එය සුවකර ගත යුතුව ඇත. ඊට සුදුසුම ආහාරමය ඔසු කිහිපයක් මෙම දැන්වීමේ පල කර ඇත. ඔබටද මින් ප්‍රතිඵල නෙලා ගත හැකි වන අතර ෆැටි ලිවර් ගැන ලියූ දීර්ඝ ලිපියක් පහත දක්වා ඇත. කියවා බලා තේරුම් ගෙන අප හා සම්බන්ධ වන්න. ෆැටි ලිවර්… Fatty Liver… පෝෂණ වේදීනයන තේනුවර
2/28/2026

ඔබේ මුහුණත් පිග්මන්ට්ටේෂන් නිසා අවලක්ෂණ වෙලාද Pigmentation
වයසට යන විට කාන්තාවන්ට සේම පිරිමි අයටද ඇතිවන තත්වයක් තමයි මේ පිග්මන්ටේෂන් කියලා කියන්නේ. සමට යටින් ඇති මේද ස්ථරය ඔක්සිකරණය වීම මෙම තත්වයට හේතුවයි. මෙම තත්වය මුහහුණට පමණක් සීමා නොවන අතර සිරුරේ ඔනෑම තැනකට බලපෑ හැකිය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා සමහර ස්ථාන වලින් මෙළනින් නිශ්පාදනය කිරීම නිසා මෙම තත්වය උදාවේ. මෙළනින් වැඩිපුර නිපදවීමට හෝ අඩුවෙන් නිපදවීමට හේතු වන්නේ චර්ම සෛල වල ඩී එන් ඒ වල ඇතිවන විකෘති තත්වයකි. මෙම තත්වය නැවත යතා තත්වයට පත් කිරීමට හැකිය. මෙම තත්වයන්ට සුදුසු ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වය සමතයකට පත්කරගත හැකිය. මේ සඳහා ඇති හොඳම සප්ලිමන්ට් කිහිපය පහතින් දක්වන්නම්. Vtae Gene PPARs Selenium Osteo FX මෙම සප්ලිමන්ට් මාස 6 ක කාලයක් භාවිතා කිරීමෙන් පිග්මන්ටේෂන් තත්වය ලිවර් ස්පොට්ස් (liver Spots) සහ පිග්මන්ටේෂන් (Pigmentation) සඳහාද මෙම සප්ලිමන්ට් ගුණ දෙනු ඇත. පෝෂණ වේදී නයන තේනුවර.
2/28/2026

පිත්තාශයේ ගල් හැදිලද? Gall Stones / Cholecystitis
පිත්තාෂයේ ගල් හැදෙන්නේ ඇයි. වකුගඩු වල වගේම කැල්සියම් ප්‍රශ්නයක්ද? නැහැ පිත්තාෂයේ ගල් හැදෙන්නේ අක්මාවේ පිත නිපදවීම අඩු වීම නිසයි. අක්මාව දිනකට පිත ලීටර් එකහමාරක් විතර නිපදවනවා. මේ පිත විත්තාෂයේ ඇති අති සාන්ද්‍ර පිත හා නිතර කලවම් වන්නේ නම් පිත් ගල් හැදෙන්නේ නැහැ. ඉතිං පිත නිපදවීම තමයි කල යුතු වන්නේ. පිත නිපදවන්නේ කොලෙස්ටරෝල් බිදහෙලලයි. ඉතිං කොලෙස්ටරෝල් විනාශ කරන්නට බෙහෙත් බොනවා නම් පිත් ගල් ගැන සැලකිලිමත් වන්න. ඒ වගේමයි ඉස්ට්‍රජන් හෝමෝනය වැඩි නම් ඒ අයටත් මේ තත්වයට මුහුන දෙන්නට වෙනවා. ඉන්සියලින් ප්‍රමාණය වැඩි වීමත් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි රුධිරයේ කෝටිසෝල් ප්‍රමාණය වැඩිවීම. ඒ කියන්නේ ස්ට්‍රෙස් වැඩිනම් ඒ අයත් පිත්තාෂයේ ගල් බලාපොරොත්තු වෙන්න වෙනව. මේ සියල්ල ගැන හරියට දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කර ලිපිය කියවන්න. පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල් පෝෂණ වේදීනයන තේනුවර.
2/28/2026

පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල් Gall stones and Cholesterol
ඔබටත් පිත්තාශයේ ගල් තියෙනවා පිත්තාශය ඉවත් කල යුතුයි කියලා කවදා හරි වෛද්‍ය වරයෙක් කියලා තියෙනවාද? කොහොමද පිත්තාශයේ ගල් හැදෙන්නේ. මේවා කැල්සියම් තැන්පත්වීම නිසා ඇතිවන ගල්ද? පිත්තාශය ඉවත් කිරීම සුදුසුද? වාගේ ප්‍රශ්න ඔබට පැණ නැගී ඇතිද? අද අපි මේ සැකය පහකර ගනිමු. ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. ඔබගේ ජීවිතය ජයගන්නට මිත්‍යාවන් බොහෝමයක් බිඳදමා ඇත. ඔබගේ ණුවනැස විවර කර බලන්නටත් නිරෝගීව ඉන්නටත් මේ ලිපිය ඔබට මග විවර කරදේවි. පිත්තාශය සහ පිත… පිත කියන්නේ අපගේ ආහාරයේ ඇති මේදය ජීරණය කරන්නට අපගේ අක්මාව මගින් නිපදවන ඉතා භාශ්මික වූ ද්‍රාවනයක්. මෙහි pH අගය 8.2 ක් පමණ වෙනවා. පිත්තාශය කියන්නේ පිත ගබඩා කරන කුඩා පැසක්. අක්මාවේ මැදට වන්නට යටි පැත්තේ පිත්තාශය පිහිටා තිබෙනවා. පිත වර්ණයෙන් කොළ පැහැයක් ගන්නවා. දිනපතා අක්මාවේ නිපදවන පිත 20 ගුණයක් සාන්ද්‍රනය වැඩි කර පිත්තාශයේ ගබඩා කරනවා. ඒ පසුව භාවිතයට ගන්නටයි. මෙම සාන්ද්‍රනය නිසාම පිත හදන්නට උපකාර කරන නැත්නම් පිතේ මව පිත්තාශය තුල ගල් වීම තමයි මේ පිත්තාශයේ ගල් කියලා කියන්නේ. පිත නිපදවන්නේ මොනවා ගෙන්ද? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. පිත හදනන්නේ මොනවාගෙන්ද? පිත හදන්නේ කොලෙස්ටරෝල් වලින්. කොලෙස්ටරෝල් ඉතාම කුඩා අංශු වලට කඩනවා අක්මාවේදී. මෙයට කියනවා කැටබොලයිස් කරනවා කියලා. මේ ඉතාම කුඩා අංශු වලට කැඩුන කොලෙස්ටරෝල් අපගේ සිරුරට අවශ්‍ය අවශ්‍ය අකාරයට පරිවර්ථනය කරන්නට අක්මාව දන්නවා. විටමින් ඩී, සෛල පටලය, හෝමෝන් වර්ග, පිත මේ කොලෙස්ටරෝල් අංශු වලින් නිපදවනවා. මේ කොලෙස්ටරෝල්ද අක්මාව විසින් නිපදවන ලද්දක්. අපගේ සිරුරේ තිබෙන කොලෙස්ටරෝල් වලින් 75% ක් නිපදවන්නේ අක්මාවේ. 25% ක් පමණ ආහාර මාර්ගයෙන් අපගේ සිරුරට ලැබෙනවා. ඉතිං මෙම කොලෙස්ටරෝල්ම බිඳ හෙලා පිතද නිපදවනවා. සාමාන්‍යයෙන් දිනකට පිත ලීටර් 1 – 1.5 ක්පමණ ප්‍රමානයක් අක්මාව මගින් නිශ්පාදනය කරනවා. මෙම පිත මගින් තමයි අපගේ ආහාරයේ තිබෙන මේදය ජීරණය කර අපගේ සිරුරට අවශෝෂණය කරගත හැකි ආකාරයට සකස් කරන්නේ. ආමාශයේ ඇත්තේ ආම්ලික පරිසරයක්. මේ නිසා මේදය ආමාශයේදී ජීරණය වෙන්නේ නැහැ. නමුත් ග්රහණියට පිත පැමිණෙන නිසා මෙහි භාශ්මික මාධ්‍යයක් නිර්මානය වෙනවා. මේ නිසාම මේදය ජීරණය කරන්නට ග්‍රහණියේදී හැකිවෙනවා. කුඩාන්ත්ර වලදීද මෙම ජීරණ ක්‍රියාවලිය සිදුවෙනවා. කොහොම හරි පිත කියන්නේ ඉතා වැදගත් රසායනිකයක් බව දැන් ඔබට පැහැදිලි ඇති. ඒත් මොනවද මේ ගල්… ඔබට මතක ඇති මා මුලින්ම පැවසුව අක්මාවේ නිපදවන පිත පිත්තාශයේ ගබඩා කරනවා කියලා. මෙම පිත අක්මාවේ නිපදවන පිතට වඩා 20 ගුණයක් සාන්ද්‍රනයෙන් යුක්තයි. මේ නිසාම කැටි ගැසෙන්නට බලනවා. කැටි ගැසෙන්නේ පිත ලෙසට නොව පිත හදන්නට උපකාර කල කොලෙස්ටරෝල් ලෙසයි. මේ අනුව පිත්තාශ්ය තුල නිරන්තරයෙන් කොලෙස්ටරෝල් ඝණ වීමක් සිදු වෙනවා. ඒත් ගැටලුවක් නැහැ මොකද අක්මාවේ නිපදවන පිත මගින් ඒ ඝණ වූ කොලෙස්ටරෝල් නැවතත් කුඩා අංශු වලට බිඳ හෙලනවා. ඉතිං ගැටලුවක් නැහැ. ඒත් අක්මාවේ නිපදවන පිතේ අඩුවීමක් සිදු වුවහොත් කුමක් සිදුවේවිද? පිත්තාශ්ය තුල ඝණ වූ කොලෙස්ටරෝල් තවත් ඝණවීම වැලැක්විය හැකි වේවිද? මම හිතන්නේ ඔබට යමක් තේරුණා. දැන් ගැටලුව ඇත්තේ අක්මාවේ පිත නිපදවීම ගැනයි. පිත නිපදවන්නට කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා. ඒ කොලෙස්ටරෝල් අක්මාවේම නිපදවනවා. නමුත් ඔබ කොලෙස්ටරෝල් නාශක ස්ටැටින් වර්ගයේ ඖෂධ භාවිතා කරනවා නම් කුමක් සිදු විය හැකිද? ඔබ කොලෙස්ටරෝල් ඌණතාවයකින් පෙලෙන්නට හැකියි. මේ නිසාම පිත නිශ්පාදනයට බාධා පැමිණෙන්නට හැකියි. ඉතිං පිත නිපදවීම දුර්වල වෙනවා කියන්නේ පිත්තාශය තුල කොලෙස්ටරෝල් ඝණ වෙනවා කියන එකයි. මේ ඝණ වීම ඉතා තද ස්පඨික දක්වා ඝන වෙනවා. මේවා නිසා පිත්තාශය ප්‍රදාහයට ලක්වෙනවා. ඉදිමෙනවා. සමහර විට පිත්ත ප්‍රනාල අවහිර වීම නිසා ඉතා වේදනා කාරී අත්දැකීම් වලට මුහුන දෙන්නට සිදු වෙනවා. ඉතිං අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකක් කලාම මේ ගල් තියෙන බව දැනගන්නට හැකි වෙනවා. අවසානයේ වෛද්‍ය වරයා නිගමනය කරනවා පිත්තාශය ඉවත් කල යුතුයි කියා. ඊට ඔබ එකග වෙනවා. එයයි සිදුවන්නේ. වේදනාව නිසාම පිත්තාශය ඉවත් කර හෝ ඉන් මිදෙන්නට ඔබටද සිතෙනවා. පිත්තාශයේ ගල් ඇති බව දැනගන්නේ කෙසේද? පිත්තාශය පිහිටලා තියෙන්නේ අක්මාවේ මැද හරියේ යටි පැත්තේ. මේක හරියට මල්ලක් වාගේ. ඒ නිසා තමයි පිත්ත ආශය නැත්නම් පිත්තාශ්ය කියලා කියන්නේ. ආශය කියන්නේ මල්ල කියන එකටනේ. ඉතං මේ පිත්තාශයේ ගල් ඇතිවන විට පිත්තාශය ඉදිමෙනවා. මේ ඉදිමීම නිසා අක්මාවට තෙරපීමක් එනවා. අක්මාව ඇත්තේ මහා ප්‍රාචීරයට යටින් ඊට හේත්තු වෙලයි. මේ නිසා අර තෙරපීම මහා ප්රාචීරයටද දැනෙනවා. ඉතිං මහා ප්‍රාචීරයට යන ස්නායුද මේ හේතුව නිසාම තෙරපීමකට ලක්වෙනවා. අපගේ බෙල්ල ප්‍රදේශයේ කෂේරුකා අතරින් විහිදෙන ශුෂුම්නා ස්නායු කිහිපයක් එක්වී මහාප්රාචීරයට අවශ්‍ය සන්නිවේදන කාර්යයන් සිදු කෙරෙනවා. අපි හුස්ම ගන්නේ සහ පිටකරන්නේ මේ මහා ප්‍රාචීරය උස් පහත් වන නිසයි. ඉතිං මේ මහා ප්‍රාචීරයට යම් තෙරපීමක් ආවා කියන්නේ අර ස්නායුද තෙරපීමකට ලක්වෙනවා. මේ තෙරපීම බෙල්ල ප්‍රදේශය දක්වා විහිදෙනවා. C3, C5 කියන ශුෂුම්නා ස්නායු වලින් තමයි මහා ප්‍රාචීරයට අවශ්‍ය සන්නිවේදන කාර්යයන් සිදු කරන්නේ. මේ ස්නායුවට Phrenic nerve යන නාමය යෙදෙනවා. මෙම ස්නායුව තෙරපීමට ලක්වීම නිසා ඔබගේ දකුණු බාහුවේ, දකුණු උරහිසේ යම් වේදනාවක් ඇතිවෙන්නට පුලුවන්. මේ රෝගී තත්වය ඇති කෙනෙකුට සැක කරන්නට හැකියි තමන්ගේ පිත්තාශයේ ගල් ඇති බවට. සමහර අය මෙය ෆ්රෝෂන් ශෝල්ඩර් ලෙසට වැරදියට වටහාගෙන ඊට වෙදකම් කලත් එයින් පලක් ඇති වෙන්නේ නැහැ. වේදනාව දිගටම පවතිනවා. ඒ වාගේම ඔබගේ ඉලඇට කූඩුවේ දකුණු පස පහලම තැන සිට අගල් දෙකක් පමණ පහලින් වේදනාවක් දැනෙනවා නම් එයින්ද දැනගත හැකියි පිත්තාශයේ ගල් ඇති බවට. මෙම වේදනාව තාවකාලිකව සමනය කරගන්නට පුලුවන් ඔබගේ වම් අත පැත්තේ ඉලඇට කූඩුවේ පහලම තැන සිට අගල් දෙකකට පහතින් ඇගිලි වලින් තෙරපීමකට ලක් කිරීම මගින්. මෙය වේදනාව සමනය කරගන්නට පමණයි. පිත්තාශයේ ගල් ඇති වන්නට හේතු වන වෙනත් කාරණා මොනවාද? කොලෙස්ටරෝ්ල් ඝණ වීමට බලපාන තවත් සාධක තියෙනවා. අග්න්‍යාෂයේ අධික ඉන්සියුලින් නිශ්පාදනය මළ බද්ධය අක්මාවේ නිපදවීම දුර්වල වීම මේද ආහාර අඩුවෙන් ගැනීම කාබෝහයිඩ්රේට භාවිතය වැඩි වීම. ස්ටැටින් වර්ගයේ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතාව මෙම කාරණාද පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වෙනවා. වෙනත් ආකාරයකින් කියනවා නම් පිත්තාශයේ කොලෙස්ටරෝල් ස්ඵඨික සෑදීමට හේතු වෙනවා. පිතෙන් කරන වෙනත් කාර්යයන් මොනවාද? පිතෙන් කෙරෙන ප්‍රධානම කාර්යය තමයි අපි මුලින්ම සාකච්ඡා කල මේදය ජීරණය කිරීමේ ක්‍රියාවලිය. ඊට අමතරව පිත මගින් කොලෙස්ටරෝල් බිඳ හෙළනවා. මෙහිදී කොලෙස්ටරෝල් ප්රතිචක්රී කරණයට භාජනය වෙනවා. අපගේ සිරුරේ ඇති LDL කොලෙස්ටරෝල් බිඳහෙලා HDL කොලෙස්ටරෝල් නිපදවීමටද මෙහිදී පිත මගින් සහය ලබා දෙනවා. නමුත් කොලෙස්ටරෝල් විනාශ කරන්නට අප දරන වෙහෙස නිසාම ස්වභාවිකව සිදුවන්නට තියෙන ක්‍රියාවලියක් වන LDL කොලෙස්ටරෝල් බිඳහෙලා HDL කොලෙස්ටරෝල් නිපදවීම සිදු කරන්නට බැරි වෙනවා. ඒ වාගේම අපගේ ශරීරයේ රුධීරය තරමක් භාශ්මික විය යුතුයි. මෙම භාශ්මිකතාව රැකගන්නටද පිත උදව් වෙනවා. ඒ වාගේම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වන්නේ භාශ්මික මාද්යයක් තුලදී බව අප මතක තබා ගත යුතුයි. පිලිකාවක් ඇති අයෙකුගේ රුධිිරය ආම්ලික වෙන්නට බලනවා. ඛේඨය ආම්ලිකයි. මේ නිසාම ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. පිලිකා සෛල විනාශකරන්නට සිරුරට ඇති හකියාව මේ නිසා නැතිව යනවා. බලන්න පිත්තාශය අපට මොනතරම් වැදගත්ද කියලා. මේ කිසිවක් සිතන්නේ නැතිව පිත්තාශය ඉවත් කරන්නට තීරණය කිරීම මොනතරම් අණුවන කමක්ද? පිත්තාශයේ ගල් ඇතිනම් ඉවත් කරගත හැකිද? පිත් ගල් ඉවත් කරන්නට හැකියි. මෙයට දේශීය වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර තියෙනවා. අපට ඒවාට යොමු විය හැකියි. මෙහිදී වැදගත්ම කාර්යය වන්නේ පිත්තාශයේ ගල් හැදෙන්නට පෙර ඝණ වූ කොලෙස්ටරෝල් ඇත්දැයි සොයා ගැනීමයි. අපට මෙම කාර්යය ඉතා සාර්ථක ලෙසට සිදුකල හැකියි බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින්. මෙම තාක්ෂණය මගින් සිරුරේ ඇති සියළුම කොටස් වල තත්වය ගැන වාර්ථාවක් ලබා දෙන අතර ඔබට ඉදිරියේදී වැලදෙන්නට හැකි ලෙඩ රෝග ගැන පවා පුරෝකථනයක් ලබා දෙනවා. ඔබ කල යුතු වන්නේ වසරකට වරක් මෙම පරීක්ෂණය සිදු කරගැනීම පමණයි. මෙම තාක්ෂණය රුසියාවේ නිශ්පාදනයක් වන අතර සිරුරට කිසිදු හානියක් නැතිව සිදු කල හැකි ඉතාම සරල සහ නිරවද්‍යතාව ඉතා ඉහල පර්යේෂණ ක්රමයකි. මෙම පරීක්ෂණයට භාජනය වීමට ඔබත් කැමති නම් පහත අංකයකින් අපගේ ආයතනය හා සම්බන්ධ වන්න. බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් පහත පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න. https://forms.gle/1wNVGwnwUrNiejjd8 SERENDIB HOLISTIC CENTRE +94 713503450 / Whatsapp 0701902220 වෙනත් ලිපි. මාරාන්තික විටමින් බීඅක්මාවේ තෙල් තැන්පත් වෙලාද?
2/26/2026

මිනිස් සිරුර ලෙඩ කරවන ප්‍රධානම හේතුව. interstitium
අද වන විට මිනිසා ලෙඩ රෝග වලින් ගහණ සත්වයෙකු බවට පත්වී ඇත. මෙයට හේතුව කුමක්ද? හේතුව සොයනවාට වඩා හැදුන ලෙඩේ සුව කරගන්නට වෙර දරණ රෝගීන් සහ රෝග කළමණාකරනය කරන්නට වෙර දරණ වෛද්‍ය වරුන් අපට දැකගන්නට ලැබෙන බව නම් නොරහසකි. පෙරකල වෙද මහත්තයෙකු හමුවට යන රෝගියාට මුල්ම ප්‍රතිකාරය ලෙස බඩ විරේක කරන සිරිතක් හෙළ වෙදකමේ පැවතුනා. නමුත් දැන් විරේක කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිකාරයක් ලෙසට ප්‍රචාරය කිරීම නිසා මෙම ප්‍රතිකාරය සමාජයෙන් ඉවත් වෙමින් පවතී. එහි ඇති වැදගත් කම මෙම ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන ප්‍රතිලාභය ගැන ඔබ විමතියට පත්වන බව මා නිසැකවම දනිමි. දැනට ඔබට ඇති රෝග වලට මේ ලිපියේ ඇති කාරණය ඍජුවම සම්බන්ධ බව මා තරයේ ප්‍රකාශ කර සිටිමි. මීට වසර 15 කට පමණ පෙර වහරක අභය රතනාලංකාර ස්වාමීන් වහන්සේ දේශනා කලා හරි අපූරු දෙයක්. උන්වහන්සේ පැවසුව අපේ සිරුරේ සෑම තැනකම තියෙන පටලයක් තියෙනවා මේ පටලය මගින් තමයි අපේ සිරුරේ එකතු වන වස විස එකතු කරලා මහා බඩවැල හරහා සිරුරෙන් ඉවත් කරන්නේ කියලා. මේ පටලයේ මැද ඇති ද්‍රව තට්ටුවක ආධාරයෙන් අප ගන්නා ආහාර වල ඇති වස විෂ සේම සිරුරේ නිපදවන සිරුරට අහිතකර වන ද්‍රව්‍ය මහා බඩවැල් වෙත ගෙනගොස් ඉවත් කරන බව උන්වහන්සේ වදාල. කාරණා දෙකක් නිසා මෙම ගමන් මාර්ගය වැසෙන බවද උන් වහන්සේ වදාල. ඒ කාරණා දෙක තමයි අපි ගන්නා ආහාර වල ඇති වස විස අධික වීම සහ විණ බන්ධන. විණ බන්ධන කිව්වම සමහර අයට මේ ලිපිය මෙතනින් එහාට කියවන්නට ඇති උවමනාව නැති වුනා නේද? දැන් එහෙම හිතුනේ නැති අය ඉදිරියට කියවන්න. මේ පටලය සහිත මාර්ගය අපගේ තවත් එක් බහිශ්රාවීය පද්ධතියක්. නමුත් එය නවීන විද්‍යාවට හමු වෙලා නැහැ. ඒත් 2018 වර්ශයේ විද්‍යාඥයින් මේ පටලය සොයා ගන්නවා. මේ තාක් අපගේ සිරුරේ ඇති විශාලම අවයවය ලෙසට තිබුනේ සමයි. නමුත් මේ පටලය සොයාගැනීමත් සමග එම මතය බිඳ වැටුනා. හම සිරුරේ ඇති අවයව වලින් 16% ක් වන අතර මේ අලුතෙන් සොයාගත් මෙම අපූරු පටලය 20% ක් වෙනවා. ඉතින් දැන් අප සිරුරේ ඇති විශාලම අවයවය මේ අලුතෙන් සොයාගත් පටලයයි. ඒ කියන්නේ නවීන විද්‍යාවට අප සිරුරේ තිබෙන විශාලම අවයවය මේ වන තෙක් මගහැරිලා තිබිලා තියෙන්නේ. නමුත් මේ වන තෙක් මේ පටලය නැත්නම් අප ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියනවා නම් සිවිය, අපේ අධ්‍යාපනයට එක් වෙලා නැහැ. ඉතිං මේ ගැන තවම අපි කවුරුවත් දැනුවත් නැහැ. විද්‍යාඥයින් තවමත් සොයනවා මේ නව අවයවයෙන් මොනවාද කරන්නේ කියලා. වහරක ස්වාමීන් වහන්සේ මේ ගැන මීට වසර 15 කට පෙර දේශනා කර තිබුනත් පරීක්ෂණය නිරීක්ෂණය නිගමණය කියන විද්‍යාවට ඔප්පු කරගැනීමට හැකිවන තෙක් මෙය අධ්‍යයන මට්ටමේ තිබෙන කාරණාවක් පමණයි. කොහොම හරි අපි උන්වහන්සේගේ දේශනාව තුල තිබෙන කාරණා විග්රහ කර බලා යමක් තේරුම් ගනිමු. අපි ගන්නා ආහාර අපගේ සිරුරට අවශෝෂණය කරගෙන අපශේෂ කොටස් අපගේ සිරුරින් බැහැර කරනවා. එසේ බැහැර කරන්නේ පඨවි, අපෝ, තේජෝ, වායෝ නැමති සතර මහා භූත ලෙසයි. අපෝ ධාතුව කියන්නේ වැගිරෙන දේවල්. මෙවැනි වැගිරෙන ද්‍රව අපගේ සිරුරෙන් ප්‍රධාන වශයෙන්ම ඉවත් කරන්නේ වකුගඩු සහ ස්වේද ග්‍රන්ථි වලින්. ඒ කියන්නේ අපගේ සිරුරට අනවශ්‍ය ද්‍රව වකුගඩු නැතිනම් මුත්‍ර මාර්ගයෙනුත් දහදිය මාර්ගයෙනුත් සිරුරෙන් බැහැර කරනවා කියන එකයි. අපගේ සිරුරට අනවශ්‍ය වායු කොටස් පෙනහලු හරහා බැහැර කරනවා. ඒ වගේම සිරුරේ උෂ්ණත්වය පාලනය කරන්නේ සම හරහා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ පඨවි කොටස් සිරුරෙන් බැහැර කරන්නේ කොහෙන්ද කියන එකයි. කෙනෙකුට හිතෙන්න පුලුවන් ආහාර ජීරණ පද්ධතියෙන් ඉවත් කරන්නේ පඨවි නැතිනම් තද ගතිය ඇති අවශේෂ කොටස් නේද කියලා. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීරණ පද්ධතිය බහිශ්රාවීය පද්ධතියක් නොවෙයි. ඊට හේතුව ලෙස දක්වන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් පිටකර්නනේ සිරුරට අවශෝෂණය කරගත නොහැකි වූ අවශේෂ කොටස් පමණක් බවයි. ඉතිං මේ පඨවි ධාතුව සිරුරෙන් පිට කරන්නට තැනක් තිබිය යුතුයි නේද? ඔබගේ ඇගිල්ලට කවදා හරි මිටියකින් පහරක් වැදිලා තියෙනවාද? එසේ මිටි පහර වැදුන තැන ලේ කැටි ගැසිලා සති දෙක තුනක් තිබෙනවා ඔබ දැක තියෙනවාද? මේ ස්ථානයේ ඇති වන ලේ කැටිය නැවතත් රුධිර සංසරණ පද්ධතියට එක් කර ගන්නේ නැහැ. ඒවා එතනම තියෙනවා. නමුත් සමට යටින් ඇති මම පෙර පැවසූ පටලයේ මැද ඇති දියර තට්ටුවට මෙම කැටි ගැසුන ලේ අවශෝෂණය කරගන්නවා. එසේ අවශෝෂණය කරගෙන මහා බඩ වැල කර ගෙන යනවා. එසේ ගෙන ගොස් මහා බඩ වැල් වලින් ඉවත් කරනවා. මේ විිදිහට ටිකෙන් ටික තමයි මේ කාර්යය කරන්නේ. ඒ නිසා තමයි මේ කාර්යයට ටිකක් කල් ගත වෙන්නේ. දැන් ඔබට පැහැදිලියි මේ පටලයෙන් කරන කාර්යයය. අපි දැන් බලමු අපගේ සිරුරේ ඇති පඨවි ධාතුවට අයිති කොටස් මොනවාද කියලා. විශේෂයෙන් වස විස වැඩි ප්‍රමාණයක් ඇත්තේ පඨවි ධාතුව ලෙසයි. ආසනික්, ලෙඩ්, රසදිය වැනි විෂ වර්ග මේ ඝණයට ගැනෙනවා. අපි හිතමු යම් හේතුවක් නිසා මෙම පටලය මහා බඩවැලට විවර වන ස්ථාන අවහිර වුවා කියා. දැන් කුමක් සිදු වේද? අර ඉවත් කිරීමට ඇති පඨවි කොටස් වෙනත් මාර්ගයක් සොයන්නට ගන්නවා. ඉතිං මේවා වකුගඩු, සම, පෙනහලු, අක්මාව, පිත්තාශය, අග්න්‍යාෂය, තෛරොයිඩ් ග්‍රන්ථිය, මහා බඩවැලේ වෙනත් ස්ථාන, කුඩා බඩවැල, ආමාශය, කණ, ඇස, වාගේ නොයෙක් ස්ථාන කරා ගමන් කරනවා. දැන් හිතලා බලන්න ආපෝ ධාතුව සිරුරෙන් බැහැර කරන්නට ඇති වකු ගඩු වලින් පඨවි ධාතුව පිට කරන්නට වෙර දරන විට කුමක් සිදු විය හැකිද? අපේ ගෙදර උළුඅස්සෙන් අලියෙක් ඇතුල් වන්නට වෙර දරන විට කුමක් සිදුවන්නේද අන්න ඒ දේ තමයි සිදු වන්නේ. ඉතිං අපේ වකුගඩු වල ඇති ඉතාම ක්ෂද්ර ඉන්ද්‍රියයක් වන ගුච්ඡිකා පෙරණ මෙසේ විනාශ වෙනවා. ඉතිං මෙම ස්ථාන වලින් ප්‍රෝටීන් වැනි විශාල අණු මෙම ගුච්ඡිකා පෙරණ වලින් පිටවෙන්නට පටන් ගන්නවා. මේ විදිහට ටිකෙන් ටික වකුගඩුව නරක් වෙනවා. දැන් ඉතිං වකුගඩුවක් බද්ධ කරන්නට කෝටි ගණන් සල්ලි හොයනවා. මේ ආකාරයට අපගේ සිරුරේ ඕනෑම කොටසක් දුර්වල වන්නට හැකියි. පිළිකා නිර්මාණය වන්නටද හැකියි. නමුත් මේ ගැන නොදැනීම නිසාම බොහෝ දෙනෙක් ලෙඩදුක් නිසා දුක් විඳිනවා. ජීවිතාන්තය දක්වා බෙහෙත් බොනවා. ඒත් කිසිම කෙනෙකුට සුවයක් ඇති වන්නේ නැහැ. මොකද මෙවැනි රෝග වල රෝග මූලය ඇත්තේ වෙනත් තැනක නිසා. මෙම පටලයට බටහිර වෛද්‍ය ක්රමයේ ඉන්ටර්ස්ටිෂම් (Interstitum) නමින් හැඳින්වෙනවා. අපි සිංහලෙන් මෙයට විෂ හරන පටලය කියලා කියමු. මෙම පටලය මගින් අපගේ සිරුරේ සැම තැනම ඇති වස විෂ මහා බඩවැල වෙත ගෙන එනවා. එසේ ගෙන ඇවිත් බඩවැල් වල ඇති මෙම විෂ ඉවත් කරන සිදුරු හරහා සිරුරෙන් බැහැර කරනවා. නමුත් යම් යම් හේතු නිසා මෙම සිදුරු වැසී යනවා. ප්‍රධානම හේතුව තමයි විණ බන්ධන කියලා කියන කෑම බීම හරහා සිදු කරන විණ කර්ම. මේවා නිසා අර පෙර කියපු සිදුරු වැසී යනවා. ඉතිං අපගේ සිරුරෙන් ඉවත් කරන්නට ඇති වස විස නැවතත් ශරීරය අභ්‍යන්තරයට ගෙන යනවා. මෙසේ වස විෂ වැඩි වූ විට මෙම පටලය සමට යටින් ඇති නිසා සම දුර් වර්ණ වෙනවා. සමහර විට ඔබ දැක ඇති කෙනෙක් රෝගී වෙනකොට සම දුර්වර්ණ වෙනවා. ඒ මෙම පටලයේ ඇති විෂ වැඩි වීම නිසයි. මෙම පටලය විවර වන මහ බඩවැලේ ඇති සිදුරු විවර කිරීමට කෂාය වර්ග තියෙනවා. එම කෂාය වර්ග පානය කිරීමෙන් ඔබට මෙම තත්වයෙන් අත්මිදිය හැකියි. රෝගීයා පරීක්ෂා නොකර මෙම කෂාය වර්ග වල නම් ප්‍රකාෂ කිරීම සුදුසු නොවන නිසා මෙම ලිපිය ඔස්සේ ඒ ගැන නොකියා සිටින්නම්. අප විසින් සිදු කරන බයෝ රෙසොනන්ස් පරීක්ෂාව මගින් හැකියි මෙම පටලයේ තත්වය දැකගන්නට. අප වෙත පැමිණෙන රෝගීන් ගෙන් බොහොමයකගේ මෙම පටලයේ අවහිර තා ඇති බව අපි දැක තිබෙනවා. එවැනි අයව අපි යම් කෂාය වර්ග ලබා දීමට හැකි වෙද මහතුන් කරා යොමු කරනවා. මෙම කෂාය ගැන දන්නේ පරම් පරාවෙන් මෙම වෛද්‍ය වෘතියේ දැනුම ලබාගත් අයයි. දක්ෂ ජ්‍යෝතිර්වේදියෙකුට වුවත් හැකියි මෙම තත්වය උපන් වේලාව පරීක්ෂා කර දැනගන්නට. කෙසේ හෝ මෙම විෂ හරණය කිරීමේ පටලයේ තත්වය ගැන හරියට දැනගැනීම රෝග බොහෝ ගණනකින් වැලකීමට හේතු සාධක වනු ඇති. ඔටත් යම් රෝගී තත්වයක් ඇත්නම් මෙම පටලයේ තත්වය පරීක්ෂා කර බලා එම පටලයේ ඇති ද්‍රවයේ විෂ හරණය කර ගැනීම වඩා වැදගත් වේවි. ඔබටද හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂණයක් සිදු කර මෙම පටලයේ තත්වය ගැන සොයා ගන්නට. පහත අංකයකින් අප හා සම්බන්ධ වී වේලාවක් වෙන්කරගෙන බයෝ රෙසොනන්ස් පරීක්ෂණයක් සිදු කරගන්න. බයෝ රෙසොනන්ස් පරීක්ෂාව (Bio-Resonance Test) පෝෂණවේදී නයන තේනුවර.
2/27/2026

රෝග වලට ප්‍රධානම හේතුවක් වන DNA විකෘති වීම වලකන PPARs.
බෝ නොවන රෝග දැන් දැන් බෝ වෙන රෝග සේ වැඩිවෙමින් පවතී. මෙම තත්වයට හේතු වන ප්‍රධානම ගැටලුවක් ගැනයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි DNA විකෘති වීම. මොනවාද මේ DNA කියන්නේ ඔබ සහ මම දෙදෙනාම මවු කුසට පැමිණියේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු සෛල භාග දෙකක් එක් වීමෙන් ඇතිවුන එක් සෛලයක් විකාශණය වීම හේතුවෙන්. මුලින්ම ඇතිවූ සෛලය නැතිනම් යුක්තානුව අපේ මොළයේ සෛලයක්ද? අක්මාවේ සෛලයක්ද? හෘදය වස්තුවේ සෛලයක්ද? යන්න කළලය නිර්මාණය වන තුරුම තීරණය වෙන්නේ නැහැ. ඒ මූලික සෛල කිසිම හැඩයක් නැති කිසිම කාර්යයක් සදහා තවමත් හැඩගැසී නැති නිකම්ම නිකං සෛල විශේෂයක් පමණක් මෙසේ ගුණනය වෙමින් විකාශණය වෙනවා.සංසේචනය වී සති දෙකක් පමණ යනවිට එක වරම මෙම සෛල එක් එක් කාර්යයන් සදහා විභේදනය වෙන්නට පටන් ගන්නවා. මෙසේ විභේදනය වන්නේ සෛල තුල ඇති යම් සාධකයක් වෙනස් වීමෙන්. මේ සාධකය තමයි DNA කියලා කියන්නේ. මේ වෙනස් වීම් වලට අනුව මවු කුස තුල කලළයක් නිර්මාණය වෙනවා. දැන් කළලයට අත් කකුල් හිස මොළය, අක්මාව වැනි ඉන්ද්රියයන් තියෙනවා. මේ සියල්ල තීරණය කරන්නේ සෛල අභ්‍යන්තරයේ න්‍යෂ්ඨිය තුල ඇති DNA වල සංයුතිය වෙනස් කිරීමෙන්. අපගේ එක් එක් දේහ සෛල වල න්‍යෂ්ඨියේ වර්ණ දේහ යුගල් 23 බැගින් තියෙනවා. මේවා නිර්මාණය වී ඇත්තේ DNA වලින්. මෙම DNA එකක් විශාල කර බැලුවහොත් අපිට හරියට පෙනෙන්නේ කැරකුණු ඉණිමගක් වගේ. මේවායින් එක් DNA එකක් ගෙන දිග හැරියහොත් එම DNA එකේ දිග සෙන්ටිමීටර් 10ක් පමණ වෙනවා. ඉතිං මේ එක DNA එකක ස්විචස් මිලියන 4ක් පමණ තියෙනවා. මේ ස්විචස් එකින් එක ඔන් ඕෆ් කරන්නට කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ හදවත. මේ ස්විචස් මිලියන 4න් අදාල ස්ථානයට අවශ්‍යවන, එම ස්ථානයේ සෛල වලින් සිදුකරන කාර්යයන්ට අවශ්‍ය වන සෛල වලට අදාල වන ගුණාංග වලට අවශ්‍ය වන ස්විචස් පමණක් ඔන් වෙලා තියෙන්නට හැර ඉතිරි සියළු ස්විචස් ඕෆ් කරන්නට හදවත කටයුතු කරනවා. මේ අනුව සෛලයක ඇති සියළුම DNA වල අනවශ්‍ය ස්විචස් ඕෆ් කරන්නට මෙම ක්‍රියාවලිය මගින් හදවත කටයුතු කරනවා. ඔබ හිතන ආකාරයට අපගේ සිරුරේ ඇති DNA වල දිග කොපමණ වෙයිද? අප සිරුරේ ඇති සියළුම සෛල වල ඇති DNA දිග හැර එකිනෙකට ගැට ගැසුව හොත් ඒවායේ දිග මේ පෘතුවියේ සිට බ්‍රහස්පති ග්‍රහයා ගාවට ගොස් නැවත පැමිණෙන්නට යන දුර වාගේ දුරක් කිව්වොත් ඔබ පිලිගන්නවාද? එසේනම් අපගේ හෘදය වස්තුව සිදුකරන මේ ඔන් ඕෆ් ක්‍රියාවලිය සුලුපටු එකක් නොවන බව ඔබ තේරුම් ගත යුතුය. හෘදය වස්තුවේ යම් දුර්වලතාවයක් වුවහොත් මෙම DNA නිසි අයුරින් පවත්වාගෙන යෑමට නොහැකිවීමට හේතු විය හැකි බව තේරුම් ගත යුතුය. මොනයම් හෝ කාරණයක් නිසා මෙම DNA වල ඕෆ් කල යුතු ස්විච් එකක් හෝ කිහිපයක් ඕන් කරලා තිබුනොත් මෙම DNA සංයුතිය ඇති සෛලය අදාල ස්ථානයට නුසුදුසු සෛලයක් වෙන බව ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ අක්මාව තුල වකුගඩුවක තිබිය යුතු වන සෛලයක් නිර්මාණය වී ඇත්නම් අක්මාවේ පිළිකාවක් ඇතිවී ඇති බව නේද? එසේ සිදු වූ අවස්ථාවක මෙම තත්වය සමණයකට පත් කිරීම සදහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානමින් සිටී. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියි එසේ නොගැලපෙන සෛලයක් යම් තැනක වර්ධනය වුවහොත් විනාශ කර දමන්නට. නමුත් ඔබේ ප්‍රතිශක්තිය දුර්වලයිනම්, කුමක් කරන්නද? අදාල සෛලය වර්ධනය වෙන්නට හරිනවා හැරෙන්නට. ඉතිං පිලිකාව වර්ධනය වෙනවා. පිලිකාව වර්ධනය වෙනඑක නවත්වන්නට අපි මොනවාද කරන්නේ. අපි කරන්නේ පිළිකාව විනාශ කරන්නට වෙර දරණ එකයි. පිළිකා සෛල යනුද අපගේ සිරුරේම ඇති සෛල විශේෂයක්. අපගේ සිරුරේ ඇති සෛල බොහෝමයක් මාස තුනක් වැනි කාලයක් ඇතුලත මරණයට පත්වෙනවා. ඉන් පසු නැවතත් අලුත් සෛල නිර්මාණය වෙනවා . ඒ කියන්නේ පිලිකා සෛලත් මාස තුනක් ඇතුලත විනාශ වෙනවා කියන එක නේද? එහෙනම් ඇයි අපි මේ මාස තුනක් ඇතුලත මරණයට පත්වන සෛල විනාශ කරන්නට හදන්නේ. පිළිකා සෛල සදාකාලික නිසාද? නැහැ, එම ස්ථානයේ නැවත හටගන්නා සෛල පිළිකා සෛලම වන නිසා. ඒ කියන්නේ විකෘති වූ DNA නිසා ඇතිවන සෛල විකෘති සෛලම වන නිසා. අප දැන් කල යුත්තේ මැරෙන්නට නියමිත සෛල මර මරා ඉන්න එකද නැත්නම් මේ පිලිකා සෛල හදන්නට හේතු වන විකෘති වූ DNA නැවතත් ප්‍රකෘතිමත් කරන එකද? තීරණය ඔබට බාරයි. අප මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ එසේ විකෘති වූ DNA ප්‍රකෘති තත්වයට පත් කල හැකි ක්‍රමවේදයක් ගැනයි. ඒ තමයි අප මාතෘකාවේ සදහන් කල PPARs (peroxisome proliferator-activated receptors) ආධාරයෙන් විකෘති වූ DNA ප්‍රකෘතිමත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීම. PPARs (peroxisome proliferator-activated receptors) යනු මොනවාද? PPARs (peroxisome proliferator-activated receptors) යනු සිරුරේ පරිවෘත්තීය හා ප්‍රදාහය නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන න්‍යෂ්ටික ප්‍රතිග්‍රාහක විශේෂයකි. ඒවා මේද අම්ල, දිග දාම මේද අම්ල සහ කෘතිම ප්‍රතිග්‍රාහක (agonists) ඇතුළු විවිධ ligands (වෙනත් අණුවකට බන්ධනය වන අණු) මගින් ක්‍රියාත්මක වේ. PPARs හි උප වර්ග තුනක් ඇත: PPARα, PPARβ/δ, සහ PPARγ. සෑම උප වර්ගයකටම අද්විතීය පටක ව්‍යාප්තියක් ඇති අතර ජාන සටහන් කේතයන් ක්‍රියාවන් දක්වා නියාමනය කිරීමේදී නිශ්චිත කාර්යභාරයක් ඉටු කරයි. මේ නිසා ජාණ ප්‍රකෘතිමත් කිරීම මෙම PPARs වර්ග තුන මගින් ඉටු කරයි. මේ හේතුවෙන් සෛල වල ඇති නිද්‍රාගත ජාන නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සෛල වල න්‍යෂ්ඨියට ඇතිවේ. PPARα ප්‍රධාන වශයෙන් අක්මා සෛල ඇතුලත ක්‍රියාත්මක වන අතර එහිදී එය මේද අම්ල පරිවෘත්තීය සහ ලිපිඩ පරිවෘතීය ක්‍රියා නියාමනය කරයි. එය සෛල තුල ඇති ප්‍රදාහය සහ ඔක්සිකාරක ආතතිය නියාමනය කිරීමට ද සම්බන්ධ වේ. මේ හේතුවෙන් ෆැටි ලිවර් සහ සිරෝසිස් තත්වයන් පාලනය කිරීමට PPARs ඉතා වැදගත් වේ. මෙවැනි රෝගීන්හට PPARs ලබා දීමෙන් සුවය ඉක්මන් වන බව දැකගත හැකිය. PPARβ/δ අස්ථි, පේශි, මේද පටක සහ හදවත ඇතුළු බොහෝ පටක වල ක්‍රියාත්මක වේ. එය මේද අම්ල පරිවෘත්තිය, ග්ලූකෝස් අවශෝෂණය සහ මයිටොකොන්ඩ්‍රිය ක්‍රියාකාරිත්වය නියාමනය කිරීමේ කාර්යභාරයක් ඉටු කරයි. මේ නිසා සිරුරේ ඇතිවන රෝගී තත්වයන් බොහෝමයක් පාලනය කරගැනීමට PPARs වලට හැකියාව ඇත. PPARγ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ මේද පටක වල වන අතර, එය adipogenesis සහ ලිපිඩ ගබඩා කිරීම නියාමනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එය ග්ලූකෝස් හෝමියස්ටැසිස් සහ ප්‍රදාහය නියාමනය කිරීමට ද සම්බන්ධ වේ. මේ කාරණා නිසාම අධික ස්ථූලතාවය පාලනය කිරීමට PPARs ඉතා වැදගත් වේ. සමස්තයක් වශයෙන්, PPARs පරිවෘත්තීය හා ප්‍රදාහය පිළිබඳ වැදගත් නියාමකයින් වන අතර, ඒවා දියවැඩියාව, තරබාරුකම සහ හෘද වාහිනී රෝග ඇතුළු විවිධ රෝග සඳහා සම්බන්ධ වී ඇත. PPAR agonists මෙම තත්වයන් සඳහා චිකිත්සක ක්‍රමයක් ලෙස භාවිතා කරයි. PPARs මගින් DNA අලුත්වැඩියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සලකා බලමු. සෛල වල න්‍යෂ්ඨියේ ඇති DNA අළුත්වැඩියා කිරීමේදී PPAR වල කාර්යභාරය විමර්ශනය කරන අධ්‍යයන කිහිපයක් පහත දක්වා ඇත. මෙම අධ්‍යයනයන් හොදින් පරිශීලනය කලහොත් PPARs මගින් රෝග සුව කිරීමේ හැකියාව ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය. 2003 දී journal Molecular and Cellular Biology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARα හට DNA පොලිමරේස් β, මූලික ඡේදනය අලුත්වැඩියාවට සම්බන්ධ ප්‍රධාන එන්සයිමය වැඩි දියුණු කළ හැකි බවයි. PPARα-අඩුපාඩු සහිත සෛල රසායනික කාරකයක් මගින් ඇතිවන DNA හානිවලට වඩා සංවේදී බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇති අතර, DNA හානිවලින් සෛල ආරක්ෂා කිරීමේදී PPARα සඳහා සුවිශේෂී භූමිකාවක් ඇති බව සොයා ගෙන ඇත. 2010 දී journal Free Radical Biology and Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද තවත් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARγ සක්‍රිය කිරීමෙන් සෛල වල න්‍යෂ්ඨියේ ඇතිවන මුක්ත ඛණ්ඩක ප්‍රහාර නිසා ඇතිවන DNA හානිවලින් ආරක්ෂා කළ හැකි බවයි. PPARγ සක්‍රීය කිරීම මගින්DNA අළුත්වැඩියා එන්සයිමවල ප්‍රසස්ථ භාවය වැඩි කරන අතර DNA හානි ඇති කළ හැකි ප්‍රතික්‍රියාශීලී මුක්ත ඛණ්ඩක විශේෂවල මට්ටම් අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. 2014 දී journal Antioxidants and Redox Signaling සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARβ/δ මගින් UV විකිරණ මගින් ඇතිවන DNA හානිවලින් සෛල ආරක්ෂා කළ හැකි බවයි. PPARβ/δ සක්‍රිය කිරීම DNA අලුත්වැඩියා එන්සයිමවල තීව්‍රතාව වැඩි කරන අතර සෛල ඔක්සිකාරක ආතතියේ මට්ටම අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. 2020 දී journal Cancer Research සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද වඩාත් මෑත අධ්‍යයනයක් මගින් මහා බඩවැලේ පිළිකා සෛල තුළ DNA අලුත්වැඩියා කිරීමේදී PPARδ හි කාර්යභාරය විමර්ශනය කරන ලදී. PPARδ සක්‍රීය කිරීම DNA අළුත්වැඩියා එන්සයිමවල ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර විකිරණ මගින් ප්‍රේරණය වන DNA හානි මට්ටම් අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. PPARδ සක්‍රීය කිරීම පිළිකා සෛල විකිරණ ප්‍රතිකාර සඳහා සංවේදී කරන බව අධ්‍යයනයෙන් ද සොයා ගන්නා ලදී. මේ නිසා කිමෝ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට එම රසායනික මගින් සිරුරට වන හානය අවම කරගැනීම සඳහා PPARs භාවිතා කල හැකිය. සමස්තයක් වශයෙන්, මෙම අධ්‍යයනවලින් පෙනී යන්නේ DNA අළුත්වැඩියා කිරීම සහ ජානමය ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා PPAR වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. කෙසේ හෝ මිනිස් සිරුරට වැලදෙන රෝගාබාද වලින් බොහෝමයකට පිළියමක් ලෙසට PPARs භාවිතා කල හැකිය. ශ්‍රීලංකාව තුල PPARs රෝග නිවාරණය සඳහා භාවිතය ඉතාම අවම නමුත් වෙනත් රටවල මෙම අනර්ඝ ඔසුව රෝග නිවාරණය සඳහා බහුල වශයෙන් යොදා ගනී. නමුත් මේ වන විට ඇමෙරිකාවේ දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහා කෘතීමව නශ්පාදනය කල PPARs යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. තව නොබෝ කලකින් එම ඔසුව ලොව පුරා ප්‍රචලිත වේවි. PPARs අපගේ සිරුරට ලැබෙන්නේ එළවලු මාර්ගයෙනි. නමුත් තායිවානයේ වගා කරන ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගයේ මෙම PPARs ප්‍රතිශතය ඉතා ඉහල බව සොයා ගෙන ඇත. එසේම මෙම ඇල්ගී වර්ගයේ ග්‍රෑම් එකක් තුල කාබණික එලවලු කිලෝ එකක අඩංගු වන පෝෂණ මට්ටමක් ඇති බව සොයා ගෙන ඇත. මේ නිසාම නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගාමීන්ට ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය තෝරාගෙන ඇති අතර අනාගතයේදී අභ්‍යව කාශයේ වගා කිරීමටද කටයුතු සූදානම් කර ඇත. තායිවානයේ වගා කරන මෙම ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගය සතු වන PPARs වෙනම නිස්සාරණය කර ඖෂධයක් ලෙසට වෙළද පොලට ඉදිරිපත් කර ඇති අතර මේවා භාවිතා කර රෝග සුව කරගැනීමට දැන් ලෝකයේ බොහෝ රටවල ජනතාව ඉදිරිපත්ව සිටී. ශ්‍රී ලංකාව තුල PPARs අඩංගු ක්ලොරෙල්ලා සොරොකිනියානා වලින් නශ්පාදනය කල එකම පෝෂණ අතිරේකය අප විසින් සිංගප්පූරුවෙන් ගෙන්වා බෙදා හරින බව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම පෝෂණ අතිරේකය ශ්‍රීලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර මෙමගින් පසුගිය වසර 5ක පමණ කාලයක් තුල බොහෝ රෝගීන් ඵල ලබා ගෙන ඇත. ඔබටද මෙම අනර්ඝ ඔසුවේ ඵල නෙලාගත හැකි අතර ඔබගේ රෝගය ගැන වැඩිදුර දැනුමක් ලබා ගැනිමට අප හා එක්වන්න. මෙම අනර්ඝ ඔසුව ගැන දැන ගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.
2/27/2026

frozen shoulders - ෆ්රෝසන් ශෝල්ඩර්ස්
ෆ්රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders නැමති රෝගී තත්වය නිසා මේ වන විට බොහෝ පිරිසක් විශාල වේදනාවක් විදිමින් සිටින බව නොරහසකි. ගන්නා කිසිම බෙහෙතකින් කිසිම අඩුවක් නොමැති බවද වේදනාව ඇති කෙනා හොදින්ම දනී. අපි මේ ගැන ඉතා කෙටියෙන් සලකා බලමු. ෆ්රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders යනු ස්නායු ආබාධයක් බව බොහෝ දෙනා විශ්වාස කරයි. කැක්කුමක් ඇති නිසා එසේ සිතුවාට කිසිදු වරදක් නැත. අපගේ බාහු වල ඇති මාංශ පේෂි අතරින් දිවෙන ස්නායු රැහැන් තද වීමකට ලක්වීමයි මීට හේතුව. එසේ තදවන්නේ ඇයි. මේ ගැන ටිකක් විග්රහ කලා නම් හොදයැයි සිතනවා. බාහු වල ඇති මාංශ පේෂි නිතරම දිගහරින හකුලන ඒවා වේ. මේ නිසා මෙම පේෂි වලට අත්‍යවශ්‍ය වන මිනරල් වර්ග කිහිපයක් ඇත. මාංශ පේෂි වල නම්‍යශීලීතාවය පවත්වාගෙන යන්නේ කොපර් නැතිනම් තඹ මගිනි. පේෂිය හකුලා ගන්නට කැල්සියම් අවශ්‍ය වන අතර පේෂිය දිගහැරීමට මැග්නීසියම් අවශ්‍ය වේ. මේ මිනරල් වර්ග තුනෙන් එකක් හෝ අඩු නම් මෙම මාංශපේෂි තද වේ. මෙසේ තද වන විට ඒ මැදිනි දිවෙන ස්නායුද තෙරපීමකට ලක්වේ. මේ නිසා ඇතිවන වේදනාව ෆ්රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders ලෙසට හදුන්වයි. දැන් අපි මේ සදහා කුමක් කල යුතුද? අපි දන්නවා මොනවා හෝ මිනරල් වර්ගයක් අපගේ සිරුරේ දැන් අඩු බව. ඔබ බයෝ-රෙසොනන්ස් ටෙස්ට් එකක් කලා නම් දැනගන්නවා මෙනවාද අඩු පෝෂණ කොටස් කියලා. නමුත් එසේ දැන නොගත්තත් අප ඉහත කී මිනරල් වර්ග තුන ලබාදීමෙන් අපිට හැකියි මෙම තත්වයෙන් ගොඩ එන්නට. මාසතුනක් ඇතුලත මෙම වේදනාව දුරුකර ගත හැකි වන අතර පලමු මාසය තුල තමන්ට විශාල සුවයක් දැනෙනු ඇත. ඔබට මේ සදහා පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග තුන මා නිර්දේශ කරමි. කෘත්‍රීම සප්ලිමන්ට් භාවිතා කිරීමෙන් කිසිදු වෙනසක් සිදු නොවන බවද මතක තබා ගන්න. 100% ක් ස්වභාවික මෙඩිකල් නියුට්‍රිෂන් මේ සදහා භාවිතා කිරීම සුදුසු බව මතක් කරමි. Vitae Gene PPARs Osteo FX Ultimate Selenium මෙම සප්ලිමන්ට් වර්ග තුන මාසයක් භාවිතා කොට ගුණදොස් පවසන්න. පහත වෙබ අඩවියෙන් මෙම පෝෂණ අතිරේක මිලදී ගත හැකිය. වැඩිදුර විස්තර පහත අංකයකින් විමසා දැනගන්න මෙත් සිතිනි පෝෂණවේදී නයන තේනුවර. සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට. කහතුඩුව 0713503450 /0701902220 / 0112618502
2/26/2026

අක්මාව තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනය Cholesterol.
අක්මාව තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනය 1. හැඳින්වීම කොලෙස්ටරෝල් යනු සෛල පටලවල ව්‍යුහය, ස්ටෙරොයිඩ් හෝමෝන සංස්ලේෂණය, බයිල් අම්ල සහ විටමින් D සඳහා අත්‍යවශ්‍ය ලිපිඩ අණුවකි. කොලෙස්ටරෝල් ආහාර මගින් ලබා ගත හැකි වුවද, බහුතරයක් ප්‍රධාන වශයෙන් අක්මාව තුළ ආවේණිකව සංස්ලේෂණය වේ. අක්මාව කොලෙස්ටරෝල් හෝමියස්ටැසිස්, සමතුලිත සංස්ලේෂණය, අවශෝෂණය සහ බැහැර කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. 2. කොලෙස්ටරෝල් වල ජීව විද්‍යාත්මක වැදගත්කම කොලෙස්ටරෝල් බහු භෞතික විද්‍යාත්මක භූමිකාවන් ඉටු කරයි: සෛල පටල ව්‍යුහය: ද්‍රවශීලතාවය සහ අඛණ්ඩතාව පවත්වා ගනී. පූර්වගාමි අණුව: ස්ටෙරොයිඩ් හෝමෝන (උදා: කෝටිසෝල්, එස්ටජන්, ටෙස්ටොස්ටෙරෝන්), බයිල් අම්ල සහ විටමින් D සංස්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වේ. ලිපොප්‍රෝටීන් සංරචකය: ශරීරය පුරා ලිපොප්‍රෝටීන (LDL, HDL, VLDL) හරහා ප්‍රවාහනය කෙරේ. 3. අක්මාව තුළ කොලෙස්ටරෝල් සංස්ලේෂණය අක්මාව සංකීර්ණ බහු-පියවර ක්‍රියාවලියක් හරහා කොලෙස්ටරෝල් සංස්ලේෂණය කරයි. සම්බන්ධ වන ප්‍රධාන මාර්ගය වන්නේ මෙවලෝනේට් මාර්ගයයි, එය පහත පරිදි සාරාංශ කර ඇත: 3.1 කොලෙස්ටරෝල් සංස්ලේෂණයේ ප්‍රධාන පියවර: පියවර 1: ඇසිටිල්-CoA → HMG-CoA (HMG-CoA සංස්ලේෂණය හරහා) පියවර 2: HMG-CoA → මෙවලෝනේට් (HMG-CoA රිඩක්ටේස් හරහා) → අනුපාත සීමා කිරීමේ පියවර පියවර 3: මෙවලෝනේට් → අයිසොප්රෙනොයිඩ් → ස්කොලීන් → ලැනොස්ටෙරෝල් → කොලෙස්ටරෝල් මෙම ක්‍රියාවලියට ශක්තිය (ATP) සහ අඩු කිරීමේ කාරක (NADPH) අවශ්‍ය වන අතර එය ප්‍රධාන වශයෙන් අක්මා සෛලවල සයිටොප්ලාස්මයේ සහ එන්ඩොප්ලාස්මික් රෙටිකුලම් තුළ සිදු වේ. 4. කොලෙස්ටරෝල් නිෂ්පාදනය නියාමනය කිරීම ශරීරය දැඩි ප්‍රතිපෝෂණ නියාමනයක් හරහා කොලෙස්ටරෝල් මට්ටම් පවත්වා ගනී: HMG-CoA Reductase යනු අනුපාත සීමා කරන එන්සයිමය වන අතර එය නියාමනය කරනු ලබන්නේ: අන්තර් සෛලීය කොලෙස්ටරෝල් මට්ටම් මගින් ප්‍රතිපෝෂණ නිෂේධනය හෝමෝන පාලනය (උදා: ඉන්සියුලින් ඉහළ නංවයි; ග්ලූකොජන් සහ කෝටිසෝල් අඩු කරයි) SREBP (ස්ටෙරෝල් නියාමන මූලද්‍රව්‍ය-බන්ධන ප්‍රෝටීන) හරහා ජාන ප්රකාශනය ඖෂධීය නිෂේධනය (උදා: ස්ටැටින්) 5. අක්මාවේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩුවීමට හේතු වන සාධක කොලෙස්ටරෝල් නිපදවීමේ අක්මාවේ හැකියාවට තත්වයන් කිහිපයක් බාධා කළ හැකිය: 5.1 ජානමය ආබාධ ඇබෙටලිපොප්රෝටීනෙමියා සහ හයිපොබෙටලිපොප්රෝටීනෙමියා ලිපොප්‍රෝටීන සංස්ලේෂණය සහ කොලෙස්ටරෝල් ප්‍රවාහනය අඩු කරයි. 5.2 අක්මා රෝග සිරෝසිස්, හෙපටයිටිස් හෝ අක්මා අසමත්වීම හෙපටෝසයිට් ක්‍රියාකාරිත්වය අඩාල කරයි, ජෛව සංස්ලේෂණය අඩු කරයි. 5.3 පෝෂණ ඌනතාවය මන්දපෝෂණය හෝ අඩු මේද ආහාර සංස්ලේෂණය සඳහා අවශ්‍ය උපස්ථර සීමා කරයි (උදා: ඇසිටිල්-CoA, මේද අම්ල). දැඩි කැලරි සීමා කිරීම සමස්ත පරිවෘත්තීය ක්‍රියාවලියට බලපායි. 5.4 අන්තරාසර්ග සහ පරිවෘත්තීය ආබාධ හයිපර්තයිරොයිඩ්වාදය නිෂ්කාශනය වැඩි කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකිය. අධිවෘක්ක ඌනතාවය හෝ වෙනත් හෝමෝන අසමතුලිතතාවයන් ලිපිඩ පරිවෘත්තීය ක්‍රියාවලියට බලපායි. 5.5 ඖෂධ ස්ටැටින් සෘජුවම HMG-CoA නිශ්චය කිරීම වළක්වයි, සංස්ලේෂණය අඩු කරයි. අනෙකුත් ඖෂධ (උදා: ෆයිබ්රේට්, නියාසින්, රසායනික චිකිත්සක කාරක) ද නිෂ්පාදනය අඩු කළ හැකිය. 5.6 පද්ධතිමය රෝග හෝ දැවිල්ල නිදන්ගත ආසාදන, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග හෝ පිළිකා ලිපිඩ පරිවෘත්තීය වෙනස් කළ හැකි අතර අක්මාවේ ප්‍රතිදානය අඩු කළ හැකිය. 6. සායනික ඇඟවුම් විශේෂයෙන් අක්මාවේ අක්‍රියතාවයේ සන්දර්භය තුළ අඩු කොලෙස්ටරෝල් මට්ටම් පහත සඳහන් හේතු නිසා ඇති විය හැක: හෝමෝන අසමතුලිතතාවයන් අඩු පිත අම්ල නිෂ්පාදනය හේතුවෙන් ආහාර ජීර්ණය දුර්වල වීම ස්නායු හෝ සංවර්ධන ගැටළු (දරුණු ජානමය අවස්ථාවන්හිදී) පාදක හේතුව තීරණය කිරීම සඳහා අක්මා ක්‍රියාකාරී පරීක්ෂණ, ලිපිඩ පැනල් සහ පෝෂණ තක්සේරුව ඇතුළු පුළුල් ඇගයීමක් අත්‍යවශ්‍ය වේ. 7. නිගමනය අක්මාව කොලෙස්ටරෝල් සමතුලිතතාවය පවත්වා ගැනීමේ කේන්ද්‍රීය ඉන්ද්රිය වේ. පරිවෘත්තීය ආබාධ, අක්මා රෝග සහ ලිපිඩ ආශ්රිත තත්වයන් හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා කොලෙස්ටරෝල් සංස්ලේෂණය සහ නියාමනය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. අසාමාන්‍ය ලෙස අඩු නිෂ්පාදනයක් යටින් පවතින පෝෂණ, ජානමය හෝ ව්‍යාධිජනක හේතු හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ සායනික ඇගයීමක් සිදු කළ යුතුය.
3/1/2026
ඔටිසම් (Autism) තත්වයට පිලියම්
ඉදිරි දසක කිහිපය තුල ඇමෙරිකාවේ අලුතෙන් උපදින දරුවන්ගෙන් 50% ක ප්‍රතිශතයක් ඔටිසම් දරුවන් වන බවට අනාවැකි පලවී ඇත. මෙය ඉතාම දරුණු තත්වයකි. මේ වන විට ලංකාවේද මෙම තත්වය ඉතාම දරුණු මට්ටමකට පත් වී ඇත. මින් පෙර මෙම තත්වයට ප්‍රධානම හේතුව ලෙසට අප සැලකුවේ ග්ලයිෆොසේට් භාවිතයයි. මව විසින් ආහාර සමග ග්ලයිෆොසේට් තම ශරීරය තුලට ගන්නා අතර මවුකිරි සමග දරුවාට මෙම විස රසායනික ඇතුල් කරයි. දැන් මෙම තත්වයටත් වඩා දරුණු තත්වයක් අපගේ ආහාර පුරුදු වලට එක් වී ඇත. ඒ අධික ලෙස ඔමේගා 6 අපගේ ආහාර වලට එක් වීමයි. ඔමේගා 3 සහ 6 අපගේ සිරුරේ තිබිය යුතු වන අනුපාතයක් ඇත: 1850 – OMEGA 6: OMEGA 3 ratio = 1:1 1950 – OMEGA 6: OMEGA 3 ratio = 3:1 2020 – OMEGA 6: OMEGA 3 ratio = 15:1 නිරෝගී සිරුරක් පවත්වාගෙන යෑමට ඔමේගා 6:3 අනුපාතය 3:1 ක් ලෙස තිබිය යුතුය. ඔමේගා 6 ඔක්සිකාරකයක් සේ ක්‍රියාකර අපගේ සිරුරේ ප්‍රදාහය ඇති කරනවා. ඔමේගා 3 ප්‍රති ඔක්සිකාරකයක් සේ ක්‍රියා කරනවා. මේ නිසා මෙම මේද අම්ල දෙක සැම විටම සමබර විය යුතුයි. විශේෂයෙන් ඔමේගා 3 විශේෂයක් වන DHA (Docosahexaenoic Acid) මොළයේ වර්ධනයට ඉතාම වැදගත් වේ. දිනකට කුඩා දරුවෙකුට DHA 100mg ලබා දිය යුතු වුවත් අපගේ ආහාරය තුල මෙම ප්‍රමාණය අන්තර්ගත නොවේ. DHA බහුල ආහාර: 1. Salmon – DHA ~1,500–2,200 mg per 100g 2. Mackerel – DHA ~1,400 mg per 100g 3. Sardines – DHA ~1,000 mg per 100g 4. Tuna (Bluefin) – DHA ~1,000–1,500 mg per 100g ඔමේගා 6 බහුල – අඩු කල යුතු ආහාර: - Soybean Oil (~50,000 mg/100g) - Corn Oil (~49,000 mg/100g) - Sunflower Oil (~65,000 mg/100g) - Safflower Oil (~75,000 mg/100g) - Walnuts (~38,000 mg/100g) - Sesame Seeds/Oil (~40,000 mg/100g) තම දරුවාගේ ඔටිසම් තත්වය සුව කරගැනීමට නම් දරුවාගේ පෝෂණය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. වැඩිදුර විස්තර සඳහා: 0713503450 / 0701902220 Serendib Holistic Centre Pvt Ltd
3/17/2026
රෝග වලට ප්‍රධානම හේතුවක් වන DNA විකෘති වීම වලකන PPARs
බෝ නොවන රෝග දැන් දැන් බෝ වෙන රෝග සේ වැඩිවෙමින් පවතී. මෙම තත්වයට හේතු වන ප්‍රධානම ගැටලුවක් ගැනයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි DNA විකෘති වීම. අපගේ එක් එක් දේහ සෛල වල න්‍යෂ්ඨියේ වර්ණ දේහ යුගල් 23 බැගින් තියෙනවා. DNA වල ස්විචස් මිලියන 4 ක් පමණ ඇති අතර ඒවා ON/OFF කරන්නේ අපේ හදවතයි. යම් ස්විචයක් වරදවා ON වූ විට, එම DNA ඇති සෛලය අදාල ස්ථානයට නුසුදුසු සෛලයක් බවට පත්වේ – ඒ කියන්නේ පිළිකා තත්වය. PPARs (peroxisome proliferator-activated receptors) යනු සිරුරේ පරිවෘත්තීය හා ප්‍රදාහය නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන න්‍යෂ්ටික ප්‍රතිග්‍රාහක විශේෂයකි. PPARs හි උප වර්ග තුනක් ඇත: • PPARα – අක්මාවේ මේද පරිවෘත්තීය නියාමනය කරයි. ෆැටි ලිවර් හා සිරෝසිස් පාලනයට වැදගත්. • PPARβ/δ – අස්ථි, පේශි, හදවත ඇතුළු බොහෝ පටක වල ක්‍රියාත්මක වේ. • PPARγ – ප්‍රධාන වශයෙන් මේද පටක වල – දියවැඩියාව, තරබාරුකම පාලනයට. PPARs සහ DNA අලුත්වැඩියාව: • 2003 Molecular and Cellular Biology – PPARα හට DNA පොලිමරේස් β වැඩිදියුණු කළ හැකිය. • 2010 Free Radical Biology and Medicine – PPARγ DNA හානිවලින් ආරක්ෂා කරයි. • 2014 Antioxidants and Redox Signaling – PPARβ/δ UV DNA හානිවලින් ආරක්ෂා කරයි. • 2020 Cancer Research – PPARδ මහා බඩවැලේ පිළිකා සෛල තුළ DNA අලුත්වැඩියාව ප්‍රවර්ධනය කරයි. PPARs ශ්‍රී ලංකාවට: තායිවානයේ වගා කරන ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගයේ PPARs ප්‍රතිශතය ඉතා ඉහළ. NASA ආයතනය අභ්‍යවකාශ ගාමීන්ට ආහාරයක් ලෙසට මෙය තෝරාගෙන ඇත. ශ්‍රී ලංකාව තුල PPARs අඩංගු ක්ලොරෙල්ලා සොරොකිනියානා නිෂ්පාදනයක් සිංගප්පූරුවෙන් ගෙන්වා බෙදා හරිනු ලැබේ. වැඩිදුර: 0713503450 / 0701902220 Serendib Holistic Centre Pvt Ltd
3/17/2026
මිනිස් සිරුර ලෙඩ කරවන ප්‍රධානම හේතුව – Interstitium
අද වන විට මිනිසා ලෙඩ රෝග වලින් ගහණ සත්වයෙකු බවට පත්වී ඇත. මෙයට හේතුව කුමක්ද? 2018 වර්ෂයේ විද්‍යාඥයින් අපගේ සිරුරේ ඇති විශාලතම අවයවය සොයා ගත්තා. හම සිරුරේ ඇති අවයව වලින් 16% ක් වන අතර, අලුතෙන් සොයාගත් මෙම Interstitium 20% ක් වෙනවා. මෙය වහරක අභය රතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් 'සිවිය' ලෙස වර්ෂ 15 කට ආධිකව දේශනා කරන ලදී. Interstitium (විෂ හරන පටලය) ක්‍රියාකාරිත්වය: මෙම පටලය මගින් අපගේ සිරුරේ සැම තැනම ඇති වස විෂ මහා බඩවැල වෙත ගෙන ඒ ඉවත් කරයි. ආසනික්, ලෙඩ්, රසදිය වැනි Phadwi (ඝන) ධාතූ ශරීරගත ද්‍රව්‍ය ඉවත් කිරීමේ ප්‍රධාන මාර්ගය මෙයයි. කාරණා දෙකක් නිසා මෙම ගමන් මාර්ගය වැසෙයි: 1. ආහාර වල ඇති වස විස අධික වීම 2. විණ බන්ධන (ආහාර හා බීම හරහා) මෙම සිදුරු වැසී ගිය විට, ඉවත් කිරීමට ඇති ද්‍රව්‍ය වෙනත් මාර්ග ඔස්සේ – වකුගඩු, සම, පෙනහලු, අක්මාව, පිත්තාශය, ඇස, කන ආදිය ඔස්සේ ගමන් කිරීමට යත්න දරයි. මෙය විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වේ. උදාහරණ: • වකුගඩු ගුච්ඡිකා පෙරණ විනාශ → ප්‍රෝටීන් පිටවීම → වකුගඩු රෝගය • සම දුර්වර්ණ වීම → Interstitium තුල විෂ ගොඩකීම කෂාය ප්‍රතිකාර: මෙම විෂ ඉවත් කිරීමේ සිදුරු විවර කිරීමට දේශීය කෂාය ප්‍රතිකාර ඇත. Bio-Resonance පරීක්ෂාව මගින් Interstitium හි තත්වය දැකගත හැකිය. වැඩිදුර: 0713503450 / 0701902220 Serendib Holistic Centre Pvt Ltd අංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට, කහතුඩුව
3/17/2026
ෆ්රෝසන් ශෝල්ඩර්ස් – Frozen Shoulders සුව කරගන්නේ කෙසේද?
ෆ්රෝසන් ශෝල්ඩර්ස් (Frozen Shoulders) නැමති රෝගී තත්වය නිසා මේ වන විට බොහෝ පිරිසක් විශාල වේදනාවක් විදිමින් සිටිනවා. ගන්නා කිසිම බෙහෙතකින් කිසිම අඩුවක් නොමැති බවද ඔවුන් දනිති. සත්‍ය හේතුව: ෆ්රෝසන් ශෝල්ඩර්ස් ස්නායු ආබාධයක් ලෙස සැලකුවත්, ඇත්ත හේතුව වන්නේ බාහු වල ඇති මාංශ පේෂි අතරින් දිවෙන ස්නායු රැහැන් තද වීමකට ලක්වීමයි. කාරණය: මාංශ පේෂි නිතරම දිගහරින හකුලන ඒවා. ඒ සඳහා අත්‍යවශ්‍ය මිනරල් තුනක් ඇත: • Copper (තඹ) – පේෂිවල නම්‍යශීලීතාවය • Calcium – පේෂිය හකුලා ගැනීමට • Magnesium – පේෂිය දිගහැරීමට මෙම මිනරල් තුනෙන් එකක් හෝ අඩු නම් මාංශ පේෂි තද වී, ඒ මැදිනි දිවෙන ස්නායු තෙරපීමකට ලක් වේ. ඒ නිසා ඇති වන වේදනාව ෆ්රෝසන් ශෝල්ඩර්ස් ලෙස හැඳිනේ. ප්‍රතිකාරය: මාස 3 ක් ඇතුළත සහනය ලැබෙනු ඇත. නිර්දේශිත 100% ස්වභාවික Medical Nutrition: 1. Vitae Gene PPARs 2. Osteo FX 3. Ultimate Selenium ඛනිජ ලවණ ලබා ගත හැකි ස්ථානය: https://market.vitaegene.com/ වැඩිදුර: 0713503450 / 0701902220 / 0112618502 Serendib Holistic Centre Pvt Ltd අංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට, කහතුඩුව
3/17/2026
පිත්තාශයේ ගල් හැදිලද?
පිත්තාශයේ ගල් හැදෙන්නේ ඇයි? වකුගඩු වල වගේ කැල්සියම් ගැටලුවක් නොවේ. පිත්තාශයේ ගල් හැදෙන්නේ අක්මාවේ පිත නිපදවීම අඩු වීම නිසා. අක්මාව දිනකට පිත ලීටර් 1.5 ක් පමණ නිපදවයි. මෙම පිත පිත්තාශයේ ඇති සාන්ද්‍ර පිත හා නිතර කලවම් වන්නේ නම් පිත් ගල් හැදෙන්නේ නැහැ. නමුත් අක්මාවේ පිත නිපදවීම අඩු වූ විට ගල් ඇති වේ. දැනගත යුතු කරුණු: • කොලෙස්ටරෝල් නාශක ස්ටැටින් ඖෂධ භාවිතා කරනවා නම් – පිත නිශ්පාදනයට බාධා පෑමෙන් ගල් ඇති විය හැකිය • ඉස්ට්‍රජන් හෝමෝනය වැඩි නම් – ඒ අයටත් මෙම තත්වය ඇති විය හැකිය • ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වීම – හේතුවක් වේ • රුධිරයේ කෝටිසෝල් ප්‍රමාණය වැඩිවීම (ස්ට්‍රෙස්) – හේතුවක් වේ පිත්තාශය ඉවත් කිරීම ගැන: පිත්තාශය නිෂ්ඵල ඉන්ද්‍රියයක් නොවේ! පිත කියන්නේ: • ආහාරයේ මේදය ජීරණය කරන ද්‍රාවනයකි • LDL කොලෙස්ටරෝල් HDL ලෙස පරිවර්ථනය කරයි • රුධිරයේ භාෂ්මිකතාව (pH) රකී • ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කිරීමට උපකාරී වේ එනිසා, Bio-Resonance පරීක්ෂාව මගින් ගල් ඇතිවීමට පෙර ඝණ කොලෙස්ටරෝල් ඇත්දැයි සොයාගෙන ගල් ඇති වීම වළකා ගත හැකිය. අදාළ ලිපිය: 'පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල්' වැඩිදුර: 0713503450 / 0112603707 Serendib Holistic Centre Pvt Ltd
3/17/2026
ඔබේ මුහුණේ Pigmentation නිසා අවලක්ෂණ වෙලාද?
වයසට යන විට කාන්තාවන්ට සේම පිරිමි අයටද ඇතිවන තත්වයක් තමයි Pigmentation (පිග්මන්ටේෂන්). සමට යටින් ඇති Melanin සෛල වල ක්‍රියාකාරීත්වය වැඩි වීම මෙම තත්වයට හේතු වේ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා සමහර ස්ථාන වලින් Melanin නිශ්පාදනය කිරීම නිසා මෙම තත්වය උදාවේ. හේතුව: Melanin වැඩිපුර නිපදවීමට හෝ අඩුවෙන් නිපදවීමට හේතු වන්නේ චර්ම සෛල වල DNA වල ඇතිවන විකෘති තත්වයකි. මෙම DNA විකෘතිය නැවත යතා තත්වයට පත් කිරීමට හැකිය. PPARs (Peroxisome Proliferator-Activated Receptors) ආධාරයෙන් DNA ප්‍රකෘතිමත් කළ හැකි අතර, ඒ හරහා Pigmentation ද නිවැරදි කරගත හැකිය. කරා ගත හැකි පියවර: • Bio-Resonance පරීක්ෂාවෙන් Pigmentation වලට හේතු DNA ගැටලු දැනගන්න • Vitae Gene PPARs භාවිතය DNA ප්‍රකෘතිමත් කිරීමට අදාළ ලිපිය: 'Liver Spots (Liver Spots) සහ Pigmentation' වැඩිදුර: 0713503450 / 0701902220 / 0112618502 Serendib Holistic Centre Pvt Ltd අංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට, කහතුඩුව
3/17/2026
ෆැටි ලිවර් (Fatty Liver) සුව කල හැකිය
ෆැටි ලිවර් යනු සුව කල නොහැකි රෝගයක් ලෙසට බටහිර වෛද්‍ය ක්රමයේ දැක්වේ. නමුත් ෆැටි ලිවර් වලට හේතුව දන්නේ නම් සුවය ඉතා පහසුය. ෆැටි ලිවර් ඇති වීමේ ප්‍රධාන හේතු: 1. වස විස ආහාරයට ගැනීම 2. වේදනා නාශක (Pain killers) භාවිතය 3. රාත්‍රී නින්ද අඩු වීම 4. මද්‍යසාර භාවිතය මෙම හේතු වලින් මිදෙන්නට හැකිනම් ෆැටි ලිවර් ඔබව යටකල නොහැකිය. PPARα සහ ෆැටි ලිවර්: PPARα ප්‍රධාන වශයෙන් අක්මා සෛල ඇතුලත ක්‍රියාත්මක වන අතර, මේද අම්ල පරිවෘත්තීය සහ ලිපිඩ නියාමනය කරයි. ෆැටි ලිවර් සහ සිරෝසිස් තත්වයන් පාලනය කිරීමට PPARs ඉතා වැදගත් වේ. PPARs ලබා දීමෙන් සුවය ඉක්මන් වන බව දැකගත හැකිය. සහාය ලබා දෙන ස්වභාවික ආහාර ඖෂධ: • Vitae Gene PPARs – සිංගප්පූරු නිෂ්පාදනය • අක්මාවේ ක්‍රියාකාරිත්වය නැවත සාමාන්‍ය කිරීමට අදාළ ලිපිය: 'ෆැටි ලිවර් – Fatty Liver' වැඩිදුර: 0713503450 / 0112603707 Serendib Holistic Centre Pvt Ltd අංක 205, ශ්‍රී ජිනරතන මාවත, බටකැත්තර, පිලියන්දල
3/17/2026
මුඛ දුර්ගන්ධයට සහ දහදිය දුගඳට පිළියම
සිරුරේ ඇති විස අප දිනපතා ඉවත් කල යුතුවේ. නමුත් මෙම වස විස ඉවත් කරන ක්‍රමවේදය ටිකක් සංකීර්ණ කටයුත්තකි. මුඛ දුර්ගන්ධයට සහ දහදිය දුගඳට ප්‍රධාන හේතු: අපගේ ආහාර ජීරණ පද්ධතිය තුල ඇති පරපෝෂිත අයහපත් බැක්ටීරියා සහ පණුවන්ගේ අපද්‍රව්‍ය අප දිනපතා සිරුරෙන් බැහැර කල යුතුවේ. එසේ නොවේ නම් එම අපිරිසිදු අපද්‍රව්‍ය වලින් වහනය වන දුගඳ: • මුඛයෙන් (Bad Breath) • සම හරහා (Body Odour / දහදිය දුගඳ) ලෙස පිටතට ඒමට පටන් ගනී. පිළියම: අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමටත්, වස විස හරණයටත් සුදුසුම ස්වභාවික ආහාරමය ඔසු: ✅ Vitae Gene PPARs (සිංගප්පූරු නිෂ්පාදනය) • ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව ලියාපදිංචිය • ක්ලොරෙල්ලා සොරොකිනියානා ඇල්ගී වලින් නිෂ්පාදිත • බඩවැල් වල ඇති විෂ ඉවත් කිරීමට • ශරීරය පිරිසිදු කිරීමට වැඩිදුර: https://nittaa.com දුරකථන: 0713503450 / 0112603707 Serendib Holistic Centre Pvt Ltd අංක 205, ශ්‍රී ජිනරතන මාවත, බටකැත්තර, පිලියන්දල
3/17/2026
බයෝ රෙසොනන්ස් තාක්ෂණය – Bio-Resonance Technology
බයෝ රෙසොනන්ස් තාක්ෂණය (Bio-Resonance Technology) යනු කුමක්ද? රුසියානු විද්‍යාඥයින් විසින් වසර 25 කට පමණ ඉහත ලෝකයට හඳුන්වා දෙන ලද ක්රමයකි. ජර්මනිය, එංගලන්තය, සිංගප්පූරුව ආදී රටවල ප්‍රචලිතය. කෙසේ ක්‍රියා කරයිද: රුසියානු විද්‍යාඥයින් සොයාගත්තා – මිනිස් සිරුරේ ඇති සියළුම කොටස් වලින් Bio-Photon ආලෝකයක් විහිදෙන බව. මෙම ෆෝටෝන වල නිශ්චිත සංඛ්‍යාතයකට අනුව කම්පණය වෙනවා: • කැල්සියම් පරමාණු → ඊට ආවේනික සංඛ්‍යාතය • යකඩ පරමාණු → වෙනත් සංඛ්‍යාතය • රෝගී සෛල → සාමාන්‍ය සෛල වලට වඩා වෙනස් සංඛ්‍යාතය Bio-Resonance ලබා දෙන තොරතුරු: • ප්‍රතිශක්තිය දුර්වල වීම • හෝමෝන අසමතුලිතතාවය • පෝෂණ ඌණතාවය • ජීරණ ගැටලු • බැක්ටීරියා/ෆංගස්/ශකය ආක්‍රමණ • DNA විකෘති • ප්‍රාණ ශක්තිය (Chakras) කේන්ද්‍ර සටහනද (Astrology Chart) ඒ සමඟ පරීක්ෂා කළ හැකිය. කාලය: පැය 1.5 ක් පමණ සොයා ගත් රෝග මූලය අනුව නිසි ප්‍රතිකාරයක් නියම කෙරේ. වේලාවක් වෙන් කරගන්නට: https://forms.gle/1wNVGwnwUrNiejjd8 Serendib Holistic Centre Pvt Ltd No 205, Sri Jinarathana Mawatha, Batakettara, Piliyandala +94 112603707 / +94 713503450 / WhatsApp: 0701902220
3/17/2026
පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල් – සම්බන්ධය
ඔබටත් පිත්තාශයේ ගල් තියෙනවා, ඉවත් කල යුතුයි කියලා වෛද්‍ය වරයෙක් කියලා තියෙනවාද? කොහොමද පිත්තාශයේ ගල් හැදෙන්නේ? පිත (Bile) ගැන: අක්මාවේ නිපදවන පිත ආහාරයේ ඇති මේදය ජීරණය කරන භාෂ්මික ද්‍රාවනයකි (pH 8.2). දිනකට ලීටර් 1 – 1.5 ක් නිෂ්පාදනය වේ. පිත්තාශය මෙම පිත 20 ගුණයක් සාන්ද්‍රනය කර ගබඩා කරයි. කොලෙස්ටරෝල් සහ පිත: • 75% කොලෙස්ටරෝල් අක්මාවේ නිෂ්පාදනය වේ • කොලෙස්ටරෝල් බිඳ හෙලා පිතද නිෂ්පාදනය වේ • ස්ටැටින් ඖෂධ ගත් විට → කොලෙස්ටරෝල් ඌණතාවය → පිත නිෂ්පාදනය දුර්වල ගල් ඇතිවීමේ ක්‍රියාවලිය: පිත්තාශයේ ඇති සාන්ද්‍ර කොලෙස්ටරෝල් ඝණ වීමට ලකවේ. නමුත් අලුතින් නිෂ්පාදිත පිත එය නැවත ද්‍රාවණය කරයි. ඒ ක්‍රියාවලිය දුර්වල වූ විට ඝණ කොලෙස්ටරෝල් ස්ඵඨික (Crystals) බවට පත්ව ගල් හැදේ. ගල් ඇති විට ලකෂණ: • දකුණු උරහිසේ/බාහුවේ වේදනාව (Frozen Shoulder ලෙස වැරදියට සිතිය හැකිය) • ඉලඇටකූඩුවේ පහළ දකුණු පස වේදනාව අනෙකුත් හේතු: • අධික ඉන්සියුලින් නිෂ්පාදනය • මළ බද්ධය • කාබෝහයිඩ්රේට් භාවිතය වැඩිවීම පිත්තාශය ඉවත් කිරීම ගැන: පිතෙන් කෙරෙන කාර්යයන්: 1. මේදය ජීරණය 2. LDL → HDL කොලෙස්ටරෝල් පරිවර්ථනය 3. රුධිරයේ භාෂ්මිකතාව (pH) රැකීම 4. ප්‍රතිශක්තිකරණ ශක්‍රිය කිරීම Bio-Resonance පරීක්ෂාව ගල් හැදීමට පෙර ඝණ කොලෙස්ටරෝල් ඇත්දැයි සොයාගෙන ගල් ඇතිවීම වළකා ගැනීමට හැකිය. වේලාවක් වෙන් කරගන්නට: https://forms.gle/1wNVGwnwUrNiejjd8 Serendib Holistic Centre Pvt Ltd Piliyandala +94 112603707 / +94 713503450 / WhatsApp: 0701902220
3/17/2026

90% ක් කායික රෝග නිර්ණය නිවසේදීම සිදුකරගන්න.
90% ක් කායික රෝග නිර්ණය නිවසේදීම සිදුකරගන්න. අපගේ සිරුරේ රෝග වලින් 90% ක්ම වැළඳීමට හේතුව වන්නේ අපගේ බඩවැල් බව ඔබ දන්නවාද? මේ නිසා බඩවැල් නිරෝගීව පවත්වා ගත හැකි කෙනෙකුට නිරෝගී දිවියක් ගත කිරීමේ වාසනාව උදාවේ. අප මෙම ලිපිය මගින් බඩවැල් වල යම් රෝගී තත්වයක් ඇත්දැයි නිවසේදීම දැනගත හැකි සරල ක්‍රමවේදයක් ඉදිරිපත් කරන අතර අයහපත් තත්වයන් ඇතිවීමට හේතු වන කරුණුද ගෙන හැර දැක්වීමට බලාපොරොත්තු වෙමු. එම තත්වයන්ගෙන් මිදෙන ආකාරය ගැනද ඔබව දැනුවත් කිරීමට අප මෙම ලිපිය හරහා බලාපොරොත්තු වෙමු. විවේකීව සම්පූර්ණ ලිපිය කියවා ඔබගේ අදහස් අප සමග හුවමාරු කරගන්නේ නම් අපි කෘතඥ වෙමු. තවත් කෙනෙක් නිරෝගීව සිටිනු දැකීමට කැමති කෙනෙක් වේනම් මෙම ලිපිය ඔබගේ සමාජ ජාලය හරහා ෂෙයාර් කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. අපගේ ශරීරයේ ඇති යම් රෝගී තත්වයක් දැනගැනීම සඳහා වෛද්‍ය වරුන් විසින් අනුගමනය කරන ප්‍රධානම ක්‍රියාවලිය වන්නේ රෝගියා නොයෙක් පර්යේෂණ වලට භාජනය කිරීමයි. මෙහිදී පර්යේෂණය සඳහා විශාල වියදමක් දරා සමහර විට අදාල පර්යේෂණයට අනුව කිසිදු රෝගයක් නොමැති බව වෛද්‍ය විනිශ්චය වේ. මෙසේ සිදුවන වාර ගනන මෙතෙකැයි කියා නිමකර නොහැකිය. මෙම පර්යේෂණ සඳහා සමහර විට රුධිරයද නැතිනම් මුත්‍රා හෝ ඛේටයද එසේත් නැතිනම් ශරීරයේ කොටස්ද තවත් සමහර විට රෝගියාගේ මළද භාවිතා කරයි. අපි මෙම ලිපිය මගින් සිදු කරන්නට උත්සහ කරන්නේ අප විසින් දෛනිකව සිදු කරන මළ පහ කිරීමේ දී පිටවන මළ වල ස්වභාවය නිරීක්ෂණය කොට ඒ අනුව අපගේ සිරුරේ ඇති රෝගී තතවයන් කිහිපයක් ගැන යම් නිගමනයකට එලඹිම පිනිස ඔබට යම් දැනුමක් ලබා දීමයි. අපගේ සිරුරෙන් පිටවන මළ වල ස්වභාවය අනුව අපට යම් යම් නිගමන වලට එළඹිය හැකිය. මෙසේ අධ්‍යයනය කල යුතු ස්වභාවයන් පහත අයුරින් වේ. • මළ වල පැහැය. • මළ වල බර. • මළ වල ඇති ගඳ. • මළ වල ඇති හැඩය. • මළ වල ඇති ඇලෙන සුලූ ස්වභාවය. මෙම කරුණු වෙන වෙනම ගෙන බලමු. 1. මළ වල පැහැය. මිනිස් මළ වල ස්වභාවික වර්ණය රන් කහ පැහැවේ. සිරුරෙන් පිටවන මළ වල කිසිදු අයහපත් වෙනසක් සිදුවී නොමැතිනම් මළ මෙම පැහැයෙන් යුක්තව පිටවේ. අවුරුදු පහක පමණ ළමයෙක් මළ පහ කරන විට මෙම වර්ණය දැක ගත හැකිය. නමුත් වයසට යන්නට යන්නට මෙම වර්ණය ලා දුඹුරු සිට කලූ පැහැය දක්වා වර්ණ වලට වෙනස් වේ. මෙසේ සිදු වන්නේ බඩ වැල් වල යම් රුධිරය කාන්දු වීමක් ඇති නිසාය. කුඩා බඩවැල පටන්ගන්නා ස්ථානයේ සිට ගුද මාර්ගය අවසානය දක්වා ඇති ආහාර ජීර්ණ පද්ධතියේ කොටස දිගින් අඩි 25 ක් පමණ වේ. කුඩා බඩවැල ඇතුලත යම් රුධිර ගළණයක් සිදු වී ඇත්නම් එම රුධිරය මළ සමග එක්වී පහලට යන විට පැය 2 කට අධික කාලයක් ගත වන අතර ගුද මාර්ගයට පැමිණි පසුද පැය කිහිපයක් ඒ තුල රැඳි පවතී. මේ නිසා රුධිරයේ වර්ණය කලූ හෝ තද දුඹුරු පැහැයක් ගනීග මේ නිසා මළ වල වර්ණය තද වර් ගනී. මෙසේ බඩවැල් වල තුවාල ඇතිවීමට ප්‍රධාන හේතු තුනක් දැකිය හැකියග මින් පලමුවැන්න ග්ලූටන් සහිත ආහාර අනුභව කිරීමයි. දෙවැන්න අන්ත්‍ර වල ආම්ලික තාවය වැඩි වීමයි. තුන්වැන්න බඩවැල් වල යම් පරපෝෂිතයෙක් සිටීම නිසා රුධිරය කාන්දු වීමයි. මේ තුනටම හේතුව වන්නේ ඔබගේ දෛනික ආහාර වේල ගැන ඔබ දක්වන අවධානය අවම වීමයි. https://youtu.be/zDEcvSc2UKA ග්ලූටන් යනු මොනවාද? නමට ගැලපෙන සේම ග්ලූ යනු ගම් වර්ගයකි. ග්ලූටන් වලින් සිදු කරන්නේ ඇමයිනෝ අම්ල එකට බැඳ තැබීමයි. අප විසින් ගන්නා ලබන ආහාර වල පෝෂණ සංඝටක මෙසේ එකට බැදී තිබීම සාමාන්‍ය දෙයකි. උදාහරණයක් ලෙස ග්ලූකෝස් ගත හැකිය. ග්ලූකෝස් අනු රාශියක් එකට එක්වී සුක්රෝස් සාදයි. අප විසින් ආහාරයට ගන්නා සීනි සුක්රෝස් වේ. නමුත් ආමාශයේ ඇති අධික ආම්ලික තාවය මගින් මෙම සුක්රෝස් ග්ලූකෝස් වලට පෙරලයි. නැතිනම් සුක්රෝස් වල ඇති බන්ධනය බිඳ දමයි. මෙම ග්ලූකෝස් කුඩාන්ත්රයේදී රුධිරයට අවශෝෂනය වේ. අප ගන්නා ආහාර වල ඇති ප්‍රෝටීන ඇත්තේ ඇමයිනෝ අම්ල ලෙසිනි. මෙම ඇමයිනෝ අම්ල එකට බැඳී ඇත්තේ ඉහත කී ග්ලූටන් මගිනි. මෙම ග්ලූටන් වල බන්ධනය ඉතාමත් ශක්තිමත්ය. මෙම බන්ධනය ආමාශයේ ඇති හයිඩ්රො ක්ලෝරික් අමිලයට බිඳ දමන්නට නොහැකිය. මේ නිසා අදාල ඇමයිනෝ අම්ල බිඳ නොදමාම කුඩාන්ත්ර කරා යොමුවේ. මෙසේ යොමුවන ග්ලූටන් සහිත ඇමයිනෝ අම්ල ප්‍රමාණයෙන් විශාල නිසා අන්ත්‍ර වල ඇති පෝෂණ ආශෝෂක ලෙස ක්‍රියා කරන අංගුලිකා වලට තම කාර්්‍යය සිදු කර ගැනීමට නොහැකිය. නමුත් කෙසේ හෝ අදාල ප්‍රෝටීන ආවශෝෂනය කරගැනීමට යෑම නිසා අදාල අංගුලිකා විනාශ වේ. ග්ලූටන් වල ඇති ඇලෙන සුළු ස්වභාවයත් මීට ප්‍රධාන වශයෙන් හේතු වේ. අප කුඩා කල සිටම දන්නා හොඳම ගම් වර්ගයක් ඇත. පාප්ප ඔබ සියළු දෙනාම දන්නවා ඇති. පාප්ප සෑදීමට අපි කිසිදිනක හාල් පිටි ගන්නේ නැත. කුරක්කන් පිටි ගන්නේද නැත. මීට හේතුව කුමක්ද? මෙම පිටි වල ඇළෙන සුළු භාවය නොමැති විමයි. නොඑසේනම් ග්ලූටන් නොමැති වීමයි. මා දැන් මේ කියන්නේ කුමක්ද යන්න ඔබට පැහැදිලි ඇතැයි සිතමි. පාන් පිටි යනු ග්ලූටන් ඉතාමත් අධික ආහාරයකිග පාප්ප මේතරම් හොඳින් ඇලවෙන්නේ මේ නිසාය. කුඩා බඩවැලේ ඇති අංගුලිකා විනාශ වීම මෙම ඇළෙන සුළු ග්ලූටන් නිසා සිදුවේ. මේ නිසා කල් යත්ම පෝෂණ ඌණ තාවයකට අපට මුහුණ දීමට සිදුවේ. පෝෂණ ඌණතාවයන් නිසා දියවැඩියාවල පිළිකාල චර්මරෝගල වකුගඩු රෝග වැනි දහසකුත් එකක් බෝ නොවෙන රෝග ඇතිවේ. අප පරිභෝජනය කරන ආහාර වල පෝෂණ ගුණයද ඉහත කී කරුණු නිසා ඉතා අවම මට්ටමක පවතී. ඉතා අවම මට්ටමකින් ලැබෙන පොෂණයද ග්ලූටන් නිසා විනාශ වී යන බව ඔබට තේරුම් ගත හැකියැයි සිතමි. මෙයින් මිදීමට ඔබ කල යුතු වන්නේ ග්ලූටන් අඩංගු ආහාර අනුභවය නැවැත්වීම පමණිග ග්ලූටන් අඩංගු ප්‍රධාන ආහාර වර්ග 4කි. 1. තිරිඟග ( පාන් පිටි ) 2. ඕට්ස්. 3. රයි. 4. බාර්ලි. මෙම වර්ග අතරින් ශ්‍රී ලාංකික අපට වැඩිම බලපෑමක් එල්ල කරන්නේ තිරිඟු වලිනිග තිරිගු පිටි වලින් සෑදූ ආහාර අනුභවය නැවැත්වීමම ඔබට බොහෝ ලෙඩරෝග වලින් වැලකීමට හේතු වනු ඇත. මෙය ඔබට කුඩා පර්යේෂණයක් මගින් සිදු කල හැකිය. ඔබගේ ආහාර වේලට තිරිඟු පිටි වලින් තැනූ ආහාර එක් කර ගැනීම දින 15 ක පමණ කාලයකට නවතා දමන්න. 16 වන දින උදේ දවල් රාත්‍රී තුනටම පාන් පිටි වලින් තැනූ ආහාර අනුභව කරන්න. උදරය කෙතරම් අසහනකින් පෙලෙනවාද යන්න ඔබටම තේරුම් ගත හැකිය. මේ නිසා මුළු ජීවිත කාලය පුරාවටම තිරිඟු පිටි ආහාරයෙන් වැලකීම ඉතාම හොඳ පුරුද්දක් බව සිතට ගන්න. කුඩා බඩවැල තුලදී ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථ සිරුරට අවශෝෂණය වන ආකාරය දැන ගන්න පහත ඇති වීඩියෝ නරඹන්න. https://youtu.be/JCA9HQ795i8 ග්ලූටන් නිසා විනාශ වන අංගුලිකා වලින් වෑහෙන රුධිරය අපගේ මළ සමග පිටතට පැමිණේ අඩි 20 කට වඩා දිරඝ ගමණක් පසු කර පැමිණෙන නිසා මෙම රුධිරය තද දුඹුරු පැහැයක් ගනු ඇත. ගුද මාර්ගයේ හෝ මහ බඩවැල අවසාන කොටසේ මෙවැනි රුධිර ගැල්මක් ඇතිවුවහොත් එම රුධිරය මළ සමග පහ වන්නේ රතු පාටටය. එය හොඳින් නිරික්ෂණය කල හැකියග අර්ෂස් රෝගී තත්වයන් ඇති අයගේ මළ සමග රුධිරය පිටවන විට රතු පැහැයෙන් දිස්වන්නේ මේ නිසාය. මේ අනුව ඔබගේ මළ වල වර්ණය තද පැහැයක් ගෙන ඇත්නම් ඊට ප්‍රධානම හේතුව ග්ලූටන් බව දැන ගත යුතුය. දැන් මෙයින් මිදෙන්නේ කෙසේද යන්න ඔබට විශේෂයෙන් කිව යුතු නොවේ. ඔබගේ ආහාර වේලට එකතුවන ග්ලූටන් සහිත ආහාර වහා ඉවත් කරන්නග ඔබගේ නීරෝගී බව එතනින්ම ආරම්භ වනු ඇත. දැන් ඔබ විසින් සිදු කල යුතු වන්නේ මෙතුවක් කල් විනාශ වූ අංගුලිකා නැවත සකස් කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. ඊට අවශ්‍ය වන්නේ අප විසින් දෛනිකව අපගේ ශරීරයට ලබා දිය යුතු වන පෝෂණ කොටස් 90 ලබා දීමයිග ( ජීවිතයට 90 ක් ලිපිය කියවන්න. මෙසේ මෙම පෝෂ්‍ය කොටස් ලබා දීම මගින් විනාශ වූ අංගුලිකා නැවත නිපදවෙනු ඇත. ඊට යම් කලක් ගතවන අතර නැවත ග්ලූටන් සහිත ආහාර ගැනීම මගින් මෙම අලූත් අංගුලිකාවන්ද විනාශ වී යන බැවින් ග්ලූටන් තම ජීවිතයෙන්ම දුරස් කරන්නට සිතාගන්න. එය ඔබ නීරෝගී මිනිසෙක් වීමට තබන පලමු පියවර වේ. මළ දුර් වර්ණ වීමට හේතු වන තවත් සාදකයක් වන්නේ සිරුරේ ආම්ලික තාවය වැඩි වීමයිග ආමාශය තුල ඇති ආම්ලික තාවය පී එච් අගය 1,5 ක් පමණ තරම් වන අතර ප්‍රෝටීන් ජීරණය මෙහිදී සිදු කෙරේ. මේදය ජීර්ණය කිරීම සිදුවන්නේ කුඩා බඩවැල තුලදීය. මේ සඳහා අත්‍යවශය වන පිත කුඩාන්ත්රය ආරම්භ වන ස්ථානයේදීම පිත්තාශය විසින් පිත්ත නාල ඔස්සේ කුඩාන්ත්‍රයට එක් කරයි. පිත භාෂ්මික ද්‍රවයකි. ආමාශයෙන් එන ජීරණය වූ ආහාර වල ආම්ලික තාවය නැති කොට මෙම ආහාර භාෂ්මික තාවයක් ඇති කිරීමට මෙම පිතට හැකියාව ඇත. එසේම මේදය ජීර්ණය කිරීමට මෙම පිත අත්‍යවශ්‍ය වේ. යම් කෙනෙකුගේ පිත ශ්‍රාවය විම අඩු නම් ඔහුගේ අන්ත්‍රවල ආම්ලික තාවය වැඩි වේග ආම්ලික පරිසරයක් තුල අහිතකර බැක්ටීරියාවන්ටත් පරපෝෂිත පණුවන්ටත් ජීවත් වීමේ හැකියාව ඇත. අපගේ බාහිර පරිසරයෙන් උදාහරණයක් ගෙන බැලූවහොත් අඹ ගෙඩියක් ගෙන බලන්න. අඹ ගෙඩිය කුණුවන විට එහි ආම්ලික තාවය වැඩි වේ. මෙම ආම්ලික පරිසරය තුලදී පණුවන් වර්ධනය වන බව ඔබ දැක ඇති. අන්ත්‍ර තුලද ක්‍රියාකාරීත්වය මෙසේමයග භාෂ්මික පරිසරයක වර්ධනය වන සිරුරට හිතකර බැක්ටීරියාවන් ආම්ලික මාධ්‍යයකදී විනාශ වී සිරුරට අහිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනය වැඩිවේ. මේ අනුව අන්ත්‍ර සම්බන්ධ ලෙඩරෝග විශාල සංඛ්‍යාවක් හටගනීග එසේම කොකු පණුවන්, පටි පණුවන් වැනි පරපෝෂිතයන් විශාල වශයෙන් එක් රැස් වීමට මෙම තත්වය හේතු සාධක වේ. මේ නිසාද කුඩාන්ත්‍රයේ තුවාල සෑදී රුධිරය මළ සමග එක් වීමට හේතු වේග මේ හේතුව නිසාද ඉහත පරිදිම මළ තද වර්ණ්යක් ගැනීමට හේතු වේ. මෙම තත්වය ඇතිවන්නේ අගේ අක්මාවේ නිසි ලෙස පිත නිපදවීම සිදු නොවිමත් පිත්තාශය තුල පිත නිසි ලෙස එක්රැස්වී නොතිබීමත් නිසාය. යම් යම් රෝග නිසා පිත්තාෂය ඉවත් කරන රෝගීන් අප දැක ඇත්තෙමු. ඔවුන් එක් රෝගයකින් වැලකී තවත් රෝග වැලක් සමග මරණයට පත් වන්නට සිදු වන බව මෙය කියවන ඔබට වැටහිය යුතුය. අප මෙහිදී සිදු කල යුතු වන්නේ පිත නිසි අයුරින් නිපදවිම සඳහා අක්මාවට අවශ්‍ය පෝෂණය ලබා දීමයි. පිත නිපදවීමට අවශ්‍ය ප්‍රධානම පෝෂණ කොටස වන්නේ මැග්නීසියම් වේ. මැග්නීසියම් බහුල ආහාර දෛනිකව ආහාරයට එක් කර ගැනීම මගින් පිත නිසි ලෙස නිපදවීම සිදු කල හැකිය. මැග්නීසියම් සහිත ආහාර ලැයිස්තුවේ ඉහලින්ම ඇත්තේ වට්ටක්කා ඇටයයි. අපි කුඩා අවධියේ වට්ටක්කා ඇට සුද්ද කරගෙන කෑ හැටි මා හට මතක් විය. නමුත් දැන් වට්ටක්කා වල ඇට නැති තරම්යග ඊට හේතු වී ඇත්තේ ජාන තාක්ෂණය මගින් දියනුකල වට්ටක්කා අප අතර බහුල වීමයි. ලංකාවේ දක්නට නොමැති වුවත් කාබනික වට්ටක්කා ඇට පිට රටවල අලෙවියට ඇත. මග්නීසියම් බහුල ආහාර ලැයිස්තුවක් පහත දක්වා ඇත. මෙම ආහාර මගින් ඔබගේ සිරුරේ පිත නිසි ලෙස ශ්‍රාවය කිරීම සිදුවීමට අවශ්‍ය පෝෂණය ලබා දිය හැකිය. මේ අනුව අපගේ පර්යේෂණයේ මූලික අදියර අවසන් වේ. අපගේ මළ වල වර්ණය කහ පැහැයෙන් යුක්ත විය යුතු වුවත් එය තද පැහැ ගැන්වී ඇත්තේ අන්ත්‍ර වලදී රුධිරය එක් වීම නිසා බව දැන් ඔබට තේරුම් ගොස් ඇති. ඉහත කරුණු කාරණා තේරුම් ගෙන ඇත්නම් අනෙක් සාධක තේරුම් ගැනීම ඉතාමත් පහසුය. 2. මළ වල බර. අප ආහාර ගැනීමෙන් පසුව පහ කරන මළ යනු පෝෂ්‍ය කොටස් අවශෝෂණය කරගැනීමෙන් පසු ඉතිරි වන අවශේෂිත කොටස් වේ. නැතහොත් රොඞ්ඩයි. මෙම කොටස ජලයේ පාවිය යුතුය. නමුත් බොහොමයක් දෙනාගේ මළ ජලයේ පාවෙනු වෙනුවට ජලයේ පතුලට ගිලා බසී. මළ පහ කිරීමෙන් පසු කොමෝඞ් එක සුපරික්ෂාකාරීව බැලීමෙන් මෙය දැනගත හැකිය. නිරෝගී බඩවැලක් ඇති අයෙකුගේ මළ ජලයේ පාවේග නමුත් අප ඉහත දැක්වූ පරිදි අංගුලිකා විනාශ වූ අන්ත්‍ර වලින් පෝෂණය උරා ගැනීම සිදුවන්නේ මද වශයෙන්වේ. මේ හේතුව නිසා මළ පහ කරන අවස්ථාව වන විටත් ආහාරයේ පෝෂණය රඳාවපතී. මේ නිසා මෙම කොටස් ජලයේ පානොවේ. මේ අනුවද ඔබගේ අන්ත්‍රවල ඇති රෝග තත්වයක් ගැන ඔබටම දැනගත හැකිය. මෙයටද හේතුව ග්ලූටන්ම මේ ග්ලූටන් වලින් තොර ආහාර රටාවකට හුරු වීම මගින් මෙම තත්වයෙන් මිදිය හැකිය. 3. මළ වල ඇති ගඳ. සමහරු වැසිකිලියට යාමෙන් පසු විනාඩි ගණනක් යනතෙක් වෙනත් අයෙකුට ඊට ඇතුල් වීමට නොහැකි තරම් දුර්ගන්ධයක් වහනය වනු ඔබට දැනී ඇතැයි සිතමි. සමහර විට ඔබටද මෙම අත්දැකීම ඇති. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අහිතකර බැක්ටීරියාවන් අන්ත්‍රවල එක්රැස් වීමනිසාත් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා විශ අන්ත්‍ර වල එක් රැස් වීම නිසාත්ය. මෙසේ අයහපත් බැක්ටීරියාවන් එක්වීමට හේතුව අපි ඉහත සාකච්ඡුා කලෙමු. ඊට ප්‍රතිකර්මද අපි සාකච්ඡුා කලෙමු. අප විසින් ඉදිරිපත් කල ක්‍රමවේදයන් භාවිතා කොට මෙම අයහපත් තත්වයෙන් එබගේ සිරුර ගලවා ගත හැකිය. 4. මළ වල ඇති හැඩය. මළ වල හැඩය රඳා පවතින්නේ විශේෂයෙන් අපගේ මහා බඩවැල මගින් නැවත උරාගන්නා ජලය ප්‍රමාණය මතය. නිරෝගී පුද්ගලයෙකුගේ මළ වඩා ඝණ නොවන අතර දියද නොවේ. නිරෝගී කෙනෙකුගේ මළ වල හැඩය කෙසෙල් ගෙඩියක හැඩය වේ. අපහසුතාවයකින් තොරව මළ පැහැකිරීමේ හැකියාව ඇත්නම් එය තවත් නිරෝගී බවේ ලක්ෂණයකි. හැඩය වෙනස් වීමට පහත කැරුණුද හේතු සාධක වේ. මෙසේ හැඩයේ යම් වෙනසක් ඇත්නම් විරේකයක් මගින් එය යතා තත්වයට පත් කර ගත හැකිය. පෙර කල අපි වසරකට සැරයක් වත් බඩ විරේකයක් සිදු කරගැනීම සිරිතක් ලෙස පැවතිනග නමුත් දැන් එය සිදු කෙරෙන්නේ නැත. කාගේ හෝ වුවමනාවකට විරේකය දැන් අතීතයට එක් වී හමාරය. බඩ විරේකයක් මගින් පෝෂණය අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි වන බව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට පවා තේරෙන කාරනයකි. නමුත් නිරෝගී ජනතාවක් දැකීමට අකමැති පිරිසක් විසින් විරේකය සිරුරට අහිතකර ක්රියාවලිකයක් ලෙස සමාජ ගත කොට ඇත. අපිද එයම වැළඳගෙන ලෙඩ වලට බෙහෙත් ගන්නට පෝලිමේ සිටිමු. 5. මළ වල ඇති ඇලෙන සුලූ ස්වභාවය. අප ඉහත දැක්වූ පරිදි මළ වල තිබිය යුතු හැඩයක් ඇත. නමුත් ග්ලූටන් ඔබගේ මළ සමග පිටතට පැමිණෙන්නේ නම් මළද ඇලෙනසුලූ වේ. මෙයින්ද ඔබගේ ආහාරයේ ග්ලූටන් ඇති බව දැනගත හැකිය. එයින් මිදෙන මග අපි ඉහත පරිච්ඡෙිද වලින් කථා කර ඇත. ඔබ දෛනිකව මළ පහ කිරීම සිදු කරන විට මෙවැනි වෙනස් කම් ඇත්දැයි නිරීක්ෂණය කර බලන්න. එය ඔබගේ නිරෝගී බවේ දර්ශකය ලෙස භාවිතා කල හැකිය. මේ අනුව ඔබගේ සිරුරේ ලෙඩ රෝග 90% කින් වලකා ගත හැකිය. අපගේ වෙබ් අඩවියේ ඇති නරක ආහාර 10 ක ලැයිස්තුව කියවා බලා ඉන් මිදී ජීවිතයට 90 ක් ලිපිය කියවා අවශය පෝෂණය තම සිරුරට ලබා දෙන්න. අප ඉහත දැක්වූ රෝගී තත්වයෙන් මිදීම සඳහා සුදුසු අතිරේක ආහාර කිහිපයක් පහත දැක්වේ. ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදුව තබා ගැනීමත් දැනට ආබාදයට ලක්වී ඇති කොටස් නැවත පිලිසකර කර ගැනීමටත් මෙම අතිරේක ආහාර වලින් ලැබෙන පෝෂණය ඉවහල් වේ. ඉගිණි වලින් සාදන ලද කිරිපිටි වලින් සහ ඉගිණි කැප්සියුල් මගින් ප්‍රථමයෙන් ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කර ගත යුතුය. ඉන් පසු නට්ග්රාස් මගින් දැනට යම් බැක්ටීරියා ආසාදන තත්වයක් ඇත්නම් එය දුරු කර ගත හැතිය. ස්පිරුලිනා හෝ විටායි ජීන් යන අතිරේක ආහාර මගින් විනාශ වී ගිය කොටස් නැවත සකස් කර ගත හැකිය. මේ අනුව මාස තුනක පමණ කාලයක් මෙම පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් ඔබට ඉදිරියේදී වැළඳීමට හැකි රෝග බෙහෝ ගණනකින් වැලකී සිටිය හැකිය.
3/9/2026

Cholesterol Myth
https://www.ravnskov.nu/wp-content/uploads/2016/01/CM.pdf?utm_source=chatgpt.com Download the book
11/14/2026