මුක්ත ඛණ්ඩක සහ පිළිකාව.

මුක්ත ඛණ්ඩක සහ පිළිකාව.

පහත ඇති වීඩියෝව නරඹා කළලයේ සෛල බෙදෙන ආකාරය ගැන යම් දැනුමක් ලබා ගන්න. එය මෙම ලිපිය අවසානය දක්වාම ඇති කරුණු අවබෝධ කර ගැනීමට උපකාර වනු ඇත.

පියාගේ ශුක‍්‍රාණුවකුත් මවගෙන් ඩිම්බයකුත් එක්වී සෑදෙන යුක්තානුව ඉතාමත් කුඩාය. පියවි ඇසට පෙනෙන්නේ නැත. නමුත් මෙම සෛලය තුල ඇති දත්ත සංඛ්‍යාව සීමා රහිතය. මාස 10 ක් තුල මව් කුසය ඇතුලත මෙම කුඩා සෛලය නැවත නැවත විභේදනය වෙමින් සෛල බිලියන 26 ක් පමණ අළුතින් නිර්මාණය කරයි. මෙය දවසකට මිලියන 85 ක පමණ ගණනකි. මෙය තත්පරයකට ගණනය කර බැළුවහොත් 1000 ක පමණ ප‍්‍රමාණයකි. කළලය මිනිස් ස්වරූපයක් ගන්නා අතර නැවත නැවත විභේදනය වීම නතර නොවේ. දරුවා මෙලොව එලිය දකින්නේ අංග සම්පූර්ණ මිනිස් රූපයක් සහිතවය. මුලින්ම ඇතිවූ යුක්තානු සෛලය 2/4/8 ආදී වශයෙන් බෙදෙන්නට පටන් ගත් නමුත් අදාල ස්ථාන වලට ගැලපෙන ලෙස නැවත ‍නැවත මෙම සෛලය ‍විභේදනය වීමට අවශ්‍ය දත්ත මේ සියළුම සෛල වල න්‍යෂ්ඨියේ වර්ණ දේහ වල ගබඩා කොට ඇත. උදා හරණයක් ලෙස මුහුණේ තොල් වල ඇති වන සෛල වලට වඩා වෙනස් සෛල ඇසේ ඇත. අත්ලේ ඇත්තේ ඊටත් වඩා වෙනස් සෛලයි. අක්මාවේ ඇති සෛල මොලයේ ඇති සෛල සහ හෘදය වස්තුවෙ ඇති සෛල එකිනෙකට වෙනස්ය. රුධිරයේ ඇති ෙසෙල වලින් කෙරෙන කාර්්‍යය වෙනස්ය. අක්මාවෙන් කෙරෙන කාර්්‍යය වෙනස්ය. ආමාශ බිත්තියේ ඇති ඇති සෛල වලින් P.H. අගය 2 ක් පමණ වන ඉතාමත් සාන්ද්‍ර හයිඩරෝ ක්ලෝරික් අම්ලය නිශ්පාදනය කරයි. මේ අයුරින් මහා පුදුමාකාර විදිහට මෙම සෛල විසින් තමාටම ආවේනිකවූ සෛල නැවත නැවත නිපදවයි. මෙම සැලැස්ම තිබුනේ කොහේද? එකම සෛලයකින් අපගේ පළමු නිර්මානය සිදු වූවා නම් අද අපගේ ‍ශරීරයේ ඇති සියළු කොටස් මෙසේ නිර්මාණය විය යුතුයි යන්න ලියා තිබුනේ කොහේද? ඒ අම්මාගෙන් සහ තාත්තාගෙන් ලැබුනු ජාන වලිනි. අපගේ ශරීරයේ සියළුම සෛල වල එම වර්ණ දේහ පිහිටා ඇත. අදාල ස්ථාන වලදී මේ ආකාරයේ ෙසෙල නැවත නිර්මාණය කල යුතුය යන සැලැස්ම ලබා දෙන්නේ වර්ණ දේහ වල ඇති DNA වලිනි. යම් හේතුවක් නිසා මෙම සැලැස්ම වෙනස් වුවහොත් ඇතිවන විපාකය කෙසේදැයි සොයා බැලීම වටී. ‍මොළයේ ඇති සෛල නැවත ප‍්‍රති නිර්මාණය වීමේදී අළුතෙන් සෛලයක් නිර්මාණය වීම සඳහා ලැබනෙ සංඥාව වැරදි එකක් වුවහොත් අළුත‍නේ නිපදවන සෛල අදාල තැනට නොගැලපෙන සෛලයක් වේ. මෙසේ වන්නේ අදාල සෛලයේ DNA වල සංයුතිය වෙනස් වීම නිසාය. දැන් මෙම ෙසෙලයෙන් නිපදවෙන සෛලයන්ද නව සෛලයේ ස්වරූපය යනී. එසේම එම ෙසෙල විභේදනය වීම වෙනදාට වඩා ශීඝ‍්‍ර වේ. මෙසේ නොගැලපෙන සෛල යම් තැනක වර්ධනය වේ නම් එය පිළිකාවක් ලෙස නම් කරයි. මෙවැනි පිළිකා ඇතිවීමට හේතුන් සහ ඒවායින් වැලකී සිටින ආකාරයත් පිළිකා වලින් මිදෙන ආකාරයත් දැන ගන්න. මෙම ලිපිය ඉතා හොඳින් කියවන්න.

මෙම රෝගයට ගොදුරු වීමට කර්මයද විශාල වශයෙන් බලපායි. එවැනි අකුසල කර්ම යටපත් කර ගැනීම පිනිස වන ප‍්‍රතිකර්මද අපගේ වෙබ් අඩවියේ ඇතුලත් කොට ඇත. ඔබ විසින් මෙම දැන්වීම ෂෙයාර් කිරීම තුලින් ඔබත් තවත් පිළිකා රෝගියෙක් සුව කිරීම පිනිස යම් ප‍්‍රයත්නයක් දැරීම හේතුවෙන් ඔබට මෙවැනි රෝගයකට ගොදුරු වීමට ඇති ඉඩ කඩ යම් තරමක් දුරට අවම කර ගැතීමට හැකිය. මෙම ලිපිය ගැන අන් අයටත් දැනගන්නට සලස්වන්න. ඔබට නිරෝගී සුව අත්වේවා.

– ජීවිතයට 90 ක් –

Cancer-DNA

මුක්ත ඛණ්ඩක සහ පිළිකා ( Free Radicals & Cancer )

මුක්ත ඛණ්ඩක යන වචනය ඔබට නුහුරු වචනයක් වන්නට පුළුවන. නමුත් ඔබගේ ශරීරයට නම් මෙය ඉතාම හුරු පුරුදු වචනයකි. අපි මෙම මාතෘකාවට මෙසේ මුළ පුරමු. නගරයේ ජීවත් වන මිනිසාට වඩා ගමේ ජීවත් වන මිනිසාට බෝ නොවන ලෙඩ රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය අඩුය. දියුණු රටවල මිනිසුන්ට වඩා නොදියුණු රටවල ජීවත් වන මිනිසුන්ට බෝ නොවන ලෙඩ රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය අඩුය.. මෙසේ වන්නට හේතුව කුමක්ද යන්න සොයා ගත හැකි වන්නේ මෙම කොට්ඨාශ අතර ඇති ජීවන රටාව අධ්‍යයනය කිරීමෙනි. මීට වසර 20 කට පමණ පෙර ඇමෙරිකානු ජාතික වෛද්‍ය ජෝ වොලක් මහතා විසින් මෙය ඉතා සාර්ථකව අධ්‍යයනය කරන ලදී. ඇමෙරිකාව වැනි දියුණු යැයි සම්මත රටවල්දල නිරෝගී ජීවිත ගත කරන මිනිසුන් ජීවත් වන පේරු රාජ්‍යයේ විල්කබම්බා ( http://hoaxes.org/archive/permalink/vilcabamba_the_town_of_very_old_people ) නගරය වැනි ස්ථානදල මෙම අධ්‍යයනයට යොදා ගැණින. මෙම දෙකොට්ඨාශයේ වෙසෙන මිනිසුන් විසින් ලබා ගන්නා ආහාර මේ සඳහා ඉවහල් වන බව වොලක් මහතා නිගමනය කරන ලදී. විල්කබම්බා නගරයේ මිනිසුන්ගේ ජීවන රටාව බොහොම සරලය. ඔවුන්ගේ ආහාර වේල සකස් වූයේ දර ලිප මතය. ඔවුන් පුරුද්දක් ලෙස පසින ලද කෑම වලට ලිපේ ඉතිරි වන සුදු පැහැ අළු ස්වල්පයක් එකතු කරයි. ඔවුන්ගේ ප‍්‍රධානම අතුරු පසක් වන්නේ ඔවුන් විසින්ම තම නිවෙස් වල නිපදවන ඩාර්ක් චොකලට් වර්ගයකි. මෙවැනි හේතු ගණනාවක් මොවුන් ගේ නීරෝගී ජීවිත වලට හේතු වී ඇත. පහත ලින්ක් එක ඔස්සේ මෙම නගරයේ වෙසෙන මිනිසුන් ගැන වැඩි විස්තර දැන ගත හැකිය. වඩාත් වැදගත් කාරණය නම් මෙම නගරයේ වෙසෙන මිනිසුන් අවුරුදු 110 ත් 140 ත් අතර කාලයක් නිරෝගී ජීවිතයක් ගත කිරිමයි. ඔවුන්ගේ නගරයේ රෝහල් නැත. ඔවුන්ට බෝ නොවන රෝග කිසිදා වැළඳී නොමැත. යම් රෝගයක් සැදුනද එයද ඉතා ඉක්මනින් සුවවේ. එය අදටත් එසේමය.

විල්කබම්බා නගර වැසියන් සතු වූ ඇමෙරිකානුවන් සතු නොවූ ආහාර රටාව කුමක්ද? ඇමෙරිකානුවන් අතුළු දියුණු යැයි සම්මත ලෝකයේ සියළුම රටවල් පාහේ මේ වන විට ක්ෂණික ආහාර වලට හුරුවී ඇත. මෙම ක්ෂණික ආහාර ඔබ වෙත ලැබෙන්නේ ඔබගේ ජීවිතයද ක්ෂණිකවම කෙටි කරමිනි.

මෙම තත්වය තේරුම් ගැනීම සඳහා ඔබ අප සියළු දෙනාගේම ප‍්‍රධානම ගැලවුම් කරු වන ඔක්ෂිජන් ගැන යම් දැනුමක් ලබා ගත යුතුය. ඔක්ෂිජන් අම්ලකර වායුව ලෙසින්ද හඳුන්වයි. වායුගෝලයෙන් 21% ක්ද ල මුහුදු ජලයේ 89% ක්ද ල පොලෝ තලය මතුපිටින් 47% ක්ද සමන්විත වන්නේ ඔක්ෂිජන් වලිනි. ඔක්ෂිජන් පරමාණුවේ සංයුතිය පහත ආකාර වේ. එහි ඉලෙක්ට්‍රෝන 8 ක් ඇති අතර ශක්ති මට්ටම් දෙකක 2 – 6 ලෙස තම ඉලෙක්ට්‍රෝන පිහිටුවා ගෙන ඇතග පිටත ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන 6 යුගල් වශයෙන් 4ක් පිහිටන අතර ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන්නේ තනි තනිවය. මේ නිසා මෙම ඉලෙක්ට්‍රෝන දෙක අස්ථායි මට්ටමක පවතී. මෙම අස්ථායි මට්ටම නිසාම ඔක්ෂිජන් පරමාණුව තමාට හමුවන ඕනෑම මූල ද්‍රව්‍යයක් හා සම්බන්ධ වී තම අවශ්‍යතාවය සපුරා ගැනීමට වෙර දරයි. මෙය ඔක්සිකරණය වීම ලෙස හඳුන් වන අතර වාතයට නිරාවරණය වූ යකඩයක් මළ බැඳෙන්නේ මේ නිසාය. ඔක්සිකරණය වූ මූල ද්‍රව්‍යයකට සිදු වන දේ දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. එසේ යම් මූලද්‍රව්‍යයක් හමු නොවූ ඔක්ෂිජන් පරමාණු දෙකක් එකට එක් වී තමා ස්ථායි වීම සඳහා හිඟ වූ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබාගනී. මෙම ඔක්ෂිජන් O2 ලෙස හඳුන්වයි. උපන් දා සිට මැරෙන මොහොත දක්වා මෙම O2 සමග ගණු දෙනු කිරීමට අපට සිදු වී ඇත. එසේ සිදු වී ඇත්තේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ශක්තිය ජණනය කිරීම සඳහා සිදු කරන රසායනික ප‍්‍රතික‍්‍රියාවන් සඳහා අවශ්‍ය වන ශක්තිය ලබා ගැනීමට ඔක්ෂිජන් අත්‍යවශ්‍ය වීමයි. මේ හේතුවෙන් කිසිදු සත්වයෙකුට ඔක්ෂිජන් නොමැතිව ජීවත් විය නො හැකිය. ඔක්ෂිජන් පෙණහළු වලට පැමිණීමත් සමගම වෙනත් කිසි කෙනෙකු සමග එක් වීමට පෙර හිමොග්ලොබින් තමාගේ රාජකාරිය නිසියාකාරව ඉටු කරයි. මේ නිසා අප ආශ්වාස කරන වාතයේ ඇති ඔක්ෂිජන් වලින් අපට හානියක් නොවේ. අදාල ඔක්ෂිජන් දේහ සෛල කරා රැගෙන ගොස් ශක්තිය නිපදවා කාබන් ඩයොක්සයිඞ් වායුව අපද්‍රව්‍යක් ලෙස පිටකිරීමේ ක‍්‍රියාවලිය දක්වා හිමොග්ලොබින් තම රාජකාරිය ඉටු කරයි. නමුත් දේහ සෛල ඇතුලත කෙරෙන මෙම රසායනික ප‍්‍රතික‍්‍රියාව අතරතුර අස්ථායි ඔක්ෂිජන් අයන සෑදීම සාමාන්‍ය සිද්ධියකි. මෙම අස්ථායි ඔක්ෂිජන් අයණ අප ඉහත කියවූ ආකාරයටම ලැබෙන ඕනෑම ස්ථානයක ඇති ඉලෙක්ට්‍රෝණයක් අත් පත් කර ගැනීමට යත්න දරයි. මෙම ධන ආරෝපනයක් ඇති අයන මුක්ත ඛණ්ඩක වේ. මේවා නිශ්ක‍්‍රීය කිරීමට ශරීරය විසින් ඉලෙක්ට්‍රෝන ලබා දිය යුතුය. මෙම ක‍්‍රියාව ඉතා සාර්ථකව ඉටු කිරීම අපගේ සිරුරේම නිශ්පාදනය කරන ග්ලූටතයොන් නම් හෝමෝනයට හැකිය. මේ නිසා අපගේ සිරුරේ ඇති සෛල වල අභ්‍යන්තරයේ කිසිදු කොටසකට හානි කිරීමට මෙම මුක්ත ඛණ්ඩක වලට නොහැකි වේ.

මෙම ප‍්‍රශ්නය තවත් තීවෘ වන්නේ අප ගන්නා ආහාර වල ඇති ඔක්සිකරණය වූ කොටස් නිසාය. තෙල් වර්ගල අධික තාපයකට භාජනය වන ආහාරල තිරිඟු, බාර්ලි, රයි, ඕට්ස් වැනි ආහාරද කාබන් ඩයොක්සයිඩ මිශ‍්‍ර පාන වර්ගද ඔක්සිකරණය වූ අණු අපගේ සිරුරට ඇතුළු වීමට ප‍්‍රධාන හේතුව ලෙස බලපායි. එසේම කෘමිනාශකල කෘත‍්‍රිම පවිත‍්‍රකාරක සහ බැර ලෝහල ශරීරගත වන විකිරණදල දුම්වැටි මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයද ශරීරයේ පඨක ඔක්සි කරණය වීමට හේතු සාධක වේ. කෙසේ හෝ සිරුරට ඇතුළු වන මෙම අණු සිරුර තුල ඇති වන යම් යම් රසායනික විපර්්‍යාස හේතුවෙන් බෙදී වෙන් වෙන අවස්ථා බොහොමයක් ඇත. මෙසේ වෙන් වීම නිසා ඔක්ෂිජන් පරමාණුව නැවත අස්ථායි වේ. එසේම අප භාවිතා කරන ඩිටර්ජන් වර්ග සඳහා බොහෝ විට පවිත‍්‍ර කාරකයක් ලෙස භාවිතා කරන්නේ මුක්ත ඛණ්ඩක වේ. මෙම මුක්ත ඛණ්ඩක වල ඇති ස්ථායී ආස්තරණයක් අස්ථායි කිරීමේ හැකියාව අපවිත‍්‍ර ස්ථානයේ තැන්පත් වී ඇති කුණු අස්ථායි කර පවිත‍්‍ර කිරීමට යොදා ගනී. මේ හේතුවෙන් ඉතා කුඩා ජල ධාරාවකින් අදාල ස්ථානයේ කුණු පැල්ලම් ඉවත්වේග අප ගේ ශරීරය සමග මෙම පවිත‍්‍ර කාරක එක් වූ විට ශරීරය තුල මෙම ක‍්‍රියාවලිය සිදුවේ. අතේ හෝ කකුලේ මෙම පවිත‍්‍රකාරක තැවරුණ විට ස්වේද හරහා එම විෂ ශරීර ගත වීම සිදුවේ. මේ අනුව ශරීරය තුලද මෙම මුක් ඛණ්ඩක සක‍්‍රීය වේ. මේ හේතුව නිසා මේ දෙයාකාරයෙන්ම ඇති වන මුක්ත ඛණ්ඩක තමාගේ ඉදිරියට පැමිණෙන ඕනෑම පරමාණුවකින් ඉලෙක්ට්‍රෝණයක් ගලවා ගැනීමට පැකිලෙන්නේ නැත. අදාල පහර දීමට ලක්වූ පරමාණුවද දැන් තවත් ඉලෙක්ට්‍රෝණයක් හිඟ අස්ථායී පරමාණුවක් බවට පත්වේ. එම පරමාණුවද දැන් තවත් මුක්ත ඛණ්ඩකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. ඔක්ෂිජන් වායුව මේදය තුල වෙනත් කිසිදු මාද්‍යයකට වඩා 8 ගුණයක් වේගයෙන් දියවේ. ලිපිඩ වලින් සෑදී ඇති අපගේ ශරීර කොටස් ගැන දැනුවත් වීම මේ නිසා ඉතා වැදගත් වේ.

අපගේ ශරීරයේ ඇති ටි‍්‍රලියන ගණනක් වන සෛල සියල්ලේම ආවරණය සෑදී ඇත්තේ ලිපිඩ වලිනි. මොළයේ සියයට 75 ක ප‍්‍රමාණයක් සෑදී ඇත්තේ ලිපිඩ වලිනි. ස්නායු වල පිටත ආවරණය සෑදී ඇත්තේද ලිපිඩ වලිනි. එපමණක් නොව අපගේ ශරීරය විසින් නිපදවන සියළුම ලිංගික හෝමෝන නිශ්පාදනය වී ඇත්තේ ලිපිඩ වලිනි. ලිපිඩ වලට ඉතා හොඳින් අපගේ මාතෘකාවට අදාල වන ඔක්ෂිජන් මුක්ත ඛණ්ඩක ආකර්ශණය වේ. මේ නිසා ඉහත සඳහන් ඕනෑම පඨකයක් ඔක්සිකරණයට ලක්වේ. සිදු වන විනාශය ඔබට සිතා ගත හැකිය. රුධිර නාල වල බිත්තියේ ඇති සෛල මෙම මුක්ත ඛණ්ඩක වල ප‍්‍රහාරයට ලක් වීම නිසා අභ්‍යන්තර රුධිර ගලනයක් ඇතිවිය හැකිය. මොළයේ රුධිරනාල වල ආබධවලට ලක් විය හැකිය. හෘදයාබාද ඇතිවිය හැකිය. දෙවන වර්ගයේ දියවැඩියාව සෑදීමට හේතුකාරක වේ. ( කොලෙස්ටරෝල් ගැන ලියා ඇති ලිපිය කියවා තව තවත් මේ ගැන ඔබගේ දැනුම වර්ධනය කරගන්න.

අප ඉහත ගෙන හැර දැක්වූ දෙයාකාරයෙන් ම නිපදවෙන මුක්ත ඛණ්ඩක සෛල පිටත ආවරණයටද ෙසෙල අභ්‍යන්තරයේ ඇති කොටස් වලටද පහර දී තමාට අවශ්‍ය ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ ක‍්‍රියාදාමයේ නිරත වේ. යම් ලෙසකින් මෙම මුක්ත ඛණ්ඩකය සෛල අභ්‍යන්තරයේ න්‍යෂ්ඨියේ වර්ණදේහ තුල ඇති DNA වලටද පහර දුන හොත් ඇති වන්නේ ඉතාමත් භයානක තත්වයකි. අපගේ සෛල යම් ආයු කාලයකට පසු මරණයට පත් වන අතර අදාල පුරප්පාඩුව සඳහා නව සෛලයක් නිර්මාණය කරයි. නව සෛලයේ ස්වභාවය සහ ඊට අදාල වන කාර්්‍යභාරය තීරණය කරන්නේ අපගේ ජාන වල ඇති ෘභ් වලිනි. සෛල තුල හෝ සෛල වලින් පරිබාහිරව ඇතිවූ මුක්ත ඛණ්ඩක මෙම DNA වලට පහර දිය හැකිය. මේ හේතුව නිසා මින් පෙර යම් ක‍්‍රමවේදයකට අනුව ප‍්‍රතිනිර්මාණය වූ සෛල විකෘති තත්වයකට පත්වේ. එසේම ඒවායේ ජීවිත කාලය පිළිබඳ යම් ගැටළු සහගත තත්වයකට පත්වේ. වැඩි කලක් ජීවත් වීමට එම විකෘති සෛල උත්සාහ කරයි. මේ නිසා අදාල ස්ථානයට නො ගැලපෙන ගෙඩියක් සේ පිළිකාවක් වර්ධනය වේ. මෙය පාලනය කල නොහැකි වන්නේ DNA වල මෙතෙක් තිබූ සැලැස්ම වෙනස් වීම හේතුවෙනි. දැන් අදාල ෘභ් ක‍්‍රියාත්මක වන්නේ නව සැලැස්මට අනුවය. නව සැලැස්ම මවගෙන් හෝ පියාගෙන් ලැබුණු ජානමය සැලැස්ම නොවන අතර එය මුක්ත ඛණ්ඩක ප‍්‍රහාරයක් නිසා ඇතිවූ විකෘතියකි. මේ හේතුව නිසා පිළිකාව සුව නොකල හැකි තත්වයකට පත්වේ.

DNA වල සංයුතිය වෙනස් වන තවත් එක් කාරණයක් බලපායි. මෙයද මුක්ත ඛණ්ඩක විශේෂයක් නිසාමය. හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ් යන නම ඔබට මතකද? ඉස්සර රෝහල් වල තුවාලයක් පිරිසිදු කරන්නට යොදාගත්තේ මෙම ද්‍රාවනයයි. මෙම ද්‍රාවනය ස්වල්පයක් තුවාලයට වත්කල විට සුදුපාටට පෙණ දමා තුවාලය ඇති තැනැත්තාට මහා වේදනාවක්ද සහිතව තුවාලය පිරිසිදු වේ. මේ අවස්ථාවේ තුවාලයේ ඇති බැක්ටීරියා පමණක් නොව අදාල ස්ථානයේ ඇති මාංෂ සෛලද විනාශ වේ. දැන් ඒවා භාවිතා කරන්නේ නැත. ඒ එයින් වන හානිය දැන් දැන් විද්‍යාවට ඒත්තු ගොස් ඇති නිසාය. හෙට වන විට දැනට යොදාගන්නා ක‍්‍රමද වෙනස් වන්නට ඉඩ ඇත. ඒ ඒවාද සිරුරට අහිතකර යැයි නිගමණය කලහොත් පමණි. එතෙක් අපි ඒවාට මුහුන දිය යුතු වේ. අප මෙහිදී පෙන්වාදුන් හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ් අපගේ සිරුරේ සියලූම සෛල තුල අපද්‍රව්‍යයක් ලෙස නිපදවෙන බව ඔබ දන්නවාද? මේ අපද්‍රව්‍ය නිසා ෙසෙල වල න්‍යෂ්ඨිය තුල ඇති පෙර කී DNA වලට හානි විය හැකිය. මේ නිසා මෙම පෙරොක්සයිඞ් ද නිශ්කී‍්‍රය කල යුතු වේ. මේවා නිශ්ක‍්‍රීය කිරීමටද අප විසින් ප‍්‍රති ඔක්සිකාරක PPARs (Peroxisome proliferator-activated receptors) ලබා දිය යුතුය. ඒවා අප ගන්නා ආහාර වල ඇත. විශේෂයෙන් කොළ පැහැති එළවලූ වල ඇත. ඒ අතරද ලෝකයේ මෙම අත්‍යවශ්‍ය පෝෂණ කොටස වැඩියෙන්ම අති ආහාරය ලෙස සැලකෙන්නේ ක්ලොරෙල්ලා සොරකිනියානා නම් පිරිසිදු වතුරේ ජනිත වන ඇලිගී වර්ගය වේ. මෙම ආහාරය දැන් සිංගප්පූරුවේ විටායිජීන් නමින් කුඩා පෙත්තක ආකාරයට නිපදවා ඇත. එසේම මෙම ඇල්ගී කිලෝ ග‍්‍රෑම් 10 ක ඇති PPARs ප‍්‍රමාණය නිස්සාරණය කොට පිළිකා රෝගීන් සඳහාම දියරයක් ලෙස දැන් සිංගප්පූරුවේ ඇත. මිළ අධික වීම නිසා ලංකාව වැනි රටවල මෙවැනි විශිෂ්ඨ අතිරේක ආහාර මිළට ගැනීමට නොමැත.
ඉහත දැක්වූ කරුණු විමර්ශනය කර බලන විට අපට එක් දෙයක් පැහැදිලිය. එනම් අපගේ සිරුරට වැළඳෙන බොහොමයක් බෝ නොවන රෝග වල රෝග කාරකය මුක්ත ඛණ්ඩක වන බවයි. මුක්ත ඛණ්ඩක ඉලෙක්ට්‍රෝන පිපාසයකින් පෙලෙන බව ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි. මෙම තත්වය මැඩ පැවැත් වීම සඳහා අපගේ සිරුරේ ස්වභාවයෙන්ම හෝමෝනයක් ක‍්‍රියාත්මක වේ. එම හෝමෝනය ග්ලූටතයෝන් (Glutathion) නම් වේග මෙම හෝමෝනය සිරුරේ ඕනෑම ස්ථානයක සිටින මුක්ත ඛණ්ඩකයකට ඉලෙක්ට්‍රෝනයක් ලබා දී නිෂ්ක‍්‍රිය කරනු ලබයි. ග්ලූටතයෝන් අපගේ සිරුරේ ස්වභාවයෙන්ම පිහිටි ගිණි නිවීමේ හමුදාවේ ප‍්‍රධානියා වේ. අප විසින් ගන්නා ආහාර වල පහත දක්වා ඇති පෝෂණ සංඝටක ඇතිනම් අපගේ සිරුර විසින් ග්ලූටතයෝන් නිශ්පාදනය කර ගනී. අදාල පෝෂණ සංඝටක ලබා නොදුනහොත් අදාල හෝමෝනය දුර්වල වේ. මෙම හෝමොනය මගින් අපගේ සිරුරට ලබා දිය හැකි සේවාව මේ නිසා අවම වේග එසේ වුවහොත් මුක්ත ඛණ්ඩක නිසා සිරුරට සිිදුවන හානිය ඉතා ප‍්‍රභල වේ. එසේම තවත් එක් විශ්මිත හැකියාවක් ග්ලූටතයෝන් වලට ඇත. ඒ තමා සතු අතිරේක ඉලෙක්ට්‍රෝන මුක්තඛණ්ඩක වලට ලබාදුන් පසු උදාසීන වුවද මෙම හෝමොනෙයට නැවත සක‍්‍රීය වීමේ හැකියාවකින් යුක්ත වීමයි. ඒ සඳහා අපගේ ආහාර සමග සෙලෙනියම් සිරුරට ලබා දිය යුතුය. එසේ ලබා දුන හොත් ග්ලූටතයෝන් නැවත නැවත මුක්ත ඛණ්ඩක නිශ්ක‍්‍රීය කිරීමේ කාර්්‍යය සිදු කරනු ලබයි. මෙම හෝමෝනය ප‍්‍රතිචක‍්‍රී කරණයට අවශ්‍ය සෙලෙනියම් සහිත ආහාර අපගේ දෛනික ආහාර වලට එක් කරගැනීම මගින් මුක්ත ඛණ්ඩක වලින් වන මහා විනාශය නතර කර ගත හැකි වන බැවින් විශාල බෝ නොවන ලෙඩ රෝග ගණනාවකින් වැලකී සිටිය හැකිය. දැනට යම් රෝගයක් වැළඳී ඇත්නම් ඉන් වැලකීමටද මෙම පෝෂණ කොටස ඔබට උපකාරී වනු ඇත.

මීට අමතරව අප ගන්නා ආහාර අතර ඉහත කී මුක්ත ඛණ්ඩක නිශ්ක‍්‍රීය කල හැකි ප‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර ඇත. එවැනි ආහාර දිනපතා තම ආහාර වේලට එක් කර ගැනීම මගින් මුක්ත ඛණ්ඩක වලින් තම සිරුරේ පඨක වලට සිදු වන හානිය වලක්වා ගත හැකිය. ප‍්‍රති ඔක්සිකාරක මණින එකකය ORAC Points ( Oxygen Radical Absorbency Capacity ) නමින් හැඳින්වේග මිනිස් සිරුර සෛල ටි‍්‍රලියන 40 ක් පමණ ප‍්‍රමාණයකින් සමන්විතය. සාමාන්‍යයෙන් දිනකට මුක්ත ඛණ්ඩක ප‍්‍රහාර 10,000 ක් පමණ ප‍්‍රමාණයකට අපගේ සිරුරේ ඇති එක් ෙසෙලයක් මුහුණ දෙයි. මෙම ක‍්‍රියා දාමයේ ඇති බැරෑරුම් කම ඔබට දැන් වැටහෙනු ඇතැයි සිතමි. මෙම මුක්ත ඛණ්ඩක ප‍්‍රහාර වලින් අපගේ ශරීරිය බේරා ගන්නේ ප‍්‍රති ඔක්සිකාරක මගිනි. ඒ සඳහා අවශ්‍ය පෝෂණය සහිත ආහාර අපි නිති පතා සිරුරට ලබා දිය යුතුය. දිනකට ORAC Points 20,000 ත් 100,000 ත් අතර ප‍්‍රමාණයක් අප විසින් අපගේ ශරීරයට ලබා දිය යුතුය. එසේ නො වුනහොත් පිළිකාව ඇතුළු බොහෝ බෝනොවන ලෙඩරෝග ගනනක් සෑදීම වලක්වා ගත නොහැකි වනු ඇත.
ග්ලූටතයෝන් ශරීරයෙන් පිටත නිපදවිය නොහැකිය. එය මිනිස් සිරුරට ලබා දීම අපගේ යුතුකම සහ වගකීම වේ. එසේ නොවුන හොත් ඇති වන්නේ මහා විනාශයකි. බෝ නොවෙන රෝග සැදුනු පසු ඒවාට බෙහෙත් ගන්නට රෝහල් ගානේ දුවන්නට සිදු වන්නේ මෙම ජීවිතාරක්ෂක හෝමෝනය ගැන අප තුල ඇති නොදැනුවත් කම නිසාය.

ග්ලූටතයොන් හෝමෝනය මගින් අපගේ ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක නිශ්ක‍්‍රීය කිරීම නිතැතින්ම සිදු කරන අතර ග්ලූටතයොන් නිපදවිම සඳහා පහත දැක්වෙන පෝෂණ කොටස් අප විසින් අපගේ ආහාර සමග ශරිරයට ලබා දිය යුතුය. එසේ ලබා නොදීම තුල අපගේ ශරීරයේ සෛල අභ්‍යන්තරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක ප‍්‍රහාර වලට ගොදුරු වන DNA මගින් විකෘති සෛල නිපද වීමට පටන් ගනි. මෙම සෛල පිළිකා සෛල ලෙස හඳුන්වනු ලබයි. එසේම ෙසෙල වලින් බාහිරව ධමණි බිත්තිවල ඇතිවන ඔක්සිකරණයටද මෙම මුක්ත ඛණ්ඩක හේතු වේ. මේ නිසා ග්ලූටතයොන් හෝමෝනය අපගේ ශරීරයේ ඇති ප‍්‍රධානම ආරක්ෂකයෙක් වේ. මේ හේතුව නිසාම අප විසින් පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් සහිත ආහාර දිනපතා ආහාරටය එක් කර ගත යුතුවේ. අප විසින් පසුගිය කාලය තිස්සේම මේ සඳහා සුදුසු ආහාර ගැන සොයා බලන ලද අතර අපට සොයාගන්නට ලැබුනු ආහාර වර්ග කිහිපයක් වේ. ඉන් ප‍්‍රධානම ආහාරය වන්නේ ඇමෙරිකාවේ YOUNGEVITY ආයතනය මගින් නිපදවන TANGY TANGERINE පානයයි. මෙම පානන පවුඩර් ස්වරූපයෙන් නිපදවා ඇති අතර කිසිදු කෘත‍්‍රිම රසකාරකයක් හෝ කෘත‍්‍රිම පෝෂණ කොටසක් අඩංගු වන්නේ නැත. සියයට සියයක්ම ස්වභාවික බැවින් අවශෝෂනය කරගැනීමේ හැකියාව ඉතා ඉහලය. Tangy tangerine තේ හැඳි දෙකක අඩංගු ග්ලූටතයොන් නිපද වීමට අවශ්‍ය වන පෝෂණ කොටස් ප‍්‍රමාණය පහත දක්වා ඇත. අවසානයට දක්වා ඇත්තේ දිනකට අවශ්‍ය ප‍්‍රමාණයට සාපේක්ෂව මෙම අතිරේක ආහාරයේ අන්තර්ගතයයි. ඉතා විශාල අගයක් ඇති නිසා ග්ලූටතයොන් ප‍්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ආහාර ගන්නා අයට දිනකට ලබා ගන්නා ප‍්‍රමාණය අඩු කල හැකිය.

තවත් එක් ආහාරයක් වන්නේ ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගයයි. සිංගප්පූරුවේ සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරියයේ (HSA) අනුමැතිය සහිත විටායි Vitae Gene PPARs නැමති අනර්ඝ අතිරේක ආහාරය එම නිශ්පාදනයයි. මෙම ආහාරය PPARs වලින් අනූන වන නිසාත් වැඩි ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති නිසාත් ඉතාමත් අනගි අතිරේක ආහාරයකි. මෙම අතිරේක ආහාරයට (HSA) අනුමැතිය ඇති නිසා Health Suplement එකක් ලෙස වෙළඳපොලට හඳුන්වා දීමට හැකි වී ඇත. දැනට ලංකාවේ අලෙවි කරන මෙවැනි අතිරේක ආහාරයක් ඇති අතර ඊට අප ඉහත දැක්වූ සිංගප්පූරුවේ සෞඛ්‍ය සහ විධ්‍යා අධිකාරියේ අනුමැතිය ලැබී නොමැති නිසා හෙල්ත් සප්ලිමන්ට් එකක් ලෙස වෙළඳපලට නිකුත් කිරීමට නොහැකි වී ඇත. ඔවුන් එම ඇල්ගි වර්ගයෙන් සෑඳූ මෙම නිශ්පාදනය ආහාරයක් ලෙස ලියාපදිංචි කොට අලෙවි කරයි. මේ බව ලේබලය කියවීමෙන් මනාව තේරුම් ගත හැකිය.

  • Selenium 100mcg 143%
  • Vitamin B 6 30mg 1500%
  • Vitamin B 12 500mcg 8333%
  • Folic Acid 400mcg 100%
  • N-Acytel-Cysteine above recommended daily value
  • Alpha Lipoic Acid above recommended daily value
  • Vitae Gene PPARs. වල මෙම සියලූම පෝෂ්‍ය කොටස් අන්තර් ගතය.

ඉහත දැක්වූ ආනයනය කරන ආහාර වලට අමතරව දේශීය නිශ්පාද පෙලක්ද දැන් ශ‍්‍රී ලංකාවේදී මිළදී ගැනීමට හැකිය. ඒම අතිරේක ආහාර සියල්ලම ශ‍්‍රිලංකාව තුල අළෙවි කරීමට සහ විදේශ වලට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියන්‍දාම තත්ව සහතික වලින් සමන්විතය.

මේ අනුව පිළිකා වලින් වැලකීමට හෝ වැළඳී ඇති කෙනෙකු ඉන් මිදීමට බලාපොරෝත්තු වන්නේ නම් ප‍්‍රථමයෙන්ම තම සිරුරේ ඇති ග්ලූටතයොන් මට්ටම වර්ධනය කර ගත යුතුය. එසේම අදාල හෝමනය නැවත ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට අවශ්‍ය සෙලෙනියම් ලබා දිය යුතුයග අපගේ සිරුරට ඔක්සිකරණය වූ ආහාර, පවිත‍්‍රකාරක, රසකාරක, වර්ණකාරක, කෘමිණාශක සහිත ආහාරල ග්ලූටන් අඩංගු ආහාර වැනි මුක්ත ඛණ්ඩක මුදාහරින ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතුය. මෙම ආහාර ගැන වැඩි විස්තර පහත දක්වා ඇත.ප‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර.

සෙලෙනියම් සහිත ආහාර.

ඔබ විසින් අත්හල යුතු ආහාර සහ පුරුදු.

ඉහත සඳහන් කල අවදානම් තත්වයෙන් දුරස් වීම සඳහා ඔබ විසින් කල යුත්තේ ප‍්‍රති ඔක්සිකාරක ප‍්‍රමාණය වැඩි ආහාර අපගේ දෛනික ආහාර වේලට එක් කර ගැනීමයි. අදාල ආහාර ගැන සම්පූර්ණ ලැයිස්තුවක් පහත ඇති දැන්වීමමත ක්ලික් කිරීමෙන් බලා ගත හැකිය. මින් වැදගත්ම කරුණ වන්නේ අප විසින් ඉහත සඳහන් කල ග්ලූටතයොන් නම් හෝමෝනය අපගේ සිරුර තුල නිපද වීමට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් 6 ම ඇති ආහාර සොයා ගැනීමයි. එවැනි ආහාර ගැනද අපගේ වෙබ් අඩවිය ඔබව දැනුවත් කොට ඇත.

Vitaegene-ppars

මීට අමතරව පිළිකා වලින් වැලකීමට තවත් සාර්ථක ප‍්‍රතිකර්මයක් ඇත. එනම් මොනයම් හෝ හේතුවක් නිසාහෝ අපගේ සෛල වල ඇති DNA වලට යම් හානියක් සිදු වී ඇත්නම් ඒවා යථා තත්වයට පත් කිරීමයි. මෙය සිදු කල හැකි වන්නේ පීපාර් ගැමා ( PPAR Gamma )නැමති ඉතාමත් දුර්ලභ ගණයේ ඖෂධ සංඝටකයකට පමණි. Chlorella Sorokinianaඇල්ගී වර්ගයේ සහ spirulina නම්න් හඳුන්වන නිල් කොළ ඇල්ගී වර්ගයේ මෙම සංඝඨකය ඇති බව සොයාගෙන ඇත. එම ඇල්ගී වර්ග තායිවාන යේ සහ ජපානයේ ඇතුලූ ආසායාතික රටවල මෙවැනි බෝ නොවන රෝග වලින් වැලකී සිටීම පිනිස ඉතාමත් සාර්ථක ලෙස යොදා ගනී. මෙම ඇල්ගී වර්ග ඔබටත් දැන් මිලදී ගැනීමේ අවස්ථාව සැලසී ඇත. මිනිස් සිරුරේ ඇති පිළිකා සෛල නැවත නිර්මාණය කිරීම දුර්වල කිරීමට මෙමගින් හැකියාව ඇතිවේ. සිංගප්පූරුව වැනි රටවල පීපාර් සංඝටකය පමණක් වෙනමම මිලට ගැනීමට හැකියව ඇති අතර එමගින් සුව වූ පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවක් අප දැක ඇත. මෙම පීපාර් PPARs Extract ඉතා සුළු ප‍්‍රමාණයක් දෛනිකව මුඛ මාර්ගයෙන් ලබා දෙන අතර පිළිකා රෝගීන් ක‍්‍රම ක‍්‍රමයෙන් සුවපත් වනු අප දැක ඇත. වැඩිදුර විස්තර සඳහා අජන්ත මහතා අමතන්න. : 0777316629 ( Mobile / whatapp / Viber )

අජන්ත: 0777 31 66 29
Dr. J. S. P Liyanage: 0112 735 621

පිළිකා මර්ධනය කර ගැනීම සඳහා යෙදන තවත් උප ක‍්‍රමයක් වන්නේ අපගේ ශරීරයට ඔරෝත්තු දෙන ප‍්‍රමාණයට යම් විෂ යැයි සම්මත රසායනිකටක් ඇතුල් කොට පිළිකා ෙසෙල විනාශ කිරීමය. මඤ්ඤොක්කා අල වල ඇතැයි කියන සයනයිඩි වලින් ද මෙම ක‍්‍රයාවලිය සිදු වන බව ජනතාව අතර පිලිගැනීමක් ඇත. අදාල සයනයිඩි සංයුතිය සහ සාන්ද්‍රනය මිනිස් සිරුරට අහිත කර නොවේ නම් ඉන් ඇති වන කිසිදු අයහපත් බලපෑමක් නැත. Chlorella Sorokiniana වලද මෙවැනි ස්වභාවික රසායනිකයක් අඩංගුය. මෙම රසායනිකයට ෆයිකො සයනින් නමින් හැඳින්වේ.මෙම රසායනිකයට පිළිකා ෙසෙල විනාශ කිරීමේ හැකියාවක් ඇත.

Medical treatment of tumors with Phycocyanin
Document Type and Number: United States Patent 516389

Abstract:

A photochemical method is described for treating cancer wherein Phycocyanin is administered to a patient suffering from internal or skin cancer. Once administered, Phycocyanin is selectively taken up into cancer cells, and upon subsequent irradiation destruction of the cancer cells occurs. Phycocyanin offers several advantages over prior art chemicals used for similar purposes. First, it is only marginally sensitive to the ultraviolet portion of the spectrum; consequently patients can be irradiated without concern that they will be sensitized to subsequent exposure to sunlight. Second, Phycocyanin is selectively taken up into cancer cells with little or no uptake by surrounding normal cells. This ensures that upon subsequent irradiation that the tumors are selectively destroyed with little or no damage to the surrounding cells or tissue. A variety of different types of cancer cells can be effectively treated by this method; treatments of breast cancer, leukemia and murine tumors are described

මේ අනුව බලන කල ඉහත දැක්වූ තුන් ආකාරයක පිළිකා නාශක හැකියාවක් Chlorella Sorokiniana සතුව ඇතග මෙම මාහැඟි ආහාරය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් පහත ඇති දැන්වීම මත ක්ලික් කොට හෝ දුරකථන අංකයකින් අපගේ නියෝජිත මහතෙකු හා සම්බන්ධ වන්න.

Chlorella Sorokiniana ඇල්ගී සතු PPAR Gamma ගැන වැඩි යමක් දැනගන්නට පහත ඇති වීඩියෝව නරඹන්න.

 

ග්ලූටතයොන් හෝමෝනයේ ඇති වැදගත් කම පහත ඇති වීඩයෝව නැරඹීමෙන් ඔබට මනා වැටහීමක් ලබා ගත හැකිය.

පිළිකා වැනි සුව කිරීමට අපහසු රෝග වලට සේම වෙනත් රෝගී තත්වයන් සුව කර ගැනීමේ පහසුව ඇති කර ගැනීම පිනිස වන වෙනත් උපක‍්‍රම කිහිපයක්.

ශාරීරික මට්ටමෙන් ඔබ්බට ගොස් මේ මාතෘකාව ගැන කථා කලහොත් පාඨක ඔබ මා සමග අමනාප වන්නේ නැතැයි සිතමි. අපහට රෝග සැදෙන්නට හේතු එකක් පමණක් නොව ගණනාවක් ඇත. ප‍්‍රධානම මාර්ගය පෝෂණය වේ. ආහාර වර්ග 4 ක් බුදු දහමේ සඳහන් ව ඇත. සියළුම සත්වයන් මේ ආහාරයෙන් යැපේ. අප දිනපතා මුඛ මාර්ගයෙන් ශරීර ගත කරන කබලිංකාර ආහාරය හැරුනු විට මනෝ සංචේතනා ආහාරල ඵස්ස ආහාර, විඥ්ඥාන ආහාර යනුවෙන් තවත් ආහාර 3 ක් ඇත. මේ ආහාරද අපගේ ශරීරයේ රෝග ඇති කිරීම පිනිස හේතු වේ. අත්හල යුතු කබලිංකාර ආහාර ගැන වැඩි විස්තර ඔබ විසින් අත්හල යුතු ආහාර යන ලිපියේ අඩංගු කොට ඇත.

ඔබ කිනම් ආගමක් අදහුවද කර්මය මේ සියළු ආගම් වල පොදු න්‍යායකි. තමා කරන කියන දේට සමානව ඵලය ලැබෙන බව ඕනෑම කෙනෙකු පිළි ගනී. අප විසින් අතීත සංසාරයේ අපගේ ඥාතියෙකුට යම් අවැඩක් අසාධාරනයක් කලේ නම් අපට මේ ආත්ම භාවයේදී ඊට වන්දි ගෙවන්නට සිදු විය හැකිය. අදාල ඥාතියා යම්දුගති ගත ස්ථානයක ඉපිද සිටීනම් ඔහුට ඔබගේ ශරීරය හා සම්බන්ධ වීමටද හැකියාව ඇත. ඔහුගේ සූක්ෂ්ම කය අපගේ ශරීරය හා බැඳි පිළිකා වැනි රෝග සෑදීම සිදු විය හැකිය. එවැනි තත්වයන් ගැන ඔබ පිළි නොගන්නට පුළුවන. ඔබ මේ ගැන යම් කිසි විශ්වාසයක් ඇත්නම් පමණක් අපගේ සහෝදර වෙබ් අඩවියක් වන www.destiny.lk වෙබ් අඩවිය ට ගොස් වැඩි විස්තර දැනගන්න. ඔබගේ ඥාතින් නිදහස් කල හැකි ආකාරය ඇතුලත් ලිපි අදාල වෙබ්අඩවියේ ඇතුලත් කොට ඇත. වැඩි විස්තර අවශ්‍ය නම් අපගේ කාර්්‍යෘලයට කථාකොට විමසන්නග අපි ඔබට මග පෙන්වීම ට බලාපොරොත්තු වෙමු.

ඉහත දැක්වූ ආාකාරයට තම ඥාති වර්ගයා නිදහස් කිරීම තුලින් ඔබට ඉමහත් අස්වැසිල්ලක් ලබා ගත හැකි වනු ඇත. මේ අතර ඔබට තවත් ප‍්‍රතිකර්මයක් සිදු කල හැකිය. ඒ ඔබ අතීත සංසාරය තුල දී සිදු කල පින් ඒකරාශී කොට ඔබට යම් අකටයුතු කමක් සිදු කරන ඥාතියෙක් වේනම් ඔහුටද ඔබට හිතැති යම් ඉෂ්ඨ දේවතාවෙක් වේනම් ඔහුටද අනුමොදන් කිරීමයි. මේ සියළු කරුණුද තමාගේ ජන්ම පත‍්‍රයට අනුව රෝගී තත්වයක් පෙන්නුම් කරයිනම් ඒවායින් නිදහස් වීම පිනිස සිදු කර ගත හැකි ශාන්ති කර්ම ගැනද වෙබ් අඩවිය ඔබව දැනුවත් කරනු ඇත.

මෙත් සිතිනි. !!!