දියවැඩියාව ගැන යමක්.

දියවැඩියාව කියන්නේ අද තියෙන කරුමක්කාරම ලෙඩක් ලෙසයි දකින්නේ. එක පිලිතුරක තිබුනා දැන් දියවැඩියාව තියෙන අය බටහිර බෙහෙත් වල පිහිටෙන් අවුරුදු 80 වෙනකම් ජීවත් වෙනවා කියලා. නමුත් මේ කාලය තුල විදි දුක් කරදර කොපමණද? වෙනත් රෝග කීයකට මුහුන දුන්නාද? තමන්ගේ පමණක් නොව තම දු දරුවන්ගේද මුදල් වියදම් කර බෙහෙත් අරං තියෙනවා නේද? මේ තත්වයට හේතුව ඔබ ඔබගේ සිරුර වෙනත් කෙනෙකුට බදු දීමයි. ඔබගේ සිරුරේ ඇති හැකියාව ගැන අවතෙක්සේරුවට ලක් කිරීමයි.

දියවැඩියාව නිසා ඉස්සර අය අවුරුදු හතෙන් අටෙන් මැරුණා කියා පවසා තිබුනා. නමුත් ඒ කාලයේ දියවැඩියාව වැලදුන අයගේ ප්‍රතිශතය 1% ක්වත් නැහැ. නමුත් දැන් එය 15% පමණ වන තෙක් වැඩි වෙලා. බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් මෙය සුව කල නොහැකි රෝගයකි. නමුත් හෙළ වෙදකම ඇතුලු අනෙක් වෛද්‍ය ක්‍රම දියවැඩියාව සුව කරන්න පුලුවන් කියලා කිව්වම ඒ හොර වෙද්දුය. කරුමේ කියන්නේ හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය පිලිගන්නා සමහර ආයුර්වේද වෛද්‍ය වරුන්ද දැන් දැන් ඒ මතයේම සිටීමයි.

දියවැඩියාව දෙවැනි වර්ගයට හේතුව පරිවෘත්තීය ක්‍රියා සිදු කරගන්නට බැරි වීමයි. එසේ වූයේ ඇයිදැයි සොයා බලන්නේ නැතිව රෝග ලක්ෂණ පාලනය කරන්නට ගොස් මේ තත්වය එන්න එන්නම උත්සන්න වී ඇත. දියවැඩියාවට හේතු ලෙසට ක්රෝමියම් , වැනේඩියම්, පොටෑසියම් , සින්ක් වැනි මිනර්ල් වර්ග වල ඌණතාවය බලපාන බවට මා මින් පෙර ලිපි වලින් පවසා ඇත. අද Pottasium පෙැටෑසියම් දියවැඩියාව කෙරෙහි බලපාන ආකාරය ගැන යමක් පවසන්නට පොඩි උත්සාහයක් දරනවා.

අපේ රුධිරයේ යම් ස්තායී ග්ලූකොස් මට්ටමක් පවත්වාගෙන යායුතු වුවත් එම මට්ටම අඩු වැඩි වීම නිසා ශරීරයේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට බාධා පැමිනෙනවා. මේ නිසා අග්න්‍යාෂය මගින් අපි ගන්නා ආහාර වල ග්ලූකෝස් වැඩි වන නිසා රුධිර සංසරණ පද්ධතියෙන් ඒවා ඉවත් කර තැන්පත් කල හැකි ස්ථාන වෙත යොමු කරනවා. ඒ තමයි අක්මාව සහ මාංශපේෂී සෛල. මේ තැන්වල ග්ලයිකෝජන් ලෙසට තමයි ග්ලුකොස් තැන්පත් කරන්නේ. ග්ලයිකෝජන් කියන්නේ එකිනෙකට බැඳ තබන ග්ලූකෝස් අණු රාශියක එකතුවක්. මේ ග්ලූකෝස් එකිනෙකට බැඳ තබන්නට පොටෑසියම් අවශ්‍ය වෙනවා. යම් හෙයකින් මේ පුද්ගලයා පොටෑසියම් ඌණතාවයකින් පෙලේ නම් වැඩිපුර ඇති ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත්කරන්නට නෙැහැකි වෙනවා. ඉතිං අපේ ශරීරය දෙවැනි ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ඒ තමයි වැඩිපුර ඇති ග්ලූකෝස් මේදය බවට පෙරලන එක. ඒනිසා තමයි මෙවැනි රෝගීන් එන්න එන්නම මහත් වෙන්නේ.

සමහර වෛද්‍ය ක්‍රම වලට අනුව ස්ථූලතාවය තමයි දිවැඩියාවට හේතුව. ඉතිං උපදෙස් දෙනවා ස්ථූලතාවය අඩු කරගන්නට. ඔබට පෙර චේදයේ ඇති දේ තේරුම් ගන්නට උපාදියක් අවශ්‍ය නැත. ග්ලයිකෝජන් නිපදවා ගන්නට පොටෑසියම් නැති වීම නිසා මේදය වැඩිවුනා කියන එක සාමාන්‍ය තත්වයක්. ඉතිං එයට අපි කල යුත්තේ පොටෑසියම් සහිත ආහාර ගන්න එකයි. එවිට නැවත නැවත මේදය තැන්පත් වීම නවතිනවා.

ව්‍යායාම කිරීම කාටත් හොඳ දෙයක්. නමුත් ව්‍යයාම මගින් පොටෑසියම් ලැබෙන්නේ නැති බව අපි තේරුම් ගත යුතුයි. එසේම ස්ථූලතාවය නිසා වෙනත් රෝග වලටද අත වනන බව අපි තේරුම් ගත යුතුයි.

‍මෙසේ දිගින් දිගටම සිද්වන විට අග්න්‍යාෂය එන්න එන්නම වෙහෙස වෙනවා. ග්ලයිකෝජන් හදන වේගයෙන් මේදය නිපදවන්නට බැරි නිසා නිතර රුධීරයේ ග්ලූකෝස් වැඩියෙන් පවතිනවා. අග්න්‍ය්‍යාෂය උත්තේජනය වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම මගින් නිසා අග්න්‍යාෂය නිරන්තරයෙන් ඉන්සියුලින් නිපදවන්නට පටන් ගන්නවා. අපි ආහාරයක් ගත් පසු පමණක් ක්‍රියාත්මක වන්නට ඇති ක්‍රියාවලියක් මෙසේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම කෙසේ අපට බලපානවාද කියා දැනගත හැකි හොදම උදාහරණයක් තමයි තෛරොයිඩ් ග්‍රන්ථිය මෙසේ වැඩිපුර වෙහෙස වීම නිසා ඇතිවන ගලගණ්ඩය. සමහර අයගේ බෙල්ල ඉදිමිලා තියෙනවා ඔබ දැන ඇති. එසේ වන්නේ තෛරොයිඩ් ග්‍රන්ථිය අනවශ්‍ය ලෙසට වෙහෙසීම නිසයි. අග්න්‍යාෂයද මේ තත්වයට පත්විය හැකිය.

අපිට දෛනිකව ආහාර වලට එක් කරගත යුතු වන පොටැසියම් ප්‍රමාණය ග්‍රෑම් 4.5ක් විතර වෙනවා. එය අනෙක් මිනරල් වර්ග හා සසදන විට ඉතාමත් ඉහල අගයක්. එසේ අවශ්‍ය වෙන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් ග්ලයිකෝජන් හදන්නට යොදාගන්නා නිසාය. මේතරම් පොටෑසියම් ප්‍රමාණයක් ලබා ගන්නට ඔබ දිනකට එළවලු කප් 7 ක් වත් ආහාර වලට එක් කර ගත යුතුය. දියවැඩියාවට හේතුව මෙතනින්ම පටන් ගන්නා බව ඔබට වැටහෙනවාද? වෛද්‍ය අශෝක ජයකොඩි මහතාගේ ජාතික ආහාර ප්‍රතිපත්තිය බෙහෙවින් වටින්නේ මේ නිසාය. එතුමාගේ ආහාර රටාව අනුගමනය කරන්න.

අපිට දෛනිකව ආහාර වලට එක් කරගත යුතු වන පොටැසියම් ප්‍රමාණය ග්‍රෑම් 4.5ක් විතර වෙනවා. එය අනෙක් මිනරල් වර්ග හා සසදන විට ඉතාමත් ඉහල අගයක්. එසේ අවශ්‍ය වෙන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් ග්ලයිකෝජන් හදන්නට යොදාගන්නා නිසාය. මේතරම් පොටෑසියම් ප්‍රමාණයක් ලබා ගන්නට ඔබ දිනකට එළවලු කප් 7 ක් වත් ආහාර වලට එක් කර ගත යුතුය. දියවැඩියාවට හේතුව මෙතනින්ම පටන් ගන්නා බව ඔබට වැටහෙනවාද? වෛද්‍ය අශෝක ජයකොඩි මහතාගේ ජාතික ආහාර ප්‍රතිපත්තිය බෙහෙවින් වටින්නේ මේ නිසාය. එතුමාගේ ආහාර රටාව අනුගමනය කරන්න.

51027014_816919505329204_6252993068920733696_n

ඔබට දැනනෙවාද එක මිනරල් එකකට කරන්නට හැකි හදිය.

ලිපියේ ඉතිරි කොටස ඉදිරියේදී …… අක්මාව මෙම සිද්ධියේදී දායක වන ආකාරය කතා කරමු.
කැමති නම් ෂෙයාර් කරන්න.
‍මෙත් සිතිනි…!!

පහත ලින්ක් එක මගින් මාගේ ප්ද්ගලික ගෘප් එකට සම්බන්ධ විය හැකිය.

https://t.me/nayana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *