රෝගයක් සහ නියාම ධර්ම.

රෝගයක් කර්මයක් නිසා හටගත්තා දැයි දැනගන්නට හැකියාවක් නැති වුවත් සුව කල ‍‍නොහැකි රෝගයක් සැදුනු ඕනිම කෙනෙක් එය තමාගේ කර්මය යැයි ප්‍රකාශ කරනු අපි දැක ඇත. කර්මය ගැන කතා කරන විට සෑම විටම ඉදිරියට එන මාතෘකාවක් තමයි නියාම ධර්ම කියන එක. සියල්ල කර්මයෙන් සිදු නොවේ. කර්ම නියාමය කියන්නේ එකක් විතරයි. තව හතරක් තියෙනවා වගේ දේවල් කියන්න අපේ උගතුන් හරිම දක්ෂයි. ඔවුන් කැමති නැහැ කර්මය මේ ලෙඩරෝග වලට හේතු වෙනවා කියලා පිලිගන්නට. ඒ බටහිර වෙදකමේ එක් අඩුපාඩුවක්. ඒ වෙදකම ආරක්ෂා කිරිම තමයි මෙහි යටි පරමාර්ථය. මෙම ගෘප් එක ඇත්තේ හෙළ වෙදකම වෙනුවෙන් නිසා මම හිතනවා මේ මාතෘකාවට මෙම වේදිකාව ගැලපෙනවා කියලා. මම බටහිර වේදිකාවක සිට මෙය පුකාශ කලා නම් තමයි වැරදි.

‍මොනවද මේ නියාම ධර්ම.

  • උතු නියාම
  • බීජ නියාම
  • ධම්ම නියාම
  • කර්ම නියාම
  • චිත්ත නියාම

උතු කියන්නේ ඍතු කියන එකයි. අපි දන්නවා ඍතු බේධය කියන එක මෙය අපිට වෙනස් කරන්න බැහැ. ඒක නියාම දර්මයක්,, එය කර්මයට වෙනස් කරන්නට බැහැ කියලයි කියන්නේ.

බීජ කියන්නේ මවගෙන් පියාගෙන් ලැබෙන බීජය. මෙය අපිට වෙනස් කරන්න බැහැ. ගහක බීජය වුනත් අපිට වෙනස් කරන්න බැහැ. අඹ ඇටයක් පැලකලොත් අඹ ගහක් එන්නේ. සමහර විට කෙනෙක් හිතන්න පුලුවන් දැන් ජාන විකෘති කරලා බීජයෙන් එන ඵලය වෙනස් වෙනවා නේද කියලා. බුදු රජානන් වහන්සේ දවසක් ගොවියෙකුට දේශනා කරනවා තතාගතයන් වහන්ස්ද බීජ වපුරන බව. ඒ තමයි ශ්‍රද්ධාව නැමති බීජය. අපිත් බීජ වපුරනවා. ඒ විදිහට තමයි ඵල ලැබෙන්නේ. ඒක ධර්මතාවයක්. වෛරය වැපුරුවෙත් ලැබෙන්නේ වෛරයමයි. එයයි මේ කියන්නේ. තම නුවණින් විමසා තීරණය කරන්න. මෙය කර්මය සම්බන්ධයක් නැති බවයි මතය වන්නේ.

ධම්ම නියාම කියන්නේ අපි වයසට යන එක ලෙඩවෙන එක හම රැලි වැටෙන එක, වගේ ඒවා. ධර්මතාවයක් කියන එක. එය කර්මය නිසා සිදු නොවන බවයි කියවෙන්නේ.

චිත්ත කියන්නේ සිත. සිත ඉතාමත් වේගයෙන් ගමක් කරන. එක වර එක අරමුනක් විතරක් ගත හැකි. අතරක් නැතිව පවතින ක්‍රියාවලියක් වන අතර අදාල අවස්ථාවේ හැටියට සිතක්‍රියාත්මක වේ. එයද කර්මයට බාර දිය නොහැකි බවයි පැවසෙන්නේ.

ඉතිරි කොටස තමයි කර්මය. අපි පෙර හෝ මේ අත්බැව තුලදී සිදුකල පින් හෝ පවු අපික පල දෙන ආකාරය මෙයින් කියවෙනවා. පවක් නම් දුක් වේදනාවක්ද පිණක් නම් සැප වේදනාවක් ද දැනෙන ආකාරයෙන් ඵලදීම තමයි කර්මයේ ස්වභාවය. මේ කොටසට ලෙඩරෝග ඇතුල් කරන්නට බැරි බව තමයි කියවෙන්නේ.

අපි ටිකක් මේ ගැන පොඩි විග්‍රහක් කර බලමු. සූවිසි පටඨානයේ තියෙනවා ප්‍රත්‍ය දෙකක්. ඒ දෙක මේ කාරණාවට සම්බන්ධයි. ඒ තමයි අනන්තර ප්‍රත්‍යය සහ සමනන්තර ප්‍රත්‍යය කියන දෙක. අනන්තරය කියන්නේ අපි ඉහත අත් බැව් වලදී සිදුකල කර්ම පොදිය. සමනන්තරය කියන්නේ ඒ කර්මය ගෙවන්නට අපිට ලැබෙන පසුබිම. ඒ කියන්නේ කර්මය විපාකයක් වෙන්නට සකස් වෙන පසුබිම. බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබට යම් කර්මයක් විපාකයක් වීම නවතා ලිය හැකියි සමනන්තරය වෙනස් කිරීමෙන් කියලා. මෙසේ වෙනස් කරන්නට නෙැහැකි කර්ම වල අන්තරයක් නැහැ. ඒවාට කියනවා ආනන්තරීය කියලා. අන්තරය නැත්නම් හිඩැස තමයි අපි මේ ප්‍රයෝජනයට ගන්නේ කර්මය වෙනස් කරන්න. මෙහි යම් අරුතක් සැගවිලා තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔබ යම් අපල කාලයක් ගෙවනවා නම් ඔබගේ කේන්ද්‍රසටහන ජ්‍යොතිර්වේදීයෙකු ලවා පරීක්ෂා කරගත් අවස්ථාවන් ඇති. එවිට සමහර විට ඔවුන් පවසනවා ඔබට තදබල අපලයක් තියෙනවා මේ නිසා ටිකක් ගමෙන් පිටත් වෙලා ඉන්න. රටෙන් පිට ඉන්න පුලුවන් නම් වඩාත් හොදයි කියලා. මොකක්ද මේ අපලය කියන්නේ. අපලය කියන්නේ ආ පලය. කියන එකයි. අපි සිදු කරනලද දස කුසලය සහ දස අකුසලය ආව විදිහ තමයි මේ . එසේ එන දසාව තමයි දස ආව කියන්නේ. දස කියන්නේ දස කුසලය සහ දස අකුසලයයි. එය බුදු දහම නොවෙයි කියා යමෙක් තර්ක කල හැකි වුවත් ඍෂි වරුන් විසින් මේවා ලොවට විද්‍යාමාන කලේ ලෞකික දහම් ලෙසයි. ඔවුන්ගේ ඒ ධර්ම අදටත් ලෝක වාසීන් පිලිගන්නවා. ඒවායින් නිවන් දකින්නට නොහැකි බව සැබෑ වුවත් ඒවායින්ද යම් ලෞකික ප්‍රෙයා්ජන ගත හැකියි.

ඉහත අපි කතා කරපු කාරණය මගින් කරන්නේ කුමක්ද? ඍතුව වෙනස් කරන එක නේද? ඒ කියන්නේ උතු නියාමය වෙනස් කරන්නට නොහැකි වුවත් සමනන්තර ප්‍රත්‍ය දෙක වෙනස් කිරීම මගින් කර්ම විපාකය වලක්වා ගත හැකි බව. මේ නිසා උතු නියාමයද විපාකයක් පිනිස සකස් වන එක නවතා ගත හැකියි.

බීජය වෙනස් කල නොහැකිය. මවගෙන් ලැබෙන ජාන සහ පියාගෙන් ලැබෙන ජාන වල එකතුවකින් හැදෙන දරුවා වෙනස් කල නොහැකිය. ඒ එම ජාන එක්වන්නේ කර්මාණුරූපීව වීම නිසාය. එසේ නම් බීජයට හේතුව කර්මය වේ. එතනත් බීජ නියාමයට හේතුව කර්මය ලෙසට ගත හැකිය. නමුත් බීජයෙන් පැන නගින ගහ ඒ බීජයට අනුව මතුවීම වෙනස් කල නොහැකිය.

ධම්ම නියාමය අපි කාටත් පොදුය. වයසට යන එක අපිට නවත්වන්නට බැහැ. හම රැලි වැටෙන එක අපි ට නවත්වන්නට බැහැ. ඒත් අපි මේ කතා කරන්නේ කර්මජ කයක් ගැන අපි දැනගත යුතුය. කර්මය විසින් දායාද කල කයක් ගැනයි මේ කතා කරන්නේ. එසේ නොවන්නට අද කයක්නැත. අපි උත්දාහ කරන්නේ නිවන පූර්ණය කරගෙන මේ නැවත නැවත මේ ගෙය හදන වඩුවා නසාලන්න නේද? එසේ නම් එයටද කර්මය හේතුවයි.

ච්ත්ත නියාමය අනෙක් නියාමයයි. චිත්ත පරම්පරාව ඇතිවීම නැතිවීම මේවා අපිට වෙනස් කරන්න බැහැ. ඒක සිතේස්වභාවය. එහෙත් අපිට එන සිතිවිලි වෙනස් කරගන්නට හැකියි. විදර්ෂනාව කියන්නේ එයයි. විදර්ෂනාව මගින් කරන්නේ අපි කල අකුසල් ප්‍රහානය කරන එකයි. ඉහත කී කර්ම වලින් මිදෙන්නට හැකි දොරටුව ඇත්තේ මේ තුලයි. මේ නිසා ච්ත්ත නියාමය යනු වෙනස් කල නොහැකි ධර්මතාවයක් වුවත් ඒ ධර්මතාවයම අපේ නිවන පිනිස යොදාගත යුතුය. එසේ නැතිව මේ දුකෙන් මිදෙන්නට නොහැකිය.

අපි මේ කාරණා ටික ලෙඩ රෝග වලට දාලා බලමු. ඔබට යම් වසංගත රෝගයක් සැදෙන ප්‍රෙද්ශයකට යන්නට වූවා යැයි සිතමු. ඒ කියන්නේ ඔබ ඉහත අත් බැවක කල කර්මයක් ඇදී එන්නට හොදටම ඉඩකඩ ඇති බවයි. ඔබ මේ බව දැනගෙන යම් ප්‍රතිශක්තිකරන ඔසු සහ වෙනත් ආරක්ෂිත උපක්‍රම භාවිතා කර මේ පලාතට යනවා . දැන් ඔබ කරන්නේ අර සමන්න්තරය වෙනස් කරන්නට වෙර දරන එකයි. එසේ නැතිනම් වෙනත් පලාතකට තම මාරුව හදාගන්නට උත්සහා කරනවා. මේ දෙකම එකයි. යම් කර්මයක් ඇදී ඒම වලක්වන්නට වෙර දරනවා. ඇදුම ඇති කෙනෙක් ශීත පලාතකට මැරු කලොත් ඒක එයාට එම තත්වය වැඩි වන්නට හේතු වෙනවා. ඒ වගේ තමයි. අපි ඒ තත්යව පහදලා පලාත වෙනස් කරගන්නවා. කෙරන්නේ උතු නියාමය වෙනස් කරගන්න එක. ඒ අනුව අපි සමනන්තරය වෙනස් කර කර්මය ඇදී ඒම වලක්වනවා. මේ අනුව කර්මය රෝග වලට බලපැම වෙනස් කරගන්න පුලුවන්.

ඔබ දැන් කරන කුසල අකුසල කර්ම ඔබගේ ඊලග බීජයට බලපානවා. ඔබ උපදින්නේ කිනම් මවු කුසකද කියන්නට මේ කරන කුසල අකුසල කර්ම බලපානවා. අපි කියන්නේ මූ නම් බල්ලෙක්කියලා. ඒ කියන්නේ එ් කොනා බලු සංකාර වඩන බව සමාජයට පේන්නම තියෙන නිසයි. ඉතිං මෙසේ ජීවත් වෙලා මැරිලා ගිහින් බැල්ලියක් ගේ කුසේ බීජයක් වෙලා තැන්පත් වෙනවා. ඒ හදපු සංකාරය නිසා. එවැනි දුකකින් මිදෙන්නට නම් අඩු ගානේ දේව සංකාරවත් වැඩිය යුතුයි. එසේ වුවහොත් දිව්‍ය ලෝකයේ වත් යන්නට හැකිවේවි. දේව කියන්නේ තමන් සතු දේවල් දෙනවා කියන ගුණයට. අපිට මොනතරම් දේවල් දෙන්න පුලුවන්ද? කෙනෙකුගේ හිත හදන එකත් දේව ගුණයක්. කෙනෙක් යහමගට ගන්න එකත් දේව ගුණයක්. තමන් සතු දේ තමයි මේ දෙන්නේ. මේ අනුව තමන්ගේ බීජය සකස් කරගන්න.

ධම්ම නියාමයද මේ සියල්ල සමග බැදී පවතිනවා. අපි නිසි ආහාර ගන්නේ නැතිනම් අපේ දත් හැලෙන එක වලක් වන්න බැහැ. අපි දැක තියෙනවා සමහර මහසක ආච්චිලා ඉන්නවා තවමත් කොණ්ඩය ඉදිලා නැහැ, දත් හැලිලා නැහැ. සමහරු හරිම පින් පාටයි. ඇයි මේ. මේ අයගේ ආහාර රටාව. පුරුදු කරන සහ වඩන සංකාර, පදිංචි පලාත වැනි සියලු කාරණා සමග පෙර සංසාරයේ කල කර්මත් එකතු වෙනවා. ඉතිං ඒවා අපිට වෙනස් කරන්න බැහැ අපි ලෙඩ වෙන එක නියාම ධර්මයක් නේ කියලා කෙනෙකුට හිතාගෙන ඉන්න පුලුවන්. ලෙඩවෙන එක නියාම ධර්මයක් තමයි. ඒත් ඒක බක්කුල හාමුදුරවන්ට වලකා ගන්නට හැකි වුනා. අපිටත් යම්තාක් දුරට එය වලකා ගත හැකියි කර්මය මේකට සම්බන්ධයි කියලා සිතනවා නම්. එසේ නැතිවුනොත් සිදුවන්නේ භෞතික වාදීන්ගේ මතයට යටවීම පමණයි.

චිත්ත නියාමයද ඒ ආකාරයෙන්මයි. විදර්ෂනාව කියන්නේ අංසාරයේ පුරුදු පුහුනු කල යුතු දෙයක්. කෙනෙක් තම චිත්ත පරම්පරාව පාලනය කර අලෝභ අදොෂ අමෝහ යන කුසල මූලයන් සමග පවත්වාගෙන ගමන් කරන්නට, පෙරකුසල ශක්තිය බෙහෙවින් උපකාරී වෙනවා. එතනත් කර්මයට යම් දෙයක් කරන්නට වෙනවා.

මම මේ පැහැදිලි කලේ කර්මය අතහැර අපිට කිසිම දෙයක් ඉදිරියට කරගෙන යා නොහැකියි කියන එකයි. එහෙත් මේක මගේ කර්මයය යැයිසිතා සිටින්නට නොවේ. තම කර්මය වෙනස් කරගත හැකි ක්‍රමවේදයක් මේ නියාම ධර්ම පහ ඇතුලේ තියෙනවා කියන එකයි මම කියන්නට උත්සහා කලේ. ටිකක් විතර ගැඹුරු විග්‍රහයක් වුවත් හැකිතාක් සරල කරන්නට මම උත්සාහ කලා. යම් දෙයක් සාකච්ඡා කරන්නට ඇත්නම් මෙත් සිතින් සාකච්ඡා කරමු.

මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *