ගුණවත් කම සහ රෝග නිවාරණය ලිපියටම සම්බන්ධ තවත් එක් දිගුවක් ලෙසට මෙම ලිපියක්.

45237226_759666567721165_7375845975639719936_n

මා ඊයේ දිනයේ ගෙන ආ ගුණවත් කම සහ රෝග නිවාරණය ලිපියටම සම්බන්ධ තවත් එක් දිගුවක් ලෙසට මෙම ලිපිය ගෙන එන්නෙම්.

මා එම ලිපියේ සාකච්ඡා කලේ තම මානසිකත්වය, ධනාත්මක චින්තනය කෙසේ රෝග නිවාරණ්‍යට බලපායිද කියන කාරණාවයි. ඍණාත්මකව සිතන තාක් කිසිම වෛද්‍ය වරයෙකුගෙන් ගන්නා බෙහෙතක් නිසා තම රෝගය සුව නොවන බව පවසන්නට මම වෙර දැරුවෙමි. එක් උගත් මිත්‍රෙයක් පමණක් මේ වන විට ඒ මතයට විරුද්ධ වී ඇති නමුත් ඔහුගේ මතය බොහෝ පිරිසක් විසින් මේ වන විට සමාජගත කර ඇති නිසාම මා කියන ලද මතය පැරණි යට ගිය මතයක් අළුත් වීමක් ලෙසට ගෙන ආවෙමි.

ඔහුගේ පිලිතුරට අනුව මන්ද මානසික මට්ටමක සිටින අයෙකුට වුවද නිසි ප්‍රතිකාර ලැබෙනවා නම් එම රෝගය සුව වන බව පවසයි. ඔහු සමග මම 100% ක්ම එකග වෙමි. යම් කෙනෙකුට රෝගයක් සුව කරගැනීමට ධනාත්මකව සිතිය හැකිවිය යුතු බව මම මුල් ලිපියෙන් පැවසීමි. දැන් දැන් රෝග කියන්නේ සමාජයේ ආබරණයක් ලෙසට පත්වී ඇත. විශේෂයෙන් දීර්ඝ කාලයක් පවතින ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන රෝග. මට දියවැඩියාව කියලා කියන්න අකමැති වුවත් මට ඩයබිටිස්. මම විදින ඉංජෙක්ෂන් එක හොදම එක. මම බෙහෙත් ගන්නේ ලංකාවේ ඉන්න හොදම ඩොක්ටර්ගෙන් වගේ කියන දේවල් එල්ලාගෙන එයින් යම් තෘප්තියක් ලබනවා. මේ තෘප්තිය නිසාම රෝගය තමනගේන් දුරස් වන්නට තියෙන ඉඩ අඩුවෙනවා. අනෙක් කාරන්‍ය නම් තම පවුලේ අයගේ අවධානය ලබා ගැනීම සදහා බොහෝ පිරිසක් තම රෝගය භාවිතා කරනවා. තමන් රෝහල් ගත කලෝතින් මාව බලන්න ආවේ කවුද නැත්තේ කවුද කියන එග ගැන විමසිල්ලෙන් ඉන්නවා. මේ සියල්ල තුල තියෙන්නේ රෝගය සිතෙන් අල්ලා ගැනීමක්. මේ නිසාම රෝගය තමන්ව දාලා යන්නේ නැහැ. මොකද මානසිකත්වය හැදිලා තියෙන්නේ රෝගය සමග ජීවත් වීමටයි. මේ අනුව රෝගයට යම් ලෝභ සිතක් හටගෙන තියෙනවා.

තවත් පිරිසක් සිටිනවා රටේ සිටින සියළුම වෙදමහතුන්, බටහිර දොස්තරලාට බැණ බැණ මේ ඔක්කොම හොරු කියලා ද්වේශය පතුරුවන. මේ අය එක වරක් එක් අයෙකුගෙන් බෙහෙත් අරං හරිගියේ නැහැ කියන මානසිකත්වයකින් සිටිනවා. එවැනි අය කොහේ හරි දැක්කොත් අර වෙදමහත්තයා හොදයි කියලා එතනට දුවනවා. ගිහින් බෙහෙත් ටික හරියට බොන්නෙත් නැහැ ඒ වෛද්‍ය වරයා හොද නැහැ මුං ඔක්කොම හොරු කියලා ද්වේෂය පතුරුවනවා. මේ අයටත් සුව වෙන්නේ නැහැ. මොකද ලෝභ ද්වේෂ දෙකම අපිට දුගතිය වෙත යොමු කරනවා, ඒ කියන්නේ දුකම ලබා දෙනවා. එය දිට්ඨ ධම්ම වේදනීයව ලබා දෙන්නට මේ වනවිටත් පරිසරය සෑදී අවසන්. මේ නිසාම අන්තර ප්‍රත්‍යය සහ සමනන්තර ප්‍රත්‍යය ගැලපිලා පෙර කල කර්මත් ඇදී එනවා. ඉතිං යම් කෙනෙක් රෝගයක් ගැන ලෝබ සිතකින් හෝ ද්වේෂ සිතකින් යක්තව සිටීනම් එය සුව නොවීම පිනිස බලපානු ඇත. මේ ලිපියට පාදක වූ කෙනා මේ දෙකටම අදාල නැති මෝහ සිතක් පෙරටු කරගෙන බෙහෙත් බොන කෙනෙක්. ඒ අයට මානසිකත්වය එතරම් අදාල නැත. මේ අයටද හෙමිහිට වුවත් රෝගය සුව කරගැනීමට හැකිවේ. ඒත් කර්මය ප්‍රබල නම් එය මග හැරි යයි.

‍ලෝබ දොෂ මෝහ ප්‍රහාණය කල ආර්‍යයන් වහන්සේලාටත් රෝග හැදෙනවා. නමුත් ඒඅය රෝගය තවත් කෙනෙකුට පෙන්වන්නටවත් රෝගය නිසා පසු තැවෙන්නේ ව ත් නැහැ. උන් වහන්සේලා උපේක්ෂාවෙන් රෝගය දැක ජීවිතයේ හැටි අත් දකිනවා. මම දන්නා ආකාරයට බුදු සසුනේ රහතන් වහන්සේ කෙනෙකුට දිය වැඩිවාය වැලදුනා කියලා හෝ, පිලිකාවක් වැලදුනා කියලා හෝ, හෘද රෝග වැලදුනා කියලා හෝ සටහනක් නැහැ. සැදී ඇති රෝග කර්ම ගත රෝග වන අතර ආහාර ජීරණ පද්ධතිය සහ ස්නායු සම්බන්ධ රෝග ගැන නම් දැක තියෙනවා. දන්න කනෙක් ඉන්නවා නම් ඒ ගැන සාකච්ඡා කරන්නට මෙය අවස්ථාවක් කරගනිමු.

තවත් කාරණයක් තමයි කෙනෙක් රෝගය සමග ලෝභ දෝෂ යන ඇලීම සහ ගැටීම එක්ක කාලය ගත කරන විට ආතතිය හට ගන්නවා. ආතතිය සමගම අපේ සිරුරේ ශ්‍රාවය වන හෝමෝනයක් තිතයෙනවා කෝටිසොල් කියලා. මේ හෝමෝනය සිරුර පුරා ගමන් කරනවා. එමගින් තමයි ආතතිය පාලනය කරන්නේ. ආතතිය හටගන්නට හේතු ගොඩක් බලපානවා. එකක් තමයි මම මෙහි දැක්වූ රෝගය ට ඇති කැම්ත්ත හෝ අකමැත්ත. මධයස්ථව සිතන්නට නොහැකි වීම. එසේ සිතන්නට නම් සිත හුරු කල යුතුයි. විදර්ෂනා වඩපු කෙනෙුකුට නම් එය පහසුයි. එවැනි මදස්ථ ව සිතන්නට හැකි අය කෝටිසොල් නිශ්පාදනය පාලනය කරනවා.

කෝටිසොල් වල ඇති ප්‍රශ්නය කුමක්ද? මෙය ඉතාමත් වැදගත්. අපේ සිරුරේ යම් පටකයක් දුර්වල වීම නිසා රෝග ඇතිවෙන්න පුලුවන්. එසේම පරිවෘතිය ක්‍රියා නිසිලෙස සිදු නොවීම නිසා රෝග ඇතිවෙන්න පුලුවන්. පරිවෘතීය ක්‍රියා නිසි ලෙස සිදු නොවීමේ ප්‍රතිඵලයක් ලෙසට සිරුරේ පටක බිද වැටෙනවා. මේ නිසා අවසානයේ මෙම පටක අලුත් වැඩියා කරන්නට වෙනවා. මෙය සිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. අපේ සිරුරේ යම් තැනක යම් පටකයක් දුර්වල වෙලා විනාශ වුවහොත් එතනට අළුතෙන් සෛල නිපදවන්නට වෙනවා. මේ සෛල නිපදවන්නේ අපගේ සිරුරේ ඇති මවු සෛල ලෙස හදුන්වන ස්ටෙම් සෛල මගින්. මෙවැනි පටක දුර්වල වීමක් වන විට අදාල ස්ථානයට ස්ටෙම් සෛල ගමන් කරනවා. මේ ස්ටෙම් සෛල අදාල ස්ථානයේ සෛල ලෙසට පරිවර්ථන වෙලා ගුණනය වීම මගින් අදාල පඨකය නැවත අළුත් වැඩියා කරනවා. මේ ලෙසට රෝගය ටික කලක් යන විට සුව වෙනවා.

වැදගත් ම කාරණය වන්නේ අපගේ සිරුරේ කොටිසෝල් ඇති විට මෙම සෛල නිශ්පාදනය දුර්වල වීමයි. මේ ගැන විද්‍යඥයන් විසින් පර්යේශන පවත් වා තියෙනවා. ලැබ් එකක් තුල ස්ටෙම් සෛල ගුණනය වන ආකාරය ගණන් බලා ඇති අතර එම සෛය ඇති ඩිෂ් එකකටම කෝටිසොල් එක්කර එම ගුණන වේගය ගනන් බලා ඇති අතර කෝටිසොල් සහිත ස්ථානයේ සෛල වර්ධනයක් හෝ වැඩි වීමක් දැකිය නොහැකි බව සොයා ගනෙ තියෙනවා. මේ අනුව ආතතිය කියන්නේ රෝගයක් දීර්ඝ කාලීනව අල්ලගෙන ඉන්නට වෙන ප්‍රධානම හේතුවක්.

පිලිකාවක් සැදුන කෙනෙකුට මේම තත්වය ඉතාම වැදගත්. මොකද අළුතෙන් සෛල නිපදවීම සිදු විය යුතුම නිසා. නමුත් වෛද්‍ය වරයා ඔබට ඇතිතේ මෙවැනි පිලිකාවක් මේ පිලිකාව සමග ඔබට ජීවත් විය හැකිවන්නේ මෙපමන කාලයයි දැන් ඔබ මහරගමට යා යුතුයි කියලා කියපු ගමන් ඊට විනාඩියකට පෙර සිටි කෙනා නෙවෙයි දැන් ඉන්නේ. මහා රෝගියෙක්. රොග්ය දැනගත් දා සිටයි මේ තත්වය ඇතිවෙන්නේ. මෙවැනි රෝග වලට ගොදුරු වුන අය මේ ගැන දන්නවා. දැන් මේ අයගේ ආතතිය වැඩි වනෙවා. ස්ටෙම් සෛල නිපදවීම අඩාල වෙනවා. රෝගය සුව වීමට රැකුලක් වෙනුවට බාදකයක් අපගේ සිරුරේම හටගන්නවා. මෙයින ගැලවෙන්නට හැකි ක්‍රමවේදයක් තමයි මම පලමු ලිපියනේ ගෙන ආවේ. රෝගය තමන්ට සුවකරගත හැකි බව විශ්වාස කරන්න. ඒවෙනුවෙන් කැප වෙන්න. එක් එක් අය කියන මිත්‍යා වලට යට වන්න එපා. තමන්ගේ සිත සන්සුන් කරගන්න. ආගම දහම සමග නිතර සිටින්න. බිය තුරන් කරගන්න. මේ අනුව පිළිකාව පමණක් නොව ඕනිම බෝ නොවන රෝගයක් සුවකරගත හැකි බව මා සිතනවා.

කෝටිසොල් වැඩි වන ආතතිය ඇතිවන වෙනත් ආකාර වලින්ද දුරස් විය යුතුයි. නිවසේ සමගිය, සතුට සමාදානය ඉතාමත් වැදගත්. මෙය රෝගියාට සුව වීමට 80%ක පමණ ඉඩකඩ සලසා දෙනවා. අනෙක් කාරණය තමයි රෑපවාහිනිය. රෑපවාහිණියේ රාත්‍රී 7 සිට 10 පමණ වන තෙක් ඇති නාට්‍ය වල ඇති මානසිකත්වය තම කොටිසොල් ප්‍රමාණය ඉහල නංවන බව මතක තබා ගන්න. ටෙලි නාට්‍යය තරම් අපගේ ආතතිය වැඩි කරන වෙනත් ක්‍රමයක් මම දැක නැහැ. ටෙලි නාට්‍ය බලන විට පැත්තකට වෙලා බලන අයගේ මුහුණු දෙස බලා සිටින්න එවිට තේරෙයි මොන තරම් ආතතියකින්ද ඒ අය සිටින්නේ කියලා. මේ නිසා යම් රෝගියෙක් සිටින තැනක මෙවැනි ආතතිය ඇතිවන නාට්‍ය බැලීමට දෙන්න හොද නැහැ. සතුට දනවන හාස්‍ය වැනි මානසිකත්වයන් උපදවන දෙයක් බැලුවට කමක්නැහැ.එය කෝටිසෝල් මට්ටම පහත දාන්නටත් ඩොපමින් මට්ටම ඉහල දාන්නටත් බලපානවා. එය රෝගයක් සුව වීමට ධනාත්මකව බලපානවා.

‍මේ ගැන නැවත නැවත සිතා බලන්න. තවත් කෙනෙකුට දැනගන්නට හැකිවන සේ ෂෙයාර්කරන්න.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *