වෛරස් සහ වෛරස් රෝග ගැන ඇතිවූ සංවාදයකට මාගේ පිලිතුර

45685746_761984757489346_376693598504091648_n

වෛරස් සහ වෛරස් රෝග ගැන ඇතිවූ සංවාදයකට මාගේ පිලිතුර පල කලත් එය දිග වැඩි නිසා එය පල කරගන්නට නොහැකි විය. එසේ හෙයින් ලිපියක් ලෙසට එම පිලිතුර මෙසේ ගෙන එන්නට සිදුවිය.

සමාවෙන්න.

මම මේ දිහා බලන්නේ වෙනත් කෝණයකින්. එය විද්වත් ඔබේ විද්‍යාත්මක මත වලට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. එය අපි අත් දැක ඇති අත්දුටු ප්‍රතිකර්මයයි. වෛරස් අපි සියළු දෙනාටම ආසාදනය වෙනවා. සමහර අයගේ ශරීරය මේකියන ඕනිම වෛරසයක් සදහා ප්‍රතිශක්තිය සහිත වෙනවා. ප්‍රතිශක්තිය ගැන තවම ලෝකයේ සිදුකර ඇති පර්යේෂණ ඒ තරම් සාර්ථක නැහැ. වැඩි හරියක් ඇතතෙ අණුමාන. ඒත් පරීක්ෂණය නිරීක්ෂණය නිගමණය කියන සිදධාන්ත මත පමණක් පදනව් වී ඇතිනිසා මම මේ කියන දේ කවදාවත් සත්‍ය යැයි පිලිගන්නට බැරි වේවි. ඒත් මා දැනගත් දේ කියා දීම මගේ පුරුද්ද නිසා මා එයද මෙහි පලකරනවා.

අපිට මේ සත්‍යය කියා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ. ඉතිං අපි මුලින්ම උන්වහන්සේට පින් අණුමෝදන් කරනවා.

වෛරසයක් සක්‍රිය කිරීමේ ශක්තිය ඇත්තේ මනසටයි. අපගේ මනසේ ඇතිවන අදුරු ශකිතියක් මගින් රෛසය සක්‍රිය කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ තමයි වෛරය. අපේ සිතේ ද්වේශය පවතින තාක් මෙම වෛරස් රෝග අපි සමග පවතිනවා. මිනිසා එන්නඑන්නම මෘග සංඥා වඩන්නට පුරුදු වන යුගයක මේ වෛරස් ඉතාමත් ශීග්‍ර ලෙස වැඩෙනවා. නැත්නම් සක්‍රීය වෙනවා. ඒත් යම් කෙනෙක් අදේව්ශ සිතකින් වාසය කරනවා නම් ඒ කෙනාගේ සිරුර තුල මේ රෛස් වලට වැඩෙන්නට බැහැ. වෛරසය ශරීරගත වුවත් ක්ෂණයකින් ඒ වෛරසය උදාසීන කිරීමේ හැකියාව ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්කිකරණ පද්ධතිය සතු වෙනවා.

අපි කෙනෙකුගේ සිතේ ඇතිවන වෛරය යටපත් කරන්නට භාවිතා කරන ක්‍රමවේදය කුමක්ද? ඒ තමයි මෛත්‍රීය. රෛස් රෝග ඇතිවන්නේ වෛරය නිසා නම් ඊට ප්‍රතිවිරුද්ධ සංකාරය වඩන්නයි තියෙන්නේ. වෛරස් වලට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගත හැක්කේ මෙත් වැඩීමෙන්මය. මානසිකත්වය රෝගයෙන් 80% කට බලපාන බව මා අදහනවා. එය විද්‍යාව තුලින් ඔප්පු කර නැති වන්නට පුලුවන්. ඒත් යම් කෙනෙකුගේ සිතේ වෛරය දුරස් කර මෙත පතුරුවන්නට හැකිනම් එය රෝග වලින් 80%ක් සුව කරගන්නට හේතුව වන බව මම අදහමි.

මා මෙම සංකල්පය සමග කිසිම කෙනෙකු සමග සංවාද හෝ විවාද කිරීමට බාලාපොරොත්තු නොවන අතර යම් කෙනෙක් ඊට විරුද්ධ නම් මෙය උදෑසන ඉවතලන කෙල පිඩක් ලෙසට ඉවත ලන්න. මෙත් වැඩීම කාටවත් සිදුකරන අවැඩක් හෝ අසාධාරණයක් නොවේ යැයි සිතෙනවා නම් අදසිටම මෙත් වඩන්නට පටන් ගන්න. එයින් යම් ඵලයක් ඔබට ඇතිවූවා නම් ඒ මතය සමාජ ගත කරන්නට අවශ්‍ය පියවර ගන්න.

‍මෙසේ මානසිකත්වය වෛරයෙන් තොර කරගන්නා කෙනාට ඊලගට අවශ්‍ය වන්නේ පෝෂණය පමණි. තම ආහාරවේල වස විස නැති පෝෂණය සපිරි ආහාර වේලක් බවට ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ අනුව ඔභුට කිසිදු වෛරස් රෝගයක් වැලදීමෙන් වැලකී සිටිය හැකියි.

‍මේ කාර්‍යයයේදී ඇතිවන තවත් එක් ප්‍රශ්නයක් තමයි ඉතාමත් හොද කීකරු දරුවන්ටත් නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යා, වැනි වෛවරස් රෝග තත්වයන් තියෙනවානේ කියන එක. ඒ අයටත් මේ ක්‍රමයම ගැලපෙනවා. මෛත්‍රිය වඩන්න පුරුදු කරන්න. පෝෂණය ගැන සැලකිලිමත් වන්න. සිදුවන වෙනස ගැන විමසිල්ලෙන් සිටින්න. පෙර කරලු කර්මත් මේ විදිහට එනවා. මේ අත්බැවේදී ද්වේශ සංකාර නොවැඩුවත් පෙර අත්බැව් වල වඩපු සංකාර අනුෂය ලෙස අපේ සිතේ තියෙනවා. ඒවා අපි දන්නේ නැතිවම සිත මතුපිටට පැමිණ වෛරය පතුරවනවා. එවැනි තත්වයක් පාලනය කල හැක්කේ විදර්ශනා වඩන කෙනෙකුට පමණයි. ඒත් මෛත්‍රිය වැඩීමෙන් මෙම තත්ව යටපත් කල හැකියි.

‍රෝගයක් සුව විමට නම් පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

ඔබගේ මනස තුත් දොස් කිපෙන්නට හේතු වන ලෝබ දෝෂ මෝය යන අකුසල මූලයන් ගෙන් හැකිතාක් දුරස් කරගත යුතුය. ( අපි මෙහිදී කතා කලේ ද්වේශය ගැනයි ) මෙත් පතුරුවා මේ මානසිකත්වයෙන් දුරස් විය යුතුය.

මෙත් සිත පතුරුවන අතර ගුණවත් විය යුතුය. ඔබ ගුණ මකන කෙනෙක් නම් ඔබට ගුණ වීමට ඇති මං අවහිර වනු ඇත.
ශරීරයේ පැවැත්මට අවශ්‍ය පෝෂණය සහ කැලරි ප්‍රමාණය දෛනිකව ලබා දිය යුතුය.

ඔබගේ සිරුරේ ඇති සෛල වල පැවැත්මට අවශ්‍ය ඔක්ෂිජන් ප්‍රමාණය ලැබෙනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතුය.
ඔබගේ සෛල පිපාසයකින් පෙලෙනවාද කියා සොයා බැලිය යුතුය. එසේ නම් ඔබ දිනකට ගන්නා ජලය ප්‍රමාණය ගැන සැලකිසිමත් විය යුතුය.

ඔබ දිකකට ගන්නා ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය මත ප්‍රදාහ තත්වයන් පවතී. ප්‍රදාහය නවත්වාගත හැකි පමණට ප්‍රතිඔක්සිකාරක දෛනිකව ලබා ගත යුතුය.

ඔබ මේ පියවර පහ නිසි ලෙසට තබනවා නම් ඔබ වෛරස් රෝග හෝ වෙනයම් රෝගයක් ගැන බිය විය යුතු නැත. යම් රෝගයක් වැලදුනත් එය ඉතාමත් ඉක්මනින් සුවපත් වනු ඇත. කර්ම ගත රෝග වුවත් සමනන්තරය පිරිසිදු නිසා අනන්තරයේ ඇති කර්ම ඇදී එන්නට අවශ්‍ය වටපිටාව නැති වීමෙන් රේග වලින් දුරස් වන්නට හැකි වනු ඇත. ඉතාමත් කලාතුරකින් ගරුක කර්මයක් පල දේනම් එයටද ඉතාමත් උපේක්ෂාවෙන් මුහුනදීමට හැකි වනු ඇත.

තවත් කෙනෙකුට නිරෝගි සුව පතා ශෙයාර් කරන්න.

ඔබ සියළු දෙනාටම නිරෝගි සුව පතමි.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *