දො‍‍ලොස් පිරිකර සහිත දානයක් පිලිඹද ලියපු ලිපිය බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරං තියෙන බව පෙනෙනවා. මම ඒවාට දෙන්නට හැකි පිලිතුරු කිහිපයක් මෙසේ දෙන්නම්.

දො‍‍ලොස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නය සිහි කරලා පූජංකිරීම පිලිඹද ලියපු ලිපිය බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරං තියෙන බව පෙනෙනවා. මට ඉන්බොක්ස් ආපු ප්‍රශ්න නිසයි මෙසේපවසන්නේ. මම ඒවාට දෙන්නට හැකි පිලිතුරු කිහිපයක් මෙසේ දෙන්නම්.

මම ඒ ලිපිය ලියනවිට කිව්වා අපි මේ දානය දෙන්නේ අපේම ඥාති වර්ගයා යම් දුගතියක ඉපිද සිටීනම් ඉන් නිදහස් වන්නටයි කියලා. මම මේ වගේ කතාවකින් මේකාරනාව ටිකක් සරල කරලා දෙන්නම්.

‍මේ මහා භද්‍රකල්පය පටන් ගන්න කාලේ ප්‍රේත කියලා කොටසක් ඉදලා නැහැ. ඒ කාලයේ මෙලොව පහලවූ කකුසද බුදුන් වහන්සේට මහා දානයක් දෙන්නට ඒ කල ඒ ප්‍රෙද්ශයේ රජ කල රජතුමා සූදානම් කලා. වෙනදාටත් වඩා රසවත්ව කෑම සූදානම් කරලා තියෙනවා දුටු ඇමතියන් බැලුවා මෙච්චර රසවත් කෑම මොකටද බුදුහාමුදුරුවන්ට. අපි මේවා කමු කියලා. මෙහෙම හිතලා ඒ ඇමතියෝ ටික ඒ දානය කාලතියෙනවා. ( අදත් ඇමතිලා මේ වගේ හිතනවාද දන්නේ නහැ) කොහොම හරි ඒ අය මේ අකුසල කර්මය එදා කරගත්තා. පස්සේ මේ කට්ටිය මැරිලා ගිහින් ප්‍රේතයන් වෙලා ඉපදුනා. ඒ දුක විද දරාගන්න බැරුව අඩාගෙන කකුසද බුදුන් වහනසේ ලගට ඇවිල්ලා අනේ අපි නොදැනුවත්වයි මේ දේ කලේ . අපිට සමාව දෙන්න කියලා ඉල්ලා සිටියාලු. බුදුන් වහන්සේ කිව්වාලු දැන් ජීවත්ව ඉන්න ඔබේ කිසිම ඥාතියෙක් තමන් වහන්සේට දානයක් දීලා ඒ පින් අනුමෝදන් කල හැකි මට්ටමේ නැහැ. තවත් බොහෝ කල් ගෙවිලා ගිය කල මේ ලෝකයේ පහල වෙනවා කෝණාගමන කියලා බුදුන් වහන්නෙමක්, අන්න ඒ බුදුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මේ කාරණාව කියන්න. ඔබලාට යම් සහනයක් ලැබෙයි. කියලා. අනේ අර ප්‍රේතයෝ රැල ආපහු අඩාගෙන යන්න ගියාලු. කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේට වැටුනාම මොනරම් දුක් වෙනවාද? දැන් මේ කතා කරන්නේ බුද්ධාන්තරයක් ගැන. හිතාගන්නට හැකියි නේද? කරන්න දෙයක් නැහැ. කරපු කර්ම ඊට වඩා දරුණුයි.

දැන් කාලාන්තරයක් ගෙවිලා ගිය තැන කෝණාගමන කියලා බුදුන් වහන්සේ නමක් පහල වුනා. මේ ප්‍රේතයන්ට හරිම සතුටුයි. දැන් බුදුපියානන් වහන්සේ ලගට ගිහින් මේ කතාව සැල කර සිටියා. අපි දන්නේ නැතිවයි මේ වරද කලේ දැන් අපි බුද්ධාන්තරයක් මේ දුක විදිනවා අපිට මෙතනින් ගලවෙන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා මේ ප්‍රේත රැල දැන් කියා සිටිනවා. බුදුන් වහන්සේ පෙර සේම ලෝකය දෙස බලා කියනවා මේ බුද්ධ සාසනය තුල ඔබගේ කිසිම ඥාතියෙක් බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව දානයක් දීලා පින් දීලා ඔබලාව නිදහස් කරන්නට ඉපදෙන්නේ හෝ ඉපදිලා නැහැ. නමුත් තවත් බුද්ධාන්තරයක් ගිය තැන මේ ලෝකයේ පහල වෙනවා කාශ්‍යප කියලා බුදුන් වහන්සේ නමක්. උන් වහන්සේට මේ කාරණාව සැල කරන්න. ඔබලාට යම් දෙයක් කරගන්නට හැකි වේවි. කියලා උන් වහන්සේද පෙර සේම දේශනා කලා. අනේ අර ප්‍රේතර රැල ආපහු අඩාගෙන යන්න ගියා.

තවත් බුද්ධාන්තරයක් ගිය තැන කාශ්‍යප කියලා බුදුන් වහනසේ කෙනෙක් පහල වුනා උන් වහන්සේ ලගට ගියත් ලැබුනේ පෙර ලැබුනු පිලිතුරමයි. ඉතිං මෙනවා කරන්නද? ඊලගට පහල වෙන ගෞතම කියලා බුදුන් වහන්සේ ගේ කාලයේ ඒරට රජ කරනවා බිම්බිසාර කියලා රජකෙනෙක් අන්න ඒ රජ තුමා උඹලාගේ ඥාතියෙක්, ඒ නිසා ඒ කාලය ආවම ඒ රජතුමාට පෙනී සිට මේ කාරණාව සැල කරන්න.ඔහු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව සිටින කෙනෙක් ඔහු බුදුන් වහන්සේට දානය පූජා කරලා ඒ පින් ඔබලාාට අනුමෝදන් කලාම ඔබලාට මේ දුකෙන් නිදහස් වෙන්නට හැකියි, කියලා කාශ්‍යප බුද්න වහන්සේ දේශනා කරලා තියෙනවා. එවෙලේ අඩාගෙන ගියත් අර ප්‍රේතයන් ගේ හිතේ යම් සතුටක් තියෙන්නට ඇති. මොකද හරියටම කිව්වානේ සිද්ධිය ගැන.

‍කොහොම හරි ගෞතම බුදුන්ගේ කාලයේ මේ කියන සිද්ධිය සිදුවෙලා මේ ප්රේතයන් නිදහස් වෙලා තියනවා කියලා ධර්මයේ සදහන් වෙනවා.

දැන් අපි දැනගන්න ඕනි මේ කතාවට අනුව කෙනෙක් ප්‍රේත ලෝකයක ඉපිද සිටියානම් ඔවුන්ව බේරගන්න වෙන්නේ ඥාතියෙකුටම පමණ්‍යි.

අනෙක් කාරණ්‍ය බුද්දෝත්පාද කාලයක් වෙන්න ඕනි.

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුන් වහන්සේගේ ගුණ කය මවලා උන් වහන්සේට දානය පූජා කල හැකි බවත්. ඒ දානය දීමෙන් ලැබෙන පින තම ඥාති වර්ගයා ට අනුමෝදන් කල හැකි බවත්. නමුත් මේ වාසනාව ඇත්තේ මේ බුද්ධ කල්පය නිමා වන තුරු පමණයි. ඉන්ද දැන් බාගයක් ගෙවී අවසන්. තවත් ඇත්තේ වසර 2400 ක් වගේ කාලයක් පමණයි.

‍මේ කාරණාව අපිට මේතරම් කාලයකට ඇහුනේත් නැහැ. ඒ වගේම ඉදිරියේදීත් මේ දානය සහ ඥාතීන් නිදහස් කිරීම යන කාරණා වැලලී යාවි. ඉතිං අපිට ලැබිලා තියෙන්නේ කෙතරම් අනගි අවස්ථාවක්ද? අපි මේ වෙලාවවේ මේ දානය පූජා කරලා මේ අසරණ ඥාතීන් නිදහස් නොකර මැරිලා ගියොත් මොනතරම් අපරාදයක්ද?

ඒ ඔබේ මව වෙන්න පුලුවන්, ඔබේ පියා වෙන්න පුලුවන්, ඔබේ දරුවා වෙන්න පුලුවන්, ඔබේ ස්වාමියා වෙන්න පුලුවන්, ඔබේ බිරිද වෙන්න පුලුවන්, ඉතිං ඇයි මේ දුකේ මේ අයව තියලා මෙලාව හැර යන්නේ. ඔබට අද ඒ අනගි අවස්ථාව හිමිවෙලා තියෙන බව ඔබ නොදන්න නිසා නොවේද? මේ කාරණාවේදී මේවාට අකුල් හෙලන අකෘතඥ මිනිසුන්ට මේ වගේ අත් බැවක් ලැබුනහොත් විදින්නට වෙන විපාක ගැන නම් හිතාගන්නටවත් බැරි වේවි.

එක් කෙනෙක් හරි මේ කාරණාව අහලා මෙැවැනි දානයක් දීලා මේ අසරන සත්වයන් විදින දුකෙන් නිදහස් කරන්නට සිතට ගන්න. ඒක ඔබ කරන පුදුම පින් කමක් වේවි. මේ පින් කම කරපු අය මේ බව දන්නවා.

තමන්ගේ සුඛ විහරණය බලාපොරෙත්තුවෙන් තමයි දැන් වැඩි දෙනෙක් දාන නේනේ. කඨින කරන්නේ, මේ දානය එහෙඑම දෙන්න එපා. මේ අසරණ සත්වයන් විදින දුකෙන් නිදහස් කරන්නටමයි මෙසේ සිදු කරන්නේ කියන චේතනාවෙන්ම කරන්න.

තවත් කාරණාවක් තමයි. ප්‍රේත ගොටුව කියන එක. හෝ ප්‍රේත තටුව කියන එක. අනේ මේ අපේම ඥාතින්. ඒ අයට හැකිනම් ගෙදර කෑමමේසයක් හදලා කන්න දෙන්නයි වටින්නේ. ඒත් තරලා තියෙන අකුසල කර්ම වල ඇති දැඩි බව නිසා ඒකැම වේල කන්නවත් පිරිසිදු තැනකට යන්න බැහැ. ඒ නිසා තමයි අගුවක්, වැසිකිලි වලක් වැනි තැනක් තොරගන්නේ. එතනට කිසිම පැකිලීමක් නැතිව ඒ අය එනවා. අපි මේ දෙන්නේ කැප බෝජනයක්. ඇයි මේකට කැප බෝජනය කියන්නේ. අපි විසිකරන දෙයක් විතරයි ඒ අයට කන්න පුලුවන්. ඒ වගේමයි කෙනෙක් කැප කලාම. කැප කල දෙයක් අපි නැවත පරිබෝජනය කරනනේ නැහැ. මේ ගැන සාමාණ්‍යෙන් භෞද්ධයන් දන්නවා. ඒ මානසිකත්වයෙන් මේ දානය දෙන්න.

තවත් කාරණ්‍යක් තමයි මේ එන ප්‍රේතයන් නැවත යන එකක් නැහැ කියන එක. මේ ප්‍රේතයන් මරෙන මොහොතේ යම් තැනක් අල්ලගෙනයි මැරෙන්නේ. එතන තමයි එයාගේ ස්ථිර පදිංචිය. සමහර විට කකුසියක්. දොර මුල්ලක්, කුණු ගොඩක් වගේ තැනක් වෙන්න පුලුවන්. ඉතිං කවුරු හරි කෑමක් දුන්නා කියලා එතන පදිංචි වෙන සිරිතක් නැහැ. ආපහු යනවා. අපි එසේ ආපහු යන්න කලින්තමයි අර දානය දෙන පන්සලට එන්න කියලා ආරාධනා කරන්නේ පිං ගන්න. මේ නිසා ඒ බිය තුරන් කරගන්න. යම් විදිහයකට ඒ පින් ගන්නට බැරි වුනා නම් ආපහු ආපු තැනටම යන එකයි සිරිත.

තවත් ගැටලුවක් තමයි කැටයක් නැතිව මේක එකපාර කරන්න බැරිද කියන එක. ඒකේ ගැටලුවක් නම් නැහැ. ඒත් මේකත් ටිකක් හිතලා බලන්න. ඔබ දන්නවාද මේ සමාජයේ සිටින කී දෙනෙක් ස්වාමීන් වහන්සේලාට බණිනවාද කියලා. ඉස්සරත් එහෙමයි. එවැනි කෙනෙක් මෙවැනි අත් බැවක ඉපිද සිටීනම් එයා කවදාවත් කැමති වෙයිද සාංඝීක දානයකින් දෙන පිං අරගන්න. නමුත් ඔබ කාලයක් මේ දේ කරගෙන යනවා කැටයත් එක්ක. මේනිසා අර ප්‍රේතයාට අපි යම් කාලයක් දෙනවා සිත වෙනස් කරගන්න. කල්ප ගනන් ඉන්න මේ ප්‍රේතයන්ට වසරක් දෙකක් කියන්නේ මහා කාලයක් නෙවෙයි. ඒ නිසයි මම කියන්නේ කැටයක් පටන් ගන්න කියලා.

‍මේ වගේ ප්‍රශ්න විශාල ගණනක් අසා තියෙනවා. ඉදිරියේදී ඒවත් කියන්නම්. නැත්නම් ලිපිය දිග වෙනවා.

‍සෙයාර් කරලා තවත් කෙනෙකුට මේ උපකාරය කරන්න. මේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන් මේ බුද්ධෝත්පාද කාලය තුල.

අදාල ලිපිය පහත දැක්වවේ.

දොලෙස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතානන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරමු.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *